දියලුම මරණය


ඇල්ල පාමුල ගල් තලාවට
පාවෙලා ආවා
වෙළාගෙන සිටි අත් ලිහී
පාවෙලා ආවා
බැඳුණු හදවත් නැවතිලා
සිම්බ දෙ‍කොපුල් නිල් වෙලා
පරඬැලක් සේ ප්‍රාණ විරහිත
පාවෙලා ආවා

ඇල්ල මුදුනින් දියට වැටිලා මල් දෙකක්
පාවෙලා ආවා

ආදරේ ඉතිහාසයේ
සෑමදාමත් වාගෙමයි
ජාති කුල මල
භේද ආගම්
ධනය අධ්‍යාපනය ඈ ගෙන
කාලයේ දියලුම ගලා යනවා

ජීවිතේ සැඩ දියේ වැටිලා
පාවෙලා යනවා

(දියලුම ඇල්ලෙන් පැන සිය දිවි නසා ගත් සිංහල තරුණියක හා දෙමළ තරුණයකු ගැන ලියූ කවියකි.)
අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හැඟීම්බරයි. වේදනාකාරීයි.

    ඇයි ඔබ අඩු ගණනේ මෙවැනි දෙයක් මසකට වරක්වත් නොලියන්නේ? ඔබේ සිතේ/මනසේ තිබෙන කාව්‍යමය පැත්ත විවර නොකිරීම ප්‍රඥාගෝචර නැහැ නේද?

    ReplyDelete
  2. සියදිවි නසා ගන්න අයට අපහාස කරන බොහෝමයක් අය තමාගේ දෑසින් පමණක් ලොව දකින්නට පුරුදු කරනු ලැබූ මිනිස් ශරීර ඇති හරක් පැටවුන්ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election