ලංකාවේ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය
දිවයින ඉරිදා පුවත්පත ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගමින් පළ කර ඇති අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සොයාබැලීමට මේ වනවිටත් නීතිවේදීන් කණ්ඩායමකට භාරදී ඇති බවත් එම පුවත්පතට එරෙහිව 'පුවත්පත් මණ්ඩලයට' හා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කිරීමට බලා පොරොත්තුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය දිනෙක පැවසුවා.
ජවිපෙ නිල පුවත්පත වන නියමුවා පත්තරේ කට්ටිය පසුගිය දිනවල ආණ්ඩුවෙන් දෙන මෝටර්සයිකලුත් ඉල්ලුවානේ. ඒ ගැන මේ ලිපියේ විස්තර තිබෙනවා. ජවිපෙ මන්ත්‍රීවරු හැමදාමත් මහජන මුදලින් දෙන බදු සහන මත ආනයනය කර ගත හැකි වාහන බලපත්‍ර ලබාගෙන තිබෙනවා. එ් නිසා එයට එරෙහිව ඔවුන් කවදාවත් හඬ නගන්නේ නැහැ.
ජවිපෙට තියෙන මූලික ගැටලුව කිසිදු ක්ෂේත්‍රයක බැරෑරුම් සාකච්ඡා සමග ජවිපෙට සම්බන්ධයක් නැති එකයි. පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම කියන්නේ පසුගිය කාලයේ මේ රටේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සංවාදයේදී මතු වූ මූලික කාරණාවක්. ඒ වගේ ම පුවත්පත් පැමිණිලි කොමිෂම ශක්තිමත් කිරීමත්, විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ද එවැනි ව්‍යූහයක් ගොඩනැගීම පිළිබඳවත් සංවාද කෙරුණා.
ජවිපෙ හදාගෙන තිබෙන පුංචි ස්වයං පෝෂිත ලෝකය වටේට තිබෙන හිස්කමේ ගැඹුරු සාගරය තරණය කරලා කිසිදු නව දැනුමකට ඇතුළු වෙන්නට බැහැ. ජවිපෙ මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්සගේ හෝමෝසෙක්ෂුවලිටි භීතිකාවත් මේ සඳහා තවත් උදාහරණයක්.
ඔවුන් නව දැනුම සොයන්නේ තමන්ගේ මතය තහවුරු කර ගන්නටයි. සෙසු දැනුම ඔවුහු බැහැර කරනවා. ඒවාට ඔවුන්ගේ පුංචි ලෝකයට පිවිසෙන්නට වරම් නැහැ.
මේ මානසික විනාශය කරන ප්‍රධාන බලවේගය ජවිපෙ වෙන්නට පුළුවන්. ඒත්, එය ජවිපෙට පමණක් සීමා වන කාරණයක් නෙමෙයි.
එහෙම වෙන්නෙ ඇයි?
මේ ලිපියේ අරමුණ වන්නේ එය ගවේශනය කරන එකයි. එහෙත්, ඒ කාරණය ජවිපෙට විතරක් සීමා කරන්න බැහැ. ඒ වගේ ම මෙය ලංකාවට විතරක් සීමා කරන්නත් බැහැ.
මාක්ස්වාදය හා ගතානුගතික ආගම් අතර වෙනස මොකක්ද කියන එක කල්පනා කර බැලූ විට දැකිය හැකි ලක්ෂණයක් වන්නේ මේ දෙක ම එක සමාන ලක්ෂණවලින් යුක්ත බවයි. උදාහරණයක් ලෙස මාක්ස්වාදීන් නිතර භාවිතා කරන වචන කීපයක් ගන්න. ‘මාක්ස්වාදය හා විප්ලවය ගැන අචල විශ්වාසය.' මේකත් නිවන හෝ දෙවියන් ගැන ඇති භක්තියත් අතර හරයාත්මක වශයෙන් වෙනසක් නැහැ.
තමන්ගේ ශක්තිය ගැන විශ්වාසය නැති අසරණ මිනිස්සු ආගම්වලින් විමුක්තිය සොයනවා වගේ ම තමයි නිර්මානශීලිත්වයක් නැති වාමාංශිකයන් පක්ෂයෙන් හා න්‍යායෙන් විමුක්තිය හොයන්නේත්. තමන්ව ගලවා ගන්න දෙවියන් දූතයෙක් එවයි කියා බලාගෙන ඉන්නවා වගේ මේගොල්ලනුත් පක්ෂයෙන් විප්ලවයට නායකයෙක් බිහි වෙයි කියලා දෑස් දල්වාගෙන බලා ඉන්නවා. කලින් බිහි වී මැරුණු ජීසස්ලාව සමරනවා. වැඩිපුර ඉච්ඡා භංගත්වයට පත් වුණ භක්තිකයන් ජේසු ජීවමානයි වගේ ප්‍රාතිහාර්ය පසුපස යනවා වගේ වාමාංශිකයෝත් තමන්ට නො තේරෙන දේවල් දොඩවන අලුත් පොත්කාරයන් පසුපස යනවා.
මාක්ස්වාදය වනාහි දෙවියන්ගේ තැනට සොබාදහම ආදේශ කර ගත් දේවවාදී ආගමක් ලෙස විග්‍රහ කර තිබෙනවා.
මාක්ස්වාදය පදනම් කර ගත් හා එයින් කැඩී ගිය ලංකාවේ සියලු දේශපාලන ව්‍යාපාර ද මේ වගේ ආගමික ව්‍යූහයන් බව පෙනෙනවා. ප්‍රධාන ධාරාවේ ආගම් හා අතුරු ඉවැන්ජලික ආගමික කල්ලි අතර සම්බන්ධය හා ගැටුම වැනි දෙයකුත් වාමාංශිකයන් අතරත් දක්නට ලැබෙනවා.
ක්‍රිස්තියානි ආගමේ නම් ගතානුගතික රෝමානු කතෝලික, එංගලන්ත සභා, රෙපරමාදු වැනි ව්‍යූහයන් හා ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් වැනි ඉවැන්ජලික ව්‍යූහයන් අතර සම්බන්ධය හා ගැටුම බලන්න. ඉවැන්ජලික නිකායන් සාපේක්ෂව කුඩායි. හැබැයි දැඩි මධ්‍යගතවාදීයි. ඒවා පදනම් වන්නේ ප්‍රාතිහාර්ය, දැඩි භක්තිය හා දණ්ඩනය මත.
මේ වගේ ගැටුමක් බුද්ධාගමේත් තිබෙනවා. ගතානුගතික සියම්, රාමඤ්ඤ, අමරපුර නිකායික බෞද්ධ සංස්ථාවට පිටින් ඉවැන්ජලික බුද්ධාගමකුත් මතු වෙනවා. සිරිධම්ම, ඥානානන්ද, සිරිවර්ධන වගේ කට්ටිය ඒ අතර ඉන්න ප්‍රමුඛයෝයි. (මේ කලකට ඉහත ඒ ගැන ලියූ ලිපියක්)
ඉස්ලාම් ආගමේත් මේක තිබෙනවා. ලංකාවේ කාතන්කුඩියේ මතු වූ නූතන ශාස්තෘවරයකු වූ ෆයිල්වාන් නිදසුනක්.
ලංකාවේ මාක්ස්වාදී ආගමේත් මෙවැනි විභේදනයක් දකින්නට ලැබෙනවා. ජවිපෙ තමයි ලංකාවේ ඩිෆෝල්ට් මාක්ස්වාදී ආගමික සංස්ථාව. ඒකෙ වර්තමාන මහනායක අනුර කුමාර දිසානායක. ඒකෙන් කැඩිලා ගිය පෙසප අලුත් නිකායක්. ඒක හරියට අර විනයවර්ධන ව්‍යාපාරය වගේ රැඩිකල් එකක්.
ඒ වගේ ම ලංකාවේ ඉවැන්ජලික මාක්ස්වාදී ආගමික කල්ලි ගණනාවක් ම තිබෙනවා. මේ ඉවැන්ජලිකයන් පදනම් වන්නේ ප්‍රාතිහාර්ය මත. මාක්ස්වාදී ආගමික කල්ලිවල ප්‍රාතිහාර්ය තිබෙන්නේ බර පොත්වල. ඔවුන් ලෝකයෙන් සොයාගෙන අමාරුවෙන් කියවන බව කියන දාර්ශනිකයන් මත. හැබැයි, ඔවුන්ට ඒ දර්ශනයන් ලංකාව සමග ගලප්පා ගන්නට අවශ්‍ය ප්‍රායෝගික දැනුම නැහැ. ඒ නිසා තමන්ගේ අනුගාමිකයන් තුළ වැඩි වැඩියෙන් ප්‍රවර්ධනය කරන්නේ භක්තිය හා පක්ෂපාතිත්වයේ අවශ්‍යතාවයි. ඒ වෙනුවෙන් ඔවුන් ම එක්තරා ආකාරයක ආගමික ශාස්තෘවරයෙක් ලෙස පෙනී සිටිනවා.
වාමාංශික ආගමික කල්ලි හා ඒවායේ චූල ශාස්තෘවරුන් හඳුනාගන්න පුළුවන් ලක්ෂණ කීපයක් මෙහෙමයි.
මේවා ගැන තවත් තොරතුරු දන්නා අයට අඩුපාඩු සම්පූර්ණ කරන්නට පුළුවන්.
මේ ඉන්නේ ලංකාවේ බිහි වූ ප්‍රධාන වාමාංශික ශාස්තෘවරු (මේ ඇතැමෙක් ජාතිවාදීන් වන්නට පුළුවන. එහෙත් සම්භවය හා ක්‍රමවේදය එක ම ය):
වාමාංශික ශාස්තෘවරුන් වෙන්නට ට්‍රයි කර අතහැර දැමූ අඩු වැඩි වශයෙන් ආගමික ශාස්තෘවරුන් කීපදෙනෙක් මෙසේ ය. වානිජ හෝ වෙනත් කවර හෝ හේතු නිසා ඇතැමෙක් මොවුන් ශාස්තෘ මට්ටමේ සලකති. නැතිනම් ශාස්තෘ මට්ටමෙන් ගෙන විරුද්ධ වෙති
පහත දැක්වෙන්නේ තවම ශාස්තෘභාවය අත්පත් කර නො ගත්, ඒකට පෙරේතකම ඇති වෙන්ඩ ශාස්තෘලා ය.
ඉහත ලැයිස්තුවෙන් නම් ඉවත් කළ යුතු බවට හෝ වෙනත් අය එයට ඇතුළත් කළ යුතු බව සිතන්නේ නම් ඉදිරිපත් කරන්න.
මේ ආගමික කල්ලි හා ඒවායේ ශාස්තෘවරුන් හඳුනා ගැනීම හා ඔවුන් කළමනාකරණය කර ගැනීම යහපත් සමාජයක් අපේක්ෂා කරන අය විසින් කළ යුතුව ඇති දෙයකි.
ඇඩ් එක:
අප ශාස්තෘ නවකතාව ලියුවේ ඔවුන් හඳුනාගැනීම සඳහා සංවාදයකට ඉවහල් කර ගැනීම ය. මේ සංවාදය මේ සම්ම ජාතියේ නො කෙරෙන්නට හේතුව ඉතා පැහැදිලි ය. අඩු ගානේ මෙහෙම පොතක් තිබේ ද කියා ඉහත නම් සඳහන් අයගෙන් අසා බලන්න. ඔවුන් එය දැක නැත. නිදාගෙන සිටිනවුන් අවදි කරන්නට බැරි ය. එහෙත්, අපි ඒ අරගලය අතහැර දමන්නේ නැත. පොත කියවන්නට අවශ්‍ය නම් එය ලබා ගත හැකි ආකාරය පිළිබඳ විස්තර බ්ලොගයේ වම් පැත්තේ කොලමේ තිබේ.
ඇදහිලි කල්ලි පිළිබඳ නිශාන්ත කුලරත්න පරිවර්තනය කළ පොත ගැන විස්තර මෙතැනින්.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

- නායකයා කරන්නේ ෆුල්ටයිම් පොත් කියවන එක හා කලාතුරකින් යමක් ලියන එක. ලිව්වොත් ලියන්නේ කුරාණය වගේ කාටවත් සංස්කරණය කරන්නට බැරි දෙයක්.
- අනෙක් අයට තියෙන්නේ එයාට පොත් හොයා දෙන එක. එයා පොත් කියවන අතරේ එයාට බත් උයා දෙන එක. එයා පොත්වලින් මොකක් හරි තේරුම් ගත්තා ම ආකිමිඩීස් වගේ එළියට ඇවිත් යුරේකා කියනකොට ඇස්වල කඳුළු පුරෝගෙන ඒක අහන් ඉන්න එක වගේ පොඩි පොඩි අතානාත්තු. තව ඉතින් ඉඳ හිට සම්මන්ත්‍රණ තියෙනකොට පෝස්ටර් ගහන එක, බුක් මාක් විකුණන එක වගේ ශ්‍රේෂ්ඨ, අවදානම් සහගත වගකීමුත් පැවරෙනවා.
- අනුගාමිකයා නායකයාව ක්වෝට් කළ යුතුයි. නැතිනම් නායකයාගේ ශාස්තෘවරයාව ක්වෝට් කළ යුතුයි. වෙන අය බැහැ. ඒ අය විතරයි.
- නායකයා තමයි පක්ෂය. ඉතින් අචල විශ්වාසය ඉතා වැදගත්. නායකයා සියල්ල දන්නවා. ඔහු කළ යුතු දේ වෙලාවට කියාවි. එතකල් වේට් ඇන් සී!
- නායකයාගේ භක්තිමත් අනුගාමිකයන්ට නායකයාගෙන් විශේෂ වරදාන ලැබේ. එයාගේ කවි තමයි කවි. හරියට ප්‍රභාකරන්ට පුදුවෙයි රත්නදුරෙයි වගේ. ඒ අය ලියන, හදන නිර්මාන විතරයි විචාරයට ලක් වන්නේ. ඒවා තමයි කෘති. අනෙක් ඒවා ගණන් ගන්නේ ඒ අය තමන්ගේ සාක්කුවේ ඉන්න විදිය අනුවයි. (කවි ගැන විශේෂයෙන් කිව්වේ, අනුගාමිකයන්ට ඔය කවියක් හෙවත් නිසඳැසක් ලියාගෙන ඉන්න එක තමයි තියෙන්නේ.)
- නායකයාට හෙවත් පක්ෂයට ද්‍රෝහී වෙනවා කියන අපරාධයට අවම දඬුවම මරණ දඬුවමයි.
මේවා ගැන තවත් තොරතුරු දන්නා අයට අඩුපාඩු සම්පූර්ණ කරන්නට පුළුවන්.
මේ ඉන්නේ ලංකාවේ බිහි වූ ප්‍රධාන වාමාංශික ශාස්තෘවරු (මේ ඇතැමෙක් ජාතිවාදීන් වන්නට පුළුවන. එහෙත් සම්භවය හා ක්‍රමවේදය එක ම ය):
- නැසීගිය රෝහණ විජේවීර
- නැසීගිය වේලුපිල්ලේ ප්‍රභාකරන්
- මහින්ද රාජපක්ෂ (ඔහුගේ නම මෙතැනට ඇතුළත් කිරීම ගැන යමෙකු ප්‍රශ්න කළ හැකි ය. එහෙත්, ප්‍රායෝගික මධ්‍යම පංතික විප්ලවයක් කරමින් ලංකාවේ වාමාංශිකයන්ගේ පංතිය වන මධ්‍යම පංතිය ශක්තිමත් කළ මධ්‍යම පංතියේ නායකයා ය. ඔහු උතුරු කොරියාවේ කිම් ජොන් ඉල් වැනි විප්ලවවාදියෙකි. විස්තර ඕනෑ නම් පසුවට)
- ප්‍රේමකුමාර් ගුනරත්නම්
- නැසීගිය කමල් දේශප්‍රිය මන්නවත්ත
- රොහාන් පෙරේරා
- දීප්ති කුමාර ගුණරත්න
- රෝහිත භාෂණ අබේවර්ධන
- නලින් ද සිල්වා
- විජේ ඩයස්
වාමාංශික ශාස්තෘවරුන් වෙන්නට ට්‍රයි කර අතහැර දැමූ අඩු වැඩි වශයෙන් ආගමික ශාස්තෘවරුන් කීපදෙනෙක් මෙසේ ය. වානිජ හෝ වෙනත් කවර හෝ හේතු නිසා ඇතැමෙක් මොවුන් ශාස්තෘ මට්ටමේ සලකති. නැතිනම් ශාස්තෘ මට්ටමෙන් ගෙන විරුද්ධ වෙති
- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
- නැසීගිය සරත් ප්‍රනාන්දු
- නැසීගිය සුනිලා අබේසේකර
- කුමාර් රූපසිංහ
- නැසීගිය බාලා තම්පෝ
- පාඨලී චම්පික රණවක
- නැසීගිය මහාචාර්ය සුචරිත ගම්ලත්
පහත දැක්වෙන්නේ තවම ශාස්තෘභාවය අත්පත් කර නො ගත්, ඒකට පෙරේතකම ඇති වෙන්ඩ ශාස්තෘලා ය.
- සිරිතුංග ජයසූරිය
- සුමිත් චාමින්ද
- විදර්ශන කන්නන්ගර
- කේ.කේ. සමන් කුමාර
- ගෙවිඳු කුමාරතුංග
ඉහත ලැයිස්තුවෙන් නම් ඉවත් කළ යුතු බවට හෝ වෙනත් අය එයට ඇතුළත් කළ යුතු බව සිතන්නේ නම් ඉදිරිපත් කරන්න.
මේ ආගමික කල්ලි හා ඒවායේ ශාස්තෘවරුන් හඳුනා ගැනීම හා ඔවුන් කළමනාකරණය කර ගැනීම යහපත් සමාජයක් අපේක්ෂා කරන අය විසින් කළ යුතුව ඇති දෙයකි.
ඇඩ් එක:
අප ශාස්තෘ නවකතාව ලියුවේ ඔවුන් හඳුනාගැනීම සඳහා සංවාදයකට ඉවහල් කර ගැනීම ය. මේ සංවාදය මේ සම්ම ජාතියේ නො කෙරෙන්නට හේතුව ඉතා පැහැදිලි ය. අඩු ගානේ මෙහෙම පොතක් තිබේ ද කියා ඉහත නම් සඳහන් අයගෙන් අසා බලන්න. ඔවුන් එය දැක නැත. නිදාගෙන සිටිනවුන් අවදි කරන්නට බැරි ය. එහෙත්, අපි ඒ අරගලය අතහැර දමන්නේ නැත. පොත කියවන්නට අවශ්‍ය නම් එය ලබා ගත හැකි ආකාරය පිළිබඳ විස්තර බ්ලොගයේ වම් පැත්තේ කොලමේ තිබේ.
ඇදහිලි කල්ලි පිළිබඳ නිශාන්ත කුලරත්න පරිවර්තනය කළ පොත ගැන විස්තර මෙතැනින්.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
පරණ ඇරියර්ස් කවර් කර ගැනීම සඳහා ලියා ඇති මේ ලිපිය, පැරා ගේ ස්ව්‍යං වින්දනය පිණිස මිස වෙන කිසිදු ප්‍රතිඵලයක් සඳහා හේතු නොවේ.
ReplyDeleteවාමාංශික සාහිත්‍යයේ වෙනත් බොහෝ ලේඛන සම්බන්ධයෙන් ද එසේ ම කිව හැකි ය.
Deleteඅජිත් පැරකුම් ජයසිංහ සරණං ගච්ඡාමි කියන අය ඇත්තේ ම නැද්ද?
ReplyDeleteමෙට ඉස්සරහින් යන අයත් නැත. මගේ පසුපසින් එන අයත් නැත.
Deleteආ, මේක කියන්න අමතක වුණා. මම අනුන්ගේ සාක්කුවලත් නැත. අනුන් දා ගැනීම සඳහා සාක්කු මහන්නේත් නැත.
Deleteඩොලර් වලට් සාක්කු ඕනෙ නෑනෙ. එකවුන්ට් නම්බර් එක යවන්න විතරන අවශ්‍ය.
Deleteහි හි ඇද්ද පැරා.
ඩොලර් දිමට කැමති අය දන්වන්න. එකවුන්ට් නම්බර් එක දැන්විය හැකි ය. දෙන තරමක් භර ගනිමි.
Deleteකොටියා-
Deleteආජිත් පැරකුම් මෙහෙ එන්න
ජංගිය පොඩ්ඩක් ගලවන්න
යුද්දේ කාලේදී දැක්කට පස්සේ
දැක්කෙම නෑ ගුදය
අජිත්-
චි චි කොටියා හරි නරකයි
කියන්නේ කිව්වොත් කුණුහරුපයි
ඩෝලර් කුට්ටි පෙන්නුවොතින් මට
දෙන්නං කෝ පුකම
අජිත් ගේ ළමයි-
අයියෝ අප්පෝ කැතම කැතයි
රට පවා දෙන එක හරිම කැතයි
එපානේ අපිට කන්ට ගේන්නට
රට ආගම් වනසා..
88/89 යුගය
අජිතා මරුවෙක් මිනි මරුවෙක්
88 දී මිනිමරුවෙක්
මේ වගේ ගොන් කතා කවි ලියන පාලිත අබේසිංහ කියලා ෆේස්බුක් මිතුරෙක් හිටියා. මං ළඟදි එයාව අන්ෆ්‍රෙන්ඩ් කළා. මේ එක්කො එයා. නැතිනං එයාගෙ නෑයෙක්. ඒ වගේ හාදයන්ට පුළුවන් උපරිමේ තමයි ඔය.
DeleteShari Shari pera nana, indala ittala potha wikunanna pothak dammata yepi tharaa ne
ReplyDeleteඑල්. එච්. මෙත්තානන්ද, පානදුරේ අරියධම්ම, ආරුමුග නාවලර්, උමා මහේෂ්වරන්, පද්මනාභා, එම්. එච්. එම්. අෂ්රෆ් "වෙන්ඩ ශාස්තෲ" මට්ටමේ හිටපු අය.
ReplyDeleteඅනගාරික ධර්මපාල, ගංගොඩවිල සෝම, ජී. ජී. පොන්නම්බලම්, එස්. වී. ජේ. චෙල්වනායගම් "ශාස්තෲ" මට්ටමේ හිටපු අය.
// වාමාංශික ආගමික කල්ලි හා ඒවායේ චූල ශාස්තෘවරුන් හඳුනාගන්න පුළුවන් ලක්ෂණ කීපයක් මෙහෙමයි. //
ReplyDeleteපැරාත් වාමාන්සිකයෙක් නේද?
නැත්නම් රනිලාන්සිකයෙක් වෙලාද?
@ Sa rasa
Delete//පැරාත් වාමාන්සිකයෙක් නේද? නැත්නම් රනිලාන්සිකයෙක් වෙලාද?////
වාමාංශිකයෙක් වෙලා හිටපු පැරා රනිලාංසිකයෙක් බවට රූපාන්තරණය වෙලා.. පැරාගේ ජීවන චක්‍රයේ තුන්වන අවධිය තමා ඔය.
ඒකට ස රස තුමානං සදාකාලිකවම මහින්දාංසික බයියෙක් නැද්ද හා??
// ඒකට ස රස තුමානං සදාකාලිකවම මහින්දාංසික බයියෙක් නැද්ද හා??//
Deleteඔයි සින්හල බොග් කස්ටිය ඊරිසියාවට කියන කතා විස්වාස කොරන්න එපා සාදාරන ඇනෝ තුමා....
ස ර ස තුමා කවදත් රනිල්තුමා ප්‍රමුක රාජකීය විද්යාලීය සත්ය ටොයි කල්ලියේ තමා....
බොරු නම් අර මාතලන් තුමා ගෙන් අහන්න!
නලින් ද සිල්වා ගුරුතුමා මතුකරන අදහස් ඔබට නීරස විය හැක. ඔබ ඒවා මකා දමන්නේ ඒ නිසා විය යුතුය. නමුතු එතුමා මතුකරන යථාර්ථය ඊටත් වඩා නීරස වේ. ඊයේ පෙරේදා වූ ස්වභාවික විපත් එයට හොඳම උදාහරණයයි. අදහස් මකාදමන පහසුවෙන් ප්‍රතිවිපාක මකා දැමිය නොහැක.
ReplyDeleteබාලා තම්පෝ ඔය කැටගරියකට දාන්න පුලුවන්ද?
ReplyDeleteවාසු ගැන මුකුත් නැත්තේ තඹේකටවත් වැඩක් නැති හින්දද
ජීඅයිඩී ධර්මසේකර...ආගමයි, දේශපාලනයයි දෙකටම වැඩක් නොවුනු ශාස්තෘ කෙනෙක්ද?
අවුරුදු 50කටත් වඩා සීඑම්යූ එකේ ප්‍රධාන ලේකම් වෙලා ඉඳපු එකෙන් තම්පොගෙ තරම පේනවා.
Deleteසමාජය වෙනස්කිරීම සදහා මිනිසුන් තමන්ගේ ආකල්පයන් සහ පුරුදු වෙනස්කරගනිමින් සාමුහිකව ක්‍රියාකාරිවිය යුතු බව මම විශ්වාස කරමි. පවතින සමාජ තත්වයන් මගින් සමාජය වඩා යහපත්වේයැයි හෝ රනිල් සමග එකතුවී මේ සමාජය වෙනස්කර බහුතරයක් මිනිසුන්ට හොද සමාජ තත්වයක් අත්කර දිය හැකියැයි පැරකුම් විශ්වාස කරන බැවින් ඔහුට අනුව එයට එරෙහිව මිනිසුන් සංවිධානය කිරීමට උත්සහකරන සියලු දෙනාම ජොකර්ලාය, ඔවුන්ගේ උත්සහයන් අනුව සමාජය වෙනස් නොවිම එම දේශපාලන ක්‍රියාකාරිකයින්ගේ අඩුපාඩුවක්ය, ඔවුන් සාර්ථකනම් අද පැරකුම්ලාට රනිල් සමග රටේ ආර්ථිකය නංවන්නට ලිපි ලියන්නට වන්නේ නැතිය. පැරකුම් ජොකර් කෙනෙකු හෝ ශාස්තෘෘ වරයෙකු නොවන්නේ ඔහු උත්සහ කරන්නේ පුවත්පත් වලට ලිපි ලියා සහ බොලොග් අඩවිය පවත්වා ගෙන යමින් සමාජය වෙනස් කිරීමට උත්සහ දරන බැවින්ය,
ReplyDeleteපැරකුම්ට තමන්ගේ ගමේ පාර සුද්ධකර දැමිමට තම ගමේ මිනිසුන් කිහිප දෙනෙකු එක්කර ගැනීමට නොහැකි අතර තමන් අනිත් මිනිසුන්ට වදින්නට හෝ කොන්ද නවන්නට එපායැයි කියමින් බණ කියුවාට තමන්ගේ දරුවා සෑම දිනකම තමාට වදින හෝ කොන්ද නවන එක නවත්වා ගන්නට නොහැකි තරමේ පුද්ගලයෙක්ය (මේ සියල්ල පැරකුම් විසින්ම කියා තිබෙන දේවල්ය). ඒ අනුව පැරකුම් යනු තනි පුද්ගලයෙක්ය, තම සමග කාලයක් සංවිධානවල සිටි පුද්ගලයින් වෙනත් විකාරයන් කරනාවිට සමහරවිටකදී පැරකුම්ට තරහ යනවාද ඇත.
කිසිවකු සමග එකතුවීමකින් සහ සාමුහික ක්‍රියාකාරිත්වයක් නොමැතිව සමාජය වෙනස් නොවන බව හා ඒ සදහා සමාජය පෙළඹවීමක් නොකරන්නේනම් එය ඉබේම සිදුවනබව පැරකුම් විශ්වාසකල පමණින් එය සෑබෑවක් වන්නේ නැත. සියලු වාමාංශික සංවිධානයන් සමාජය වෙනස්කල හැකි පරිදි මිනිසුන් සංවිධානය කිරීමට තව දුරටත් සංවර්ධනය විය යුතුබව එම සංවිධාන මෙන්ම මමද විශ්වාස කරමි....
සමාජය වෙනස් කරන්නට මගේ මැදිහත්වීම කිරීම සඳහා මම ඕනෑ කෙනෙකු සමග එක් වෙමි. මට එහි කිසිදු ගැටලුවක් නැත. මා මාධ්‍යකරුවකු ලෙස කාලයක් හිරු පත්තරේ වැඩ කළේත්, පසුව ජනරළේ වැඩ කළේත්, දැනට කරන දේ කරන්නේත් ඒ නිසා ය. එහෙත්, එකට ඉඳීම වෙනුවෙන් කටත් පුකත් පියාගෙන ඉන්නට මට උවමනාවක් නැත. ඔය ඉන්න කට්ටිය එක්ක එකතු වුණත්, නැතත් මට මගේ කාර්යය කළ හැකි ය. සංවිධාන යයි කියන ඒවාට මගෙන් වැඩක් ගන්නට බැරිකම මගේ වරදක් නො ව එම සංවිධානවල වරදයි.
Deleteවාමාංශිකයන්ට වඩා ලොකු සංවිධානය අපෙන් වැඩ ගන්නට ඉදිරිපත් වන්නේ ඇයි ද යන්න සිතා බලන්න.
පැරා,
ReplyDeleteතවත් ශාස්තෲවරුන් කිහිපදෙනෙක් ඉන්නවා
කෙනෙක් රනිල් වික්‍රමසිංහ හාමු;
මුගේ අනුගාමිකයො මූ අමුතුම මැජික් බලයකින් රටේ ආර්ථිකය ජෙට් එකක වේගෙන් දියුණුකරල රට ඇමරිකාවක් කරයි කියල බලං ඉන්නවා.
මාදුළුවාවේ සෝභිත (මිය ගොසිනී)
මොහුද හෙළ සඟ සසුනේ වනස්පති ලෙස වරනගා බෞද්ධ සාන්තුවරයට නැගූ අයෙකි.
ගෝඨාභය රාජපක්ස උන්නැහේ
මොහු මරා ගේ අනුප්‍රාප්තිකයාය. ඇතැම් යහපාලන කඳවුරේ උන්ද මොහු ගැන පැහැදීමෙන් සිටිති
ටෙම්පරරි ශාස්තෲ වරුන්
මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ
මොහු 2014 දෙසැ-2015 සැප්. දක්වා කාලපරාසය තුල "මෛත්‍රී දහම" දෙසූ ශාස්තෲ කෙනෙකි. දැන්නම් කුජීත වී කිච වී බලු වී සිටී.
සරත් ෆොන්සේකා වෙල් විදානේ
මොහුද යුද සමයේ යම් තරමකටත් ඊට පසුව 2010 ජනපතිවරනය සිට 2014 පමණ දක්වා කලවැදි බැතිමතුන්ගේ ශාස්තෲ ව සිටි අතර දැන් දැන් කට නිසා විනාශ වී ගොසිනි.
විමලසිරි ගම්ලත් විකට වංස
මොහුද ඔබ ඉහත දක්වා සිටි ඇතැම් ශාස්තෲවරුන්ට වඩා දැවැන්ත අනුගාමික පිරිසක් සහිත අපත හාල්පාරුවෙකි.
අනුර කුමාර දිසානායක
මොහුද දැන් දැන් ජවිපෙ තම බැතිමතුන්ගේ ආගමික ආයතනයක් බවට පරිවර්තනය කරමින් සිටී
මීට අමතරව නිර්මාල් රන්ජිත්, සරත් වීරසූරිය නමැති පල් හොරා, ගාමිණී වියන්ගොඩ නමැති තක්කඩියාද, අලුත් පරපුර නමැති ගොබ්බ සේනාව ආදීන් ද වෙන්ඩ-ශාස්තෲ ගොබිල්ලුන්ගෙන් ටික දෙනෙක් නේද?
ඉතාම හොඳින් කරුණු නිරීක්ෂණය සහ අධ්‍යයනය කර ලියා ඇති ගවේෂණාත්මක ලිපියක්. මෙවැන්නක් සුදුසු වන්නේ විශ්ව විද්‍යාලයයීය ශාස්ත්‍රීය නිබන්ධනයකට හෝ ජාත්‍යන්තරව පිළිගත් ශාස්ත්‍රීය සඟරාවකටයි.
ReplyDelete- අරුණ පෙරේරා
ඒවගේම ඉතා පැහැදිලි දෙයක් වගේ දැන් පෙනුනට මෙච්චර කලක් නොතේරිච්ච දෙයක්.
Deleteආධ්යාත්මික වර්ධනය කියන්නෙ පවතින ඒකීයත්වයෙන් මිදීම. ආත්ම තත්වයෙන් අනාත්ම තත්වයට පත්වීම. ඒක අවසාන ඉලක්කය උනත් ඒ කරා යන ගමන නොයෙක් තත්වයන් හෝ තලයන් (Levels of consciousness) පසුකරගන යා යුතුයි. Egoless state හෙවත් අනාත්ම තත්වය, නැති නම් Suprem consciousness එහෙමත් නැති නම් නිර්වානය, එහෙමත් නැති නම් අනිත් ආගම් වලට කියන දෙවියන් වහන්සේ කියන්නෙ එකම දේකට. ඇත්ත වශයෙන්ම "දෙයක් " නෙමෙයි. Formless, timeless, unmanifested තත්වයක්.
ReplyDeletemind consciousness. (MC)
මනුෂ්යයන් ඇතුලු සියලු සත්වයන්ගෙ පහත්ම තත්වය තමයි mind consciousness. (MS) ඒත් මනුෂ්යාට පුලුවන් ඒක වර්ධනය කරගන්න. නමුත් තිරිසන් සත්වයන්ට බැහැ. මෙන්ම මේ කරුණු උඩ තිරිසන් සතුන් සහ මනුෂ්යයන් වෙනස් වෙනවා විතරක් නෙමෙයි, තිරිසන් යෝනිය නරකයක් ලෙසත් විග්රහ වෙනවා.
(MS) තත්වයේ ඉන්න මනුෂ්යයන් සම්පුර්ණයෙන් තමාගෙ ඒකීයත්වයෙන් මත්වෙලා ඉන්නෙ. එතනින් ඉහල තත්වයක් ඒ අයට අවභෝධ කරගන්න බැහැ. පංසිල් වල මත් වෙන්න එපා කිවුවෙ සුරාමේරයට වඩා තමාගෙ ඒකීයත්වයෙන්. මේ මත්වීමට කියනවා "මදය " කියල. තමන්ගෙ ඒකීයත්වයෙන් මත් උනහම සම්පුර්ණයෙන් ඒ අය හසුරුවන්නෙ "භීතිය" විසින්. ඒ භීතිය ඇති වෙන්නේ තමාගෙ ඒකීයත්වයට හානි වෙයි කියල. ඒකීයත්වය ගොඩ නැගෙන්නේ තමා අවට තියන සියලුම දේවල් එකතු වෙලා. කොටින්ම ආගමත් ඒ අය තමාගෙ ඒකීයත්වයට එකතු කරගන තියෙන්නෙ.
මනුෂ්යයන් අතරෙ ඉන්න මෙන්න මේ කොටසට කියනවා "අසුර නිකාය " කියල. "රාක්ෂ" කියලත් කියනවා.( තමාගෙ ආරක්ෂාව /රක්ෂණය පමණක් මුල් කරගන්න නිසා) ඒකත් නරකයක් විධිහට විග්රහ කෙරෙනවා. මේ අයගෙ අරමුණ කොහොමද අන්අය අභිභවා යන්නෙ කියන එක පමණයි. බලයට මරා ගන්න එක, අවිද්යාව, ඊර්ෂ්යාව, ක්රෝධය තමයි මෙයාලගෙ ධර්මය. මෙහෙම අයට ගැඹුරු ධර්මයක් කවදාවත් තේරුම් ගන්න බැහැ. චුලෝධර මහෝධර කියන්නෙ තමන්ගෙ බඩ පුරුවගත්තට පස්සෙ බලයා සඳහා (මැණික් පුටුව) මරා ගත්ත දෙනේනෙක්.
Heart consciousness (HC)
මනුෂ්යත්වය ඉක්මවා යාමේදි පසු කළ යුතු තවත් පියවරක්. මේ අවස්ථාව පසුනොකර ඊට ඉහල තත්වයකට යන්න බැහැ. බොහෝ මිනිසුන් මෙතන ඉන්නෙ.
මෙතනදි වෙන්නේ නිද්රා අවස්ථාවෙ පවතින හෘද චක්රය අවදි වෙන එක. එහෙම උනහම ඔවුන් දකින්නෙ එක් එක් දේවල් වලට අසමානකම් නෙමෙයි, සමානකම්. අසමානකම් නැතුව නෙමෙයි. ඒත් ඔවුන් දකින්නෙ සමාන කම්. මේ නිසාම සමානාත්මතාවය වර්ධනය වෙනවා. නිති ගරුක වෙන්නෙ, නිතියට භය නිසා නෙමෙයි, නිතිගරුක බව අභ්යන්තරයෙන් හදවතින් මතු වෙන නිසා. වැරදි නොකරන්නෙ, පොලිසියට බයේ නෙමෙයි. තමාගෙ හෘද සාක්ෂියට බයේ. අන්නෝන්ය ප්රේමය, කරුණාව, දයාව ඔවුන් අතරෙ තියනවා. එහෙම මිනිසුන්, නායකයන් ඉන්න සමාජයක විතරයි ධර්මය ආරක්ෂා කෙරෙන්නෙ. එහෙම සමාජයක විතරයි ගැටලු අවම වෙලා යහපත් සමාජයක් ගොඩ නැගෙන්නේ.
ආගමික ඉගැන්වීම තුල කෙරෙන්නේ MC අභිභවා ගොස් HC අවධි කරන එක. මේ දෙක කරන ශිල්පිය ක්රම භාවනා, යාඥා ඕනෑම දෙයක් විය හැකියි.
වාමාංශික ශාස්තෘවරුන් වෙන්නට ට්‍රයි කර අතහැර දැමූ ලිස්ට් එකට වාසුදේව N බැරිද?
ReplyDeleteවාසුගේ ශාස්තෘවරයා වුණේ බාහු. එක යුගයක ශාස්තෘවරු දෙන්නෙකුට එකට වැඩ ඉන්න බැහැ.
Deleteවාමාංශික ව්‍යාපාර සහ ආගම් අතර ඇති දැඩි සමානත්වය මෙතෙක් කල් මට පෙනී තිබුණේ නැහැ. ඔබ පෙන්නාදුන් සමානත්වයන් කොතරම් නිවැරදිද කියා දැනුණා. බොහෝ දැඩි මතධාරී වාමාංශික ව්‍යාපාර ව්‍යුහගත ආගම් වලට විරුද්ධයි කියා මා කියවා ඇත. ඔබ දැක්වූ සමානකම් එම විරුද්ධතා වලට හේතුවක්ද?
ReplyDeleteඑමෙන්ම ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි සිතිවිලි සහ ධනවාදය අතර සම්බන්ධයක් ඇතිබව අසා තිබෙනවා. ඔබ කියනා පරිදි එය සමානකමක් නොව එකක් නිසා අනික ඇතිවූ බව තමයි අසා තිබෙන්නේ. link
ReplyDeleteපැරකුම්,
ReplyDeleteමෙ වන විට මුළු රටම කතා කරන්නේ නාය යාම නිසා හා ගංවතුර නිසා ආපදාවට පත්වූ ජනතාවට සෙත සලසන ආකාරය ගැනයි. මමත් සිරිට් පරිදි ඔබේ මෙ පිටුව බලන්න ආවේ සංවේදී මිනිසෙකු ලෙස ඔබ මෙ ආපදා අවස්ථාවේදී දැක්වූ දායකත්වය දැක බලා ගැනීමටය.
නමුත් ඔබට ඔබේ කාසි කබල් දේශපාලනය හැර වෙන යමක් දැනිලා නැහැ. ඔබ වැනි මිනිසුන්ගේ ඉපදීමෙන් මේ රටට වැඩක් වෙලා තියෙනවාද යන්න ප්‍රශ්නයක්?
සමරසේකර
අප පසුගිය ලිපිය ලිව්වේ නාය යාම ගැනයි. ආපදා කළමනාකරණය හා හෙල්පිං පොළොන්නරුව
Deleteඔබ වැනි මිනිසුන් ඉපදී සිටින්නේ රඹුටං කාලෙට රඹුටං ගැනත්, අඹ කාලෙට අඹ ගැනත් කතා කර කර ඉන්නට ය.
නාය යාම ගැන විතරක් කියවන්නට අවශ්‍ය නම් වෙනත් ඕනෑ තරම් මාධ්‍ය තිබේ. අනෙක නාය යාම ගැන කියව කියවා හිටියා කියා නාය යන එක වළකින්නේ ද නැත.
ගැටඹේ පන්සලට රුපියලේ කාසියක පගාවක් දුන් නිසා ලයිට් වැඩ නොකරන අබලි වාහන පාරේ පදවා පදිකයින් ගේ ද, අනෙක් රියදුරන් ගේ ද ජීවිත අනතුරේ දැමීමට තන්ට බලය ඇති යැයි සිතන, එසේම, දතේ පන්සලට (temple of the tooth) රුපියලක් විසිකර එමගින් පාරේ ආරක්‍ෂාව ගැන සොයා බැලීමට සිටිනා පොලිස්කාරයින් ගේ කනෙන් රිංගා යෑමට හැකිවුණා යැයි වහසි බස් දොඩන සමරසේකර අංකල් පැරාට කළ මේ දෝශාරෝපනය දැක මා අංකල් ගේ බ්ලොග් දෙකට (karunadasa68, wmks98) ගොස් බැලුවා ගංවතුර ගැන දෝරේ ගලා යන්න ලියා ඇති ය කියා.
Deleteඅද මේ මොහොත වෙනතුරු (සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් උදෑසන 7:30) එක අකුරක් ලියා ඇති බවක් මට නම් පෙනුනේ නෑ.
අංකල් පැරා දින දෙකකට පෙර ලියූ මේ ලිපිය බලා ආදර්ශයක් ගන්න.
http://www.w3lanka.com/2016/05/blog-post_98.html
මං සමරසේකර අංකල් ගේ බ්ලොග් ද්වය පරීක්‍ෂා කරමින් සිටි අතරේ පැරා ද පිළිතුරක් ලියා තිබේ.
Deleteඇත්තටම අංකල්ට මේ රඹුටන් වාරේ නොවුණත් මේ දවස්වලත් රඹුටන් ගැන ලියන්න පුළුවනි. මොකද පැරා වාර්තා කර තිබුණා වැස්ස නිසා රඹුටන් ගැට බිම වැටෙන බව.
https://www.facebook.com/photo.php?fbid=10154152292619326&set=a.10152560377414326.1073741840.633964325
ඒ කියන්නේ සමරසේකර අංකල් ඒ අංශයෙනුත් පස්සෙන්!
///දතේ පන්සලට (temple of the tooth)///
Deleteහරියටම හරි....!!! මමත් අහන්නේ ඉංග්‍රීසියෙන් "දතේ පන්සල" කියන්න පුළුවන් නම් ඇයි සිංහලෙන් එහෙම කියන්න බැරි ඇයි කියලා.
සමහරවිට සමරසේකර මහත්තයාට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි මේකට.
මෙහෙම යි පැරා, ඔයාගේ මේ තීසිසය තුළ විශාල ලුහුඬුකම් තිබෙනවා. න්‍යායමුක්ත භාවිතාව කියන්නේ ඉතා ම භයානක එළැඹුමක්. ගෝලීය ධනවාදය වගේ ප්‍රබල ප්‍රතිවාදියෙකුට එරෙහි ව න්‍යායමුක්ත වූ අතිසරල විග්‍රහ මත පදනම් වන අතිධාවනකාරී ප්‍රතික්‍රියා ඔස්සේ පිළිමල් වෙන්න බැහැ. න්‍යාය මඟින් තමා අප එක් අරමුණක් ඔස්සේ ප්‍රගමනය කරන්නේ. අපගේ අරගලය කුමක් ද එය සාක්ෂාත් කර ගැනීමේ විධික්‍රමය කුමක් ද එහි පුර්වගාමීහු කවරහු ද එය ක්‍රියාවට නැංවීමේ ප්‍රශස්ත කාලය කුමක් ද ආදී වැදගත් කාරණා නිර්ණය වන්නේ න්‍යායාත්මක පදනම මත යි. පැරා ඊයේ එකක් පවසා, අද තවෙකක් පවසා, හෙට වෙනෙකක් පවසන්නේ න්‍යායමුක්ත භාවිතාවේ වියවුල නිසා යි.
ReplyDeleteපැරාගේ මෙම තීසිසය තුළ පැරා ලාංකීය වාම දේශපාලනය උඩු යටිකුරු කිරීමක් කරන්නට වෑයම් කරනවා. පැරා මෙම කර්තව්‍ය සාක්ෂාත් කරගැනීම උදෙසා ලාංකීය වාම දේශපාලනය එයට ප්‍රතිපක්ෂ වන ආගම නැමැති සංකල්පය සමඟ සසඳා අවසානයේ දී වාම දේශපාලනය ආගම සමඟ සමරූපී කිරීමක් කරනවා. අප සිතන්නේ වම වශයෙන් අප පැරාගේ මෙම තීසිසයට ශාස්ත්‍රීය (ශාස්ත්‍රාලීය නො වේ) ප්‍රතිචාරයක් දැක්විය යුතු බව යි. අප පළමු ව පැරා ලාංකීය වාම දේශපාලන ඉතිහාසය විශ්ලේෂණය කරන විධි ක්‍රමය පිළිබඳ අවධානය යොමු කරනවා.
හැටේ දසකයේ හැරවුමේ දී රෝහණ සහෝදරයා එකී හැරවුම් ලක්ෂය දක්වා පැවතී ලාංකීය වම පිළිබඳ කිසියම් සැලකිය යුතු කියවීමක් කරනවා. ඔහුගේ කියවීම තුළ දී ලාංකීය වම පිළිබඳ ඔහුගේ නිරීක්ෂණ ද එකී නිරීක්ෂණ පිළිබඳ ඔහුගේ අර්ථකථන ද එකී අර්ථකථන මත ඔහු එළඹෙන නිගමන ද පිළිබඳ අපට විසංවාදයන් අපමණ තිබුණ ද සමස්තයක් වශයෙන් රෝහණ සහෝදරයා එතෙක් පැවති ලාංකීය වම පිළිබඳ පරිග්‍රාහික හා පරිණාමික කියවීමක් කරනවා. රෝහණ සහෝදරයා තමන්ගේ න්‍යාය ජ.වි.පෙ. තුළ ව්‍යාප්ත කිරීමේ මූලික යාන්ත්‍රණය වශයෙන් භාවිතා කරන පංති පහ තුළ, ඔහු ඔහුගේ ලාංකීය වම පිළිබඳ කියවීම අවම වශයෙන් පහෙන් එකක් තරම්වත් වැදගත් කර තිබෙනවා. ජ.වි.පෙ පංති පහට පවා සහභාගී වූ පැරා, ලාංකීය වම කියවීමේ දී එදා රෝහණ සහෝදරයා ප්‍රකට කළ අතිමූලික ලක්ෂණය වූ පරිග්‍රාහික හා පරිණාමික කියවීම හෝ කර නැත. මේ අනුව පැරාගේ තීසිසය තුළ උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ සිට රෝහණ සහෝදරයා දක්වා ද එතැන් සිට රෝහිත භාෂණ සහෝදරයා දක්වා ද විශාල රික්තක ශ්‍රෙණියක් ම පවතිනවා. ලාංකීය වාම ඉතිහාසය පැරා කියවනු ලබන්නේ අනවරත ගලායාමක් ලෙස නො ව ආධානග්‍රාහී පොළාපැනීම් කීපයක් ලෙස පමණ යි. මෙය පැරා විසින් තමන්ගේ කූට අරමුණ වූ ලාංකීය වාම දේශපාලනය හා ආගම සමරූපී කිරීමේ නිෂේධනීය ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා සවිඥානික ව ම කරනු ලබන්නක්.
මාර්ක්ස්වාදී න්‍යාය මත පදනම් වූ දේශපාලන භාවිතාව පිළිබඳ ලාංකීය වාම ඉතිහාසයේ හමු වන පූර්වකාලීන වැදගත් ම විප්ලවීය දේශපාලන ව්‍යාපාරය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පැරාගේ තීසිසයට මඟ හැරීම අහඹුවක් ම නො වේ. වි.කො.ස නිර්මාතෘ කීර්ති බාලසූරිය සහෝදරයා තරම් සම්භාව්‍ය මාර්ක්ස්වාදී න්‍යාය මත භාවිතාව පදනම් කරගත් පුද්ගලයෙකු නොමැති තරම්. මොනයම් හෝ ගැටලුවක දී ඒ පිළිබඳ මාර්ක්වාදී අස්ථානය කෙසේ විය යුතු ද යන්න සූත්‍රගත කිරීමට මාර්ස්වාදී ශාස්ත්‍රීය සාගරයේ කිමිදීම කිර්ති බාලසූරිය සහෝදරයාගේ සාධුතර චර්යාවක්. පැරා විසින් භාෂා ජිමික්ස්කරුවෙකු යැයි ගර්භාවට ලක්කරනු ලබන ගම්ලත් සහෝදරයා වැනි අතිදැවැන්ත කියවීමක් සහිත ලාංකීය ප්ලෙකානොව් කෙනෙකු බිහි වන්නේ ද කීර්ති බාලසූරිය සහෝදරයාගේ මාර්ක්ස්වාදී ක්ෂේමභූමියේ දී බව පැරා නො දනී. කීර්ති බාලසූරිය සහෝදරයාගේ අකල් වියෝවීමත් සමඟ ම න්‍යායමුක්ත භාවිතාවකට එළැඹෙන වි.කො.ස සමාජවාදී සමානතා පක්ෂය ලෙස රූපාන්තරණය වී විජේ ඩයස්ගේ ද පියසීලි සහෝදරියගේ ද ප්‍රතිමාර්ක්ස්වාදී අස්ථානයක සිට පසු ව සුනිල් සහෝදරයා යටතේ කාලක්‍රියා කරනවා. අද ස.ස.ප යනු පාණිනී වැනි න්‍යායක් හෝ භාවිතාවක් හෝ නැති පුස්සන්ගේ නාමික පක්ෂයක් පමණ යි. අපට අද වන විට ස.ස.ප. සමඟ කිසිඳු සබඳතාවයක් නැත. කීර්ති බාලසූරිය සහෝදරයාගේ අභාවයත් සමඟ ම අපගේ සබඳතා ද අවසන් ය. නමුත් කීර්ති බාලසූරිය සහෝදරයා නො සලකා හැර ලාංකීය වාම ඉතිහාසය පිළිබඳ කතා කිරීම පැරාට පමණක් කළ හැකි නිෂ්ඵල කාර්යයකි. අප එසේ පවසන්නේ මාර්ක්ස්වාදී අර්ථයෙන් ගරු ණයක් ගෙවීමක් ලෙස ය.
පැරා විසින් ගම්ලත් සහෝදරයා පිළිබඳ කරනු ලබන හැඟවුම්කරණය අසත්‍ය එකකි. ගම්ලත් සහෝදරයා කෙදිනක හෝ කල්ලිවාදයක් හෝ ගුරුකුලයක් හෝ අනුගාමික පරම්පරාවක් හෝ බිහි කළේ නැත. ඔහු සැම දා සිටියේ අනුගාමික ගෝල පරම්පරා බිහි කිරීමට එරෙහි ව ය. සරච්චන්ද්‍රයන්ට පිළිමල් ව ගම්ලත් සහෝදරයා විසින් කරන ලද ශාස්ත්‍රීය සංවාදයන් ඒ බව හඬනඟා පවසනු ඇත. ධම්ම, උදේනි, සමිත වැනි අයගේ සහය ඇති ව ඔහු විසින් එක් යුගයක පවත්වන ලද දේශන මාලා මඟින් හෝ ගම්ලක් සහෝදරයා පැරා පවසන ආකාරයේ ශාස්තෘවරයෙකු වීමට උත්සාහ කළේ නැත. එම නිසා පැරා තම ඊනියා ශාස්තෘ නාම ලේඛනයට අනුපූරකයක් ලෙස ගම්ලත් සහෝදරයාගේ නම එක්කර ගැනීම අප දැඩි ලෙස හෙළා දකිනවා. එවැනි චේතිය බොරු පැවසීමෙන් විසුළුවට ලක් වන්නේ පැරා ම මිස ගම්ලත් සහෝදරයා හෝ අප හෝ නො වේ.
ReplyDeleteපැරා විසින් උපයුක්ත ඉතිහාසකරණයේ විධික්‍රමය හෙරඩෝටස්ගේ සිට රොමිලා පාකර් දක්වා හෝ දීපවංශකරුවාගේ සිට ලෙස් ගුණවර්ධන දක්වා හෝ කවරෙකු විසින් හෝ නො අනුයන ලද ආකාරයේ අතිශය වරණීය හා වියවුල්සහගත එකකි. රේඛීය ඉතිහාසයක් අතිශය පක්ෂග්‍රාහී හා ආධානග්‍රාහී ලෙස ලේඛනගත කළ මහාවංශකාර මහානාමයන් ද පැරාට වඩා යම් සාධනීය ඉතිහාසකරණයක යෙදී තිබෙනවා.
මාර්ක්ස්වාදී ශාස්ත්‍රීය සම්ප්‍රදානය පිළිබඳ පැරාගේ නො දැනුම්වත්කම ද අනවබෝධය ද ඉස්මතු වන වැදගත් එහෙත් වැරදිසහගත නිගමනයන් කීපයක් ම පැරාගේ තීසිසය තුළ හමුවනවා:
//ජවිපෙ තමයි ලංකාවේ ඩිෆෝල්ට් මාක්ස්වාදී ආගමික සංස්ථාව.//
(ජ.වි.පෙ. මාර්ක්ස්වාදී දේශපාලන ව්‍යාපාරයක් නො ව සුළු ධනපති පක්ෂයක් බව පැරාට නො වැටහේ.)
//මහින්ද රාජපක්ෂ වාමාංශික ශාස්තෘවරයෙකු ලෙස ලැයිස්තුගත කිරීම//
(පැරා මෙසේ කරනුයේ හිට්ලර් ද තමා සමාජවාදියෙකු බව පැවසූ අර්ථයෙන් විය යුතු ය.)
//ලංකාවේ වාමාංශිකයන්ගේ පංතිය වන මධ්‍යම පංතිය//
(මෙවැනි විකාරයක් අප කියවන පළමු අවස්ථාව මෙය ය. මාර්ක්ස්වාදයේ අ යනු ආ යනු හෝ කිය වූ අයෙකු මෙවැනි මෝඝ ප්‍රකාශයක් කරන්නේ නැත.)
පැරාගේ මෙම තීසිසයේ සඳහන් නාම ලේඛන විමසා බලන කල පෙනී යන්නේ, පැරා ආගමික විශ්වාස යනුවෙන් කිසියම් වැදගත් ලාක්ෂණික සමූහයක් හඳුනාගන්නට උත්සහ කරන බව ය. එහෙත් තම නිරීෂණයන්, අර්ථකථනයන් හා නිගමනයන් සංකල්පගත කර, එය භාෂාත්මක ආඛ්‍යානයක් බවට පරිවර්තනය කර ගැනීමට අවැසි ව්‍යාකරණයක් පැරා සතු ව නැත. එනිසා විශ්වාසය පිළිබඳ තීසිසයක් ලියන පැරා තුළින් එකී විෂය ම අලළා තීසිසයක් ලියූ එච්. එච්. ප්‍රයිස් වැනි මහා දාර්ශනිකයෙකු බිහි වන්නේ නැත.
විශ්වාසය දෙයාකාරය: යමක් පිළිබඳ විශ්වාසය (belief in) සහ යමක් බව විශ්වාසය (belief that) යනුවෙනි. යමකිසි දෙයක පැවැත්ම පිළිබඳ (උදාහරණය: නලින් ද සිල්වා නාථ දෙවියන් විශ්වාස කරයි) හෝ යම්කිසි හැකියාවක්/ගුණයක් (උදාහරණය: ජයසිංහ මහතා වික්‍රමසිංහයන්ගේ අව්‍යාජත්වය විශ්වාස කරයි) පිළිබද හෝ වන ආකල්ප belief in අකාරයේ විශ්වාස ය. මේවා ඥානවිභාගය තුළ සංවාදයට බඳුන් කළ නො හැකි බුද්ධිමය වශයෙන් ප්‍රාථමික විශ්වාස ය. ආගමික විශ්වාස ලෙස හඳුන්වන්නේ මේවා ය. පැරා පවසන ලාංකීය ආගම් පිළිබඳ විශ්වාස මෙවැනි ඒවා ය.
කිසියම් ප්‍රස්තුත පද්ධතියක් කෙරෙහි වන ආකල්ප belief that ආකාරයේ විශ්වාස ය (උදාහරණය: අජිත් පැරකුම් ජයසිංහ මහතා ලිබරල් ධනවාදය සියලු ප්‍රශ්නවලට විසඳුම බව විශ්වාස කළේ ය). මේවා ඥානවිභාගය තුළ සංවාදයට බඳුන් කළ හැකි සත්‍යාසත්‍යතාවය අන්වේෂණය කළ හැකි විශ්වාස ය. ප්‍රස්තුතමය විශ්වාස ලෙස හඳුන්වන්නේ මේවා ය. මේවා ආගමික විශ්වාස ලෙස හඳුන්වන්නේ නැත. මාර්ක්වාදය විශ්වාසයක් නම් එය අයත් වන්නේ මෙකී ප්‍රස්තුතමය විශ්වාස කාණ්ඩයට විනා පැරා පවසන ආගමික විශ්වාස කාණ්ඩයට නො වේ.
ඔන්න ඔය ටික නිරවුල් ව පවසන්නට හෙන්රි හැබර්ලි ප්‍රයිස්ට හැකි වීමත් පැරාට නො හැකි වීමත් යන වෙනස යනු හෙන්රි හැබර්ලි ප්‍රයිස් බටහිර දර්ශනය විරාජමාන කළ පඬිරුවනක් වීමත් පැරා හුදු නන්දොඩවන වියුණුසටහන්කරුවෙකු වීමත් ය.
අජිත් පැරකුම් ජයසිංහ සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ මාර සංවාදශීලී ලිබරල් බුද්ධිමතෙකු ලෙස ය. ඔහු පවසන්නේ තමා ඩබ්ලිව් තුන ලංකාහි සටහන් තබන්නේ ශාස්ත්‍රීය සංවාදයක් ඇති කරනු සඳහා බව ය. එහෙත් අජිත් පැරකුම් ජයසිංහගේ ලිබරල් ප්‍රතිපදාව රෙද්ද පල්ලෙන් බේරෙන්නේ ආලෝචන සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියා කලාපය තුළින් ය.
ReplyDeleteඅජිත් පැරකුම් ජයසිංහ වම පිළිබඳ සංවාදයක් ගොඩ නඟා ඇතැ යි පරවම්භනය කළ ද ඔහු වම පිළිබඳ ලියන සාවද්‍ය කරුණු අලළා වාම සහෝදරත්වය විසින් එක්කරනු ලබන වෛෂයික තලයේ විවේචන සහිත ආලෝචන ද තමන්ගේ වාරණයේ අයෝමය පාදපාවට යටකර ලෝපණය කරයි.
අජිත් පැරකුම් ජයසිංහ විසින් මාර්ක්ස්වාදී පංති විග්‍රහය විකෘති කරමින් කෙසෙල් ලෙලි පිළිබඳ ද විදුහල්පතිවරුන් පිළිබඳ ද වෙනත් වමට අදාළ විෂය පිළිබඳ ද තබන ලද සටහන්වලට එක්කල ආලෝචන මින් පෙර ලෝපණය කර තිබිණි. මෙවර වම හා ආගම් අලළා අජිත් පැරකුම් ජයසිංහ විසින් තබන ලද අතිශය ප්‍රතිගාමී සහ චේතිය බොරු සහිත වියුණුසටහනට ලංකාවැසි-යුරෝපාවැසි වාම සහෝදරත්වය විසින් එක්කල ආලෝචන ද ලෝපණය කරනු ලැබ ඇත.
පැරා ජංගිය තෙමා ගන්නා කාලයේ ද වාම දේශපාලන කතිකාවක සිටි, එහි ශාස්ත්‍රීය සම්ප්‍රදාය ද ව්‍යාකරණය ද පෝෂණය කළ අපගේ පරම්පරාව පැරාගේ ඩබ්ලිව් තුන ලංකා පඩංගුව සඳහා තව දුරටත් කාලය වැය කළ යුතු නැත. අපට මේවායේ කරන්නට ඕනෑ තරම් වැඩ තිබේ. ක්ලික් කවුන්ට්වලට හෝ ලිපි ගණනට හෝ අනුලෝම සමානුපාතික ව අපගේ පසුම්බි ඩොලර්වලින් පිරෙන්නේ නැත.
එක් යුගයක ලාංකීය බුද්ධිමය කතිකාව ප්‍රභාමත් කළ හිතෛෂි සුසිල් සිරිවර්ධනයන් පැවසූ පරිදි ම, සංවාදශීලී නො වන මිනිසුුන් සමඟ බුද්ධිමය සංවාද සඳහා ලිපි ලිවීම කාලය නාස්ති කිරීමකි. පැරා වැනි නාසිස්මික චරිත අපට ඉතිහාසය තුළ අනන්තවත් මුණගැසී ඇත. රෝහණ විජේවීර ඒ සඳහා දිය හැකි හොඳ ම උදාහරණය ය. විජේවීර වරක් වෘත්තිකයන්ට සංවාද මණ්ඩපයකට ආරාධනා කළේ ය. එහෙත් ඔහු සමඟ එකඟ වනු නියා විසංවාදී වීමක් හෝ ප්‍රශ්න කිරීමක් හෝ කිරීමට අවකාශ තිබුණේ නැත. එවැනි ප්‍රශ්න කිරීම් සඳහා අප විසින් කරනු ලැබ යුතු ගෙවීම ඉතා ඉහළ එකක් විණ. ඒ පිළිබඳ නො සලකා විසංවාදී වෙන්නට ගිය කාලෝ ෆොන්සේකා අවසානයේ දී නතර වූයේ රටත් හැර ගොස් යුරෝපයේ ය.
පැරා, අප ඔබ සමඟ මින් මතු සංවාද කරන්නේ නැත. උඹ උඹට අවැසි ඕනෑ මඟුලක් ලියාගෙන පාළු ගෙයි වළං බිඳපං. උඹට අපේ සුබ පැතුම්!

යකෝ මට ඔය අයෝමය පාදපාවන් නැහැ බං. මං නිකං සාමාන්‍ය මිනිහෙක්. උඹේ ඔය මහලොකු රෙද්දෙ ආලෝචනා මං නං කපලා නැහැ.
Deleteබොලාගෙ මළ ඉලව් ආලෝචනයක් මේකෙ මගේ උත්තරත් එක්ක පෝස්ට් එකක් විදියට පළ කරලා අපේ පාඨකයො මගෙ ඔලුව කෑවෙ නැතුව විතරයි.
මට නං ඔය රෙද්දවල් ලෝපණය ද මොනවද කරන්න උවමනාවක් නැහැ. කාටද බං ඕව තේරෙන්නෙ?
උඹල පංති පලයල්ලා සරළ බසින් ලියන හැටි ඉගෙන ගන්න.
සුබපැතුං ඕනැ නැහැ. ඕනැ නං ඇවිත් මේකෙ උඹලගෙ ආලෝචන රීපල්ලා. නැතිනං නිකං හිටහල්ලා. මට මොකද?
අනේ මේ පැරා ඇති ඇති උඹේ ආලවට්ටකම්. යන්න කලින් මේකත් කියල ම යන්නංකෝ.
Deleteමචං “සරල” ලියන්න සංකීර්ණ මුර්ධජ ළ අවැසි නැත. උඔ සරල යන්න සරළ ලෙස වරදවා ලියන බව කීප දවසක් ම නිරීක්ෂණය කරල යි මේක ලිව්වේ. දැන් ඉතිං පොර ටෝක් දෙන්න එපා “ගතානුගතික මාර්ක්ස්වාදීන්ගේ භාෂාත්මක ජිමික්ස්වලින් අපට වැඩක් නැත” කියලා!
නුදුරු දිනයක උඹ සිළුමිණ අගසකසු ධුරයට ගියා ම උඹත් සුජීව දිසානායක කෙනෙකු වෙනවා දකින්න උඹට තවමත් හිතවත් අප අකමැති නිස යි කිව්වේ.
ඉතිං ආයුබෝවන් ඩබ්ලිව් තුන ලංකා!
උඹට මේ ලිපියෙන් රිදුණද මචං.
ReplyDeleteසරළ හා සරල කියන වචන දෙක ම භාවිතයේ තිබෙනවා. සරල හරි වන්නේ ද සරළ වැරදි වන්නේ ද ඇයි කියන එක පැහැදිලි කර දෙනවා නම් කැමතියි. ඇත්තෙන් ම මං ඒක දන්නේ නැහැ. මං නො දන්නා තව ගොඩක් දේවලුත් තිබෙනවා.
ආලවට්ටං කියන්නේ මං දන්න තරමින් කරාව කුලයේ අවමඟුල් චාරිත්‍රවලදී අලංකාරය සඳහා භාවිතා වන උපකරණ විශේෂයක්. ආලවට්ටං කියනවා මිසක් ආලවට්ටකම කියා නාම පදයක් නැහැ.
මේවා ගැන කතා කරන එක හොඳයි. එතකොට අපේ භාෂාව දියුණු වෙනවා.
මේකත් අහලා පලයං. මං එක එකා වෙනකල් බලන් ඉඳපු සමහරු දැන් හති වැටිලා. උඹලාත් ඒ වර්ගයට නො වැටී උඹලා කවුරුහරි වෙන්න බලාපල්ලා.
හිතවත් පැරකුම්,
ReplyDeleteඩබ්ලිව් තුන ලංකාහි සංවාද නො වන්නට සිතා සිටිය ද, ඔබ විසින් විමසා ඇති කරුණ පිළිබඳ විග්‍රහ නො කර සිටීමට අපගේ ශාස්ත්‍රකාමය විසින් අනුබල නො දෙනු ලබ යි. පැරකුම් විමසන වදන “සරල” විය යුතු බවත් එය “සරළ” නො විය යුතු බවත් අප පවසන්නේ සහේතුක ව ය.
භාෂාවක නීති, රීති හා සම්ප්‍රදායන් යනු දේවභාෂිතයන් නො වේ. ව්‍යාකරණ නීති යනු සද්භාෂා ව්‍යවහාරයන් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර, විමසුම් කර, අධ්‍යයනය කර එකී විෂයේ පණ්ඩිතයන් විසින් සම්මත කර ගත් නිගමනයන් ය. නීතියක්, රීතියක්, සම්ප්‍රදායක් නැත්තෝ අශිෂ්ටයෝ ය. අප විසින් අනුයනු ලැබ යුත්තේ ශිෂ්ටයන්ගේ ව්‍යවහාරය විනා අශිෂ්ටයන්ගේ ව්‍යවහාරය නො වේ. “ශිෂ්ටප්‍රයෝගාඃ සාධවඃ” යැයි සකුවෙහි නිතොර පැවසේ. අප විසින් ශිෂ්ටන්ගේ ව්‍යවහාරය ම අනුයනු ලැබ යුත්තේ කුමක් නිසා ද යන්න කුමරතුඟුවෝ තම මාහැඟි සිදත් සඟරා විවරණයෙහි ලා මෙසේ පවසති:
“අශිෂ්ටයෝ තමන් බසෙහි පිහිටා නො සිටිති. ඊයේ එක් ලෙසෙකින් කියූ දැය අද අන් ලෙසෙකින් කියත්; අද එ ලෙස කී දැය ද හෙට වෙනස් වූ ලෙසෙකින් පවසත්. ඔවුන් මසක් වහරට ගත් දෑ විමැසුව හොත්, එක් එක් දිනැ ගත්, එක් එක් ශබ්දයට එක් එක් පදයට එක් එක් වාක්‍යයට එක් එක් රීතිය බැගින් පහළ කළ යුතු සේ පෙනී යෙයි. භාෂාව කෙලසවන්නාහු අඥානයෝ යැ. ‘යම් කිසිවක් පැවැසියැ යුත්තේ ඔවුන් ගේ මන වඩන බසිනැ‘ යි කියමින් ‘සියල් සද’රුත් විදි අසේ පියෝනනට අනුරූ’ කරන්නට සැරැසෙන භාෂා පරිවර්තකයෝ ස්වකීය අඥ භාවය, නොදන්නා පාලකයන් ගෙන්, සඟවන්නට තැත් කෙරෙති.”
පැරකුම් විසින් අපගේ ආලෝවනයක් විසංයෝජනය කරමින් “ව්‍යාකරණය ගැන හොඳම වාග් විද්‍යාත්මක සංකල්පයක් සිදත් සඟරාවේ තිබේ. එහි තිබෙන වහරනු සෙරෙන් සපයා යන්නෙහි අරුත විමසා බලන්න” යැයි යෝජනා කළ විට, අප එකී කරුණ අලළා සැපයූ ආලෝචනය පැරකුම්ගේ වාරණයේ අයෝමය පාදපාවට යට වී ලෝපණය විණි. පැරකුම් තමා එවැනි ලෝපණයක් නො කළ බව පවස යි. එසේ නම් එම ආලෝචනය ඩබ්ලිව් තුන ලංකාහී අරක්ගත් බහිරවයෙකු විසින් ගිල දමන ලද්දේ ද? පැරකුම් විසින් එය කියවනු ලැබ, ඉන්පසු ලෝපණය කෙරිණි නම් එය ම ප්‍රමාණවත් ය; අවුල්වියවුල් නැත. එම අලෝචනය අපගේ ඇකමතයේ තිබිය යුතු ය. පැරකුම් එය ලෝපණය කළේ නො කියවා නම්, අපි පසු ව එය පැරකුම් වෙත එවන්නෙමු.
“සරල හා සරළ යන දෙක ම ව්‍යවහාරයේ පවතී” යැයි පැරකුම් පවස යි. එනිසා “ඒ දෙක ම නිවැරදි ය” යන සාධනයක් ද පැරකුම් අනියමින් පවස යි. එහි දී පැරකුම් පෙර පැවසූ සිදත් වැකියේ සාවද්‍ය අර්ථකථනයක් අනුයයි (එය සාවද්‍ය වන්නේ කුමක් නිසා ද යන්න ලෝපණය වූ ආලෝචනයේ සඳහන් ය).
සිංහල භාෂාවේ දන්තජ “ල” අන්ත පද සමූහයක් ද මුර්ධජ “ළ” අන්ත පද සමූහයක් ද පවතී.
හසළ, අදාළ, අග්ගළ, අඩාළ, පළ, පහළ, ඉළ, ඉහළ, එළ, ඇසළ, කසළ, කඳුළ, වෙරළ, සක්වළ, දෙමළ, රළ ඈ පද “ළ” අන්ත පද ය.
බාල, බහුල, නිසල, නිෂ්ඵල, නිර්මල, අමිල, අචල, දුබල, සකල, සසල, සිංහල ඈ පද “ල” අන්ත පද ය. මේවා බොහෝමයක් විශේෂණ පද ය. සරල යන ප්‍රස්තුත වදන ද මෙවැනි “ල” අන්ත පදයකි.
සරල යන්න සරළ යනුවෙන් වියත් වහරේ දී යොදනු අප නම් දැක නැත. “වහරනුසෙරෙන් සපයා” යනු “බහුතරය වහරන ඕනෑ ම ආකාරයක්” නො වන බව යළිදු සිහි කරනු රිසි ය.
සිංහලයේ ඇතැම් පද “ල” අන්ත වූ කල එක් අරුතක් ද “ළ” අන්ත වූ කල වෙනත් අරුතක් ද පවස යි. නිදර්ශන කීපයක් මෙසේ ය:
අපුල (අප්‍රිය අරුත් දේ)
අපුළ (ඇපිළීම ඈ ක්‍රියා අරුත් දේ)
ඇල (ඇල පිල්ල, ඇල වීම ඈ පැත්ත යන අරුත් දේ)
ඇළ (ඇළ දොළ, ඇළ වේලි ඈ දිය පහර අරුත් දේ)
අලු (එකලු ඈ ආලෝකය අරුත් දේ)
අළු (මිනී අළු ඈ භෂ්ම අරුත් ද, අළු හම්, අළු ගෝමර, අළු පුහුල් ඈ අළු වර්ණ අරුත් ද පා අළු ඈ ආධාර අරුත් ද දේ)
කල (තරුණ කල ඈ කාලය අරුත් ද මනකල ඈ ආකර්ෂණීය අරුත් ද දේ)
කළ (දිය කළය ඈ ඝටය අරුත් ද අවසන් කළ ඈ ක්‍රියා අරුත් ද දේ)
අසල (අසල රුඳි ඈ සමීප අරුත් ද අසලිඳු ඈ නො සෙලවෙන අරුත් ද දේ)
අසළ (හෙළ, පෙළ, සකු හසළ ඈ පුරුදු අරුත් ද පෙර කල අසළ ඈ ඇසුරු කළ අරුත් ද දේ)
නල (මද නල ඈ සුළඟ අරුත් ද නල මැද දැවී ඈ ගින්න අරුත් ද දේ)
නළ (ජල නළය ඈ බටය අරුත් ද නළඟන ඈ රඟන අරුත් ද දේ)
එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ. රළ යන්නට පෙර ව “ස” යොදා මනා රළ යන අරුතක් සරළ යන්නට නිමැවිය හැකි වුව ද වියත් වහරේ එවැන්නක් නො පවතී. එවැනි සරළ යන නව්‍ය පදයක ලිහිල් යන අරුතක් පවතින්නේ ද නැත. ඒ වූ කලී “සපැමිණි සසියලු සුවියත් සතුන් සාදරණීය ව සපිළිගනිමු” වැනි සෑම පදයකට ම පෙර “ස” කාර යොදා සුවියත් වන්නට දත කන විසුළු නිවේදකනිවේදිකා රළකගේ වහරකි.
සිංහලයේ ඇතැම් පදවල “ල” යෙදිය යුතු ද නැතහොත් “ළ” යෙදිය යුතු ද යන්න වියතුන් අතර ද එකඟතාවයක් නැති අවස්ථා පවතී. එවැනි අවස්ථා අල්ප ය. නිදර්ශන කීපයක් මෙසේ ය:
Cnt...
ලිහිණි හෝ ළිහිණි හෝ
ReplyDeleteඇතුල් කිරීම හෝ ඇතුළු කිරීම හෝ
නෙලුම් යාය හෝ නෙළුම් යාය හෝ
(අජිත් ධර්මගේ යාය මෙනයින් නිවැරදි ය!)
ලිප හෝ ළිප හෝ
මාලිගාව හෝ මාළිගාව හෝ
මලුව හෝ මළුව හෝ (මිදුල අරුතින්)
තුරුල් හෝ තුරුළු හෝ
ගඩොල් හෝ ගඩොළු හෝ
කුකුල් හෝ කුකුළු හෝ
සතලිස හෝ සතළිස හෝ
(එහෙත් අතළොස්, සතළොස් ඈ වදන් නම් මුර්ධජ “ළ” සහිත ව ම ලියැ වේ)
එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ.
අපගේ සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ විවරණ රැසක ම සරල යන්න යෙදේ. එළු අත්තනගලු වංශ විවරණ සංඥාපනයේ ද මුවදෙව් දා විවරණයේ ද කුමරතුඟුවෝ “සරල” එලෙස ම යොදති. සියබස් ලකර විවරුවේ අලවුඉසි සැබිහෙළයෝ ද “සරල” එලෙස ම යොදති. ලෝකෝපකාරයේ සම්මත සම්භාව්‍ය සංස්කරණය “සරල සන්න සහිත ලෝකෝපකාරය” නමි.
සිඛවළඳ හා සිඛවළඳ විනිස ද මජ්‌ඣිම නිකාය ද බුද්ධ පුත්‍රයන්ගේ ද බුදුන්ගේ ද අල්පාහාරය විස්තර කිරීමට සරළු යන වදනක් උපයුක්ත කර ගනී. ධම්පියා අටුවා ගැටපදයේ පංච කල්‍යාණය විස්තර කිරීමට ද සරළු යන වදනක් යොදා තිබේ (කේස කල්‍යාණ නම් කළු සිනිඳු සරළු කෙහෙ). එහෙත් ඒ කිසිඳු තැනෙක සරළ යන වදනක් නම් නැත.
වර්ෂා, හිරු, ආදරය ගින්දරක්, උතුම් පැතුම්, බොඳ මීදුම් ඈ “අතිසම්භාව්‍ය” ග්‍රන්ථරත්නයන්ගේ සරළ යන වදන තිබේ දැ යි අපි නො දනිමු.
මෙම භාෂා ගැටලුව විමැසුමට ඇති විදුහුරු තවත් ක්‍රමයක් නම් පාරකාලික (diachronic) විශ්ලේෂණීය වාග්විද්‍යාව විධි ක්‍රමයක් මඟින් විමසීම ය. එනම් මෙකී ප්‍රස්තුත වදනෙහි නිරුක්ති විමසීම ය.
සරල යන වදන සංස්කෘත භාෂාවෙන් සිංහලයට තත්සම වූ වදනක් බව අපගේ විශ්වාසය යි. සංස්කෘතයේ එය සරල ය. ලිහිල්, පහසු, ලෙහෙසි, සෘජු ඈ අරුත් සරල යන්නට යෙදේ. මේඝ දූතයේ “තං චෙද්වායෞ සරති සරලස්කන්ධසංඝට්ටජන්මා” යනු සුළං හමන කල සරල ගස් එකිනෙක ගැටීමෙන් හටගත් ළැව්ගිනි යන්න ය. (සරල නම් ගස්; ආමාවතුර ගැට පද විවරණයේ ද සළල යන්නට සරල හෙවත් සොර ගස් යන අරුතක් පවස යි)
සංස්කෘතය ලියනු ලබන දේවනාගරී අක්ෂරයෙන් සරල යන්න सरल ලෙස ලියැ වේ. සංස්කෘත දේවනාගරියේ මුර්ධජ “ළ” නො මැත. කුමක් නිසා ද යත්, දිව අග තල්ලෙහි මුඳුනේ හෙවත් මුර්ධයෙහි ගැටීමෙන් උපදින “ළ” ශබ්දයක් සකුවෙහි නොමැති බැවින් ය. දේවනාගරියේ එන ल යනු සිංහලයේ දන්තජ “ල” ශබ්දයට ආසන්න ශබ්දයේ අක්ෂරීය නිරූපණය යි. සංස්කෘත “සරල” සිංහලයට තත්සම වන්නේ ද “සරල” ලෙස ම ය. මේ අරුතින් සරල යන්න විනා සරළ යනුවෙන් වියත් වහරක් නො පවතී.
එහෙත් සංස්කෘතයෙන් හෝ පාලියෙන් හෝ සිංහලයට තත්භව වූ ඇතැම් වදන්වල දී මාතෘ භාෂාවේ අදාළ වදන්වල පවතින “ට”, “ඨ”, “ඩ”, “ඪ” අක්ෂර වෙනුවට මුර්ධජ “ළ” ආදේශ වේ. නිදර්ශන කීපයක් මෙසේ ය:
කුටි (පාලි) --> කිළි (සිංහල)
(පැරකුම් ගඳකිළි පිළිබඳ කලකට පෙර ලියූ බව අපට මතක ය!)
භට (පාලි) --> බළ (සිංහල)
පාඨ (පාලි) --> පෙළ (සිංහල)
පඨම (පාලි) --> පළමු (සිංහල)
බිඩාල (සංස්කෘත) --> බිළාල (සිංහල)
ක්‍රීඩා (සංස්කෘත) --> කෙළි (සිංහල)
මූඪ (සංස්කෘත) --> මුළා (සිංහල)
ආෂාඪ (සංස්කෘත) --> ඇසළ (සිංහල)
එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ.
සංස්කෘතයේත් පාලියේත් යන ද්විභාෂාහි ම පවතින ඇතැම් වදන් සිංහල භාෂාවට පැමිණි කල, ඒවා පාලියට අනුකූල ව මුර්ධජ “ළ” සහිත ව ද සංස්කෘතයට අනුකූල ව දන්තජ “ල” සහිත ව ද ලියැ වේ. ඒ දෙයාකාරය ම විදුහුරු ය. පාලියට ළැදි අයෙක් මුර්ධජ “ළ” සහිත ව ලියති. සකුවට ළැදි (අප වැනි) අයෙක් දන්තජ “ල” සහිත ව ලියති. නිදර්ශන කීපක් මෙසේ ය:
කෝමල (සංස්කෘත) හෝ කෝමළ (පාලි) හෝ කොමළ (සිංහල) හෝ
වූල වංශය(සංස්කෘත) හෝ වූළ වංසය (පාලි) හෝ
නාලි (සංස්කෘත) හෝ නාළි (පාලි) හෝ
පාලි භාෂාව (සංස්කෘත) හෝ පාළි බස (පාලි)
එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ. පාලියේ බිළාර සිංහලයට බළල් ලෙස ද පාලියේ යුගළ සිංහලයට යුවළ ලෙස ද පාලියේ කීලා සිංහලයට කෙළි ලෙස ද පාළියේ ගුළිකා සිංහලයට ගුළි ලෙස ද මුර්ධජ “ළ” සහිත ව ම පාලියෙන් සිංහලයට පැමිණ තිබුණ ද, සරළ යන සිංහල වදනක් පාලියේ සරළ යන වදනකින් පැමිණි බව කිව නො හැකි ය. එයට හේතුව පාලියේ සරළ යන වදනක් නැති වීම ය. පාලියට ද සරල යනු සරල ම ය.
පැරකුම් සමඟ එකඟ වීමට ඇති දෘඪාපේක්ෂාව නිසා ම පාලියේ යම් තැනක සරළ තිබේ දැ යි අපි සිතා බැලුවෙමු. අවාසනාවක මහත! සම්භාව්‍ය පාලි භාෂාවේ සරළ ඇති තැනක් අපගේ මතකයට නො නැඟේ. දශක ගණනකට පෙර පරිශීලනය කළ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ පාලිභාෂාවතරණයේ හෝ “සරළ” තිබූ බවක් මතකයේ නැත. බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ පාලි ශික්ෂකයේ ද “සරළ” තිබූ බවක් මතකයේ නැත. උන්වහන්සේගේ පොතේ නම ම වුව “සරල පාලි ශික්ෂකය” ය.
Cnt...
පාලි ග්‍රන්ථ කීපයක කරහම්පිටිගොඩ සුමනසාරාභිනන්දන සංස්කරණවල ද “සරළ” සොයා ගත නො හැකි ය. ත්‍රිපිටක පාලියේ මජ්‌ඣිම නිකායේ හා දීඝ නිකායේ යම් තැනෙක “සරළ” තිබේ දැ යි තැනින් තැන (තිබිය හැකි යැයි සිතුණු තැන් කීපයක) බැලුවෙමු. හමුවුයේ නැත. වෙනත් කරුණක් විමර්ශනය කරන කල හමුවුවහොත් නො ලසා, නො සඟවා පැරකුම්ට දන්වන්නම්. එසේ “සරළ” යන්නක් තිබිය නො හැකි බව අපගේ විශ්වාසය ය.
ReplyDelete(පැරකුම් පවසන පරිදි “ගතානුගතික මාර්ක්ස්වාදීන්” වන අප ත්‍රිපිටක පාලිය විමර්ශනය කරන්නේ ශාස්ත්‍රීය ව්‍යායාමයක් ලෙස ය. එසේ නැති ව ඔය කෙහෙල්මල් ආගම්වලින් අපට ඇති වැඩක් නැත!)
මේ අනුව හමාර දෙසුමේ දී අපට පවසන්නට වන්නේ “සරල” යන්න විනා “සරළ” යන්න විදුහුරු නො වන බව ය. පැරකුම් අප සමඟ උරණ නො වේවා!
පැරකුම් ආලවට්ටං පිළිබඳ පවසන දෙයට අප එකඟ ය. දුරාව කුලයට සුවිශේෂී වීම කෙසේ වෙතත් පහතරැටියන් අතර ආලවට්ටං දැමීම හෝ කිරීම පවතී. අමතර හෝ පමණට වැඩි හෝ වර්ණනා පිළිබඳ නිෂේධනීය අර්ථයෙන් ආලවට්ටං යන්න රූපකයක් ලෙස යෙදේ. “ආලවට්ටං සුකුරුත්තං ඕනෑ නැහැ” යැයි පවසනු තවමත් ඇසේ. ආලවට්ටං කිරීම් > ආලවට්ටංකම් > ආලවට්ටකම් නමින් සාධිත පදයක් ලෙස අපි ආලවට්ටකම් යෙදුවෙමු. නමුත් එය පද සාධන විධියක් ලෙස විදුහුරු නැත. එනිසා පැරකුම් සිහිවන්නට ඉදිරියේ දී අප විසින් ආලවට්ටකම් නො යෙදෙනු ඇත. අප පැවසිය යුතු ව තිබුණේ ආලවන්තකම් යනුවෙන් ය. ඉන් පැරකුම්ට අපනාමයක් බැඳෙන්නට ඉඩ තිබුණු නිසා, එසේ නො ලියැවුණ එක හොඳ ය!
(පැරා, උඹ සිතන ආකාරයේ වෛරයක් හෝ තරහක් හෝ අපේ හිත්වල උඹ පිළිබඳ නැත. අපට ඇත්තේ දේශපාලන විසංවාදයක් පමණි. අපට ශාස්තෘ ලිපියෙන් රිදුණේ ද නැත. උඹ පිළිතුරු දිය යුතු දෙයක් අප ඉස්මතු කළ ද උඹ එම ආලෝචනය මඟහැරියේ ය. නෝ වොරීස් පැරා!)
ලංකාවේ වාමාංශික පක්ෂ නම් ඇදහිලි කල්ලි වගේ තමයි - හැබැයි ඇත්තටම මාක්ස්වාදී ඇදහිලි කල්ලියක් ගැනත් ඉතිහාසයෙන් වාර්තා වෙනවා - ඒ ජිම් ජෝන්ස් ගේ “මහජන දෙවොල“ (People's Temple) නම් කල්ට් සංවිධානය - අවසානයේ මේ ශාස්තෘෘවරයා තමන්ගේ අනුගාමිකයන් (අතදරුවන්ද ඇතුළු) 900 දෙනෙකුට සියදිවි නසාගැනීමේ මාර්ගය පෙන්වූවා - 1988-89 කාලය ගැන හිතද්දි මෙහේ ඇදහිලි කල්ලියත් එහෙම්ම තමයි
ReplyDeleteබයිද වේ පැරා නවකතාව ලිව්ව කාලේ අර ටැබූ ලිව්ව නේද ලිපියක් “ශාස්තෘෘ නිර්කියවීම“ කියල :)
ReplyDeleteරසිකලොජි නිසා දෙපැයක්...
ReplyDelete