මදුරුවන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම / Sri Lanka implements death penalty through mosquitoes

පාලකයන්ගේ ඩෙංගු ප්‍රාර්ථනාව
(2011 ජුලි 21, W3Lankaලංකාවේ බන්ධනාගාරවල පවතින නීති රෙගුලාසි අනුව සිරකරුවන්ට මදුරු දැල් හෝ මදුරු ‍දඟර පාවිච්චි කිරීමට ලැබෙන්නේ නැත.


අලුත් ම වාර්තා පවසන්නේ මේ වන විට වැලිකඩ සිරගෙදර ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවකින බවයි. මරණ දඬුවම් නියම වීමෙන්, පසු වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රඳවා සිටි සිරකරුවකු හා වසර 15ක සිරදඬුවම් නියම වූ ගාල්ල ප්‍රදේශයේ සිරකරුවකු මෙසේ මිය ගොස් තිබේ. තවත් අයටත් ඩෙංගු වැළඳී ඇති අතර, විශාල පිරිසක් ඩෙංගු අවදානම මැද ජීවත් වෙති.


ලංකාවේ සිරකරුවන් යනු කිසිදු මානව හිමිකමක් නොමැති පිරිසක තත්වයට පත් වී සිටිති.


පසුගිය දිනෙක ශ්‍රේෂ්ඨාධිතරණයේදී හෙළි වූයේ ගංජා මිටි කීපයක් ළඟ තබාගෙන සිටීම නිසා අත් අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙක් වසර තුනක පමණ කාලයක් දඬුවම් කිරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ සිට ඇති බවයි. ඔවුන් හැට වතාවක් පමණ අධිකරණයට ඉදිරිපත් කර ඇති මුත් නීතිඥයන් ඉදිරිපත් කිරීමට මුදල් නොමැති වීම නිසා ඔවුන්ට ඇප ලබා දීමට විනිසුරුවරු කටයුතු කර නැත.


ලංකාවේ නීතිය ඉදිරියේ දුප්පතුන් අන්ත අසරණ වන අන්දම පිළිබඳ මීට වඩා තවත් සාක්කි කුමට ද?


පසුගිය දිනවල වවුනියා අධිකරණයේ ඇති වූ උපවාසයට හේතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවන් නඩු පැවරීමකික් තොරව ඔහේ දිගින් දිගට ම සිරභාරයේ තබා ගැනීමයි. රජය චෝදනා කරන පරිදි ඔවුන් ත්‍රස්ත ක්‍රියාවල නියැලුණා නම්, චෝදනාලට අදාළව සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ මානව හිමිකමක් මේ මිනිසුන්ට තිබේ. එසේ ම, කේ.පී. කරුණා, පිල්ලෙයාන් වැනි ත්‍රස්ත නායකයන්ට හිමි වී ඇති මුක්තිය ලබා ගැනීමට ඔවුන්ට ද හැකි විය යුතු ය.


දීර්ඝ කාලීන සිර දඬුවම් නියම වූවන්ට යම් කාලයක් යහපත් කල්ක්‍රියාවෙන් සිටි පසු බලපත්‍ර ක්‍රමයක් යට‍තේ නිදහස් වීම සඳහා කලක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රමවේදය ද මේ වන විට ආණ්ඩුව අත්හිටුවා තිබේ.


රජය මේ සියල්ල ම කරන්නේ සිරේ සිටිය යුතු අපරාධකරුවන් විශාල පිරිසක් ආරක්ෂා කරන ගමන් ය.


රජය මහජන මුදලින් අනතුරුදායක ව්‍යාපාර කරන, පාඩු මහජනයා පිට ම පටවන දැවැන්ත සමාගමක් පමණක් ලෙස නො ව, පීඩිතයන් පෙළන පාතාලයක් ලෙස ද ක්‍රියාත්මක වේ නම් එය අතිශය භයානක තත්වයකි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා