කසල බැහැර කිරීමෙන්, පැළ ඉන්දීමෙන් විප්ලවය කළ හැකි ද?

මේකත් මාධ්‍ය සංදර්ශනයක් විය හැකි ය. එහෙත් තණකොළ කපා ද ඇත. 
ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය අවසානයේදී කුණු ටික අහුලා පිට්ටනිය පිරිසිදු කිරීම පිළිබඳ විවිධ අදහස් තිබේ.

ජවිපෙ පිරිසක් විසින් බැහැර කරනු ලැබුවේ තමන්ගේ ම පිරිසක් හෝ තමන්ගේ මැයි දිනය බලන්නට ආ පිරිසක් විසින් බිම හෙළන ලද කුණු ය. මීළඟ පියවර ලෙස එසේ කුණු බිම නො දමන්නට තමන්ගේ බලවේගය පොළඹවන්නට ජවිපෙට පුළුවන.

මේ මොහොතේ ජවිපෙ උපාය වන්නේ තමන් අනුන්ගේ කුණු අහුලන්නට සූදානම් පෙරටුගාමී පිරිසක් බව පෙන්වන්නට විය හැකි ය. පෙරටුගාමී පක්ෂ ආකෘතිය ප්‍රතික්ෂේප කරන්නෙක් වන මගේ අදහස නම් කාගේවත් කුණු කවුරුවත් අහුලන එක භාවිතාවක් ලෙස ප්‍රවර්ධනය නො කළ යුතු බවයි. ඒ වෙනුවට නිසි ලෙස කසල බැහැර කිරීමේ වගකීම සමස්ත සමාජය ම ගත යුතු ය.

ජනතාව නළවන, සුරතල් කරන, උන්ට නිරතුරු සමාව දෙන භාවිතාවක් අවශ්‍ය නැත. හැබැයි එහෙම කරන බව පෙන්වමින් බොහෝ දෙනෙක් කරන්නේ ජනතාව චූන් කර ....... (එක්කො ඕනැ නැහැ කියන්න.)

ජවිපෙ මැයි සංදර්ශනය හා කුණු සංදර්ශනය දේශපාලනිකව වැඩක් නැති එකක් ය යන අදහස ඇතැමෙක් ඉදිරිපත් කරති. එහෙත් මේ කුණු සංදර්ශනය එසේ අතහැර දැමිය යුතු එකක් නො වන බව මම කියමි. දේශපාලන ගේම්කාරයන් හා බැතිමතුන් විසින් පවත්වන ලද මැයි රැළිවල තිබුණු සාධනීය ම දේශපාලන සංවාදය මේ කුණු සංදර්ශනය බව මගේ අදහසයි.

ජවිපෙ සමාජවාදී තරුණ සංගමය මේ වන විට පැළ සිටුවීමේ ව්‍යාපාරයක් ද, ශ්‍රීපාද මාර්ගය පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් ද දියත් කර ඇත. මේවායේ ද තිබෙන්නේ සංදර්ශනාත්මක ස්වරූපයකි. බිම් මට්ටමේ ක්‍රියාත්මක වනවා වෙනුවට මාධ්‍ය කැමරා ඉදිරියේ සංදර්ශන පැවැත්වීම දැන් සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා සිවිල් සමාජ සංවිධානවල ද මෝස්තරය වී තිබේ. සංදර්ශන වුණත් මේවා නරක නැත. එහෙත් සංදර්ශනවලින් එහාට ගිය වැඩ අවශ්‍ය ය. 

මෑත දිනෙක මගේ බිරිඳ බස් නැවතුමේ සිටින විට ඒ අසල ගෙදරක කාන්තාව කතාවට වැටී මෙහෙම කීවා ය.

“බලන්නකෝ, මේ බස් හෝල්ට් බෝඩ් එකෙත් වාහනයක් හප්පගෙන ගිහින්, දැන් ඒක අනෙක් පැත්ත හැරිලා. කවුරුහරි හිටියනම් යට කරගෙනයි යන්නෙ. දැන් මෙතන බස් හෝල්ට් එකක් තියෙන බව පාරේ යන වාහනවලට පේන්නෙ නැහැ."

මගේ බිරියගේත් කට මගේ මෙන් ම හොඳ නැත.

“ඉතින් ඇයි ඒ බෝඩ් එක අනෙක් පැත්ත කරකවන්න බැරි?"

ඒ ගෙදර කාර්මික වැඩපලක් ඇත. අවශ්‍ය මෙවලම් හා ශක්තිමත් පිරිමි ද සිටිති.

“අපි මොනවට ද ඕව හරවන්නෙ?" යි ගැහැනිය කීවේ අපේ ගෑනිට කටඋත්තර නැති වෙන්න ය.

අපේ ගෙදරට යන පාර වෙල මැදින් දිවෙන මීටර් 75ක විතර සාවියේ දෙපැත්තේ ඝන සැරේට මිනිහෙකුටත් වඩා උස තණකොළ වර්ගයක් වැවේ. බට ගස් වැනි මේ රට තණකොළ කන්නට කකුල් හතරේ හරක් අපේ ගමේ අඩු ය. මේ තණ පඳුරු වැඩෙන විට දෙපැත්තෙන් පාරට කඩා වැටේ. අයින් වෙන්නට ඉඩක් නැතුවා පමණක් නො ව, පටු පාරේ වාහනයක් යන්නටවත් ඉඩක් නැති වේ. ඔය තණකොළ ටික කපන්නට ප්‍රාදේශීය සභාවෙන් එන්නේ ආයේ කවදා හරි ඡන්දය තිබෙන කාලයක ය.

ඉතින් මං මාස තුනකට විතර වරක් මගේ ම මැෂිමට මගේ ම අතින් තෙල් ගසාගෙන මගේ ම පිටේ බැඳගෙන තණකොළ කපමි. පැය දෙක තුනක් ගත වන මේ වැඩේට උදව්වට එන්නේ අපේ මහළු තාත්තා ය. හැන්දෑවට පොඩි ෂොට් එකක් දාගන්නට පාරට එන අපේ මාමා කෙනෙක් ද මේ වැඩේට උදව් කරයි. ඒ වෙලාවට අපේ පාරේ යන එවුන් වැඩි දෙනෙකුට නොනගතය ලබා සියලු ගමන් කැන්සල් කරන බවක් මට දැනී තිබේ. උන්ට අනුව මා තණකොළ කන ගොනෙකු විය හැකි ය.

අපේ ගම්වල උන්ට දිරන කුණු දමන්නට කුණු වලක් කපා ගන්නට තමන්ගේ වත්තේ ඕනෑ තරම් ඉඩ තිබේ. එහෙත්, උන් පාරට කුණු ටික වීසි කරති. නගරයේ ෆුඩ් සිටියේ ගෑනු ළමයි ඉදිකටුව වුණත් ෂොපිං බෑග් එකක දමා දෙති. ෂොපිං බෑග් එපා ය කී කල ඔවුන් පුදුමයට පත් වෙති.

“වෙන අය නම් තව ඉල්ලනවා."

"ඕවා ගෙනිහින් කරන්න දෙයක් නැහැ," යි කී කල ඇතැමෙක් මෙසේ කියති.

“අපි නම් එකතු කරලා පාර අයිනට ගෙනිහින් පුච්චනවා."

පොලිතින් පිළිස්සීම යනු පිළිකා කාරක බෙදා හැරීමකි. ඉන් පසු පිළිකා හදාගෙන බටහිරට බැන බැන හොර වෙද්දු පස්සේ ගොස් ඇනගෙන ආපසු පිළිකා රෝහලෙන් ම නිවන් සැප ලබති.

ලංකාවේ මිනිස්සු කිසි වගකීමක් නැතිව මහ පාරට, පොදු ස්ථානවලට කුණු විසි කරති. එහෙත්, එසේ කුණු දැමීම දැඩි ලෙස පාලනය කර ඇති ස්ථානයක් වෙත ගිය කල ෂෝක් එකට කුණු නිසි තැන දමති. නිදසුනක් ලෙස හමුදා කඳවුරක් වෙත ගියා යයි කියමු. “අයියෙ ඩස්බින් එක කොතනද තියෙන්නෙ?"

ලංකාවේ ජනතාවගේ මේ ගොබ්බ ලක්ෂණ ඇත්තෙන් ම දේශපාලනිකව ආමන්ත්‍රණය කළ යුතු බරපතල කාරණයකි. ලංකාවේ සමාජවාදී හෝ වෙන මොන යම් හෝ සමාජ විප්ලවයක් කරන්නට අවශ්‍ය මිනිසුන් හදන්නට නම් මේ ජනතාව නම් දූෂිත තක්කඩි රැළ විනයගත කළ යුතු ය. එය ප්‍රජාතාන්ත්‍රිකව කළ හැකි ද යන්න දැන් නම් මට ද ප්‍රශ්නයකි. 2015 ජනවාරි 8න් පසු ලංකාවට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය දරා ගන්නට හැකි ජනතාවක් නැති බව දැන් පැහැදිලි ය. 

මං උදේට පයින් ඇවිදින ගමේ පාරක මට කලින් යන එකෙක් යාර දහයෙන් දහයට කැහි තලිය බැගින් පාරේ මිනිසුන් යන හරියේ ම ගසා තිබෙනු දැකිය හැකි ය. මේ පාරේ ඇත්තේ බවන් වැනි ගෙවල් ය. මිනිස්සු එසේ ය. ඒ කෙළ ගහන ජනතා සාමාජිකයාට අඩු තරමේ පාර අයිනට හෝ කෙළ ගසන්නට පුළුවන. උෟ හෝ ඒකි හෝ උගේ හෝ ඒකිගේ හෝ ගෙදරදී නම් එසේ හතර වටේ කෙළ නො ගසනවා ඇත.

පාරක බසයකින් යන විට, මුහුදුබඩ රේල් පාරේ කෝච්චියෙන් යන විට සුන්දර ලංකාව ෂොපිං බෑග්, වතුර බෝතල්, යෝගට් කෝප්ප, කොඩි වැල්, බැනර් පොලිතින් ආදිය නිසා හැඩි වන ආකාරය දුටු විට ඇති වන්නේ විස්සෝපයකි. පස්ස කඩා ගත් කඩින් සේ නිරතුරුව පීත්ත පටි කපන්නට අතන මෙතන දුවන දේශපාලක නරුමයන්ගේ ඇස්වලට මේවා නො පෙනෙන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. 

තමන් මහ ලොකු පරිසරවේදියකු යයි සිතා සිටින විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසර ඇමතිකමත් තමන් වෙත රඳවාගෙන ඇත. එහෙත්, ඔහු කරන කෙංගෙඩියක් නැත. කැබිනට් මණ්ඩලයේ සිටින අසාර්ථක ම ඇමතියා පරිසර ඇමති ය. මහින්ද රාජපක්ෂගේ කාලයේ ගෝඨාභයට ඇති බිය නිසා හෝ පරිසරය පිරිසිදුව තබා ගන්නට උදව් කළ මිනිස්සු දැන් කුණු ටික පාරට විසි කරති. ඒ ගමන් මෛත්‍රීපාලට කොන්ද පණ නැති බවත් කියති. ජනාධිපතිතුමෝ දැන් ඔය කයිවාරු ඇති ය. පරිසර ඇමතිකමෙන්වත් වැඩක් කරන්නට උත්සාහ කළ යුතු ය.

පරිසර පොලිසි අරවා මේවා අක්‍රිය ය. ජනතාව නිසි පරිදි අපද්‍රව්‍ය බැහැර කරන ආකාරයට වග බලා ගැනීමට කෙනෙක් නැත. මූලිකව ම මේ වෙනුවෙන් රජයට වැඩපිළිවෙලක් නැත. පළාත් පාලන ආයතනවලට කසල ටිකවත් බැහැර කර ගන්නට හැකියාවක් නැත. 

කසල යනු ධනයයි. ඒවායින් ලෝහ, පොහොර, ඉන්ධන ආදී නිෂ්පාදන රැසක් කළ හැකි ය. ඒ වෙනුවෙන් පෞද්ගලික අංශය දිරිමත් කළ යුතු ය. කසල බැහැර කිරීම සඳහා සහ ප්‍රතිචක්‍රීයකරණය සඳහා නව තාක්ෂණය ලබා ගත යුතු ය.  

දැන් මෙතන ඇවිත් විල්පත්තුව ගැන කමෙන්ට් දාන ගොබ්බයන්ට අපට කියන්නට ඇත්තේ අපට විල්පත්තුව නො පෙනෙන ප්‍රශ්නයක් නැති බවයි. එසේම, පරිසරය තිබෙන්නේ විල්පත්තුවේ පමණක් නො වන බව ද, තමන්ගේ ගෙදර ඉදිරිපිට පාරේ ඇත්තේ ද පරිසරය ම බව ද සිහිපත් කරමි.

දැන් අර මාතෘකාවේ ඇති ප්‍රශ්නයට නැවත යමු. කසල බැහැර කිරීමෙන්, පැළ ඉන්දීමෙන් විප්ලවය කළ හැකි ද? මම නම් කියන්නේ ජවිපෙ මේ ස්පර්ශ කර ඇත්තේ ලංකාවේ සමාජ විප්ලවයේ ඉතා ම සංවේදී ස්නායුවකට බවයි. තමන්ට ඇත්තට ම මේ සමාජය වෙනස් කරන්නට අවශ්‍යතාවක් තිබේ නම් ගම් මට්ටමේ පරිසර කමිටු පිහිටුවාගෙන ඉදිරියට යන්නට ජවිපෙට හැකියාව තිබේ. රටට ඇත්තෙන් ම ආදරය කරන මිනිසුන් සොයා ගන්නට එයින් ජවිපෙට හැකි වනු ඇත. ඔවුන් සමග රට හදන සංවාදය ආරම්භ කළ හැකි ය. 

මාධ්‍ය සංදර්ශන ඇති. බිමට බහින්න. සැබෑ පොළවට බහින දේශපාලනය සමග එක් වන්නට පුරවැසියෝ බලා සිටිති.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පොලිතින් පිළිස්සීම යනු පිළිකා කාරක බෙදා හැරීමකි. ඉන් පසු පිළිකා හදාගෙන බටහිරට බැන බැන හොර වෙද්දු පස්සේ ගොස් ඇනගෙන ආපසු පිළිකා රෝහලෙන් ම නිවන් සැප ලබති.++++++++++

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර්,

      //පිළිකා රෝහලෙන් ම නිවන් සැප ලබති.// මේක දැක්කම මට අපුරු දෙයක් මතක් උනා.
      මම බොහෝ දෙනා දැකල තියනවා සිංහල බෙහෙත් කිසිවක් පාවිච්චි නොකර කෙලින්ම රෝහල් ගතවන අය මේ සමහර අය සතියකට අඩු කාලයකදී ගෙදර එන්නේ පෙට්ටියකින්.
      නමුත් අපේ මිනිසුන් කිසිවිටක කියන්නේ නෑ ඔන්න බටහිර වෙදකම් කළා ඇද්ද වෙච්ච දේ කියල.

      නමුත් කෙනෙක් ඔබ කියන විදියට //හොර වෙද්දු පස්සේ ගොස් ඇනගෙන ආපසු පිළිකා රෝහලෙන් ම නිවන් සැප ලබති// උනාම කියන්නේ කොහොමද ගොඩවෙදකම් කරලා කරගත්ත දේ කියල.

      දේශීය වෙදකම ගැන බොහෝ බාල්දු කරලා තමයි මිනිසුන් කතාකරන්න පුරුදු වී ඇත්තේ අමුත් ඔවුන් දන්නේ නෑ බටහිර වෙදකමෙන් කරන මිනීමැරුම් ගැන.

      ඔබට මේ අඩවියට ගියහම බලන්න පුළුවන් ලොව ප්‍රකට සමාගම් අපරාද චෝදනාවලට වලට වන්දි ගෙවපු හැටිත් දැනට හෙවන හැටිත් http://projects.propublica.org/graphics/bigpharma

      http://www.medicinekillsmillions.com/

      Delete
    2. බොහෝ පිලිකා පළමු අදියරයන්හිදී (Stage 1 or 2) හඳුනා ගතහොත් සාර්ථකව ප්‍රතිකාර කල හැකි බව ඔබ මෙතෙක් YouTube විඩියෝවකින් දැක නැතුවා විය හැකියි.

      Delete
    3. අන්න ගොනා ආයිත් ගොන් කතාවක් කියල.. ලිපියෙ තියෙන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ ගොන්කම් වලින් පිලිකා කාරක ඇතිවෙන හැටි, ඒත් උබ වගේ බටහිර විරෝදී, ඇමරිකා විරෝදී නාම්බන්ට එක දරාගන්න බෑ..
      ඔහෙට අනුව අපේ එක මාර ශෝයි, ඒත් බටහිර ඉන්න ඔහේට වඩා බුද්ධිමත් මිනිස්සු තමන්ගෙ දැනුම පාවිච්චි කරල කරන නිර්මාන දරාගන්න බෑ.. බටහිර අපිට වඩා ඉදිරියට ගිහින් තියෙනව කියන එක මෝඩ ජාතිවාදී මොලයට පයිත්තියන් වෙන්නෑ...
      නාම්බො බටහිර රටවල සමාගම් තරම් පිලිකා කාරක තමන්ගෙ භාන්ඩවල තියෙන එක රෙගියුලේට් කරල නෑ වෙන කොහේවත්.. ඔය පෙන්නල තියෙන වගේ වෙඹ් කඩමාලු ඔනෑම එකෙකුට අටවගන්න පුලුවන්.... ඔහෙගෙ ඔය බටහිර විරෝදය රෝල් කරල රතනටයි නලින්ද සිල්වටයි කියල බස්සගනින් පස්සපැත්තෙ...

      Delete
    4. //නාම්බො බටහිර රටවල සමාගම් තරම් පිලිකා කාරක තමන්ගෙ භාන්ඩවල තියෙන එක රෙගියුලේට් කරල නෑ වෙන කොහේවත්//

      https://www.justice.gov/opa/pr/glaxosmithkline-plead-guilty-and-pay-3-billion-resolve-fraud-allegations-and-failure-report

      ඩොලර් බිලියන 3ක් වන්දිගේවල තියෙන්නේ අහවල් එක කහනවට වෙන්න ඇති

      Delete
    5. //මම බොහෝ දෙනා දැකල තියනවා සිංහල බෙහෙත් කිසිවක් පාවිච්චි නොකර කෙලින්ම රෝහල් ගතවන අය මේ සමහර අය සතියකට අඩු කාලයකදී ගෙදර එන්නේ පෙට්ටියකින්.// රෝහල් ගත වෙනකොටත් පිළිකාව ඇඟ පුරා ගිහින්නම් ඉතින් ඒක තමා වෙන්නෙ. ඔබේ බුද්ධියේ යම් අඩුවක් ඇත.

      Delete
    6. මම දැකල තියනවා රෝහලින් කකුල කපන්න කියපු මිනිසුන් දේශීය බෙහෙත් යොදා සුවකරගත් ආකාරය, ඒ වගේම දැකල තියනවා එක රෝහලක කකුල කපන්න නියම කර සිටි රෝගීන් ටිකට් කපා ඉවත්වී පසුව රජයේ ජාතික රෝහලට ඇතුලත්වී කකුල සුවකරගත් ආකාරය. ලෝකය දෙස මොලේ ඇතුව බලන්න පුරුදු වෙන්න

      Delete
    7. ''මම දැකල තියනවා රෝහලින් කකුල කපන්න කියපු මිනිසුන් දේශීය බෙහෙත් යොදා සුවකරගත් ආකාරය.''
      ඔබ පිස්සුබල්ලෙක් කාල මුරුංග පොතු බැඳල හොඳ වුනු කෙනෙක් පාන්ඩුව හැදිල යකඩ බොර කන මනුස්සයෙක් දැකල තියෙනවද​?
      දේශීය වෙදකමේ සීමාව හුඟක් පුන්චියි. බටහිර කියල ඔබ කියන වෛද්‍ය ක්‍රමය දැනට ඊට වඩා දියුනුයි. පුලුවන්නම් දේශීය ක්‍රම දියුනු කරල අපිට කියන්න​.උදවුවට නාථ කියල පොරකුත් ඉන්නව​.

      Delete
    8. Lead, mercury, and arsenic have been detected in a substantial proportion of Indian-manufactured traditional Ayurvedic medicines. Metals are present due to the practice of "Rasa Shastra" (combining herbs with metals, minerals, and gems).

      [Source: The Journal of the American Medical Association - August 2008]

      Delete
    9. AnonymousMay 9, 2016 at 2:57 PM,
      check to see vaccine ingredients you will find something call "Thimerosal" this is (Thiomersal, commonly known in the U.S. as thimerosal, is an organomercury compound. )

      This is a most toxxic murcury compound that can be found
      http://www.cdc.gov/vaccines/parents/vaccine-decision/index.html

      Delete
    10. බටහිර විද්‍යාව යනු පරම සත්‍යයක් නොවෙයි. බොහෝවිට බටහිර විද්‍යාව පදනම් වෙන්නේ පර්යේෂණාත්මක දත්ත මත ගොඩනැගු පරිකල්පනික ආකෘති මත. පරමාණුක ආකෘතිය වැනි කිසිවෙකු නොදුටු ආකෘතිත් ඒ අතර තිබෙනවා. මේ බටහිර විද්‍යාව කියන දැනුම් පද්දතිය සීමා සහිතයි. නමුත් මේ දැනුම් පද්ධතිය කිසිදු වැඩක් ගැනීමට බැරිතරම් නිෂ්එල එකක් නොව, කල්පනාකාරීව භාවිතයෙන් බොහෝ දේ කරගත හැකි එකකි.

      මේ බටහිර විද්‍යාව භාවිත කිරීමේදී මෙය සම්පූර්ණයෙන්ම නිවැරදි නොවෙන බව දැනගෙන, එහි සීමාව දැනගෙන පරෙස්සමෙන් භාවිත කලයුතුයි. උදාහරණයක් ලෙස, චලිතය සම්බන්ධ නිවුටන්ගේ 3 වෙනි නියමය කර්ම විපාකවලට යොදන්න ගිහින් නිවුටන්ට බැන වැදීමෙන් පලක් නෑ. බටහිර විද්‍යාව දේව දුතයෙක් නොවෙයි වගේම රකුසු වෙස් ගන්නා තැනුත් නැතුව නොවෙයි. පරමාණු බෝම්බ එක උදාහරණයක් පමණයි.

      Delete
    11. Lankika SithuwiliMay 9, 2016 at 4:34 PM,
      Thiomersal used as a preservative in multi dose vials. Ask for single dose pre-filled syringe when you are getting your vaccines. You can avoid a minute dose of mercury and some of the potential debilitating diseases, such as polio.

      Delete
  2. හොඳ යෝජනාවක්

    ReplyDelete
  3. පැරා,

    //කසල යනු ධනයයි. ඒවායින් ලෝහ, පොහොර, ඉන්ධන ආදී නිෂ්පාදන රැසක් කළ හැකි ය. ඒ වෙනුවෙන් පෞද්ගලික අංශය දිරිමත් කළ යුතු ය. කසල බැහැර කිරීම සඳහා සහ ප්‍රතිචක්‍රීයකරණය සඳහා නව තාක්ෂණය ලබා ගත යුතු ය. //

    මේක කරන්න බැරි වෙලා තියන්නේ දෙසපලකයන් නිසා තමයි ලොව පිළිගත් මේවනි සමාගම් රටට පැමිණීමට බලන විට අපේ එවුන් බලන්නේ ඔවුන්ගෙන් කොමිස් කුට්ටියක් කපාගනිමටයි

    ReplyDelete
    Replies
    1. That comis problem is in Mahinda seeson there. But this now is Mithri seeson. He not give chanse to comis. All politicians not eqel. Mithri is not Mahinda. That Mahinda seeson theefs now no chanse

      Delete
  4. Aththama thamayi!Oya siyallama sathya bawa mama ath dakeemenma dannawa.Samahara ayata thamange hathara mayimawath awata parisarayawath kisiwak gana wage wagak naha.Thawath samaharu thamange hathara mayima pamanak pirisiduwa thiyaganna athare awata parisaraya kabaseeniya karanawa.

    ReplyDelete
  5. කසල ප්‍රශ්නයත හොඳ කතිකාවකි..සමහරුන්ට මෙයත් තම ජනප්‍රියත්වයට පෙරලා ගත හැක.

    ReplyDelete
  6. කසල ප්‍රශ්නයත හොඳ කතිකාවකි..සමහරුන්ට මෙයත් තම ජනප්‍රියත්වයට පෙරලා ගත හැක.

    ReplyDelete
  7. කසල හරියාකාරව ඉවත් කිරිමෙන් සහ පැල රෝපණය කර නඩත්තුවෙන් හරිතවිප්ලවයක් සිදුවෙන්නේ නැද්ද පැරකුම් ?

    ReplyDelete
    Replies
    1. යමක් කියවන්නේ දැනගැනීමට නොව පිළිතුරු දීමට බව ඔප්පු කරන කමෙන්ටුවකි. ලිපියේ මාතෘකාව පමණක් කියවා ඇති බව පෙනේ.

      Delete
    2. පැරකුම් ඔබගේ ලිපිය කියෙව්වා මොකක්ද අන්තිමට් තියන්නේ මේ සමාජය වෙනස් කරන්නට අවශ්‍යතාවක් තිබේ නම් ගම් මට්ටමේ පරිසර කමිටු පිහිටුවාගෙන ඉදිරියට යන්නට ජවිපෙට හැකියාව තිබේ..ඇයි මේ සැමදෙයකටම දේශ පාලනය.
      ඔබතුමාලා 88/89 කලේ ගම් මට්ටමින් කමිටු පිහිටුවාගෙන කරපු දෙයින් නායක ඔබලා කොහොම හරි බේරුනා ගම්ම්මට්ටමේ පහල සාමාජිකයෝ වල පල්ලටම ගියා. ඕක දේශපාලනයෙන් තොරව පාසල් මට්ටමින් කරන්න බැරිද

      Delete
  8. 'ලාංකික සිතුවිලි' සුපුරුදු පරිදි තමාගේ ගොබ්බ කොමෙන්ටු දිගහැර තිබේ. මොහු/මැය කොමෙන්ටු මඟින් සපයන තොරතුරුවල මූලාශ්‍රය වන්නේ gossip වෙබ් අඩවි සහ වීඩියෝ ක්ලිප් පමණි. තමාගේ නියම නමින් පෙනී නොසිටින නිසා මේ තැනැත්තා/තැනැත්තිය සපයන තොරතුරුවලට ඔහුගේ/ඇයගේ වග වීමකුත් නැත. අමෙරිකා එක්සත් ජනපදයේ Alex Jones මෙන් මොහු/මැය ලංකාවේ නොම්මර එකේ Conspiracy Theorist කෙනෙකි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචන්.... ලාන්කික බූරුවට අනුව ලෝකෙට කෙලල තියෙන්නෙ බටහිරලු, නමුත් ඌ දන්නෙ නෑ අද ඌ ජීවත්වෙලා ඉන්නෙත් සුද්දෙක් හොයාගත් බේතකට පින්සිද්ද වෙන්නයි, ඌ ඉන්ටනෙට් එක පාවිච්චි කරන්නෙ සුද්දෙක් හොයාගත්ත තාක්ශනය නිසාය, ඌ පේපැල් ඉල්ලගන්නෙ බටහිර රටවලින් සල්ලි හොයන්නය, බටහිර රටවල් කරපු කැපකිරීම් නොවන්නට අද මුන්ටත් සෝවියට් හිතවාදී ලන්කාවක විප්ලවයේ අධ්යාපනික කදවුරු වලට යන්න සිද්ද වෙනවය කියල...

      ඔයවගේ හාදයින්ට බොහෝවිට තියෙන්නෙ බටහිර රටකට යන්න බැරිවෙච්ච ඇරියස් එකක්, නැතිනම් විෂ්වවිද්යාලෙ යන කාලෙ ඔලුවලට බස්සපු බටහිර විරොදී සමාජවාදී කුණුරොඩු... මට ඇමරිකාවෙත් මේ වගෙ මානසික රොගියො හම්බවෙලා තියෙනව, ඇමරිකාවෙ ඉන්න බටහිර විරෝදී වම්මු බොහෝවිට කලා උපාධි තියෙන උන්.. උන්ට තියෙන ඇරියස් එක රස්සා අඩුකම, ඉතින් උන් අරවගේ conspiracy theory sites අටවගෙන ලස්සන බොරු කියකියා තමන්ට නැති වටිනාකමක් ගන්න හදනව

      Delete
    2. https://www.justice.gov/opa/pr/glaxosmithkline-plead-guilty-and-pay-3-billion-resolve-fraud-allegations-and-failure-report

      මහත්වරුනි මේ තියන්නේ ඇමරිකාවේ අධිකරණ වෙබ් අඩවියයි. කරුනාකර ගොසිප් අඩවියක් සහ ඇමරිකානු රජයේ අඩවියක් අතර ඇති වෙනස හදුනාගන්න. තමාගේ නුගත්කම ප්‍රදර්ශනය නොකරන්න

      Delete
    3. Thank you. මේකෙන් පේන්නේ බටහිර වැරදි බවටත් වඩා වරදක් වුනොත් ඒකට නිසි දඩුවම දෙන්න ඔවුන් තරම් සීලාචාර බවයි.

      Delete
    4. // මේකෙන් පේන්නේ බටහිර වැරදි බවටත් //
      කවුද කියන්නේ බටහිර වැරදි බව ? මම කියල තියන්නේ බටහිර වෙදකම දැනුවත්ව මෙම අපරාදය කරන ලද බවයි එය වැරදීමක් සිදුවෙම නෙමෙයි, කරනලද මහා වංචාවක් තමා සිදුකල බව පිළිගෙන දඩ ගෙවූ බවයි {GlaxoSmithKline to Plead Guilty and Pay $3 Billion to Resolve Fraud Allegations and Failure to Report Safety Data}

      මෙහි වරදවල් 2කක් තියනවා
      01. Fraud Allegations
      02. Failure to Report Safety Data}

      මේවා හොද කල්පනාවෙන් කියවන්න

      Delete
    5. එක ආයතනයක් කල වරදකින් (ශීලාචාර බටහිර රටවල් දඩුවම් ලබදීත් ඇත ) බටහිර වෙදකමටම චෝදනාකරන බටහිර විරොදී මහදැනමුත්තාගෙ ගොන්බිජ්ජකම අපට සිතාගත හැක... ඔය මෝඩ උද්දච්චකම් පසෙක තබා බටහිර දැනුම හා ක්‍රියා පද්දති අපට වඩා සාර්තක බව පිලිගන්න

      Delete
    6. //මම කියල තියන්නේ බටහිර වෙදකම දැනුවත්ව මෙම අපරාදය කරන ලද බවයි//
      මම දන්න කෙනෙකුත් වෛද්යවරු බයිපාස් එකක් කරන්න කියල තියෙද්දිත් තෙල් බෙහෙත් කරන්න ගිහින් මලා... මිනිහට බෙහෙත් කරපු සින්හල වෙදා මම මෙච්චර මෙච්චර ගානක් සනීප කලා කියල තියෙන්නෙ පට්ටපල් බොරු... ඔය අපරාදෙට ලාන්කික ඩෑල් එකේ තර්කෙට අනුව ඒ වෙදාට දඩුවම් දීල හරියන්නෑ සින්හ්ල වෙදකමම තහනම් කරන්න ඔනෙ.. ඇයි "වෙදකම දැනුවට්ව" කරපු දෙයක්ලුනෙ...

      Delete
  9. අහළ පහළ එවුන් දිනපතා පොලිතින් ගිනි තියෙන ප්‍රශ්නෙ අපිට පොලිසි ගිහිල්ලවත් විසඳාගන්න බැරිඋනා. පොලිස්කාරයා ආවාම ඔක්කොම සාකි දෙන්නෙ කුණු ගිනිතියන්නෙ නෑ කියලා. ඒ මදිවට ගමේ ඉන්න ශාඛා සමිති හෙන්චයියෙක් පොලිස් කාරයාව ශේප් කරනවා. දැන් උගෙ හොම්බ ටිකක් බිම ඇනිලා ඉන්නෙ. ආයෙ බලන්න ඕනෙ මුල ඉඳන්. ඕවට දුවන්න ගියාම වෙලාව නාස්තිවෙනවා. ඊට වඩා හොඳයි ගේ විකුණන එක.

    ReplyDelete
  10. පැරා, ඔය 2 stroke machine එකෙන් තණකොළ කපන වැඩේ තමුන්ගේ පෙනහලු වලට හොඳ මදි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒත් ඉතින් රස්සාවට කරන එකක් නෙමෙයි නේ.

      Delete
    2. The otherthing, wear earplugs as well to safeguard your ears, as you wear gogles.

      Delete
  11. siyayata siyak ekagai mulinma api ape gedarinma patangamu

    ReplyDelete
  12. ඔය කෙල ගහන වැඩේ නම් මටත් පේන්නම බැරි නරක පුරුද්දක් අපේ සමහර ලාංකිකයින්ගේ තියෙන..

    ReplyDelete
    Replies
    1. ඇයි තැනක් නොතැනක් නැතුව ඇට දෙක කසන එක

      Delete
  13. අපේ ප්‍ර‍වාද

    පාරේ කෙළගැසීම අශෝභන ක්‍රියාවක් ලෙස දකින්නේ ඊනියා බටහිර ඇංග්ලිකන් සංස්කෘතිය තුළය. එය අපට සුද්දන් විසින් බලෙන් කවා ඇත. පුරාතන සිංහල බෞද්ධයා බුලත් විට හපා වෙලේ කුඹුරේ කෙළ ගැසුවාට දූෂණය වූ පරිසරයක් නැත. එය ස්වභාවික පරිසරයේම ඓන්ද්‍රිය සංඝටකයක් වූවා පමණි.

    නමුත්, ඊනියා ග‍්‍රීක යුදෙව් සංස්කෘතිය තුළින් මතුවන ස්වභාවික පරිසරය විකෘති කිරීම තුළින් මතුවූ නගර වැනි කෘතීම පරිසරවලට එවැනි ක්‍රියා නොගැලපේ. කේසේ වුවත්, ඊනියා බටහිර භෞතික විද්‍යාවේ සහ ගණිතයේ කඩාවැටීම මේ වනවිටත් වී හමාරය. ඒ මත ගොඩනැඟුණු ඊනියා කෘතීම සංස්කෘතිය නායයාමට තව වැඩි කලක් නැත. ඒ විට ඉතිරිවන්නේ ගැමි සංහල බෞද්ධ සංස්කෘතිය වැනි පරිසර හිතකාමී ජිවන ක්‍ර‍ම පමණි.

    මේ සම්බන්ධව නලින් ද සිල්වා ගුරුතුමා විසින් විවිධ අවස්ථාවල පෙන්වාදීම් කර ඇත. එහෙත්, බටහිර අනුකාරක ඊනියා පඬියන් සහ අනෙකුත් බත්බැලයන් ඒ සියල්ල යටපත්කර ඇත.

    ReplyDelete
  14. One of my friend came up with a Japan invester to make super compost out of the Municipalaty collected garbage. The they met the superstar minister who had authority for that approvel. I heard before everything the minister told the investers that he will come only for the opening ceremony and no infarstruture and logistic support given that time by the govermnet. Because the money is spend on building unnessory projects. The more i write about this the more you will understand why our politicins are just sock puppets.

    ReplyDelete
  15. This is an issue of attitudes of individuals and society as a whole. We are at the same place where we begin with. Starting point may be different from individual's preference to their allegiance to which party they support for. Having considered independence as a reference point, we spent almost 70 long years passing ball here and there. We could not identify our priorities for development and wandering everywhere without proper national policies. Successive governments fail to address the burning issues timely manner and the problem spread like a cancer in whole body of the society. The garbage problem is relatively new compared to other longstanding environmental issues in the country. Our school education system has to take part of the blame for their inability to change the attitudes of buds they produced to the society. Secondly, lack of political will to face the challenge and thirdly political opportunism. There are so many other reason which could identified as minor to major that contributed to the garbage problem. The other thing is, we are not cultured enough to live and maintain clean environment.

    ReplyDelete
  16. ඔය පොස් ගෙවල්වල ඇත්තෝ අර කෙල තලිය ගානේ ගහගෙන යනවාට අමතරව ,උන්ගේ බල්ලන් වඩම්මවාගෙන ඇවිත් පාරවල් වල මලපහ ධාතු තැන්පත් කර යති , ඉන්පසු ඒවා චිරිස් යන ලෙස උඩින් ප්‍රාඩෝවෙන් ගොස් තව තැන් තැන්වල තවරති , පාසල් යන ළමෝ අරවා නොපෑගෙන්නට, පාරවල් තියෙද්දී කානු ගැට්ටදිගේ පාසල් යති

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා