මදුරුවන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම / Sri Lanka implements death penalty through mosquitoes
පාලකයන්ගේ ඩෙංගු ප්‍රාර්ථනාව (2011 ජුලි 21, W3Lanka ) ලංකාවේ බන්ධනාගාරවල පවතින නීති රෙගුලාසි අනුව සිරකරුවන්ට මදුරු දැල් හෝ මදුරු දඟර පාවිච්චි කිරීමට ලැබෙන්නේ නැත. අලුත් ම වාර්තා පවසන්නේ මේ වන විට වැලිකඩ සිරගෙදර ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවකින බවයි. මරණ දඬුවම් නියම වීමෙන්, පසු වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රඳවා සිටි සිරකරුවකු හා වසර 15ක සිරදඬුවම් නියම වූ ගාල්ල ප්‍රදේශයේ සිරකරුවකු මෙසේ මිය ගොස් තිබේ. තවත් අයටත් ඩෙංගු වැළඳී ඇති අතර, විශාල පිරිසක් ඩෙංගු අවදානම මැද ජීවත් වෙති. ලංකාවේ සිරකරුවන් යනු කිසිදු මානව හිමිකමක් නොමැති පිරිසක තත්වයට පත් වී සිටිති. පසුගිය දිනෙක ශ්‍රේෂ්ඨාධිතරණයේදී හෙළි වූයේ ගංජා මිටි කීපයක් ළඟ තබාගෙන සිටීම නිසා අත් අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙක් වසර තුනක පමණ කාලයක් දඬුවම් කිරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ සිට ඇති බවයි. ඔවුන් හැට වතාවක් පමණ අධිකරණයට ඉදිරිපත් කර ඇති මුත් නීතිඥයන් ඉදිරිපත් කිරීමට මුදල් නොමැති වීම නිසා ඔවුන්ට ඇප ලබා දීමට විනිසුරුවරු කටයුතු කර නැත. ලංකාවේ නීතිය ඉදිරියේ දුප්පතුන් අන්ත අසරණ වන අන්දම පිළිබඳ මීට වඩා තවත් සාක්කි කුමට ද...