Posts

Showing posts with the label ෆෙඩරල්

දෙමළ වෙනම රාජ්‍ය යෝජනාව සම්මත කර වසර 40කට පසු ෆෙඩරල් යෝජනාවට බය වීම

Image
අදින් වසර හැටකට පමණ පෙර ෆෙඩරල් ඉල්ලීම පදනම් කර ගනිමින් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටවූ චෙල්වනායගම්  අජිත් පැරකුම් ජයසිංහ,  සිළුමිණ  - 2016-05-01 2015 ජනවාරි 9 වන දින උදෑසනින් ම ශ්‍රී ලංකාවේ කටකතාවක් පතුරුවා හරින ලදී. එයින් කියැවුණේ කොටි සංවිධානයේ හිතවතුන් යාපනයේ හමුදා කඳවුරු වට කර එතුළට වැටෙන සේ රතිඤ්ඤා, අහස්කූරු ආදිය පත්තු කරමින් කුපිත කිරීම්වල යෙදෙන බවයි. මෙම කටකතාව පතුරුවා හැරිය අය බලාපොරොත්තු වුණේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් කලබල කිරීමයි. 2009දී මර්දනය කරන ලද කොටි සංවිධානය මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටීමත් සමග යළි නැගිටිමින් සිටින බව ඔවුන් විසින් ප්‍රචාරය කරන ලදී. දැන් වසර එකහමාරක් පමණ ගත වී තිබේ. සති කීපයකට ඉහතදී චාවාකච්චේරියෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් හමු වීමත් සමග නැවත වතාවක් කොටි නැගිටිමින් සිටින බවට කතාවක් ප්‍රචාරය කරන ලදී. නීතිය පිළිබඳ ලොව පිළි ගත් මහාචාර්යවරයකු වන ජී.එල්. පීරිස් ද එම බෝම්බ ගෙන යාමට නියමිතව තිබුණේ වැල්ලවත්තට බව කියමින් සමාජය තුළ භීෂණය ඇති කිරීමට උත්සාහ කළේ ය. අලුත් ම සිද්ධිය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීන...

ජවිපෙ අලුත් ෆෙඩරල් අදහස | JVP's New Federal Idea

Image
(2011 පෙබරවාරි 13,  W3Lanka ) ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස එක්වීම දිශාවට යොමු වූ ෆෙඩරල් ක්‍රමයක් සලකා බැලීමේ සූදානමක් ජවිපෙ තුළ ඇති බව පසුගියදා පැවති ජවිපෙ සයවන ජාතික සම්මේලනයේදී පක්ෂ නායක සෝමවංශ අමරසිංහ විසින් පවත්වන ලද කතාවෙන් ඇඟවේ. තම අධ්‍යයන අනුව, ෆෙඩරල් අදහස එක් වීමට හා වෙන් වීමට යන දෙයාකාරයට ම යොදා ගැනෙන බව හා එක් වීම පිණිස එය යොදා ගැනීම පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව ජවිපෙ නායකයා කී බවක් මෙම කතාවේ කොටසකට පෞද්ගලික මාධ්‍යයක් ඔස්සේ සවන් දුන් අප මිතුරෙක් අපට දැන්වී ය. ජවිපෙ නායකයා විසින් පවත්වන ලද දේශනය සොයා ගැනීමට අප විසින් අන්තර්ජාලය ඔස්සේ දරන ලද ප්‍රයත්නය අසාර්ථක විය. එහෙත්, අදාළ අදහසේ කාලානුරූප වැදගත්කම මතු කර දැක්විය යුතු බව අපේ අදහසයි. ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයන් වෙන් වීම දෙසට නැඹුරු වීමට වඩා එක් වීම දෙසට නැඹුරුවූ අවස්ථා පිළිබඳ ඉතිහාසයෙන් උදාහරණ ඕනෑ තරම් සපයා ගත හැකි ය. එක්සත් ජනපදය වෙන වෙනම ගොඩනැගෙමින් තිබූ රාජ්‍ය පද්ධතියක් සන්ධීය ක්‍රමයක් ඔස්සේ එක්සත් කර ඇමරිකා එක්සත් ජනපදයක් බිහි කිරීම පිළිබඳ කදිම උදාහරණයකි. ඒකීය ඉන්දියාව ද නිර්මානය වන්නේ සන්ධීය ක්‍රමයක...