ඔබ අඳුරු කොදෙව්වට කැන්දන් යාද කුමාරි

අනුර සේනානායක ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියකු පමණක් නොව ගායකයකු ද වේ. ඔහුගේ ගී ජනප්‍රිය ය.

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මවිසින් ලියූ සටහනක අදහස වුණේ එවැනි දේ කරන්නට මහින්ද රාජපක්ෂ රජයට හෝ රාජපක්ෂ පවුලට හෝ උවමනාවක් ඇතැයි සිතිය නො හැකි බවයි. (රාජපක්ෂ රජවරුන්, කුමාරවරුන් හා බැලයන් පුනරුත්ථාපනය කිරීම)

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ අවස්ථාවේදී ද මා තර්ක කළේ රාජපක්ෂ ආණ්ඩුව සිවරාම්, ලසන්ත වික්‍රමතුංග වැනි ජනමාධ්‍යකරුවන් ඝාතනය කළේ ඔවුන් දේශපාලනික වශයෙන් දැඩි ලෙස අභියෝගාත්මක වූ නිසා බවයි. ප්‍රගීත් වැනි අයෙකු මරා දමන්නට ඔවුන්ට උවමනාවක් නැති බව මගේ අදහස විය. (ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කතිකාව නව මානයකට | The dialogue on Prageeth Ekneligoda moves to a new dimension - කිඹුලකු නොවී ඔහු ගැන සිතමු)

අන්තර් විශ්වවද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණය ගැන රජයට චෝදනා කරද්දී මම නම් සිතුවේ එය ඉතා මුග්ධ කුමන්ත්‍රණ න්‍යායක් බවයි.

එහෙත්, අවසානයේදී මා ලියූ දේ දෙස මට ස්වයං විවේචනාත්මකව බලන්නට සිදු වී තිබේ. දැන් යන පරීක්ෂණ අනුව පෙනී යන්නේ විනෝදය සඳහා මිනීමැරීමක් ද එකල සිදු වී තිබේ ය කියා ය.

එවැනි ක්‍රියාවලට ආවරණය සැපයූ දේශපාලකයන්, නිලධාරීන් හා සාමාන්‍ය ජනයා විශාල පිරිසක් මේ රටේ සිටිය හ. ඔවුන් එසේ කළේ එක්කෝ වරප්‍රසාද වෙනුවෙනි. නැතිනම් බයට ය. එහෙමත් නැතිනම්, අවනීතිය එකල සාමාන්‍ය තත්වය වී තිබුණු බැවිනි.

එකල පැවති තත්වය නිරූපණය කිරීමට හොඳම උදාහරණය රට පුරා ම පොලිස් නිලධාරීන් විසින් කරන ලද අපරාධ සැකකරුවන් ඝාතනය කිරීමේ ක්‍රියාවලියයි. එය කෙතරම් සාමාන්‍ය දෙයක් බවට පත් වුණේ ද යත්, භයානක අපරාධයක් සිදු වූ වහා ම ජනමාධ්‍ය හා සාමාන්‍ය ජනයා අපේක්ෂා කළේ ම ඒ සැකකරුවන් මරා දැමිය යුතු බවයි. තම අපේක්ෂාව ඉටු කළ පොලිසිය කෙරෙහි ඔවුන් මහත් ආදරයක් ද ප්‍රකාශ කළ අතර ජනමාධ්‍ය මේ ඝාතන වාර්තා කළේ පොලිසිය විසින් මරා දමන ලද මිනිසුන් කෙරෙහි තව තවත් වෛරය කුළු ගන්වමින් පොලිස් ක්‍රියාමාර්ගය සාධාරණීකරණය වන සේ ය.

පොලිසිය අවි පෙන්වන්නට යන මුවාවෙන් අපරාධ සැකකරුවන් රැගෙන ගොස්, ඔවුන් පැන යන්නට උත්සාහ කළ බව කියා වෙඩි තබා හෝ ගඟක ගිල්වා මරා දැමුවේ ය. ඒ කිසිවෙක් කිසිදු කලක නීතිය ඉදිරියේ අපරාධකරුවන් වන්නේ නැත. හේතුව ඔවුන්ට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය නො ලැබුණු බැවිනි. එසේම, එම අපරාධවලට ඇත්තෙන් ම සම්බන්ධ නැති, පූර්ව විනිශ්චයන් නිසා ජනතාවගේ හා පොලිසියේ වෛරයට ලක් වූ මිනිසුනුත් එසේ මරා දමන්නට ඇත.

මෙම ඝාතනවලට අධිකරණ රැකවරණය පවා ලැබිණි. පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් කියන කරුණු බොරු බව කවුරුත් දැන සිටිය හ. එහෙත්, ඒවා අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්නට හැකියාවක් නො තිබිණි.

මෙම ක්‍රියාවලිය ද දේශපාලන මෙහෙයවීමකින් යුක්ත එකක් වූ බව ඔප්පු වන්නේ 2015 ජනවාරි 8න් පසු දේශපාලන අනුග්‍රහය අහිමි වී යාමෙන් පසු ඒවා සිදු නො වන නිසා ය.

රාජපක්ෂ පාලනය යටතේ පොලිසිය පත් වූ තත්වය පෙන්වීමට හොඳම නිදසුන වන්නේ හිටපු පොලිස්පතිවරයකුට එල්ල වී තිබෙන මත්ද්‍රව්‍ය චෝදනා ය. එම පොලිස්පතිවරයා හොර රහෙසේ ම රටින් පළා ගියේ ය. මේවා පිළිබඳ තවමත් පරීක්ෂණ සිදු වන්නේ නැත.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කුලියට මිනී මරා අසු වී දැන් හිරේ ය. සාමාන්‍ය කුලී මිනීමරුවන් තමන්ගේ දරුවන් එවැනි ක්‍රියාවලට සම්බන්ධ කර නො ගත්තත්, මේ ඉහළ පෙළේ තාත්තා ගේම් දී ඇත්තේ සිය පුතයා ද සමග ය.

අනුර සේනානායක මේ පොලිස් ප්‍රචණ්ඩත්වයට හා අපරාධකරණයට උඩගෙඩි දුන් තවත් නිලධාරියෙකි.

රජයේ සේවයේ ඉහළ නිලධාරීන්ට ඉහළ සමාජ සුරක්ෂිතභාවයක් තිබේ. ඔවුන්ට සාමාන්‍යයෙන් හොඳ වැටුප් ලැබේ. මැරෙනකල් මහජන මුදලින් විශ්‍රාම වැටුප් ද ලැබේ. තවත් වරප්‍රසාද රැසක් ද ඇත. 

ඔවුන් කටයුතු කළ යුත්තේ නීති ප්‍රකාරව ය. දේශපාලන ඇණැවුම් අනුව නො වේ. අනුර සේනානායකට ගෙවන්නට සිදු වන වන්දිය වනාහි රජයේ සේවකයන්ට නැවත වතාවක් උගන්වන පාඩමකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. ධවල භීෂණ සම්බන්දයෙන් ඇමති වජිර අබේගුණවර්ධනගෙන් කළ වීමසීමකදී ඔහු පවසා ඇත්තේ “මේ ආපදා අවස්ථාවේදී මට අමාත්‍යාංශයේ වැඩ කරගෙන යන්න බෑ. එහි පුරප්පාඩු 30 ක් පමණ තිබෙනවා. අතිරේක ලේකම්ලා 3 ක් අඩුයි. එකවුන්ටන් කෙනෙක් නෑ. විගණන නිලධාරියෙක් නෑ. ඉංජිනේරුවන් නෑ.. මෙහෙම කොහොමද අමාත්‍යාංශයක් ගෙනියන්නේ. අනුෂ පැල්පිට හිටියේ පූල් එකේ. එයාගේ වැඩ තහනම් කරලා නෑ. මම එයාගේ නඩුව කියවා බැලුවා එයාට චෝදනා නෑ. චෝදනා තියෙන්නේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට. මෙයා කරලා තියෙන්නේ ලලිත් වීරතුංගගේ ඕඩර්ස් කැරිඅවුට් කරපු එක විතරයි. මේ නඩුව අහක යන නඩුවක්..” ලෙසටය.

      වජිර අබේගුණවර්ධන මෙලෙස රජයේ මුදල් කෝටි 60 ක් වංචා කර ඇති අයෙකු සම්බන්ධයෙන් නඩුවක් රජයේ නීතිපතිවරයාම පවරා තිබියදී එහි තීන්දුව වජිර විසින් ගෙන මෙලෙස කටයුතු කිරීම කෙතරම් සදාචාර විරෝධීද? මේ තුළින් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු රාජපක්ෂවරුන්ගේ දූෂණ වංචා පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට ලබාදෙන මානසික පීඩනය සහ බලපෑම කෙබඳුද? ජනපතිතුමනි, අගමැතිතුමනි රජයේ නිලධාරීන්ට අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වොයිස් කට් දුන්නාට පළක් නැත.

      හොරුන්ගෙන් කප්පම් ගැනීමටත් උන්ගෙන් හොරකම් ඉගෙනගැනීමට සූදානම් වූ මැති ඇමතිවරුන් තමන් සමඟ සිටීනම් පළක් තිබේද? පොරොන්දු වූ ‘යහපාලනය’ ‘වහපාලනයක්’ නොවී ඔවුන් නෙරපීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම යහපාලනයේ නායක දෙපලගේ වගකීමයි.

      Delete
  2. OKATE SAMBANDA kattiya Anura Sennanayake mahata heli kela yuthuei wishashayenma me siddiya gena OHUTE balapamkele puddgalain kawde kiyala

    ReplyDelete
  3. Mewani sideen nisa policiyete kalupallam wishale pramanayak athiwenawa Ekaei POLICIYA Kerehi janathawate wiswasayak netthe

    ReplyDelete
  4. OKATE SAMBANDA kattiya Anura Sennanayake mahata heli kela yuthuei wishashayenma me siddiya gena OHUTE balapamkele puddgalain kawde kiyala

    ReplyDelete
  5. Attha athisatiyenma mahajanathawa danagatha uthuwe.eaya mahajana aithiyaki.

    ReplyDelete
  6. දැන් http://www.usingenglish.com/reference/idioms/sing+like+a+canary.html ?

    ReplyDelete
  7. මොන පිස්සුද..... ඊළඟ නඩු වාරෙදි ඇප හම්බ උනේ නැත්නම්... මේක යහපාලනය නෙමෙයි... ඕවා වෙසක් තොරණ වගේ වැඩ... සරත් විජේසූරියලා එහෙම පොඩි සද්දයක් දැම්මා නේ... ඒකයි ඔය...

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ චෝදනා ලබා නඩු ගොනු කොට අධිකරණය හමුවට පමුණුවන සැකකරුවන් සමඟ ඩීල් දමා ඒවායින් ඔවුන් නිදහස් කරගැනීම වෙනුවෙන් ඔවුන්ගෙන් විශාල කප්පම් ලබාගැනීමේ මෙහෙයුමක් වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකු විසින් සිදුකරනු ලබයි. ඒ අතර ඇමති වජිර අබේගුණවර්ධනද ප්‍රබලයෙකු බවට පත්ව ඇතිබවට කරුණු අනාවරණය වේ.

      පැවති රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට දූෂිත වංචාකාරයෙකු ලෙස නම් දරා සිටින අනුෂ පැල්පිට නමැති දූෂිත රාජ්‍ය නිලධාරියා ඊයේ සිට තම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කර ගැනීමෙනි. රජයේ මුදල් රුපියල් කෝටි 60 ක් සිල් රෙදි බෙදාදීම වෙනුවෙන් වංචාකිරීමට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන මෙම අනුෂ පැල්පිට නම් දූෂිතයා වජිර අබේගුණවර්ධන ප්‍රධාන කරුණු දෙකක් වෙනුවෙන් තම තුරුලට ගෙන ඇතැයි වාර්තාවේ. ඉන් පළමු වැන්න නම් අනුෂ පැල්පිට මත පැටවී ඇති කෝටි 60 නඩුවෙන් ඔහු මුදාගැනීමේ කප්පම් මුදල වෙනුවෙන් සහ දෙවැන්න ඔහුගේ පළපුරුද්ද උපයෝගී කොටගනිමින් යහපාලනයෙන් හොරාකෑමත් වෙනුවෙන් බවට උපකල්පනය කළ හැක.

      Delete
    2. තව ටික දවසකින් වෙලේ සුදා එලියට ආවත් පුදුම වෙන්න එපා.

      Delete
    3. ඩීල් එකක් දාගන්න තරම් ව‍ටින මිනිහෙක් වුනොත් එහෙම වෙයි. නැත්තං ඇතුලට යන්න වෙයි. වටිනාකම අනුව තමයි සිද්ධවෙන්නෙ.

      Delete
    4. අනුර සේනානායකගේ රෙදි ගැලවුණාක් මෙන් තමුන්ගේ ද රෙදි ගැලවේ යැයි සිතන මාතලන් ඊට ඇති බිය නිසා අද සිට ඔහුගේ බ්ලොගයේ කොමෙන්ට් කැපීම ආරම්භ කර ඇත.

      අබ කෑ වග දන්නේ අබ කෑ පුද්ගලයා ය. ඒ අබ කෑ පුද්ගලයාගේ නාසය දන බැවිනි.

      Delete
    5. ටුවරිස්ට් ගයිඩ්ලා දේශපාලන විචාරකයන් වී ඇති රටක මේවා පුදුමයට කරුන නොවේ.

      Delete
    6. @ Anonymous May 24, 2016 at 6:54 PM

      ඔය පුද්ගලයා ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් නෙවෙයි; ටුවරිස්ට් ඩ්‍රයිවර් කෙනෙක්.

      Delete
    7. No No this no happan. Wrong people ricive punisment is definetly sure. This time no comfatable to Mahinda suport merdars and theefs also.Caurt panish to all wrong people.

      Delete
    8. ලංකාවේ මිනිසුන්ට ශ්‍රමය හා සම්බන්ධ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් නැත. පුද්ගලයකුගේ රැකියාව පිළිබඳ මේ අන්දමින් කතා කරන්නේ ඒ නිසා ය.

      මෙය ශ්‍රම සාක්ෂරතාව නැතිකම ලෙස හැඳින්වීමට ද පුළුවන.

      මා පාසල් ගුරුවරයකුව සිටි සමයේ මා සම්බන්ධයෙන් ද කතා කළේ මේ ආකාරයට ම ය.

      Delete
    9. පාසැල් ගුරුවරු බ්ලොග් ලිවීමෙන් නැතිවන්නේ සිසුන්ගේ අයිතිවාසිකම්ය.නිවැරදිව සිසුන්ට උගන්නන්නට වෙහෙසවන ගුරුවරයෙකුට බ්ලොග් ලියන්නට තියා ටියුශන් කරන්නට වත් වෙලාව සොයාගත නොහැක.

      Delete
    10. පැරා, අපි කැමති වුණත් නැතත් ලංකාවේ පවතින්නේ ධුරාන්වයික සමාජයකි. එනිසා ශ්‍රමය හා සම්බන්ධ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් නැති වීම පුදුමයක් නොවේ. අනෙක් අතට, සමාජ ධුරාවලියේ පහළ කොටස් උඩට ආ අසුරු සැනින් කරන්නේ ද පීඩකයාගේ චරිතයට රූපාන්තරණය වීම යි.

      Delete
  8. අනුර සේනානායකලාව බය කරලා වැඩගත්තා නෙමේ. උගුරට එනකම් වාසි අරන් කරපු වැඩ ඕවා. අර පුංචි පොලිස් කට්ටියව නම් බය කරලා වැඩ ගන්න ඇති වාසි ගත්ත ලොක්කෝ.

    ReplyDelete
    Replies
    1. අනුර සේනානයකවත් ආයුද පෙන්වන්න එක්ක ගියානම් හරි.නමුත් අපි තවදුරටත් ඒවැනි අවනිතික යුගයන් බලාපොරොත්තු නොවන්නේමු.

      Delete
    2. කවුරුත් වැඩ කරන්නේ වාසියට තමයි.සම්මාන උලෙලක් තිබ්බම ගුවන් ටිකට් නවතින්න තැන් පිනට කියන්නේ වාසි තමයි.පුලු පුලුවන් තරමට තමයි කන්නේ.

      Delete
    3. අයියෝ ඒ විතරක්ද ලාංකීය ජනප්‍රිය දේශ පාලකයෝ එක්ක ෆොටෝ ගැනීම ලංකාවේ ජඩ මාධයෙන් 8 නිවුස් එකේ තමන්ගේ මුණ දාගැනීම .. ඔය මොනාහරි රෝලක් කාලා ටින්කිරි ටී එකක් බිම[ රජයට් බදු ගෙවන නිසා ] කොච්චර තියනවද

      Delete
  9. මේවා නිකම් ෂෝ එකට කරන වැඩ. අන්තිමේ මෙයා නිදහස් වෙලා සතුටෙන් ගෙදර (නැත්නම් වෙන රටකට) යන එක අනිවාර්යයි. අපි හෙල්මට් එකක් නැතුව ගියොත් හරි කහ ඉරක් කැපුවොත් තමා නීතිය අකුරට. බලය ඉදිරියේ ආලෝකය උනත් කෙලින් යන්නේ නෑ.

    ReplyDelete
  10. රගර් ගහන උන් ගැවසෙන අඩවි දිහාවේ
    සඳ පාන තියෙන රෑක නොයන්නේ
    උඹ අඳුරු කොදෙව්වට දක්කන් යාවි කුමාරේ
    උඹත් රගරයිට් කෙනෙක් කියලා

    රැලි පිට රැලි පෙරලි පෙරලි
    නෙක නෙක කෙළි එලිවී එලිවී
    නඩු පිට නඩු පැවරී පැවරී , කතා ගෙතෙනවා

    ඔන්චිලි චිලි චිල්ල මලේ
    එක එක ගේම් හතර අතේ
    අපිත් ඉතින් තලුමර මර අහන් ඉන්නවා

    ලස්සන කෙළී කවට කතා
    ගිරි පුප්පන් දෙසන මුසා
    දියවන්නා ඔය මැද්දෙන් ඔන්න ඇහෙනවා

    චන්දේ කල් ගිය හින්දා
    මිනිය දිරාවිද මන්දා
    ලොවටම අමතක වේ දැයි බයත් හිතෙනවා

    ReplyDelete
  11. Anura Senanayaka dig is no dout Mahinda support man. We sure he connect with Thajudeen merder insidant. If there clear avidense caurt must panish to dig. Not only dig to coaurt must punish Mahinda also.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා