කවුරුද අඩු? මොකද ඒ?

බංඩාරනායක ගුණ සමරුව කලක් මේ රටේ වැදගත් උත්සවයක් වී තිබිණි. දැන් නැත.


ජනාධිපති පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුව විසින් දැන් ඒ ස්ථානය අත් පත් කරගෙන තිබේ.


නොවැම්බර් 07දා පැවැත්වෙන මෙම ගුණ සමරුව පිළිබඳ දිනමිණ පුවත්පතේ අද දින පළ වන පුවතේ තුන්වන ඡේදය කෙරෙහි අවධානය යොමු කරන්න. කවුරුද අඩු? මොකද ඒ? 


දිවංගත ඩී. ඒ. රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ 44 වැනි ගුණ සමරුව මෙම 7 දා පෙරවරු 8.30 සිට දහවල් 12.30 දක්වා තංගල්ල නගර සභා ශාලාවේදී පැවැත්වෙනු ඇත.
ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වෙයි. වීරකැටියේ ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරු කමිටුව මගින් උත්සවය පවත්වයි. තංගල්ල මහවෙල පාරේ උද්‍යානයේ ඇති ඩී. ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම පෙරවරු 8.30 ට සිදු කරමින් උත්සවය ආරම්භ කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මුලින්ම පිළිරුවට පුෂ්පෝපහාර දක්වති.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය අඩුව මීට කලින් ගොඩක් තැන් වල දකින්න ලැබුනා නේ ,

    ReplyDelete
  2. ජාතියේ පියා කිව්වත් කළබල වෙන්ට කාරි නෑ ඕන්. එහෙම තමයි වැදගත් දරුවෝ. රනිල් ලා ජේ ආර් ලා වගේ නෙමෙයි. ප්‍රේමෙ නම් පිය ගම එහෙම හදලා ගරු සරු කොලාට එතනින් එහාට ගියේ නෑ. නමුත් අනාගතේ එහෙම වෙයි... සම..හර..විට..

    ReplyDelete
  3. බැසිල්, ශශීන්ද්‍ර, යෝෂිත හා මල්ලී, ඒ අයට වෙන වැඩ ඇති

    ReplyDelete
  4. May be Basil is not a son of D A

    ReplyDelete
  5. Basilm aduy neda... Mokada danne naa????

    ReplyDelete
  6. රේන්ද රාලගේ බල්ලා මලදා වත්ත පිරෙන්න සෙනග හිටියලු , රෙන්ද රාල මල දා බල්ලෙක්වත් හිටියේ නැතිලු

    ReplyDelete
  7. ඔවු ඔවු එක්කෙනෙක් අඩුයි තමයි ඇයි ඒ කියලා තව ටික දවසකින් ආ0චි වෙයිනේ එතකම් ඉමූ නේද?

    ReplyDelete
  8. මුද්‍රණ දෝෂයක් කියලා ආයෙම නම රිංගවයි. ඒකරලා කියයි 'විදෙශීය හා යූඑන්පී' කුමන්ත්‍රණයක් කියලා.
    -Kumar-

    ReplyDelete
  9. මොනර පිල් විදහා නටනවා දැකලා...
    කලුකුමත් ඒක අනුකරණය කරලා නැටුවලු කැලේ...

    Watching the peacock dancing with the plume in the forest, the turkey also danced, imitating the peacock.

    ReplyDelete
  10. බංඩාරනායක ගුණ සමරුවට උන එකම ඕකටත් වෙනවා. කාලය විතරයි අවශ්‍ය. ඇත්තටම ඩී. ඒ. රාජපක්ෂ කියන පුද්ගලයා මොනවද කලේ?

    ReplyDelete
  11. කවුද ඩී.ඒ. රාජපක්ෂ කියන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා