අපි රනිල්ට - ඒ වුණාට - රනිල් අපට - ඉන්නවා ද?

සමහරු කියනවානේ අපි රනිල්ට කඩේ යනවා ය කියලා. එක අතකට එහෙම කියන එකේ වැරැද්දකුත් නැහැ.

රනිල් දීර්ඝ කාලයක් තිස්සේ රටේ පාලනයට ගැඹුරින් මැදිහත් වෙන්නට අවස්ථාවක් ඉල්ලමින් හිටියා. අපි දුන්නා. ඒක එච්චරයි.

රනිල්ට හොඳ අදහස් තියෙනවා. විශේෂයෙන් ම මේ දිනවල රනිල් අධ්‍යාපනය ගැන ඉදිරිපත් කරන අදහස් ඉතා ප්‍රගතිශීලීයි. ඒවා ධනවාදී අදහස් නෙමෙයි. සමාජවාදී අදහස්. අධ්‍යාපනය ගැන ධනවාදී අදහස අධ්‍යාපනයත් වෙළඳපොළකරණය කරන එක නේ. එහෙත්, රනිල් ප්‍රමුඛතාව දී තිබෙන්නේ වෙළඳපොළකරණයට නෙමෙයි. සැමට අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරන්නටයි.

මම හිතන්නේ 2004දී තමන් අගමැති ධුරය දැරූ ආණ්ඩුව කඩා වැටීමෙන් පසු රනිල් පුනරුත්ථාපනය වෙලා. ලංකාවේ ශක්තිමත් ධනපති පංතියක්වත්, කම්කරු පංතියක්වත් නැහැ. ලංකාව මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක් ක්‍රියාත්මක වෙන සුබසාධන රාජ්‍යයක්. ඒක තමයි ලංකාවේ ක්‍රමයේ අනන්‍යතාව. රනිල් කලින් යෝජනා කරපු යළි පුබුදමු ශ්‍රී ලංකා නව ලිබරල්වාදී වැඩසටහන ලංකාවට නො ගැලපෙන්න ප්‍රධාන හේතුව එ්කයි. මූලික වශයෙන් ඒක ඔසවා තබන්නට උවමනාවක් තිබෙන ධනපති පංතියක් ලංකාවේ නැහැ. මේක මේ මැදපෙරදිග ශ්‍රමිකාවන්, වතු කම්කාරියන්, ඇඟලුම් කම්කාරියන්  සූරා කාලා ජීවත් වන මධ්‍යම පංතියක ආධිපත්‍යය ඇති රටක් නේ. 

ශ්‍රමිකාවන්, වතු කම්කාරියන්, ඇඟලුම් කම්කාරියන්  කිව්වාම අවුල් නේ. මොකද මේවාට තියෙන්නේ පුරුෂ ලිංගික නාමපදනේ. හැබැයි බහුතරය ස්ත්‍රීන්. ඒ නිසා මෙහෙම කියන එක තමයි සාධාරණ.

රනිල්ට ආපහු එමුකෝ. හැබැයි ඉතින් කතන්දරවලින් වැඩක් නැහැ. වැඩයි ඕනැ. එහෙම වැඩක් තවම නම් දකින්නට නැහැ. කමක් නැහැ අපි හිතමුකො තවම පෙර සූදානම් වෙනවා කියලා. හැබැයි රජෝ, දැන් නම් ඒක ඇති වගේ.

රාජ්‍ය පාලනය පැත්තෙන් නම් යම් යම් වෙනස්කම් සිදු වෙමින් තිබෙනවා. පුද්ගලයන් ශක්තිමත් වෙනවා වෙනුවට ආයතන ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ වුණාට ලංකාවේ රාජ්‍ය ව්‍යූහය කුණු වී තිබෙන තරමේ මට්ටම අනුව එහෙම ලේසියෙන් ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ. ඒවාට පුරුද්ද තියෙන්නේ ම දේශපාලකයන් අතින් නැටවෙන්නට මිස ස්වාධීනව කටයුතු කරන්නට නෙමෙයි.

මේ අර්බුදය හොඳින් ම දකින්නට ලැබෙන්නේ පොලිසිය හා අධිකරණය තුළයි. සාමාන්‍ය මිනිසුන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට නො පැකිළෙන මේ අය දේශපාලකයන් ඉදිරියේ ඇඹරෙනවා. ස්වාධීනව කටයුතු කරන්නට දී තිබෙන අවස්ථාව පැත්තක තබමින් ක්‍රියාත්මක වෙන්න දේශපාලන අධිකාරියේ අවසරය සොයනවා. ඒක ලැබෙනකල් තෙපරබානවා. ඔන්න රාජ්‍ය සේවය ස්වාධීන කළාම ඇති වන තත්වය!

මේ අවස්ථාවෙදි ලංකාවේ ජනතාව අත්දකිමින් සිටින කටුක යථාර්ථය වන්නේ දේශපාලකයන්ට වඩා රජයේ නිලධාරීන් කොයි තරම් නරක ද යන්නයි.

මේ රජයේ නිලධාරීන් පවා කියන එකක් තමයි මහින්දගේ කාලෙ ඔහොම නැහැ කියන එක. ඒ කියන්නේ ඒ කාලෙ නම් අපි දේශපාලකයන් කිව්වාම වැඩ කළා ය කියන එකයි. දැන් ස්වාධීනයි නේ. ඒ නිසා වැඩ නො කෙරෙන විදිය තමයි ක්‍රමය වෙලා තියෙන්නේ.

ඒ නිසා තමයි මෛත්‍රීගෙත්, රනිල්ගෙත් පොර ටෝක්වලින් සුරංගනා කතාවක ආතල් එකවත් ගන්න බැරි වෙලා තිබෙන්නේ.

රාජ්‍ය අංශය කාර්යක්ෂම නො කර කොහේවත් යන්න බැරි බව ඉතා පැහැදිලියි. මෛත්‍රීට, රනිල්ට තියෙන ගැටලුව වන්නේ මේ අකාර්යක්ෂම, රාජ්‍ය සේවක කසල බලවේගය පණ ගන්වන්න තරම් ශක්තියක් ඔවුන්ට නැති වීමයි. දැනට තිබෙන තත්වය අනුව නම් උන් වැඩ කරන්නේ බයට විතරයි. උන්ගේ ආකල්ප වෙනස් කිරීම ලේසි කෙළියක් නෙමෙයි.

රනිල් අපිට - අපි රනිල්ට කියලා එකක් නැහැ. රනිල්ට කියන්න තියෙන්නේ අපි ඔබ ඉල්ලූ අවස්ථාව දුන්නා. අපි ජවිපෙ වගේ නෙමෙයි. අද ආණ්ඩු පත් කරලා හෙට ඉඳන් ඒක පෙරළන්නට දඟළන පුහු වීරයෝ නෙමෙයි. තවමත් අපි ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ඒ පදනමින්. එහෙම නැතිව අපි ඔබෙන් කිසිම වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් නෙමෙයි. අපි ආණ්ඩුවට උදව් කරන්නේ දේශපාලනිකව ඉදිරියට යන්නට විතරයි. 

ඉතින් මේ තත්වයට විසඳුමකුත් යෝජනා කරන්නට පුළුවන්. මේ වන විට ආණ්ඩුව තිබෙන්නේ පාර්ලිමේන්තු මට්ටමේ විතරයි. පළාත් සභාවල තිබෙන්නේ එලොවටත්, මෙලොවටත් නැති විකාරයක්. පළාත් පාලන ආයතන අක්‍රිය කරලා. 

ආණ්ඩුව පහළ මට්ටමට ගෙන එන්නට කළ හැකි හොඳ දෙයක් තමයි, හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම. බිම් මට්ටමේදී ජවිපෙට තිබෙන ප්‍රාමාණිකව කුඩා ශක්තිය හැර වෙනත් බලයක් කිසිවකුට නැති බව පශ්චාත් ගංවතුර සමයේදී පැහැදිලිව පෙනුණා. ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතනවලට පත් කර තිබෙන උදේනි අතුකෝරළ පන්නයේ තක්කඩින් ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න පෙනුණා නේ ද? කෝ උන් ආවද ගංවතුරෙන් පීඩාවට පත් මිනිසුන්ට උදව් කරන්න? 

සියලු දේශපාලන පක්ෂවලට අලුතින් හිතන්නට අවශ්‍ය නම් පටන් ගන්න තැනක් තමයි මේ පළාත් පාලන දේශපාලනය. ජවිපෙ හෝ ඒ ගැන බැරෑරුම්ව හිතන්නට පෙළඹෙනවා නම් ලොකු දෙයක්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙය ඉතා හොඳ කරුණු මතු කරන ලිපියක් ලෙසයි මම හිතන්නේ. රාජ්‍ය ආයතන වල ඉහල ම නිලදාරීන් වෙනස් කිරීමන් පමණක් වෙනසක් වේ යයි සිතන්නට අමාරුයි. පොලිස්පති වරයා වෙනස් වුනාට පොලිසිය වෙනස් වෙන්නේ නැත්තෙත් ඒ නිසාමයි. ආණ්ඩුවේ වෙනස තවමත් හරියාකාරව පහලට ගලායාම ආරම්භ වෙලාවත් නැතිබවයි පෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉබේ ගලන්නේ නැහැ. ඒක පහළට කාන්දු වෙන්න මාර්ග සකසන්නට ඕනැ. ඒ සඳහා පහළට විහිදෙන නායකත්වයක් ඕනැ. නායකත්වයට පහළට විහිදෙන්න පුළුවන් සංවිධාන හරහායි. ඒ වුණාට දැන් කට්ටිය හිතන් ඉන්නවා රූපවාහිනියේ වන් වේ සන්නිවේදනය මාර්ගයෙන් පහළට යන්න පුළුවන් කියලා. ඒක අසාර්ථක බව කවුරු කවුරුත් තේරුම් ගන්න ඕනැ.

      Delete
    2. /නායකත්වයට පහළට විහිදෙන්න පුළුවන් සංවිධාන හරහායි. ඒ වුණාට දැන් කට්ටිය හිතන් ඉන්නවා රූපවාහිනියේ වන් වේ සන්නිවේදනය මාර්ගයෙන් පහළට යන්න පුළුවන් කියලා. ඒක අසාර්ථක බව කවුරු කවුරුත් තේරුම් ගන්න ඕනැ./+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      සන්නි වේදනය කරන්නේ සංවේදී අය වෙනුවෙන්නේ.

      Delete
    3. නිළධාරීන් ගෙන් වැඩ ගන්න නම් දෙපැත්තෙන්ම හිර වෙන්න ඕන, ඉහලින් උඩ නිළධාරීන් සහ පහලින් ජනතාව. පහල පැත්තෙන් කීප තැනක තරුණ සේවා එක හොඳ ආරම්බයක් අරගෙන තියනවා තරුණ නායකත්වයක් ගොඩ නඟන්න, ඒත් තවම ඒ වටා ගොනුවෙන්නේ ගමෙන් එළියට පැන ගන්න බැරිම නිසා ගමේ ඉතුරුවුනු දුර්වලම කොටස.

      Delete
    4. //පොලිස්පති වරයා වෙනස් වුනාට පොලිසිය වෙනස් වෙන්නේ නැත්තෙත් ඒ නිසාමයි. //

      මේකනම් නොවෙන තරමට හොඳයි. නැත්නම් පොලිස් නිලධාරීන් වෙනුවට බුදුසරණයි යාලුවනේ කියාගෙන එන පොලිස් ඉස්ටාර්ලා ටිකක් බිහිවේවි.

      Delete
    5. /////පහල පැත්තෙන් කීප තැනක තරුණ සේවා එක හොඳ ආරම්බයක් අරගෙන තියනවා/////////////

      ඇණේ......මටත් ඔය ගැන එහෙම හිතුනා. සමහරු එහෙම කිව්වා. නමුත් මේ දේවල් ගැන වැඩිපුර කියවන්න ලැබෙන්නේ නැහැ. තරුන සේවා සභාව රනිල්ගෙ නිර්මාණයක් නිසා වැඩි අවධානයක් යොමු කරනවත් ඇති. අනිත් එක වැලිඅංගේ කියන ඒ තරුන සභාපතිවරයා දක්ෂයෙක් බවත් ඇහෙනවා.

      Delete
  2. රනිල් ගේ මෑතක කතා දෙකම ඉතා ධනාත්මකි. නමුත්, හිතේ ඇති සැලසුම් කෙටුම්පත් කර ඒවා ක්‍රියාත්මක කරනකම් වෙන කිසි දෙයක් කියන්න බෑ.

    අප දන්නා ඉතිහාසයේ පක්‍ෂ දෙකේම ප්‍රතිපත්ති ප්‍රකාශවල තිබුණු දේවල් ක්‍රියාත්මක වුනා නම් ලංකාව දැන් සුරපුරයක් නේ!

    රනිල් ගැන ඇති එක විශේෂයක් නම් ඔහු තමයි නේද ලංකාවේම විශ්ව විද්‍යාලයකින් පිටවුණු එකම අගමැතිවරයා?

    ReplyDelete
  3. උඩ ඡායාරූපයේ ඉන්නා මෛත්‍රී වික්‍රමසිංහ රනිල්ව බඳින්න කලින් කාලේ ගැන කතාවක් මෙන්න.

    මෛත්‍රී වික්‍රමසිංහ ගේ මිනි මයිනර් එක - This is about my Nissan March http://rasikalogy.blogspot.com/2015/05/this-is-about-my-nissan-march.html

    ReplyDelete
  4. මේ පහත සබැඳියක් දී ඇති ලිපියේ අඩංගු තොරතුරු සනාථ කිරීමට සොයා බලද්දී මට වැදගත් කාරණා දෙයක්ම හෙළිදරව් කර ගැනීමට හැකි විය.

    1. රනිල් වික්‍රමසිංහ යනු ලංකාවේ ප්‍රථම ජන මූල අගමැතිවරයා ය. එය වාර්තාවකි!

    2. රනිල් වික්‍රමසිංහට අමිතෝදනලා ගේ පැත්තෙන් ශාක්‍ය වංශයට ද, කාළුදායීලා ගේ පැත්තෙන් කෝලිය වංශයට ද, ලඟ නෑකම් ද ඇත.

    රනිල් වික්‍රමසිංහ ගේ අගමැති ලෝක වාර්තාවේ ඇත්ත තත්වය - Ranil and the bottle journalists

    ReplyDelete
  5. රාජ්‍ය ආයතන කාටවත් වග කියන්නැති තත්වයක් තියෙන්නේ. ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ට ඕනෑනම් පමණයි. එක රාජ්‍ය ආයතනයක ප්‍රමාදයක් නිසා තවත් රාජ්‍ය ආයතනයකින් කරගතයුතු වැඩක් ගැන ජනතාව පැමිණිලිකලොත් එම ආයතනය කරන්නේ අර දෙවැනි ආයතනයට යවන පොදු සිහිකැඳවීමක් යැවීමයි. මෙවැනි සිහිකැඳවීම් හරියට බීරි අලියට වීණාගායනා කරනවා වගේ.
    මෙයට උදාහරන විදියට මෙම රාජ්‍ය ආයතන දක්වමි.
    1 අධිකරණය
    2.රජයේ රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුව
    3. අධිකරණ වෛද්‍ය නිලධාරීන්
    4. නීතිපති දෙපාර්තමේන්තුව.

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් දෙපාර්තමේන්තු හා ආයතන මේකට එකතු කරන්නට පුළුවන්.

      ආණ්ඩුව මේ ගැන සැලකිල්ලක් නැහැ. ලංකාවේ රජයේ සේවකයන් කියන්නේ ඉතා භයානක සමාජ බලවේගයක්. ඔවුන් මේ වන විට ආණ්ඩුව විනාශ කරමින් ඉන්නවා.

      ලංකාවට ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය දරා ගන්නට අමාරු බව පෙනෙනවා. මේ අභියෝගයට මුහුණ දිය යුත්තේ කොහොමද කියන එක සාකච්ඡා කළ යුතුයි. ඒ වුණාට කලින් තිබුණු සිස්ටම් එකට ආපහු යාම නම් සාකච්ඡාවටවත් අදාළ කරගන්න දෙයක් නෙමෙයි.

      Delete
    2. රජයේ ආයතනවල වැඩ ගැන පසුවිපරමක් වෙන බවක් පෙනෙන්නට නෑ. යම් කිසි කාරණාවක් සම්භන්ධව පසු විපරම මහජනයාගේම පෙළඹවීම මත පමණියි සිදුවන්නේ. අදාල නිලධාරීන්ට තමාගේ වගකීම තේරුම්ගන්න බැරිනම් . ඔවුන්ට ඒ සඳහා ආයතනික මට්ටමෙන් විණය ක්‍රියාමාර්ග හෝ නිහසට කරුණු විමසීමක් සද්දවෙනවා ඉතාම අල්පයි. එසේ වෙනවා නම් වන්නේ දේශාපාලන හයියක් ඇත්තවුන්ගේ බල පෑමක් මත පමණයි.

      Delete
  6. රජයට වඩාත් පාඩු සිදු කරන වඩාත් අකාර්යක්ශම දූශිත පිරිස මුණගැහෙන්නෙ සහකාර ලේඛම්,ලේඛම් මට්ටමින් උඩට යනකොට.ඇත්තටම වැඩක් කරන්න බලයක් තියෙන උදවිය ඔවුන්.වැටුප් වරදාන සඳහා පමණක් ක්‍රියාශීලී ජීවීන් පිරිසක් බවට පත්වී සිටින ඔවුන්ගෙන් වැඩක් දැන්වත් ගතයුතුයි.ක්ලාක් කට්ටන්,ගුරුවරුන්,ෆීල්ඩ් ඔෆිසර් ලට බැන බැන ඉන්න රටාවෙන් මිදිලා ඉහල තනතුරු වල පල්වෙන නිලධාරීන් යුහුසුළු උනොත් රටේ වෙනසක් දකින්න පුළුවන් වෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
  7. // Sa rasaMay 26, 2016 at 1:00 PM
    ඔන්න ඔන්න මතුගොම අජිත් පැරකුම් ජය්සින්හ අපේ රනිල් තුමාටත් විරුද්දව ලියන්න පටන් අරන්!

    ඕක නම් හරියන සෙල්ලමක් නෙවෙයි හොඳේ?!

    ReplyDelete
    Replies

    Ajith Perakum JayasingheMay 26, 2016 at 1:17 PM
    මා අරයාගේ ඉත්තෙකි, මෙයාගේ ඉත්තෙකි, වැඩ කරන්නේ අරක වෙනුවෙනි, මේක වෙනුවෙනි කියමින් පසුගිය දස වසරක් තිස්සේ තමන්ගේ කාලය නාස්ති කර ගත් බොහෝ දෙනා අතරින් ඔබ තවත් එක් අයෙකු පමණක් බව කියමි. මම නම් ඔබලා ගැන සලකන්නේ ‘නෝ පබ්ලිසිටි ඉස් බෑඩ් පබ්ලිසිටි' පදනමිනි. තැන්කියු. ///


    පසුගිය ලිපියේ රනිල් ට විරුද්ද කතා ලියුවාම ස ර ස තුමා පැරා ට දුන් උපදේසය අකුරට ම පිලිගෙන රනිල් ව අප් කරනා ලිපියක් පලකිරීම ගැන පැරාට ස ර ස තුමා ගේ බලවත් සන්තෝසය!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයාටත් එක්ක තමයි ලිව්වෙ. අපි ආණ්ඩුවට සහයෝගය දක්වනවා ය කියන එක රහසක් නෙමෙයි.

      Delete
    2. // ඔව් ඔයාටත් එක්ක තමයි ලිව්වෙ. අපි ආණ්ඩුවට සහයෝගය දක්වනවා ය කියන එක රහසක් නෙමෙයි. //

      ඒකනේ පැරා කියන්නේ...

      අපි රාජකීය විද්යාලේ ඉගෙනගත්තු කස්ටිය වෙච්චි...

      උඩ බලන් කෙලගහ ගන්න එකට වැඩියෙන් කොච්චර ලස්සනද මේ විදියට හරමානිස් ලා අන්දාගෙන රනිල් ව අප් කරගෙන හිටියාම?

      Delete
  8. මෙම ලිපිය ලිවීමෙන් පසු වහා ම අජිත් පැරකුම් ජයසිංහ කේම්බ්‍රිජ් ටෙරසයේ එක් ප්‍රභූ නිවසකට දුරකථන ඇමතුමක් ගෙන මෙලෙස පවස යි:

    “සර්, මං සර් ව පොඩ්ඩක් විවේචනය කරලා ලිව්වා. සොරි සර්. මං එහෙම කළේ සර් ව ගොඩ දාන්න. මං සර්ගේ හොඳ ගොඩක් ලියලා ලියලා එහෙන් මෙහෙන් තම යි විවේචනයක් දැම්මේ. අපේ පාඨකයන් නැත්තම් හිත යි මං සර්ට කඩේ යනවා කියලා. සර් දන්නවනේ මං සර් වෙනුවෙන් කඩේ විතරක් නො වේ අපායට වුණත් යන බව.

    සර්, මං සැඩම්ගේ ලස්සන පොටෝ එකකුත් දැම්මා. සර් මේ ජයසිංහලා කවදාවත් කැත පොටෝ දාන්නේ නැහැ. මොක.ද සර් මගේ මායිය යි දරුවනු යි දාලා මට අර වික්‍රමතුංගල වගේ ඉන්දියාවට පනින්න බැහැ.

    සොරි සර් හොඳේ. මං සර් ව හවසට හමු වෙන්නන් කෝ සිරිකොතේ දී”

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන තරම් ඔයාගේ ඔය කේම්බ්‍රිජ් ටෙරස් පොර දියුණු නැහැ. එයා බ්ලොග් ගැන, සෝෂල් මීඩියා ගැන තවම ඉන්නෙ මොන්ටිසෝරි මට්ටමේ දැනුමක.

      අනෙක ලංකාවේ අනෙක් ලොක්කෝ වගේ ම එයත් ඉගලිටරියන් වෙන්න දන්නෙ නැහැ. එයා හිතන්නෙ අපි වගේ අය ගණන් ගන්නෙ නැතිව ඉන්න එක තමයි වැඩේ කියලා.

      එයා දන්නෙ නැහැ මං ඊට වඩා ආනාදියෙක් බව.

      මං ඌව ගණන් ගන්නෙ නැහැ බං.

      ඌ නං මාව දන්නෙත් නැතිව ඇති.

      මං කරන්නෙ අරමුණක් වෙනුවෙන් අරගල කරන එක. මට ඔය එක බුවෙක්වත් පෞද්ගලිකව වැදගත් නැහැ.

      ඕක ලංකාවෙ අති බහුතරයකට තේරුම් ගන්න බැහැ.

      Delete
    2. AnonymousMay 27, 2016 at 12:46 PM

      Nice creation. But the honourable load residing Cambridge Terrace doesn't care about this kind of useless worm like buggers. Neither doesn't know nor doesn't care such peasants. They only deal with the members of same class & these guys are just doing the sub-sub-subcontracting for the daily wage.

      Delete
  9. මොකටද අර මනුස්සයාගේ පින්තුරේ දැම්මෙ කියල මට නං තේරුම් ගන්න බැහැ පැරා...!

    ReplyDelete
    Replies
    1. ඒක දැම්මෙ හේතුවක් ඇතුව. ලංකාවෙ මිනිස්සු පිළිගන්නේ සෑම සාර්ථක මිනිසකු ම පිටුපස ගැහැනියක් ඉන්නවා ය කියලනේ. ගැහැනිය හැමදාම ඉන්නෙ පිටිපස්සෙන්. ඒ නිසා මං එයාගෙ පිංතූරෙ ඉස්සරහින් දැම්මා. රනිල් පේන්නෙ නැහැ. එයා ඉන්නෙ පිටිපස්සෙන්.

      Delete
    2. පැරා කියනවනං ඉතින් පිලිගන්නං...අඩුම ගානේ ඒ මනුස්සයා රනිල්ට අවවාදවත් දෙනවනං ...! දෙනවත් ඇති පිටි පස්සෙන් ඉන්නවනං....!

      Delete
    3. ඒ මනුස්සයා රනිල්ට අවවාදවත් දෙනවත් ඇති පිටි පස්සෙන් ! :D :D :D

      Delete
    4. චෙෆා පුක්කාරයා මතලන්ගෙන් අහලා බලන්න

      Delete
  10. පැරකුම්ලා විශ්වාස කරන ෙද්ශපාලනයත් සමග රනිල් හරහා ලංකාෙව් මිනිස්සුන්ෙග් ජිවිත සුඛිත මුදිත කිරිමට උත්සහ දැරිෙම් අවුලක්නම් මට ෙපන්ෙන් නැතිය, පැරකුම් විශ්වාස කරන්ෙන් රට හැදිය හැකි ෙහා් තමන්ට හැදිය හැකි ෙහාදම මාර්ගය ෙම් කාලෙය්දී රනිල් පිටුපසින් යෑම (පැරකුම්ලා හිතාෙගන ඉන්ෙන් ඔවුන් ඉස්සරහින් හිටෙගන රනිල්ට පාර ෙපන්නනවා කියලාය) බවය, ඉදිරිෙය්දී එය ෙවනස්වීමට ඔනෑතරම් ඉඩ තිෙයනවාය

    එම නිසාම ලිපි ලියනා විට පවා ෙෙමත්‍රිපාල හා මහින්ද නමින් අමතා රනිල්ට මහතා යනුෙවන් සමහර තැන්වලදී ෙයාදනවාය....එෙලස ෙයාදන්ෙන් සමහරවිටකදී රනිල්ව ෙකාළඹ 07 නිසා මහත්ෙතෙයකු ෙපෙනන නිසාද නැතෙහාත් තමන්ෙග් ස්වාමියා නිසාද කියා ෙහාදින්ම දන්ෙන් පැරාය....

    ෙම් ලිපිෙය් ෙලාකුම අඩුව තිෙබන්ෙන් රනිල්ට කර ගන්නට බැරිකමට වාමාංශිකයින්ෙග් තිෙයන සම්බන්ධය ලියා නැතිකමය (මධ්‍ය පාන්තිකයින්ෙග් හා රජෙය් නිලධාරින්ෙග් අඩුපාඩුවලින් පමණක් අද නවත්වා අැත).......

    ------ප්‍රදිප් මංගල-----

    ReplyDelete
    Replies
    1. රනිල්ට විතරක් නෙමෙයි වෙන ඕනෑ කෙනෙකුට මහතා කියා ආමන්ත්‍ර‍ණය නො කිරීමේ සම්ප්‍ර‍දායක් මෙම බ්ලොගය ආරම්භයේ සිටම පවත්වාගෙන ගියා. එහෙම යෙදී තිබෙන තැන් පෙන්වන්න. ඒවා සංස්කරණය කරන්නම්.

      මගේ එක් ආප්තෝපදේශයක් වන්නේ මට ඉදිරියෙන් හෝ පිටුපසින් කවුරුවත් නැති බවයි. ඒ නිසා ඔබ ඔය පළමු ඡේදයේ කියන කතාව මට අදාළ නැත. රනිල්ගෙන් මට ලැබුණු රෙද්දකුත් නැත. බලාපොරොත්තු වන්නේත් නැත. අපට එයා ලොකුත් නැත. එයා අපි ගැන දන්නේත් නැත.

      මධ්‍යම පංතිකයන් ගැන ඉතිරි ටික මෙසේ ලිවිය හැකි ය.

      ඔවුන් මෙහෙයවනු ලබන්නේ ගතානුගතික වාමාංශික අදහස්වලිනි.

      Delete

    2. ඔබගේ පෙර ලිපියේ තුන්වන ජේදය කියවන්න. එහි රනිල් වික්‍රසිංහ මහතාගේ හා ඔහුගේ බිරිදගේ යනුවෙන් අතපසුවීමකින් ලියවී තිබෙනවා වෙන්නට පුලුවන. එහෙත් කිසිවකුට මහතා යනුවෙන් අමතන්නේ නැති පුද්ගලයෙකුට රනිල් මහතා යනුවෙන් අමතන්නට වෙන්නේ කුමක් නිසාද යන්න තෙරුම් ගැනිමට තරම් හැකියාවක්නම් මා වෙත නොමැත..

      රාජ්‍ය සේවයේ ස්වාධින කර තිබෙන්නේ බදවාගැනිම, උසස්කිරීම, ස්ථාන මාරුකිරිම්, විනය පාලනය, තනතුරුවලට පත්කිරීම පමණය එහිද ආයතන ප්‍රධානීන් පත්කරනු ලබන්නේ අමාථ්‍ය මණ්ඩලය හෝ ජනාධිපතිය, එයට අමතරව රජයේ නිලධාරින්ට තිරණ ගැනීමට ස්වාධිනත්වයක් ලබාදී නැත. ඒවා සිදුකල යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තුව හෝ දේශපාලන අධිකාරියක් මගින් ලබාදෙනු ලබන අණපනත්, උපදෙස් හා රෙගුලාසින් අනුවය. රාජ්‍ය සේවය, රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ කාර්යක්ෂම කරවීමේ වගකීම තිබෙන්නේ ඇමතිවරයාට හා අමාත්‍ය මණ්ඩලය පත්කරන නිලධාරින්ටය, පහල සිටින නිලධාරින්ගේ අඩුපාඩු හා දුර්වලතාවයන් පෙන්වා රනිල්ගේ නොහැකියාව වෙනත් අය පිටින් යැවිමට ඔබලා උත්සහකරමින් සිටින්නේ රාජ්‍ය සේවය කාර්යක්ෂමකර ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරවා ගැනීම වෙනුවෙන්ම පමණක් නෙවේය....

      ලංකාවේ මධ්‍යම පංතිය මෙහෙයවනු ලබන ගතානුගතික වාමාංශික අදහස් මොනවාද? ඇත්තෙන්ම එවා මොනවාදැයි මමනම් දන්නේ නැත.

      Delete
    3. පළමු ඡේදයේ ඇති කාරණාව තේරුම් ගන්නට මහන්සි වෙන කාලය වෙනත් ප්‍රයෝජනවත් දෙයකට යොදන්න. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු පවා එකිනෙකා අමතන්නේ මහත්තයා කියා ය.

      ස්වාධීනත්වය යනු සාපේක්ෂ කාරණයකි. ඒ නිසා ඔබ අපේක්ෂා කරන ස්වාධීනත්වයක් නම් රාජ්‍ය සේවයට ලැබෙන්නේ නැත. ස්වාධීනත්වය යනු තමන්ට හිමි වන බල අවකාශය තුළ අදාළ නීති, රෙගුලාසි අනුව නිවැරදි ආකාරයෙන් කටයුතු කිරීම මිස තමන්ට ඕනෑ දෙයක් කරන්නට ඇති වල් බූරු නිදහසක් නො වේ.

      සියලු ම රජයේ සේවකයන් ලවා වැඩ කරවීමේ හැකියාවක් රනිල්ට, මෛත්‍රීට තබා වෙන කිසිවකුට නැත. අනෙක රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ රනිල් නොව මෙරට මහජනතාවයි. ඔවුන්ගේ සත්‍ය ස්වාමියා වන්නේ මහජනතාව වන අතර, ඔවුන් වෙනුවෙන් වැඩ කිරීම රජයේ සේවකයින්ගේ යුතුකමයි. එයට රනිල් අදාළ නැත.

      ගුරුවරයා තම විෂය හරියට උගන්වන්නේ නැති එක, කළමනාකාර සහායකවරයා ලිපිගොනුවක වැඩ නො කරන එක ආදී සියල්ලට වැරදි ආණ්ඩුව නො වේ. ඔය ජනතාව ය කියන්නේ තොත්ත බබ්බු නො වේ. උන් බහුතරය දේශපාලකයන් තරමට නො වේ නම් ඊටත් වඩා දූෂිත ය. අපට නම් ඔවුන් නළවන්නට ඇති උවමනාවක් නැත.

      ඕනෑම කන්තෝරුවකට ගිහින් බලන්න. ඒවායේ විදුලි පංකාවක්, ෆෑන් එකක් නිවන්නට කෙනෙක් නැත. ඒ වුණාට තම තමන්ගේ ගෙවල්වලදී මේ අය ළමයින්ට බැන, බැන අපූරුවට ඒවා නිවා විදුලිය පිරිමසති.

      ලංකාවේ ජනතාව කියන්නේ ගෙදර හා තම ශරීරයේ කුණු පවා පාරවල් වැනි පොදු ස්ථානවලට බැහැර කරන පිරිසකි. එවැනි ජනතාවක් ආම්බාන් කරන්නට පුළුවන් පාලකයින් නැත. ජනතාව දියුණු නො වේ නම් පාලකයන්ට විතරක් කරන්නට පුළුවන් දෙයක් නැත.

      ඔබේ අන්තිම ප්‍ර‍ශ්නයට පිළිතුර මගේ වෙනත් ලිපිවල ඇත. අවශ්‍ය නම් පසුව වෙනත් ලිපියකින් ලියමි.

      එය තේරුම් ගන්නට ඕනෑ නම් ජවිපෙ වැනි පක්ෂයක සාමාන්‍ය වැඩ ශෛලිය අධ්‍යයනය කර බැලුවාත් ඇති.

      මං අර කියූ ජනතාව කියන දූෂිතයන්ව පොරවල් කරන එකත් එක්තරා ගතානුගතිකත්වයකි.

      Delete
    4. රාජ්‍ය සේවය ස්වාධින කල යුතුයැයි මා පැවසුයේ නැත. එලෙස ස්වාධින කිරීමේ අවශ්‍යතාවයක්ද නැත. එමෙන්ම රාජ්‍ය සේවයට බදවා ගැනිමේ උසස් කිරීමේ හා තනතුරුවලට පත්කිරීමේ ක්‍රමවේදයන්ද වෙනස්විය යුතු බව මම විශ්වාස කරමි. ඒය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් පමණක් කල නොහැකි බවද මම දනිමි...

      ඒ ආයතනවල පවතින අකාර්යක්ෂමතාවයන් නැති කිරීම සදහා මේ මොහොතේ ප්‍රතිපත්තිමය තිරණ ගත යුත්තේ රනිල්ලා මිස සාමාන්‍ය රජයේ සේවකයින් නොවේය, රනිල්ලා ඒවා නොකර සිටින්නේ තමන්ගේ බලයට කෙලවේයැයි තියෙන බයනිසාය, ඔවුන්ට පළමුව අවශ්‍ය රට හැදිමට නොව තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමටය, පැරකුම්ට අවශ්‍ය රනිල්ට බලය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් තාවකාලිකව උදව් කිරීමටය

      ජවිපෙ එකිනකා මහත්තයා ලෙස අමතා ගන්නා බැවින් ඔබ රනිල් මහතා යනුවෙන් අමතනවා ඇතැයි මම සිතන්නේ නැත.......

      Delete
    5. බලය ගැනීම හා ආරක්ෂා කර ගැනීම ගැන නො සිතන දේශපාලකයන්ට කිසිවක් කළ නො හැකි ය. මන්ද, බලය නොමැතිව දේශපාලනයෙන් කළ හැකි දේ ඉතා සීමිත බැවිනි.

      රනිල් හෝ වෙන මොන යම් හෝ පාලකයකු රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ගත යුතු තීරණ වන්නේ මෙන්න මේවා ය:

      කුසලතා රහිත උපාධිධාරීන්ට පිං පඩි රස්සා සැපයීම නැවැත්විය යුතු ය.
      සෑම රජයේ සේවකයකු ම වැටුප් වර්ධක උපයා ගැනීමේදී හා උසස්වීම්වලදී විධිමත් කාර්යසාධනයකට යටත් කළ යුතු ය.

      රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම අත්‍යවශ්‍ය තනතුරුවලට පමණක් පුරප්පාඩු සංඛ්‍යාව අනුව කළ යුතු ය.

      දැනට සිටින ඵලදායී නො වන රාජ්‍ය සේවකයන්ගේ ඵලදායිතාව නැංවීම සඳහා අවශ්‍ය ධාරිතා වර්ධනය කළ යුතු ය.

      රජයේ සේවා හැකි තරම් දුරට රාජ්‍ය ව්‍යවසාය බවට පත් කළ යුතු ය.

      මහජන සේවා ඉටු නො කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව මහජනයාට නීති මාර්ගයෙන් කටයුතු කළ හැකි සරළ ක්‍රමයක් සකස් කළ යුතු ය.

      Delete
  11. මේක මඩේ ඉන්න වගේ ආන්ඩුවක්. පාර්ලිමේන්තුවේදිත් තාමත් මළබද්ධ විපක්ෂේ උන් කියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කියලා. ඒ මදිවට හයිඩ් පාක් එකේ අරහෙ මෙහේ සෙනඟ ගෙන්නලා ආන්ඩුවේ උන් බය කරනවා අපි ආයෙම එනවා කියලා. ඒ මදිවට හොරු කියන නිළධාරිත් එක්ක ඇමතිවරු හැමිනෙන්න යනවා. එහෙව් ආන්ඩුවකට එකෙක් වත් බය වෙන්නේ නෑ. උන්ව බය නොකර උන්ගෙන් කිසිම වැඩක් ගන්නත් බෑ. ගිය ආන්ඩුව ඕවා කළේ ඝෝඨා පෙන්නලා.. මේ ආන්ඩුවටත් එහෙම එකෙක් ඉන්නවා. ඒත් ඒ යකා රනිල් පිටිපස්සට වෙලා එක එකත් එක්ක කතා කර කර ඉන්නවා. මුන්ට කරන්න තිබුනේ ෆොන්සේකා පාර්ලිමේන්තු ගේන්න නෙමෙයි. ආරක්ෂක ලේඛම් කරන්න. අද හමුදාවත් උන්ගේ හනි තීරණ වලට වැඩ කරන්නේ ගොබ්බ ලේඛම්ලා නිසා.

    ReplyDelete
    Replies
    1. ආරක්ෂක ලේකම්වරයා ලෙස නාගරික සංවර්ධන හා ජල සැපයුම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කල කරුණාසේන හෙට්ටිආරච්චි පත්කර තිබේ. අාරක්ෂක ලේකම්වරයා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුව ජනාධිපතිවරයාට වගකියන අතිශ්‍යය වැදගත් විෂය පථයක කටයුතු ආවරණය කරන පුද්ගලයෙකු බැවින් ඔහුගේ පත්වීම වෙන ම සිදුකිරීම මෙතුවක් පැවති සම්ප්‍රදායයි.

      එහෙත් මෙවර එය උල්ලංඝනය වී ඇති අතර අනෙකුත් අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරන අවස්ථාවේ දී ම ඔහුගේ පත්වීම ද සිදුකර ඇත. මෙහි අනිකුත් විශේෂත්වය වන්නේ මෙම නව අමාත්‍යංශ ලේකම්වරයා ජලසම්පාදන මණ්ඩලයේ මුල්පුටුව හෙබවූ ජල කලමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුමකින් යුතු අයෙකු (ආරක්‍ෂක ලේකම්වරයා කරුණාසේන හෙට්ට්ආරච්ච් මීට පෙර නාගරික සංවර්ධන හා ජය සැපයුම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ) වීමයි.

      තම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ පත්වීම පිළිබඳව www.defence.lk වෙබ් අඩවිය පවා වාර්තා කර නොතිබීමෙන් , අදාල අංශ මෙම පත්වීම සම්බන්ධයෙන් කෙතරම් නොවැදගත් ප්‍රතිචාරයක් දක්වා ඇත් ද යන්න පැහැදිලිවේ.

      Delete
  12. අජිත් ඔබ මෙහි මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ පින්තූරයක් දමා ඇති නිසා මෙය කීමට හිතුනා. ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ඉස්ලාමීය ආයතන රැසක් පාකිස්තානයේ ඉස්ලාම් මතවාදී මණ්ඩලය විසින් කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා නව නීති කෙටුම්පතක් හඳුන්වාදෙමින්, කාන්තා රැකවරණය සහතිකර කරනු වස් සිය බිරිඳට සුළු වශයෙන් පහරදීමේ අයිතිය ස්වාමි පුරුෂයාට හිමිවන බවට ලබාදී ඇති නීති කෙටුම්පත ගැන සුභවාදී අදහස් දක්වා තිබෙනවා.

    බී.බී.සී.ය පෙන්වාදෙන පරිදි මෙම නව නීති කෙටුම්පතට අනුව සිය බිරිඳ ස්වාමියාගේ නියෝග පිළිනොපැද ක්‍රියාකිරීම, ස්වාමියාගේ අභිමතයට ගරු කරමින් ඇඳුම් ඇඳීම ප්‍රතිෂේප කිරීම, නාඳුනන පුද්ගලයන් සමගින් අනුමැතියකින් තොරව කතාබහ කිරීම හෝ සම්බන්ධතා පැවැත්වීම සහ ඉතා උස් හඬින් කතා කිරීම යන අවස්ථාවලදී ඇයට පහර දීමට ස්වාමියාට අවස්ථාව හිමිවෙයි.

    ඉතින් මෙය ලංකාවේ මුස්ලිම්වරුන්ට (සහ අවශ්‍යනම් හින්ගල බහුත්ද ගෝත්‍රික පර බලු හැත්තටත්) සිය අභිමතය පරිදි ලාංකීය මුස්ලිම් විවාහ සහ සිවිල් නීතියට ඇතුල් කළ හැකිද? ඔබගේ මතය දැනගැනීමට ආසයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උඩරට, තේසවලාමේ හා මුස්ලිම් යන වෙනස් නීති ක්‍රම අහෝසි කර රටම එක් නීතියක් යටතට ගෙන ආ යුතුයි.

      පකිස්ථානය නම් ගෝත්‍රිකරටේ කෙරෙන දේවල් අප ආදර්ශයට ගන්නේ කුමට ද?

      Delete
  13. පැරා,

    මෙය ඔබ හිතන තරම් සංකීර්ණ නෑ. මම සරල ක්‍රමයක් පෙන්වන්නම් ඔබ මට කියන්න එය ක්‍රියාත්මක කිරීම නිසා මේ ප්‍රශ්න විසදෙන්නේ නැත්තේ ඇයි කියල.

    ඔබ රජයේ කන්තෝරුවකට යනවා යම් දෙයක් කරගැනීමට ගියවිට ඔබට අදාළ ආයතනයන් නිකුත්කළ යුත්තේ ටෝකන් එකක් නොම්බරයක් සහිත.
    මෙහිදී මෙය බාර ගන්නා නිලදරියාට මෙය කිරීමට හැකිනම් ඔහු අදාළ කාර්ය ගැන ලිපිහ්ගොනුව බාර ගන්නා අතර තමාට එය කල නොහැකි නම් අදාළ ඉහල නිලදරියාට මෙය යොමුකිරිම කරයි එහිදී (Task escalation) ක්‍රමයක් ඇතිවන අතර ඔහුට එය කල නොහැකි නම් අදාළ නිලදාරියාට යොමුකිරිම කරයි.

    මේ ක්‍රියාවලිය තුල ලිපිගිනුව පවතින්නේ කා අතද යන්න පහසුවෙන් දැනගැනීමට හැකියි.

    දැන් සතියකින් පසු අදාළ ආයතනයට යන පුරවැසියා කලයුත්තේ තම අංකය ලබාදීම මගින් සිදුවුයේ කුමක්දැයි දැනගැනීමයි.

    මෙහිදී සිරිසේන නමැති ලිපිකරු මෙය රැගෙන තවඅංශයක අජිත් පෙරේරා නමැති මනතාට ලබාදී ඇතිබවත් දැනට ලිපිගොනුව ඇත්තේ එස්බී දිසානායක මහතා අත බවත් ලිපිගොනුවේ වැඩවලින් 50% අවසන් වී ඇති බවත් ඉදිරි සතියෙදී මෙය සම්පුර්ණ වන බවත් යන විස්තරය පුරවැසියාට ලබාගැනීමට හැකි අතර මෙවැනි ක්‍රමයකදී සියලු සේවකයන් වේගයෙන් වැඩකිරීමට පෙලබෙන්නේ තමාගේ පලදායිතාව හැම මොහොතෙම ගණන් බැලීම සිදුවන නිසයි.

    දැන් මෙයට මාසයක් පමණ ගතවූ විට අදාළ පුරවැසියාට පැමිණිලි කල හැකි අතර ඉහල නිලදරින්ට පහසුවෙන් වැඩකරන සන නොකරන අය හදුනාගැනීමට හැකි

    මෙය තමයි GOOGLE වැනි සමාගම් වල වැඩකරන ඉතා සරල විදිය මෙහිදී අදාළ පුද්ගලය ඇදක නිදාගෙන වැඩකලත් අදාළ සමාගම තරහ නොගන්නා අතර අදාළ වැඩේ නොකෙරුනොත් ඉවත් වීමට සිදුවනු ඇති

    ReplyDelete
    Replies
    1. ඔබේ යෝජනාව රජය ගෙන ආවොත් ජවිපෙ / පෙසප / බාහු / සමන් රත්නප්‍රිය / ජෝසප් ස්ටාලින් / මුරුත්තෙට්ටුවේ ආනන්ද ආදීන් වහා කියනු ඇත්තේ මෙහි ඇත්තේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ, රජයේ සේවකයන් දඩයම් කිරීමේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිනවීමේ කුමන්ත්‍රණයක් බවයි. මෙය කිරීමට පෙර රාජ්‍ය සේවකයන්ගේ දීමනා සියල්ල වැටුපට එකතු කිරීම වැනි ඉටු කරන්නට දුෂ්කර කොන්දේසියක් ද ඉදිරිපත් කරනු ඇත. තව ප්‍රශ්න මතු කරමින් පෙන්වනු ඇත. සංකේත වර්ජනයක් කැඳවනු ඇත. පොලිසිය ලවා ගුටි ඉල්ලා ගනු ඇත. ආණ්ඩුව බය වී යෝජනාව හකුළා ගනු ඇත.

      Delete
    2. පැරා,

      මේක දැනටමත් සිදුවෙනවා ශ්‍රී ලංකාවේ, බලන්න ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනයේ මෙය අග නගරයේ මනාව ක්‍රියාත්මක වෙනවා. ඔබේ අන්තර්ජාලයේ හෝ දුරකථන වල ප්‍රශ්නයක් ඇත්නම් ඔබ 1212 අංකය අමතා ඔවුන් දැනුවත් කල විට ඔවුන් ඔබට අංකයක් ලබාදෙනවා ඉන්පසු මේ අංකය මාර්ගයෙන් ඔබේ දුරකථන දෝෂය නිවැරදි වීම ගැන ඔබට සොයා බලන්න පුළුවන්.

      පසුගිය දිනකදී Smartline (FTTx) සම්බන්දයක් ලබාගැනීමට මම උත්සාහ ගත්ත, මාස 2කට පෙර SLT ආයතනයෙන් බලා කිව්වේ මට ලබා දිය හැකි බවයි, මම අදාළ මුදල ගෙවීම කළා නමුත් සති 2කක් ගතවුනා කිසිවක් සිදුවුනේ නෑ ඉන්පසු මම ඔවුන්ට පැමිණිලි කල විට අංකයක් ලැබුනා, දින කියයකට පසු මට දැනගත් හැකි වුයේ ඔවුන් නැවත පරික්ෂා කර මගේ නිවාස තිබෙන තැන ලුප් නැති බව කියා ලබා දිය නොහැකි බවයි මම නැවත ඔවුන් අමතා ලුප් ඇති තැනක් ගැන කීවිට මට කිව්වේ ඔව් ලබාදෙන්න පුළුවන් නමුත් කණුවක් දාන්න ඕනේ ලෙසයි දින කීපයකට පසු නැවත අදාළ අංකය යොමුකළ විට ඉදිරි දිනකදී කනුව දමන බව කිව්වා, නැවත දිනකිපයකින් ඔවුන් කනුව දමා තව දින කීපයකින් මට සම්බන්දය ලබාදුන්නා.

      මෙහිදී ඔවුන්ගේ පැමිණිලි අංකය මගින් මගේ සම්බන්දයට වී ඇත්තේ කුමක්දැයි මට සොයාගන්න පුළුවන් උනා.
      http://lankasithuwili.blogspot.com/2016/05/smartline-fttx-review-about-smartline.html

      මෙනිසා මේවා කල නොහැකි දේ ලෙස සිතීම නොකළ යුතුයි. මතක තබාගන්න මගේ පියා SLT දුරකතනයක් සදහා ඉල්ලුම් කර ඇත්තේ 1978 දී පමණ අපට සම්බන්දතාවය ලනුනේ 1987 දී පමණ ටෙලෙකොම් ආයතනය පුද්ගලික අංශයට දීමෙන් මෙය කල හැකි උනේ වෙන මැජික් එකක් නිසා නෙමෙයි
      මෙවැනි දියුණු නමුත් සරල ක්‍රමවේද නිසයි.

      මෙනිසා මෙය ප්‍රායෝගිකව කල හැකිද නොහැකිද කියල බලන්න.

      Delete
    3. මගේ පියා 1979 දී අයැදුම් කළ දුරකථනය ඔහු හට ලැබුණේ 1992 දී. මේ කෝට්ටේ ප්‍රදේශයේ තිබුණු තත්ත්වය.

      1979 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුව 1992 වන විට ශ්‍රි.ලං.ටෙ. බවට පත් වී තිබුණා.

      Delete
    4. AnonymousMay 27, 2016 at 9:31 PM,

      //මගේ පියා 1979 දී අයැදුම් කළ දුරකථනය ඔහු හට ලැබුණේ 1992 දී. මේ කෝට්ටේ ප්‍රදේශයේ තිබුණු තත්ත්වය.//

      ඔය තියෙන්නේ තත්වය, අද වෙනවිට සතියක් ඇතුලත සම්බන්දතාවය ලබාගන්න පුළුවන් මේවා සිදුවී ඇත්තේ නව පාලන විදි යෙදීම නිසයි.

      මට මතක් වෙනවා අදාළ සම්බන්දය 1987 දී ලබාදීමට විශාල සේවක පිරිසක් පැමිණියා.
      නමුත් පසුව අද ඇති නවීන smartline සදහා පැමිණියේ මිනිසුන් 2 නෙකු පමණයි. කනුව සිටවිමට නම් 3 දෙනක් පැමිණියා

      Delete
    5. දුරකථන සම්බන්ධතාව ලැබීම ප්‍රමාද වන නිසා මාගේ පියා 1991 දී එකල තිබූ එකම ජංගම දුරකථන සේවය වන "සෙල්ටෙල්" (අද එටිසලාට්) ආයතනයෙන් ජංගම දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීමට උත්සාහ කළා. එහෙත් මිළ අධිකකම නිසා ඔහු ඒ අදහස අතහැර දැමුවා.

      Motorola DynaTAC ජංගම දුරකථනයේ මිළ රුපියල් 125,000 ක් (අද රුපියලේ වටිනාකම අනුව රු. 722,000) වූ අතර,
      මසකට රුපියල් 2500 ක (අද රුපියලේ වටිනාකම අනුව රු. 14,500) ග්‍රාහක කුලියක් ද,
      ලබා ගන්නා ඇමතුමකට විනාඩියකට රුපියල් 25 ක (අද රුපියලේ වටිනාකම අනුව රු. 145) ගාස්තුවක් ද
      ලැබෙන ඇමතුමකට ඇමතුමකට විනාඩියකට රුපියල් 15 ක (අද රුපියලේ වටිනාකම අනුව රු. 85) ගාස්තුවක් ද
      සෙල්ටෙල් (Celltel) සමාගම එකල අය කළේ ය.

      සෙල්ටෙල් දුරකථන ජාලය එකල GSM ජාලයක් නොව, analog ජාලයකි. එය GSM බවට හැරුණේ 2000 වර්ෂයේ දී ය. මුලදී ජාලය ව්‍යාප්ත වී තිබුණේ කොළඹ නගරය, වත්තල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව සහ පසුව මහනුවර, නුවර එලිය යන ස්ථාන කිහිපයක පමණි.

      මුල් අවුරුදු දෙකේ (1989 සිට 1991 තෙක්) සෙල්ටෙල් ජංගම දුරකථනවලට තිබුණේ 4 ඉලක්කමෙන් ආරම්භ වූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ (දැන් SLT) මැද කොළඹ ස්ථාවර දුරකථන අංකයන් ය. ඒ අනුව, සෙල්ටෙල් ජංගම දුරකථනයක් ඇමතීම සඳහා 01 - 4XXXXX ඇමතිය යුතුව තිබුණි (01 යනු එකල කොළඹ ස්ථාවර දුරකථනවල කේත අංකය යි. --- අද 011).

      Delete
    6. ලාංකික සිතුවිලි කියන මේ වෙනස ටෙලිකොම් තුළ ඇති වුණේ එම ආයතනය විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සිට රාජ්‍ය ව්‍යවසායක් ලෙස වෙනස් කළ සිටයි. නැතිනම් රජයට අයත් කොම්පැනියක් බවට පත් කළ පසුවයි. එය රජයට අයත් සමාගමක් වුණත් කළමනාකරණය වෙන්නේ වෙනත් ඕනෑම සමාගමක් ආකාරයෙන්මයි. විදුලි සාදේශ දෙපාර්තමේන්තුව මේවා මෙහෙයෙව්වා නම් අපි තාම වැඩි දුරක් ඇවිත් නැහැ.

      Delete
    7. ඔන්න ඕක තමයි පැරා මම මෙච්චර අකුරු වියදම් කරගෙන කියන්න හදන්නේ.
      මෙහිදී සිදුවුනේ නවීන පලදයිතාවය මැනීමේ ක්‍රමවේද මෙම ආයතන තුල ස්ථාපනය වීමයි
      එහෙම නැතුව ඉහල වෙනස් කිරීමවත් පහල සේවකයන් හොද මිනිසුන් කිරීමවත් නෙමෙයි,
      අද ඔබ යන්න සම්පත් බැංකුවට හැම කවුන්ටරයකම අදාළ කැෂියර් වරයාගේ කාර්යක්ෂමතාව එන ගනුදෙනු කරුවාට
      ලබාදීමට හැකි ක්‍රියාමාර්ග පැමිණ තිබෙනවා.

      අද මම මේ රටේ විශාල තරුපන්තියක හෝටලයකට මෙගේ IT සේවය සපයනවා කාමර 100ට වැඩි 25කට මදක් වැඩි සේවක පිරිසක් සිටින
      මෙය ERP ක්‍රමයක් මගින් සියල්ල පාලනය වෙනවා කිසිවෙකුට හොර කිරීමක් කරන්න බෑ නාස්තිය අවමයි.

      කලින් ම දන්නවා මෙයට එන පිරිසේ ප්‍රමාණය මේ අනුවයි අදාළ ආහාර ඇනවුම් කරන්නේ .
      මෙවැනි ක්‍රමයක් ඕනෑම ආයතනයක ක්‍රියාත්මක කල හැකියි, මෙවැනි ක්‍රමයක් නිසි ලෙස ක්‍රියාත්මක කල වහාම සොරකම් කිරීම අවම වෙනවා
      කලකට පෙර ජාතික ජලසම්පාදක මණ්ඩලයට මගේ මිතුරෙක් රැකියාවක් ලැබී ගියවිට ඔහුට ලැබුනේ මෙවැනි ERP (Enterprise resource planning)
      ක්‍රියාත්මක කිරීමටයි, ඔහු පසුව ඇමරිකාවට ගියා, ඔහු මට කිව්වේ මෙහි වුර්තිය සමිතියේ ඉහල නිලදාරීන් ඔහුට බලපෑම් කලේ අදාළ වැඩපිළිවල හැකි සෑම විටම
      අක්‍රිය කර තබාගන්නා ලෙසයි.

      වෙන රටවල කරලා තියෙන්නේ මෙවැනි අංශ වෙනම ආයතනවලට පවරලා ඒවාට කිසිවෙකුට ඇගිලි ගහන්න බැරි විදියට නීති සම්පාදනයයි මෙනිසා ඕනෑම පුද්ගලයකුට දඩුවම් විදීමට සිදුවෙනවා වරදක් කලොත්.

      මේ රටවල් ඉතා හොද හැසිරීමක් තියෙන්නේ ඔවුන් හික්මුන පුරවැසියන් නිසා නෙමෙයි වරදක් කලොත් දඩුවම් ලැබෙන ක්‍රමයක් ඇති නිසයි.

      අද රනිල් කරනවානම් කරන්න ඕනේ මෙවැනි ක්‍රම ඇති කිරීමයි එකට ඔබකියන විරුද්ද තා ඇතිවෙන්න පුළුවන් නමුත් ජනතාව දැනුවත් කලවිට මය කල හැකියි උදාහරණ අද නවකවදයට පක්ෂව කිසිවෙක් ප්‍රසිද්ධියේ පෙනීසිටින්නේ නෑ මොකද විසාල ජනමතයක් තියනවා.

      Delete
  14. අග්‍රාමාත්‍ය රනිල් ශිරාන් වික්‍රමසිංහයන් දුර්ලභ ධනපති දේශපාලඥයෙකු බව අවිවාදිත ය. වික්‍රමසිංහයෝ පරිණත, විචක්ෂණ හා ධෛර්යවන්ත පෞරුෂයක් වන්නාහ. සමහසතළිස් වසක් ධනපති දේශපාලනයක නිරත එතුමන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය අරබයා අනුයනු ලබන අදීන අස්ථානය සම්භාවනීය ය. වික්‍රමසිංහයන් ජාතික සංහිඳියාව සඳහා කළ කැපකිරීම ද දූරදර්ශී සම්ප්‍රදානය ද ඇතැම් ලාංකීය නාමමාත්‍ර වාම දේශපාලන නායකයන්ගේ එකී කාරණය පිළිබඳ අස්ථානයට වඩා අත්‍යුත්කෘෂ්ට ය. තම පෞද්ගලික අර්ථසිද්ධිය උදෙසා ජාතිකත්වය උත්කර්ෂණයට ලක් කිරීමේ සිල්ලර දේශපාලනයක එතුමෝ එදා මෙදා තුළ කවර කලෙකවත් නො යෙදුණහ. අපමණ විසංවාදයන් මධ්‍යයේ වුව නිර්මල වාමාංශිකයනට ද වික්‍රමසිංහයන් වාර්ගික ගැටලුව අලළා කළ මැදිහත් වීම සමඟ යම් පමණකට හෝ එකඟ විය හැකි ය. එසේ පැවසීම අපගේ වාමාංශික පතිව්‍රතතාව කෙලෙසා ගැනීමක් වන්නේ ද නැත.

    වික්‍රමසිංහයෝ අවම වශයෙන් දශක දෙකක කාලයක් හෝ ජාතික ප්‍රශ්නය අලළා යුදමය නො වූ දේශපාලනමය වූ විසඳුමක අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටියහ. දකුණේ ජාතිවාදී, ජාතිකවාදී, ආගම්වාදී හා ගෝත්‍රවාදී බලමුළුවල නිර්දය විවේචනයන්ට ද අනවරත පුද්ගලාලම්බන කලල් හෙළුමට ද මුහුණ දෙමින් වික්‍රමසිංහයෝ නො සැලෙන ඉන්ද්‍රකීලයක් සේ තම සාධනීය එළැඹුමට ම ආසක්ත ව සිටියහ. ඒකී අස්ථානය විසින් වික්‍රමසිංහයන්ට අහිමි කරන ලද දේ අතිමහත් ය. වික්‍රමසිංහයෝ එකී අස්ථානය සඳහා කළ ගෙවීම ද සුවිසල් ය. ධනපති දේශපාලන ධුරාවලියේ උච්චස්ථානයට ම නැඟ ගැනීමට එතුමන්ට තිබූ අවස්ථා කීපයක් ම මඟහැරුණේ ද එකී සද්සම්භාවනීය අස්ථානය නිසා ම ය. එහෙත් ඒ කවර අහිමිවීමකින් හෝ වික්‍රමසිංහයෝ උකටලී නො වූහ. සිව්වරක් මෙරට අගමැති පදවිය හොබවන්නට එතුමන්ට වාසනාව ද කුසලතාවය ද තිබිණ.

    රනිල් ශිරාන් වික්‍රමසිංහ ශ්‍රී නාමය ශ්‍රී ලංකාවේ අතිසුවිශේෂී ධනපති දේශපාලන නායක නාමාවලි හොබවන්නකි. ඔවුහු ලාංකීය ධනපති දේශපාලනයේ අවිවාදිත අතිදැවැන්තයා වන ජූනියස් රිචර්ඩ් ජයවර්ධනයන් තරමට ම කුශාග්‍ර වූ ද විභවතාපූර්ණ වූ ද දේශපාලනඥයෙක් වන්නාහ. ජයවර්ධනයන් සේ ම වික්‍රමසිංහයෝ ද ඉවසිලිවන්ත ය. වරක් වරීන්ද්‍ර ටාසී විට්ටච්චීන් ජයවර්ධනයන් පිළිබඳ ලියූ පරිදි ම, වික්‍රමසිංහයන් ද පා ආවරණ පැලඳ, පිතිකරණයට තමනට අවස්ථාව පැමිණෙන තෙක් බොහෝ කලක් බලා සිට, අවස්ථාව පැමිණි කල ඇති වෙන්නට ම එම අවස්ථාව භුක්ති විඳින බවක් පෙනේ. එහෙත් ජයවර්ධනයන්ගේ තරමට ම වික්‍රමසිංහයන්ගේ දේශපාලන දත්ත සටහන සුදීප්ත නැත. අප මෙම විෂමතාවයට මූලික හේතුවක් ලෙස දකින්නේ වික්‍රමසිංහයන්ගේ දේශපාලන සමාගම තුළ ජයවර්ධනයන්ගේ සමාගම තුළ සිටි ආකාරයේ පරිණත, සුවියත් හා නිපුණ සහයකයන්ගේ මඳ බව ය. සත්‍ය ලෙස ම, ධනපති අර්ථයෙන් ප්‍රභාමත් දේශපාලනඥයන් වූ ගාමිණි, ලලිත්, ප්‍රේමදාස හෝ රොනී වැනී කාර්යශූර චරිත වික්‍රමසිංහයන් වටා නැත. වික්‍රමසිංහයන් වටා සිටින්නෝ හුදු කයිවාරුකාර පුස්සෝ ය. ඔවුනට නිසි ඉගැනුමක් ද කුසලතාවක් ද මහජන අභිලාෂයන් ප්‍රතිග්‍රහණය කරගත හැකි ජනවිඥානයක් ද නැත. එනිසා වික්‍රමසිංහයන්ගේ අනර්ඝ අධ්‍යාශයන් සැම දා රජස් බවට පත් වේ.

    සුදුස්සාට සුදුසු තැන නො දීම වික්‍රමසිංහයන්ගේ ප්‍රබල දුබලතාවයකි. එකී දුබලතාවය විසින් වික්‍රමසිංහයන්ගේ බුද්ධිමය විභවය ප්‍රායෝගික ව සුපුෂ්පිත වීම නිතොර වළක්වනු ලැබේ. මේ සියවස ඇරඹුමේ දී වික්‍රමසිංහයන් ජාතික ප්‍රශ්නය සඳහා කළ සාධනීය වූ ද යුදමය නො වූ ද දේශපාලන මැදිහත්කරණය සාර්ථක කර ගැනීමට ඔවුනට නො හැකි වූයේ ද මානව සම්පත් කළමනාකරණයේ දී ඔවුන් විසින් ප්‍රකට කෙරෙන එකී දුබලතාවය නිසා ය. ජාතික ප්‍රශ්නය සඳහා යුදමය නො වූ දේශපානලනමය විසඳුමක් සඳහා ලාංකීය මහජන විඥානය පුබුදුවා ජනමතයක් ගොඩ නැඟීමට වාමාංශික හා ලිබරල් බුද්ධිමතුන්ගේ සහය ලබා ගැනීමට ද ඔවුනට අවස්ථාවක් ලබා දීමට ද වික්‍රමසිංහයෝ උනන්දු නො වූහ. අවසානයේ දී සිදුවූයේ ඊනියා ජාතිවාදී, ජාතිකවාදී, ගෝත්‍රවාදී හා ආගම්වාදී වාචාල හැතිකරය විසින් වික්‍රමසිංහයන් මේ රට බෙදන, මේ රට විනාශ කරන රාක්ෂසයෙකු ලෙස අසත්‍ය මතයක් ප්‍රචාරණය කර දේශපාලන බලය උදුරා ගැනීම ය. එහි ප්‍රතිඵල අප පසුගිය දශකයක් පුරා අත්විඳ ඇත.

    ctn...

    ReplyDelete
  15. වික්‍රමසිංහයන් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඇති බවක් ද නො පෙනේ. ඔවුන් විසින් යෝජිත දූරදර්ශී වැඩ පිළිවෙළක් වන එට්කා හෙවත් ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා එකඟතාවයට එරෙහි ව අසත්‍ය වූ ද අදූරදර්ශී වූ ද මහජන කැලඹවීමක් දැන් දැන් පෙර කී ඊනියා ජාතිවාදී, ජාතිකවාදී, ගෝත්‍රවාදී හා ආගම්වාදී අවස්ථාවාදීන් විසින් ද ඊනියා වෘත්තීය සමිති අටමගලකරුවන් විසින් ද සිදුකරනු ලබන බවක් පෙනේ. වික්‍රමසිංහයෝ තවමත් නිහඬ නිද්‍රා ව්‍රතයෙන් ම සිටිති. එකී එට්කා වැඩ පිළිවෙළ පිළිබඳ සාධනීය මූලධර්මීය එකඟතාවයක් ඇති, ඒ පිළිබඳ බොල් නො වූ හඬක් ඇති, ඒ පිළිබඳ ජන විඥානය පුබුදුවන්නට සඵල මැදිහත්වීමක් කළ හැකි ලිබරල් බුද්ධිමතෙකු වන මතුගම අජිත් පැරකුම් ජයසිංහ වැනි සුධීමතුනට පුළුල් අවස්ථාවක් ලබා දීමට වික්‍රමසිංහයන් තවමත් අවධානය යොමුකර නැත. එනිසා, බේරේ ගෙදර මහ පුටුවට තවමත් සුදුස්සෙකු පත් ව නැති අවධියක ද මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ තවත් ඩබ්ලිව් තුන ලංකාහී වියුණුසටහන් තබමින් ම සිටිති. තමන් වෙනුවෙන් උපරිම සේවයකට සැදී පැහැදී සිටින දක්ෂ මිනිසුනට වික්‍රමසිංහයන් වහා ම නිසි තැන ලබා දිය යුතු ය.

    ප්‍රියවයස්‍ය අභිනතියට වික්‍රමසිංහයන් දක්වන ලාලසාව විසින් ඔවුනට විනාශයක් විනා යහපතක් නම් සිදු කරනු ලබන්නේ නැත. ජරාපත් හිවලුනට රන්තලිවල මුත්‍රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින තත්ත්වයක් ද සැහැල්ලු ලබු කබල් දියේ පාවෙන්නේ නැති ව බර වස්තූන් මෙන් දියේ ගිලෙන තත්වයක් ද විශාල ගල් ජලයෙහි පාවෙන තත්ත්වයක් ද මෙරටේ ඇති වන්නට වික්‍රමසිංහයන්ගේ මෙකී නො කී ලුහුඬුකම් ද හේතු වූ බව පිළිගත යුතු ය.
    ජයසිංහයන් විසින් කතිකාවට ගෙන එනු ලැබූ නිසා අවසාන වශයෙන් මෛත්‍රී වික්‍රමසිංහ සිරිමතිය පිළිබඳ ද කෙටි සටහනක් තැබිය යුතු ය. සෑම සාර්ථක මිනිසෙකු පිටුපස ම ගැහැනියක සිටින බව අජිත් පැරකුම් ජයසිංහයෝ පවසති; එය සත්‍යයකි. එලෙස ම සෑම අසාර්ථක මිනිසෙකු පිටුපස ම ද ගැහැනියක සිටින බව ද අජිත් පැරකුම් ජයසිංහයනට අප මතක් කර දිය යුතු ය. මෝඝමඳමානයෙන් තොර භාර්යාවක ලැබීම ස්වාමිපුරුෂයෙකුගේ වාසනාව ය. එනයින් රනිල් වික්‍රමසිංහයෝ ද අජිත් පැරකුම් ජයසිංහයන් සේ ම වාසනාවන්තයෙකි. මෛත්‍රී වික්‍රමසිංහ සිරිමතිය උගත් බුද්ධිමත් ස්ත්‍රියකි. ඇය රාජ්‍ය නායකයෙකුගේ භාර්යාවක ලෙස තම හිමිකම් හා යුතුකම්වල සීමාවන් (ජයසිංහයන්ගේ වදනින් කිවහොත් “ප්‍රොටෝකෝලය”) මැනවින් දනී. මෑතකාලීන ලාංකීය දේශපාලන ඉතිහාසයේ බොහෝ රාජ්‍ය නායකයන්ගේ “ආර්යාවන්ට” තමා කවරෙකු ද යන්න නොදැනීමේ අනන්‍යා අර්බුදය තිබිණි. මෙරට පමණක් නො ව එක්සත් ජනපදයේ ද ආර්යාවන්ට මෙකී අර්බුදය තිබේ. එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති ධුරයට පත්වන්නට බලා සිටින හිලරි ක්ලින්ටන් මැතිනිය තම ස්වාමිපුරුෂයා වන බිල් ක්ලින්ටන් ජනාධිපති ව සිටි සමයේ කළ අකටයුතු දැන් දැන් කරළිය පැමිණෙමින් පවතී. එහෙත් වික්‍රමසිංහ සිරිමතියට එවන් ගැටලු නැත.

    අවසාන වශයෙන් අපගේ මතකයට නැඟෙන්නේ ලුවී අල්තූසර් මියගිය කළ ප්‍රංශ සමාජවාදීන් පැවසූ ප්‍රකාශයකි:

    “ඔහු ස්ටැලින්වාදියෙක් වූයේ ය. එහෙත් සෑම ස්ටැලින්වාදියෙකු ම ඔහු වැනි නො වී ය.”

    රනිල් ශිරාන් වික්‍රමසිංහයෝ ධනීධන ධනපති දේශපාලනඥයෙක් වන්නාහ. එහෙත් සෑම ධනපති දේශපාලනඥයෙකු ම ඔහු වැනි නො වී ය.

    ReplyDelete
  16. පැරා.....රාජ්‍ය සේවයේ ආකල්ප දියුණු කරන්න නම් උඩ ඉඳලා පල්ලෙහාට හදන්න පටන්ගන්න ඕන. හැබැයි හැමෝම හදන්න යන්නේ පල්ලෙහා ඉඳලා උඩට. ශ්‍රීලාංකික රාජ්‍ය සේවකයා කියන ඔටුණු සංකල්පය පිටරටකදීවත් වෙනස් වෙන්නේ නැහැ. මා සිටිනා රටේ මහ කොමසාරිස් කාර්යාලය උදාහරනයක්.

    කන්තෝරුව..,කන්තෝරුව..මම වැඩකරන
    මේක තමයි මා හට ඇති විනෝද උයන

    ඕක තමයි සංකල්පය.


    පලාත් පාලන නියෝජිතකම නැහැ කියලා නාහෙන් අඬන එකෙක් හරි මේ ආපදාවේදි දක්වපු දායකත්වය මොකක්ද? උන් හිටියා නම් ඒකටත් විදිනවා හැර මොන කතාද? ඔය උදේනි අතුකෝරල හොර නායකයෙක්නේ.

    ReplyDelete
  17. රනිල් යනු ගස් නැති පක්ෂයක තුත්තිරි ගසකි. එහෙම නැත්නම් වැඩ බැරි ටාසන් කෙනෙකි. බලය නැතිව විපක්ෂයේ ඉන්නතාක්කල් සුබුද්ධිමතෙකි, අවස්ථාවක් නොලැබුනු අති දක්ෂයෙකි, මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකි. හැබෑ ස්වරූපය පේන්නේ බලය ලැබුනු විටය.
    පැරාල දැඟලුවාට මේ ටාසන්ට ගස් යන්න උගන්නනවා බොරුය. රනිල් යනු අනුර බණ්ඩාරනායක මෙන් වැරදි රස්සාවක් තෝරාගත් පුද්ගලයෙකි.

    ReplyDelete
  18. දේශපාලකයන් අතින් නැටවෙන එක පුරුද්දක් වෙලා වගේම "පුරුද්දක්" නැති කිරීමට කාලයක් ගත වෙනවා පැරා කාලයක් ගිහින් එය නැති කළත් රාජ්‍ය සේවය හසුරවන AR එක හා FR එක පැලැස්තර දමමින් පැමිණියා මිස කාලයට, අවස්ථාවට ගැලපෙන විදිහට වෙනස්කම් ඇතිව සකස් නොවුනොත් මන්දගාමීත්වය හා පසුගාමීත්වය කිසිදිනක මග හැරිය නොහැකියි. මේ පොත් දෙක රාජ්‍ය සේවය ඇතුලෙම ඉන්න අය හදුන්වන්නෙ "නෑ" පොත හා "බෑ" පොත ලෙසින් සමහරු ඔය පොත් දෙක "මන්දගාමී" පොත සහ "පසුගාමී" පොත විදිහටත් නම්කරනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා