දෙමළ වෙනම රාජ්‍ය යෝජනාව සම්මත කර වසර 40කට පසු ෆෙඩරල් යෝජනාවට බය වීම

අදින් වසර හැටකට පමණ පෙර ෆෙඩරල් ඉල්ලීම පදනම් කර ගනිමින් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටවූ චෙල්වනායගම් 
අජිත් පැරකුම් ජයසිංහ, 
සිළුමිණ  - 2016-05-01

2015 ජනවාරි 9 වන දින උදෑසනින් ම ශ්‍රී ලංකාවේ කටකතාවක් පතුරුවා හරින ලදී. එයින් කියැවුණේ කොටි සංවිධානයේ හිතවතුන් යාපනයේ හමුදා කඳවුරු වට කර එතුළට වැටෙන සේ රතිඤ්ඤා, අහස්කූරු ආදිය පත්තු කරමින් කුපිත කිරීම්වල යෙදෙන බවයි. මෙම කටකතාව පතුරුවා හැරිය අය බලාපොරොත්තු වුණේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් කලබල කිරීමයි.

2009දී මර්දනය කරන ලද කොටි සංවිධානය මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටීමත් සමග යළි නැගිටිමින් සිටින බව ඔවුන් විසින් ප්‍රචාරය කරන ලදී. දැන් වසර එකහමාරක් පමණ ගත වී තිබේ. සති කීපයකට ඉහතදී චාවාකච්චේරියෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් හමු වීමත් සමග නැවත වතාවක් කොටි නැගිටිමින් සිටින බවට කතාවක් ප්‍රචාරය කරන ලදී. නීතිය පිළිබඳ ලොව පිළි ගත් මහාචාර්යවරයකු වන ජී.එල්. පීරිස් ද එම බෝම්බ ගෙන යාමට නියමිතව තිබුණේ වැල්ලවත්තට බව කියමින් සමාජය තුළ භීෂණය ඇති කිරීමට උත්සාහ කළේ ය.

අලුත් ම සිද්ධිය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීන් පිරිසක් දැනට ආරක්ෂක හමුදා විසින් පවරාගෙන තිබෙන යාපනයේ ගම් ප්‍රදේශයකට එහි කලින් පදිංචි වී සිටි බව කියන ජනතාව සමග ඇතුළු වීමයි. එය දකුණේ ඇතැම් දේශපාලනඥයන් විසින් හඳුන්වන්නේ හමුදා කඳවුරකට කඩා පැනීමක් ලෙසයි.

පසුගියදා පානම ප්‍රදේශයේදී ඇති වූ උද්ඝෝෂණ ද මේ හා සමාන ය. එහිදී උද්ඝෝෂණ කළ බහුතර ජනයා සිංහලයෝ ය. මෙවැනි දේ දකුණේත් සිදු වේ. දකුණේ සිංහල ජනයා සාමාන්‍යයෙන් ගැටුම් ඇති කර ගන්නේ පොලිසිය සමගයි. හමුදා සමග ගැටුම් ඇති කර ගැනීමක් සාමාන්‍යයෙන් සිදු නො වන්නේ දකුණේ ජන ජීවිතයට හමුදාවල මැදිහත් වීම අවම මට්ටමක තිබෙන නිසා ය. හමුදාව මැදිහත් වූ රතුපස්වල වැනි සිදුවීම්වලදී සිවිල් වැසියන් මිය ගිය අතර හමුදා දැඩි විවේචනයට ලක් විය.

උතුරේ ජන ජීවිතයට ආරක්ෂක හමුදාවන්ගේ මැදිහත් වීම දෙස දෙමළ වැසියන්ගෙන් පිරිසක් නො රුස්නා සහගත වීම තේරුම් ගැනීම එතරම් දුෂ්කර නැත. එයට මූලික හේතුවක් වන්නේ ආරක්ෂක හමුදා මෙන් ම පොලිසිය පවා සිංහල බහුතරයකින් සමන්විත ආයතන වීමයි. දෙමළ ජනයා ආරක්ෂක අංශවලට හා පොලිසියට බඳවා ගනිමින් තිබේ. ඒවායේ ජාතීන්ගේ නියෝජනය ජනගහණයේ ජාතීන්ගේ අනුපාතිකය හා සමාන්තර මට්ටමකට වර්ධනය වන විට ඒවා සිංහල හමුදා හෝ සිංහල පොලිසිය ලෙස සැලකීම වෙනස් වනු ඇත.

උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව බලහත්කාරය හෝ වෙනත් කවර හෝ තත්වයක් තුළ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පෝෂණය කළ හ. කොටින්ගේ පිරිස් බලය ගොඩනැගුණේ දෙමළ පීඩිත පංතික තරුණ තරුණියන්ගෙනි. කොටි සංවිධානයට මුල්‍යාධාර කළේ දේශීය හා විදේශීය ලාංකික දෙමළ ජනයා විසිනි. කොටි සංවිධානයේ මතවාදය දෙමළ ජනතාව අතර තහවුරු කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ම දෙමළ මධ්‍යම පංතිය විසිනි. එපමණක් නොව, 2007දී පමණ සාම සාකච්ඡා අතහැර යුද්ධයකට යන ලෙස කොටි සංවිධානය පොළඹවන්නට ද දෙමළ ජාතිකවාදී මධ්‍යම පංතිය දැඩි බලපෑමක් කළ හ.

එකල මෙම ලේඛකයා කොටි හිතවාදී කොළඹ දෙමළ මධ්‍යම පංතික බලවේග සමග කළ සාකච්ඡාවලදී අවබෝධ වූ කාරණයක් වන්නේ යුද්ධය ඇදී යන්නට බටහිර ඉඩ නො දෙනු ඇති බව කොටි නායකයන් බලාපොරොත්තු වන බවයි. ඔවුන් ඇත්තට ම අපේක්ෂා කළේ වඩා බලවත් තත්වයක් තුළ නැවත සාකච්ඡාවට පිවිසෙන්නටයි. ඒ වෙනුවෙන් යුද්ධයේදී වැඩි විනාශයක් කරන්නට ඔවුන්ට අවශ්‍ය තිබිණි. සිය ප්‍රාථමික ගුවන් හමුදාවේ කාමිකාසි නියමුවන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් එවැනි තත්වයක් නිර්මානය කර ගත හැකි වනු ඇතැයි ඔවුන් බලාපෙරොත්තු වුවත්, එය ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් දඟ පන්දු යවන්නෙකු පැමිණීමට වැඩි දෙයක් වූයේ නැත.එම යුද මූලෝපාය සාර්ථක වූයේ එහි රහස් හෙළිදරව් කර ගන්නා තුරු පමණි. හරියට දඟ පන්දු යවන්නකුගේ උපායන් ටික සෙසු ක්‍රීඩකයන් හඳුනා ගන්නා තුරු කාලය තුළ ඔහුට වැඩි කඩුළු ප්‍රමාණයක් ලබා ගත හැකි වනවා සේ ය.

කොටි සංවිධානය අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වූයේ කෙතරම් අවි ආයුධ රැස් කරගෙන තිබුණත්, ඒවා පරිහරණය කරන්නට පිරිස් බලය නොමැති වීමයි. අනෙක් පැත්තෙන්, ඔවුන් අසාර්ථක වෙමින් පවතින විට නැවත සාකච්ඡා වෙත රජය යොමු කර ගැනීමට ඉන්දියාවට හෝ බටහිරට උවමනාවක්වත්, හැකියාවක්වත් තිබුණේ නැත. රජය හා ආරක්ෂක හමුදා දැඩි අධිෂ්ඨානයකින් යුතුව දිගට ම පහර දීගෙන ගොස් කොටි සංවිධානය යුදමය වශයෙන් මුළුමනින් ම පරාජය කර දැම්මේ ය. එම මිලිටරි සංදර්භය තුළ කොටින්ට පැරණි ස්වරූපයේ සම්ප්‍රදායික හමුදාවක් සේ නැවත නැගිටින්නට බැරි ය.

ගරිල්ලා හමුදාවක් සේ නැගී සිටීමට ඇති අවකාශ මුළුමනින් ම බැහැර කළ නො හැකි ය. මන්ද, ගරිල්ලා කණ්ඩායමක් සංවිධානය කිරීම එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. එසේ ම එය මර්දනය කිරීම ද පහසු නැත. හේතුව, ගරිල්ලන් සිටින්නේ ජනතාව අතර නිසා ය. ගරිල්ලන් මර්දනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලින් පීඩාවට පත් වන ජනතාවගෙන් ගරිල්ලන්ට වාසිදායක තත්වයක් ඇති කර ගත හැකි බව සාමාන්‍ය පිළිගැනීමයි.

කෙසේ වෙතත්, එවැනි ගරිල්ලා ව්‍යාපාරයක්වත් යළි ආරම්භ කිරීමට කොටි සංවිධානය සමත් වූ බවක් නො පෙනේ. ගෝපි ඇතුළු කුඩා කණ්ඩායමක් විසින් 2013දී දරන ලද එවැනි කුඩා උත්සාහයක් දැඩි බලයක් යොදා මර්දනය කිරීමෙන් රජය කොටි සංවිධානයට හා දෙමළ ජනයාට තියුණු පණිවුඩයක් සන්නිවේදනය කළේ ය. එයින් පසු කොටි සංවිධානය එක්කෝ දැඩි ආරක්ෂණවාදයකට තල්ලු වී ඇති බවක් පෙනේ.

කොටි සංවිධානය විදෙස්ගතව ක්‍රියාත්මක වෙමින් කල් ගනිමින් සිටියි. ඔවුන් රට තුළ ක්‍රියාකාරකම් සඳහා කල් ගන්නේ රට ආර්ථික, දේශපාලන වශයෙන් තියුණු අර්බුදයකට
තල්ලු වන, දෙමළ ජනයා හා විශේෂයෙන් තරුණයන් දැඩි ඉච්ඡා භංගත්වයකට පත් වන මොහොත දක්වා ය. දේශප්‍රේමීන්ගේ වගකීම වන්නේ ඒ මොහොත නිර්මානය වීම
වළක්වන එක ය.

දෙමළ විරෝධී පදනමින් සිංහල ජාතිවාදය අවුළුවන තරමට සිදු වන්නේ ඒ මොහොත ඉක්මණ් වන එක ය. දකුණේ ඇතැම් මාධ්‍ය හා සිංහල ජාතිවාදීන් විසින් කලබල කරන අනෙක් කාරණය වන්නේ ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයෙහිදී උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර එම පළාත් වෙනුවෙන් ෆෙඩරල් පාලනයක්‌ ඇති කළ යුතුය යි යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගැනීමයි. මෙය අලුත් ම තත්වයක් නො වේ. 2015 ජුලි මස නිකුත් කරන ලද දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍ර‍කාශෙයේ ද මේ බව දැක්විණි.

මේ රටේ උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන පළාත් සභාවේ සම්මත වූ මෙම යෝජනාව වනාහි මගහැරිය නො හැකි සාකච්ඡා පදනමකි. ලංකාවේ රාජ්‍ය ප්‍ර‍තිසංස්කරණ සිදු කිරීමේදී හා ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී මෙවැනි යෝජනා සියල්ල සැලකිල්ලට ගත යුතු ය.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙස ඒකරාශී වූ දෙමළ දේශපාලන බලවේග විසින් 1976දී යාපනයේ වඩුක්කොඩෛහිදී පවත්වන ලද සමුළුවේදී සම්මත කර ගත් යෝජනාව වුණේ දෙමළ ජාතියට ඇති එකම විසඳුම වෙනම රාජ්‍යයක් බවයි. 1976 මහ මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ජය ගෙන විපක්ෂයේ ප්‍ර‍බල ම පක්ෂය බවට පත් වී ඒ. අමිර්තලිංගම් විපක්ෂ නායක පදවියට පත් වුණේ ද වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ජනවරමක් ඉල්ලමිනි.

ඉන් වසර 40කට පසුව ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් යෝජනාවක් උතුරේ ජනතාව විසින් සම්මත කර ගැනීම කලබල විය යුතු තත්වයක් ද සතුටු විය යුතු තත්වයක් ද යන්න නිගමනය කිරීම පාඨකයාට භාර ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වර්ෂ 1739 දී ලංකාවේ අවසාන සිංහල රජු වීර නරේන්ද්‍ර සිංහගේ ඇවෑමෙන් පසු රජකමට සුදුසු කිසිවෙක් නොසිටි නිසා දකුණු ඉන්දියාවේ මදුරෙයි හි උපන් දෙමළ ජාතික විජය රාජසිංහ හට ඔටුනු පැළඳූ සිංහලයා, තම රටේ උතුරු පළාතේ සිවිල් පරිපාලනය පිණිස එහි වැසියන් හට බලතල පැවරීම අපරාධයක්වත් ද්‍රෝහීකමක්වත් නොවේ.

    ReplyDelete
  2. පැරා,

    මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියල තේරුම් ගන්න ඕනේ, මේ දෙමල දේශපාලන නායකයන් දෙමල ජනතාවගේ අයිතීන් දිනාදීමට කිසිම උවමනාවක් නෑ (මේක සිංහල පක්ෂ වලටත් සෑහෙන්න අදාලයි ) දෙමල දෙසපාලකයන්ට තම ජනයා වෙනුවෙන් වැඩකිරීමට අවංක උවමනාවක් තියනවනම්
    80% පමණ දෙමල ජනයා වෙනුවෙන් පලත්සබාවට වෙන් වූ මුදල් වලින් කිසිම වැඩක් නොකර ආණ්ඩුවට නැවත යවන්නේ නෑ.

    මෙතන වෙන දේ තමයි ලෝකයේ විවිද රටවල් (ඉන්දියාව ප්‍රදානව ) කලාපයේ පාලනය උදෙසා බලල් අතක් ලෙස මේම දෙමල පක්ෂ යොදාගැනීම.

    ඔබ හිතන්න මේ කලාපය කොපමණ වැදගත් උනාද කියනවනම් දෙවැනි ලෝක යුද්දයේ එංගලන්ත අගමැති වින්ස්ටන් චර්චිල් කියනවා ලංකාව ජපනුන් අතට ගියානම් තම හමුදාව ආසියා කලාපය අතහරින්න වන බව සදහන් කළා.

    මිට හේතුව ශ්‍රී ලංකාව තියන්නේ ලෝකයේ ප්‍රදාන නාවික මද්යස්තානයක වීමයි. මේ කලාපය නොදියුණු තත්වයෙන් තබාගන්නා තුරු ලොව බොහෝ රටවලට කේවල් කිරීමේ හැකියාවක් තියනවා.

    උදාහරණ ඔබ සිතියම බලන්න සිංගප්පුරුව ට යන නැව් 80 % ට වැඩි කොටසක් යන්නේ ශ්‍රී ලංකාව පසුකරයි යම් විදියකින් ශ්‍රී ලංකාව දියුණු වෙනවා කියන්නේ සිංගප්පුරුවේ වෙළදාමට පහර වදිනවා කියන එකයි මේවිදියට ලෝකයේ බොහෝ රටවල් මෙම කලාපයේ බලය උදෙසා කරන කේවල් කිරීමේදී ශ්‍රී ලංකාව තුලින් මේ සටන ගෙන යන්න යොදාගන්නේ දෙමල ජාතික සංවිදානය වැනි ජාතිවාදී කොටසුයි. ඩොලර් මිලියන කීපයක් මේ දෙසපාලන්යයනට දුන්නහම තමන් ගේ සටන ශ්‍රී ලංකාව තුල සිට කිරීමට හැකියි.

    මෙම තත්වය ශ්‍රී ලංකාවට පමණක් අදාළ තත්වයක් නෙමෙයි මෙම තත්වයට සින්ගප්පුරුවටත් මුහුණ දීමට සිදුවුනා, එහිදී ලි කවන් යු ගත්ත පියවර

    01. දෙසපාලන්යයන්ට විසාල වැටුපක් ලබාදීම සහ සොරකම් කර අසුවුනොත් දැඩි දඩුවම් ලබාදීම
    මෙමගින් මිනිසෙකු සොරකම් කිරීමට ඇතිවන පෙළබිම ආකාර 2 කින් මර්දනය කරනවා එනම් දැඩි දඩුවම් තුලින් බියත් විශාල ආදායමක් තුලින් අදාළ බිය යටපත් කරගෙන සොරකම් කිරීමට ඇති පෙළබිම නවතා තිබෙනවා

    02. රටේ පුවත්පත් නිදහසේ නාමෙන් රටේ විවිද අදහස් ජනතාවට එන්නත් කර විදේශ අබිලාශ ස්ථාපනයට හේතුවෙන දේ වලකා තිබෙනවා.

    03. ජනතාවට උද්ගෝෂණ කිරීමේ බලය සම්පුර්ණයෙන් වලකා තිබෙනවා.

    මෙහිදී අප දැනුවත් වියයුත්තේ සිංගප්පුරුවේ චන්දය ඉතා සාමකාමිව සිදුවන අතර 60% වැඩි බහුතරයකින් PAP පක්ෂය බලය ආරක්ෂා කර ගැනීමයි, මිට හේතුව එහි මිනිසුන් දන්නවා තම රටට දියුණුව පවත්වා ගැනීමට මේ ක්‍රමය උවමනා බව.

    මම මිට කලිනුත් කියල ඇති පරිදි මහින්ද යුගයේ කල විශාල මෝඩ වැඩ අතර කල හොදම දේ හම්බන්තොට වරායයි.

    ඔහු මෙය තෙල් පිරිපහදු පහසුකම් ලබන ආකාරයට දියුණු කළා නම් අපි මෙලහකටත් විශාල ණය උගුලක සිරවෙන්නේ නෑ.

    අවසාන ලෙස කිවයුත්තේ ශ්‍රී ලංකාවට උවමනා ඉතා දියුණු තානාපති සේවයක් සහ රටේ නිතිය ඉතා තදින් බෙදුම්වාදයට විරුද්දව ක්‍රියාත්මක වීමයි.

    ඉන්දියාවේ මෙවැනි සාමයක් තියෙන්නේ බෙදුම්වාදයට විරුද්ධ දැඩි නීති අගමැති නේරු තුමා සම්මත කරගත් නිසයි.

    කිසියම් දෙසපලන්නයෙක් බෙදුම්වාදී අදහස් ඉන්දියාව තුල ඉදිරිපත් කලොත් ඔවුන්ට දැඩි දඩුවම් විදින්න වෙන නිසා කිසිවෙක් මෙවැනි දේ සිදුකරන්නේ නෑ.

    මෙතන තියෙන්නේ දෙමල ජාතික හෝ සිංහල ජාතික උවමනා නෙමෙයි තනිකරම දෙසපලක්නයන් කීප දෙනෙකුට වැඩිම මුදල උපයාගැනීම සම්බන්දයෙන් කරන කේවල් කිරීමයි, රටේ මහජනයා ජාතිවාදයේ අදහස් තුලින් නොමගයවිමකුයි කරන්නේ.

    අවාසනාව කියන්නේ මෙය බෝහොදෙනා තේරුම්ගන්නේ නෑ මේගැන දන්නා අයත් නොදන්නවා වගේ ඉන්නවා මොකද මේ ක්‍රමය තමන්ගේ පැවැත්මට රන් ආකරයක් නිසා

    ReplyDelete
    Replies
    1. අනේ නවත්තගන් බන් උබේ හොරනෑව.. උබට අනුව දෙමලත් වැරදියි, යූඑන්පියත් වැරදියි ඉන්දියාව ඇමරිකාව ඉන්නෙ සින්හලයට කෙලින්න එනිසා අපි උබ කියන එක විථරක් අහන්න ඔනෙ... තමන්ගෙ තරම දැනගෙන ඉදිමෙයන්, උතුරත ෆෙඩරල් දුන්නට උබල වගෙ ගොත්‍රවාදීන්ට විනා සාමාන්ය මිනිස්සුන්ට නම් නැතිවෙන දෙයක් නෑ... උබලට හරි අමාරුයි නෙද දෙමලට බලය ලැබෙන කොට...
      හම්බන්තොට වරාය කොහොමද මොඩයො හොද දෙයක් වෙන්නෙ? උබ හිථනවද නැව් කියන්නෙ බස් වගෙ තැන්තැන්වල නවත්වනවත්ව යන එව කියල...

      Delete
    2. //ලෝකයේ බොහෝ රටවල් මෙම කලාපයේ බලය උදෙසා කරන කේවල් කිරීමේදී ශ්‍රී ලංකාව තුලින් මේ සටන ගෙන යන්න යොදාගන්නේ දෙමල ජාතික සංවිදානය වැනි ජාතිවාදී කොටසුයි. //

      ගොන් මහදැනමුත්ත එපාර 'අපිට කෙලින්න ඉන්න' රටවල ලයිස්තුවට සින්ගප්පූරුවත් දාගත්තද? ඔහෙ වීරවන්සට වඩා හපන් කුමන්ත්‍රන පිස්සෙක් වගෙ.. දෙමල මිනිස්සුන්ට සින්හල හමුදාව 2009 කරපු අපරාද වලට, පැහැරගත් ඉඩම් වලට සාධාරනය ඉල්ලද්දෙ එ සින්ගප්පූරුවෙන් සල්ලි දෙන නිසාලු....

      මැට්ටො, දෙමලට දකුනේ හමුදවෙන් 2005-09 කාලෙ වෙච්ච භීෂනයට වන්ධි ගෙවල හිටහන්..

      Delete
    3. who is this Lankika Sithuwili actualy? is him also a tooth docter like Sarasa???

      Delete
    4. He's just a wage earning buger with a swollen head trying to punch above his weight using verbose comments with little contextual meaning

      Delete
    5. AnonymousMay 3, 2016 at 2:24 PM
      AnonymousMay 3, 2016 at 2:27 PM
      AnonymousMay 3, 2016 at 2:33 PM
      AnonymousMay 3, 2016 at 2:42 PM

      missing member from a lunatic asylum commenting multiple times.

      Delete
    6. Lankika Situwily,
      where you mising from and haidin? from lunatic politic asylum? you so wory abavut lanka an crayin an weepin.... veri gud !!,so you can happen a nasonal heero? but heeros no afraiding an haiding wraiting. they cuming out faiting and daing. gud lak !!

      Delete
    7. Lankika Sithuwili has no balls to appear publicly. And how he dare to use the alias "Lankika"? He is trying to give the impression that he represents the country as a whole by using "Lankika". His thoughts are not definitely the thoughts of the average Sri Lankan. He is nothing but a fear monger. Fortunately, nobody takes him seriously.

      Delete
    8. // but heeros no afraiding an haiding wraiting. //
      First try to comment with a alias instead of hiding behind
      "Anonymous" this is what you called in sinhala "විදුරු ගෙවල් වල ඉදල රෙදි ගලවනවා "
      Anonymous does not have a gender its not female or male you are like a trace-gender නපුන්සක if I put it more correctly.

      Delete
  3. උතුරු නැගෙනහිර සියලු පොලිස් තනතුරු සඳහා ද්‍රවිඩයන් බඬවාගෙන උතුරු නැගෙනහිර පාල්ත් සබාවට පොලිස් බලතල දෙමු.

    එතකොට උතුරේ වැසියන් හට දෙමල කතා කරනා කෑම වෑන් එකෙන් සම්බෝල ලැබෙනු ඇත...

    මොකද.. සින්හල පොලිස් සින්හල වැසියන් ට තෙල් ගාගන්න නෙලන්නෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. +++++++
      සරස ඇතුලෙත් ටොයියෙන් සිටී.

      Delete
  4. I like to thaks to mr Parakum about this post. Sinhala extrimists blame to mr Parakum sure. How ever we respect to other nationalties Sri Lanka. Even LTTE also people in the country. Tamil people human beens too. No wrong they control their area. We no matter what they do. They do their work their area. We do our works our area. Who to get pain it. Tamil people have right to do their works their like in their area. Sinhala extremists no understand this. Thats make problems all this.

    ReplyDelete
    Replies
    1. Hey, human bean, you look take your work. this site is not English teaching or learning site. (ඒයි මිනිහෝ, උඹේ වැඩක් බලාගනින්. මේක ඉංග්‍රීසි උගන්වන, ඉගෙන ගන්න සයිට් එකක් නෙමෙයි.)

      Delete
    2. බොල පැරෝ තොගේ ඉංග්‍රිසි ක්ලාස් ගිය එකෙක්ම තමයි ශුවර් එකටම මේ comment එක දාල තියෙන්නේ. උඹ ඌට ක්ලාස් එකේදි හරියට කියල දුන්නෙ නැද්ද යකෝ.

      Delete
    3. Perakum sir, please dont take angry. Above anonymous (11:59 AM) says it from goodness. He is jenuin.

      Delete
    4. ඕයි පැරා තමුසෙ වගේමයි තමුසෙගේ ගෝලයොත්. තමුසෙලා ඔක්කොම කොටි එක්ක එකතු උනානම් තමයි හොඳ.

      Delete
    5. @ Anonymous May 3, 2016 at 3:10 PM,,,

      එකතු වෙන්න දැන් කොටි නෑනේ ඕයි......

      එහෙම ඉන්නවා නම්, ඒ කියන්නේ තමුසෙලාගේ මහින්ද මුත්තා හරියට වැඩේ කරලා නෑ.

      Delete
    6. කොටි නැති උනාට සම්බන්දනුයි දෙමළ ඩයස්පොරාවයි එක්ක එකතු වෙන්න පුළුවන්නේ. උනුත් ගෙනියන්නේ කොටින්ගෙම මතේ.

      Delete
    7. දැන් කියනවා කොටි නෑලු, සම්බන්ධනුයි දෙමළ ඩයස්පෝරවයි ඉන්නවලු. ඉස්සෙල්ලා කිව්වේ කොටි ඉන්නවා කියලනේ... මොකද කතාව වෙනස් කළේ?

      උන් කොටින්ගේ මතය දැරුවම අපිට මොකෝ? දශ ලක්ෂ ගණනින් මිනිසුන් මරපු හිට්ලර්ගේ මතය දරණ ජර්මන්කාරයෝ තාම ඉන්නේ. 1971 කේ 20,000 කුයි, 1988/89 කාලයේ 60,000 කුයි මරපු රෝහණ විජේවීරගේ මතය දරණ අය තාම ඉන්නේ. උන් ඒ මතය දැරුවට, යෝජනා සම්මත කළාට අපි නම් කලබල වෙන්නේ නෑ. කලබල වෙන්නේ පිස්සෝ.

      Delete
    8. පැරෝ, මට ගේමක් දෙන්න වලිකන මගේ ඇසිට්ටා ගේ ඉංගිරිසිත් මේ ඉංග්‍රීසි ඇනෝගේ ඉංගිරිස් වගේමයි, මේ ඇනෝගේ කොමෙන්ට් කියෝන එක මට නම් හරි විනෝදයි, අනේ පැරෝ මෙයා ගැන අහිතක් නොහිතා අපි අර රාජ්ගේ බෝතල් ඇනෝට වගේ නමක් රෙජිස්ටර්කර ගනිමුකෝ.

      Delete
    9. @ Nut Man,

      Actualy I am very satisfied to Perakum sir becose he teached me very good english. Now I is able to speek ekselent english and rite as wel. But there is lot of anonymous peepal blaming Perakum sir. They no good peepal. They no brane have. They not understand problems of cantry. I am very thanks to Perakum sir becose he trying trying to explane the problems of this cantry. There are 2 peepal blaming Perakum sir becose they are gelus. Becoming gelus is no good. Thees 2 peepal are Lankika-Sithuwili and Sarasa. These 2 peepal wayting until the economi of the cantry brake falls. They will laaf to Perakum sir. But economi of Sri Lanka is not bad. Becose of that economi will not brake fall. No chanse for LS and Sarasa to laaf.

      Delete
    10. තමා ඉගෙනගත් නිසරු මාක්ස්වාදී දර්ශනයෙන් ඉහ මොළ කුරුවල් කරගෙන ලංකා ඉතිහාසයත් ජාතිකත්වයත් ගැන ජනනය වූ වෛරයකින් සුපුරුදු ලෙසම පැරකුම් විසින් ලියපු ඔහුගේ අනුගාමිකයන්ට පමණක් කියවා සතුටු වෙන්න පුළුවන් තවත් එක අසාර්ථක පෝස්ටුවකි. මීට පිළිතුරු දීම නිෂ්ඵලයැයි සිතේ. කියන්නට දේවල් ඇතත් කියන්නට ගිය විට පැරකුම්ගේ ඇනෝලා සෙට් එක දෙමළ සන්ධානෙටත් වඩා හොඳට ෆෙඩරල් කමෙන්ටු කොටනු ඇත. අර ඉංගිරිසි ඇනෝලාගේ කමෙන්ටු වලටනම් හිනා වෙන්නවත් පුළුවන්.

      Delete
    11. @ Ajith Kumara May 4, 2016 at 8:47 AM

      වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, සෝමවංශ අමරසිංහ වැනි මාක්ස්වාදීන් ලෙසට ම අනෙකුත් මාක්ස්වාදීන් ද මහින්ද පසුපස යනවා නම් මාක්ස්වාදය හොඳ යි. එහෙම නොකරනවා නම් මාක්ස්වාදය නරක යි.

      Delete
    12. මහින්දට සහය දැක්වුවත් නැතත් කවුරු උනත් මාක්ස්වාදය අනුගමනය කරනවනම් ඒක නිසරු දෙයක් ඒකයි මම කියන්නේ. මතක තියා ගන්න මහින්දට සහය දෙන මාක්ස්වාදීනුයි මෛත්‍රීපාලට සහය දෙන මාක්ස්වාදීනුයි රටේ ජාතිකත්වය ගැන දරන ආකල්පය වෙනස් නෑ කියන එක.

      Delete
    13. අනේ අජිත් කුමාර, උඹ ලංකාවේ ඉතිහාසයවත් හරියට දන්නවද ගොනෝ? කිසිම දෙයක් නොදන්න, එහෙම නැත්නම් බාගෙට දන්න එවුන් තමයි උඹ වගේ ජාතිකවාදය ගැන තප්පුලන්නේ.

      Delete
  5. [[කොටි සංවිධානය විදෙස්ගතව ක්‍රියාත්මක වෙමින් කල් ගනිමින් සිටියි. ඔවුන් රට තුළ ක්‍රියාකාරකම් සඳහා කල් ගන්නේ රට ආර්ථික, දේශපාලන වශයෙන් තියුණු අර්බුදයකට
    තල්ලු වන, දෙමළ ජනයා හා විශේෂයෙන් තරුණයන් දැඩි ඉච්ඡා භංගත්වයකට පත් වන මොහොත දක්වා ය. දේශප්‍රේමීන්ගේ වගකීම වන්නේ ඒ මොහොත නිර්මානය වීම
    වළක්වන එක ය]]

    නමුත් නියම irony ය වන්නේ දකුනේ 'දේශප්‍රේමීන්' කියාගන්නා රාජපක්ෂ, වීරවන්ස, ගම්මන්පිල ප්‍රමුඛ ගිහි පැවිදි මස් වැද්දන්ද බලා සිටින්නෙ මේ මොහොත එනතෙක් වීමය..

    ReplyDelete
  6. අන්තවාදයේ වැඩි දියුණුව සඳහා විරුද්ධ අන්තවාදයක්ද අවශ්‍යය.

    ReplyDelete
  7. අපි තාමත් යක්කුන්ට, අවතාරවලට බයයි, ඉතින් අවුරුදු 40 තිස්සේ බය කරපු පෙඩරල් වෙනුවට වෙන ලස්සන මනබන්දනිය වචනයක් හොයාදෙන්න ඇඩ්වටයිසිං කොම්පැ‍නියකට භාරදෙමු.

    ReplyDelete
  8. බැරි වෙලාවත් ඥානසාර හාමුදුරුවෝ ඔයවගේ තකාවක් කීවානම් මෙයා ඒකට ප්‍රතිචාර දක්වන්නේ ඔහොම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ජාතකේට හරි යන්න කඩේ යන පැරාට මොකුත් කියනවා හෙම නෙමේ හිටං

      Delete
    2. ඥානසාර තක්කඩියෙකි. සර් ජෝන් කොතලාවල මැතිඳු සිටියා නම් ඥානසාරගේ සිවුර ගලවා ඔළුවේ තාර ගානු ඇත.

      Delete
    3. මොකද බන් එක එක පක්කුන්ට සර් කියන්නේ, තොට තියෙන්නේ පරගැති හිඟන මානසිකත්වයක්
      තොගේ පුකේ තමයි තාර ගාල කුකුල් පිහාටු අලවන්න ඕනේ
      බත්ගොට්ටා

      Delete
    4. @ Anonymous May 5, 2016 at 9:08 AM

      සර් කියන්නේ එතුමා නයිට්වරයෙක් නිසා.

      තෝ වගේ අඩු කුලේ පද්දන්ට ඒ වගේ නම්බු නාම ආත්ම හතකටවත් ලැබෙන්නේ නැහැ. වංශවත් අයට ගරහන උඹලා වගේ එවුන් ඊළඟට ඉපදෙන්නේ රොඩී කුලේ.

      Delete
    5. @ AnonymousMay 5, 2016 at 11:41 AM
      නයිට්කම ලොකු තොපි වගේ වහල්ලුන්ට මිසක් නිවහල් මිනිස්සුන්ට නෙමෙයි බොල
      රොඩී කුළේ නෙමෙයි මොන කුලේ ඉපදුනත් සිංහල ජාතිය පාවා දීපු පරයින්ව අපිට ලොකු නැහැ යකෝ
      මේ කාලේ වෙද්දීත් කුල කියවන එකෙන්ම තොගේ මෝඩකම පේනවා

      Delete
    6. @ Anonymous May 6, 2016 at 8:30 AM
      සිංහල රජ කාලේ තොපි වගේ එවුන්ව පහළ කුලවලට දැම්මේ තොපේ ජාතකය නිසාම නෙවෙයි, තොපේ නොහැදියාව නිසා. ඉංග්‍රීසීන් මේ රට අල්ලගෙන කරපු ලොකුම වින්නැහිය තමයි 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් කුල ක්‍රමය සහ වැඩවසම් යුගය අවසන් කරපු එක. ඒකෙන් වුණේ තෝ වගේ හැදියාවක් නැති එවුන්ට සම තැන ලැබිලා යන යන තැන රෙන එක. මොකද තොපිලා සමාජයේ හැසිරෙන්න, කතා කරන්න දන්නෙ නැති එවුන්.

      අනේ අපටත් අද රජතුමෙක් හිටියා නම් තොපි වගේ එවුන්ව නිසි තැන්වලට, ඒ කියන්නේ අඩු කුලවලට දාලා තොපිගෙන් ගන්න පුළුවන් වැඩක් විතරක් ගන්නවා.

      Delete
    7. @ Anonymous May 6, 2016 at 8:30 AM
      තෝ වගේ අඩු කුලේ පර බල්ලන්ව සියම් නිකායේ මහණ කරන්නෙත් නෑ බොල.

      Delete
  9. ප්‍රබාකරන්ගේ අම්මට හුකපු එකාම තමයි පැරකුම්ගේ අම්මටත් හුකල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අවස්ථා දෙකේ ම පහන අල්ලපු එකා කමෙන්ට් කරලා!!!!

      Delete
    2. එතකොට තෝ පුක හෝදපු එකාද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා