ජවිපෙ දිවයින සමග ගියේ ඩීල් එකක් ද?

ජවිපෙ පෝස්ටර් ගැසීම මධ්‍යගතව මෙහෙයවෙන ක්‍රියාවකි. එ්වායේ සටන් පාඨ තීරණය කරන්නේ දේශපාලන මණ්ඩලයයි. ජවිපෙ දැන් ඉස්සර තරම් සටන් පාඨ පෝස්ටර් ගහන්නේ නැත. අප්‍රේල් සමරුව, මැයි දිනය, ඉල් මහ විරු සමරුව සඳහා අලවන කැලැන්ඩර් පෝස්ටර් හැරුණු විට සටන් පාඨ සහිත පෝස්ටර් ඇලවෙන්නේ කලාතුරකිනි. 

ජවිපෙ ගැන ඉරිදා දිවයින පත්තරයේ නොවැදගත් මුල් ප්‍රවෘත්තියක් හා විශේෂාංග ලිපියක් ඇත. සම්බන්ධතා පුරුක් ඔස්සේ ඒවා කියවා බලන්න. එහි ඇති දෙයක් නැත.

ඉරිදා දිවයින පිට වන්නේ සෙනසුරාදා ය. ඉරිදා ම ජවිපෙ නායක මණ්ඩලය  මාධ්‍යයට විරිත්තමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වී ය. සඳුදා උදේ වන විට රට පුරා ම පෝස්ටරයක් අලවලා ය. 

ඒ කියන්නේ මේ පෝස්ටරය ගැන තීරණය කිරීම, මුද්‍රණය, බෙදාහැරීම හා ඇලවීම යන සියලු ක්‍රියා පැය 48ක් පමණ ඇතුළත කර තිබේ. ජවිපෙ නම් කියනු ඇත්තේ එය ඔවුන්ගේ සංවිධාන ශක්තියේ තරම බවයි. පක්ෂයෙන් කියන ඕනෑම මරි වැඩක් කරන කේඩරයක් ඔවුන්ට සිටින බව මෙම සිද්ධියත් සමග පැහැදිලි ය.

එහෙත්, මේ සිද්ධිය මෙහෙම වෙන්නත් පුළුවන. ජාතිවාදය හා කීර්ති වර්ණකුලසූරිය පන්නයේ අඥානකම විකුණාගෙන යන්තම් තල්ලු වන දිවයින සමග මෙවැනි හබයක් පටලවා ගැනීමේ සිට දිවයිනට දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන් මෙම පෝස්ටරය රට පුරා ඇලවීම දක්වා සිද්ධි දාමය මනා ලෙස සැලසුම් කරන ලද අලුත් ම පන්නයේ මාකටිං ප්‍රමෝෂන් එකක් වෙන්නට බැරි ද? මීට පෙර ජවිපෙ සනීපාරක්ෂක තුවා වර්ගයක පෝස්ටර් ප්‍රචාරක කොන්ත්‍රාත්තුව කර අත්දැකීම් ලබා තිබේ. 

මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ වටිනාකම රු. කෝටි පහකට පමණ පහසුවෙන් තක්සේරු කරන්නට පුළුවන. 

ජවිපෙ වෙනුවෙන් මේ පෝස්ටර් ඇලවීම සිදු කළ මල්ලිලාට එය පැහැදිලි කර දුන්නේ කෙසේ ද යන්න නො දනිමි. සමහර විට එහි කිසිදු පැහැදිලි කිරීමක් නැති වන්නටත් පුළුවන. ඕඩර් එක හා පෝස්ටර් එක එවීම පමණක් ඇත. පොඩිවුන්ට රොටි පුච්චා දිය හැකි පිටි ටිකෙන් පාප්ප හදාගෙන නිදි මරාගෙන පෝස්ටර් ගසා ඒවා රකින්නටත් ඇත. රෙද්ද පෙන්නන එක විතරක් ඇති ය. මිළ දී අරගෙන, කපාගෙන, මහගෙන ඇඳගන්නා කේඩරයක් ජවිපෙට සිටියි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජවිපෙට ඡන්ද නැත. දිවයිනට පාඨකයන් නැත.

    ReplyDelete
  2. අජිත් පැරකුම්ට ඇට දෙක නැත !

    ReplyDelete
    Replies
    1. පැරා මුගෙ කස්ටමර් කෙනෙක් වගේ. :D

      Delete
  3. ජවිපෙ දිවයිනට නඩු දාන ගමන්, ඔය ගමන් බිමන්වල තොරතුරු සත්‍ය හෙලිකරා නම් ඉවරයිනේ. දිවයින විතරක් නෙමේ මේ ඔක්කොම මාධ්‍ය කරන්නේ එක එකාගේ කොන්ත්‍රාත්. නමුත් ජවිපෙ පෝස්ටර් කැම්පේන් එක හරහා දිවයිනේ මාකටින්ග් කරනවා කියන එකනම් පැරාගේ හිතලුවක් කියලා මම කියන්නේ.

    පැරා ඔය සැනිටරි ටවල් පෝස්ටර් කේස් එක මොකක්ද?

    ReplyDelete
  4. ජෙපන් අතර හොඳම බඩු වනාහී පරාජිකා වී හෝ පස්ස පැත්තට පාරක් වැදී ඉවතට වීසි වූ අයවලුන් ය. ඔවුන් දෙන පොර ටෝක් අසමින් හිටියාම බඩගිනි පවා නොසෑදේ.

    අවාසනාවකට මෙන් තවමත් ජෙප්පෙක් වී සිටිනා හාදයෙකු හා කතාවට සැඨ් වුනොත් බඩගිනි කෙසේ වෙතත් දිවි නහගැනීමට නම් සිතේ!

    ReplyDelete
    Replies
    1. මාරාගේ අසුචි ගොඩේ ලැගීම ඊට වඩා සැපයි වගේ බොට නේද?

      Delete
    2. // මාරාගේ අසුචි ගොඩේ ලැගීම ඊට වඩා සැපයි වගේ බොට නේද?

      //

      එසේය!

      :D

      Delete
  5. පැරාගෙත් කුමන්ත්‍රන න්‍යායවල් තියෙනවා බලාගෙන ගියාම!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මෙය කුමන්ත්‍රණයකැයි කියන එක ජවිපෙට නම්බුවකි. එහෙම නැතිනම් කියන්නට සිදු වන්නේ ඉතා බොළඳ වැඩක් ය කියා ය.

      Delete
  6. පැරා ජ. වී .පෙ. ට විරුද්ධ බව හොඳටම පැහැදිලි වන පොස්ට් එකක් !!!! එතකොට පැරා මේ නිව්ස් එක විමල් විරවංශ ගේ ලංකා සි වෙබ් අඩවියේ වැටුනෙත් ඩීල් එකකින් වෙන්න ඇතිනේද?? ඔය සාරස කියන හාදයට පේරාදෙණියේ ඉද්දි ජ.වී.පෙ සම්බන්ද ශිෂ්‍යයෙක් .... කේ ඇරලද කොහෙද?

    ReplyDelete
    Replies
    1. මා සිතා සිටියේ පුකේ අරින් උන් ඉන්නේ එජාපයේ පමණයි කියලාය....

      Delete
  7. මෙය ඩීල් එකක් බව ඇත්තය.

    එම ඩීල් එක නිසා දිවයින ට පබිලිසිටියක් ලැබී තිබෙනවාද විය හැක. (එහෙත් දිවයින ට මෙවැනි දේ සිදු කර පබ්ලිසිටි ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවක් කිව නොහැක. දිවයින පත්තරේ සර්කියුලේෂන් එකේ අවුලක් ඇති බවක් නොපෙනේ. කොහොමත් දිවයින පත්තරේ ස්ට්‍රෙන්ත් එක, එහි සර්කියුලේෂන් එක නෙමේය. දිවයින පත්තරේ ඇඩ්වර්ටයිසිං රේට්ස් ටිකක් වැඩිය. ඒකට හේතුව, සර්කියුලේෂන් එක නොව, දිවයින පත්තරේ දාන ඇඩ් වල ඉම්පැක්ට් එක වැඩි බවට මතයක් තිබීමය. මේවගේ වැඩ වලින් ඒ සඳහා පොසිටිව් කන්ට්‍රිබියුෂන් එකක් සිදු වේ යැයි සිතීම අසීරු ය.)

    මෙතැන ඇති ඩීල් එක වෙන දෙයකි.

    මෙතැන දී සිදු වූයේ, ජවිපෙ බොල්ශෙවික් පක්ෂය තුල අනුර කුමාර කෙරෙහි මතුව ආ විරෝධය දිය කර හැරීම සඳහා නිමල් වෙල්ගම සහ අනුර කුමාර එකතු වී පොඩි නාට්‍යයක් රඟ දැක්වීමයි. ඒ අනුව දැන් කියන්නේ අනුර කුමාර ව එලවීම රාජපක්ෂ හිතවතුන් ගේ උවමනාවක් බවත්, රාජපක්ෂ හිත්වතුන්ගේ උවමනාව සහ බොල්ශෙවික් පක්ෂයේ උවමනාව සමපාත වීම හොඳ නැත යන්නයි.

    පාරම්බෑවාට, ජවිපෙ දිවයින ට නඩු දාන්නේ නැත. දිවයින ලිපියේ නඩු දාන තරම් දෙයක් ලියවී ද නැත. පෝස්ටරය ට එරෙහිව, දිවයින, ජවිපෙ ට නඩු දානේ ද නැත. පෝස්ටරයේ ද වචන පටලවාලා ය. මේවාට කියන්නේ නඩුත් හාමුදුරුවන් ගේ; බඩුත් හාමුදුරුවන් ගේ කියා නොවේය. මේවාට කියන්නේ පැමිණිල්ලත් විත්තියේ; විත්තියත් පැමිණිල්ලේ කියා ය.

    දිවයින ලිපියේ තිබෙන සියල්ල බොරු නොවේය. අයර්ලන්තය ට පැන ගියේ, පක්ෂය තුල අනුර කුමාර ට එරෙහිව කැරැල්ලක් මතුව ආ නිසාය. එහෙත් දැන් එය, නිමල් වෙල්ගම සමග එකතු වී ගොඩ දා ගෙනය.

    ReplyDelete
  8. ජවිපෙය, දිවයින පත්‍තරේ වර්ජනය කරන ව්‍යාපාරයක් අර්ඹන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. 1980 දශකයේ මුල් කාලෙ ජවිපෙ පාවිච්චි කළ මේ පාඨය මතකද? “බේරෙ ගෙදර, සල්ලි ගෙදර, හොල්මන් ගෙදර පච පත්තර වර්ජනය කරමු."

      මේ කියන්නේ ලේක්හවුස්, දිවයින හා දවස පුකාශනායතනවල පත්තර බවයි මට මතක.

      Delete
  9. පැරා මචං, මේකයි මෙතන තියෙන අවුල. උඹ නිකං වැටකොළු, බණ්ඩක්කා, පතෝල කතා කියන්න එපා. දිවයින වැනි අධිපති මාධ්‍ය සංරචකයක පළ වූ එකී විශේෂාංග ලිපිය “නොවැදගත්”, “එහි ඇති දෙයක් නැහැ” වැනි වැකි මඟින් අවප්‍රමාණය කළ යුතු නැත. මක්නිසා ද යත් එකී ලිපිය විසින් හැගවුම්කරණය කරනු ලබන ඊනියා සදාචාර සහ සත්භාව සම්මතයන් සුළුපටු ඒවා නො වන නිසා ය. පැරා මෙහි දී තම ජවිපෙ විරෝධී මනෝභාවයන් උද්දීපනය කරන දිවයින, එහි ඇති වර්ගවාදී, ආගම්වාදී හා ජාතිවාදී වසුරු ද නො සකා වැලඳ ගනී. පැරාගේ ඊනියා ලිබරල් ධනවාදී සමාජ සාධාරණත්ව මූලධර්මවල දරිද්‍රතාවය පමණක් නො ව පැරාගේ කුහකකම ද එමඟින් ප්‍රකට වේ. ක්‍රියාව ප්‍රතිඵලය මත ඇගැයීමට ලක්කරන බෙන්තම් සහ මිල් ආකාරයේ පැරණි උපයෝග්‍යතා ප්‍රවාදයක නූතන ඇමරිකානූ වේශය වන කෘත්‍යවාදයේ සරණ යන පැරා, ක්‍රියාව ක්‍රියාවේ ම සාරය මත ඇගැයීමට ලක්කරන කාන්ටියානු යුක්තිවේදය අමතක කර දමයි.එකී අමතක වීම යනු පැරාගේ වංකභාවය යි. ඊනියා ලිබරල් ධනවාදයට නො වැදගත් වන ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා සඳහා මානව වර්ගයාට ඇති හිමිකාරීත්වය වෙනුවෙන් වම සදා පෙනී සිටින බව අපි හඬ නඟා පවසමු.

    දිවයිනේ හෙජමොනික මාධ්‍ය භාවිතාව හෙළා දකිමු! දිවයිනට කඩේ යන පැරා ද හෙළා දකිමු.

    ReplyDelete
    Replies
    1. මචං, මේක සරළ බසින් කියන්න බැරිද?

      Delete
    2. මම නමි හිතන්නේ අනුර කුමාරට නගන පෞද්ගලික චෝදනා වැනි ඒවා වෙනත් ඕනෑම කෙනෙකුට එරෙහිව මතු කරන සාමාන්‍ය ගොසිප්. චම්පික රණවක, විමල් වීරවංශ වගේ අයට මීට වඩා දරුණු විවේචන එල්ල වුණා. අනුර කුමාර බැඳලා තියෙන්නේ තමන්ගේ අම්මගේ හෝ තාත්තාගේ හෝ සහෝදරිය නෙමෙයිනේ. එහෙම වුණත්, මිනිස් සම්බන්ධකම් විග්‍රහ කරගන්න සම්ප්‍රදායික නො වන ඇසක් වාමාංශිකයන්ට තිබෙන්න ඕනැ. මට නම් දිවයින ලිපියේ අනුරට එරෙහිව මතු කරන කාරණාවල කිසිම ගත යුත්තක් නැහැ. හැබැයි මට හිතෙන්නේ ජවිපෙ කේඩරය කියන්නේ මේ වෙනකොට මේවායින් පහසුවෙන් සොළවන්න පුළුවන් තොත්ත බබ්බු ටිකක්.

      Delete
    3. අනුර කුමාර ට එරෙහිව ජවිපෙ අභ්‍යන්තර පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා මෙවැනි පෞද්ගලික චෝදනා වලට වඩා අනුර කුමාර සහ ආණ්ඩුව අතර පවතින සම්බන්ධය පදනම් කර ගත් බරපතල දේශපාලනික චෝදනා ය. විශේෂයෙන් ම ජවිපෙ ආණ්ඩුවේ කොටසක් ලෙස පළල් සමාජය විසින් දකිමින් තිබීමත්, ජවිපෙ සුපුරුදු ආණ්ඩු විරෝධී ගතිකයන් දියාරු වෙමින් තිබීමත් මෙහිදී බලපා තිබෙනවා. (අනුර කුමාර ට එරෙහිව එල්ලවී තිබෙන මෙම ඇත්ත චෝදනා, දීප්ති කුමාර ගුණරත්න ට එරෙහිව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂකය විසින් එල්ල කර තිබෙන චෝදනා වලට සමානයි.) දිවයින ලිපිය මගින් සිදු කරන තවත් දෙයක් නම්, මෙම දේශපාලනික චෝදනා පළල් සමාජය තුල සාකච්ඡා වීමට පෙර, පළල් සමාජයේ කතිකාව ගොසිප් වලින් පුරවා දැමීම යි.

      Delete
  10. Mamath oya saniparakshaka thuwa case eka nam kihipa warakma ahala thiyanawa.

    ReplyDelete
  11. දිවයින යනු ජවිපෙ විරෝධී පුවත්පතක්යැයි කිව නොහැකි පුවත්පතකි.

    රෝහණ විජේවිර ව "මිය යන ලොවක නොමියන මිනිසා ඔබ ය" යනුවෙන් හඳුවනු ලැබුවේ දිවයින විසිනි. මට මතක විදියට, මෙය, ගාමිණී සුමනසේකර ගේ කවියක පදයකි. රෝහණ විජේවීර ට මෙතරම් ඉහළ විරුද නාමයක් මේ රටේ අන් කිසිදු පුවත්පතක් විසින් ප්‍රදානය කර තිබේ යැයි කිව නොහැක.

    රෝහණ විජේවීර ව අත්අඩංගුවට ගැනුනේ කදුරුපොකුණ අත්අඩංගුවට ගැනීමේ සිට එක එකා ව පාවා දීම මගින් අන්තිමේදී එච්. බී. හේරත් වැනි අය මට්ටමේ අය අත්අඩංගුවට ගන්නා තත්වය ට ආ විට, මොවුන් විජේවීර සැඟවී සිටින තැන දන්නා නිසා අන්තිමේදී විජේවීර ද අත්අඩංගුවට ගැනීම මගිනි. විජේවීර ගේ සොයුරිය මේ ගැන කියනුයේ විජේවීර ව අත්අඩංගුවට ගැනීමට පැමිණි හමුදා ජීප් රථයේ බිම විජේවීර ව පාවා දුන් ජවිපෙ සාමාජිකයන් වැතිරී සිටි බවත්, ජීප් රිය අසල ට ගොස් බැලූ විජේවීර ඔවුන් ව හඳුනා ගත් බවත් ය.

    එහෙත් විජේවීරව අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ජවිපෙ අභ්‍යන්තරයේ පවත්වනු ලබන පංති වලදී සාමාජිකයන් ට උගන්වනු ලබන්නේ සහමුළුන් ම වෙනස් කතාවකි. ඒ අනුව විජේවීර ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, සාමාජිකයන් විසින් පාවා දීම නිසා නොව, විජේවීර පවුල ට රෙදි සෝදන යන්ත්‍රයක් මිලට ගැනීමේ දී ලැබුනු රිසිට් පතක් රජයේ ආරක්ෂක අංශ අතට පත් වීම සහ එහි උලපනේ වතු යායේ ලිපිනය සඳහන්ව තිබීම නිසා ය. මෙම රිසිට්පතේ කතාව, විජේවීර ගේ බිරිඳ පොලීසිය ට දුන් කට උත්තරයේ ද තිබෙන බව ඇත්තය. නමුත් රෙදි සෝදන යන්ත්‍රයක් මිලට ගැනීමේ දී උලපනේ ශාන්ත මේරි වතු යායේ ඇත්ත ලිපිනය ලබා දුන්නාය යන්න විශ්වාස කිරීම අසීරුය.

    ඊළඟට ජවිපෙ සාමාජිකයා ට උගන්වන තවත් බොරුවක් නම්, විජේවීර අත්අඩංගුවට ගැනීම සඳහා හමුදා ජීප් රථ පෙළ පිටත් වූ විට ඒ බව ජවිපෙ ට ද දැන ගැනීමට ලැබුනු බවත්, ඒ අනුව විජේවීර ව බේරා ගැනීම සඳහා සෝමවංශ අමරසිංහ වෙනත් පාරකින් ගිය බවත් නමුත් සෝමවංශ අමරසිංහ පවනට බඳු වේගයකින් ගිය ද, චෙක් පොයින්ට් අසල දී සැකයක් ඇති නොවීම පිණිස සෙමින් ගිය නිසා විජේවීර ව බේරා ගැනීම නූලෙන් මිස් වුනු බවය.

    මෙම බොරු, රටේ ප්‍රධාන ධාරාවේ විශ්වාසයන් අතරට එක් කිරීම සඳහා ජවිපෙ හිටපු ප්‍රාචාරක ලේඛම්වරයා මූලිකවම භාවිතා කළේ දිවයින පුවත්පතයි.

    ReplyDelete
  12. දිවයින මාධ්‍යවේදී (?) වඩන පලිහක් සහිත නොමෑන් කෙනෙක් . එක්තරා අවස්තාවකදී . තමන්ගේ මිතුරු සැකකරුවෙක් රිමාන්ඩ්වී සිටියදී ඔහුට ජනතා අනුකම්පාව ලබාගැනීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් අවසරයකින් තොරව පවුතක් පලකොට උසාවියේ උදහසට ලක්වී ඇත.

    ReplyDelete
  13. /**
    ජවිපෙ වෙනුවෙන් මේ පෝස්ටර් ඇලවීම සිදු කළ මල්ලිලාට එය පැහැදිලි කර දුන්නේ කෙසේ ද යන්න නො දනිමි. සමහර විට එහි කිසිදු පැහැදිලි කිරීමක් නැති වන්නටත් පුළුවන. ඕඩර් එක හා පෝස්ටර් එක එවීම පමණක් ඇත.
    */

    ආර්‍යා පෝස්ටර් අලවපු එකේ ලොකු පලිටිකල් ඉම්ප්ලිකේෂන් එකක් නැහැ. ඒකේ ඔන්නං, වෙළඳ ප්‍රචාරණයට දායක වීම කොතරම් දුරට සමාජවාදී ද වගේ දේශපාලන ගැටළුවක් තමයි මතු වුනත්, මතු වන්නේ. මේවා ඔක්කොම, පක්ෂය වෙනුවෙන් ආදායමක් උපයා ගැනීම කියන ගිණුමට තමයි බැර වෙන්නෙ. ඒ නිසා සාමාජිකයා මේවා ප්‍රශ්න කරන්නේ නැහැ.

    ඒත් මේ වගේ නෙමෙයි, 2010 පැරදිලා නන්නත්තාර වෙලා හිටපු ෆොන්සේකා ගේ පක්ෂෙ පෝස්ටරුත්, එක කාලෙක ජවිපෙ න් ඇලෙව්වා. ඒකත් කලේ පක්ෂයට ආදායමක් උපයා ගැනීමට යි කියලා කියන්න පුළුවන් වුනත්, මේ ලෝකෙ කිසිම දේශපාලන පක්ෂයක් තියෙනවාද, සල්ලි හම්බවෙනවා කියලා හරි වෙන දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවන? ඇරත් ඒ දේශපාලන පක්ෂය යන්තමින් හරි ක්‍රියාකාරීව තිබියදී, ඊළඟට ඒ දේශපාලන පක්ෂය ආර්ථිකය සම්බන්ධව මුළුමනින්ම තම පක්ෂය ට වඩා අංශක 180 ක් ප්‍රතිවිරුද්ධ අදහස් දරද්දී, එහෙම පක්ෂයක පෝස්ටර් අලවන සිරිතක් ලෝකෙ කොහේ හරි තියෙනවාද?

    ඉතිං වෙන පක්ෂවල පෝස්ටරුත් අලවන ජවිපෙ සාමාජිකයන් ට, මෙහෙම ආත බූත නැති පෝස්ටර් අලවන එක එච්චර බරපතල ප්‍රශ්නයක් නෙමෙයි.

    ReplyDelete
  14. තවත් චන්ද ප්‍රතිපලයක්.
    http://www.lankaenews.com/news/3952/si

    ReplyDelete
  15. දිවයින ලිපිය දේශපාලන ලිපියකට වඩා මඩ ලිපියකට බර බව වසර 20 කටත් වඩා දිවයින ඉරිදා පාඨකයෙක් වන මා පවසන්නෙ කණගාටුවෙනි. එහි ඇත්තේ බොරුනම් අහිංසක මිනිසෙකුට ඔහුගේ පවුල් ජිවිතයටත් බලපාන අයුරින් පලකල එම ලිපිය ඉතා පිළිකුල් සහගතය.
    නමුත් මෙම ලිපිය හමුවේ ජවිපෙ නායකයින් හැසිරෙන ආකාරය සහ අනවශ්‍ය කලබල වීම ඉතාමත් සැක සහිතය. මේ සම්බන්ධයෙන් නඩු මඟට නොයෑම එම සැකය තවත් තීව්ර කරයි. මටනම් මේ දිනවල ජවිපෙ නායකයින් දකින විට සිහිවන්නේ අබ කෑ එකාගේ මොළය දනවායැයි කියන පරණ කතාවයි. නමුත් දේශයේ හෘද සාක්ෂිය ලෙස හඳුන්වාගන්නා ඔවුන්ම තමන්ගේ හෘද සාක්ෂයි අවධි කල යුතුය.
    මේවා ඇත්තනම් පක්ෂය වෙනුවෙන් අනුර බේරාගැනීමට දඟලන ටිල්වින්, ලාල් කාන්ත වැනි ඉතාමත් වටිනා අවංක දේශපාලකයින්ටද සිදුවන්නෙ කැලලකි.
    මාගේ ජවිපෙ මිත්‍රයන් අමනාප නොවේවායි පතමින්ම කිව යුත්තේ ජවිපෙ සාමාජිකයින් ඔබලා කියන ඕන බොරුවක් විශ්වාස කරන බැවින් මේ දිනවල කරන අපමණ දැඟලිල්ල ඒ සාමාජිකයින් කලකිරීම වලක්වා ගැනීමට නම් එය මේ වන විට සාර්ථක වී ඇත.
    හිටපු ආරක්ෂක ලේකම් වරයා විසින් ඔහුට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මට සිහියට නැගේ. ඔහු පැවසුවේ ඔහුගේ හෝ ඔහුගේ පුතාගේ හෝ බිරිඳගේ නමට ලෝකයේ කොහේ හෝ බැංකුවක මුදල් ඇතිනම් ඒවා ලබා ගැනීමට ඔහු ලිපියක් දෙන බවයි.
    අනුර කුමාරට එසේ පැවසිය හැකිද?
    අනුරට හෘද සාක්ෂියක් ඇතිනම්
    - පළමුව අයර්ලන්තය ගිය ගුවන් ටිකට්පතේ කොපියක් හෝ මිලදී ගත් තැන විස්තර ඉදිරිපත් කොට බිස්නස් ක්ලාස් එකේ නොගිය බව ඔප්පු කල හැකියි
    - බිරිඳගේ පළමු කසාදයේ ළමයාගේ ගිණුම් අංක ලබා දී එහි එවැනි විශාල මුදලක් නැති බව පෙන්වා දිය යුතුයි.
    - අයර්ලන්තයේ ගොස් මාසයක් පුරා කරන ලද එකම කාර්්‍යයක වත් විස්තර ඡායාරූප සමඟ ඉදිරිපත් කල යුතුයි.
    - ඒ සියල්ලටම වඩා දිවයිනට විරුද්ධව නඩු දැමිය යුතුයි.
    ජවිපෙ සාමාජිකයින් අද හඩ පටයක් ෂෙයාර් කරමින් සිටී. මෙම හඩ පටය දිවයින කර්තෘගේම යැයි සිතුවත් අනිත් පැත්තෙන් කතා කරන්නෙ ජවිපෙ හුරු පුරුදු නායකයෙකු නොවේ. එය සත්‍ය නම් ඔහුට දුරකථන ඇමතුමක් දෙන ඕනෑම අයකෙු සමඟ ජවිපෙ වෙනුවෙන් සමාව ඉල්ලයිද? මට ආරංචි පරිදි මෙයත් ජවිපෙම තවත් බොරුවක් වන අතර දිවයින මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් වෙයි.
    මැයි රැළියෙන් පසුව පිටිය සුද්ධ කල ජවිපෙ වෙනදා මෙන්ම ලංකාව පුරා තාප්ප කැත කරමින් දිවයිනට විරුද්ධව පොස්ටර් ගසා ඇතැයි දැන ගන්නට ලැබුණි. ජවිපෙ නායකයින් සහ ඔවුන්ගේ ලංකා පත්තරය මඩ ගහන විදියට අනිත් දේශපාලකයින් පෝස්ටර් ගැහුවා නම් ලංකාවම පෝස්ටර් වලින්ම වැසෙනු ඇත.
    මුං වපුරා අබ නොලැබිය හැකි බවත් තමන් නෙලන්නෙ තමන් වැපිරූ දේවල්ම බවත් සිහිතබා ගතයුතුය. M.A

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා