මධ්‍යම පංතික ලීසිං මළ මිනී ගැන කතා කරන සිල්ලර කාසි
මේ දවස්වල මං මෙගා ටෙලියක් බලනවා. අටහමාරෙ බෙල්ටෙකේ ජාතික රූපවාහිනියේ යන සිල්ලර කාසි.
ඒකෙ රඟපාන නළු නිළියන්ටත් මං කැමතියි. බොහෝ පැතිවලින් එය ඉහළ මට්ටමක තිබෙනවා. කතාවත් වේගයෙන් ගලා යනවා. දැනට නම් බඩවැල වගේ ඇදෙන්නේ නැහැ.
වැඩිය සිරා නැති කට්ටිය මේ ටෙලි නාට්ටිය බලනවා නම් හොඳයි. අඩු ගානෙ දැනට හොඳයි. නැගලා ගියොත් හත්පොළේ ගාගන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැම්මා බලලා පස්සෙ අල්ලලා දාන්න බලාගෙන බලන්න.
මේකෙ යන්නේ ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ කෑදර පාරිභෝජනවාදී ජීවිතේ ගැන. ලෝකෙට ෂෝ එකට ජීවත් වෙන ණයකාරයන් ගැන. සරළ කතාවක් වුණත් ඒකෙන් ආමන්ත්‍රණය කරන්නේ ගැඹුරු ප්‍රශ්නයක්.
ලංකාවේ තිබෙන්නේ විශේෂයෙන් ම රාජ්‍ය නිලධාරි මධ්‍යම පංතික දේශපාලන ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර අර්ථ ක්‍රමයක් බව මං මීට කලින් ලිපිවලත් ලිව්වා. මේ මධ්‍යම පංතික සමාජ තීරයේ ජීවන පරමාදර්ශ වන්නේ අඩුවෙන් වැඩ කර වැඩියෙන් පඩි ගත හැකි රැකියා අපේක්ෂාවයි. ඒ සමග ම ප්‍රර්ශනාත්මක සුඛෝපභෝගී පාරිභෝජනවාදයත් ඔවුන්ගේ ජීවන භාවිතාවක්. ඒ වෙනුවෙන් රැකියාවෙන් පරිබාහිරව මහන්සි වන්නට වුණත් ඔවුන් අකැමැති නැහැ. එසේම, ඔවුන් දැඩි කුටුම්බිකයි. ඒ කියන්නේ ලෝකය තියෙන්නේ තමන්ගේ පර්චස් දහය, විස්ස ඇතුළේ.
හැබැයි ඔවුන්ට අවශ්‍ය ක්ෂණික හා පහසු සල්ලි. උපාධිය ගත්ත ගමන් ඉලක්කම් පහේ පඩියක් ගන්න, ජපන් කාර් එකකින් ගමන් යන්න, කලාගාරයක් වගේ ලොකු ගෙයක් හදාගන්න, ලොකු ගේට්ටුවක් සහිත තාප්පයක් ගේ වටේ බැඳගන්න, පැහැපත් හමක් ඇති ගැහැනියක බඳින්න, ළමයින්ව ගැහැනු පිරිමි වශයෙන් වෙන් කළ කොලීජිවලට දාගන්න, බූල් බල්ලෙක් හදන්න, නිතර ට්‍රිප් යන්න, ලොකු හෝටල්වලින් කන්න, රට යන්න, ඒ දේවල් කරන ගමන් සෙල්ෆි අරගෙන ෆේස්බුක් එකට අප්ලෝඩ් කර අනෙක් අයගේ ඉරිසියාව දිනා ගන්න තමයි ඔවුන්ට උවමනා. ඉරිසියාව ලබා ගන්නට බැරි වුණොත් ඒක ජීවිතේ හිස් තැනක් වගේ.
ආන්තික අපේක්ෂා, අධික ණය බර, අවිවේකය, ඉරිසියාව, අතෘප්තිය, ආතතිය වැනි හේතු නිසා මෙම සමාජ පංතිය ඉන්නේ දැඩි අසහනයකින්. ඒ මදිවාට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි සෞඛ්‍ය ප්‍රශ්න රාශියකටත් ඔවුහු මුහුණ දෙනවා. ඔවුන් සොයන සතුට ඔවුන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ.
මෙම පංතියේ සංකේතාත්මක වෘත්තික පරමාදර්ශය වන්නේ දොස්තරලායි. හැබැයි, අවසන් ජීවන පරමාදර්ශය වන්නේ ඇමතිවරයායි.
අධ්‍යාපනය, මාධ්‍ය, ආගම් වගේ ම විප්ලවවාදීන් ලෙස තමන් හඳුන්වා ගන්නා පක්ෂ ද බොහෝ දුරට ප්‍රවර්ධනය කරන්නේ මේ ජීවන විලාසහ හා අපේක්ෂා ම තමයි.
මේක පිළිකාවක් වගේ අපේ සමාජය ගිල ගනිමින් තිබෙන සමාජ ව්‍යාධියක්. අපේ මිනිස්සු අලස වෙන්න, හොරු වෙන්න, සමාජවාදී වෙන්න, ජාතිවාදී වෙන්න, බුද්ධිගලනයට, වෙළඳ කලාපයේ පුරප්පාඩු පිරෙන්නෙ නැති වෙන්න, කුඹුරු පුරන් වෙන්න, පාර හැඩි වෙන්න, පන්සල්වල පව් පිරෙන්න ආදී හැම දේකට ම මේක බලපානවා.
අපි විකල්ප ජීවිතයක් හොයන්න ඕනැ මෙන්න මෙතනින් කැඩිලායි. අන්න ඒ ජීවිතය හොයන අරගලය තමයි සමාජවාදය වෙනුවෙන් වම වෙනුවෙන් වන අරගලය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
ඒකෙ රඟපාන නළු නිළියන්ටත් මං කැමතියි. බොහෝ පැතිවලින් එය ඉහළ මට්ටමක තිබෙනවා. කතාවත් වේගයෙන් ගලා යනවා. දැනට නම් බඩවැල වගේ ඇදෙන්නේ නැහැ.
වැඩිය සිරා නැති කට්ටිය මේ ටෙලි නාට්ටිය බලනවා නම් හොඳයි. අඩු ගානෙ දැනට හොඳයි. නැගලා ගියොත් හත්පොළේ ගාගන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැම්මා බලලා පස්සෙ අල්ලලා දාන්න බලාගෙන බලන්න.
මේකෙ යන්නේ ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ කෑදර පාරිභෝජනවාදී ජීවිතේ ගැන. ලෝකෙට ෂෝ එකට ජීවත් වෙන ණයකාරයන් ගැන. සරළ කතාවක් වුණත් ඒකෙන් ආමන්ත්‍රණය කරන්නේ ගැඹුරු ප්‍රශ්නයක්.
ලංකාවේ තිබෙන්නේ විශේෂයෙන් ම රාජ්‍ය නිලධාරි මධ්‍යම පංතික දේශපාලන ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර අර්ථ ක්‍රමයක් බව මං මීට කලින් ලිපිවලත් ලිව්වා. මේ මධ්‍යම පංතික සමාජ තීරයේ ජීවන පරමාදර්ශ වන්නේ අඩුවෙන් වැඩ කර වැඩියෙන් පඩි ගත හැකි රැකියා අපේක්ෂාවයි. ඒ සමග ම ප්‍රර්ශනාත්මක සුඛෝපභෝගී පාරිභෝජනවාදයත් ඔවුන්ගේ ජීවන භාවිතාවක්. ඒ වෙනුවෙන් රැකියාවෙන් පරිබාහිරව මහන්සි වන්නට වුණත් ඔවුන් අකැමැති නැහැ. එසේම, ඔවුන් දැඩි කුටුම්බිකයි. ඒ කියන්නේ ලෝකය තියෙන්නේ තමන්ගේ පර්චස් දහය, විස්ස ඇතුළේ.
හැබැයි ඔවුන්ට අවශ්‍ය ක්ෂණික හා පහසු සල්ලි. උපාධිය ගත්ත ගමන් ඉලක්කම් පහේ පඩියක් ගන්න, ජපන් කාර් එකකින් ගමන් යන්න, කලාගාරයක් වගේ ලොකු ගෙයක් හදාගන්න, ලොකු ගේට්ටුවක් සහිත තාප්පයක් ගේ වටේ බැඳගන්න, පැහැපත් හමක් ඇති ගැහැනියක බඳින්න, ළමයින්ව ගැහැනු පිරිමි වශයෙන් වෙන් කළ කොලීජිවලට දාගන්න, බූල් බල්ලෙක් හදන්න, නිතර ට්‍රිප් යන්න, ලොකු හෝටල්වලින් කන්න, රට යන්න, ඒ දේවල් කරන ගමන් සෙල්ෆි අරගෙන ෆේස්බුක් එකට අප්ලෝඩ් කර අනෙක් අයගේ ඉරිසියාව දිනා ගන්න තමයි ඔවුන්ට උවමනා. ඉරිසියාව ලබා ගන්නට බැරි වුණොත් ඒක ජීවිතේ හිස් තැනක් වගේ.
ආන්තික අපේක්ෂා, අධික ණය බර, අවිවේකය, ඉරිසියාව, අතෘප්තිය, ආතතිය වැනි හේතු නිසා මෙම සමාජ පංතිය ඉන්නේ දැඩි අසහනයකින්. ඒ මදිවාට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි සෞඛ්‍ය ප්‍රශ්න රාශියකටත් ඔවුහු මුහුණ දෙනවා. ඔවුන් සොයන සතුට ඔවුන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ.
මෙම පංතියේ සංකේතාත්මක වෘත්තික පරමාදර්ශය වන්නේ දොස්තරලායි. හැබැයි, අවසන් ජීවන පරමාදර්ශය වන්නේ ඇමතිවරයායි.
අධ්‍යාපනය, මාධ්‍ය, ආගම් වගේ ම විප්ලවවාදීන් ලෙස තමන් හඳුන්වා ගන්නා පක්ෂ ද බොහෝ දුරට ප්‍රවර්ධනය කරන්නේ මේ ජීවන විලාසහ හා අපේක්ෂා ම තමයි.
මේක පිළිකාවක් වගේ අපේ සමාජය ගිල ගනිමින් තිබෙන සමාජ ව්‍යාධියක්. අපේ මිනිස්සු අලස වෙන්න, හොරු වෙන්න, සමාජවාදී වෙන්න, ජාතිවාදී වෙන්න, බුද්ධිගලනයට, වෙළඳ කලාපයේ පුරප්පාඩු පිරෙන්නෙ නැති වෙන්න, කුඹුරු පුරන් වෙන්න, පාර හැඩි වෙන්න, පන්සල්වල පව් පිරෙන්න ආදී හැම දේකට ම මේක බලපානවා.
අපි විකල්ප ජීවිතයක් හොයන්න ඕනැ මෙන්න මෙතනින් කැඩිලායි. අන්න ඒ ජීවිතය හොයන අරගලය තමයි සමාජවාදය වෙනුවෙන් වම වෙනුවෙන් වන අරගලය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
මේ අම්ම ලස්සනයි, බලන්න ඕනැ.
ReplyDeleteපැරාත් ඕක බල්ලන්නෙ නළු නිළියෝ ලස්සන නිසා තමයි.
Deleteපාරිභෝජනවාදයට එරෙහි දෙයක් හරි පාරිභෝජනය කරන එක තමයි අන්තිමේදි සිද්ධවෙන්නෙ.
මේ නිළිය හිමාලි සයුරංගි. එයා ලස්සනයි. ඒ වුණාට අර සම්මත, සුදු, ලස්සන නෙමෙයි නේ ද?
Deleteපරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස හැමදාමත් ප්‍රශ්නයක් වෙනවා. පරිභෝජනය නො කරන කෙනෙක් නැහැ. ඒ වුණාට පරිභෝජනය වෙනුවෙන් ම ජීවත් වීම තමයි පරිභෝජනවාදය කියන්නේ.
ඒක හරියට බෙල්ලෙ බැඳගෙන මස් කෑම වගේ වැඩක්.
පරිභෝජනයත් එක්ක මගේ කිසි විරෝධයක් නැහැ. මම කියන්නේ අපි පාරිභෝජනවාදය හඳුනාගත යුතුයි. එය පිළිකෙව් කළ යුතුයි. සමාජවාදයටයි පරිභෝජනවාදයටයි එකට යන්න බැහැ.
ලස්සන අම්මලා බලන්න මී ආදරයයි. බලපන්.
Deleteඋඹ බලහං රම්බංඩො. මට වෙලාවක් නැතුං.
Deleteපාරිභෝජනය ට / පාරිභෝජනවාදය ට එරෙහි වීම කළ යුත්තේ නිශ්පාදන බලවේග වල සංවර්ධනය ට බාඅධාවක් නොවන බවට වග බලා ගනිමින් ය. සමාජ විකාශනයට හේතුවන්නේ නිශ්පාදන බලවේගවල වර්ධනය වන අතර පාරිභෝජනය ට / පාරිභෝජනවාදය ට එරෙහි වීම, නිශ්පාදන බලවේගවල වර්ධනය ට එරෙහි වීමක් වෙයි නම්, එය සමාජ විකාශනයට එරෙහි වීමක් වෙයි.
Deleteඅජිත් පැරකුම් ජයසිංහ ගේ අර්බුදය වනුයේ, ඔහු, ගුණදාස අමරසේකර විසින් ප්‍රචලිත කරන ලද අදහස්වලින් ආභාශය ලැබීමයි. ගුණදාස අමරසේකර ගේ "උත්තර මිනිසා", "ඉන්ද්‍රිය පිනවීමට ගිජු නොවූ මිනිසා", ආදිය, අජිත් පැරකුම් ජයසිංහ ගේ "පාරිභෝජනය කලාට කමක් නෑ, හැබැයි පාරිභෝජනවාදී වෙන්න එපා" ආදි අදහස් සමග සැසඳෙයි.
ගුණදාස අමරසේකර ගේ Buddhist Socialism / Religious Socialism ආදියත් අජිත් පැරකුම් ජයසිංහ ගේ නිශ්පාදන බලවේග වල වර්ධනයට වඩා පාරිභෝජනවාදයට එරෙහි වීම කෙරෙහි උනන්දු වන සමාජවාදයත්, සුන්දර අදහස් මිස සමාජය වෙනස් කිරීමට හේතුවන දේ නොවේ.
මේ අදහස නිර්නාමික වගේ ම නිර්මාක්ස්වාදීයි.
Deleteඕනැ මළදානයක් නිෂ්පාදනය කිරීම සමාජ සංවර්ධනයට නම් ඉවහල් වන්නේ නැහැ. සමාජ විකාශය හරි විනාශය හරි නම් වෙන්න පුළුවන්. මාක්ස්වාදයේ සමාජ සංවර්ධනය ගැන මිසක් ඔය කියන විකාශයක් ගැන කියලා නැහැ.
උදාහරණයක් කියන්නම්. කොකා කෝලා කියන්නේ ධනේ්ශ්වර පාරිභෝජනවාදයේ සංකේතයක්. හැම රටකම කොකා කෝලා ෆැක්ටරි දාලා පුළුවන් තරම් කොකා කෝලා බිව්වා ය කියලා නිෂ්පාදන බලවේග සංවර්ධනය වෙන්නෙ නැහැ.
සමාජවාදය කියන්නේ බලය කම්කරුවන් අතට අරගෙන ධනවාදීන් කරපු විදියට ම කරගෙන යන එක නෙමෙයි. සෝවියට් දේශයේ සිට උතුරු කොරියාව දක්වා කොමියුනිස්ට්වාදය අසාර්ථක වුණේ ඒ නිසායි.
ධනවාදය අසාර්ථක වන එක ප්‍රධාන තැනක් තමයි මේ පාරිභෝජනවාදය සමාජයට, පරිසරයට දරාගන්න බැරි වෙන එක.
උදාහරණයක් විදියට ඇමරිකන්කාරයෝ පරිභෝජනය කරන තරමට චීන්නුත් පරිභෝජනය කරන්නට ගියොත් මුළු ලෝකයේ ම නිෂ්පාදනය මදි වෙනවා.
ගුණදාස අමරසේකරගෙන් ඕව ඉගෙන ගන්න බැහැ. මගෙන් අහගන්න.
ඕක "මුලු ලෝකයේ මනුශයින්ට තියෙන සම්පත් මෙච්චරයි" කියන එක මත ගොඩනැගිච්ච දෙයක්නෙ... ඔය Robert Malthus කියපු කතාව outdate වෙලා ඉවරයි...
Deleteමීට දශක කිහිපයකට කලින් මිනිසාට පරිභෝජනය කරන්න පුලුවන් වේවි කියල හීනෙකින්වත් නොහිතන ශක්ති ප්‍රභව අද මිනිසා පරිභෝජනය කරනව.. අද ලෝකෙ මනුශයො තව දශක 2-3 පෘඨිවියෙන් පිටත තියෙන ග්‍රහක වල තියෙන සම්පත් පෘතිවියට ගෙනල්ලා පරිභෝජනයට යොදාගන්න පුලුවන් තාක්ශනය දියුනු කරගෙන යනව... Asteroid Mining ගැන හොයල බලන්න... 22 වැනි ශතවර්ශයෙ වෙනකොට අගහරු ලෝකය පවා දිගුකාලීන ජනාවාස වලට සුදුසු තත්වයට ගේන්න පර්යේශන කරනවා... (Terraforming)
Nuclear Fusion වගේ ක්‍රමයකින් ඵලදායීව ශක්තිය නිශ්පාදනය කරන්න හොයාගත්තොත් අපට අසීමිත ශක්ති ප්‍රභවයක් ලැබෙන. ෆොසීල ඉන්ධන වලින් වෙන පරිසර විනාශය හෝඒවා අවසන් වීම කියන ගැතලුව සදහටම ඉවරයි..
ඒනිසා චීන්නු නෙමේ මුලු ලෝකයම අද ඇමරිකානුවන් තරම් පරිභෝජනය කරන්න හැකිවෙන දවස වෙනකම් විද්‍යාව හා තාක්ශනය ඉදිරියට යයි....
//ධනවාදය අසාර්ථක වන එක ප්‍රධාන තැනක් තමයි මේ පාරිභෝජනවාදය සමාජයට, පරිසරයට දරාගන්න බැරි වෙන එක. //
Deleteක "මුලු ලෝකයේ මනුශයින්ට තියෙන සම්පත් මෙච්චරයි" කියන assumption එක මත ගොඩනැගිච්ච දෙයක්නෙ... ඔය Robert Malthus කියපු කතාව outdate වෙලා ඉවරයි...
මීට දශක කිහිපයකට කලින් මිනිසාට පරිභෝජනය කරන්න පුලුවන් වේවි කියල හීනෙකින්වත් නොහිතන ශක්ති ප්‍රභව අද මිනිසා පරිභෝජනය කරනව.. අද ලෝකෙ මනුශයො තව දශක 2-3 පෘඨිවියෙන් පිටත තියෙන ග්‍රහක වල තියෙන සම්පත් පෘතිවියට ගෙනල්ලා පරිභෝජනයට යොදාගන්න පුලුවන් තාක්ශනය දියුනු කරගෙන යනව... Asteroid Mining ගැන හොයල බලන්න... 22 වැනි ශතවර්ශයෙ වෙනකොට අගහරු ලෝකය පවා දිගුකාලීන ජනාවාස වලට සුදුසු තත්වයට ගේන්න පර්යේශන කරනවා... (Terraforming)
Nuclear Fusion වගේ ක්‍රමයකින් ඵලදායීව ශක්තිය නිශ්පාදනය කරන්න හොයාගත්තොත් අපට අසීමිත ශක්ති ප්‍රභවයක් ලැබෙන. ෆොසීල ඉන්ධන වලින් වෙන පරිසර විනාශය හෝඒවා අවසන් වීම කියන ගැතලුව සදහටම ඉවරයි..
ඒනිසා චීන්නු නෙමේ මුලු ලෝකයම අද ඇමරිකානුවන් තරම් පරිභෝජනය කරන්න හැකිවෙන දවස වෙනකම් විද්‍යාව හා තාක්ශනය ඉදිරියට යයි....
පළමු කොටස
Delete=========================
අජිත් පැරකුම් ජයසිංහ ගේ ප්‍රතිචාරය, parody එකක් ලෙස සැලකිය යුතු ද, නැතිනම් අජිත් පැරකුම් ජයසිංහට masochistic streak එකක් තියෙනවා ද, කියන්න මම දන්නේ නෑ. නමුත්, ඒ බව නොසලකා මම ප්‍රතිචාර දක්වනවා.
(1) නිර්මාර්ක්ස්වාදියි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මගේ අදහස් නිර්මාර්ක්ස්වාදීයැයි පවසා ඇති දෙයට පිළිතුරු දීමට මම උනන්දුවෙන්නේ නෑ. මොකද මේක මුළුමනින්ම රඳා පවතින්නෙ තම තමන් මාර්ක්ස්වාදයයැයි ගන්නේ කුමක් ද කියන එක උඩ. දයාන් ජයතිලක, ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් ලෙස කටයුතු කළ සමයේ, ඔහු තමාව හඳුන්වා ගත්තේ මාර්ක්ස්වාදියෙක් ලෙසයි.
මම ඔර්තඩොක්ස් මාර්ක්ස්වාදියෙක්. මගේ අදහස් ඔර්තඩොක්ස් මාර්ක්ස්වාදීයි. මගේ අදහස් ඔර්තොඩොක්ස් මාර්ක්ස්වාදයට පටහැනියි කියලා කෙනෙක් කියනවා නම්, මට ඒ ගැන ප්‍රතිචාර දක්වන්න පුළුවනි.
(2) සමාජ සංවර්ධනය සහ සමාජ විකාශනය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අජිත් පැරකුම ජයසිංහ සමාජ සංවර්ධනය යනුවෙන් කුමක් අදහස් කරනාවද යන්න මම දන්නේ නෑ.
මාර්ක්ස්වාදයේ එන සමාජ විකාශනය, සංවර්ධනයක් තමයි. (මෙතනදි ආයෙත් සංවර්ධනය කියන එකේ, එක් එක් කෙනා පිළිගන්න නිර්වචනය අදාළ වෙනවා.) පළමුවෙන්ම, මාර්ක්ස්වාදයේ සඳහන් වන සමාජ විකාශනය ට දිශාවක් තියෙනවා. දීර්ඝ කාලීනව නිශ්චිත දිශාවක් තිබෙනවා. දෙවනුව, එම දිශාව වර්ධනයේ දිශාවයි. ඓතිහාසික භෞතිකවාදය සඳහන් කරන ආකාරයට, මේ දක්වා සමාජය විකාශනය වී ඇත්තේ නිශ්චිත දිශාවකට සහ ඒ ප්‍රගතියේ දිශාවට. වහල් ක්‍රමයේ සිට වැඩවසම් ක්‍රමයට, වැඩවසම් ක්‍රමයේ සිට ධනපති ක්‍රමයට එන විට සමාජයේ විකාශනය සිදු වී ඇත්තේ නිශ්චිත දිශාවක් රහිතව අහඹු ලෙස ද, නැතිනම් (දීර්ඝකාලීනව) නිශ්චිත දිශාවක් සහිතව සහ ඒ අපට සතුටු විය හැකි දිශාවකට ද කියන එක පැහැදිලිවම පෙනෙනවා. එසේ නම්, මාර්ක්ස්වාදයේ සඳහන් වන සමාජ විකාශනය, සංවර්ධනයක් නෙමෙයි කියන පදනමින් ගෙන තර්ක කිරීම අර්ථශූන්‍යයි. (මාර්ක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්, සාමජ විකාශනය ගැන කිවුවාම, එයින්, ප්‍රගතිය කියන දේ අදහස් වුනේ නෑ කියලා කියන කෙනෙක් සමග වාද කිරීම ම, විහිළුවක් විදියට පෙනෙන්න පුළුවන්.)
මාර්ක්ස්වාදයේ සඳහන් වන සමාජ විකාශනය සිදුවන නිශ්චිත දිශාවක් තිබියදී සහ එම දිශාව යනු ප්‍රගතියේ දිශාව වෙද්දී, අජිත් පැරකුම් ජයසිංහ " මාක්ස්වාදයේ සමාජ සංවර්ධනය ගැන මිසක් ඔය කියන විකාශයක් ගැන කියලා නැහැ. " යනුවෙන් සඳහන් කරන්නේ, මට තේරෙන විදියට නම්, අජිත් පැරකුම් ජයසිංහ, මාර්ක්ස්වාදය ආරංචි මාත්‍රයෙන් පමණක් ඇසුරු කර ඇති නිසයි. මාර්ක්ස්වාදීන් නිතර යොදන ප්‍රගතිශීලී, ප්‍රතිගාමි යන වචන ආවේ කොහෙන් කියලා අජිත් පැරකුම් ජයසිංහ හිතා ගෙන ඉන්නවාද දන්නේ නෑ. ප්‍රගතිශීලී කියන්නේ, ඓතිහාසික භෞතිකවාදයේ සඳහන් වන ප්‍රගතියේ දිශාවට කැමතියි කියන එක. ප්‍රතිගාමී කියන්නේ එම දිශාවට විරුද්ධ අතට කියන එක.
දෙවන කොටස
Delete=========================
(3) කොකාකෝලා
~~~~~~~~~~~~~~~~
"කොකාකෝලා බිව්වාට නිශ්පාදන බලවේග සංවර්ධනය වෙන්නේ නැහැ." කියලා අජිත් පැරකුම් ජයසිංහ කියන්නේ සමාජ විකාශනය කෙසේ සිදු වෙයි ද කියන එක ගැන අජිත් පැරකුම් ජයසිංහ ට කිසිදු අවබෝධයක් නැති නිසයි. පාරිභෝජනය සහ නිශ්පාදන බලවේගවල සංවර්ධනය අතර සම්බන්ධය ඉතාම පැහැදිලියි. මොකද පාරිභෝජය කළොත්, මිලදී ගැනුනොත්, තමයි, ප්‍රාග්ධනය ජනනය වන්නේ. ධනපති යුගයේ දී, නිශ්පාදන බලවේගවල සංවර්ධනය සිදුවන්නේ, ප්‍රාග්ධනය ජනනය වුනොත් තමයි. ප්‍රාග්ධනය ජනනය වීම සඳහා වැදගත් වන්නේ, කොකාකෝලා අළෙවි වීමයි. අළෙවිවීම සඳහා පාරිභෝජය වැදගත්. ඒ නිසා තමයි මම මුළුන්ම කිව්වේ, පාරිභෝජනයට / පාරිභෝජනවාදයට එරෙහි වීම නිශ්පාදන බලවේග වල සංවර්ධනයට එරෙහි වීමක් නොවිය යුතුයි කියලා. අජිත් පැරකුම් ජයසිංහ කිසිදුවිටෙක සඳහන් කරන්නේ නෑ, ඔහු කියන, සමාජ සංවර්ධනය කෙසේ සිදු වෙනවාද කියන එක. අජිත් පැරකුම් ජයසිංහ සඳහන් කරන සමාජ සංවර්ධනය සඳහා නිශ්පාදන බලවේග වල සංවර්ධනය අවශ්‍ය ද නැද්ද? එමෙන්ම, අජිත් පැරකුම් ජයසිංහ තමන් ඓතිහාසික භෞතිකවාදය පිළිගන්නවාද නැද්ද යන්නත් හෙළි කරන්නේ නෑ. සමාජ විකාශනයට - අජිත් පැරකුම් ජයසිංහ කියන සමාජ සංවර්ධනය - ට, හේතු වන්නේ නිශ්පාදන බලවේග වල අඛණ්ඩ වර්ධනයයි. නිශ්පාදන සබඳතා, නිශ්පාදන බලවේගවල වර්ධනයට බධා කරන විට, සමාජය, අළුත් නිශ්පාදන සබඳතා ඇති කර ගන්නවා. සමාජය වෙනස් වන්නේ ඒ විදියටයි. සමාජය මේ දක්වා වෙනස් වී තිබෙන්නේ ඒ විදියටයි. සමාජය වහල් ක්‍රමයේ සිට වැඩවසම් ක්‍රමයට ආවේ ඒ විදියට යි. වැඩවසම් ක්‍රමයේ සිට ධනපති ක්‍රම්යට ආවේ ඒ විදියට යි. ධනපති ක්‍රමයේ සිට තව අළුත් ක්‍රමයකට යන්නේත් ඒ විදියට ම තමයි. එනිසා සමාජ විකාශනය / සමාජ සංවර්ධනය සඳහා වැදගත් වන්නේ, නිශ්පාදන බලවේග වල අඛණ්ඩ වර්ධනයයි. ධනපති යුගයේ දී, ඒ සඳහා වැදගත් වන්නේ ප්‍රාග්ධනය නිමවීමයි. ඒ සඳහා පාරිභෝජනය අවශ්‍ය වෙනවා නම් අවශ්‍ය වෙනවා.
කොකාකෝලා බීමට ලංකාවේ දී එරෙහි වූ අය අතරින් ඉදිරියෙන් ම ඉන්න කෙනා තමයි, නලින් ද සිල්වා. නලින් ද සිල්වා / ගෙවිඳු කුමාරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ බලවත් ව සිටි සමයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ආපනශාලවේ කොකා කෝලා විකිණුවේ නෑ. නලින් ද සිල්වා නම් කිව්වේ එයා ළමයින් ට, කොකාකෝලා බොන්න එපා කිව්ව නිසා, විද්‍යා පීඨෙ කැන්ටිම කරපු කට්ටිය කොකා කෝලා ගෙනාවෙ නෑ කියලා.
නලින් ද සිල්වා ගේ කොකාකෝලා විරෝධය දැන් කර තියාගෙන යන්නෙ අජිත් පැරකුම් ජයසිංහ නම් ඒකෙ පුදුමයක් නෑ.
(4) පරිසර ගැටළු
~~~~~~~~~~~~~~~~~~
පරිසරය නිසා / සම්පත් හිඟය නිසා ධනපති ක්‍රමය කඩා වැටෙනවා කියන හරිත සමාජවාදී අදහස්, ධනපති ක්‍රමය සතුව ප්‍රාග්ධනය ජනනය ක්‍රීමට සහ ඒ හරහා තාක්ෂණය නිපදවීමට ඇති හැකියාව අමතක කරනවා. ලෝකයේ ඇති සම්පත් මොනවාද, පාරිසරික ගැටළු මොනවාද, එකී සීමා කම් ජයගන්නේ කෙසේද ආදිය ගැන ධනපති ක්‍රමය සවිඥ්ඥානික නැහැ කියලා හිතන එකේ තේරුමක් නැහැ. මේ රටේ green socialism ප්‍රචලිත කරපු චම්පික රණවක පවා මේ වන විට environmental politics ගැන දරන්නේ ඇල්මැරුණු ආකල්පයක්. ධනපති ක්‍රමයට ජයගන්න බැරි අභියෝගය වන්නේ නිශ්පාදන සබඳතා විසින් ඇති කරන අභියෝගයයි. මොකද එම අභියෝගය ජය ගැනීමට නම්, නිශ්පාදන සබඳතා වෙනස් කිරීමට සිදු වෙනවා. එතැනදී ධනපති ක්‍රමය වෙනස් වෙනවා. සමාජ විකාශනය ඉදිරියට යනවා. සමාජය සංවර්ධනය වෙනවා. ප්‍රගතියට පත් වෙනවා.
ධනපති ක්‍රමය කඩා වැටෙන්නේ, නිශ්පාදන සබඳතා ආශ්‍රිත ප්‍රශ්න නිසාද, නැතිනම්, පරිසර ප්‍රශ්න, සමලිංගික ප්‍රශ්න, කාන්තා හිමිකම් ප්‍රශ්න,ආදිය, නිසා ද කියන එකේ මුල තියෙන්නේ, අපි ඓතිහාසික භෞතිකවාදය පිළිගන්නවාද කියන කාරණාවයි; ධනපති ක්‍රමය කඩා වටෙන්නේ, වහල් ක්‍රමය කඩා වැටුනු, වැඩවසම් ක්‍රමය කඩා වැටුනු හේතු උඩ ම ද, නැතිනම්, වෙනත් හේතු උඩ ද කියන කරුණයි. මෙතැන දී මම කියන්නේ, මම ඔර්තඩොක්ස් මාර්ක්ස්වාදියෙකු වශයෙන්, මම ඓතිහාසික භෞතිකවාදය පිළිගන්නවා කියන එකයි.
තෙවන කොටස
Delete====================
(5) ගුණදාස අමරසෙකර
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අජිත් පැරකුම් ජයසිංහ කියන "උදාහරණයක් විදියට ඇමරිකන්කාරයෝ පරිභෝජනය කරන තරමට චීන්නුත් පරිභෝජනය කරන්නට ගියොත් මුළු ලෝකයේ ම නිෂ්පාදනය මදි වෙනවා." යන්න, ගුණදාස අමරසේකර එයාගේ ජාතික චින්තය සහ ජාතික ආර්ථිකය (හෝ ඒ ආසන්න නමක් සහිත) පොතේ ඉදිරිපත් කරන, "අප අත්ථකිලමතානුයෝගය සහ කාමසුඛල්ලිකානු යෝගය අතහැර මධ්‍යම ප්‍රතිපදාව මත පදනම් වන සමාජ සැකස්මකට යොමු විය යුතුය" කියන (හෝ ඒ ආසන්න ) අදහස ට බෙහෙවින් සමීපයි.
අජිත් පැරකුම් ජයසිංහ "ගුණදාස අමරසේකරගෙන් ඕව ඉගෙන ගන්න බැහැ. මගෙන් අහගන්න." කියන එකෙන් කියන්නෙ, "ඕගොල්ලො ගුණදාස අමරසේකර ගෙන් ඉගෙන ගන්න එපා; මම ගුණදාස අමරසේකරගෙන් ඉගෙන ගන්නම්; ඊට පස්සෙ ඕගොල්ලො මගෙන් ඉගෙනගන්න" කියන එක ම තමයි.
ගුණදාස අමරසේකර කියන දේවල්, එයාගෙන් කෙලින්ම ඉගෙනගත්තත්, අජිත් පැරකුම් ජයසිංහ හරහා ඉගෙනගත්තත්, ඉන්, සමාජය වෙනස් කිරීමට උනන්දුවෙන විප්ලවවාදියෙකුට ලැබිය හැකි ඵල ප්‍රයෝජනයක් නෑ.
ඇනෝතුමා ඔබේ කොමන්ට් ටික උනන්දුවෙන් කියෙව්වා. ස්තුතියි. මෙන්න මේ කොටස ගැන අහන්නේ.
Delete/ ප්‍රගතිශීලී කියන්නේ, ඓතිහාසික භෞතිකවාදයේ සඳහන් වන ප්‍රගතියේ දිශාවට කැමතියි කියන එක. ප්‍රතිගාමී කියන්නේ එම දිශාවට විරුද්ධ අතට කියන එක// දැන් මෙහෙම නම් ප්‍රගති ශීලි /ප්‍රතිගාමී වෙන්නේ යුඇන්පී හෝ වෙන ඕනෑම ධනපති පක්ෂයක්, පිටරටක නම් තවත් එවන් පක්ෂයක් ධනවාදයේ දියුණුවට වැඩ කරනවා නම් ඉන් සමාජය තිබෙන / තිබුණු මට්ටමට වඩා උසස් තත්වයකට යනවා නම් එය ද ප්‍රගතිශීලි නොවේද?
එහිදී මක්ස්වදියෙකු හෝ පශ්චාත් මාක්ස්වාදියෙකු එය ප්‍රගතිශීලි ලෙස හැඳින්වීම මර්ක්ස්වදයට එරෙහිව යාමක්ද?
උදාහරනයක් වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් මහා මාර්ග සෑදීම (ඊට කලින් රජයවල් හැදු ප්‍රොජෙක්ට් වුනත් ක්‍රියාත්මක කලේ රාජපක්ෂ යුගයේදී) ප්‍රගතිශීලි අඩක් නොවේද? මේ රජය එය දිගටම කරගෙන යාම ප්‍රගතිශීලි නොවන්නේද?
ධනවාදයේ ප්‍රගතිශීලී අඩංගුවක් තිබෙනවා. එය ප්‍රතික්ශේප කරන කිසිම (ඔර්තඩොක්ස්) මාර්ක්ස්වාදියෙකු සිටිතැයි මා කල්පනා කරන්නේ නෑ. නිශ්පාදන බලවේග වල සංවර්ධනය කියන්නේ ප්‍රගතිශීලී දෙයක්. ධනවාදයේ කඩා වැටීම ට ද හේතුවන්නේ එම වර්ධනය ම තමයි. (ධනවාදය තුල නිශ්පාදන බලවේග වල වර්ධනය ට එරෙහි වීම, මට නම් පෙනෙන්නේ ගුණදාස අමරසේකර පන්නයේ වැඩක් විදියටයි.)
Deleteනමුත් රජයේ හෝ පෞද්ගලික සමාගම් වල හෝ යම් යම් ව්‍යාපෘති ප්‍රගතිශීලී ද නැද්ද කියන එක වෙන වෙන ම, සංයුක්තව සලකා බැලිය යුතු වෙනවා. විශේෂයෙන් ම දූෂණය පදනම් කරගත් ව්‍යාපෘති වල, ප්‍රාග්ධනය ජනය වීම වෙනුවට, නිශ්පාදන බලවේග සංවර්ධනය වීම වෙනුවට, ගසා කෑම / කාබාසිනියා කර දැමීම කර දැමීම පදනම් කර ගත් ව්‍යාපෘති වල ප්‍රගතිශීලී කමක් නැති වෙන පුළුවන්. උදා:- අල්ලසක් අරං ඒ සල්ලි ගණිකාවකට දෙනවා. ප්‍රාග්ධනයක් ජනනය වුනේ නෑ. නිශ්පාදන බලවේග සංවර්ධනය වීමක් සිදු වුනේ නෑ. ඒ නිසා ප්‍රගතිශීලී නෑ.
හිතවත් ඕර්තඩොක්ස් මාර්ක්ස්වාදී ඇනෝ සහෝදරයාණනි,
Deleteඔව විසින් පැරාගේ නන්දෙඩවිලිවලට එරෙහි ව එල්ල කරන ලද මාර්ක්ස්වාදී ප්‍රහාරය මගේ මහත් ඇගැයීමට ලක් වේ. පැරා ඔබගේ ප්‍රතිචාරය නමැති අතුල් පහරින් තෝන්තුවා වී ඇත. පැරා පසුගිය කාලයේ මාර්ක්ස්වාදයට ගරහමින්, එහි පංති විග්‍රහයට විකෘති අර්ථකථන දෙමින් පාළු ගෙයි වළං බින්දේ ය. අප විසින් පැරාගේ බහුබූතවලට එරෙහි ව සපයන ලද ආලෝචනා පැරා තම ධනපති වාරණයට මුවා වී මකා දැමුවේ ය.
පැරාගේ වාරණයේ අයෝමය පාදපාවට එරෙහි ව අප විසින් තව නො බෝ දිනකින් ම වෙබ් අඩවිය එළි දැක්වෙනු ඇත. ඩබ්ලිව් තුන ලංකාහි වාරණයට ලක්වන ඔබගේ අදහස් මෙම වෙබ්,අඩවිය හරහා එළිදැක්විය හැකි ය. මාර්ක්ස්වාදයට එරෙහි ව පැරා විසින් ගෙන යනු ලබන නින්දිත ධනපති කොන්ත්‍රාතුවට එරෙහි ව අපගේ මාර්ක්වාදී ශාස්ත්‍රීය ශික්ෂාව වඩ වඩාත් ත්‍රිව්‍ර ව හා සඵල ව එළි දැක්වීම අපගේ ඵෙතිහාසික කාර්යභාරයකි.
සහෝ, ඔබ වැනි ඕර්තඩොක්ස් මාර්ක්ස්වාදී නයුවෙකු මුණගැසීම අප වැනි සම්භාව්‍ය මාර්ක්ස්වාදීනට මහත් ප්‍රහර්ෂයකි. දෙවන ජාත්‍යන්තරයේ විදග්ධ කතිකා මණ්ඩපයක් අරා කොට්ස්කි, ලක්සම්බර්ග්, ලූකාස් වැනි සුධීමතුන්, සුධීමතියන් නිර්මල මාක්ස්වාදි න්‍යායන් සංගායනා කරනා ඒ අසිරිමත් නිමේෂයක අසිරිය, ඔබ පැරාට එරෙහි ව ලියූ ප්‍රතිචාරයන්ගේ ව්‍යාකරණය විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබේ.
සබඳ, අපි පැරාගේ කුහක දුර්මත බිඳ දමමු; විදුරවියකින් මහනෙල් මලක් පෙතිලන සේ. පැරාගේ නරක කාලය දැන් එළැඹ ඇත.
මගේ හදපිරි උණුසුම් සුබ පැතුම් පිළිගන්න.
සම්භාව්‍ය මාර්ක්ස්වාදී ඇනෝ සහෝදරයා විසිනි.
//පැරාගේ වාරණයේ අයෝමය පාදපාවට එරෙහි ව අප විසින් තව නො බෝ දිනකින් ම වෙබ් අඩවිය එළි දැක්වෙනු ඇත. //
Deleteඅයියෝ සල්ලි! මේ දවස්වල රෝදය නැවත සොයා ගනිමින් සිටින අක්ෂයට ලියන්න බැරියැ.
සුමනසිරි ලියනගේ වගේ කට්ටියත් ඒකට හරි ආසයි.
ඔබේ කමෙන්ට් එකට ස්තූතියි. එහෙත් ඔබ කව්දැයි මම නොදනිමි. මට, ඔර්තඩොක්ස් මාක්ස්වාදීන්, බටහිර මාර්ක්ස්වාදීන්, සෝවියට් මාර්ක්ස්වාදීන්, පස්චාත් මාර්ක්ස්වාදීන්, නව මාර්ක්ස්වාදීන්, ව්‍යුහාත්මක මාර්ක්ස්වාදීන්, විශ්ලේෂණාත්මක මාර්ක්ස්වාදීන්, ආදී විවිධ වර්ග වලට අයත් මාර්ක්ස්වාදීන් හමු වී ඇතැත්, සම්භාව්‍ය මාර්ක්ස්වාදීන් කිසිවෙකුත් මට මෙරට දී නම් හමු වී නැහැ. එහෙත් මට එහි විශාල ගැටළුවක් ද නැහැ.
Deleteමට තාමත් ඇති ගැටළුව වන්නේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ඉහත කමෙන්ට් එක දැම්මේ ඇයි යනුවෙනි.
මම තේරුම් අරගෙන තියෙන විදියට අජිත් පැරකුම් ජයසිංහ විසින් ඔහු පවත්වාගෙන යන බ්ලොග් පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙන් ඔහුට ගෙවීමක් කෙරෙන නිසා මිස ඔහු ඒවායින් දේශපාලනයක් කිරීමට බලාපොරොත්තු වන නිසා නෙමෙයි. වර්තමාන ආණ්ඩුව බලයට ගෙනා බටහිර බලවතුන් සහ ඉංදියාව විසින් එම ආණ්ඩුව රැකගැනීම වෙනුවෙන් විවිධ මතවාද පතුරුවා හැරීම සඳහා විවිධ පුද්ගලයන් ට ගෙවීම් කරනවා. අජිත් පැරකුම් ජයසිංහ යනු ඉන් එක් අයෙක් පමණයි. අජිත් පැරකුම් ජයසිංහ උනන්දු වන්නේ දේශපාලන සංවාද වලට වඩා මේ බ්ලොග් එකට ලැබෙන හිට්ස් ප්‍රමාණය, කමෙන්ට්ස් ප්‍රමාණය, ගැනයි.
මේ විදියට තම ෆේස්බුක් ප්‍රොෆයිල් එක වර්තමාන ආණ්ඩුව රැකගැනීම වෙනුවෙන් යොදවලා තියන කෙනෙක් තමයි, නිර්මාල් රංජිත් දේවසිරි [https://www.facebook.com/nirmal.dewasiri.3]. නිර්මාල්, නවකවදයට එරෙහිව සටනක් අරඹා ඇත්තේ, දැන් අන්තරයෙහි බලය ජවිපෙ ට නැතිව පෙසප ට ඇති නිසයි. අන්තරය ජවිපෙ වුනා නම්, නිර්මාල් මේ වෙලාවෙ නවක වදය ගැන ඔය විදියට කතා කරන්න යන්නේ නෑ. මට ඒකෙ ගැටළුවක් නෑ.
මට ගැටළුව එන්නේ, කෙනෙක් තමන්ගේ හෘද සාක්ෂිඅයට එරෙහිව ලියන විටයි. එතකොට, මට, මේ නම් ලියන්නේ කුලියට කියන නිගමනයට එළඹෙන්න සිද්ධ වෙනවා.
නිර්මාල් ගේ මේ කමෙන්ට් බලන්න. [https://www.facebook.com/nirmal.dewasiri.3/posts/1200654676620691]
පක්ෂය වෙනුවට පුද්ගල ප්‍රතිරූප පිම්බීම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ කෙසේද? මාර්ක්ස්වාදී වෙන්නේ කෙසේද? නිර්මාල් කියනවා "අපි නව අවධියකට ඇවිත්" කියලා. පාලකයන් තමන් ගේ ප්‍රතිරූප පුම්බවා ගැනීම අද ඊයෙ දෙයක් ද? මේවා චන්ද්‍රිකා ගේ කාලේ වුනේ නැද්ද? රනිල් ගේ 2001-2003 කාලේ වුනේ නැද්ද? ඊට කලින් ප්‍රේමදාස ගේ කාලේ වුනේ නැද්ද? ඒ කාලවලත්, නිර්මාල්, පක්ෂවල කාර්‍ය භාරය අවසන් වෙලා කියලා කිව්වාද?
මේ නම් ලියන්නේ සල්ලි වලට. කෙසේ හෝ අනුර කුමාර ව රැක ගැනීමට. අනුර කුමාර ට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වී ඇති කැරැල්ලෙන් ඔහු ව බේරා ගැනීමට. ජවිපෙ තමන් ට අවශ්‍ය ලෙස හසුරුවා ගැනීම සඳහා අනුර කුමාර ව අවශ්‍ය බව ඉන්දියාව සහ බටහිර බලවතුන් දන්නවා. ඒ නිසයි මේ ඔක්කොම.
පක්ෂය වෙනුව ට නායකයා පිම්බීම, දැන් මතු වුනු දෙයක් නෙමෙයි.
Delete2015 අගෝස්තු මහ මැතිවරණෙදිත් ජවිපෙ කළේ අනුර කුමාර ගේ ප්‍රතිරූපය පුම්බපු එක තමයි. 89/89 මර්ධනයෙන් පසුව පක්ෂය ගොඩ නගපු නායකයා වූ සෝමවංශ අමරසිංහ ගේ රූපයවත්, ඔය විදියට මැතිවරණ වල දී ජනතාවට පේන්න සලස්වනවා, අපි කවදාවත් දැකලා තියෙනවා ද? මධ්‍යම පාංතික වටිනාකමක් වන ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තිබෙන සෝමවංශ අමරසිංහ ගේ වොයිස් කට් වත් ජනතාව ට ඇහෙන්න සලස්වලා තියෙනවා, අපි කවදාවත් දැකලා තියෙනවා ද? 2015 අගෝස්තු ඡන්ද දවස් වල, පෝස්ටර් වලත් අනුර කුමාර. පත්තරේ ඇඩ් වලත් අනුර කුමාර. ටී. වී. එක දැම්මත් අනුර කුමාර. පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් අනුර කුමාර.
ඇතැම් විට, ඔය විදියට, පක්ෂය වෙනුවට නායකයා ව පිම්බීම, මහ මැතිවරණයේ දී ම ඇරඹුනේ, අනුර කුමාර ට එරෙහිව අනිවාර්‍යයෙන් ම, පක්ෂය තුලින් විරෝධය මතු වෙනකොට, පක්ෂයට වඩා නායකයා වැදගත් කියන තර්කය ට කල්තබා පදනමක් ගොඩ නැගීම සඳහා ම විය හැකියි.
මේ වෙලාවෙ, අනුර කුමාර සහ ආණ්ඩුව අතර ඇයි හොඳැයිය හේතුවෙන්, ජවිපෙ තුලින් අනුර කුමාර ගැන මතුව ඇති විරෝධය ට, පිළියමක් ලෙසින්, පක්ෂය ට වඩා අනුර කුමාර වැදගත් කියන මතය පැතිරවෙන්නේ, එහිම දිගුවක් ලෙසින් පමණ යි.
සිල්ලර කාසි මමත් බලනවා. දැනට හොඳින් ගලාගෙන යන නාට්‍යය්ක්. මම හිතන්නේ මෙය කොටස් පනහකින් පමන අවසන් වෙයි. මෙගා මගුලක් නොවේ මගේ හිතේ. ජාතික රූපවහිනියේ ටෙලිනාට්‍යය කොටස් පනහ හෝ ඊට අඩු විය යුතුයි කියා උපදේශයක් තියෙනවා මගේ හිතේ. සරත් කරුණාරත්න, ජෙහාන් අප්පුහාමි ,උද්දික දක්ශ ශිල්පීන්.
ReplyDeleteගොලු තාත්තා සහ මද්දහන වඩාත් හොඳ නාට්‍ය දෙකක්.
ඔය කියන,නාට්ය අපිත් අසාවෙන් බලනවා.ඒත් ලංකාවෙ වැඩි දෙනෙක්,ඕව නොබලන බවත් අපි දන්නවා.
Delete'පියස' ත් මෑතකදී බලපු සෑම අතින්ම ( direction, camera, music, editing, acting ) ඉතා ප්‍රසස්ථ ටෙලි නිර්මාණයක්. එකේ direct කරලා තියෙන්නේ සුනිල් කොස්ත කවුද කියල හොයා ගන්න මම search කරාට, හරි තොරතුරක් හොයාගන්න බැරි උනා. සුනිල් කොස්තගේ වෙනත් නිර්මාණ තියෙනෙවද කියලත් හොයාගන්න ඕන කමක් තියනව.
Deleteකරුණාකරලා, ඒ ගැන දන්නා සහුර්දයෙක් ඒ විස්තර මේ පොස්ටුවෙන්ම දුන්නොත් පින්.
රෝමියෝ ජුලියට්' ඉන්පසුව 'රෝද හතරේ මනමාලයා', 'ඇස්‌අරින මල රෝස්, 'සිරි සිරිමල්', 'සිහින වසන්තය', 'ෂර්ලොක් හෝම්ස්', 'සුදුයි උසයි' සහ 'පින්සර දොස්‌තර' සුනිල් කොස්‌තා විසින් නිර්මාණය කළ ටෙලි නාට්‍ය අතර වේ.
Deleteමගේ මිතුරෙක් කිව්වා මොහු චිත්‍රපටයකට සුදානම් වෙන බව. සුනිල් කොස්තාගේ පින්සර දොස්තර හී එක් ප්‍රධාන චරිතයක් මගේ මිතුරෙක් රඟපෑවා. ඔහුව සුමති සම්මානයකටත් නිර්දේශවුනා එකල.
සුනිල් කොස්තා යනුවෙන් සිංහල ගූගල් සර්ච් එකක් කරන්න. ඕන තරම් තොරතුරු තියෙනවා.
Thanks අනුර, thank you very much.
Delete"පියස" මේ දිනවල රූපවාහිනි ප්‍රේක්‌ෂකයන්ගේ ප්‍රසාදය ඉතා ඉහළින් ලබන ටෙලි නාට්‍යයකි. ඒකාකාරී කතා රටාවෙන් ඔබ්බට ගොස් නැවුම් රසයක් ප්‍රේක්‌ෂකයාට ලබාදෙන 'පියස් අධ්‍යක්‌ෂවරයා සුනිල් කොස්‌තාය.
Delete'රෝමියෝ ජුලියට්' ඔහු අධ්‍යක්‌ෂණය කළ පළමු ටෙලි නිර්මාණය වේ. ඉන්පසුව 'රෝද හතරේ මනමාලයා', 'ඇස්‌අරින මල රෝස්, 'සිරි සිරිමල්', 'සිහින වසන්තය', 'ෂර්ලොක් හෝම්ස්', 'සුදුයි උසයි' සහ 'පින්සර දොස්‌තර' සුනිල් කොස්‌තා විසින් නිර්මාණය කළ ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය අතර වේ.
අසූව දශකයේදී වීදි නාට්‍ය ශිල්පියකු ලෙස ක්‍ෂේත්‍රයට ආ සුනිල් කොස්‌තා එකල 'ගැලීලියෝ' වැනි නාට්‍යවල රඟපෑවේය. වේෂ නිරූපන ශිල්පියෙකු ලෙසද දස්‌කම් දැක්‌වූ ඔහු 'යාගය' නමින් පාස්‌කු නාට්‍යයක්‌ද සිය ගම් ප්‍රදේශය වන කටාන කඳවලදී ප්‍රදර්ශනය කළේය. පසුගිය පාස්‌කුවේදීද කෝaට්‌ටේ පිහිටි දේවසථාන භූමියේ ප්‍රදර්ශනය කළ මහා පාස්‌කු නාට්‍යයේ නිර්මාණකරුවා සුනිල් කොස්‌තාය.
'පියස් නිමිත්ත කර ගනිමින් අපි සුනිල් කොස්‌තා සමග කතා කළෙමු.
'පියස් අන්තර්ගතය...
අද සමාජයේ මිනිසෙකු තනිව නැගී සිටිවිට ඔහු වටා කැරකෙන්නේ යහපත නොවේ... එක්‌තරා යුගයක කළ අයහපත් දේ. යහපත් මිනිසෙකුට යහපත් ලෙස වැඩකර අභියෝගවලට මුහුණ දෙමින් යහපත් ලෙස ඉදිරියට යන්න අවසAථාවක් නැද්ද යන්න තමයි 'පියස් මගින් ප්‍රශ්න කරන්නේ.
මෙහි කොටස් අසූවයි. අපි ආරම්භ කළේම ඒ පදනම මතයි. අපි මේ ටෙලිය කළේ සති අන්තයේ විකාශනය කරන්න. ඒත් ස්aවාධීන රූපවාහිනිය විශේෂ අනුග්‍රහයක් දක්‌වලා 'පියස් දිනපතා සතියේ දිනවල රාත්‍රි 9.30 ට විකාශනය කරන්න සූදානම් කළා.
නිර්මාණයට දායක වූවන්...?
කපිතාන් ප්‍රියන්ත ද සිල්වාගේ පිටපත ඔහු මට නිදහස දුන්නා මෙය සකසාගෙන ඉදිරියට යන්න. ඒක විශේෂ පිටිවහලක් වුණා. රංගනයෙන් මේනක රාජපක්‌ෂ, චාන්දනී සෙනෙවිරත්න, සරත් කොතලාවල, නිරෝෂන් විඡේසිංහ, පාලිත පෙරේරා, ශලනි තාරුකා, රිචඩ් මානමුදලි, කුමාර තිරිමාදුර, අනුරුද්ධිකා පාදුක්‌කගේ, ගිහාන් ප්‍රනාන්දු, අජන්ත අලහකෝන් වැනි පිරිසක් රංගනයෙන් දායක වුණා. රූගතකිරීම් අවසන්. කපිතාන් ප්‍රියන්ත ද සිල්වා සහ සුරේෂ වින්දරාජා නිෂ්පාදකවරු ලෙස දායක වුණා.
ටෙලි නාට්‍ය විකුණාගන්න බැහැ කියා මතයක් තිබෙනවා... ඔබ ඊට එකඟද?
අලෙවිය ගැන කිව යුතුයි. මතයක් තියෙනවා විකුණාගන්න බෑ කියලා. එත් මා කළ හැම ටෙලි නාට්‍යයක්‌ම අලෙවි කළා. 'පියසත්' සුපුරුදු ලෙස විශේෂ වරප්‍රසාද නැතිව සාමාන්‍ය පිළිවෙළට ගිහින් අලෙවි කළා. ස්‌වාධීන රූපවාහිනිය අපිට ආරාධනා කළා. මේ අත්දැකීම මගේ හැම ටෙලි නාට්‍යයකමට තිබුණා. ටෙලි නාට්‍ය හොඳනම් විකුණාගන්න බැරිකමක් නෑ. නමුත් ගුණාත්මකයි කියා නාලිකාවන් ටෙලි නාට්‍ය මනින මිණුම් දණ්‌ඩ කුමක්‌ද යන්න ගැටලුවක්. නාලිකාත් පවතින්න ඕනෑ. ඒ පැවැත්ම සඳහා නාට්‍ය මිලදී ගන්නවා වියහැකියි. ටෙලි නාට්‍යයක් නිපදවද්දී ගුණාත්මකව පවත්වාගෙන යැමට තිබෙන ආර්ථික අභියෝග ගැන කවුරුත් කතා කරන්නේ නෑ. අපේ ශිල්පීන්ට නිර්මාණ අහේනියකුත් නෑ.
ඔබේ මීළඟ නිර්මාණය
මේ වසරේදී මම චිත්‍රපටයක් කරනවා. මූලික සැලසුම් කරගෙන යනවා. ගෝනවිල ප්‍රදේශයේ සිටි හෙලේනාතුමිය පිළිබඳ වාර්තා වැඩසටහනකුත් කරනවා. තවත් ටෙලි නාට්‍යයකුත් ඉදිරියේදී කෙරෙනවා. මේ නිර්මාණ සඳහා නිෂ්පාදකවරු සමග සාකච්ඡා කෙරෙනවා.
- අලහකෝන්
'පියස', කාලෙකට පස්සේ බිහිවුන හොඳම ටෙලි නාට්‍යක් බවයි මගේ අදහස. මුළු නිර්මානයම සුන්දර නැවුම් බවකින් අලංකාරව තිබුන. සීනිබෝල නළුවෙක්ගේ පැණි පාටයි, නියොන් පාටයි හෝදලා ඇරලා, සැබෑ නළුවෙක් මතු කරගැනීමම සුනිල් කොස්තගෙ දක්ෂ අද්යක්ෂණයට වඩා ලොකු පින්කමක් කියලයි මට හිතෙන්නේ. මේකෙ කැමරාවත් කාලෙකින් දැක්ක විශිෂ්ටම කැමරාකරණයක්.
Deleteසීතල සඳ එළියක් වන්, සිත පිනවන ඉතාම මියුරු ඒ නැවුම් තේමා ගීතය හැමදාම මතකයෙ රැන්දී තියෙයි කියල හිතනවා.
You have done a great job, Sunil Costa. thank you.
-------------------------------------------------------------------------------
ReplyDeleteහැබැයි ඔවුන්ට අවශ්‍ය ක්ෂණික හා පහසු සල්ලි. උපාධිය ගත්ත ගමන් ඉලක්කම් පහේ පඩියක් ගන්න, ජපන් කාර් එකකින් ගමන් යන්න, කලාගාරයක් වගේ ලොකු ගෙයක් හදාගන්න, ලොකු ගේට්ටුවක් සහිත තාප්පයක් ගේ වටේ බැඳගන්න, පැහැපත් හමක් ඇති ගැහැනියක බඳින්න, ළමයින්ව ගැහැනු පිරිමි වශයෙන් වෙන් කළ කොලීජිවලට දාගන්න, බූල් බල්ලෙක් හදන්න, නිතර ට්‍රිප් යන්න, ලොකු හෝටල්වලින් කන්න, රට යන්න, ඒ දේවල් කරන ගමන් සෙල්ෆි අරගෙන ෆේස්බුක් එකට අප්ලෝඩ් කර අනෙක් අයගේ ඉරිසියාව දිනා ගන්න තමයි ඔවුන්ට උවමනා. ඉරිසියාව ලබා ගන්නට බැරි වුණොත් ඒක ජීවිතේ හිස් තැනක් වගේ.
--------------------------------------------------------------------------------
ඉහත සදහන් දේ නොකරන අය ඉන්නවාද යන්න තේරීම බොහෝ අපහසු දෙයක්. බොහෝදෙනෙක් මේ වලේ වැටිලා ඉන්නේ. දෙයක් කරන්නේ මට උවමනා නිසා නෙමෙය්. අනිකාගේ බාල පුර්වාදර්ශය තමයි ඒයට මුල් වෙන්නේ බොහෝ විට.
මාතෘකාව දැක්කහම මං හිතුවා මලගෙවල්වල කරන වියදම හා ෂෝ එක ගැන කියල
ReplyDeleteහි හි හි.. මාත් රැවටුනානේ බොලේ..... දැන් තමයි බැලුවේ.. හි හි
Deleteඅදික පරිබෝජනය අඩු කිරීමට තමා 15% බද්ද ගැහුවේ.....
ReplyDeleteසමාජවාදය හොදින් දන්නා පැරකුම් වැනි අයෙකුගෙන් දැනගතයුතු කරුණක් මට තිබෙනවා.
ReplyDeleteමා දන්නා ආකාරයට, සෝවියට් රුසියාවේ සමාජවාදී පාලනයේදී සමාන කරන්න උත්සාහ කලේ සමාජයේ උපරිම සීමාව නේද ? නමුත්, අපි සියලු දෙනාම මනුෂ්‍යයෝ බැවින් ලැබිය යුතු අවම සීමාව, ලැබිය යුතු මුලික පහසුකම් සමාන කිරීම නේද සමාජයකයට වඩාත් අත්‍යවශ්‍ය ?
සෝවියට් රුසියාව වැනි දැඩි විෂමතා තිබුණු නො දියුණු මට්ටමක තිබුණු සමාජයක සමානත්වය ඇති කරන්නට උත්සාහ කරන්නට හෝ හැකියාව තිබුණේ ඇති අයගේ දේවල් මංකොල්ලකෑමෙන් වෙන්නට ඇති. එවැනි අත්හදා බැලීම් නැවත නො කළ යුතුයි. මම නම් හිතන්නේ ලංකාව අද වන විට එදා රුසියාවේ තිබුණු සමාජ මට්ටමට වඩා සෑහෙන්න ඉදිරියට ගිහින්.
Deleteකොහොම වුණත්, සමාජවාදය අත්හදා බලන්නට හෝ පුළුවන් දියුණු සමාජයන්හි විතරයි. සමාජය විනාශ කරලා සමාජවාදය හදන්න බැහැ.
බොහොම ස්තුතියි ඔබේ ඉක්මන් පැහැදිලි පිළිතුරු දැක්වීමට.
Deleteමා නම් සිතන්නේ ඔබල දෙදෙනාම මෙහිදී කිසියම් විධිහකට සත්‍යය වෙනස් කරනවා කියල. කෙන්කියුෂා සෝවියට් දේශයේ සියලු දෙනාටම ලැබිය යුතු අවම පහසුකම් එනම් ඉන්න තැනක් , රැකියාවක්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවා සහ බේසික් කෑම දුන්න. නමුත් මිනිසුන්ට ඕන වුනේ උපරිම සීමාව.
Delete//සෝවියට් රුසියාව වැනි දැඩි විෂමතා තිබුණු නො දියුණු මට්ටමක තිබුණු සමාජයක සමානත්වය ඇති කරන්නට උත්සාහ කරන්නට හෝ හැකියාව තිබුණේ ඇති අයගේ දේවල් මංකොල්ලකෑමෙන් වෙන්නට ඇති.//
අජ්ජා මුලික රුසියන් සමාජය ඔබ කියන විධිහට නොදියුණු එකක් තමයි. ඇති අයගේ දේවල් කොල්ල කෑමත් කල බව සත්‍යයක්. නමුත් ධනවාදී ක්‍රමයට දියුණු කරන්නට ලෙනින් පසුව නව ක්‍රමයක් ගෙන ආ නමුත් ස්ටාලින් එය නැවත රාජ්‍ය ධනවාදය කරා ගෙන ගියා. රාජ්‍ය ධනවාදය තියන සෑම රටක්ම පෙනුනත් එය මිත්‍යාවක්. එවැනි අත්හදා බැලීම් නොකළ යුතුය යන්නට එකඟයි.
මේ පුද්ගලයා හිතන්නේ රුසියාවේ අවුරුදු කීපයක් ඉගෙන ගත්තහම පොර ඒ රට ගැන එක්ස්පර්ට් කියලා.හැබැයි අනෙක් අතට පොර තමන් ලන්කාව ගැනත් එක්ස්පර්ට් වගේ කතා කරනවා.එන්ගලන්තේ ගැනත් මිනිහා නොදන්න දෙයක් නැහැ
Deleteඅජිත් ධර්මා ට, බී. ඇම්. ඩබ්ලිව්. කාර් එකක් සහ හොන්ඩා කාර් එකක් තියෙනවා. ලංඩන් වල ගෙයක් තියෙනවා. අවුරුද්දකට කීයක් ද පාරක් නිවාඩු යනවා. (මට දැන් ගාන මතක නෑ.)
Deleteඋඹ අජිත් ධර්මා සමග වාද කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, ඉස්සෙල්ලා, උඹේ වත්කම් ප්‍රකාශනය ඉදිරිපත් කරලා හිටපන්.
ඒ විතරක් යැ? අජිත් ධර්ම සෑම රාත්‍රියකම තමුන්ගේ දුරේක්ෂයට ඇහැ තියලා අහසේ තරු නිරීක්ෂණය කරනවා. රාත්‍රී වායුගෝලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 3 නම්, පැහැදිලිව තරු පේනවා. ළඟදීම එයා වල්ගා තරුවක් හොයා ගෙන ඒක Comet Dharma කියලා නම් කරනවා. ඊට පස්සේ exoplanet එකක් හොයාගෙන ඒකටත් තමුන්ගේ නම දානවා.
Deleteමචන් හොන්ඩා එක වික්ක. දැන් තියෙන්නේ VW ගොල්ෆ් එකක් ඊළඟ කොමෙන්ට් එකේ අප්ඩේට් කරලා දාපන් ප්ලීස්. නැතනම් අසාධාරණයිනේ.
Deleteඒ විතරක් නොවෙයි.එන්ගලන්තයේ විපක්ශ නායකයා අවුරුදු ගනනාවක ඉදලා දර්මාගේ යාලුවෙක්.පහුගියදා ලන්ඩන් වල නගරාදිපති දිනෙව්වේ දර්මා.දර්මා නැත්නම් මිනිහා පරදිනවා.වරක් දර්මාගේ පලාතේ මන්ත්‍රීවරිය දර්මාට විරුද්දව කතා කලනිසා දර්මා එයාව පරද්දල දැම්මා.
Deleteමචෝ මගේ ඒ කොමෙන්ටුව ආපහු ගිහින් පරිශීලනය කෙරුවනම්. මම රයන්ව පැරද්දුව කියලද කියල තියෙන්න අපි රයන්ව පැරද්දුව කියලද/ අපි කියල කියන්නේ කිසියම් කණ්ඩායමක්. අනික මම කෝබින්ව දන්නවා කියන්නේ ලඟට ගිහින් කතා කරලා ප්‍රශ්න අහල තියෙනේ නිසා . බොහොම නිහතමානී මනුස්සයෙක් අපේ ආසනයට එහා ආසනය නියෝජනය කරන්නේ. මේ රටේ මන්ත්‍රී කාර්යාලයට ගිහින් කතාකරන්න පුළුවන් ඕන මන්ත්‍රී කෙනෙකුට. අපි එකතු වෙලා වැඩ කරන්නේ. ලංකාවේ උඹලට වගේ තනියෙන් වැඩ දාන්න බැහැනේ මේ රටවල.
Delete//මා නම් සිතන්නේ ඔබල දෙදෙනාම මෙහිදී කිසියම් විධිහකට සත්‍යය වෙනස් කරනවා කියල.//
Deleteමිත්‍රයා මම සත්‍ය වෙනස් කරන්නේ නෑ. වෙනස් කරන්න මම සත්‍ය දන්නෙත් නෑ. මගේ opinion එක කියල ප්‍රශ්නයක් අහනවා විතරයි.
අජිත් මිත්‍රයා, සමාජවාදයේ පදනම් ගැන සරලව විස්තර කරලා ඉඩතියෙන වෙලාවක ලියන්න පුළුවන් නම් බොහොම වටිනවා මම වගේ දේශපාලන අවිචාරවත් සමයක ඉපදුන අයගේ දැනුවත් වීමට.
//උපාධිය ගත්ත ගමන් ඉලක්කම් පහේ පඩියක් ගන්න, ජපන් කාර් එකකින් ගමන් යන්න, කලාගාරයක් වගේ ලොකු ගෙයක් හදාගන්න, ලොකු ගේට්ටුවක් සහිත තාප්පයක් ගේ වටේ බැඳගන්න, පැහැපත් හමක් ඇති ගැහැනියක බඳින්න, ළමයින්ව ගැහැනු පිරිමි වශයෙන් වෙන් කළ කොලීජිවලට දාගන්න, බූල් බල්ලෙක් හදන්න, නිතර ට්‍රිප් යන්න, ලොකු හෝටල්වලින් කන්න, රට යන්න, ඒ දේවල් කරන ගමන් සෙල්ෆි අරගෙන ෆේස්බුක් එකට අප්ලෝඩ් කර අනෙක් අයගේ ඉරිසියාව දිනා ගන්න තමයි ඔවුන්ට උවමනා. ඉරිසියාව ලබා ගන්නට බැරි වුණොත් ඒක ජීවිතේ හිස් තැනක් වගේ. //
ReplyDeleteපැරාට මධ්‍යමපාන්තිකයින් තමන් උපන් පන්තියට වඩා ඉස්සරහට එනවට පැරාට ලොකු අමාරුවක් තියෙනවා වගේ... මගේ ප්‍රශ්නය කෙනෙක් ඔය කියන දේවල් කරන එකේ ඇති වරද මොකක්ද කියලා? ලංකාවෙ නෙමේ ඇමරිකාවෙ, සින්ගප්පූරුවෙ, ජපානයෙ මිනිස්සුත් ඔය හීනය දකිනවා, වගේම සැබෑ කරගන්නවා... ඇමරිකාවෙ American Dream එකත් සින්ගප්පූරුවේ Lee Quan Yuu ගේ 5-C concept (Every Singaporean must have access to a Car, Cash, Credit Card, Condominium and Club ) එකත් මිනිස්සු මේ හීනය සැබෑ කරගැනීමට හදාගත් දේවල්... මේ හීනය පසුපස යෑම බුද්ධිමත්ව කරනවානම් පැරා හිතාගෙන ඉන්න විදිහට මාරාන්තික නෑ....
උදාහරනයකට කොලඹින් හැතැප්ම 200 විතර ඈත උතුරුමැද පලාතෙ කුඩා ගමක ඉතා දුප්පත් ගොවි පව්ලක ඉපදුනු මගේ පියා කොලඹ රැකියාවකට ඇවිත් ඔය කියන දේවලින් (කොලඹට කිට්ටුවෙ ඉඩමක්, ඉතා සුඛෝපභෝගී නැතත් ටිකක් ලොකු ගෙයක්, ජපන් කාර් එකක් ) මහන්සියෙන් ලබාගත්තා... ඒවාට බැංකු ණය, ලීසින් ආදිය ගන්නත් සමහර කාලවල දවසට පැය 12-14 වැඩකරන්නත් ඔහුට සිදුවුනා.. අය මගේ පියා ඒ වෙච්ච මහන්සිය මතක්කරමින් සතුටු හා ආඩම්බර වෙනවා විනා ඒ දුක් ගැන ඇරියස් එකකින් තැවෙන්නෙ නෑ..
ඔහුට ඔහුගේ දරුවන්ව කොලඹ ඔය පැරා වෛරකරන කොලීජි වලට දාගන්නත් පුලුවන් උනා, දැනට රටවල් ගනනාවක ගිහිනුත් තියෙනවා .. තාත්තා ඒ ගත්ත (පැරාට අනුව ඉතා අහිතකර ) මහන්සියේ ප්‍රතීඵල ඔහු බුක්ථි විදපු හැටිත් ඒනිසා අපි තාත්තාගේ ගමේ (ඔය පැරා වෛරකරන මධ්‍යමපාන්තික හීනය නොදැක්ක අයගේ ) ලමයින්ට වඩා ඉහල ජීවන රටාවක් අනුගමනය කරන හැටිය් අපි දකිනවා..
මට තියෙන ප්‍රශ්නය මේ ලිපියේ (හා තවත් ලිපිවල ඔබ ලියා ඇති පරිදි ) මිනිස්සු මහන්සිවී මධ්‍යම පාන්තික හීනය සැබෑ කරගන්න උත්සහකිරීම ( හා තරමක් දුරට හෝ එය සැබෑ කරගැනීම ) පැරාට එච්චර ඇලජික් ඇයි යන්නයි? මට හිතෙන විදිහට ඔබ ඔබේ මිම්මෙන් සියල්ලෝම මනින්න යනවා වගේ..
මගේ පියා කිසිදිනක රජයේ සේවකයෙකු වී නෑ.. ඔහුට උපාධිත් නෑ.. ඔහු පෞද්ගලික ආයතනයක කුඩාම තනතුරෙන් පටන්ගෙන සාමාන්‍යාධිකාරී දක්වා ඉහලට ගිය කෙනෙක්. ඒනිසා මධ්‍යමපාන්තිකයා = දූශිත රාජ්‍ය සේවකයා කියන පැරා හිතාගෙන ඉන්න එක හැමතැනම හරි නෑ
Delete// AnonymousMay 11, 2016 at 1:53 PM //
Delete// AnonymousMay 11, 2016 at 1:57 PM //
ඇනෝ තුමන් ලා දෙදෙනා වෙතයි!
ඔහෙලා බන අහන්න ආවේ පරා මහ රහතුන් වහන්සේ ගෙන් නේද...
කියන බනක් අහලා දර්ම පඳුරු පූජා කලා නම් හොඳයි දර්මකතික ඉස්තවිර අමාරුවේ වැටෙන ප්‍රස්න අහන්නෙ නැතිව!
මධ්‍යම පංතික හීන හැබෑ කර ගැනීමට උත්සාහ කිරීම ගැටලුවක් නෙමෙයි. ඒත්, රජයෙන් යැපෙන රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන් වැනි මධ්‍යම පංතිකයන් තමන්ගේ හීන හැබෑ කර ගන්නට බලාපොරොත්තු වන්නේ මේ රටේ වැඩ කරන, බදු ගෙවන පීඩිත ජනතාවගේ මුදල් විවිධාකාරයෙන් සූරා කාලායි. වැඩ කරලා මුදල් උපයලා මොන පංතියට ඉහළ ගියත් එහි වරදක් නැහැ. එහෙත්, රජයේ නිලධාරීන් දේශපාලකයන් වැනි අය ඉහළ යන්න හදන්නේ අනුන්ගේ ශ්‍රමයෙන්. ගැටලුව එතනයි.
Deleteමං මේකට උදාහරණයක් කියන්නම්. මේ අය අවුරුදු පහකට සැරයක් තීරු බදු නැතිව වාහනයක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ලක්ෂ 10කට විතර ඒක විකුණලා පොදු ප්‍රවාහන සේවාවලින් හෝ කාර්යාල වාහනෙන් හෝ පරණ එකෙන් හෝ වැඩට එනවා. දියුණුව සොයන්නේ මෙන්න මේ වගේ මාර්ගවලින්.
සාමාන්‍යාධිකාරි තාත්තාගේ පුතාට කියන්න තියෙන්නේ 'උඹ කලබල නොවී හිටහං බොලෑ තාත්තට නෙමෙයි මේ කියන්නේ' කියලායි.
සාරස, දර්ම පඳුරු කියන්නේ තණකොළ වගේ ජාතියක් ද? පඬුරු කියලා ජාතියක් නම් තියෙනවා. ඒ සල්ලි. මට ඉතින් ඒවයින් අඩුවක් නැහැනේ. සිරිකොතෙන්, එන්ජීඕවලින්, කොටින්ගෙන් හම්බ වෙනවනේ. දර්ම පඳුරු ඔයාම කන්න.
Delete// පඬුරු කියලා ජාතියක් නම් තියෙනවා. ඒ සල්ලි. මට ඉතින් ඒවයින් අඩුවක් නැහැනේ. සිරිකොතෙන්, එන්ජීඕවලින්, කොටින්ගෙන් හම්බ වෙනවනේ.//
Deleteපිස්සුද පැරා...
ඔයා කියන සිරිකොත, එන්ජීඕ, කොටි කස්ටිය, පාකි සවරනමුත්තු වැනි රාජකීයයන් හෝ ජෙහාන් පෙරේරා වැනි තෝමසුවන් හට මුදල් විසි කල ද කරපින්චා නැටි වලට මුදල් නාස්ති කරයි කියා හිතන්න අමාරුයි!
මාර වැඩේ. පැරඩොක්ස් එකක් හැදීගෙනයි යන්නෙ. කාලයක් බැන්නා බ්ලොග් ලියන්නෙ සල්ලිවලට ය කියලා. ඔව් සල්ලිවලට තමයි කිව්වා ම දැන් කියනවා කවුද බොලාට සල්ලි දෙන්නෙ කියලා.
Delete// මාර වැඩේ. පැරඩොක්ස් එකක් හැදීගෙනයි යන්නෙ. කාලයක් බැන්නා බ්ලොග් ලියන්නෙ සල්ලිවලට ය කියලා. ඔව් සල්ලිවලට තමයි කිව්වා ම දැන් කියනවා කවුද බොලාට සල්ලි දෙන්නෙ කියලා. //
Deleteතල සල්ලි දීල ගන්න කස්ටිය මී බෙටි වලට වියදම් කරන්නෙ නැහැ නේ පැරා......
පොඩි මී බෙටි කෙසේ වෙතත් රාජපක්ෂ වැසිකිලි ගැට්ටේ එල්ලී ඉන්න තඩි සාරස පාචන බෙටි තැම්බට වතුර ටිකක් ගහල වැසිකිලි වලටම යවල ගදෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.
Delete//ඉරිසියාව දිනාගන්න තමයි ඔවුන්ට උවමනා..// ස්පොට් ඔන් පැරා!!!
ReplyDelete"ඉරිසියාව දිනාගන්න..." මේක නම් මාරම යෙදුමක්. මාර ඔබ්සවේශන් එකක් සහ ඒක හරියටම වචන කිරීමක්!
- Dimithri
ඊරිසියාව දිනා ගැනීම යනු Arnold Schwarzenegger ගේ ප්‍රකට ප්‍රකාශයක සිංහල පරිවර්තනයයි.
Delete“You have to remember something: Everybody pities the weak; jealousy you have to earn.”
http://www.goodreads.com/quotes/10630-you-have-to-remember-something-everybody-pities-the-weak-jealousy
චිකේ සිංහල ටෙලි බලන්නේ කවුද? අපි බලන්නේ ටොරෙන්ට් වලින් ගත්ත හොඳ රේටින් තියන මූවීස් විතරයි.
ReplyDeleteපැරාගේ ටෙක්ස්ට් එක කියෙව්වාම ඉස්සර වැඩ කළ අයිඑන්ජීඕ කන්තොරුවේ ඔෆීස් ජනතාව මතක්වුනා, පැරාටත් එහෙම වුනාද කියල අහන්න හොඳ නෑනේ
පව් නට් මෑන්. රේටිංස් තියෙන මූවීස් බැලුවත් ඔයාගෙ රේටිංස් අන්තිමයි.
Deleteෙමානා කරන්නද, උපන් නුහුගුනේ (වචනේ පැරාගෙන්මයි අහුල ගත්තේ) වෙනස් කරගන්න බෑ, ප්‍රොෆයිලේවත් වෙනස් කරලා බලන්න වෙනවා.
Delete//ඒ දේවල් කරන ගමන් සෙල්ෆි අරගෙන ෆේස්බුක් එකට අප්ලෝඩ් කර අනෙක් අයගේ ඉරිසියාව දිනා ගන්න තමයි ඔවුන්ට උවමනා. //
ReplyDeleteThats the most important part of course :)
මමත් ඔය සටනෙන් පැරදිලා ඉන්න පොරක්. හැබැයි ඔය යුද්දෙ කරන්න මාර කැපකිරීමක් කරන්න ඔන. විභාග පාස් වෙලා අනන් මනන්. මට ඒ කැපකිරීම තිබ්බේ නෑ. මගෙත් එක්ක එකට හිටපු උන් දැන් පිටරටවල බී එම් ඩබ්ලිව් වලින් යන්නේ. ඒ කැපකිරීම කරලා අන්තිමට උන් දිනුවා.
ReplyDeleteමගේ දැන් ටාගට් එක කීයක් හරි ගතමන්ට් එකක් ගොඩ දාගෙන් ඉතිරි කාලේ කාලා බීලා, මිනිහ මැරිච්ච ගෑනියක් එක්ක කොටුවක් එහෙම බැහැගෙන් ෆන් එකේ ඉඳලා හාට් ඇටෑක් වගේ එකකින් මැරිලා මේකෙන් චුත වෙලා යන්න.
@ Anonymous May 11, 2016 at 9:21 PM
Deleteගතමන්ට් එකක් ගොඩ දාගන්න සිංහල බෞද්ධ විරෝධී බ්ලොග් එකක් ලියන්න. එතකොට INGO වලින් හොඳට ඩොලර් කුට්ටි ලැබෙනවා. කොටුවක් බහින්න ෆේස්බුක් එකට ගොඩ වෙන්න. හාට් ඇටැක් එකක් හදා ගන්න අරක්කු, සිගරට් බොන්න.
පට්ට ණය කතාවක්..............
ReplyDeleteMamath asawen balana tele dekak thamayi Sillara kasi saha Golu thaththa.Namuth MADDAHANA gana mama danagena hitiye naha.
ReplyDeleteගොළු තාත්තා දුශ්කර පලාත්වල අධ්‍යාපනය සම්බන්ධව කරපු පර්යේෂනයකින් පසු නිර්මාණය කරපු බව තරුන අධ්‍යක්ෂකවරයා කියනවා. ඇත්තටම බොහෝ කාලයකට පසු නරඹන්නට ලැබුනු අති සාර්ථක ටෙලි නාට්‍යයක් තමයි ගොළු තාත්තා. එය සාකච්ඡාකල යුතු නිර්මාණයක්.
Deleteමද්දහන බලන්න. ශාන්ති දිසානායකගේ නවකතාවක් ඇසුරෙන් හදපු එකක්. සෝමේගේ චරිතයට පනපොවමින් එය අධ්‍යක්ෂනය කරන කුමාර රත්නායක පීචං ටෙලි පකීර්ලාට හොඳ අභියෝගයක්.
අපෝ ගොලු තාත්තා කියන්නෙ මෙලෝ රහක් නැති මල ජරාවක්. ඒකෙ ඉන්න නලු නිලියො නම් එක්ස්පීරියන්ස් තියෙන ටැලෙන්ටඩ් සෙට් එකක් වුණත් කිසිම කතා රසයක් නැති නිකම්ම නිකම් හිස් සීන් ටිකක් විතරයි.
Deleteමම මේක බැලුවේ ඊයේ, ඒකත් ඊයේ කරන්න වෙන වැඩක් තිබ්බෙම නැති හින්ද. සාමාන්‍යයෙන් මම හිමාලි සයුරංගි ඉන්න "මෙගා නොවන" කතා බලනවා. තාම මට තීරණේ කරන්න ඉක්මන් වැඩියි කියල හිතුන. අධ්‍යක්ෂණයේ අඩුපාඩුවක්ද මන්ද, මට දෙබස් වල හෝ කැමරා කෝණ වල විශේෂත්වයක් පෙනෙන්නේ නැහැ. පිටපත නම් හොඳයි වගේ.
ReplyDeleteහිමාලි සයුරංගි රංගනය පැමිනි අළුත පුවත්පත් සාකච්චාවකදී පැවසුවා, ඇගේ පෙනුම නිසා ගැමි චරිත වලට කොටුවේවියැයි ඇයට බියකු තිබුනු බව. මට එය කියවූවිට මතක්වුනේ ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මියයි. එතුමිය ඇගේ මුල්ම ටෙලිනාට්‍යයේ ලුසියාහාමි චරිතය පමනටත් වඩා ඉතාම සාර්ථක ලෙස රඟපෑවා. ට්‍රිලීෂියා ගුණවර්ධන යටගොස් ලුසියාහාමි මතුවුනා. ඒ නිසා ඇයත් ගැමි චරිත වලට කොටුවුනා. නමුත් එය ඇයට ගැටළුවක් වුනේ නෑ. මන්ද ඇය ඇත්තටම ගැමි කාන්තාවක් නොවෙයි.
ReplyDeleteමම කැමතියි දෙමළ හෝ මුස්ලිම් පවුලක් කේන්ද්‍රකරගෙන මෙවන් සිංහල ටෙලිනාට්‍යයක් හදනවා නම්. (ඇමරිකාවේ කොස්බි ෂෝ වගේ).
ReplyDeleteනමුත් අපේ රටේ ටෙලිනාට්‍යවල දෙමල/ මුස්ලිම් චරිත ඇතුලත් කිරීමේදී ඔවුන් හැමවිටම හොඳ අය ලෙස නිරූපනය වීමේ ගැටළුවක් තිබෙනවා. මෙම නිසා ලංකාවේ සිටින දෙමළ නළු නිළියන් කිහිප දෙනාටත් තම දක්ෂතා නිසිලෙස එලි දැක්වීම අපහසු වී තිබෙනවා.
එක අතකට එසේ වීමට සාධාරණ හේතුත් ඇති. (වනවදුලේ වසන්තයට සිදුවූ දේ සිහිකරන්න), කෙසේ වෙතත් එය සුළුජාතීන්ට වෙනස් ලෙස සැලකීමක්.
අනිත් අතට ඇමරිකානු චිත්‍රටියක වුනත් කළු පිරිමියෙක් සුදු ගැහැණියක් දූෂණය කරන දර්ශන නෑ නේද?
Funny. The best example ever. සුදු ගෑනු දුෂණය කරපු කලු පිරිමියෙක් බිල් කොස්බි. 35 + and still counting. Search for "bill cosby women magazine cover"
Deleteපැරා,මේක වෙනත් කතාවක්,පිටුවේ ඇති ඔබගේ ඡායාරූපය වෙනස් කරන්න පුලුවන්ද? ඒකේ පැරාව දකින කොට මට සිහිවන්නේ මහගමසේකර,කරුණාරත්න අබේසේකර,ගාමිණි ෆොන්සේකා,තිස්ස අබේසේකර යන සොඳුරු මිනිසුන් හා ඔවුන්ගේ නික්ම යෑම ඉක්මන් කළ කරුණයි.
ReplyDeleteඉවත් කළා. ස්තුතියි.
Deleteපැරාගේ ම වෙනත් ඡායාරූපයක් යොදන්න.ස්තූතියි.
ReplyDeleteඊයේ මේ කතාවේ මුල් කොටස නැරඹුවා. පැරා මේකට කැමති එහි එන බිරිඳ සහ දූවරු දෙදෙනා තම බිරිඳ සහ දූවරු සිහිපත් කරන නිසා යැයි මට හිතුණා.
ReplyDeleteදෙවෙනි කොටසේ වකුගඩු කතාව නිසා දිගටම නැරඹීම එපාවුනා.
මේක ලියන්න හිතුනේ අර මර්ක්ස්වාදීන් දෙපොල දැකල (ඔර්තඩොක්ස් /සම්භාව්‍ය මාර්ක්ස්වාදීන්) ...ඔයාල ඔය ඉන්න පදුරු අතරින් එලියට බැහැල පෙන්වනන පුලුවනිද ඔයගොල්ලෝ ඉන්නේ එංගලන්තේ කැලේකද ? එහෙම නැතිනම් යුරෝපේ කැලේකද කියල..... ලංකාව ගැන කහින්නේ නැතුව ගිය අතකට වෙලා ... ධනපතියනට වැඩ කර කර..හවසට බියර් එකක් බිවාම මර්කස්වාදේ කියවන්නේ නැතුව... නිදා ගනිල්ලා.
ReplyDelete