Posts

Showing posts with the label ඩී.ඒ. රාජපක්ෂ

කවුරුද අඩු? මොකද ඒ?

බංඩාරනායක ගුණ සමරුව කලක් මේ රටේ වැදගත් උත්සවයක් වී තිබිණි. දැන් නැත. ජනාධිපති පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුව විසින් දැන් ඒ ස්ථානය අත් පත් කරගෙන තිබේ. නොවැම්බර් 07දා පැවැත්වෙන මෙම ගුණ සමරුව පිළිබඳ දිනමිණ පුවත්පතේ අද දින පළ වන පුවතේ තුන්වන ඡේදය කෙරෙහි අවධානය යොමු කරන්න. කවුරුද අඩු? මොකද ඒ?  දිවංගත ඩී. ඒ. රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ 44 වැනි ගුණ සමරුව මෙම 7 දා පෙරවරු 8.30 සිට දහවල් 12.30 දක්වා තංගල්ල නගර සභා ශාලාවේදී පැවැත්වෙනු ඇත. ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වෙයි. වීරකැටියේ ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරු කමිටුව මගින් උත්සවය පවත්වයි. තංගල්ල මහවෙල පාරේ උද්‍යානයේ ඇති ඩී. ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම පෙරවරු 8.30 ට සිදු කරමින් උත්සවය ආරම්භ කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මුලින්ම පිළිරුවට පුෂ්පෝපහාර දක්වති. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න