දෙමළ වෙනම රාජ්‍ය යෝජනාව සම්මත කර වසර 40කට පසු ෆෙඩරල් යෝජනාවට බය වීම
අදින් වසර හැටකට පමණ පෙර ෆෙඩරල් ඉල්ලීම පදනම් කර ගනිමින් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටවූ චෙල්වනායගම් අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ - 2016-05-01 2015 ජනවාරි 9 වන දින උදෑසනින් ම ශ්‍රී ලංකාවේ කටකතාවක් පතුරුවා හරින ලදී. එයින් කියැවුණේ කොටි සංවිධානයේ හිතවතුන් යාපනයේ හමුදා කඳවුරු වට කර එතුළට වැටෙන සේ රතිඤ්ඤා, අහස්කූරු ආදිය පත්තු කරමින් කුපිත කිරීම්වල යෙදෙන බවයි. මෙම කටකතාව පතුරුවා හැරිය අය බලාපොරොත්තු වුණේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් කලබල කිරීමයි. 2009දී මර්දනය කරන ලද කොටි සංවිධානය මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටීමත් සමග යළි නැගිටිමින් සිටින බව ඔවුන් විසින් ප්‍රචාරය කරන ලදී. දැන් වසර එකහමාරක් පමණ ගත වී තිබේ. සති කීපයකට ඉහතදී චාවාකච්චේරියෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් හමු වීමත් සමග නැවත වතාවක් කොටි නැගිටිමින් සිටින බවට කතාවක් ප්‍රචාරය කරන ලදී. නීතිය පිළිබඳ ලොව පිළි ගත් මහාචාර්යවරයකු වන ජී.එල්. පීරිස් ද එම බෝම්බ ගෙන යාමට නියමිතව තිබුණේ වැල්ලවත්තට බව කියමින් සමාජය තුළ භීෂණය ඇති කිරීමට උත්සාහ කළේ ය. අලුත් ම සිද්ධිය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීන...