Putting Nakkale to Maithri's English හෙවත් මෛත්‍රීගේ ඉංගිරිසියට නක්කලේ දැමීම

මහින්දලාගේ, විමල්ලාගේ, ගම්මන්පිලලාගේ ආසාව 
මෛත්‍රීට ජී 7 රාජ්‍ය නායක සමුළුවට ආරාධනා ලැබීම හා එහිදී ලෝක නායකයන් ඇසුරු කරන්නට ලැබීම ගැන ඒවාට ආසා කරන හාදයන් තුළ මාර ඉරිසියාවක් ඇති වී තිබේ. 

වෙනදා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතා කරන බටහිර විරෝධී දේශප්‍රේමියෝ මේ දවස්වල කතා කරන්නේ මෛත්‍රීගේ කඩ්ඩ ගැන ය. 

මෛත්‍රීට සිරාවට කඩ්ඩ බැරි බව සැබෑ ය. මෛත්‍රීට වඩා ලොකු රාජ්‍ය නායකයෝ ගොඩකට කඩ්ඩ බෑ ය. ඒක ලොකු ප්‍රශ්නයක් නො වේ. හොඳ භාෂණ පරිවර්තකයකු සේවයේ යොදවා ගන්නට පුළුවන.

මහින්ද දෙමළෙන් කතා පවා පැවැත්වූයේ ය. ඒ ටෙලිප්‍රොම්ප්ටරය උපයෝගී කරගෙන ය. 

කඩ්ඩ හෙවත් ඉංගිරිසි භාෂාව පිළිබඳ සමාජවාදී ස්ථාවරය කුමක් විය යුතු ද යන්න විමසීම මෙම ලිපියේ අරමුණයි. 

ලංකාවේ සමාජ ස්ථර අතර කොළඹ කේන්ද්‍රීය එක්තරා පිරිසකගේ භාෂාමය ආදර්ශ පාඨය වී තිබෙන්නේ ‘My Sinhala is not good' කියන එක ය. මෙය ඇත්තට ම එක්තරා රැකියා කට්ටලයක් සඳහා සුදුසුකමකි. මේ සුදුසුකම නිසා ඇත්තට ම ඒ රැකියා පමණක් නොව එම ආයතන ද අසාර්ථක වී තිබේ. ජාත්‍යන්තර රාජ්‍ය නො වන සංවිධාන උදාහරණයකි.

මෙම සමාජ ස්ථරය සමීපව ඇසුරු කරන විට දැකිය හැකි කරුණක් වන්නේ වෙනත් දේට වඩා ඉංග්‍රීසි භාෂාව ගැන අධි සංවේදීබවකින් යුක්ත වුව ද ඔවුන් තුළ ද සෑහෙන දුරට දේශීය ඉංග්‍රීසි ඌරුවේ අභාසය ඇති බවයි. 

ඉංග්‍රීසි ඇදහිල්ල නිසා මෙම සමාජ ස්ථරයට තව බොහෝ සංවාද මගහැරී තිබේ. ඔය සීඑන්එන් වගේ රූපවාහිනී චැනලවල විවිධ රටවල සිට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අය ද ඔය ලංකාවේ කඩුකාර සමාජය වගේ ය. ඒ අය ද ඒ රටවලදී පෙනී සිටින්නේ ලංකාවේ මේ මා කියන කට්ටිය වගේ ය. ඒ වුණාට ලංකාවේ තරම් කඩු පිස්සුවක් ලෝකයේ වෙන කොහේවත් තිබේදැයි සැක සහිත ය.

කඩුකාර සමාජය ගැන මා මේ කියන කාරණය හොඳින් ම නිරූපණය වන ක්ෂේත්‍රය ඉංග්‍රීසි සාහිත්‍යයයි. ලංකාවේ සිංහල කවිය හා නවකතාව වස්තු විෂය, ආකෘතිය, ශෛලීන් හා භාෂාව අතින් තිබෙන තැනට වඩා ලාංකීය ඉංග්‍රීසි සාහිත්‍යය ඇත්තේ ගව් ගානක් පසුපසිනි. ජාත්‍යන්තර සාහිත්‍යයට තබා දකුණු ආසියානු මට්ටමටවත් කිට්ටු වෙන්නට පුළුවන් ඉංග්‍රීසි ලේඛකයෝ ලංකාවේ ඉන්නවා ද යන්න සැක ය. එහෙත්, ඒක කියන්නට ලංකාවේ පඬිවරු බය ය. 

ලංකාවේ ජනතාවගෙන් 5%ක්වත් ඉංග්‍රීසියෙන් කතාවක් පවත්වන්නට දන්නේ නැත. එහෙත්, ඉංග්‍රීසිය යන්තමින් ගොඩ දාගන්නට ලංකාවේ බොහෝ සාමාන්‍ය උගත් ජනයාට පුළුවන. විශේෂයෙන් ම සරළ දෙයක් කියවා තේරුම් ගැනීමේ හැකියාව ඔවුන්ට තිබේ. එහෙත්, බොහෝ දෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරන්නට බියක් දක්වති. 

එයට හේතුව අර මං කියන කඩුකාර සමාජය හා ඒ සමාජය වන්දනා කරන ඊට පහළින් සිටින උගත් ස්ථරය ඉංග්‍රීසියෙන් කතා කරන අයගේ උච්චාරණය ගැන හා ව්‍යාකරණ දෝෂ ගැන නිති අවධානයෙන් සිටිමින් ඊනියා සානුකම්පිතභාවයකින් වැරදි නිවැරදි කිරීමට හෝ සමච්චලයට ලක් කිරීමට කටයුතු කරන එක ය.  

ලංකාවේ සාමාන්‍ය උගත්තු ඉංග්‍රීසියෙන් ලියන්නට නම් දක්වන්නේ පුදුමාකාර භීතියකි. එයට හේතුව, අර මා කී කඩුකාර සමාජය තමන්ගේ සමාජයෙන් බාහිර ඉංග්‍රීසියෙන් ලියන අයකු දුටු තැන මරා දමන්නට පවා සූදානම් නිසා ය. 

ලංකාවේ කඩුකාර සමාජය ද කොටස් දෙකකට බෙදිය හැකි ය. ඉන් එක් කොටසක් ලංකාවේ උගත් කඩුකාරයන් වන අතර ඔවුන් කතා කරන්නේත් ලියන්නේත් යල් පැන ගිය, යටත් විජිතවාදී, ආකයික් ඉංගිරිසියකි. මේ පිරිස හොඳින් හඳුනා ගැනීමට සන්ඩේ ඔබ්සර්වර් කතුවැකි කියවන්න. 

මෙවැනි ඉංග්‍රීසිකාරයන් නිසා සිදු වන එක් දෙයක් වන්නේ පොදු ජනතාව තව තවත් ඉංග්‍රීසියෙන් ඈත් වීමයි. මේ වන විට ඉංග්‍රීසි පුවත්පත් පවත්වාගෙන යනු ලබන්නේ තනිකර ම ව්‍යාපාරිකයන්ගේ අභිමානය වෙනුවෙනි. ලොකුකම වෙනුවෙන් පුවත්පත් හිමිකරුවන් ඉංගිරිසි පත්තර ගහන අතර, ව්‍යාපාරිකයන් ඒවායේ දැන්වීම් පළ කරන්නේ ද ලොකුකම නිසා ය. මේ දෙක ම අසාර්ථක වැඩ වේ. ඉංග්‍රීසි පුවත්පත්වල අලෙවි දත්ත සඟවා තබා ගැනීම මෙම ජාවාරමෙහි ප්‍රධාන අංගයකි. ඇත්තම කියනවා නම් ලංකාවට එක ඉංගිරිසි පුවත්පතකට වඩා අවශ්‍ය නැත. තරගකාරිත්වය වෙනුවෙන් දෙවැන්නක් තිබුණාට කමක් නැත.

ඉංග්‍රීසි රේඩියෝ හා රූපවාහිනී ද අන්තර්ගතයට වඩා සැලකිලිමත් වන්නේ උච්චාරණය සම්බන්ධයෙන් ය. 

කඩුකාර සමාජයේ අලුත් පිරිස වන්නේ ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල හා ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල අධ්‍යාපනය ලබා ව්‍යවහාර ඉංගිරිසිය හොඳින් දැනගෙන මෙරටට පැමිණ සිටින පිරිසයි. යමු වෙබ් අඩවිය මේ අයගේ ඉංගිරිසිය හඳුනාගත හැකි ස්ථානයකි. ඔවුන් අර කලින් කී තරම් භාෂා පිස්සෝ නො වෙති. එසේම, ඔවුන්ට එහෙමට ලාංකික හදවතක් ද නැත. එහෙම එකක් නැති ය කියා ඔවුන්ට අවුලකුත් නැත. 

ලංකාවේ දේශපාලකයන් අතර මහ ලොකු කඩුකාරයන් නැත. රනිල් වික්‍රමසිංහට කඩු හීනමානයක් ඇති බව පෙන්නා නැත. කඩුකාර ප්‍රජාවෙන් දේශපාලනයට පැමිණි රජීව් විජේසිංහ, දයාන් ජයතිලක වැනි අය පට්ට අසාර්ථක චරිත වේ. කඩුකාර සමාජයට දැන් දේශපාලකයන් හිඟ ය. ඒ නිසා හර්ෂට, එරාන්ට පමණක් නොව අයන්න හුයන්න කියන හරින්ට, ඡන්දෙන් පැරදුණු රෝසිට, වික්‍රමසිංහ භාර්යාවට පවා අධික ඉල්ලුමක් තිබේ.  

ලංකාවේ දේශපාලන සමාජයේ ඉන්නේ ඉංග්‍රීසි ගොඩදාගන්නට බැරිකමක් නැති, එහෙත් කඩුකාර සමාජයේ අවඥාවට ඇති බිය නිසා ඇඹරෙන, වෙනත් බොහෝ අංශවලින් කඩුකාර සමාජයට වඩා දක්ෂ, ඔය විමල් වීරවංශ, අනුර කුමාර දිසානායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වැනි අයයි. මේ අය නිදන්ගත කඩු හීනමානයෙන් පෙළෙති. එහෙයින් ම ඔවුහු ඉංග්‍රීසි පරිහරණයට බිය වෙති. ඒ ගමන් ම අනෙක් අයට කඩුව වරදින විට තමන්ගේ ගොලබාලයන් දමා කෝචොක් කරති. 

මේ දවස්වල මෛත්‍රීට නක්කලේ දාන්නේ මේ ගොබ්බයෝ ය. 

අපි මේ අවසන් වාක්‍යයෙන් ලංකාවේ ඇති ඉංග්‍රීසි ලෙඩ හඳුනා ගන්නට උත්සාහ කරමු.

මෙය මා පරිවර්තනය කරන්නෙ මෙසේ ය. මා වැනි අය කරන්නේ සිංහලෙන් සිතා ඉංග්‍රීසියට පරිවර්තනය කර ලියන එක ය. අපි ගෙවල්වල ඉංග්‍රීසි කතා කරන අය නො වෙමු.
Those are the snobs who laugh at Maithri's English these days. 

මේක අර රටතොට විස්තර හාදයා ලියන්නේ මෙසේ ය. මේ වනාහි අපේ අර නිදන්ගත ඉංග්‍රීසි හීනමානකාරයන් ලිව්වොත් ලියන විදියයි. ඒත්, උන් බය නිසා ලියන්නේ නැත.
These days, these idiots joke to Maithri. 

මේක ම අර ආකයික් කඩුකාරයකු ලිව්වොත් ලියන්නේ මෙසේ ය.
These parvenus are tongue in cheek in perpetuum whenever Maithri verbalizes the lingua franca of the perfidious Albion. 

දැන් මේක කියවලා මාත් මාරෙට කඩ්ඩ දන්නවා කියලා හිතන්න එපා. මෙතන තියෙන්නෙ සුට්ටි ටිරිකිස් එකක්. අපි සාමාන්‍යයෙන් ලියන විදියට ම ලියලා මෙන්න මේ සයිට් එකට ගිහින් ඒකෙන් කාටවත් නො තේරෙන වචන ටිකක් අරගෙන මෙතන ඇදල දාන එකයි තියෙන්නෙ. ටික කාලයක් මෙහෙම ලියනකොට මාර පොරක් වෙන්න පුළුවන් ලංකාවෙ. ඇයි කාටවත් තේරෙන්නෙ නැහැනේ.  

අර අලුත් කඩුකාර සෙට් එක ඕක ලිව්වොත් කොහොම ලියාවිද කියන එක මට තේරෙන්නේ නැත. 

ඉතින් මේ ලිපියෙන් අපි ගැන මොකුත් කියලා නැත්තේ මොකද කියලා වමේ සෙට් එක කලබල වේවි. නෑ, හදවතින් අප යුද බිමේ ඔබ තනි කරේ නැත කිසි දිනේ. ඕගොල්ලන්ගෙ වම ඉංගිරිසි ගාවදි කුජීත යටත් විජිතවාදීයි. ඕගොල්ලන්ගෙත් ආසාව ඔන්න ඔය ආකයික් ඉංග්ලිෂ් තමයි. ලියාගන්න බැරි නිසා පව්. එක්කෙනෙක් මේ දවස්වල මගේ බ්ලොග් එකේ වැඩ දානවා. තව ටිකකින් එයි. එයා කලින් ලිපියේ සිය සළු උනා යටත් විජිතවාදී සුළු ධනේශ්වර මානසිකත්වය ඉතා හොඳින් නිරූපණය කර තිබෙනවා. ගිහින් බලන්න. 

ඉංගිරිසිය සම්බන්ධයෙන් සමාජවාදී ස්ථාවරය මොකක්ද හැබෑට? මං හිතන්නේ අපි කාටත් තේරෙන සරළ, සුගම, ප්‍රකාශනශීලී, නිදහස්, ජාත්‍යන්තර ඉංගිරිසික් ගොඩනගා ගත යුතුයි. ඒ කියන්නේ ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ස්වදේශික ධනපති පංතික සංස්කෘතික ආධිපත්‍යයන්ගෙන් යටපත් නො වන ඉංග්‍රීසියක් ගොඩනගා ගත යුතුයි. සමාජවාදී ඉංගිරිසියක් වෙනුවෙන් කරන අරගලය ඇතුළෙ පශ්චාත් යටත් විජිත මානසිකත්වයන්ට එරෙහිව දැවැන්ත අරගලයක් තිබෙනවා. 

අප විසින් ජනරළ පුවත්පතට ලියන ලද සුන්දර ඉංගිරිසි ලිපි පෙළ මෙතැනින් කියවන්න. එය අපේ ඉංගිරිසියක් වෙනුවෙන් අප කරන අරගලයේ කොටසකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මොන ඉංගිරිසිය තේරුණත් තාම තේරුම් ගන්න අමාරු ඉන්ගිරිසියක් තමයි texiting ඉංගිරිසි.

    ReplyDelete
  2. පැරා නේද මේ වෙබ්සයිට් එකේ ඇඩ්ඩින්: supirikello.com

    ReplyDelete
    Replies
    1. ඒ නිසා ඔය සයිට් එකේ කියන විදියට සල්ලි දාන්න එපා. මගේ අංකයට ටෙක්ස්ට් එකක් එවන්න. මං එකවුන්ට් නම්බරේ දෙන්නං. ඒකට සල්ලි දාපල්ලා.

      Delete
    2. සුපිරි කෙල්ලෝ වෙබ් අඩවියේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පැරකුම් ජයසිංහ මහතා...

      Delete
  3. මාක්ස්වාදය ලංකාවට ආනයනය කළේ එංගලන්තයෙන් නේද?

    ReplyDelete
  4. //අර අලුත් කඩුකාර සෙට් එක ඕක ලිව්වොත් කොහොම ලියාවිද කියන එක මට තේරෙන්නේ නැත. //

    Those whackjobs joke on Maithri's English these days

    ReplyDelete
  5. අර වෙබ් සයිට් එක නම් එළකිරි...

    ReplyDelete
  6. සම්පුර්ණයෙන්ම එකගයි පැරා. ඔය මිනිස්සු හිනා උනාට ගොඩක් රටවල රාජ්‍ය නායකයන් කථා පවත්වන්නේ තමන්ගෙ රටේ බාසාවෙන් පමණයි. ඒක ලැජ්ජාවට හිනාවට කාරණයක් නොවෙයි. අනික පොඩ්ඩ ඉංගිරිසි බැරි උනගමන් හිනා වෙන එක අපේ රටේ හැමතැනම වෙන දෙයක්.කවදාවත් සුද්දෙක් විදේශිකයෙක් ඉස්සරහ ඉංගිරිසි කථා කරන්ට ගිහින් වැරදුනා කියල උන් එව්ව නිවැරදි කරන්ටවත් හිනා වෙන්නෙවත් නැහැ. මොකද සුද්දෝ උනත් කතාකරන්නේ බොහොම සරල තේරෙන ඉංගිරිසි. accent එක වෙනම කතාවක් ඔය අයර්ලන්ත ස්කොටිෂ් වගේ. මම ලංකාවේ අන්තර්ජාතික බැංකුවක වැඩ කරනකොට ලොකුම සුදුසුකම උනේ ඉංගිරිසි කථා කරන එක. රස්සාවට ගන්නෙම ලොකු ඉස්කෝලවල කඩ්ඩ පොලිෂ් අය. ඒවගේම තමයි විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලන අයගෙන් බහුතරය ඉංගිරිසි මළපොතේ අකුරක් කියවන්ට බැරි අය. ඉතින් මේ අය රජයේ රැකියාවලට අරන් උන්ව කාර්යක්ෂම කරනව කියන්නෙ ඉතින් සොරි ම තමයි.

    ReplyDelete
  7. සරල වචන වලින් පමණක් සැදුම් ලත් භාෂාවක් සහ බර වචන ද ඇතුලත් භාෂාවක් අතර සංවාදය අලුත් එකක් නොවේ. එමෙන්ම එය, එක් භාෂාවකට පමණක් අදාළ එකක් ද නොවේ. ඉංග්‍රීසියේ දී මෙන්ම සිංහලෙන් ලිවීමේ දී ද, සරල වචනවලින් පමණක් ලිවිය නොහැකි ද යන ප්‍රශ්නය මතුවේ. මෙම ප්‍රශ්නය ට පිළිතුර නැත යන්නයි.

    අප බිණීමේ දී හා ලිවීමේ දී භාවිතා කරන්නේ සංධර්භය විසින් ඉල්ලා සිටින වචනය. ඒ වචන ගොඩනැගී ඇත්තේ ඇයි, ඒ වචන භාෂාවට එකතු වී ඇත්තේ ඇයි, ඒ වචන චිරාත් කාලයක් ව්‍යවහාරයේ පවතින්නේ ඇයි? (ව්‍යවහාරයේ යන්නෙන් මෙහි අදහස් වන්නේ, උගතුන් ගේ ව්‍යවහාරයේ යන්නයි. වහරනු සෙරෙන් සපයා යන්නෙහි අදහස් කෙරී ඇත්තේ, මොක්කු මොක්කු හරි ව්‍යවහාර කරන ආකාරයෙන් නොව උගතුන් ව්‍යවහාර කරන ආකාරයෙන් සපයා ගන්න යන්නයි.) ආදී ප්‍රශ්නවලට පිළිතුරු සෙවූ විට සරල වචන පමණක් සහිත භාෂාවක් තැනීම හෝ එවැනි භාෂාවක් තනා පවත්වා ගෙන යාම හෝ කළ නොහැකි බව පෙනේ. බස් රථ වල බෝඩ් ලෑලි පමණක් ලිවිය හැකි භාෂාවක් සමාජයේ පවතින්නේ නෑ. භාෂාවක් සමාජය විසින් පිළිගනු ලැබීමට, එම භාෂාවෙන් බස් රථ වල බෝඩ් ලෑලි ලිවීම මෙන්ම, දෘෂ්‍ය කාව්‍ය නිර්මාණය කිරීම ද කළ හැකි විය යුතුයි. අප බස් රථ වල බෝඩ් ලෑලි ලිවීමට, හැම්ලට් ලියනකොට ඕන වෙන වචන සියල්ලම අරගන්නේ නෑ. ඒ වගේම බස් රථ වල බෝඩ් ලෑලි ලිවීමට ප්‍රමාණවත් වචන වලින් විතරක්, හැම්ලට් ලියන්නත් බෑ. අප ලියන විට, කියන විට, භාවිතා කරන්නේ අර්ථය දනවන වචනයි; අප ට සන්නිවේදනය කිරීමට අවශ්‍ය තේරුම, ප්‍රකාශ වෙන වචනයි. අපට සරල වචන, බර වචන දෙකම අවශ්‍ය වන්නේ ඒ නිසයි. සරල වචන පමණක් සහිත භාෂාවකින් ඒ වැඩේ කරන්න බෑ.

    එම නිසා අවශ්‍ය වන්නේ භාෂාවන් නිවැරදිව ඉගෙන ගැනීමයි. මෙතනදී ඉගෙන ගත්තේ පාසැලෙන් ද, වීදියෙන් ද, කානුවෙන් ද යන්න වැදගත් නෑ. වැදගත් වන්නේ ඉගෙන ගත්තා ද නැද්ද යන්නයි. දක්ෂකම, කැපවීම, අධිෂ්ඨානය, උත්සාහය, උද්‍යෝගය, ආදිය, තිබේ නම්, ස්වෝත්සාහයෙන් ම වුවද නිවැරදි දේ ඉගෙන ගත හැකියි. අඩු පහසුකම් මැද්දේත්, එසේ තනිවම, එහෙත් විශිෂ්ට ලෙස උගත් අය, ටික දෙනෙක් හෝ ලෝකයේ සිටිති. නමුත් ඒ සඳහා දක්ෂකම, ආදිය අවශ්‍ය වෙයි. දක්ෂකම, ආදිය, නොමැතිව අන් අයට ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම, අවලාද නැගීම, ආදිය, නුසුදුසුයි.

    නිවැරදි භාෂා ව්‍යවහාරය පෙන්වා දෙන කෙනාට, සුළු ධනේශ්වරයා, ස්වෝත්තමවාදියා, ලෙස බණින එක වැරදියි. නිවැරදි භාෂා ව්‍යවහාරය, පාසැලෙන් හෝ, වීදියෙන් හෝ, කාණුවෙන් හෝ, ඉගෙන ගැනීමට අසමත් වූ කෙනෙක්, ගුරුකමෙන් ඉවත්වීම ළමයින්ට කරන සේවයකි. නැතිනම් මතුගම පැත්තේ ළමයි, තාමත්, inference කියන එකේ තේරුම, මැදිහත් වීම කියලා ඉගෙන ගන්නවා. අපිට භාෂා දැනුම නෑ කියලා කාටවත් භාෂාව විනාශ කිරීමට ඉඩ දෙන්න බෑ. භාෂා දැනුම නැත්නම්, භාෂාව ඉගෙන ගන්න. භාෂාවක් විනාශ කිරීමට මාර්ක්ස්වාදීන් එකඟ වන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. Well said. I agree with you 100%

      Delete
    2. //අප බිණීමේ දී හා ලිවීමේ දී භාවිතා කරන්නේ සංධර්භය විසින් ඉල්ලා සිටින වචනය.//

      නිවැරදි සංදර්භයද? සංධර්භයද?

      Delete
    3. නිවැරදි භාෂා ව්‍යවහාරය පෙන්වා දෙන කෙනාට, සුළු ධනේශ්වරයා, ස්වෝත්තමවාදියා, ලෙස බණින එක වැරදියි කියා ඔබ කියා ඇත. අප ඔබට ඒ වදන් භාවිතා කළේ නිවැරදි භාෂා ව්‍යවහාරය පෙන්වා දෙන නිසා නො වේ. එම කාර්යය අපි අගයන්නෙමු. සරළ යන වදන් ව්‍යවහාරයේ සදොස්බව පිළිබඳ ඔබ කළ විග්‍රහය මෑතකදී අප දුටු හොඳම භාෂාමය මැදිහත් වීමක් බව කියන්නට අප පසුබට වන්නේ නැත.

      එහෙත්, ඔබේ අදහස් දැක්වීම්වලදී දක්නට ලැබුණු නිවැරදි යයි ඔබ කියන ප්‍රමිතිය හැම විට ම පාහේ දකුණුදිග එංගලන්ත මධ්‍යම පංතික ප්‍රමිති අනුව සැකසුනු එකකි. එහිදී ඉංග්‍රීසීන් මේ රට යටත් කරගෙන සිටීමෙන් කළේ ප්‍රගතිශීලී කාර්යයක් ය යන අදහස, ඉංග්‍රීසීන් දේශීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කළා ය කියන එක, නියම ඉංග්‍රීසිය යනු දකුණුදිග එංගලන්තයේ ඉංග්‍රීසිය ය කියන එක වැනි අදහස් එහි තිබිණි.

      එංගලන්තයේ සංරක්ෂණය කර තිබෙන පුරාවස්තු හා ලේඛන ගැන ඔබ පවසන්නේ ඒවා ලංකාවට දුන්නා නම් අප ඒවා විනාශ කරනු ඇති ය කියා ය.

      මේ උපකල්පනයන් ඉංග්‍රීසි ජාතිවාදයෙන් හා යුරෝපා ස්වෝත්තමවාදයෙන් තෙම්පරාදු වූ අදහස් ය. ඒවා කරුණුමය වශයෙන් ද වැරදි ය.

      ඔබ අපට වැදගත් වන්නේ ඔබ ගතානුගතික මාක්ස්වාදීන් බොහොමයකගේ ඇත්ත ස්වභාවය හා ආශාවන් විදහා දක්වන නිසා ය.

      ඔබගේ අදහස් පිළිබඳ වගකීම භාර ගන්නට ඔබ මැලි වීම තේරුම් ගන්නට පුළුවන් තත්වයකි.

      Delete
    4. //එංගලන්තයේ සංරක්ෂණය කර තිබෙන පුරාවස්තු හා ලේඛන ගැන ඔබ පවසන්නේ ඒවා ලංකාවට දුන්නා නම් අප ඒවා විනාශ කරනු ඇති ය කියා ය.

      මේ උපකල්පනයන් ඉංග්‍රීසි ජාතිවාදයෙන් හා යුරෝපා ස්වෝත්තමවාදයෙන් තෙම්පරාදු වූ අදහස් ය. ඒවා කරුණුමය වශයෙන් ද වැරදි ය.
      //

      ඒක වැරදි අදහසක් නෙමේ පැරා... ඉන්ග්‍රීසින් රට දාල ගිය පසු 50 දශකයේ බොහෝ දේ විනාශ කෙරුනා... කෙසේවෙතත් ඉන්ග්‍රීසින් 1948 යන්නෙ නැතිව තව අවුරුදු 50 විතර හිටියනම් අද ලංකාව මීට වඩා විශාල දියුනු තැනක ඉන්නෙ... වාමාංශිකයිනුත් තමන්ගේ තේරුමක් නැති බටහිර විරෝදය පසෙකලා එය් පිලිගත යුතුයි... ඉන්ග්‍රීසීන් නොහිටින්න "ජාතිද්‍රොහී" පැරාලට විප්ලවේ කරන්න වෙන්නෙ "සිංහලජාතියේ හා බුද්ධාගමේ එකම ආරක්ශකයා" කියල ඔටුනු පලන්දාගෙන ඉන්න රජපවුලක් එක්ක... වෙන්න රජ මරාව එලවන්න මෙච්චර අමාරු උනානම් ඒක කොහොමවෙයිද කියල හිතාගන්න..

      Delete
    5. //එංගලන්තයේ සංරක්ෂණය කර තිබෙන පුරාවස්තු හා ලේඛන ගැන ඔබ පවසන්නේ ඒවා ලංකාවට දුන්නා නම් අප ඒවා විනාශ කරනු ඇති ය කියා ය.//

      අනුරාධපුර යුගයට අයත් මිළ කළ නොහැකි ප්‍රතිමාවක් රජයේ ඇත්තන් විසින් ම විනාශ කළ හැටි අපි ඇස් පනා පිට දැක්කනේ ගිය සතියේ. මේ එක උදාහරණයක් විතර යි. තවත් උදාහරණයක් කන් ගැට්ටාගේ සිද්ධිය. එම නිසා යුරෝපා රටවල් දෙක තුනක දැන් තිබෙන ලංකාවෙන් රැගෙන ගිය පුරාවස්තු කිහිපය එහි තිබෙන එක සිය දහස් ගුණයක් හොඳ යි මෙහි රැගෙන එනවාට වඩා.

      Delete
    6. //ඉන්ග්‍රීසින් රට දාල ගිය පසු 50 දශකයේ බොහෝ දේ විනාශ කෙරුනා... කෙසේවෙතත් ඉන්ග්‍රීසින් 1948 යන්නෙ නැතිව තව අවුරුදු 50 විතර හිටියනම් අද ලංකාව මීට වඩා විශාල දියුනු තැනක ඉන්නෙ... වාමාංශිකයිනුත් තමන්ගේ තේරුමක් නැති බටහිර විරෝදය පසෙකලා එය් පිලිගත යුතුයි... ඉන්ග්‍රීසීන් නොහිටින්න "ජාතිද්‍රොහී" පැරාලට විප්ලවේ කරන්න වෙන්නෙ "සිංහලජාතියේ හා බුද්ධාගමේ එකම ආරක්ශකයා" කියල ඔටුනු පලන්දාගෙන ඉන්න රජපවුලක් එක්ක... වෙන්න රජ මරාව එලවන්න මෙච්චර අමාරු උනානම් ඒක කොහොමවෙයිද කියල හිතාගන්න..//

      මේ කතාවේ හරය යටත් විජිතවාදය හා අධිරාජ්‍යවාදය ප්‍ර‍ගතිශීලී බවයි.

      අති විශිෂ්ට අව්‍යාජත්වයකින් යුතුව පසුගාමී ය. මාක්ස්වාදීනි, තව තව රෙදි ලිහා ගනු!

      අතීතය යනු සිදු වී හමාර දෙයකි. අතීතයේ කිසියම් නිශ්චිත ස්ථානයකට ආපසු ගොස් එතැන් සිට වෙනත් මාර්ගයක යාම ගැන කතා කිරීම ප්‍ර‍බන්ධ සාහිත්‍යයකට හොඳ විය හැකි මුත්, දේශපාලනිකව නම් ගත් කල විඥානවාදී අදහසකි. 1796දී ඉංග්‍රීසීන් නො ආවා නම් හා 1948දී නො ගියා නම් කුමක් වේ ද යන්න දේශපාලනිකව කිසිදු වැදගත්කමක් නැති සාකච්ඡාවකි.

      Delete
    7. ///මේ කතාවේ හරය යටත් විජිතවාදය හා අධිරාජ්‍යවාදය ප්‍ර‍ගතිශීලී බවයි///

      ඔව් පැරා, ලංකාව බ්‍රිතාන්‍යයට නතු වෙලා තිබුණු කාලයේ නම් මේ අදහස මනස විකෘති වූවෙකුගේ යි කියා ඕනෑ ම කෙනෙක් (සමහරවිට බ්‍රිතාන්‍යයන්ගෙන් බහුතරය පවා) කියන්න ඉඩ තිබුණා. ඒත්, 1948 න් පසු රටේ සිදු වූ දේවල් ප්‍රත්‍යාවලෝකනයට ලක් කළ විට මේ අදහස ඒකාන්තයෙන් ම නිවැරදි බව පෙනී යනවා.

      Delete
    8. ඔය අවංක අදහස එළියට ඇවිත් විවෘතව කියන්නට කොන්ද පණ ඇති මාක්ස්වාදියකු නැතිකම තමයි වැඩේ!

      Delete
    9. //එහෙත්, ඔබේ අදහස් දැක්වීම්වලදී දක්නට ලැබුණු නිවැරදි යයි ඔබ කියන ප්‍රමිතිය හැම විට ම පාහේ දකුණුදිග එංගලන්ත මධ්‍යම පංතික ප්‍රමිති අනුව සැකසුනු එකකි.//

      එකඟය. අප අනුයන්නේ RP බව අප සඟවා නැත. අප ඉංගිරිසිය ද සිංහලය ද වහරනුයේ සම්භාව්‍ය ඉංගිරිසි ව්‍යවහාරය මත පදනම් කරගත් සම්මත මත ය. ඉංගිරිසියේ දී එය පෞරාණික යුගය මත පදනම් වූ දක්ෂිණ එංගලන්තයේ සම්මත ඉංගිරිසිය ය. එය ද විෂමජාතීය එකකි. ඉංගිරිසිය ඉංගිරිසීන්ගේ බස ය. සිංහලයේ දී එය සම්භාව්‍ය සිංහලය මත පදනම් කරගත් සම්මතය මත ය. එහෙත් එසේ ඉංගිරිසිය හෝ සිංහලය හෝ ව්‍යවහාර නො කරන කිසිවෙකුට අප නම් දශක හයකට ආසන්න කාලයක දී අවලාද නඟා නැත. අපගේ ව්‍යවහාරයට බැණ වැදී, අප ද මතුගම ව්‍යවහාරය අනුයායුතු බව හඟවන්නේ ඔබ ය.

      //එහිදී ඉංග්‍රීසීන් මේ රට යටත් කරගෙන සිටීමෙන් කළේ ප්‍රගතිශීලී කාර්යයක් ය යන අදහස, ඉංග්‍රීසීන් දේශීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කළා ය කියන එක,//

      අප මෙවැන්නක් පවසා නැත. එය ඔබගේ සිතේ ඇති දෙයකි. යටත්විජිතකරණයේ න්‍යාය පත්‍රය වෙන එකක් බව අපි පැවසුවෙමු. මාර්ක්ස්වාදීන් වන අප යටත්විජිතකරණයට ප්‍රශස්ති නො ගයන බව පෙර ද පවසා ඇත. එහෙත් මාර්ක්වාදීන් යනු එංගලන්ත හෝ බටහිර හෝ විරෝධීන් නො වේ. ඔබ සිතා සිටින්නේ මාර්ක්ස් සහ එංගලස් සුධීමතුන් මේ කොදෙව්වේ මතුගම උපන්නා කියා ද?

      //නියම ඉංග්‍රීසිය යනු දකුණුදිග එංගලන්තයේ ඉංග්‍රීසිය ය කියන එක වැනි අදහස් එහි තිබිණි//

      එකඟ ය. එහෙත් සියලු ලෝ වැසියන් “නියම” ඉංගිරිසිය ම ව්‍යවහාර කළ යුතු ය යන අදහසක් අපි නො පැවසුවෙමු.

      අප ඔබට සඳ පෙන් වූ විට ඔබ ඇඟිල්ල දෙස බලා ආතභූත පවසයි. දැන්වත් යළි මඟ වෙත එන්න. අසත්‍ය මාර්ගයෙන් සත්‍ය මාර්ගයට.

      Delete
    10. //එහෙත්, ඔබේ අදහස් දැක්වීම්වලදී දක්නට ලැබුණු නිවැරදි යයි ඔබ කියන ප්‍රමිතිය හැම විට ම පාහේ දකුණුදිග එංගලන්ත මධ්‍යම පංතික ප්‍රමිති අනුව සැකසුනු එකකි.//

      එකඟය. අප අනුයන්නේ RP බව අප සඟවා නැත. අප ඉංගිරිසිය ද සිංහලය ද වහරනුයේ සම්භාව්‍ය ව්‍යවහාරය මත පදනම් කරගත් සම්මත මත ය. ඉංගිරිසියේ දී එය පෞරාණික ඉංගිරිසිය මත පදනම් වූ දක්ෂිණ එංගලන්තයේ සම්මත ඉංගිරිසිය ය. එය ද විෂමජාතීය එකකි. ඉංගිරිසිය ඉංගිරිසීන්ගේ බස ය. සිංහලයේ දී එය සම්භාව්‍ය සිංහලය මත පදනම් කරගත් සම්මතය මත ය. එහෙත් එසේ ඉංගිරිසිය හෝ සිංහලය හෝ ව්‍යවහාර නො කරන කිසිවෙකුට අප නම් දශක හයකට ආසන්න කාලයක දී අවලාද නඟා නැත. අපගේ ව්‍යවහාරයට බැණ වැදී, අප ද මතුගම ව්‍යවහාරය අනුයායුතු බව හඟවන්නේ ඔබ ය.

      //එහිදී ඉංග්‍රීසීන් මේ රට යටත් කරගෙන සිටීමෙන් කළේ ප්‍රගතිශීලී කාර්යයක් ය යන අදහස, ඉංග්‍රීසීන් දේශීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කළා ය කියන එක,//

      අප මෙවැන්නක් පවසා නැත. එය ඔබගේ සිතේ ඇති දෙයකි. යටත්විජිතකරණයේ න්‍යාය පත්‍රය වෙන එකක් බව අපි පැවසුවෙමු. මාර්ක්ස්වාදීන් වන අප යටත්විජිතකරණයට ප්‍රශස්ති නො ගයන බව පෙර ද පවසා ඇත. එහෙත් මාර්ක්වාදීන් යනු එංගලන්ත හෝ බටහිර හෝ විරෝධීන් නො වේ. ඔබ සිතා සිටින්නේ මාර්ක්ස් සහ එංගලස් සුධීමතුන් මේ කොදෙව්වේ මතුගම උපන්නා කියා ද?

      //නියම ඉංග්‍රීසිය යනු දකුණුදිග එංගලන්තයේ ඉංග්‍රීසිය ය කියන එක වැනි අදහස් එහි තිබිණි//

      එකඟ ය. එහෙත් සියලු ලෝ වැසියන් “නියම” ඉංගිරිසිය ම ව්‍යවහාර කළ යුතු ය යන අදහසක් අපි නො පැවසුවෙමු.

      අප ඔබට සඳ පෙන් වූ විට ඔබ ඇඟිල්ල දෙස බලා ආතභූත පවසයි. දැන්වත් යළි මඟ වෙත එන්න. අසත්‍ය මාර්ගයෙන් සත්‍ය මාර්ගයට.

      Delete
    11. //බටහිර යටත්විජිතවාදීන් ලංකාවේ මධ්‍යම කඳුකරයේ වතු වගාව ව්‍යාප්ත කිරීම නිසා මෙරටට පාරිසරික හා සමාජ-ආර්ථික වියවුලක් ඇති වූ බව පැවසීම අඩසිය වසකට ආසන්න කාලයක් පැරණි අර්ධ සත්‍යයකි. මෙම යුරෝපා අධිරාජ්‍යවිරෝධී අස්ථානයේ ආදී ශාස්ත්‍රීය ප්‍රකාශකයා බුද්ධදාස හේවාවිතාරණ ය. එකල පේරාදෙණියේ දී මේකී ප්‍රස්තුතය අලළා පැවති කතිකාවේ දී විතාරණයන්ගේ දුර්මත මයිකල් රොබර්ට්ස් විසින් සාධනීය ව බිඳ දමා ඇත. රොබර්ට්ස් පෙන්වා දුන් වැදගත් කරුණ නම් යුරෝපා යටත්විජිතවාදීන් විසින් වතු වගාව සඳහා එළිපෙහෙළි කරන ලද භූගෝලීය වපසරිය එවකට උඩරට සමාජ-ආර්ථිකයේ පදනම වූ භූගෝලීය වපසරියට වඩා වෙනස් එකක් වූ බව යි.//

      එහිදී අපි මෙම කරුණ පෙන්වා දුන්නෙමු.

      උඩරට සමාජ ආර්ථිකය කියන්නේ වගා කරපු ඉඩම් ටික විතරක් නො වේ. ගොනුන් තණ කෑ ඉඩම් ද, ජල පෝෂක ඉඩම් ද, හුළං පටි ආදිය ද තවත් විවිධ ඉඩම් ද ඒ සමාජ ආර්ථිකයේ කොටස් ය. එසේම, ජෛව විවිධත්වය රැක දුන් කැළෑ ද ඒ සමාජ ආර්ථිකයේ ම කොටසකි. මිනිසුන් යැපුණේ තනිකර ම තමන්ගේ ඉඩමෙන් නෙළා ගත් බව බෝගවලින් විතරක් නො වේ.

      ඒ කරුණ ගැන මේ වන තෙක් කිසිවක් සඳහන් නො කළ ඔබ දිගට ම කීවේ ‘වතුවගාව නො වන්නට උඹලා තවමත් කඩුගන්නාවේ ගල විදගෙනවත් නැත' වැනි ඉංග්‍රීසි ජාතිවාදී උද්ධච්ඡ කතා ය. මේවා කියන්නට ඉංග්‍රීසිකාරයෝ පවා ලජ්ජා වෙති. එහෙත් මාක්ස්වාදීන්ට ලජ්ජා නැත.

      මේවා යටත් විජිතවාදය වෙනුවෙන් ගයන ප්‍ර‍ශස්ති නො වේ ද? යටත් විජිතවාදය ප්‍ර‍ගතිශීලී කාර්යභාරයක් නො කළා නම් ඔබ ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ කුමට ද? පෙනී සිටිනවා නම්, එසේ කළා ය කියා කෙළින් කියන්නට බය ඇයි?

      මතුගම යනු මා උපන් හා ජීවත් වන ගම් ප්‍රදේශයයි. එය තවත් එක් භූගෝලීය කඩඉමක් පමණි. මගේ ගම ය කියා මතුගමට අවමන් සහගතව කතා කිරීමෙන් හා එංගලන්තය පිළිබඳ කරන පුරාජේරු කතාවලින් ඔබගේ බටහිර ගැතිකම හා ඉංග්‍රීසි ජාතිවාදී ස්වෝත්තමවාදය නිරූපණය වේ.

      අපගේ භාවිතාව තුළ අප බටහිර විරෝධීන් වී නැත. එහෙත් අප බටහිර හෝ ලංකාව හෝ වන්දනා කරන්නේ ද නැත. ලංකාවේ මාක්ස්වාදීන් අතර ඉංග්‍රීසි ජාතිවාදීන් පිරිසක් ද සිටින බව හෙළි වීම රසවත් කරුණකි.

      Delete
  8. අපේ අයියලා ගේ දීන බව තමයි ඔය කතාවලින් එළිවෙන්නේ.
    මෝඩ බයියෝ.

    ReplyDelete
  9. ජනපති මයිත්‍රී ට ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව අදහස් හුවමාරු කරගැනීමට හැකි තරම් භාෂා හැකියාවක් ඇති බව මගේ අනුමානයයි. ඉංග්‍රීසීය මවු භාෂාව වන ඉහල පෙලේ මහාචාර්යවරුන් සහ සමාගම් විධායකයන් සමග කතා කිරීමේදී මගේ අත්දැකීම නම් ඔවුන් විදේශිකයන් සමග කතා කිරීමේදී භාවිත කරන්නේ අවස්ථාවට සුදුසු භාෂා ශෛලියක් බවයි (මට රාජ්‍ය නායකයන් හෝ නියෝජිතයක් සමග කතා කිරීමේ අවස්ථාවක් ලැබී නැත ) . ඔවුන් බොහෝ විට සෙමෙන් කතා කරන අතර ඉතා සරල වාක්‍ය යොදාගනිමින් පැහැදිලි සන්නිවේදනයම අරමුණු කරගෙන කතා කරයි.

    දේශපාලන පවුලකින් පැවතෙන අගමැති රනිල් ඉංග්‍රීසි භාෂාවේ මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික පැවැත්මේද ඉහලම ප්‍රවීනත්වය ලැබූ අයෙකු වෙයි. ඔහු ද ඉංග්‍රීසි කතා කරනවිට ශ්‍රී ලංකික හුරුව මිස එංගලන්ත/ඇමෙරිකානු හුරුවට කතා කරනවා බවක් මම දැක නැත.

    අනෙක් අතට ජනපති මයිත්‍රී යනු බොහෝ කාලයක් ඇමති කම් දරමින්, පක්ෂ ලේඛම් තනතුරු දරමින් දේශපාලනයේ දශක කිහිපයක දිගු ගමනක් පැමිණි අයෙකි. එවන් පුද්ගලයෙකු රාජ්ය නියෝජනය කිරීම සඳහා අපේ රට විසින් නිසි ලෙස පුහුණු කර නැතිනම් අප කලයුත්තේ දැන්වත් එවැනි පුහුණු කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීම මිස ඔහුට සිනාසීම නොවේ.

    ReplyDelete
  10. ඕක ඉතින් අපේ ගතියනේ...... සුද්දගෙ ඉංග්‍රීසි කතාකරන්නේ එන්ගලන්තෙ. ඇමරිකන් කාරයා ඇමරිකන් ඉන්ංග්ලිස්. ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තෙ ඔවුන්ට ආවෙනික ඉංග්‍රීසි උරුවක් තියෙනවා. සිංගප්පූරුවත් එහෙමයි. ඒත් ලංකාවේ අය අනෙක් අයගේ ඉංග්‍රීසි වලට හිනාවෙනවා. හිනාවෙන අයට එක්කෝ ඉංග්‍රීසි වරද්දන එකා තරමටවත් බෑ.... නැතිනම් දන්නවා කියලා හිතාගෙන හිටියට නොදැනීම වරද්දනවා.

    ReplyDelete
  11. /// නිවැරදි භාෂා ව්‍යවහාරය පෙන්වා දෙන කෙනාට, සුළු ධනේශ්වරයා, ස්වෝත්තමවාදියා, ලෙස බණින එක වැරදියි. නිවැරදි භාෂා ව්‍යවහාරය, පාසැලෙන් හෝ, වීදියෙන් හෝ, කාණුවෙන් හෝ, ඉගෙන ගැනීමට අසමත් වූ කෙනෙක්, ගුරුකමෙන් ඉවත්වීම ළමයින්ට කරන සේවයකි. නැතිනම් මතුගම පැත්තේ ළමයි, තාමත්, inference කියන එකේ තේරුම, මැදිහත් වීම කියලා ඉගෙන ගන්නවා. අපිට භාෂා දැනුම නෑ කියලා කාටවත් භාෂාව විනාශ කිරීමට ඉඩ දෙන්න බෑ. භාෂා දැනුම නැත්නම්, භාෂාව ඉගෙන ගන්න. භාෂාවක් විනාශ කිරීමට මාර්ක්ස්වාදීන් එකඟ වන්නේ නෑ. ////

    I dont think you need to worry too much about English. It is a global language and it is the richest language that gets enriched every day through billions of speakers.

    I do agree that children should be taught correct English, but I believe Para's point is not about English teaching but how Sri Lankan people have an unsavory habit of mocking people who do speak like the queen.

    These self-appointed guardians of good English need to get another job. English is not anyone's property, it is simply a tool to be used the way the user wants to use it.

    ReplyDelete
  12. මෛත්‍රී ගේ ප්‍රශ්නය කඩ්ඩ බැරි වීම නොවේ. ලංකාවේ කඩ්ඩට වඳින බය්යන්ට මූණ දීමට ඇති ලැජ්ජාවට පරිවර්තකයෙක් යොදා නොගෙන බැරි ඉංගිරිසියෙන් තටමන්නට යාමය.

    සරලව සහ ශක්තිමත්ව ප්‍රොෆෙෂනල් විදිහට කිව යුතු දේ කිව යුතු තැනක ඒක කරන්නට පුළුවන් එකෙක් නොගෙන තමන්ම කිරීමට යන හීන මානය, සුද්දන්ට ඉංග්‍රීසි උගන්නන්නට යන ක්‍රිස් නෝනිස් ගේ පඩ ෂෝ හීනමානය තරමටම වැරදිය. දෙකෙන්ම වෙන්නේ අහන ඉන්න එකාට කතාවේ කියන දේ අමතක වී කියන එකා ගේ බාසා ව්‍යවහාරය ගැන ෆෝකස් වීමයි.

    ලංකාවේ ඉන්ගිසිරි පත්තර ගන්න උන් ගන්නේ පන්ති ප්‍රශ්නයක් නිසාම නොව ඉංගිරිසි පත්තර සාපේක්ෂව තවමත් පඩංගු තත්ත්වය ට වැටීම අඩු නිසාය. ඇසුවෙමි දුටුවෙමි වගේ ගොන් පාට් වත් මිනිස්සු හොර ගෑනු එක්ක මරා ගත් හැටි, කප්පන්, බිලි පූජා, පව් කිරීමේ ආදීනව කියවෙන වෙනම ඉරිදා අතිරේක වත් ඉංගිරිසි පත්තර වල සාපේක්ෂව අඩු ය. "ගණිකාවන් සමග පිට කොටුවේ රැයක්", "31 රෑ පාටියේ උණු දේ" වගේ "කීමටත් හිරිකිත" බව කිය කියාම හැමදාම ලියන ලිපි ද ඉංගිරිසි පත්තර වල අඩු ය. daily mirror වගේ පත්තර වල ඔය අජිත් කියන archaic ඉන්ගිරිසියක් ද නැත. ඒ ඉංගිරිසි කියවීම සිංහල කියවීමට වඩා අමුතුවෙන් අමාරු නැති උන්, බහුතරය නොවුනත්, ඕනා තරම් සිටිති. ඉතින් උන් සිංහල පත්තර ගන්නේ ලබ්බකට ද.

    ජපන්නු චීන්නු ඉංගිරිසි නැතුව සාර්ථක උනේ උන් අනෙක් දේ වලින් මහන්සි වී වැඩ කල නිසා ය. අපි ඉන්නා තත්වය අනුව අපේ ඉංග්‍රීසි වල වෘත්තීයමය තත්ත්වයෙන් හෝ ඉන්දියන් සහ චීන්නුන්ට තරගයක් දෙන්නට හැකි නම් හොඳය. එක කල හැක්කේ "ඇමරිකානු, බ්‍රිතාන්‍ය සංස්කෘතික ආධිපත්‍යයන්" ට එරෙහි "සමාජවාදී ඉන්ගිරිසියක"ට මෙහේ ඉන්න කොහොමත් කඩ්ඩ බැරි උන් බල මුළු ගැන්වීමේ වීරවංස පන්නයේ ජෝක් වලින් නොවේ. බැරි බැරි ගානේ හෝ ඉංගිරිසිය පාවිච්චියට උනන්දු කරන ගමන් ම නිවැරදි සරල ප්‍රොෆෙෂනල් ඉංගිරිසියේ අගය කියා දෙන වැඩ පිලිවෙලකිනි. හොඳ ඉංගිරිසියෙන් ලිවිය යුත්තේ "ඇමරිකානු, බ්‍රිතාන්‍ය" සුද්දන් හිනා වෙන නිසා නොව (එහෙම හිනා වෙන්නේ නැත) බාසාවත් වෘත්තීය භාවයේ පිටට පෙනෙන එක අංගයක් නිසාය. අපි කැමති උනත් නැතත් මේ වෙලාවේ mainstream ජාත්‍යන්තර ඉංගිරිසිය ඇමරිකානු බ්‍රිතාන්‍ය ඉන්ගිසිරියයි.

    එහෙම වැඩ පිළිවෙලක් ආවත් නැතත්, මෛත්‍රීට ඉංග්‍රීසි ප්‍රක්ටිස් වීමට හෝ ක්‍රිස් නෝනිස් ට ෂෝ දැමීමට ජාත්‍යන්තර ඕඩියන්ස් එකක අපිට ලැබෙන විනාඩි කිහිපය වැය කිරීම මට අනුව නම් හීන මාන ම තමා.

    ReplyDelete
    Replies
    1. Yes yes. But president Mithri can talk good English. He no want langwage translaters. President Mithri profesanal English talk too.

      Delete
  13. මෙතන තියෙන දේශපාලනය කුමක් ද?

    ReplyDelete
    Replies
    1. මහින්දවාදීන්ට ඒ වගේ ගැඹුරු දේවල් අදාළ නැහැ. මෛත්‍රීව මරල හරි බලය ගන්න විදියක් ගැන හිත හිත ඉන්න එක මිසක් ඕව ගැන කල්පනා කරන්න යන එක තේරුමක් නැහැ.

      Delete
    2. ස ර ස තුමාට පේන විදියට යහපාලනේට කඩේ ගිය වෙන්ඩ ටොයියෝ සට් එකම එකතු වෙලා සිරිසේනව අයර්ලන්තේ යවයි වගේ....

      Delete
  14. I posted this link at w3lanka before. I think I should post it again for our own benefit.
    http://www.plainlanguage.gov
    And this too.
    https://www.sec.gov/pdf/handbook.pdf

    ReplyDelete
  15. How would you write this in "Posh English?"

    http://www.forbes.com/sites/wadeshepard/2016/05/28/the-story-behind-the-worlds-emptiest-international-airport-sri-lankas-mattala-rajapaksa/#7a99af3762fd

    Although there is there very little in the way of public transportation to get passengers to and from this airport, which has hampered its use as a tourist hub in the past. I experienced this directly when I was ready to leave. I asked the manager how he would recommend getting back to town, 17 kilometers away.

    “We have a number of government buses,” he informed me with a smile, “but we have no time schedule.”

    He then advised me that I would probably be better off walking five kilometers to the highway junction and then hitching a ride from there.

    ReplyDelete
  16. අනුන්ට කින්ඩි දාන්නේ තමන්ට මුකුත්ම බැරි උන්... දන්න එකා කරන්නේ වැරද්ද නිවැරදි කරන දේ... අපේ ඉන්ගිරිස් ඇනෝ නම් පට්ට....

    කාර් ගනන් ගියා කියලා කෑ ගහන්නේ ෆුට් සයිකලයක් වත් නැති උන්... උන් අරගන්න ඉඳලා තියෙන්නේ ගාන වැඩි වෙච්චි ඒවා... අඩු වෙච්චි ඒවට උන් කැමති නෑ...

    ReplyDelete
    Replies
    1. Yes you talk tru. People laufg to wrong English talk they not know any things too.

      Delete
  17. //ජාත්‍යන්තර සාහිත්‍යයට තබා දකුණු ආසියානු මට්ටමටවත් කිට්ටු වෙන්නට පුළුවන් ඉංග්‍රීසි ලේඛකයෝ ලංකාවේ ඉන්නවා ද යන්න සැක ය//

    මම දන්නා පරිදි අඩුම තරමින් එක් අයෙකු සිටී - ඒ ෂෙහාන් කරුණාතිලකය (මයිකල් කරුණාතිලකගේ පුතා?) ඒ හැරුනු විට රොමේෂ් ගුණසේකර, සීතා කුලතුංග, පුණ්‍යකාන්ති විජේනායක වැනි නම් මතකයට ඒ -
    පැර‍ාගේ ලිපියේ ඔබ්සර්වර් පත්තරේ එකක් වගේ යැයි පළ කරඇති කොටස තනිකරම මම්බෝ ජම්බෝය - එසේ වුවත් ලංකාවේ වර්තමාන ඉංගිරිසි පුවත්පත් ආකයික් ඉංගිරිසියෙන් පළ කරනවා යැයි කීම පදනම් විරහිතය. මම හිතන ආකාරයට ලංකාවේ දැනට හොඳම ඉංගිරිසිය ඇත්තේ සිංහ රත්නතුංග කතුකම කරන සන්ඩේ ටයිම්ස් පුවත්පතේය. එහි ප්‍රවෘත්ති, විශේෂාංග හා වෙනත් ලිපි 90%ක් පළ වන්නේ වර්තමානයේ ජාත්‍යන්තර ටයිම්ස්, නිව්ස්වීක්, රීඩර්ස් ඩයිජස්ට් වැනි සඟරාවල භාවිතා කරන සරල ඉංගිරිසියයි. කතුවැකිය හා ඉක්බාල් අතාස්ගේ දේශපාලන තොරතුරු ලිපිය පමණක් තරමක් සංකීර්ණ බසකින් ලියැවුනත් එයත් ආකයික් කිව නොහැක - එයට සමාන බස්වහරක් බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ්, ටයිම්ස් හෝ ඉකොනොමිස්ට් වැනි ප්‍රකාශනවල දැකිය හැක. එනම් අද භාවිතයේ පවතින උසස් ඉංගිරිසියයි. මෑතකදී කියවීමට නොලැබුනද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ඉංගිරිසියද බොහෝ දුරට ටයිම්ස් හා සමානවේ ( දැන් ඕස්ට්‍රේලියාවේ සිටින එච් ඩී එල් මහින්දපාල සීයා ඔබ්සර්වර් කතුකම කරද්දී නම් ඔය ආකයික් ඉංගිරිසිය භාවිතා කරන්නට ඇත) මේ හැරුණු ලසන්තගේ සමයේ සන්ඩේ ලීඩර් ප්‍රවෘත්ති හා විශේෂාංග ද සරල ඉංගිරිසියෙන් ලියැවුනකි- එහෙත් (ලසන්ත නොව වෙනත් අයෙකු ලිවූ) සන්ඩේ ලීඩර් කතුවැකිය නම් බොහෝ දුරට ලියැවුනේ ආකයික් ඉංගිරිසියෙන් - කෙ‍සේ වුනත් මා කියන්නේ ඒ පුවත්පත ගැන මීට වසර 10කට පමණ පෙර තත්ත්වයයි. ලංකාවේ ජනප්‍රියම ඉංගිරිසි දිනපතා පුවත්පත යැයි මා සැකකරන ඩේලිමිරර් හිද ඇත්තේ සාමාන්‍ය සරල ඉංගිරිසි බස් වහරකි -

    ReplyDelete
  18. මතුගම අජිත් පී. ජයසිංහ ඔහුගේ ඊනියා “ආකයික්” වැකිය ලියූ ආකාරය පවසා තිබීම හොඳ ය. ඔවුන් විසින් හඩු ගඳ ගසනා පරිවර්තන කරනු ලබන්නේ ද එලෙස ම විය යුතු ය. මලලසේකර ශබ්දකෝෂය එක පැත්තකින් ද පරිවර්තනය කළ යුතු පෙළ අනෙක් පැත්තෙන් ද තබා එකී පෙළින් වචනය ගෙන ශබ්දකෝෂයෙන් බලා පරිවර්තනය ලියනු ලැබේ. අහෝ! ඒවා මෙවලම් පරිවර්තන නමි.

    මතුගම අජිත් පී. ජයසිංහයෝ පෞරාණික ඉංගිරිසියෙන් ලියූ කිසිදු පෙළක් අඩසිය වසකට වැඩි ජීවිත කාලය තුළ කියවා හෝ දැක හෝ නැති බවක් ප්‍රකට කරති. ශේක්ස්පියර්ගේ නාට්‍ය පෙළ හෝ කාව්‍යය හෝ කියවා තේරුම් ගන්නට නො හැකි, ජේම්ස් රාජ බයිබලය ඇසකට දැක නැති මතුගම අජිත් පී. ජයසිංහයන් පෞරාණික ඉංගිරිසිය පිළිබඳ ලියනා විසුළු කතා කියවීම දිවා ආහාරයට පසු හෝරාවක පමණ නිදහස් කාලයේ දී කිරීමට හොඳ වැඩකි. අපට මතුගම “ආකයික්” ඉංගිරිසිය උගන්වන්නට වෙහෙස නො වී සමාකාලීන සම්මත ඉංගිරිසියවත් ඉගෙන ගන්නට මතුගම අජිත් පී. ජයසිංහයන් උත්සුක වූවා නම් යහපත් ය. ගුරුන්ටත් ගුරු වූ ලොකුබණ්ඩාරයන් ද උගන්වන්නට ම උපන් සක්විති රණසිංහයන් ද මුණ ගැසී උපදෙස් ගනු මැනවි.

    අප පරමායුෂෙන් ද අඩක් පමණ ගෙවෙනා තෙක් ඇසුරු කරන සම්භාව්‍ය බටහිර සාහිත්‍යය ද සම්භාව්‍ය ඉංගිරිසි සාහිත්‍යය ද ලියැ වී ඇත්තේ පෞරාණික ඉංගිරිසියෙන් ය. දේව ධර්මය ලියැ වී ඇත්තේ ද පෞරාණික ඉංගිරිසියෙන් ය. එහෙත් පෞරාණික ඉංගිරිසිය ඒ අයුරින් ම දේව ධර්ම ශාස්ත්‍රාල තුළ හෝ සම්භාව්‍ය ශාස්ත්‍රාලීය කතිකා මණ්ඩප තුළ හෝ ජයසිංහයන් සිතා සිටිනා ඔබ්සර්වර් කතුවැකිය තුළ හෝ ව්‍යවහාර වන්නේ නැත. පෞරාණික ඉංගිරිසි වැකි උපුටා ගැනීම් ආදිය හැරුණු කල අන් අවස්ථාවල සුවියත් ඉංගිරිසිය ලෙස ව්‍යවහාර වන්නේ පෞරාණික ඉංගිරිසිය මත පදනම් ව සකසා ගත් කාව්‍යමය වූ සම්මත ඉංගිරිසිය ය.

    මතුගම අජිත් පී. ජයසිංහයන්ගේ වාංමාලාව තුළ නැති එනම් මතුගම අජිත් පී. ජයසිංහයන් නො දන්නා වදනක් යමෙකු ව්‍යවහාර කළ විට මතුගම අජිත් පී. ජයසිංහ සිතනුයේ “අන්න අරූ ‘ආකයික් ඉංග්ලිෂ්’ වහරනවා” යනුවෙන් ය. අහෝ! පෞරාණික ඉංගිරිසි ය! Dark green කියූ විට ජයසිංහයන් සිතන්නේ එක්සත් ජාතික පක්ෂය කියා ය. Born to purple කියූ විට ජයසිංහයන් සිතන්නේ මහජන පක්ෂයට උපන් බව ය. Glasgow kiss කියූ විට ජයසිංහයන් සිතන්නේ ස්කොට්ලන්තයෙන් මතුගමට එවන සිප ගැනීමක් කියා ය. Tongue in cheek කියූ විට ජයසිංහයන් සිතන්නේ දිව කම්මුලේ කියා ය. His foot in his mouth කියූ විට ජයසිංහයන් සිතන්නේ පාදය මුඛයේ කියා ය. අපට අවලාද නො කර ඉංගිරිසි බස රමණීය හා කාව්‍යමය එකක් බවට පත් කරන සම්ප්‍රදායික යෙදුම් කීපයක් ඉගෙන ගත්තා නම් ජයසිංහයනට නරකක් වන්නේ නැත.

    සම්මත ඉංගිරිසියේ මූලික අනන්‍යතාවය පවතිනුයේ එහි උච්චාරරණය සමඟ බැඳී ය. අප සෑම දෙනා ම ඒ ආකාරයෙන් ම උච්චාරණය කිරීමට වෙහෙසීම අත්‍යවශ්‍ය නැත (මෙම වැකිය අපි අවධාරණය කරන්නෙමු). එහෙත් එලෙස සූච්චාරණය කරන පුද්ගලයනට ගැරහීම නරුමකමකි. තමනට නො හැකි දේ අන්‍යයන් කරන විට හෝ තමනට නොමැති දේ අන්‍යයනට ඇති විට හෝ අන්‍යයනට බැණ වැදීමේ චර්යාවට පවසන සිප්යුරු වදන අප ජයසිංහයන් අලළා නො යොදන්නේ ඔවුන්ගේ සිත රිදවීමට අකමැති නිසා ය.

    සම්මත ඉංගිරිසියේ උචිචාරණය ද එහි දී වහරණ වදන් ද එහි වියරණය ද ලාක්ෂණික ය. එහි ද received pronunciation යනු මතුගම අජිත් පී. ජයසිංහගේ සර්වාංගය ම රත් කරනා ව්‍යවහාරයකි. ජයසිංහයන්ගේ “ප්‍රභූ” පංතිය නිතොර නරඹන බී.බී.සී. යට සවන්දීමෙන් සම්මත ඉංගිරිසිය ද ශෙක්ස්පියර්ගේ නාට්‍යක ලෝරන්ස් ඔලිවියර්ගේ දෙබසකට සවන්දීමෙන් පෞරාණික ඉංගිරිසිය ද යනු කුමක් දැයි ජයසිංහයනට හඳුනාගත හැකි ය. ජයසිංහයන් දේශපාලන න්‍යායාචාර්යයෙකු වන නිසා අපට සම්මත ඉංගිරිසියට දිය හැකි ඉස්තරම් ම නිදර්ශනය බ්‍රිතතාන්‍ය පාර්ලිමේන්තුවේ සමර්සෙට් ප්‍රාන්තයේ නියෝජිත ජෙකොබ් රීස්-මොග් ය. රීස්-මොග්ට ඇත්තේ නම් ජයසිංහයන්ගේ උච්චාරණ විධිය ම ය! ජයසිංහයෙනි, බොරු යැයි සිතන්නේ නම් දැන් ම බලනු මැනවි.

    ජයසිංහයෝ ඔබ්සර්වර් පත්‍රය පිළිබඳ නිතොර අවලාද නඟති. ජයසිංහයන්ගේ අහිමි වූ ප්‍රමෝදයේ ෆැන්ටසිමය වස්තු වී ඇත්තේ ලක්ෂ්මනයන් යැයි සිතේ. ඉතිං අවලාද නො නඟා ඔබත් කනකට කරාබුවක් දමා උත්සහයක් ගෙන බලන්න ලක්ෂ්මනයන් සේ බස වහරන්නට. එක ම අවුල ලක්ෂ්මනයන්ගේ චවි වර්ණය හා සූච්චාරණය මතුගම අජිත් පී. ජයසිංහයනට ලබා දීමට නො හැකි වීම ය.

    අවසාන වශයෙන් අපට පවසන්නට ඇත්තේ මෙය ය: ජයසිංහයෙනි, අපගේ සිංහලයේ ද ඉංගිරියේ ද හැඩවැඩ පිළිබඳ නන්දොඩවා අනවශ්‍ය ගැටලුවක් ඇති කර ගත්තේ ඔබ ම ය. අප ඔබට සාමයේ දෑත දිගු කළේ වරක් දෙවරක් නො වේ. ඔබ අවලාද නැඟීම දිගට ම කළේ ය. ඒ ඹබගේ ගොන්කම ය. කුම්බලා මාළු කෑවා නම් දැන් ඉතිං ඉවසපං!

    ReplyDelete
    Replies
    1. //අප ඔබට සාමයේ දෑත දිගු කළේ වරක් දෙවරක් නො වේ.//

      කවුද බොලේ මේ අප? අපි නො දන්න අප!

      Delete
    2. (@ Anonymous May 30, 2016 at 12:09 PM)

      අං-කල් ! අං-කල්! මම ලබන අවුරුද්දෙ මොන්තිසෝරි යන නිසා අම්මි මත ඉන්ගිරිති කියල දෙනවා. මත දැන් ගනන් කරන්නත් පුලුවන්, ඔන්න බලන්න...
      වන්...ටූ...තී...පෝ...පයි...සික්....
      ශෝයි නේද... ඒ උනාත අපේ අම්මි කියනවා "යූ ආ නෝ එනි ගූඩ්" කියලා....අම්මිත පිත්තුද මන්දා.
      ඒත් අම්මිත බනින්න එපා හොඳේ අං-කල්, බැන්නොත් මම ඔන්න කුනුහපර කියනවා.....

      Delete
    3. //අප ඔබට සාමයේ දෑත දිගු කළේ වරක් දෙවරක් නො වේ.// අප කිව්වෙ දේවකයද මන්ද?

      Delete
    4. ///// අහෝ! පෞරාණික ඉංගිරිසි ය! Dark green කියූ විට ජයසිංහයන් සිතන්නේ එක්සත් ජාතික පක්ෂය කියා ය. Born to purple කියූ විට ජයසිංහයන් සිතන්නේ මහජන පක්ෂයට උපන් බව ය. Glasgow kiss කියූ විට ජයසිංහයන් සිතන්නේ ස්කොට්ලන්තයෙන් මතුගමට එවන සිප ගැනීමක් කියා ය. Tongue in cheek කියූ විට ජයසිංහයන් සිතන්නේ දිව කම්මුලේ කියා ය. His foot in his mouth කියූ විට ජයසිංහයන් සිතන්නේ පාදය මුඛයේ කියා ය. අපට අවලාද නො කර ඉංගිරිසි බස රමණීය හා කාව්‍යමය එකක් බවට පත් කරන සම්ප්‍රදායික යෙදුම් කීපයක් ඉගෙන ගත්තා නම් ජයසිංහයනට නරකක් වන්නේ නැත.////

      ඔබතුමා WTF? කියන කෙටි ඉංග්‍රීසි යෙදුමේ තේරුම දන්නවද දන්නේ නෑ. මේ හෑලි කියවනකොට මට හිතෙන්නේ WTF? කියලම තමා.

      ඔබතුමා ඔය tongue in cheek කතා හරහා කියන්නේ පැරා මහතාගේ ඉංග්‍රීසි දැනුම ගැන ඔබේ තියන තක්සේරුව අනුවනේ. ඔය වගේ කතා ඒ කාලේ ක්‍රිකට් විස්තර විචාර සිංහලෙන් ගේන්න සූදානම් වෙනකොට, ඒ කාලේ හිටි ඉංග්‍රීසි පරතෙරට උගත්, "my Sinhala is not very good" කට්ටිය හිනාවුනාලු "මුන් දැන් Silly Point එකට මෝඩ තැන කියයිද දන්නේ නෑ.." කියලා.

      අඳෝමැයි.... අපේ ප්‍රේමසර ඈපාසිංහලා එච්චර මෝඩ වුනාද?

      තමන් ගැන අධිතක්සේරුවකුත්, අනුන් ගැන අවම තක්සේරුවකුත් එපා.... අපේ මහින්ද මහතාට වුනෙත් ඒකමයි. "අයියෝ සිරිසේන කිය කියා හිටියා..." කෙලවෙනකන් දන්නේ නෑ....

      Delete
    5. Why we take pain more to talk English? We talk our English no afade.

      Delete
    6. ඉහත ආලෝචනයේ Born to purple යන්න Born to THE purple වශයෙන් නිවැරදි විය යුතු ය. මෙය Born in the purple යනුවෙන් පැවසීම ද නිවැරදි වේ.

      Delete
    7. කලින්ගූගල් කරලා බලලා ලිව්ව නම් මාට්ටු නොවී ඉන්න තිබුණා නේද ආලෝචන පොර?

      Delete
  19. අපගේ ආලෝචනයේ පළමු කොටස ඔබ විසින් ලොපණය කෙරුණේ එක්තරා කතුවරයෙකුගේ නම සඳහන් බැවින් නෛතික හේතුවක් මත නම් අප එය ඉවත් කර එක් කරන්නම්. ඔබගේ සංස්කාරක වගකීම ගැන අපට අවබෝධයක් ඇත.

    ReplyDelete
  20. අපගේ ප්‍රතිචාරයේ පළමු කොටස සහිත ආලෝචනය අජිත් පැරකුම් ජයසිංහ විසින් ලෝපණය කරනු ලැබ ඇත. එමඟින් ඔහු විසින් අපගේ ප්‍රතිචාරයේ අදහස විකෘති කරනු ලැබ ඇත. වැදගත් සංවාදයක දී එසේ කිරීම අශාස්ත්‍රීය ය. අජිත් පැරකුම් ජයසිංහගේ ලිබරල් ධනවාදයේ දිග පළල දැන් පෙනේ!

    ReplyDelete
    Replies
    1. වැදගත් සංවාද! භාෂාවෙන් මිනිහකුගේ වැදගත්කම තීරණය වෙන්නෙ නැහැ. වැදගත්කම තීරණය වෙන්නෙ හැසිරීමෙන්. උඹයි මායි දෙන්නම එකයි බං. කෝ අර උඹගෙ දකුණු එංගලන්තෙන් ගත්ත ශිෂ්ටකම? මොන ශිෂ්ට මිනිහද බං අරූ මේක දන්නෙ නැහැ, අරක දන්නෙ නැහැ, මං තමයි දන්නෙ කියන්නෙ. මං ගාව තියෙන මතුගම ශිෂ්ටකම නිසා මට ඕවට උත්තර ලියන්න හිරිකිතයි.

      Delete
    2. අනෙක ඔය ලෝපණ රෙද්දවල් මං කරන්නෙ නැති බව මේකෙ කමෙන්ට් කරන කවුරුත් දන්නවා. වැදගත් දෙයක් කියන්න නැතිනං නිකං හිටපං බං මං ලෝපණය කරා ය අරක මේක කියන්නෙ නැතුව.

      Delete
    3. පුද්ගලයකු පිළිබඳ සඳහන් කරන ලද කමෙන්ටු කීපයක් ඉවත් කළෙමි. එහෙත්, මා ඒවායේ සඳහන් කළ කරුණු සත්‍ය ය. ඒවා අතිශය පෞද්ගලික වුණත්, වාමාංශික දේශපාලනයේ හැටි හෙළිදරව් කරන ඒවා ය. විශේෂයෙන් ම වාමාංශික දේශපාලනය සමග ගෑවුණු පුද්ගලයන් තුළ වැඩෙන අමන ගති ලක්ෂණ ප්‍ර‍කට කරන ඒවා ය.

      මහින්දගේ ආණ්ඩුව වෙනස් කිරීමට අපි සෑහෙන සටනක් කළෙමු. ඊළඟ ආණ්ඩුව බලයට පත් වී ඇතැමුන්ට තනතුරු ලැබුණු ගමන් ම වුණේ ඇතැම් වාමාංශිකයන් විශ්වාස කළ නො හැකි තරම් උද්ධච්ඡකම් පෙන්නුම් කිරීමයි.

      වාමාංශිකයන් සම්බන්ධයෙන් අපගේ ගරුත්වය බිංදුවට ම බැස්සේ වසර තිහක් තිස්සේ ඔවුන් ඇසුරු කර ලද අද්දැකීම් නිසා ය.

      Delete
  21. ඔය "සිතන" භාෂාව කියන එකත් තදටම තියන රීතියක් නෙමෙයි.
    මා සාමාන්‍යයෙන් ද්වි භාෂාත්මකයි ( හරිද මංද බයි ලින්ගුවල් කියන එක පරිවර්ථනය ). පොඩිම කාලෙ වැඩියෙන් සිංහලත්, ඉන් පසුව වැඩියෙන් ඉංග්‍රීසිත් කියවල, දැන් වැඩියෙන් ඉන්ග්‍රීසියෙන් වැඩ කරනව, කතා කරනව භාෂා දෙකෙන්ම. සිතන එකත් විෂයය අනුව වෙනස් වෙනව. සමහර ඒවා කෙලින්ම ඉන්ග්‍රීසියෙන් හිතෙනවා ඒවා ගැන කියවල තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන් විතරක් නිසා. සමහර දේවල් සිංහලෙන්. සමහරු කියනවා හීන දකින්නෙ කතා කරන්නෙ එක භාෂාවකින් පමණයි කියා. මටනම් ඒක තීරණය වෙන්නේ හීනෙන් කතා කරන කෙනා කවුද කියන එක මත .

    මං නම් භාෂාවලට හා ඒවා හැසිරවීමට ආසයි. එය මොන භාෂාවෙන්ද යන්න අදාල නෑ. ඒවා මං ආස භාවිතා කරන එක එක විදිහට යොදන්න කැමති උපකරණ විතරයි මට. ඉන්ග්‍රීසි ගැන බයක් හෝ අධිමානයක්වත් සිංහල ගැන සෙන්ටිමෙන්ටල් හැඟීමක්වත් නෑ. දෙකටම ආසයි

    දන්නෙ භාෂා දෙකක් විතරක් එක මගෙ ලොකු අඩුපාඩුවක් ලෙස දකින නිසා අඩු ගණනෙ අහුවෙන වෙලාවට වෙනත් භාෂාවල වචන කෑලි හරි ඉගනගන්නවා

    ReplyDelete
  22. ඔය පැරා කියන වර්ගයේ කඩුකාරයෝයි, කුඩට ඇබ්බැහි වෙච්ච කුඩුකාරයෝ අතරයි වෙනසක් නැහැ. උන් හිතවනවා කුඩු නැත්නම් මට ජීවිතයක් නැහැ කියලා. කඩුකාරයොත් හිතනවා, මට කඩුව නැත්නම් පැවැත්මක් නැහැ කියලා. පැරා කියන මයි සිංහල ඊස් නොට් වෙරි ගුඩ් කියලා කියනවා වගේ මයි ඉන්ග්ලිශ් ඊස් නොට් වෙරි ගුඩ් කියන්න තරම් සමහර අයට කැමැත්තක් නැහැ. අනියත බියක් ඒක.

    සිරිසේනගේ ඉංග්‍රීසියට හිනාවෙන්නේ ගුණසේනලාම වීම තමයි කරුමේ. ඔබාමලාටවත්, කැමරන්ලාටවත් එහෙම හිනා යන්නේ නැහැ. ඔය හිනාවෙන අයට තියෙන්නේ සුද්දෙක්ව ගෙනල්ලා රජ කරගන්න. කලකට ඉස්සර එක හාමුදුරු කෙනෙක් මට කිව්වා, එයාට ඉංග්‍රීසියෙන් සුද්දන්ට සහ කළු සුද්දන්ට බණ කියන්න බැරිනිසා සුද්දෙක් මහණ කරගන්න තමයි වෙන්නේ කියලා.

    ඉන්ටප්‍රීටර් කෙනෙක් පාවිච්චි කරන්න මොකටද ඇඹරෙන්නේ. ඉංග්‍රීසි ලියන්න බැරි ලංසි කොල්ලොත් හිටියා...ඒක කරන්න බැරි සුද්දොත් ඉන්නවා. පාරුව කරේ තියාගෙන යනවටත් වඩා පාරුව ඔලුවේ තියාගෙන යන එක ඊටත් අමාරුයි.

    ReplyDelete
  23. මම නම් හිතන්නේ මේ ලෝකේ කාටවත්ම කිසිම භාෂාවක් හරියටම බෑ.. එහෙම පුලුවන් එකෙක් ඉන්නව නම් ඌ ඇවිල්ලා මිනිහෙක් නෙමේ...

    මොන මල යකාටද පුළුවන් ඔය තරම් නීති / රීති කන්දරාවක් මතක තියාගෙන හරියටම හරිම තැන ඕක යොදන්න !?

    ReplyDelete
  24. My Sinhala is not that good.. :)
    වැඩේ කියන්නේ මට දෙමළයි ඉංග්‍රීසිත් යන්තං සන්තන් තමයි ගැට ගහගන්න පුළුවන්.. ඒ ටික සිංහලෙන් කියුවේ නැත්නම් ආකයික් ඉංගිරිස් කාරයෝ දැන ගන්නවනේ.. හැක්.

    විකාර!!!

    ReplyDelete
  25. Nother good post Parakum sir. Why we do joke to any one if they talk English wrong? Why we laufg to president. He is hero our cuntri. He know good English. He can talk gooder English than to all other laufg people to him. Presidents enemys try to laufg to he. President Mithi no wory we think.

    ReplyDelete
  26. Why we laufg to any ones English wrong talk? That no mattar. Why we sheme? English is no our mothers langwage.

    ReplyDelete
    Replies
    1. Elizabeth WindsorMay 31, 2016 at 8:38 AM

      My dear Ratathota Wisthara haven't you murdered me enough ????

      Delete
  27. මමත් අපේ පුතාව ඉස්කොලේ යවන්නයි හස්බන්ඩ්ට වැඩට යන්නයි කැමිරි හයිබ්‍රිඩ් වාහනයක් අරගන්න හිතා හිටියේ ඒක හොදයි කියලා කව්රුත් කියපු නිසා. කලින් අපිට වාහනයක් තිබ්බා නමුත් ඒක හස්බන්ඩ් අතින් ඇක්සිඩන්ට් වුන නිසා අපි අඩුවට විකුණලා දැම්මා. මේ රජය ආවට පස්සේ වාහන බදු අඩු කරපු නිසා මේ පාර තවත් වාහන මිල අඩු කරාවි කියලා අපි ලොකු විශ්වාසයක් තියලා තිබුනේ. ඉතින් එහෙම ඉද්දි තමයි මෙහෙම එකපාරටම වාහන බදු වැඩි කරලා තියෙන්නේ. මේක හරිම අසාධාරණයක් අනිත අපි වගේ දුප්පත් මිනිස්සුන්ට වාහනයක් ගන්න තියෙන අවස්ථාව අහිමි කිරීමක් හැටියට මම දකිනවා. ඇමතිවරුන්ට නම් මහජන බදු මුදල් වලින් ලක්ෂ 80 - 120 වාහන රජයෙන් අරගෙන දෙද්දී අපි වගේ දුප්පත් අයගේ කැමිරි හයිබ්‍රිඩ් වාහනයක මිල අහස උසට වැඩි කරපු එක නම් මට කොහොමත් අනුමත කරන්න බැහැ. අනේ අපි වගේ අසරණ මිනිස්සුන්ගේ දුක ගැනත් රජයෙන් මීට වඩා වගකීම් සහගත විදිහට හොයලා බලලා වත් මීට පසුව කටයුතු කරන්න කියලා මම බොහෝම කාරුණිකව රජයෙන් ඉල්ලි සිටිනවා. මොකද අපි මේ රජය බලයට පත් කලේ මේ විදිහට අපි වගේ අසරණ පොදු ජනතාව අපහසුතාවයට පත් කරවා ගන්න නම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මමත් මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන්නේ රාජපක්ෂ සමයේ අසාධාරණ ලෙස වැඩි කරපු වාහන බදු අඩු කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ වුණත් සිද්ද වුණේ මොකද්ද? ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. මම මේ වගේ දෙයක් එ.ජා.ප. රජයකින් කිසි කලෙකත් බලාපොරොත්තු වුණේ නෑ. ඉතිහාසය පුරාවටම සාමාන්‍ය කෙනෙකුට වාහනයක් ගන්න පුළුවන්කම තිබුණේ එ.ජා.ප. රජයයන් යටතේ පමණයි. මට මතකයි අපි කුඩා කාලේ අගමැතිනිය වෙල හිටපු සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය යටතේ සල්ලි තිබුණත් වාහනයක් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ කිසිම කෙනෙකුට. ඒ කාලේ පිටරට යන්න පවා අගමැති බලපත්‍රයක් උවමනා කෙරුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දොර විවෘත කරලා දුන්නා ගමේ සේතංහාමිට වුණත් කාර් එකක් ගන්නට. ආර්. ප්‍රේමදාස මහත්තයාත් ඒ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙනිච්චා. මහින්ද ශ්‍රී ලංකාකාරයා නිසා මිනිස්සු වාහන ගන්න එකට ඊර්ශ්‍යා කරලා බදු ඉහළ දැම්මා. හරියටම සිරිමාවෝ වගේ. ඉතින් ඡන්දයට කලින් යූ.ඇන්.පී..ය පොරොන්දු වුණානේ පංචවිධ ක්‍රමයෙන් සැමට වාහනයක් කියන එක. කෝ ඒ පොරොන්දුවට මොකද වුණේ? මට නම් දැන් රනිල් කියන්නේ මිනිසුන් මුළා කරන යකෙක්. එයා හොඳට රට රටවල සවාරි ගහලා එයාගේ ඇමැට්ටන්ට මහජනයාගේ රීරි මංශය උරලා ගත්තු මුදලින් ලක්ෂ 400 යේ කාර් අරන් දීලා දැන් සුර සැප විඳිනවා. ගිය සුමානේ සිංගප්පූරුවේ; මේ සුමානේ කොරියාවේ. එන සුමානේ කොහෙද දන්නෑ යන්නේ. මෙයා තව ටික දවසකින් මහින්දගේ සියළුම දූෂණ වාර්තා බිඳ හෙළනවා. මීළඟට එන ඡන්දයේදී මම අකමැති වුණත් මහින්දගේ පොදු විපක්ෂයට තමයි මගේ ඡන්දය දෙන්නේ. ඒ මේ ආණ්ඩුවට රිදවන්න.... බොරු බලාපොරොත්තු දීලා මගේ සිහිනය බිඳ දැම්මාට. ඒකෙනුත් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් 2020 ඡන්දයේ දී මහින්දටමයි මගේ ඡන්දය දෙන්නේ. 2020 ඡන්දයේදී මගේ ඡන්දය එ.ජා.ප.යට ඕනේ නම් ජේ.ආර්. යුගයේදී වගේවාහනවලට සාධාරණ බද්දක් පමණක් පනවන්න,

      Delete
  28. හිතවත් පැරකුම්,

    අප විසින් මෙම ආලෝචනය ලියනු ලබන්නේ ඔබ පිළිබඳ පහන් සිතින් බව පළමු ව පවසනු රිසි ය.

    ලාංකීය වමත් මාර්ක්ස්වාදයත් පිළිබඳ වසරකට වැඩි කාලයක් තිස්සේ අප දෙදෙන අතර වරින් වර ඇති වුණු සංවාදය අවසානයේ දී අපගේ අභිප්‍රේතාර්ථයන්ගෙන් පිටතට ගමන් කර ඇති බවක් හැඟේ. එනිසා එම සංවාදය යළි මඟ වෙතට ගැනීම හෝ නතරකර දැමීම හෝ සඳහා කාලය පැමිණ ඇත.

    අපගේ සංවාදයේ මුඛ්‍යධාරාව නිසි පථයෙන් අපගමනය වූයේ අප විසින් ලියැවුණු ආලෝනචනයකට වෙනත් සහෝදරයෙකු විසින් එක් කෙරුණු කෙටි ආලෝචනයක් අලළා ඔබ විසින් එක් කෙරුණු ආලෝචනයක් නිසා ය.

    //ලංකාවේ ඉන්න පශ්චාත් යටත් විජිත මෝල්ලුන්ට මේ වගේ පඩ ෂෝ ඉංග්‍රීසි දැක්කා ම ඉවසා ගන්න බැරි වෙනවා. දන්න ඉංගිරිසියෙන් යමක් ලියන්නට තිබෙන බය නිසා වෙල් සෙඩ් කියනවා.//

    අපගේ සංවාදයේ අපගමනය සිදු වූ ඵෙතිහාසික අවස්ථාව මෙය යි. ඔබ “පඩ ෂෝ ඉංග්‍රීසි” යනුවෙන් ගරහන ඉංගිරිසිය යනු අප ද ඇතුලු අපගේ පරම්පරාව ව්‍යවහාර කරන නිසඟ නිරායාස ඉංගිරිසිය යි. එය ඔබ පවසන ආකාරයේ මහත් ආයාසයකින් වහරන ඉංගිරිසියක් නො වේ. අවම වශයෙන් කනිෂ්ඨයේ සිට හෝ අප ව්‍යවහාර කරනා අනන්‍ය ඉංගිරිසිය එය ය. එය අපට ලැබුණේ අප උගත් පාසැල් තුළින් වන්නට හැකි ය. එහි වරදක් තිබේ ද? යමෙකු රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව, ධර්මරාජ ආදී පාසැලක ඉගෙන ගෙන තිබීම හෝ සුවියත් ඉංගිරිසිය වැහැරීම හෝ වරදක් ද? අප එහි කිසිදු වරදක් දකින්නේ නැත. එය වරප්‍රසාදිත තත්ත්වයක් බව ඔබ සිතන්නේ නම් එම වරප්‍රසාදය ලැබූ අයට අවලාද නැඟීම උචිත නැත.

    ඉංගිරිසිය ද සිංහලය ද පාලිය ද සංස්කෘතය ද ඇතුලු භාෂා කීපයක් මැනවින් උගත් පරම්පරාවකට අයත් අප අපගේ ජීවිතයේ කවර කලක හෝ එකී භාෂාවන් මැනවින් උගනින්නට වර නො ලත් හෝ ඒවා වරදවා වහරන හෝ අයට අපහාස කර නැත. එහෙත් ඔබ අපහාස කළේ නිවරද වහර අනුයන අපටත් ඒ මඟට ඇලුම් කරන භාෂා ප්‍රේමීනටත් ය. අපි මෙසේ පැවසීමු:

    //යමෙකු තම මාතෘ භාෂාව නො වන ඉංගිරිසි හෝ අන් කවර හෝ භාෂාවක් ව්‍යවහාරයේ දී සදොස් සහිත වීම අප මහා ගැටලුවක් ලෙස නො සලකමු. එහෙත් එකී භාෂාව නිවරද ව වහරන සුධීමතුනට අවලාද නැඟීම එසේ කරන්නවුන්ගේ අඥානකම ප්‍රකට කිරීමකි.//

    //ඉංගිරිසි භාෂාව සුවියත් ව ව්‍යවහාර කිරීමට උගත යුතු ය. එහෙත් එසේ සුවියත් බව ප්‍රගුණ කරන තෙක් නිහඬ ව සිටිය යුතු නැත. සදොස් තැන් නිවරද කරගනිමින් ද සද්භාෂා ව්‍යවහාර විධි ප්‍රගුණ කරගනිමින් ද ඉදිරියට ම යා යුතු ය.//

    “පශ්චාත් යටත් විජිත මෝල්ලුන්” යනුවෙන් අන්‍යයනට අපනාම බැඳි ඔබගේ ලුහුඬුකම ඉන්පසු අප විසින් පෙන්වා දෙන ලදී. එයට හේතුව අපි පැවසීමු.

    //එහෙත් Ibnubatuta සහෝදරයාට "ගැම්බර්" දැමූ ජයසිංහයන්ගේ නොදැනුම්වත් බව පෙන්වා දීම අපගේ යුතුකමකි.//

    ඇතැම් විට අවලාද නැඟීම ඔබගේ විලාසය විය හැකි බව ද අපි පෙර පැවසීමු.

    //Perhaps, it may be comrade Perakum’s style of writing and strategy of debating that he hurls stones to the elite.//

    ඔබ සුවියත් භාෂණයට කළ නිගරුවත් භාෂාප්‍රේමී සහෝදරයෙකුට කළ අපහාසයත් නිසා තරමක් දැඩි ප්‍රතිචාරයක් අපි එක් කළෙමු. එහෙත් ඔබ එයට පිළිතුරු ලෙස එක් කළ ආලෝචනය කිය වූ අප ඔබට පහත දැක්වෙන ප්‍රතිචාරය ලබා දුන්නේ අවංක සිතින් බව ඔබ විසින් වටහා ගනු ලද බවක් නො පෙනිණ. පැරකුම් අපගේ වචනය විශ්වාස කරන්න. අප මෙය ලියුවේ ඔබ පිළිබඳ සහෝදරත්වයෙන්. අප ඔබ “රස්තියාදුකාරයෙකු” බව සිතන බවක් ඔබ පැවසූ විට අපි බොහෝ සේ කම්පා වූයෙමු. පැරකුම්, කරුණාකර පහත උපුටනය කියවන්න: (ඉංගිරිසි වදන් එක් කරන ලදී)

    //මවං උඹ අපගේ විවේචන නස්ත්‍යාත්මක (destructive) විචේචන ලෙස නො සැලකිය යුතු යි. අපට උඹ ගැන ඇගයීමක් හා ගෞරවයක් තිබෙනවා. අප ඒ බව මීට පෙර ද පවසා තිබෙනවා. අප උඹගේ ඇතැම් නිෂේධනීය ප්‍රස්තුතයන් පිළිබඳ විවේචන ඉදිරිපත් කරන්නේ අස්ත්‍යාත්මක (constructive) විවේචන ලෙස යි. උඹ ශාස්ත්‍රාලීය අවකාශයෙන් පිටත සිට සමාජ-දේශපාලන කතිකාවට කරන මැදිහත් වීම සාධනීය එකක් ලෙස යි අප දකින්නේ. උඹ ම උඹට කියා ගන්නවා මිසෙක අප (හෝ වෙනත් කිසිවෙකු හෝ) කවර දවසකවත් උඹට රස්තියාදුකාරයෙකු යැයි කියා නැහැ. පංති රහිත සමාජවාදී පරමරාදර්ශයක් (උඹ විශ්වාස කරන ලිබරල්වාදයට අනුව නම් සමානාත්මතාවය සහිත පරමාදර්ශයක්) වෙනුවෙන් පෙනී සිටින අපට උඹත් අනෙකා තරම් ම වැදගත් සමාජ සංඝටකයක් බව යළි මතක් කරනවා. සමාජය වෙනස් කරන අරගලයට සියලු සමාජ ස්ථරවල දායකත්වය අවශ්‍යය යි.

    අප උඹට ටිකක් රිදෙන්න යමක් ලිව්වේ උඹ අර Ibnubatuta සහෝදරයාට දැම්ම අශිෂ්ට “ගැම්බර්” එක නිස යි. අප ඒ බව එම ආලෝචනයේ පැහැදිලි ව පවසා තිබෙනවා.

    ඒ වගේ ම තම යි ලාංකීය ඉංගිරිසි සම්මතයක් ඇතිකර ගන්නට අවශ්‍යය නම් ඒ ගැන අපගේ අවුලක් නැති බව අප අර්ජුනගේ නිබන්ධනය පිළිබඳ ලියමින් පැවසුවා.

    උඹ ඒවා එකක්වත් කල්පනාවට නො ගෙන මෙතන තප්පුලනවා. උඹ අද උදේ ඉඳන් මළ පැනලා ඉන්නේ ජයසිංහ නො වේ වලිසිංහ වගෙ යි. ටිකක් කූල් ඩවුන් වෙයං.

    Cont...

    ReplyDelete
  29. ……...……. අප උඹ ගැන දක්වන ගෞරවය හා ඇගයීම එම ආලෝචනය පුරා තිබෙනවා. උඹ එක්ක ශාස්ත්‍රීය සංවාද කිරීම ශාස්ත්‍රාලීය ඛ්‍යාමප්‍රභාවට හානියක් ය කියලා හිතන අනෙක් අයටත් අප නිතර පවසන්නේ උඹ එක්ක සංවාද වීම නැවුම් අත්දැකීමක් කියල යි.///

    පැරකුම්, අප ඉහත වැකි ලියුවේ සහෝදරත්වයෙන්. “වීරවිල කඳවුරේ දී තනියම ඉගෙන ගෙන උසස් පෙළ ලියූ” ආදී ආලෝචනයක් ඔබ රසිකගේ වියුණුසටහනක ලියා තිබෙනු අපි දුටුවෙමු. පැරකුම්, ඔබ වැනි දිරිය මිනිසුන් පිළිබඳ අප හද නැඟෙන ඇගැයුම ඔබ අප ශාස්ත්‍රාලය තුළ සිටි පමණින් හෝ අගනගරයේ විද්‍යාලයක උගත් පමණින් හෝ සම්මත ඉංගිරිසිය ව්‍යවහාර කළ පමණින් එංගලන්තයේ උගත් පමණින් හෝ ඉවත දැමීම නුසුදුසු යි නේ ද?

    ඔබගේ අනාගත සාර සමාජය තුළ සෑම සමාජ ස්ථරයකට ම ඉඩ තිබිය යුතු ය. අපගේ අනාගත සාර සමාජය තුළ නම් ගාමිණි වීරකෝන්ගේ සිට ලක්ෂ්මන් ගුණසේකර දක්වාත් ෆෙඩ්රිකා ජෑන්ස්ගේ සිට සකුන්තලා පෙරේරා දක්වාත් සම ඉඩ තිබෙනවා. 80 දශකයේ සිට අපට නලීන්ගේ ලෝකය පිළිබඳ ඇති ගැටලුව ද එහි සිංහල නො වන මානවයාට ඉඩ නැති වීම ය.

    පෙර කී නම්‍යශීලී අස්ථානය සහිත ආලෝචනය එක්කර අනෙක් පස බලන්නටත් පෙර ඔබ නැවතත් අපට අවලාද නඟයි. “වමේ සෙට් එක” පිළිබඳ ලියමින් පෞරාණික ඉංගිරිසිය අලළා ඔබ අපට අවලාද නඟයි. ආකෙයික් ඉංග්ලිෂ් යනු ඔබ පවසන ආකාර දෙයක් නො වන බව අප පවසන්නේ සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය විෂයක් ලෙස ද හදාරා ඒ පිළිබඳ ජිවිත කාලයෙන් සැලකිය යුතු කාලයක් ලියූ කියූ කෙනෙකු ලෙස යි. අප ඒ පිළිබඳ පවසන්නට ගියහොත් ඔබ තවත් දෙයක් පැවසිය හැකි නිසා එකී විෂය ඔක්ස්ෆර්ඩ්හි හදාළ සුසිල්ගෙන් හෝ රජිවගෙන් හෝ හමු වූ වෙලාවක විමසන්න. ආකෙයික් යනු ලැටින් ප්‍රේසර්ස් නො වේ. මේවා විමසමින් අප ලියූ ආලෝචනය තුළ දෙඤ්ඤං බැටේ විචාරාකාරයක් තිබීම පිළිබඳ අපි කනගාටු වෙමු. අප ඔබ සමඟ සංහිදියාවකට එළැඹෙන කල ඔබ යළිත් අවලාද නැඟීම පිළිබඳ ඇති වූ අපුල එම විචාරාකාරයට හේතු වන්නට ඇති. දශක කීපයකට පෙර නම් එකී විචාරාකාරයට අපත් දායක වී තිබෙන බව සත්‍ය යි. මාර්ක්ස් පැවසූ පරිදි ඉතිහාසය පුනර්කරණය වීමේ දී දෙවන වර සිදුවන්නේ විගඩමකි. විදු සැරියේ ද දිවි සැරියේ ද සන්ධ්‍යා යාමය කරා එළඹ සිටින ඔබ අප වැනි මිනිසුන් මෙලෙස ගැටීම සුදුසු නැත.

    හිතවත් පැරකුම්, ඔබ අපට වම හා මාර්ක්ස්වාදය පිළිබඳ කරන විවේචන පිළිබඳ අපි මතුවට ද සංවාදි වෙමු. අපගේ සම්මතයන් පවතින්නේ එංගලන්තයේ හෝ යුරෝපයේ හෝ යැයි ඔබ පවසන දෙය පිළිබඳ ගැටලුවක් නැත. එමඟින් අප බටහිර ගැති නො වන බව වෙන ම සංවාද කළ හැකි ය. සම්භාව්‍ය මාර්ක්ස්වාදය බටහිර විරෝධී නැත. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අප විසින් රනිල් වික්‍රමසිංහයන් නිතොර අගයනු ලබන නමුත් අප ධනවාදීන් වන්නේ නැත.

    භාෂාව අලළා අජිත් පැරකුම් ජයසිංහයන් හා අප අතර කෙරුණු සංවාදය මෙතැනින් අවසන් වේ. අප විසින් දක්ෂිණ එංගලන්තයේ ව්‍යවහාර වන සම්මත ඉංගිරිසිය අපගේ ජීවිතයේ ඉතිරි වසර කීපය පුරා ද ව්‍යවහාර කෙරෙනු ඇත. අජිත් පැරකුම් ජයසිංහයන් විසින් ඔවුනට අභිමත සම්මතයක ඉංගිරිසිය ව්‍යවහාර කෙරෙනු ඇත.

    හිතවත් පැරකුම්, යළි දිනෙක හමුවෙමු; සිනාසෙමු; වාද-විවාද වෙමු; සංවාද-විසංවාද වෙමු; රොස්පරොස් වෙමු; යළි සිනාසෙමු; මිතු දම් හද පුරා වෙන් ව යමු. අපගේ අමිල විසංවාදකරුවාණනි, ඔබගේ අරගලයට අපගේ සුබ පැතුම් පිළිගන්න.

    පියසීලි සහෝදරියගේ ශිෂ්‍ය ප්‍රජාව සමඟත් ස.ස.ප සමඟත් කවර විසංවාද අපට තිබුණ ද දර්ශන මේදිස් සහෝදරයා කලකට පෙර ලියූ කඳුළු මිටියාවතේ මේ අනගි පද සමඟ අපි නිහඬ වෙමු:

    “සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය කඳුරු වෙමු
    එකම කන්දෙන් වැටෙන

    වියරු ගිනි දැල් නොවෙමු
    වනය අවුලා තබන
    මුරුගසන් වැස්ස
    වෙමු දැවෙන කැලයට වහින

    චන්ඩ පවනක් නොවෙමු
    දෙරන අතුගා දමන
    මන්ද මාරුතය වෙමු
    දෙකොන සිපගෙන හමන

    නපුරු හීනය නොවෙමු
    ලමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬ හැරය වෙමු
    දනන් නින්දෙන් මුදන

    යකඩ පිත්තල නොවෙමු
    රජුන් උඩ පැන තලන
    බුරුත කොස් නැදුන් වෙමු
    උනට එසැවිය නොහෙන

    පිදුරු පොල් අතු නොවෙමු
    පැරනි ගෙට සෙවිලි වෙන
    සබඳ අපි ගඩොලු වෙමු
    අලුත්ගෙපැලක් බඳින”

    End.

    ReplyDelete
    Replies
    1. ///පියසීලි සහෝදරියගේ ශිෂ්‍ය ප්‍රජාව සමඟත් ස.ස.ප සමඟත් කවර විසංවාද අපට තිබුණ ද දර්ශන මේදිස් සහෝදරයා කලකට පෙර ලියූ කඳුළු මිටියාවතේ මේ අනගි පද සමඟ අපි නිහඬ වෙමු:// ඉතින් අපට පාන්ද ?

      Delete
    2. Ibnubatuta සහෝදරයාට "ගැම්බර්" දැමූ ජයසිංහයන් ගැන ඔය තරම් කැක්කුමක් හැදුණු ඔබට මෙම බ්ලොගයේ කමෙන්ට්වල හා අපට බනින්නට වෙන ම පළ කළ බ්ලොග්වල මගේ බිරිඳට දරුවන්ට කරන දේවල් මෙතෙක් කල් නො පෙනුණේ ඇයි?

      මෙම බ්ලොගය වනාහි ප්‍ර‍ංශ මේස චාරිත්‍ර‍ සහිත බොජුන් මේසයක් නො වේ. මෙහි එන අය මට ගරු කරන්නේත් නැත. මා එවැන්නක් බලාපොරොත්තු වන්නේ ද නැත. එසේම කාටවත් ගරුසරු වෙන්නට විශේෂ වගකීමක් මට ද නැත. එය මේ අවකාශයේ හැටි ය. ඒ නිසා ඉබ්නුබතුතා නම් ව්‍යාජ අනන්‍යතාවකින් එන ඔබේ ‘සහෝදරයාට' අප කියූ දෙය ගැන ඔබට මහා කම්පාවක් ඇති වීම පුදුමයකි. මන්ද, ඒ කම්පාව ඇති වන්නට ඕනෑ තරම් අවස්ථා මෙහි තිබිණි.

      ඔබට ඇත්ත ප්‍ර‍ශ්නය ඇති වුණේ මා ලියූ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය නම් ලිපිය සමගයි. ඒ පිළිබඳ වචනයක්වත් කතා නො කර ඔබ පැටලුණේ මගේ අක්ෂර වින්‍යාසයක් සමගයි.

      මා බ්ලොග්කරුවකු හා මාධ්‍යකරුවකු මිස භාෂා, දර්ශන විශාරදයකු නො වේ. මා ලියන්නේ මගේ ඥාන පරිධිය තුළයි. මා මෙන් ම වෙනත් ඕනෑම කෙනෙකු ද ලියන්නේ එසේ ය. එහිදී මා නො දන්නා දේ පමණක් නොව ඔබ නො දන්නා දේ ද ඕනෑ තරම් ඇති බව ඔබ නො දන්නවා වුණාට මම නම් දනිමි.

      තමන් දන්නා යම් කිසි දෙයක් කියා අනෙකා නො දන්නා බව පවසා ගර්හාවට ලක් කිරීම ලංකාවේ මාක්ස්වාදීන්ගේ, වාමාංශිකයන්ගේ හා ඒ ආභාසයෙන් බිහි වූ බොහෝ බුද්ධිමතුන්ගේ ස්වභාවයකි. අපි දිගට ම එයට එරෙහිව සටන් කරන්නෙමු. මේ වනාහි තවත් එක් ආධිපත්‍යවාදයකි. අප සටන් කරන්නේ එයට එරෙහිව මිස දැනුමට එරෙහිව නො වේ.

      ඔබ සුධීමතුන් යයි කියන සුචරිත ගම්ලත්ගේ සිට නිර්මාල් රංජිත් දේවසිරි දක්වා වැනි බොහෝ දෙනෙකු එවැනි ය. අප ඔවුන්ට ගරු නො කරන්නේ ඔවුන්ගේ මේ අශිෂ්ට ලක්ෂණය නිසා ය. එහෙත්, ඔවුන් විසින් බෙදා දෙන ලද දැනුම පරිහරණය කිරීමට අපගේ කිසිම පැකිළීමක් නැත. දැනුම දෙන දැනුවත් තැනැත්තා ඒ වෙනුවෙන් කෙළෙහි ගුණ ඉල්ලන්නේ නැත. මන්ද, දැනුම යනු පොදු මිනිස් ඥානයෙන් කොටසක් මිස පුද්ගලයකුට තනිව උරුම කිව හැකි දෙයක් නො වන නිසා ය.

      දේශපාලනිකව හුදකලා වෙද්දී අල්ලාගෙන සිටීම පිණිස අප ආරම්භ කළ මෙම බ්ලොගය වනාහි බොහෝ අය නො තකා හරින්නට කැමති එකකි. එහෙත්, අප එය සජීවීකරණය කරමින් පවත්වා ගන්නෙමු. එ් සඳහා අපි විවිධ උපාය පාවිච්චි කරන්නෙමු. ඒ හැම එකක් ම සමාජ සම්මත ඒවා නො වේ. අපව අධිපතිවාදී ක්‍ර‍මය හා අනුගත මාධ්‍යවලින් පිටට තල්ලු කර දමන්නට දායක වූ බොහෝ අය සිටිති. ඇතැම් විට ඔබ ද එයට දායක වූ අයෙකු වන්නට ඇත. මහින්ද පැන්නීමේ අරගලය තුළ එකට සිට, 2015 ජනවාරි 8න් පසු තනතුරු ලබා ගත් ඔබගේ ඇතැම් සුධීමතුන් දක්වා ම බොහෝ අය එයට දායක වී තිබේ.

      අපගේ හැඩය තීරණය වී තිබෙන්නේ අපට කරන්නට සිදු වූ අරගලය තුළයි. දැන් ඉතින් එය වෙනස් කර අමුතු මහත්තයකු වෙන්නට ද අපට උවමනාවක් නැත.

      ඔබ ගැන අපගේ විශේෂ කිසිදු හැඟීමක් නැත. අපගේ ජීවිතය තුළ අපට ඔබ වැනි අය ඕනෑ තරම් හමු වී ඇත.

      ඔබ සංවාදවලට ආවත්, නාවත්, යාලු වුණත්, තරහ වුණත්, අපේ වැඩේ අපි කරනවා ය. ඔබත් ඔබේ කාර්යය කරන්න.

      Delete
  30. 1. යමකුට අයත් වුවෙක් පවතී ද යනු ඔහු විසින් විනිශ්චය කළ යුතු - ඔහුුට වුව මනා නම් ඒ පවතී - නුවුව මනා නම් නො පවතී.
    2. සිංහලයාට වුවමනා නම් සිංහල භාෂාව නොපවතින්නට හේතූ නැති - භාෂාව වත්තක් වැනි - ඇති දොස් දුරු කළ යුතු - නැති දොස් නො වැද්දැ දියැ යුතු - ඇති ගුණ තර කළ යුතු - නැති ගුණ වැද්දියැ යුතු - සිංහලයා මේ සතර සම්‍යක්-ප්‍රධානයෙහි නිරත වේ ද ? වේ නම් භාෂාව නො නසී - නො වේ නම් නසී.
    3. නිදහසට වඩා වහල් කම උසස් කොටැ සලකන්නන් වැඩි වුව හොත් භාෂාවට තබා ජාතියට ද සරණෙක් නැති - මෙ රටැ බොහෝ අයට ස්වකීය දේ පහත් යැ - පරකීය දේ මැ උසස් යැ - මේ මහත් දුර්ගුණයක් දක්වයි.
    4. සිංහලයෝ දෙදෙනෙක් ඉංගිරිසියෙන් දොඩති. මේ කුමක් හඟවා ද ? නොඉංගිරිසි වැ සිටැ ඉංගිරිසි බව හඟවන්නට තැත් කරන්නා ජාතියට නින්දාවෙකි. එ බන්දන් ගෙන් ජාතිය මැ නැසේ.
    5. පුරාණ සිංහලයෝ පරකීය රජකුට ද වඩා ස්වකීය දාසයා ද උසස් කොටැ සැලකූ හ - වර්තමාන සිංහලයෝ ස්වකීය මහෝත්තමයෙකුට ද වඩා පරකීය දාසයා ද උසස් කොටැ සලකති - ස්වකීය භාෂාවට වඩා පරකීය භාෂාව උසස් කොටැ සැලකීම පුදුමයෙක් ද ?
    6. ඉංගිරිසිය බෝ කළ යුතු යැ - සියලු පාසල් හි ඉංගිරිසිය දෙ වන බස කොටැ ඉගැන්වියැ යුතු ය - රජයේ බස වන හෙයින් ඒ අපට අවශ්‍ය යි - සුලභ වූ කලැ දැන් එයට පටවන බොරු අගය නැති වේ - සිංහලයේ අගය නඟී.
    7. සිංහලයෙන් කුමක් වුව ද පැවැසියැ හැකි යැ - බොහෝ දෙනා ඉංගිරිසිය මැ දස දොළොස් හවුරුද්දක් ඉගෙනැ, මසක් දෙකක් උගත් සිංහලයෙන් අදහස් පැවැසිය නොහැකි යැ යි වැලපෙති - මුළායේ මහත !
    8. සිංහලයෙන් දෙඩීම ක්‍රමවත් කළ යුතු යැ - කාට කාටත් කටට ආ ලෙස දොඩන්නට හැරීම භාෂාව ම්ලේච්ඡ බවට පමුණුවයි - පාඨශාලාවට රිසියේ නම් සතියෙන් භාෂාව කෙළින් කළ හැකි යැ.

    -ප්‍රබන්ධෝපදේශය- පිටුව 161/162
    කුමාරතුංග මුනිදාසයන්

    ReplyDelete
  31. Check this out, how developed countries have their unis under control-
    https://www.rt.com/uk/344935-jesus-campus-ban-oxford/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා