තිහේ ලොතරැයිය ඇදෙයි ද?
ජනවාරි 1 සිට ලොතරැයි මිළ රු. 30 වන බව කියනු ලැබේ. ලොතරැයි මිළ වැඩි නම් ඒවා මිළ දී නො ගෙන සිටිය හැකි ය. එහෙත් ප්‍රශ්නයක් තිබේ. ඒ ලොතරැයි විකිණීමෙන් ජීවත් වන 250,000ක් පමණ වන බව කියන පිරිසගේ ජීවනෝපාය අහිමි වනු ඇති බවට නැගෙන තර්කයයි. ලොතරැයි අලෙවිය තරමක් අඩු වී නැවත ස්ථායී වනු ඇත. ලොතරැයි වෙළෙන්දන්ට සාධාරණ කොමිස් මුදලක් ගෙවිය යුතු ය. එහෙත්, මිළ වැඩි කිරීමත් සමග ම කොමිස් ප්‍රතිශතය අවම කර ඇති බවක් කියැවේ. ලොතරැයි වෙළඳුන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ආබාධිතයෝ සිටිති. මෙතැනින් පිවිස ආබාධිත ලොතරැයි වෙළෙන්දකු සමග මා කළ කතා බහක් කියැවිය හැකි ය . කෙසේ වෙතත්, ලොතරැයි යනු ඇත්තෙන් ම අධෛර්යය කළ යුතු දෙයකි. රජය ලොතරැයි පටන් ගත්තේ ආදායම් උපදවා ගැනීමේ මාර්ගයක් ලෙසයි. රජය ඉලක්ක කළ යුත්තේ කෙළින් ම ආදායම් බදු අය කර ගැනීම මිස මෙවැනි මහජනයා රවටන ජිමික් නො වේ. අනෙක් පැත්තෙන් රජය ලොතරැයි මගින් කරන්නට උත්සාහ කරන්නේ පහළ පන්තික ජනතාව තුළ වාසනාව පිළිබඳ මිථ්‍යාවක් නිර්මානය කිරීමයි. දිනෙක ජය නියත යන යෙදුම කාලකන්නිකම මැද ආර්ථික සමෘද්ධියේ ජීවන බලාපොරොත්තුවක් පිළිබඳ මිථ්‍යාව අලෙවි කරන කදිම වචන කට්ටලයකි.