දූෂණ, වංචා, අපරාධ ගැන විමර්ශන නිසි පරිදි සිදු නො වන්නේ ඇයි? ගල් ගසා මරන උපුල් පිළිබඳ විමර්ශනය පදනම් කරගෙන විමසමු

අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ, 2016-05-22 

රාජපක්ෂ යුගයේ සොරුන්, දූෂිතයන් ගැන කොයි තරම් හෙළිදරව් කිරීම් සිදු වුණත් ඔවුන්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැති බවට නිරන්තරයෙන් ම චෝදනා මතු වේ. ආණ්ඩුවේ ම මැති ඇමතිවරු පවා මේ සම්බන්ධයෙන් තම අතෘප්තිය ප්‍ර‍කාශ කර තිබේ.

සොරකම්, වංචාවලට සම්බන්ධ බවට සමාජයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෝ ම කෝ අපි සොරකම් කළා නම් අල්ලන්නෙ නැත්තෙ ඇයිදැයි අසන්නට පෙළඹෙති. එය ගැන කතා කරන විට නූතන ජන ව්‍යවහාරයේ ඇති විහිළු කතාවක් සිහිපත් වේ.

දුම්රියේ ටිකට් නොමැතිව හොරෙන් ආ මගියෙක් වේදිකාවේදී ටිකට් පරීක්ෂකවරයකුට මාට්ටු වූයේ ය.

"කෝ ටිකට්?"

"ටිකට් තියෙන්නෙ කොහොමද, මං කෝච්චියෙ ආවෙ නැහැනේ," මගියා කීවේ ය.

"තමුන් කෝච්චියෙ ආවෙ ටිකට් නැතිව නේ ද?"

"පිස්සුද? මං කෝච්චියෙ ආවෙ නැහැ. කෝච්චියෙ ආවා නම් ටිකට් තියෙන්න එපා යැ."

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් වූ රාජපක්ෂ පවුලේ සිට ඇමති මණ්ඩලය හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා පිරිස දූෂණ චෝදනා පිළිබඳ මතු කරන තර්කය ද මෙවැනි ය.

දූෂණ කළා නම් චෝදනා තිබෙන්න එපායැ යන තර්කය ඔවුහු රැගෙන එති. ඔවුන් කියන පරිදි චෝදනා නැත්තේ දූෂණ නො කළ නිසා ය.

ඇත්තම තත්වය නම් ‍චෝදනා නැත්තේ විමර්ශන නැති නිසා ය. දේශපාලකයන්ගේ දූෂණවලට එරෙහිව ක්‍රියාමාර්ග නො ගැනීම පසුගිය දිනවල සාමාන්‍ය තත්වය විය. පොලිසිය නම්නීකරණය වී තිබුණේ ම දූෂණ ගැන විමර්ශනය නො කරන්නට මිස කරන්නට නො වේ. එසේම, සමස්ත රාජ්‍ය ව්‍යූහය ම පාහේ දූෂණයට නම්නීකරණය කර තිබුණු එකක් විය. සමාජය තුළ මුල් බැසගෙන තිබෙන දූෂණය ‍අ‍හෝසි කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ.

තත්වය පැහැදිලි කර ගත හැකි සිදුවීමක් ගිය සතියේ සිදු විය. දකුණු පළාත් සභා ධීවර ඇමති ඩී.වී. උපුල් යනු පසුගිය පළාත් සභා මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කර තේරී පත් වූ අයෙකි. මහින්ද රාජපක්ෂ නැවත බලයට පත් වූ පසු මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට පොලිස් කොස්තාපල් දක්වා නිලධාරීන් ගල් ගසා මැරිය යුතු ය යන වෛරී ප්‍රකාශය ඔහු කරන්නේ නාමල් රාජපක්ෂ වේදිකාවේ තබාගෙන ය. ඔහු එම ප්‍රකාශය කරන්නේ මීට වසරකට පෙර 2015 මැයි 31දා ය.

මෙම වෛරී ප්‍රකාශය ඉතා පැහැදිලිව ම රාජ්‍ය විරෝධී ප්‍රකාශයක් වන අතර, රාජ්‍ය සේවකයන් පිරිසකට එල්ල කරන ලද මරණ තර්ජනයක් ද වේ. එම නිලධාරීන් විසින් කර තිබෙන එක ම දෙය නීතිය ක්‍රියාත්මක කරමින් පැමිණිලි විභාග කිරීමයි. මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය හැකි බව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. එසේම, උපුල්ගේ ප්‍රකාශය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදය වැනි ප්‍රචණ්ඩත්වයක් ප්‍රවර්ධනය කරන ත්‍රස්තවාදී ප්‍රකාශයක් ද වේ.

මේ සම්බන්ධයෙන් ඩී.වී. උපුල් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට නිදහස් කරන ලදී. ජුනි 12දා නාමල් රාජපක්ෂ රහස් පොලිසියට කැඳවනු ලැබුවේ ද මෙම ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්න කරන්නට ය.

වසරකට පමණ පසුව, පසුගිය සතියේ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගත් විට රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ කොළඹ විශ්වවිද්‍යාලය විසින් ඩී.වී. උපුල්ගේ ප්‍රකාශය පිළිබඳ ඇති වීඩියෝ සාක්ෂි පිළිබඳ වාර්තාව තවමත් අධිකරණයට ඉදිරිපත් කර නැති බවයි.

මෙම ප්‍රකාශය සිදු කරන වීඩියෝව දැනටත් අන්තර්ජාලයේ තිබේ. එය යූටියුබ් සමාජ ජාලය වෙත ඇතුළත් කළ අය හා ඒ අනුව එය වීඩියෝගත කළ අය සොයා ගැනීම දුෂ්කර නැත. අධිකරණය කොළඹ විශ්වවිද්‍යාලයට පවරන්නට ඇත්තේ මෙම වීඩියෝවේ සත්‍යාසත්‍යතාව විමර්ශනය කිරීමයි. එවැනි විමර්ශනයක් සඳහා මෙතරම් කල් ගැනීම සාධාරණ ද? දැන් මෙම නඩුව ඔක්තෝබර් 26 දක්වා කල් තබා තිබේ.

මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ දූෂණ, අපරාධ හා ඒවා පිළිබඳ විමර්ශන සමග ද රජයේ නිලධාරීන් පවා සම්බන්ධ ව සිටි බවට සාධක රැසක් හෙළිදරව් වී තිබේ. තජුඩීන් ඝාතන විමර්ශනයේදී ඒ බව හෙළිදරව් වෙමින් තිබේ. මේ වන විටත්, නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකරගේ ක්‍රියා කලාපය පිළිබඳව ද විමර්ශනවල දැඩි අවධානය යොමු වී තිබේ.

පසුගිය කාලයේ සිදු වූ දූෂණවල තරම අනුව විමර්ශනය සඳහා සමස්ත පොලිසිය ම යෙදෙව්වත් ප්‍රමාණවත් වන්නේ නැත. රාජ්‍ය බලය යොදවමින් දේශපාලකයන් තම දූෂණ යට ගසා ගත් බව නො දන්නේ කවුරු ද? ඒ ජනාධිපති මන්දිරයේ ලිපි ගොනු අතන මෙතන සඟවා තිබියදී හමු විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතාගේ රියදුරු විසින් හෙළිදරව් කරන ලද පරිදි 2015 ජනවාරි 7දා රු.කෝටි 1260ක මුදලක් බැංකුවකින් ඉවත් කරගෙන තිබේ.

රජය තුළ දූෂණය ආරම්භ වුයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ නො වේ. එය මහින්ද රාජපක්ෂ යුගයේ අවසානයෙන් නිම වූ බවක් ද අපි නො කියමු. එහෙත්, මහින්ද රාජපක්ෂ සමය සුවිශේෂ වන්නේ රාජපක්ෂ යුගය යනු දූෂණය බිම් මට්ටම දක්වා ම විමධ්‍යගත කළ අවදියක් නිසා ය. මිග් 27 ගුවන් යානා හතරක් යුක්රේනයෙන් මිළ දී ගැනීමේදී සිදු වී තිබෙන වංචාවේ සිට දිවිනැගුම වංචාව, ඇවන්ට්ගාඩ් වංචාව වැනි මහා පරිමාණ වංචාවල සිට ඇමතිවරුන්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දක්වා ම කොන්ත්‍රාත් හා කොමිස් මගඩි හා ඊටත් පහළින් ගොවි සංවිධාන විසින් ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම දක්වා දූෂණය විහිදිණි. රාජ්‍ය සේවයේ පහළ ම මට්ටම පවා මේ දූෂණය සමග ගැටගැසී තිබේ. නිකම් සිට හෝ අඩුවෙන් වැඩ කර මහජන මුදලින් වැටුප් ලබා ගන්නා රජයේ සේවකයෝ, මහජන මුදලින් ලැබෙන පොහොර සහනාධාරය නාස්ති කරන ගොවියෝ, සත්‍ය ආදායම් සඟවා සමෘද්ධි සහනාධාර ලබා ගන්නා දිළින්දෝ පවා මේ දූෂණයේ කොටස්කරුවෝ ය.

තම, තම දෝතේ පමණින් දූෂණ සාගරයෙන් නෙළා ගන්නා අස්වැන්න වෙනුවෙන් රාජපක්ෂ පාලනය සමග ගැටගැසුණු දැවැන්ත මහජන බලවේගයක් මේ රටේ සිටිති. ලංකාවේ දූෂිත වන්නේ දේශපාලකයන් හා නිලධාරීන් පමණක් නො වේ. ජනතාව ද අතිශය දූෂිත ය. දූෂණ, වංචා හා අපරාධ පිළිබඳ විමර්ශන නිසි පරිදි කරන්නට අවශ්‍ය උනන්දුව හා ශක්තිය රාජ්‍ය ව්‍යූහයට නැති වන්නේ මෙම සංදර්භය තුළ ය.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතාගේ රියදුරු විසින් හෙළිදරව් කරන ලද පරිදි 2015 ජනවාරි 7දා රු.කෝටි 1260ක මුදලක් බැංකුවකින් ඉවත් කරගෙන තිබේ. //

    නෑ?

    හොරි කසපන් ගිනි පිඹපන් කිවුවලු!

    ReplyDelete
    Replies
    1. ස රස ගොයියා නම් මරාගේ හොරි කහලා ගිනි පිඹින බව කවුද නොදන්නේ?

      Delete
    2. // ස රස ගොයියා නම් මරාගේ හොරි කහලා ගිනි පිඹින බව කවුද නොදන්නේ? //

      thanks mate...

      Delete
    3. අර මිස්ට ගම්මන්පිල කියලා තිබුනේ මෙච්චර සල්ලියක් කොච්චර බරක්ද කියලා එක මිනිහෙකුට බැංකුවෙ ඉඳන් වහනෙට උස්සන් එන්න. දීපන්කො උත්තර.....

      ගූ ගොඩක් කරගහගෙන ඉන්න එවුන්ට ඕකත් බරක්ද මිස්ට.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. Aruna Perera

      Well said.

      Delete
  2. අධිවේගී මාර්ග කිලෝ මීටරයක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 7.1ක් වැය වන්නේ ඒවා රනින් කරන නිසා දැයි ප්‍රශ්න කළ යහ පාලන විපක්ෂය, ආණ්ඩු බලය ලබා ගෙන කඩවත කෙරවලපිටිය අධිවේගි මාර්ගයේ කිලෝ මීටරයක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 7.5ක් හෙවත් ඉතිහාසයේ අධිවේගී මාර්ග කිලෝ මිටරයක් සඳහා වැඩිම මුදල වැය කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර අධිවේගී මාර්ග ඔස්සේ රාජපක්ෂ රජය මහජන මුදල් ගසා කෑ බවට නැඟූ චෝදනාව නිශ්ප්‍රභ කළේ ය. නැතහොත් රාජපක්ෂ රජය වියදම් කළ මිලියන 7.1 ඔස්සේ ගසා කෑ මුදලට වඩා වැඩි මුදලක් මිලියන 7.5 ඔස්සේ යහ පාලන ආණ්ඩු ගසා කෑ බව ඔවුන් පිළිගත යුතු ය.

    මහජන දේපළ සොරකම් කළ අයට දඬුවම් ලබා දෙන පැවසුව ද එවැනි කිසිවෙකු වැරදිකරුවෙකු කිරීමට තබා පිළිගත හැති දූෂණ චෝදනාවක් මගින් නැඟීමට පවා යහ පාලන රෙජිමය අසමත් වී තිබේ. මෙගා මාධ්‍ය සංදර්ශන පවත්වමින් ඇතැම් මැත ඇමතිවරුන් අත් අඩංගුවට ගත්තේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ට භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන තුරු කැබිනට් අනුමැතිය ද සහිතව දිවි නැඟුම අරමුදලින් වන්දි ගෙවීම, ගං වතුර ආපදාව අවස්ථාවේ අවතැන් ජනතාවට බෙදා දීම සඳහා සතොසෙන් රුපියල් ලක්ෂ 50ක ණයට බඩු ගැනීම වැනි චෝදනාවලට ය. අධිකරණය හමුවට එම මුදල් ගෙවා දැමූ බවට සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් වීම සමඟ මේ චෝදනා හුදු ද්වේශ සහගත දේශපාලන පලිගැනීම් විය. විමල් වීරවංශට එරෙහිව නැඟු චෝදනා සිය දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා ම අටවා ගත් නීති විරෝධි “මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය” තුළ ම නිශ්ප්‍රභ වීම ය.

    ජනාධිපතිවරණ සමයේ වේදිකාවල ඉගිල ගිය රාජපක්ෂලාගේ හෙලිකොප්ටර්, ලැම්බෝගිනි, මාළිගා, විදෙස් බැංකුවල මුදල් තැන්පතු ආදි සියල්ල බොරු සහ බොරුම පමණක් බව දැන් අනාවරණය වී තිබේ. රට පුරා ඉදි කළ තරු පන්තියේ හොටෙල් මහින්දගේ මාළිගා යැයි ප්‍රචාරය කර තිබිණි. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට හිමි විදෙස් රටවල හොටෙල් මහින්දගේ බවට කටකතා පතුරුවා තිබිණි. මේ සියල්ල නොව එකක් සත්‍ය නම් ඒය ජනතාව හමුවේ සනාථ කිරීම සඳහා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා මාස 6ක කාලය හොඳට ම ප්‍රමාණවත් ය. එහෙත් ඒ කිසිවක් සිදු නොවූ අතර මේ වන විට රාජ්‍ය මාධ්‍ය ද භාවිත කරමින් තව තවත් මෙගා බොරුවලින් ජනතාව නිර්වින්දනය කරමින් සිටී.

    යාපනයේ පාසල් දැරියක දූෂණය කළේ මහින්දගේ සගයෙකු බවට එජාප නිල Face Book පිටුව ඔස්සේ චෝදනා කළ අතර එය බොරුවක් බව අනාවරණය වුව ද නිවැරදි කළේ නැත. මහින්ද ආණ්ඩුවට එතනෝල් ගෙන්වන බවට චෝදනා කළ අය යහ පාලන රෙජිමය පිහිටුවා මාස 6ක් තුළ අලුතින් එතනෝල් ආනයන බලපත්‍ර 28ක් ලබා දී එතනෝල් මිලි ලීටර් ලක්ෂ 13.9ක් රටට ගෙන්වා තිබේ. එහෙත් 2014 වසර තුළ රටට ගෙන්වා ඇති මුළු එතනෝල් ප්‍රමාණය මිලි ලීටර් ලක්ෂ 14.7කි.

    මාගම්පුර වරායට නැව් නො පැමිණෙන බව කී යහපාලන රජය පසුගිය දා එහි දෙවැනි අදියර විවෘත කළේ සිය චෝදනාව පුස්සක් බව සනාථ කරමිනි. මහින්ද රජයේ විදේශ ගමන් වියදම් පිළිබඳ කතා කර බලය දිනා ගත් යහ පාලන රෙජිමයේ ඇමති කෙනෙකු සහ පුතෙකු දින 100 තුළ විදේශ සංචාර සඳහා රජයේ මුදල් රුපියල් කෝටියක් පමණ වියදම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මහින්ද රාජපක්ෂගේ වාර්ෂික වියදම් ලෙස විපක්ෂය ජනතාව ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරයා යටතේ පැවති සියලු ආයතනවල වාර්ෂික වියදම වූ රුපියල් කෝටි 9,593 වූ අතර එම ආයතන ජනාධිපතිවරයාගෙන් ඉවත් කර අදාළ වැය ශීර්ෂ ද වෙන වෙන අමාත්‍යංශවලට පවරා ජනාධිපති වියදම රුපියල් කෝටි 256 දක්වා ම අඩු කළේ යැයි යහ පාලන රෙජිමය උජාරුවෙන් කීවේ රට ම හිනස්සවමිනි. මහින්ද පෞද්ගලික ගුවන් යානයක් ඇනවුම් කළ බවට චෝදනා එල්ල කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් සමාගමේන් යානා මිල දී ගත් විට ලබා දෙන ප්‍රභූ පැකේජ කුටියක් පදනම් කර ගෙන බව පසුව හෙළි විය.

    ReplyDelete
  3. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්වමින් රාජපක්ෂලාගේ උදේ කෑම වේලක වියදම රුපියල් ලක්ෂ 94ක් වන්නේ යැයි බිල්පතක් ප්‍රදර්ශන කරමින් චෝදනා කළ අතර ඒ බිලෙහිම ඉහළ කෙළවරේ එය රාජ්‍ය නායකයින් සහ නිලධාරීන් 1,300ක් පමණ සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවති දින උදෑසන කෑම සඳහා වියදම බව සඳහන් ව තිබිණි. එම අභූත චෝදනාව පසුදාම මාධ්‍ය මගින් නිවැරදි කළ අතර එවැනි සාපරාධි චෝදනාවක් එල්ල කිරීම පිළිබඳ රටේ ජනතාව හමුවේ මෙගා බොරු කීම පිළිබඳ එජාපය සමාව ඉල්ලා සිටියේ නැත. එම චෝදනාව බොරු බව රට ම දැන සිටින පසුබිමක රනිල් වික්‍රමසිංහ එජාප සමුළුවේ දී ඒ බොරුවම කිසිදු හිරිකිතයකින් තොරව නැවත කීවේ ය.

    මේ අතර යහ පාලන රෙජිමයේ විදේශ ඇමති මංගල සමරවීර මාධ්‍ය හමුවක් පවත්වමින් රාජපක්ෂ පවුලේ විදෙස් වත්කම් ප්‍රමාණය US$ බිලියන 18ක් එනම් රුපියල් ට්‍රිලියන 2.5 ක් බවට විදේශ බුද්ධි අංශ තමන්ට තොරතුරු සපයා ඇතැයි කීවේ ය. පසුගිය වසර 10 තුළ මේ රටට ලැබුණු සියලු ආයෝජන සහ ණය ප්‍රමාණය ද මෙලෙස හොරකම් කළේ යැයි කියන මුදලට වඩා බෙහෙවින් අඩු වීමෙන් මෙය ද සුපුරුදු මෙගා බොරුවක් පමණක් නොව රටේ විදේශ ඇමතිවරයා මෙන් ම ඔහුට තොරතුරු බුද්ධි අංශ ද බිලියන සහ ට්‍රිලියන මොනවා දැයි නොදන්නා බව ද මෙම ප්‍රකාශයෙන් හෙළි විය. මිලියන 1,000ක් බිලියනයකි. බිලියන 1,000ක් ට්‍රිලියනයකි. ඒ අනුව US$ බිලියන 18ක් යනු රුපියල් ට්‍රිලියන 2.5 කි.

    ReplyDelete
    Replies
    1. අමෙරිකාවේ මහා ධන කුවේර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ වටිනාකම ඩොලර් බිලියන 4.5 ක් පමණි.

      Delete
    2. දැන් ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ කිසිදු දූෂණයක් සිදු වී නොමැති බව ද? ගූ බෙට්ටේ ඉස්සරහ පැත්තත්, පස්ස පැත්තත් යන දෙක ම එක ය. ඒ නිසා සංඛ්‍යාලේඛන හරි වුණත්, වැරදි වුණත්, රාජපක්ෂ කරත්, රනිල් කළත්, දූෂණය නම් දූෂණය ම තමා ය. තව කෙනෙක් හොරකම් කරනවා ය කියා කිසියම් සොරකමක් සාධාරණීකරණය කර ගත නො හැකි ය.

      Delete
  4. යහ පාලනය උදා කරන බව පවසා බිහි කර ගත් යහ පාලන ආණ්ඩුවේ භාණ්ඩාගාර මගඩිය නිසා රටට සිදු පාඩුව රුපියල් කෝටි 6,000ට ආසන්න වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසන විට ඊට එරෙහිව නැඟෙන විශ්වාසභංගය යටපත් කිරීම සඳහා තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ජනාධිපති සිරිසේන මහතා රට අමතා ගාම්භීර ලෙස ප්‍රකාශ කර සිටියේ ය. එපමණක් නොව ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන බව පවසා බලයට පැමිණි යහ පාලන රෙජිමය භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ කෝප් වාර්තාව මහජනතාව අතරට යාම වළක්වනු වස් අධිකරණ වාරණ නියෝගයක් ද ලබා ගත්තේ ය.

    මේ අනුව යහ පාලනය යනු අනෙකක් නොව බොරුවට, වංචාවට, දූෂණයට පර්යාය පදයක් ලෙස මේ රෙජිමය භාවිත කරන බව පැහැදිලි ය. ජනවාරි 08 වෙනිදා සිට අද දක්වා දක්වා ප්‍රකාශ කළ චෝදනා වැඩිහරියක් අමුබොරු හෝ අතිශයෝක්තියට නගන ලද බොරු බව ජනතාව පසක් කර ගෙන අවසන් ය. එහෙත් යහ පාලන රෙජිමය කරනුයේ ජනවාරි 08 වෙනිදා දක්වා කී බොරු මත තව තවත් බොරු ගොඩ ගසමින් ජනතාව නිර්වින්දනය කර රටේ බලය ඩැහැ ගැනීම සඳහා ක්‍රියා කිරීම ය. රනිල් වික්‍රමසිංහ ඇමරිකාවට ගොස් මහින්ද පරාජය කරන ආකාරය ඉගෙන ගෙන පැමිණි බව කියන තියරිය මේ මෙගා බොරු ලෝ දියෙහි ජනතාව ගිල්වා ජනතා මතය කොල්ලකෑම විය යුතු ය. හොරකම් පිළිබඳ මෙගා බොරු කියමින් ජනතාව තුළ ඊර්ෂ්‍යාව, වෛරය, කෝපය, රාගය ඇවිළවීම ඉතා පහසු ය. අපහසු ඒවා මැඩලීම ය.

    තමන්ගේ මුදලින් අනෙකා සුරසැප විඳී යන අදහස ජනතාව තුළට කිඳා බස්සවා ඔවුන් තුළ වෛරී ජාගර හැඟීම් මතු කිරීම ඉතා පහසු ය. අපේ ආගමික සංස්කෘතික හර පද්ධති විසින් පිළිකුලින් ප්‍රතික්ෂේප කරන මේ පහත් සිතුවිලි ජනතාව තුළ ව්‍යාප්ත කර ප්‍රතිවාදියා පරාජය කිරීම යහ පාලන රෙජිමයේ උපාය වී තිබේ. ගණිකා වෘත්තිය ජීවිකාව කරගත් ගැහැනියක සිය අඟ පසඟ ප්‍රදර්ශනය කර මිනිසුන්ගේ හැඟීම් කුපිත කර තමන් වෙත ආකර්ෂණය කර ගැනීම සහ මේ මෙගා බොරු මැතිවරණ ව්‍යාපාරය අතර අතර කිසිදු වෙනසක් නැත. මේ ප්‍රෝඩාව පරාජය කළ යුත්තේ එය දේශපාලන පිළිලයක් පමණක් නිසා නොව අපගේ හර පද්ධතිය පවා විනාශ කරන භයානක සංස්සෘතික පිළිලියක් ද වන හෙයිනි.

    යහපාලනයේ ඇට සූප්පු කරන තක්කඩි පාහර කාඩ බල්ලන්ගෙන් අපට ඉල්ලීමට ඇත්තේ එකකි. එක්කෝ කාලකණ්ණි රාජපක්ශ රෙජීමයේ කම්බ හොර හැත්ත විසින් හොරකම් කල සල්ලි හොඳින් හෝ නරකින් ඔවුන්ගෙන් ලබාගෙන ජනසතු කරන ලෙසය. නැතිනම් "හොරු අල්ලන්න මුලු පොලෝසියම මදි, අනේ අපිට හොරු අල්ලන්න අමාරුයි" ආදී බොරු බයිලා වැල්වටාරම් කෙලිමින් තොපි දෙගොල්ලොන්ගේම කළකම් වල පව් ගෙවන ජනතාවගේ ලේ කුපිත නොකරන ලෙසය. මොකද ඉක්මනින් හෝ පමාවී හෝ දිනෙක තොපි දෙතුන්ගොල්ලන්ටම හොරාකෑ මහජන මුදල් ලේබඩ දැමීමට සිදුවනු නිසැකය.

    ReplyDelete
    Replies
    1. මෙම කමෙන්ටුව දමන ඔබ වැනි අයට නිර්නාමිකව කමෙන්ට් දමමින් සිටින්නේ නැතිව ඉදිරිපත් වී මෙම තත්වයට එරෙහිව සටන් කරන්නට බැරි ඇයි? අප ද කියන්නේ ඔබ කියන දෙය ම ය. එහෙත් මාධ්‍යකරුවන් වන අපට කළ හැක්කේ සිදු වන දෙය පිළිබඳ ලියන එකයි. ඔබ වැනි අනුන්ගේ පව් ගෙවන, කිසිදු දූෂණයකට සම්බන්ධ නැති, ඉතාම පිරිසිදු ජනතාවක් රටක සිටින එකත් වාසනාවකි. එහෙව් ජනතාව මෙහෙව් පාලකයන් පත් කර ගන්නේ ඇයි ද යන්න ප්‍ර‍ශ්නයකි.

      Delete
  5. // Ajith Perakum JayasingheMay 23, 2016 at 3:52 PM //

    හොරි කසපන් ගිනි පිඹපන් කිවුවලු!

    ReplyDelete
    Replies
    1. ස රස ගොයියා නම් මරාගේ හොරි කහලා ගිනි පිඹින වග කවුද නොදන්නේ?

      Delete
  6. මේකා වගේ මැටි මෝල්ලු හැම පක්ෂයෙම ඉන්නවා. උන්ටික වඳ කලොත් ලංකාවේ දේශපාලනයට යහපතක් වෙනවා.

    ReplyDelete
  7. /**
    තම, තම දෝතේ පමණින් දූෂණ සාගරයෙන් නෙළා ගන්නා අස්වැන්න වෙනුවෙන් රාජපක්ෂ පාලනය සමග ගැටගැසුණු දැවැන්ත මහජන බලවේගයක් මේ රටේ සිටිති. ලංකාවේ දූෂිත වන්නේ දේශපාලකයන් හා නිලධාරීන් පමණක් නො වේ. ජනතාව ද අතිශය දූෂිත ය.
    */

    එසේනම් ජනවාරි 8 වන දා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළේ වෙනත් රටවලින් ආ විදේශිකයන් ද? වෙනත් ලෝකවලින් ආ පිටසක්වල ජීවීන් ද?

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂ පැරදවීමට ජනතාව එක් වූයේ එම ක්‍රමය තවදුරටත් දරා ගන්නට බැරි වීම නිසා ය. එහෙත්, ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් නීති නො තකන, දූෂණයේ ගිලුණු පිරිසක් ය යන්න ඇත්තකි. මේ දිනවල ගංවතුර නිසා අනාථ වූ මිනිසුන්ගේ දුකෙන් ෆන් ගන්නට යන්නේ මේ රටේ ජනතාව නො වේ ද? එහෙම යනවා මදිවාට අනාථයන්ට ගෙන ගිය බත් පාර්සලයත් වංචා කර කන අය ද සිටිති. ජනතාව දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වඩා දූෂිත බව ඇත්තකි. අප පටන් ගත යුත්තේ එතැනිනි.

      Delete
  8. Ada, edaa Yahapaalanaya wenuwen,Wagaweema wenuwen, eliyata aa un, karanne monowaada? Edaa, ath-wel bendagath Arjuna+ WR+ yana denna gena witharak issella balamu;Arjunage Seeyaa, (Jamis Aaathaa) Iridaa sathi-polata thama ge-idiripita perches ganana dee, salli ekathu karagena divi-gewuu heti api danimu...Arjuna athulu sahodarayin haya-denaa ada kohomada? A kaage sallida? Arjuna, edaa, CBK balayen bahinna onna-menna kiyaa atawanna heduu Aramudalatath daayaka vee unneya. Mohu aa daata Rata kana tharama, Api dena unnemu.Dewenna, 'Luulaa nethi wale Kanayaa pandithaya', ada, samastha Adhikarana-paddathiyata karana vina-nodanne kawda? Muulika pareekshanayak meheyawannata Sarasaviyakata awith, a bawa a Chuuditha thama prakaashaye satahan kala nisaa, ada Adhikarana Amathi-welaath thaama paliganna, thamaage gola-baalayan siyalla MaRaage puwul-gahe adikarana meheyumwalta yodawana(Kuvera de Soyza, Kapila Liyanagamage,Sumedha Mahawanniarachchi weni aya)samastha adhikaranaya kana keneki..Yahapaalanaya wenuwen, adi-hayak polowa yatata yanna balan eliyata aa Janapathidu mewa danne nedda? Edaa CBKge kitchen cabinet memebersla mewa danne nedda? Agamethi mewa danne nedda? Mun unta niyamitha sthaanawalata daana-kal, oowa ohoma thamai....Adi-hayak yatata yanna wena bawa dena-gena, yahapaalaneta eliyata aawa, Janapathidu, ada wedipura karanne, Daathu wedamana -pansal yana-Lamai athagaana devalma thamai...Thawa tika kalak yaddi perata wadaa biyakaru wenawaa me Para-jaa-thanthare...!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා