බෞද්ධ කොඩියෙන් රේස් අරඹන අබුද්දස්ස කාලය

උතුම් සම්බුද්ධ දේශනාවත්, අද ලංකාවේ භාවිතා වන සිංහල බුදු දහමත් අතර සම්බන්ධයක් ඇත්තේ ම නැති තරම් ය. 


දඹුල්ලේ ඉඩම් හිමි රදළයෙකු හා ධනේශ්වර සංචාරක ව්‍යාපාරයක හිමිකරුවකු වන භික්ෂුවකගේ නායකත්වයෙන් දඹුල්ලේ සුළුතර මුස්ලිම් ප්‍රජාවගේ පල්ලියකට හා ආගම් ඇදහීමේ නිදහසට අතවර සිදු වූ බව අද වන විට ලොව පුරා ම ප්‍රචලිත වී ඇත. 


මේවාට එරෙහිව කතා කරන විට ස්වෝත්තමවාදීන් විසින් මතු කරනු ලබන තර්කයක් වන්නේ අරාබියේ එහෙම පුළුවන් ද, අරෙහෙ පුළුවන් ද, මෙහෙ පුළුවන් ද වැනි තර්කයි. මේවා අපට අදාළ නැත. අප පෙනී සිටින්නේ පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙනි. 


අද වන විට, සිංහල බෞද්ධ අන්තවාදය රටට මහා පිළලයක් වී හමාර ය. එය ලෝකයට ද පිළලයක් ‍වීම ආරම්භ වී තිබේ. සිංහල බෞද්ධ අන්තවාදය පැහැදිලිවම ත්‍රස්තවාදයකි. වඩා නිවැරදිව කියන්නේ නම් අර්ධ රාජ්‍ය ත්‍රස්තවාදයකි. 


අවිහිංසාවාදය, සාමය හා සහජීවනය ආත්ම කර ගත් දහමක් ලොවට දෙසූ උතුම් බුදුන්ගේ නාමයට මෙම බොරු බෞද්ධයන් කරන අවමානයට සැබෑ බෞද්ධයෝ විරුද්ධ විය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Lankawe inna okkoma namata Bauddhayo. Agama gan kisima deniemak neha. Bauddha dhrmaya saha Bauddha sanskrutiya patalawagena. Obathuma saha mata meka therenawa. Eth anithayata me gana kisi sankalpayak neha.

    ReplyDelete
  2. බුදු සාදු හිටියා නං කෙලින්ම පාරලෙය්‍ය වනේට වඩිනවා!

    ReplyDelete
  3. ආගමික සිද්ධස්ථානයක් සතු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියමින්...කහ සිවුර ඇඳගෙන මේ පුද්ගලයා එදා නටපු නාඩගම දැකල මට ඇති වුන පහන් සංවේගයට මම නිකම්ම රහත් වෙලා ගියා...ගාථා කියමින් තම මෝඩ උවසු උවැසියන් ලවා සාදු කර දෙමින් බුදුන්ට නිගා දුන් මේ මිනිසා...අවිහිංසාව දෙසු...සාමයික සංහිඳියාව දෙසු ඒ මහා පුරුෂයා කල නිග්‍රහයට එරහිවීම සැබෑ බෞද්ධයන්ගේ වගකීමක්...රටේ නිතිය අතට ගැනීම...නීතියේ නිලධාරීන්ට සහ රාජ්‍යයේ ආරක්ෂකයන්ට කට පිය ගෙන ඉන්නට සලස්සවා...මර හමුදාවක් රැගෙන කරපු බලය පෙන්නීම..."අද ආවේ බෞද්ධ කොඩිය අරගෙන මීළඟට එන්නේ එහෙම නොවේ" කියමින් තර්ජනය කිරීම ගැන නිසි පරිදි ක්‍රියා කිරීම රජය සතු වග කීමක්...මේ වගේ අශිෂ්ට ක්‍රියාවන් සිදු නොකරන සමාජයක් සඳහා වෙහෙසීම සැබෑ පුරවැසියන්ගේ කාර්යයක්...

    ReplyDelete
  4. මියුරු බනපද
    http://www.facebook.com/photo.php?v=390489920982218

    ReplyDelete
  5. උතුම් සම්බුද්ධ දේශනාවත්, අද ලංකාවේ භාවිතා වන සිංහල බුදු දහමත් අතර සම්බන්ධයක් ඇත්තේ ම නැති තරම් ය. 100% correct! I think today we have a mix of Christianity and muslim extreme + native Kuhakakama = Sinhala Buddism

    ReplyDelete
  6. මේ පල්ලිය කඩලා දානවා විදීඕ සී ඩී දල තියෙනවා. අද බී බී සී එකෙන් මේ ගැන මේ හොර ගණයාගෙන් ඇහුවම කියනවා, මේ වගේ දේවල් නූතන තාක්ෂනය අනුව ඕනෑම කෙනෙකුට හදන්න පුළුවන් කියල. එතකොට අපේ හාමුදුරුවනේ මේ මිලිඔන් ගණන් දීල පොලිසියෙන් පාරවල් වල කැමරා දාගෙන කරන්නේ මාර බොරුවක්නේ? කන්දලම හෝටලය හදද්දී හමුදුරුඕ ගිනිතියගන්නවා කියල කෑ ගහල රුපියල් මිලියන 250 ක් අරන් ශේඅප් උනා. මම කෙමති ඔය හොර ගණයාගෙන් අහන්න, ගිය ඖරුද්ද ඇතුලත කී පාරක් තෛලන්තේ බන්ග්කොක් ගියාද කියල? අපිට පාස්පෝර්ට් එක පෙන්නන්න පුලුවන්ද? බුදු දහම මේ වගේ හොර දෙව්දත්ලගෙන් බේරා ගත උථුඉ.
    අපේ හාමුදුරුවන්ගේ බැංකු පොතේ රුපියල් මිලියන 1232 ක් තියෙනවා දැක්ක. කරුණාකරලා මේ සල්ලි හොයාගත්ත හැටි පෙන්නනවද? තෛලන්තේ යනකොට දවස් 4 ට බැංකොක් නවතින්න කියල ඇමරිකන් දොල්ලර් 20,000 ක් අරගෙන ගිහින් එනකොට බැංකොක් ගුවන් තොටුපොලෙන් තීරු බදු රහිත සාප්පු වලින් කොන්ඩේ ඉස්ත්රික්ක කරන උපකරණ, C D ප්ලයෙර්,ගැහැණු සුවඳ විලවුන්, ගැහැණු යට ඇඳුම් වගේ දේවල් ලකාවට ගෙන එන්නේ කගේ ප්රෝයෝජනයක් සඳහාද? මේවා ගැන අපේ ඉනාමළුවේ මුදලාලි කියන්නේ මොනවද? මේ පාසලට යන අපේ සිංහල මිනිස්සුන්ටි ගහන්න ඕනේ.බුදුන්ට අපහස වෙන බුදුන් වහන්සේගේ නම කෙලසන මේ වගේ හොර යක්කු එලව දැමිය උථුඉ. කන්නට ඕනෑ වුණා ම කබරගොයා වුණත් තලගොයා කර ගැනීම මේ රටේ හාමුදුරුවන්ගේ සාමාන්‍ය තත්වයකි.

    ReplyDelete
  7. mun okkoma hambayo commet dala thiyenne.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා