සංගක්කාර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්කම භාර ගනීවි ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුමාර් සංගක්කාරට බිතාන්‍ය මහ කොමසාරිස් ධුරය භාර ගන්නට ආරාධනා කිරීම ගැන මේ වෙන විට විවිධ මත පළ වෙමින් තිබේ.

විදේශ සේවයේ ඉහළ තනතුරු හිමි විය යුත්තේ විදේශ සේවයේ පුහුණුව ලත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට ය. එහෙත්, බොහෝ රටවල් සිය රටවල් නියෝජනය කිරීම සඳහා සම්මානනීය පුරවැසියන් තානාපති තනතුරුවලට පත් කළ අවස්ථා තිබේ.

ලංකාවේ නම් පසුගිය කාලයේ රාජපක්ෂ පවුලේ ඥාති ගොබ්බයන් පමණක් නොව රාජපක්ෂ පුතාලාගේ සුරතලියන් ද විදේශ සේවයට පත් කරන ලදී.

එහෙව් ගොන් හැත්ත පවා දැරූ ආකාරයේ තනතුරක් කුමාර් සංගක්කාරට දරන්නට බැරි ය කියා තර්ක කිරීම කුහකකමකි. දැන් විදේශ සේවයේ පිරිසිදුකම ගැන කතා කරන කට්ටිය පසුගිය කාලයේ හිටියේ මුඛයත්, අධෝමුඛයත් දෙකම වසාගෙන ය.

රැජිනගේ ඉංගිරිස් කතා කරන්නට පුළුවන්කම නිසා මහින්ද රාජපක්ෂගෙන් බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්කම හිඟා ගත් ක්‍රිස් නෝනිස්, රාජපක්ෂ ළඟ දාසකම් කළ සජින් වාස් ගුණවර්ධන නම් කොලුවකුගෙන් ගුටි කා හොටු පෙරුවේ වැඩි කාලයකට පෙර නො වේ. ඒ නිසා ඔය තනතුර මහ ලොකු ගරුත්වයක් ඇති එකක් නම් නොවේ.  

ඔය මහ කොමසාරිස්කම ඇතත්, නැතත්, කුමාර් සංගක්කාර දැනටත් ශ්‍රී ලංකාව ලෝකයට ප්‍රවර්ධනය කරන්නෙකි.

එහෙත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවැනි යෝජනා ප්‍රසිද්ධියේ කරන්නට ගොස් කිච වෙනවාට වඩා පෞද්ගලිකව කුමාර් සංගක්කාර ගැන කතා කළා නම් වඩා හොඳ ය. මන්ද, සංගක්කාර යනු ඔය මැගී නූඩ්ල්ස්, ඇන්ලීන් කිරිපිටි වැනි බාල නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ඇඩ්වලට විකිණුනාට කිසියම් සංස්කෘතික සම්භවයක් ඇති මහත්මයෙකි. මෙවැනි මෝඩ චූන්වලට ඔහු අහු නො වන්නට ඉඩ තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Sangakkar's portfolio:

    1. මැගී නූඩ්ල්ස්
    2. ඇන්ලීන් කිරිපිටි
    3. Sri Lanka

    ReplyDelete
    Replies
    1. ඇයි බන් හච් වලින් එයාටෙල් වලට මාරු වෙච්චි හැටි?
      තව ටීවීඑස් වලට මාරු උනේ (බජාජ් වලින්)
      එතකොට විවා ශක්තිය, කීල්ස් සුපර් එකේ සුපර් හැපී, ඩිමෝ, ලයිෆ් බෝයි තව ඇඩ් කෝටියයි !

      Delete
    2. ඕවා හරිම සිම්පල් ප්ලෑන් බං...

      Delete
  2. එම තනතුර තමන් භාර නොගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

    ReplyDelete
  3. මට මැවිලා පේනවා ඕයි පෙට්ටියක් කරේ තිය ගත්ත එකෙක් දෙකම 50යි ....දෙකම 50යි ....දෙකම 50යි . කිය කියා ලන්ඩන් නුවර පාරවල් දෙකේ ඇවිදගෙන .යන හැටි. උගේ කකුල් දෙකේ පෑඩ් එකක් ගැට ගහලා ඇත දෙකට ග්ලුස් දාලා .

    ReplyDelete
    Replies
    1. හරියට හරි..... ඊට පස්සේ ඌ කියනවා "ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්" කියලා.

      Delete
  4. ////කුමාර් සංගක්කාර දැනටත් ශ්‍රී ලංකාව ලෝකයට ප්‍රවර්ධනය කරන්නෙකි./////

    නිකං මෝඩ චූන් ගන්න එපා පැරා.

    ලෝකයේ ක්‍රිකට් ගහන රටවල් 15 ක් වත් තියෙනවාද? නැහැනේ.... බොහෝ යුරෝපීය, අප්‍රිකානු සහ දකුණු අමෙරිකානු රටවල ජනයා ක්‍රිකට් කියන්නේ මොකද්ද කියලා වත් දන්නේ නැහැ. ඒ තියා බ්‍රිතාන්‍ය යටත් විජිත වුණු මියන්මාරයේ සහ මැලේසියාවේ ක්‍රිකට් ගහනවාද? මීට වසර 4 කට පෙර මියන්මාරයට ගිය මට අත්දැකීමෙන් ම කියන්න පුළුවන් ඒ රටේ ඉතාමත් පිටිසර ගම්වල පවා ප්‍රචලිත වී ඇත්තේ පාපන්දු ක්‍රීඩාව කියා. මියන්මාරයේ බොහෝ දෙනා ක්‍රිකට් ගැන දන්නේ නැහැ. ලෝකයේ ජනගහණය වැඩි ම රට වන චීනයේත් ක්‍රිකට් යනු තෙරුමක් නැති වචනයක.

    එහෙව් එකේ කුමාර් සංගක්කාරට ලංකාව ප්‍රවර්ධනය කළ හැක්කේ එංගලන්තයේ සීමිත පිරිසකට* සහ ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, ඉන්දියාව හා පකිස්ථානය වැනි රටවල් කිහිපයක මිසක් ලෝකයට නම් නොවේ.


    *එංගලන්තයේ පවා වැඩිපුරම ප්‍රචලිත වෙලා තියෙන්නේ පාපන්දු මිසක් ක්‍රිකට් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ආසියාවෙ ප්‍රධාන රටවල්වන ජපානය, චීනය, කොරියාව වැනි රටවල් ක්‍රිකට් ගැන කිසිවක් නොදනී. අනෙකුත් රටවල්වන සිංගප්පූරුව,මැලේසියාව, පිලිපීනය, මියන්මාරය, වියට්නාමය වැනි රටවල පවා ක්‍රිකට් ගැන කිසිවක් නොදනී. ආසියාවෙ ක්‍රිකට් ගැන දන්නේ දකුණු ආසියාව පමණි. යුරෝපයේ ක්‍රිකට් ගැන දන්නේ බ්‍රිතාන්‍යය (England, Scotland, Ireland) පමණි. උතුරු සහ දකුණු ඇමරිකාවේ කිසිදු රටක් ක්‍රිකට් තියා ශ්‍රී ලංකා කියා රටක් තිබේදැයි නොදනී. විශේෂයෙන් ඇමරිකාවේ සාමාන්‍ය ජනයා ශ්‍රී ලංකා යනුවෙන් රටක් ඇති බව නොදනී. නමුත් අපේ මඩවංශ ඇතුළු ජාත්‍යන්තර කුමන්ත්‍රණ කල්ලියට අනුව ලංකාව යනු සුවිශේෂ වැදගත්කමක් ඇති, ආසියාවේම බල කේන්ද්‍රයේ පිහිටි, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් නිරන්තරයෙන් යටත් කර ගැනීමට මාන බලන රටකි. ලංකාවේ නූගතුන් අන්දන මෙම 9 වසර සමතාගේ කල්ලියේ කතාවලට අපට සිනහ යන්නේ අධෝ මුඛයෙනි. කෙසේ වෙතත් ඔබගේ තර්කයට අනුව ලොව සුපතල පුදගලයෙක් ලංකාවෙන් සොයා ගනීමට නොහැක. අඩුම ගනනේ බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව සහ දකුණු ආසියාවේ ප්‍රචලිත සංගක්කාරට මහ කොමසාරිස් ධූරය දීම අගය කළ යුතුය. නීතීඥයකු, චතුර ඉංග්‍රීසි කථිකයෙකු, ක්‍රිකට්වලින් ලොව පූජිත සංගාට මෙම තනතුර දැරීමට නොහැකිනම්, පසුගිය සමයේ නූගත් පුද්ගලයන් මෙම තනතුරු දැරුවේ කෙසේදැයි ඔබ ඔබගෙන් ඇසිය යුතුය. එක අයෙක් වන්නේ ජපානයේ නීති විරෝධීව සිට සිට පිටුවහල් කළ, අඩු පාසැල් අධ්‍යාපනයක් ඇති පරාජිත දේශපාලකයෙකුවූ බැනට් කුරේය. ඔහු හිටපු ඉතාලි තානාපතිය. සිංගප්පූරුවේ තානාපති ෆේරියල් අෂ්රොෆ්ගේ සුදුසුකම් මොනවාද ? මෙවැනි තානාපතිවරු ගණනාවක් නම් කළ හැකිය.

      Delete
    2. @ Kosala Karunanayaka

      රාජපක්ෂ අති උග්‍ර මෝඩ ලෙස තනතුරු පිරිනැමුව කියල සාමාන්‍ය මෝඩ ලෙස තනතුරු පිරිනැමීම යහපත් නොවේ. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කම සංගාට දීම මෝඩ ක්‍රියාවකි. සංගා එය ප්‍රතික්ෂේප කිරීම නුවණැති ක්‍රියාවකි.

      Delete
    3. කෝසල, රාජපක්ෂලා ගොන් කම් කොරපු පලියට මුන්ටත් උන්ට නොදෙවෙනි ගොන් තකතීරු කම් කරන්න කියනවට වඩා ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න. සංගා ක්‍රිකට් ගහපු එකට සුද්දෝ ආස බව ඇත්ත. නමුත් මහකොමසාරිස් විදිහට වඩා වෘත්තික ලෙස වැඩේ ගොඩ දමත හැකි (අප්‍රකට වුනත්) අයෙක් අවශ්‍ය බව අපේ අදහසයි.

      Delete
  5. මෙතන ලිපියෙයි, කමෙන්ට් වලයි සංගක්කාර ඇඩ් වලට ඉඳල සල්ලි හෙවීම ගැන පොඩි අප්සෙට් ගතියක් පේනවා. සමහරුන් බනින්නේ මෙයා මේ තරම් ඇඩ් වලට ඉදලා සල්ලි හොයන්නේ ඇයි කියල?

    මම නම් දකින්නේ ඒක ලොකු දෙයක් නෙවෙයි. තමන්ට ඉල්ලුම තියෙන විට, හැකියාව තියෙන විට ඒක කාටවත් කරදරයක් නැති ආකාරයට, කාගෙවත් සල්ලි හොරකම් නොකර පාවිච්චි කරලා සල්ලි හෙවීම ගැන වරදක් නැහැ. අපිට වුනත් ඔය ටික තමයි. ජොබ් එක කරන අතරේ, ඒකට බාධාවක් නොවන විදිහට සල්ලි හොයන්න ක්‍රමයක් ආවොත් අපි කවුරුත් ඒක කරනවා.

    ReplyDelete
  6. රාජපක්ෂ අති උග්‍ර මෝඩ ලෙස තනතුරු පිරිනැමුව කියල සාමාන්‍ය මෝඩ ලෙස තනතුරු පිරිනැමීම යහපත් නොවේ. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කම සංගාට දීම මෝඩ ක්‍රියාවකි. සංගා එය ප්‍රතික්ෂේප කිරීම නුවණැති ක්‍රියාවකි.

    ReplyDelete
  7. Anith aya rakiyawa karanawa wage sangakkara cricket rassawa karanawa!Ithin eya cricket gahala salli hoyamin hitiyawe.E athare shape eke ad ekakanuth hamba karagena!
    Honda rajya thanthrikayek thanapathi unawe!

    ReplyDelete
  8. නරකද ඉෂාන් ශර්මාට ලංකාවේ පුරවැසිභාවය දීල ඔය කියන තනතුරට පත් කෙරුවොත්? ලේසියෙන් ගේම අත අරින පොරක් නෙමෙයි නෙ.........

    ReplyDelete
    Replies
    1. Well said ! I think Shreeshant (Shantha kumaran Srisanthan) would be the best option for that ! The guy from Kerala. Much better than Sharma.

      By the way it should be Ishant Sharma instead of Ishan.

      Dear Mr. President, this is for your attention & kind consideration. Please invite Mr. Srisanth from India to get the SL citizenship & award it to him to appoint him as the SL high commissioner to any country. He might face any challenge much better than Sanga.

      Delete
    2. What about Shahid Afridi?

      Hopefully he might be the best option for the KSA (Saudi Arabian) ambassador.

      Delete
  9. පැරා ලිව්ව ගූ ම ආටිකල් එකක් මේක තොට දැන් ටිකක් මඤ්ඤං බං. රැජිනගේ ඉංගිරිසි නැතුව තොගේ මතුගස ඉංගිරිසි ද අපි කතා කරන්න ඕනේ? පැරා ගොන් කතා කියන්න එපා බං. සංගා දක්ෂයෙක් ඒත් තෝ කියන ලෝක ප්‍රවර්ධන කතා විකාර. උඹ හිතන් ඉන්නෙ ලෝකය කියන්නේ මතුගම කියල ද? මෙහෙ ඉන්න ජර්මන්කාරයෝ තොගේ සංගෙක් ගැන දන්නෙත් නෑ; උන්ට දැන ගන්න ඕනෙත් නෑ. උන් ලංකාව කිව්ව ගමන් දන්නෙ සිලෝන් ටී. ඇකඩමියාව නම් ආනන්ද කෙන්ටීශ් කුමාරස්වාමි, සිරිල් ඇන්ඩෘෘ පොන්නම්පෙරුම, වන්ද්‍රා නලින් වික්‍රමසිංහ වගේ අය. සංගා උගේ ජොබ් එක කරල ගානක් හොයන් ගෙදර ගියා. උබල වගේ ගොං හැත්ත ඌව උඩ දාපං රටට සේවයක් කලා කිය කය. තොගේ සමාජ අවබෝධය අපිට අධෝමුඛහාස ගෙන එනවා බං. උඹ ඇත්තට ම පංති පහ කලා ද බං ඒ කාලෙ? පංති පහවත් කරපු එකෙක්ට මේ වගේ ගොබ්බ කතා කියන්න ටිකක් අමාරුයි. තොපි වගේ ගොබ්බයෝ වමේ ව්‍යාපාරයෙන් තොලොංචි වෙච්ච එකමයි හොඳ. පැරා උඹට වෙන රටකට යන්න බැරි වුණාට උඹ ගිය එවුන්ට ජෙල දාන්න එපා. උබල වගේ එවුන් නිසා තමයි මිනිස්සු හිතන්නේ වාමාංශිකයෝ ඊරිසියාකාරයෝ කියල. උඔට ඕනෙ නම් අපි ස්ටුට්ගාර්ඩ් වලින් ජොබ් කට්ටක් හොයල.දෙන්නම් පැරා. ජර්මන්කාරයන්ට තොගෙ ඔය මතුගම ඉංගිරිස් උගන්වන්න වගේ ජොබ් එකක් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස් වුණාට වචනවලින් උඹව අඳුරගන්න පුළුවන් මචං. ඕකේ. තෑන්ක්ස්. උඹලා නම් හඳට ගියත් ලංකාවේ ගම් බයියොම තමයි.

      Delete
  10. මේ දක්වා ට්‍රැක් රෙකොර්ඩ් එකේ හැටියට සංගක්කාර කියන්නේ වැරදිලා ලංකාවේ ඉපදුනු පොරක්. සංගක්කරාගෙන් කිසිම 'ලාංකික' චරිත ලක්ෂණයක් නිරුපනය වෙන්නේ නෑ.

    ලංකාවේ ටිපිකල් චරිත වෙන්නේ ලසිත් මාලිංග වගේ අයිටම්. 99%ක් එහෙම ඩයල් ඉන්නේ. අර ජිප්සීස්ලා කියනවා වගේ 'නැතිනම් ගහල දුවනවා' ටයිප් එකේ. එක පිළිගන්නේ නැති පොරවල්ල ඉන්නේ ලංකාවේ නෙවයි.

    ලංකාවේ නියම හැටි සුද්දන්ට තේරුම් කරලා දෙන්නත් එක්ක කවද හරි ඕකට දාන්න ඕන ලසිත් මාලිංග. ලංකාවේ සිස්ටම් එකට ප්‍රශ්න ඔක්කොම විසඳලා දායි. පී නොනිස්ටත් වඩා හොඳට ජාත්‍යන්තර මාධ්‍යට උත්තර දෙයි.

    ReplyDelete
  11. පැරා කුහක බව නම් ඇත්ත​. ජේවීපී කරන කාලේ පරණ රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඇවිද ඇවිද ඉඳලා ගල් කටස් වලින් මිනී මරලා , බිල්ලෙක් වෙලා ජීවිතේ බේරගෙන කඳවුරු වල ජීවිතය ගෙවලා උසස් අධ්‍යාපනයකට යන්ට බැරිවීම , පිටරටකට ගිහින් මේ චාටර් මතුගම ජීවිතෙන් මිදීමට බැරිවීම නිසා වැනි කරුනු අනුන්ට ඉරිසියා කරන පැරා ඇමරිකානු මාදිලියේ, පාරිභෝජනවාදී, නිස්සාර ජීවිත ගැන කතාකරන්නේ කොහොමද​? ජීවිතයේ කවරමදාවත් දියුණු බටහිර රටක් ඇස් දෙකෙන් නොදැකපු හමුදා හිර කඳවුරු , ප්‍රාදේශිය පාසල් , තමා වැනි කුහක වම්මුන් අතර පමණක් ජීවිතය ගෙවා දැමූ පැරා බටහිර රටවල් ගැන දන්නේ කොහොමද ?

    ReplyDelete
  12. ///////////සංගක්කාර යනු ඔය මැගී නූඩ්ල්ස්, ඇන්ලීන් කිරිපිටි වැනි බාල නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ඇඩ්වලට විකිණුනාට කිසියම් සංස්කෘතික සම්භවයක් ඇති මහත්මයෙකි.//////////

    සැබෑ සංස්කෘතියක් ඇති මහත්මයෙක් කිසි ම දවසක ඇඩ්වර්ටිස්මන්ට්වලට විකිණෙන්නේ නැති වග පැරා දන්නේ නැති හැඩ යි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා