බිම් මට්ටමට විහිදෙන ආණ්ඩුකරණයක් ඇති කරන්නේ කෙසේ ද?

Reuters Photo
බිම් මට්ටම දක්වා විහිදෙන ආණ්ඩුකරණයක් නිසි පරිදි ක්‍රියාත්මක නො වන බව පෙන්වා දුන් අවස්ථාවක් වන්නේ පසුගිය ගංවතුර ආපදා තත්වයයි. ආපදා මුල් අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරිත්වයන් අවම මට්ටමක තිබිණි. බොහෝ සහන මෙහෙයුම්වලට මුල පිරුවේ ස්වේච්ඡා කණ්ඩායම් විසිනි. මෙහිදී සමාජ ජාල වෙබ් අඩවි ජනතාව බලමුළුගැන්වීම සඳහා පුළුල් අන්දමින් උපයෝගී කර ගන්නා ආකාරය දක්නට ලැබිණි.

රජය පිළිබඳ සාමාන්‍යයෙන් නැගෙන චෝදනාව සම්බන්ධ වන්නේ අකාර්යක්ෂමතාව සමගයි. එය වනාහි දීර්ඝ ඉතිහාසයක් සහිත තත්වයකි. එයට පිළියම් යෙදීම ද එවැනි ම දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එහෙත්, ඒ වෙනුවෙන් තීරණාත්මක මුලපිරීම් අවශ්‍ය වී තිබේ.

වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය පාලනය හා ආණ්ඩුකරණය පැත්තෙන් පැහැදිලි වෙනස්කම් සිදු වෙමින් තිබේ. රජය තුළ ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරය ශක්තිමත් කරනවා වෙනුවට ආයතන ශක්තිමත් කරමින් තිබේ. සරළව කියනවා නම් දේශපාලන ඇඟිලි ගැසීම් වෙනත් යුගවලට සාපේක්ෂව බොහෝ දුරට අඩු ය. එහෙත්, ලංකාවේ රාජ්‍ය ව්‍යූහය පිරිහී තිබෙන තරමේ මට්ටම අනුව එය ගොඩ ගැනීම පහසු නැත. රජයේ සේවයේ පුරුද්ද වී තිබෙන්නේ ම දේශපාලන බලාධිකාරය අතින් නැටවීම මිස ස්වාධීනව කටයුතු කිරීම නො වේ.

වර්තමානයේදී අර්බුදය හොඳින් ම දකින්නට ලැබෙන්නේ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය තුළයි. සාමාන්‍ය මිනිසුන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට නො පැකිළෙන මෙම ආයතන දූෂිත දේශපාලකයන් ඉදිරියේ ක්‍රියාත්මක වන්නේ ඉතා මන්දගාමීව ය.

තවත් ඇතැම් නිලධාරීහු ස්වාධීනව කටයුතු කරන්නට දී තිබෙන අවස්ථාව පැත්තක තබමින් දේශපාලන අධිකාරියේ අවසරය පසුපස යති. එසේම, තීරණ නො ගෙන කල් මරති. විවිධ හේතු දක්වමින් ක්‍රියාවලි පමා කරති.

මේ පිළිබඳව අපගේ සමාජ ජාල පාඨකයකු විසින් දක්වන ලද අදහස මෙසේ ය:

“රාජ්‍ය ආයතන කාටවත් වග කියන්නැති තත්වයක් තියෙන්නේ. ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ට ඕනෑනම් පමණයි. එක රාජ්‍ය ආයතනයක ප්‍රමාදයක් නිසා තවත් රාජ්‍ය ආයතනයකින් කරගතයුතු වැඩක් ගැන ජනතාව පැමිණිලි කළොත් එම ආයතනය කරන්නේ අර දෙවැනි ආයතනයට සිහිකැඳවීමක් යැවීමයි. මෙවැනි සිහිකැඳවීම් හරියට බීරි අලියට වීණා ගායනා කරනවා වගේ. මෙයට උදාහරන විදියට අධිකරණ, රජයේ රසපරීක්‍ෂක, නීතිපති වැනි දෙපාර්තමේන්තු දැක්විය හැකියි."

අප සිතන අන්දමින් මෙම ලැයිස්තුව තවත් බොහෝ දිග ය. අප වෙත කරුණු දැක්වූ බස්නාහිර පළාතේ එක් පාසල් ගුරුවරියක පැවසුවේ ඇගේ මාසික වැටුප කිසිදු පැහැදිලි හේතුවක් නො දක්වමින් මාස හතරක් තිස්සේ අත්හිටුවා ඇති බවයි. මේ පිළිබඳව පැමිණිලි කිරීමට ඇය පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවා හමු වී තිබේ. ඇගේ ඉදිරියේ ම පළාත් ලේකම්වරයා අදාළ කලාප අධ්‍යක්ෂවරියට දුරකථනයෙන් අමතා වැටුප් ගෙවන ලෙස දැන්වුවත් එම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සිය වැටුප නො ගෙවූ බවයි. රජයේ සේවයේ තිබෙන මෙම කණගාටුදායක තත්වය ආණ්ඩුව හරි හැටි වටහාගෙන තිබේ ද යන්න අපැහැදිලි ය.

මේ අවස්ථාවෙදි ලංකාවේ ජනතාව අත්දකිමින් සිටින කටුක යථාර්ථය වන්නේ දේශපාලකයන්ට වඩා රජයේ නිලධාරීන් කොයි තරම් නරක ද යන්නයි.

මේ රජයේ නිලධාරීන් පවා කියන කරුණකක් වන්නේ 'මහින්දගේ කාලෙ ඔහොම නැහැ' යන්න ය. එයින් අදහස් වන්නේ 'ඒ කාලෙ නම් අපි දේශපාලකයන්ට බයේ වැඩ කළා' ය කියන එකයි. දැන් හිමි වී තිබෙන සාපේක්ෂ ස්වාධීනත්වය තුළ සිදු වී තිබෙන්නේ වැඩ නො කෙරෙන තැනට කටයුතු යෙදීමයි.

මේ පිළිබඳ තවත් පාඨකයකු සමාජ ජාල හරහා දැක්වූ අදහසක් මෙසේයි: "රජයේ ආයතනවල වැඩ ගැන පසුවිපරමක් වෙන බවක් පෙනෙන්නට නෑ. යම් කිසි කාරණාවක් සම්භන්ධව පසු විපරම මහජනයාගේම පෙළඹවීම මත පමණියි සිදුවන්නේ. අදාල නිලධාරීන්ට තමාගේ වගකීම තේරුම්ගන්න බැරිනම්, ආයතනික මට්ටමෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම හෝ නිදහසට කරුණු විමසීමක් සිදු වෙනවා ඉතාම අල්පයි. එසේ වෙනවා නම් වන්නේ දේශාපාලන හයියක් ඇත්තවුන්ගේ බල පෑමක් මත පමණයි."

මෙහි ඇති ගැටුම වන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය අතර තුලනයක් නැතිකමයි. පහළ මට්ටමේදී රජය ශක්තිමත් වන අතර ආණ්ඩුකරණය දුර්වල ය. ආණ්ඩුකරණය පහළට විහිදෙන නිල මාර්ග වන්නේ පළාත් සභා හා පළාත් පාලන ආයතනයි. මේ වන විට පළාත් සභා හතක පාලනය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍ර‍මුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අත ය. ශ්‍රීලනිපය තුළ ඇති පාර්ශ්ව අතර ගැටුම පළාත් සභා තුළින් ද ප්‍ර‍කාශයට පත් වේ.

පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණ කල් දමා තිබේ. තිබුණු පළාත් පාලන ආයතන ව්‍යූහය අසාර්ථක බව ඇත්තකි. එය වෙනස් කිරීමේ අවශ්‍යතාව කලක සිට සෑම අංශයකින් ම මතු කරමින් තිබේ.

ඒකමතිකව සංශෝධනය කරන ලද 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත හා 2012 අංක 22 දරන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත 2013 ජනවාරි 01 දින රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කර තිබේ. කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වූ නව මැතිවරණ ක්‍රමය මඟින් පළාත් පාලන බල ප්‍රදේශය කොට්ඨාසවලට බෙදා තිබේ. ඒ ඒ කොට්ඨාස නියෝජනය කිරීම සඳහා තම නියෝජිතයා ලෙස පත්කර යැවීමේ හැකියාව ජනතාව වෙත ලබා දී ඇත. පළාත් පාලන ආයතන නියෝජනයෙන් 25%ක් කාන්තාවන්ට වෙන් කිරීමට ආණ්ඩුව නීති සම්පාදනය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය නුදුරු අනාගතයේදී පවත්වන බවක් ප්‍ර‍කාශයට පත් කර තිබියදීත්, ආපදා අවස්ථාවකදීවත්, පහළ මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වයක් දක්නට නො ලැබීම ද විමසා බැලිය යුතු තත්වයකි. මෙයට හේතුව ලෙස අප නම් දකින්නේ දේශපාලන පක්ෂ සංවිධාන යාන්ත්‍ර‍ණයන්ගේ දුර්වලකමයි.

2016-05-29 සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකි

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පළාත් පාලන මැතිවරණ නො පැවැත්වීමෙන් ය.

    ReplyDelete
    Replies
    1. පවු බං පැරා

      යකෝ මේක සෙල්ලමක් නෙමෙයි. මේකෙ මහලොකුවට ඇනෝ ඇවිත් කමෙන්ට් කොටන එවුන් මතක තියා ගනිල්ලා, පැරා තමන්ගේ දරු පවුල ආරක්ෂා කරන්න ඕනෙ කියලා.

      මනුස්සකම කියලා දෙයක් නැති තොපෙ හුත්තෙ සමාජවාදෙන් වැඩක් තියනවද යකෝ?

      සමාජවාදෙ කියන්නෙ තියරි නෙමෙයි. පපුව උනුවෙනවාද කියන එක.

      පැරා ගෙ ළමයි දෙන්නාගෙ මූණු දැක්කාම තොපිට පුළුවන් ද යකෝ උගේ බඩ රස්සාවට කෙලවන්න?

      දරු පවුලක් අනාථ කරලා ද, උඹලා සමාජවාදෙ ගොඩනගන්න යන්නෙ?

      Delete
    2. යකෝ අපි මේ ආණ්ඩුවට විවේචනාත්මකව සහයෝගය දෙන බව අමුතු කාරණයක් නෙමෙයි. අපි ඒක කරන්නෙ එළිපිට. හැංගි හොරා නෙමෙයි.

      අපි දේශපාලනය කරන්නෙ අරමුණක් එක්ක. ඒ අරමුණ වෙනුවෙන් මේ මොහොතෙ අපි ආණ්ඩුවත් එක්ක ඉන්නවා. හැබැයි, ඒක ගිවිසුමක් නෙමෙයි.

      අපට වෙන බඩ රස්සාවල් තියෙනවා. ඒ නිසා උඹ ළමයි ගැන දුක් වෙන්න ඕනැ නැහැ. මෙච්චර කල් දුක් වුණ උඹල වගේ කිඹුල්ලු උන්ට හූණු බිත්තරයක්වත් ගෙනත් දීල නැහැ.

      Delete
    3. අරමුණක් වෙනුවෙන් කරන දේශපාලනයක් නම් කරන්නෙ, කමෙන්ට් මකන්න / අන්පබ්ලිෂ් කරන්න ඕනෙ වෙන්නෙ නෑ නේද?

      කමෙන්ට් මකන්නෙ නෑ කියලා සහතිකයක් දෙනවා නම්, උඹේ රෙද්ද ගලවල පෙන්නන්න අපි ලෑස්තියි. (මේ දක්වා උඹ ලියල තියෙන දේවල් ඒ වැඩේට හොඳටම ප්‍රමාණවත්.)

      ලියන සියල්ලම,

      "ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු."

      කියන කොන්දේසි ඇතුළේ ලියන බවට සහතිකයක් අපේ පැත්තෙන් දෙනවා.

      ඔය කියන අරමුණ මොකක් ද කියලා එතකොට හැමෝටම පෙනේවි.

      Delete
    4. කමෙන්ට් කපන්නෙ නැහැ. රෙද්ද ගලවලා පෙන්නපං. අපි බය නැහැ. මොකද අපි දැන් ඉන්නෙත් හෙළුවෙන්.

      Delete
    5. උඹ කමෙන්ට් කපන්නේ නෑ කියලා කියනවා නම්, මගේ වැඩේ ලේසි වෙන විදියක් තියෙනවා. මම නැවත ලියන්න ඕනෙ නෑ. මම කලින් ලියපු ඒවා නැවත ලියන්න, මම ආයෙත් වෙලාව නාස්ති කරන්න ඕනෙ නෑ කියලා උඹ හිතනවා නම්, අන්පබ්ලිෂ් කරපු කමෙන්ට් ආයෙත් පබ්ලිෂ් කරපං. එතකොට මගේ වැඩේ ලේසියි.

      එහෙම නැත්නම්, මම ඒවා නැවත ලියලා දාන්නම්. මට ඒකට වෙලාව ටිකක් දෙන්න. මොකද උඹ දැන් ඉන්නෙත් හෙළුවෙන් නම්, උඹේ රෙද්ද ගලවන්න මම ලොකුවට හදිස්සි වෙන්න ඕනෑ නෑ.

      Delete
    6. බ්ලොගර්වල අන්පබ්ලිෂ් කියා රෙද්දක් නැත. අනෙක මගේ රෙදි ගලවන්නට හිතාගෙන ලියූ කමෙන්ට්, ආලෝචනා ආදිය ඕනෑ තරම් මෙහි ඇත. මට ඔය එකෙකුගේවත් විශේෂයක් නැත.ඕනෑ එකක් ලියා දාගත්තාට මට කමකුත් නැත. එක එකා මෙතන ඇවිත් අරක කැපුවා, මේක කැපුවා කියන විට කැපුවේ නැහැ කියා දිවුරන්නට සීනිගම යන්නට මට වෙලාවක් නැත. ඕනැ නං ඔය රෙදි ගලවන ඒවා තමන්ගේ බ්ලොග් එකක් හදාගෙන ලියාගත්තත් මට කමක් නැත.

      අර ඇනොනිමස් ආතල් කියලා එකක් ඒ දවස්වල තිබුණේ. ඒකේ මගේ දරුවන්ට, බිරිඳට කරන දේවල් පවා ලියලා තිබුණේ. මං ඒවට උත්තර හොයන්න ගියේ නැහැ. ඒ ආතල් ඉවරයි. මං තාම ඉන්නවා.

      Delete
  2. සියල්ලටම හේතුව තවමත් රට පාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ වීමයි... කොයි කාළෙද අහලා තියෙන්නේ රාජ්‍ය නිළධාරින් ආන්ඩුවට ගෙම්බර් දානවා....

    ReplyDelete
    Replies
    1. ඔයා පත්තර බලන්නෙ නැද්ද?

      2015 ජනවාරි 10 වෙනිදා පත්තරේ තියෙනවා මෛත්‍රීපාල කියලා එක්කෙනෙක් ජනාධිපති වුනා කියලා.

      බොරු නම් මේ බලන්න. http://divaina.com/2015/01/10/

      සැක නම් අනුර කුමාර දිසානායක සහෝදරයගෙන් අහන්න. (එයා තමයි අපිටත් කිව්වේ)

      Delete
    2. මුන්ට නම් මෝංගල් විතරක් නෙවෙයි උපතින්ම මන්ද බුද්ධික අමුම අමු මීහරක් බන්. ඇයි යකෝ බලු පාහර කාඩ මරා කල්ලියට එරෙහිව ලක්ශ 62ක් චන්දය දීල මීට අවු. 1 1/2 කට කලින් රාජපක්ශව කුජීත කරල ගෙදර යැවුව. ඊටත් පස්සෙ ප්‍රධාන පක්ශ දෙකේම බලයත් තියාගෙන පාර්ලිමේන්තුවේ 2/3 කටත් වඩා (ආසන 170ක් විතර + ටීඑන්.ඒ ඇතුළු නිල විපක්ෂය සමගින්) බහුතර බලයකුත් තියාගෙන මරාටත් වඩා ප්‍රබල විදිහට ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය වගෙ රට රාජ්‍ය ගණනාවක සහයත් තියාගෙන තාමත් බොරු වැල් බයිල ගහනව "රාජපක්ශ අරක කලා, රාජපක්ශ මේක කොරනව" කිය කිය උගේ වගමයි. මේලොවින් මෙලොව වැඩ බැරි අමුම අමු ගොබ්බ මූසල හැත්තක්, අම්මාපල්ල මට මගෙ අත කපාගන්න හිතෙනව මුන්ට ඡන්දෙ දුන්නට. මීට වඩා හොන්දයි ඡන්දෙ කුරුටු ගාල දැම්මනම්.

      Delete
  3. // රජය පිළිබඳ සාමාන්‍යයෙන් නැගෙන චෝදනාව සම්බන්ධ වන්නේ අකාර්යක්ෂමතාව සමගයි. //

    රජයේ සේවකයන් ට තවත් රුපියල් දහදාහක වැටුප් වැඩිවීමක් යෝජනා කොරමි!

    ReplyDelete
    Replies
    1. හැබැයි කාලකණ්ණි දොස්තර මාෆියාවේ පර බල්ලන්ගේ පර්මිට් එක නම් අයින් කරන්නම ඕනෙ. රාජපක්ශ කල්ලියයි උගෙ පාහර වහල් බයි හැතිකරයයි, ඔය දොස්තර හැත්තයි නිසා තමයි රටට කෙලවිලා තියෙන්නෙ සරසයෝ. හොඳයි බොරුද කියපන් පුලුවන්නම්, ඔප්පු කරල පෙන්නපන් බොරු බයිල ගහන්නෙ නැතුව.

      Delete
    2. // හොඳයි බොරුද කියපන් පුලුවන්නම් //

      බොරු නොවෙයි.. ඔබ තුමා කියන්නේ ඇත්ත...
      දැන් මොක්කද්ද මෙතන තියන ප්‍රස්නෙ?

      Delete
  4. මමත් ලඟදී චිත්තරපටියක් නැරඹුවා.... ඒකේ නම "වාහන ආයෙත් ගිනි ගනන් නගී". දැක්කාම බඩ සීතල වෙනවා

    ReplyDelete
    Replies
    1. මමත් අපේ පුතාව ඉස්කොලේ යවන්නයි හස්බන්ඩ්ට වැඩට යන්නයි කැමිරි හයිබ්‍රිඩ් (Toyota Camry XLE [V50] Hybrid) වාහනයක් අරගන්න හිතා හිටියේ ඒක හොදයි කියලා කව්රුත් කියපු නිසා. කලින් අපිට Toyota Prius ZVW 30 වාහනයක් තිබ්බා නමුත් ඒක හස්බන්ඩ් අතින් ඇක්සිඩන්ට් වුන නිසා 2015 August අපි අඩුවට විකුණලා දැම්මා. 2015 මේ රජය ආවට පස්සේ වාහන බදු අඩු කරාවි කියලා අපි ලොකු විශ්වාසයක් තියලා තිබුනේ. ඉතින් එහෙම ඉද්දි තමයි මෙහෙම එකපාරටම වාහන බදු වැඩි කරලා තියෙන්නේ. මේක හරිම අසාධාරණයක් අනික අපි වගේ දුප්පත් මිනිස්සුන්ට වාහනයක් ගන්න තියෙන අවස්ථාව අහිමි කිරීමක් හැටියට මම දකිනවා. ඇමතිවරුන්ට නම් මහජන බදු මුදල් වලින් ලක්ෂ 450 ඉඳල 6,000 දක්වා වාහන රජයෙන් අරගෙන දෙද්දී අපි වගේ දුප්පත් අයගේ කැමිරි හයිබ්‍රිඩ් වාහනයක මිල අහස උසට (ලක්ෂ 90 ඉඳල 135 දක්වා) වැඩි කරපු එක නම් මට කොහොමත් අනුමත කරන්න බැහැ. දැනට අපිට පාවිච්චියට තියෙන්නෙ මගේ ටොයෝටා ඇක්වා NHP 10 X-උර්බන් පුන්චි කාර් එක විතරයි. ඒක අපේ වැඩවලට කොහොමත් මදි. අනේ අපි වගේ අසරණ මිනිස්සුන්ගේ දුක ගැනත් රජයෙන් මීට වඩා වගකීම් සහගත විදිහට හොයලා බලලා වත් මීට පසුව කටයුතු කරන්න කියලා මම බොහෝම කාරුණිකව රජයෙන් ඉල්ලි සිටිනවා. මොකද අපි මේ රජය බලයට පත් කලේ මේ විදිහට අපි වගේ අසරණ පොදු ජනතාව අපහසුතාවයට පත් කරවා ගන්න නම් නෙවෙයි.

      Delete
    2. මමත් මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන්නේ රාජපක්ෂ සමයේ අසාධාරණ ලෙස වැඩි කරපු බදු අඩු කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ වුණත් සිද්ද වුණේ මොකද්ද? ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. මම මේ වගේ දෙයක් එ.ජා.ප. රජයකින් කිසි කලෙකත් බලාපොරොත්තු වුණේ නෑ.

      ඉතිහාසය පුරාවටම සාමාන්‍ය කෙනෙකුට වාහනයක් ගන්න පුළුවන්කම තිබුණේ එ.ජා.ප. රජයයන් යටතේ පමණයි. මට මතකයි අපි කුඩා කාලේ අගමැතිනිය වෙල හිටපු සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය යටතේ සල්ලි තිබුණත් වාහනයක් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ කිසිම කෙනෙකුට. ඒ කාලේ පිටරට යන්න පවා අගමැති බලපත්‍රයක් උවමනා කෙරුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දොර විවෘත කරලා දුන්නා ගමේ සේතංහාමිට වුණත් කාර් එකක් ගන්නට. ආර්. ප්‍රේමදාස මහත්තයාත් ඒ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙනිච්චා.

      චන්ද්‍රිකා යුගයේ ඊරිසියාකාර ශ්‍රී ලංකා කාරයෝ වාහන බදු අහස උසට වැඩිකළහ. කෙසේ නමුත් එතෙක් මෙතෙක් පැවැති සියලුම ශ්‍රී ලංකා ගොබ්බ ආණ්ඩුවලට වඩා ශක්තිමත් ප්‍රබල ආර්ථිකයක් ගොඩනැගීමට මරා කල්ලිය සමත් වුණත්, නීතිය, යුක්තිය සාධාරණත්වය ආදිය හිරිකිත ලෙස වනසමින් ඔවුන්ගේ අශීලාචාර කම් අහස උසට කැපී පෙනෙන්නට විය. මහින්ද ශ්‍රී ලංකාකාරයා වුණත් පරිසර හිතකාමී හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන වලට සාධාරණ බදු මුදලක් නියම කොට වාහන මිළ මැද අගයක තුළිත කර තිබිණි.

      යූ ඇන් පීය වඩාත් ආකර්ශණීය පොරොන්දු රැසක් 2015 අගෝස්තු මැතිවරණයේදී දුන්නෝය. ඉතින් ඡන්දයට කලින් යූ.ඇන්.පී..ය පොරොන්දු වුණානේ පංචවිධ ක්‍රමයෙන් සැමට වාහනයක් කියන එක. කෝ ඒ පොරොන්දුවට මොකද වුණේ? මට නම් දැන් රනිල් කියන්නේ මිනිසුන් මුළා කරන දූෂිත අශීලාචාර බේගල් කෙලින පිස්සු අපත යකෙක්. එයා හොඳට රට රටවල සවාරි ගහලා එයාගේ ඇමැට්ටන්ට මහජනයාගේ රීරි මංශය උරලා ගත්තු මුදලින් ලක්ෂ 750 - 400 යේ කාර් අරන් දීලා දැන් සුර සැප විඳිනවා. ගිය සුමානේ සිංගප්පූරුවේ; මේ සුමානේ කොරියාවේ. එන සුමානේ කොහෙද දන්නෑ යන්නේ. මෙයා තව ටික දවසකින් මහින්දගේ සියළුම දූෂණ වාර්තා බිඳ හෙළනවා.

      මීළඟට එන පලාත් පාලන ඡන්දයේදී මම හිරිකිත ලෙස අකමැති වුණත් මහින්දගේ පොදු විපක්ෂයට තමයි මගේ ඡන්දය දෙන්නේ. ඒ මේ ආණ්ඩුවට රිදවන්න.... බොරු බලාපොරොත්තු දීලා අපේ අපේක්ෂා, අරමුණු, සැලසුම් සියල්ලම බිඳ දැම්මාට. ඒකෙනුත් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් 2020 ඡන්දයේ දී මහින්දටමයි මගේ ඡන්දය දෙන්නේ. 2020 ඡන්දයේදී මගේ ඡන්දය එ.ජා.ප.යට ඕනේ නම් ජේ.ආර්. යුගයේදී වගේ සාධාරණ බද්දක් පමණක් පනවන්න කියා රජයෙන් ඉල්ලා සිටිමි.

      Delete
  5. අද අල නෑනේ ?
    අද අල නෑනේ ?
    1kg = රු .150 ට වැඩිනේ

    ReplyDelete
  6. මේ ජනාදිපතියි, අගමැතියි හැම මගුලම "සාකච්ජා කරල", "තීරන වලට එලබිලා"," අදාල අංශ වලට" උපදෙස් දෙනවා.. හැබැයි, කිසිම දෙයක් වෙන්නෙ නෑ. ඒ දෙන්නා පවු බන්. මෙලො යකෙක් ඒ දෙන්නව ගනන් ගන්නෙ නැද්ද කොහොදෝ

    ReplyDelete
  7. ඉංග්‍රීසි භාෂාව දන්න අය කියන්න බලන්න camel toe කියන්නේ මොකද්ද කියලා.....

    ReplyDelete
    Replies
    1. අපි නං දන්නෙ නැහැ. අර දකුණු දිග එංගලන්තෙ පොර දන්නවා ඇති. නැතිනං ගූගල් මහත්තයා දන්නවා ඇති.

      Delete
    2. ඇනෝ.....ඕක අහලා වැඩක් නැහැ. ඔය ලාබ සිනා නිලියෙකුට වගේ කිව්වානම් කලිසමක් ඇඳලා පෙන්නයි. මෙන්න ටෝ එක කියලා ...

      Delete
  8. මට නම් හිතෙන්නේ පලාත් පාලන ක්‍රමයේ අවුලකට වඩා මේවට පත්වෙන අයගේ අවුලක් කියලා. පලාත් පාලන බල ප්‍රදේශයක් වගේ කුඩා වපසරියක වැඩේ කලමනාකරනය කර ගන්න බැරි පක්ෂ නියෝජිතයෝ ආසන මට්ටමෙන් කරන්නේ කොහොමද...

    ReplyDelete
  9. Pls check out how developed countries have their unis under control, a good example for us-
    https://www.rt.com/uk/344935-jesus-campus-ban-oxford/

    ReplyDelete
  10. Some politisans go high up. But no all. Garment and Mithri president is good. Some people bad. We must make flore leval garmenting sistem. Garment serwises we must lift up.

    ReplyDelete
  11. why that kuweens bone eeting sosalist man no puting coments tuday and faiting with para ???

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා