අකිලගේ වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල
පසුගිය ජුනි මාසයේ දිනක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අතින් සිදු වූ අත්වැරැද්දක් මෙසේ ඡායාරූපගත විය. පිරිවෙන් ආචාර්යවරුන්ට පත්වීම් ලිපි දීගෙන දීගෙන යද්දී, එක දිගට භික්ෂූන්ට දෙකට නැවී වැන්ද අකිල විරාජ් අතපසු වීමකින් ගිහි පරිවේණාචාර්යවරයකුට ද දෙකට නැවී වැන්දේ ය.
එය හුදු අත්වැරැද්දක් වුව ද ජනමාධ්‍ය ඒ ඔස්සේ අධ්‍යාපන ඇමතිවරයා උපහාසයට ලක් කළේ ය. අපි අද කතා කරන්නට යන්නේ අකිලගේ වැඳිල්ල ගැන නො වේ. පාසල්වල තිබෙන වැඳිල්ල ගැනයි. එය අකිලට අදාළ ය.
මේ වන විට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඳිල්ල ක්‍රියාත්මක වන්නේ තනිකර ම අනාගත පරම්පරාවේ කොඳු නාරටිය බිඳ දැමීමේ වැඩසටහනක් ලෙස බව මගේ නිරීක්ෂණයයි. නගරයේ පාසල්වලට වඩා ගමේ පාසල්වල වැඳීමේ ක්‍රියාවලිය අවුල් සහගත ය. මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන්ගේ මෙන් ම ගුරු සංගම් හා වෙනත් සමාජ සංවිධානවල ද අවධානය යොමු විය යුතු ය.
වැඳිල්ල පිළිබඳ මගේ අත්දැකීම අතිශය කඨෝර ය. වත්මන් හා අතීත සිසු සිසුවියන් පාරේ හමු වූ විට හිතවත්කමට වචනයක් දෙකක් කතා කළ සැණින් පවා, තැන නො තැන නො බලා ළමයි ගුරුවරුන්ට වඳිති. බස් නැවතුම්පළේදී හෝ පොළේදී කිසිවෙක් දෙකට නැවී ඔබට වඳින විට ඇති වන හැඟීම කෙබඳු ද? මට නම් වහා එතැනින් පළා යාමට සිත් වේ. එසේ නො කරන ලෙස මම සිසුන්ට උපදෙස් දී ඇත්තෙමි. එහෙත්, සමාජයේ තිබෙන පොදු රැල්ල තුළ අපට ද එසේ නො සැලකුවහොත් අප අමනාප වනු ඇති බව සිසුවෝ සිතන බව මගේ නිරීක්ෂණයයි.
අපි කුඩා කාලයේදී දෙමව්පියන්ට හා ගුරුවරුන්ට වැඳීම සිංහල අලුත් අවුරුද්ද, පාසල් වසරක ආරම්භය හා අවසානය, විශේෂ විභාග පූර්ව අවස්ථා ආදී සීමිත අවස්ථා ගණනකට සීමා විය. ඇත්තම කියනවා නම්, ම නම් මුලින් ම මව්පියන්ට වැන්දේ කසාද බඳින්නට පිටත් වූ දවසේ ය. මගේ මව්පියන් ද ගුරුවරුන් වූ මුත්, ළමයින් හා සිසුන් ලවා වන්දවා ගැනීමේ අමාරුවක් ඒ පරපුරට තිබුණේ නැත. එහෙත්, වත්මන් ගුරු පරපුරට වඩා අවංකකමකින් ඔවුහු ඉගැන්වීම කළ හ. ජීවිතයේ කිසිදාක ටියුෂන් නො කළ හ. අගහිඟකම් මැද දරුවන් හදා වඩාගෙන සාර්ථක ජීවිත ගත කළ හ.
එහෙත්, රූපවාහිනිය පැමිණීමෙන් පසු දූදරුවෝ වැනි ටෙලිනාට්‍ය ඔස්සේ දරුවන් දෙමව්පියන්ට වැඳීම ප්‍රවර්ධනය කරන ලදී. ගෙයින් දොට්ට බහින වාරයක් ගානේ ළමයින් දෙමව්පියන්ට වඳින සංස්කෘතියක් මේ රටේ තිබුණු බවට ව්‍යාජයක් ජනමාධ්‍ය මගින් මේ වන විට නිර්මානය කර තිබේ.
මේ වන විට වැඳීම වැඩියෙන් සිදු වන්නේ මුදලට දෙන ටියුෂන් අධ්‍යාපනයේදී බව මගේ නිරීක්ෂණයයි. වානිජ චේතනාවෙන් කරන පහේ ශිෂ්‍යත්වය වැනි තරගකාරී ටියුෂන් පංතිවලදී ගුරුවරුන් තමන්ට හිමි නැති වටිනාකමක් නිර්මානය කර ගැනීමට වැඩි වැඩියෙන් වන්දවා ගනිති.
ප්‍රාථමික ගුරුවරුන් වඳින හැටි ළමයින්ට කියා දෙන මුවාවෙන් ළමයින් බලෙන් බිම දමා වන්දවනු මම දැක ඇත්තෙමි. මගේ දියණියක් පාසලට ඇතුළත් වී දින කීපයකට පසු වඳින විට නැමෙනවා මදි යයි කියා ගුරුවරිය ඇය බලෙන් බිම ඔබන අයුරු මගේ දෑසින් දුටුවෙමි. වැඳිල්ල කෙතරම් විකාරයක් වී තිබේ ද යත් මගේ දියණියක් තවත් ළමුන් පිරිසක් සමග ඇගේ පංතිය පිරිසිදු කිරීම සඳහා මව්පියන් මුදල් ගෙවා යොදවා තිබෙන කාන්තාවට ද ඇය අතුගාමින් සිටියදී කුණු ගොඩේ වැටී වඳිනු මම දැක ඇත්තෙමි. ගුරුවරුන් බෞද්ධ නො වන දරුවන් ලවා පවා වන්දවා ගන්නා ආකාරය මම දැක ඇත්තෙමි. මගේ දරුවන් ඇතැම් මතක් වූ විට නින්දට යාමට පෙර මට ද වඳිතිි. මම ඔවුන්ගේ වැඳිල්ලට විරෝධයක් දක්වා නැතිමුත්, ඔවුන් වැඩිහිටියන්ට වැඳීම සඳහා දිරි ගන්වා තිබෙන්නේ සුවිශේෂ සමාජ අවස්ථාවලදී පමණි.
මේ වන විට ඇතැම් ඥාති නිවසකට යන්නට නො සිතෙන තරමට වැඳිල්ල වධයක් වී තිබේ. එම නිවසට ගොස් එන්නට ලෑස්ති වන විට ගෙදර සියල්ලෝ පෝලිමේ ඇවිත් වැඳ වැටෙති. ඒ මදිවාට ඔවුන් අපගේ නිවසට පැමිණි විට ද යන්නට ලෑස්ති වී අපට වැඳ වැටෙති. මම සිංහලයෙක්මි. එහෙත් ආගමක් නො අදහමි. එබැවින් මගේ මව්පියන්ට සුවිශේෂ අවස්ථාවකදී වඳින්නට හැර අන් අයට වඳින්නට මම කැමැත්තක් නො දක්වමි. මට කිසිවෙක් වඳිනවාට ද මම නො කැමැත්තෙමි.
මේ වැඳිල්ල අපේ දරුවන්ගේ කොන්ද බිඳ දමන බව මම කලින් ද කීවෙමි. වැඳීල්ල ආදරයේ ප්‍රකාශනයකැයි මම නො සිතමි. එය බලයට යටහත් පහත්භාවය ප්‍රකාශ කිරීමේ ස්වරූපයක් බවට පත් කරගෙන තිබේ. වැඩිහිටි පුද්ගලයන් නාමල් රාජපක්ෂ නම් බාලයාට වඳින ආකාරය පසුගිය කාලයේ සුලබ විය. මර්වින් සිල්වාගේ වැඳිල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඳිල්ල වැනි දේ පසුගිය කාලයේ සෑහෙන්න කතාබහට ලක් විය. සමාජ පසුගාමිත්වයන් හයියෙන් වැළඳ ගැනීමෙන් වීරයන් වන්නට උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ වරක් මහ නායක හිමිවරුන් සමග සාකච්ඡාවට ගොස් වාඩි වුණේ වෙනත් විශේෂ අමුත්තන් මෙන් පහත් අසුන්වල නොව කාපට් එක උඩ ය.
වැඳිල්ල සම්බන්ධයෙන් නීති රීති පැනවීම රජයකට අයිති කටයුත්තක් නො වේ. එහෙත්, වැඳීම සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්මානය කර ගැනීමේ බරපතල වගකීමක් ආගමික නායකයන්ට හා ගුරුවරුන්ට තිබේ. ගුරුවරුන් ළමයින්ට ආදරය ප්‍රකාශ කළ යුතු ය. ළමයින්ට ද ගුරුවරුන්ට ආදරය ප්‍රකාශ කරන්නට අවස්ථාව දිය යුතු ය. එහෙත්, වැඳීම බලහත්කාරයෙන් ප්‍රවර්ධනය නො කළ යුතු ය. එය ආයතනගත නො කළ යුතු ය. වැඳීම අනාගත පරපුරේ කොන්ද බිඳ දැමීම සඳහා යොදා ගැනීමට ඉඩ නො දිය යුතු ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

පැරා අයියා ඔයාගේ මතේට මාත් එකගයි.මාත් සිංහල..ඒත් බෞද්ධයෙක් කියලා නම් හිතන්නේ නෑ.ඔය ආගමයි,සංස්කෘතියයි කියන දේ ඕන දේටයි එපා දේටයි බලෙන් ඔබ්බවාගැනීමේ සිරිතක් තාම ලංකාවේ බහුතරයක් කරබවා!
ReplyDeleteඅතර මගදී හමුවෙන පැරකුම් ගේ ගෝලයෝ ඒ වඳින්නේ අතට අත දෙන්නට නොහිතෙන නිසා ද?
ReplyDeleteමා ලඟදී සිරිසේන සහ ෆොන්සේකා නිරීක්‍ෂණය කර සොයා ගත්තේ අතට අත දීම උතුම් ක්‍රියාවක් සහ ආයිබෝං කීම පීචං ක්‍රියාවක් බවයි.
http://rasikalogy.blogspot.com/2015/09/lets-follow-our-pollies.html
එයට අතට අත දීම උතුම් ක්‍රියාවක් සහ වැඳීම පීචං ක්‍රියාවක් ලෙසින් දිගුවක් එකතු කළ හැකියි වගේ!
;-)
මම බාර් එකකට ගියා යාළුවෙක් එක්ක මත්පැන් බොන්න. මගෙ පරණ ශිෂ්‍යයෙක් එහා මේසෙ ඉඳලා ඇවිත් වැන්දෙ නැතෑ බිම බඩගාගෙන.
Deleteඔතන වදින්නෙ අතට අත දෙන්න බැරි නිසා.දුනන්නම් මතුරපු තෙල් ගායි කියල බයේ.
Deleteමම හිතාගෙන හිටියේ වැඳිල්ල කියනදේ බෞද්ධාගමත් එක්ක එනදෙයක් කියලා. බෞද්ධ ළමයි ගෙදරින් එන්නෙ දෙමව්පියන්ට වැඳලලු. අපි එහෙම නෑ කිව්වාම ඒ ළමයි අපි දිහා බලන්නෙ මහා පව්කාරයෝ දිහා බලනවා වගේ. ඒ වගේම ඒ ගෙදරක ගියාමත් ඔක්කෝම පෝලිමට වඳින්න පටන්ගන්නවා. නොවැඳ හිටියොත් අහංකාරයෙන් පිරිච්ච එකෙක් විදිහටයි ලේබල් වෙන්නෙ.
ReplyDeleteපැරාට කරන්න තියෙන්නේ අතර මගදී හමුවෙන ගෝලයින් ලංවෙන කොටම අත ඉස්සරහට දාන්න.
ReplyDeleteඊළඟ පාර ට්‍රයි කරලා අපිටත් කියන්න.
මේ වැන්දවිල්ල දීනයන් තැනීමේ ක්‍රියාදාමයේ ආරම්භයයි . ඔබ සමග එකගයි.
ReplyDeleteඅධ්‍යාපනය සම්බන්ධව පවතින ප්‍රශ්නය වැඳිල්ල වැනි එක් කාරණයකට පමණක් සීමා වී නැහැ නේද කෙසේ වුනත් ලිපිය මගින් කෙරන බලපෑම (තවමත් අපි තමයි බලධාරීන් කියා හිතන අයත් බලනවා නම්) යම්තාක් දුරකට ඇස් අරවන්නක් වේවි
ReplyDeleteවැදීම බෞද්ධාගමත් එක්ක පැමිණි දෙයක් නෙමයි හින්දු සමාජයේ පවා වැදීම පවතී.
ReplyDeleteමෙහිදී සිදුකරන්නේ වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට ගරු කිරීමයි.
බෞද්ධාගම වැදීම සැලකීමේදී වැදීම සිදුකලයුතු සහ නොකළයුතු තැන් පැහැදිලිව සදහන් කර ඇත.
බෞද්ධ ස්වාමින් වහන්සේ නමක් වදින විට එය සිදුකල යුත්තේ සුදුසු තැනකයි, නැත්නම් අත්දෙක එකතුකර
ආචාර කිරීම (දෙසපලන්යයන් කරන විදියට නෙමෙයි ) සිදුකරයි.
වැදීමත් ආකාර කීපයක් පවතී (පසග පිහිටවා ) අත්දෙක දණහිස සහ නලල බිම සිටින ලෙස, තව ආකාර මගේ මතකයට නොඑයි දන්නා කෙනෙක් පවසන්න.
ආසියාවේ වැඩිහිටියන්ට ගරුකිරීම පවතී, මම අද සමාජයේ දකින්නේ බොහොදෙවල් අර්ථය නොදැන කරන්නන් වගේ කිරීමයි.
මේලෝකේ තියෙන කිසිම දෙයකට, කෙනෙක්ට වඳින්නේ නෑ. කාගෙන්වත් වැඳුම් ලබන්න කිසිම උවමනාවකුත් නෑ.
ReplyDeleteඉතිං? අපට පාංද?
Deleteඉතිං ඕියි තමුසෙට ඕනෙ නං තමුසෙගේ ෂර්ට් එකේ “මට වදින්න එපා මම වැදුම් ලබන්න නුසුදුසු පුද්ගලයෙකි“ කියලා පින්තාරු කරගෙන යනවාකො. හොදයි එහෙම කරලා පටන් අරං අපි ඔය චේ ගූ හේරාගේ වගේ සමාජෙයක් හදාගමු...
ReplyDeleteදෙකට නැමී වඳිනවාට වඩා අත් 02 එකතු කර ආචාර කිරීම ප්‍රගුන කරමු.
ReplyDeleteජනාධිපති වරයා ඇමතිවරුන්ට පත්වීම් දීමේදී අත් දෙක එකට තබා ආචාර කලේය. අපගේ පාසැල් දරුවන්ටද මෙය පුරුදු කළ යුතුය.
මෙම ක්‍රමය අපගේ දරුවන්ටද පුරුදුකල යුතුය.
මේක මටත් පිස්සුවක් වගේ.... මගේ තාත්තා මට කියලා .තිබුනේ එයාට වදින්න එපා කියලා. තාත්තටවත් වදින්න පුරුදු නොවී ආත්ම විශ්වාසය ඇති කරගන්න තමයි තාත්තා මට කියලා දුන්නේ. අද වෙනතුරු මම තාත්තටවත් අම්මටවත් වැදල නැහැ. ඒත් ඒ දෙන්නා ගැන මගේ හිතේ තියෙන ආදරය වෙනස් වෙලා නැහැ.
ReplyDeleteඉතාමත් සුවිශේෂ අවස්ථාවලදී හැර, කාගේ හරි පින්කමකදි, හාමුදුරුවරු ගේන්න, ගෙනියන්න වාහනේ ඩ්‍රයිවර් කොන්ත්‍රාත්තුව ලැබුනම වගේ අවස්ථා කීපයකදි හැර මම හාමුදුරු කෙනෙකුට වැදලා නැහැ (මම නිරාගමිකයි), මම ගිය ඉස්කෝලෙත් වැදිල්ල තිබුනේ නැහැ (ක්‍රිස්තියානු එකක්) ඉතින් මම කිසිම දවසක කිසිම වැඩිහිටියෙකුට වැදල නැහැ එක අවස්ථාවක් හැරෙන්න. ඒ මුලින්ම ගෙවල් දෙකේම අකමැත්ත තියෙද්දි දැන් වයිෆ්, ඒ දවස්වල කෙල්ල බලන්න ගෙදර ගිය මුල්ම දවසේ ඒ අම්මටයි තාත්තටයි වැන්ද එක. ඒ එහෙම වුනාට වැඩිහිටියෙකුට තියෙන ගරුත්වය මට නැතිවෙලා නැහැ. දැන්
මම මගේ දරුවටත් උපදෙස් දීල තියෙන්නේ මටවත් වෙන කිසිම කෙනෙකුටවත් වදින්න එපා කියලා. එයා ඒක දන්නවා. තමන් ගැන විශ්වාසය ඇතිකරගෙන, සමාජයේ .තවත් කෙනෙකුටත් ගරුත්වයක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්නම් වැදිල්ලක් අවශ්‍ය නැහැ.
මම ටිකක් වයස අඩු කාලෙ මගේ පුංචි අම්මා කෙනෙක් කිව්වා අම්මට තාත්තට වැදලා ගෙයින් එලියට යන්න බැරි දරුවෙක් මොකෙක් වෙයිද, අම්මා අප්පා අදුනයිද කියලා. මම එදා හිනාවුනා. අද වැදිල්ල නොකරපු මමයි මල්ලියි සමාජයේ බොහොම හොඳ තැන්වල ඉන්නවා, දෙමව්පියන් වෙනුවෙනුත් කාලය වෙන් කරනවා. හැමෝම සතුටින් ඉන්නවා. උදේ හවස වන්දවා ගත්ත පුංචි අම්මගේ එක දුවක් මොනවා කරනවද කියලා කවුරුවත් දන්නෑ. ඒ අප්සෙට් එකට තාත්තා ගෙදරින් ගිහිල්ලා. අනිත් දුව හැමදාම අම්මත් එක්ක රන්ඩු
ඒ කියන්නේ ඔයා අම්මට තාත්තට වැන්දානම් ඔයාටත් යන එන මං නැහැ නේද.. මාර පොයින්ට් එකක් ආහ්..
Deleteවාව් ඩූඩ් යූ ආර් අ හීරෝ...
මේ දැං හැමෝටම කියන්නේ අද ඉදං මේක නීතියක් ආ.. ගෙවල් වල රංඩු සරුවල් නොවෙන්න.. අම්මල තාත්තලට හොදින් සලකන්න නම් මීට පස්සේ අම්මලා තාත්තලාටවත් වදින්න එපාලු. හොදේ... අනේ ගොනෝ...
ඔහේට දෙමාපියන්ට හරි නොවැන්ද එකේ විපාක විදින්න වෙන්නේ එයාලා නැතිවුනදාටයි.. එදාට තැවී තැවී ඉන්න පුලුවන්.
අන්දරේ
ReplyDeleteනම නම් තමුන්ට අපූරුවට ගැලපෙනවා.ඔය කියන බනේ තව ටිකක් පැහැදිලි කරල දෙනවද? දෙමව්පියන්ට නොවැන්ද එකේ විපාක මොනවද? එයාල නැති දවසක කොහොමද ඒවා පල දෙන්නෙ? අනේ බූරුවො දෙමව්පියන්ට වැන්දට වැඩන් නෑ ඒ අයව හොඳින් බලාගත්තෙ නැතිනම්.මමත් මේ දකින දකින කෙනාට වඳින එකට විරුද්ධයි. ලමයි ගොබ්බයො කරවනව මේකෙන්. බලෙන් වන්දවගන්න බෑ.තමන්ගෙ දෙමව්පියන්ට, ගුරුවරුන්ට නම් කමක් නෑ මේ තක්කඩි දේසපාලුවන්ටත් වන්දනවනෙ ලමයි ලව්ව.

අන්දරේ ලමයා වැරදි කොනෙන් නේද අල්ලගෙන තියෙන්නේ. මම කිව්වද දෙමව්පියන්ට වැන්දම යන එන මං නෑ කියලා. මම කිව්වේ වැන්දා නොවැන්දා කියල වෙනසක් නැහැ කියල. ඕක තමයි කියන්නේ ආගම, සගිරුස්කෘ තිය ජාතිය වගෙ ඒවයින් බ්‍රේන් වොෂ් වෙල ඉන්න උන් එක්ක කතා කරලා තේරුමක් නැහැ කියල
ReplyDeleteඅනිත් එක අන්දරේ පඬිතුමෝ දෙමව්පියන්ට නොවැන්ද එකට ඒ අය නැතිවුනාම ඇයි දුක් වෙන්නේ. මම ඒ අයට නොවැන්දත්, මැරෙනකම්ම ඒ අයට සලකනවම්, ඒ අය මම ගැන සන්තෝස වෙනවනම් ඇයි වැන්දේ නෑ කියල දුක් වෙන්නේ. අනිත් අතට පොඩි කාලේ ඉදන් වැදලා දැන් ඒ අයව එල්ඩර්ස් හෝම් එකට දාලා , කාත් කවුරුවත් නැතුව මැරුණම, කමක් නෑ මම වැන්දනේ කියලා පසුතැවිලි නොවී ඉන්නද? තර්තයක් ගේනකොට නිකං වචන තිබුන පලියට ලියන්න එපා, ඔය ලොකු මොලෙන් කල්පනා කරලා, තරක් කරලා ලියන්න පඬිතුමා
ReplyDeleteදෙමාපියන්ට වැදලා වුනත් ඔබතුමා කියපු කරපු සේරම කරනවා කියලා කියලාම නැහැනේ. එතකොට ඒක ඒකපාර්ශවිය දෙයක් වෙනවනෙ.
Deleteඔබතුමා ලියල තියෙන්නේ මෙහෙමයි.
දෙමාපියන්ට වැන්දේ නැති වුනාම හරියනවා..99%
වැන්දාම වරදිනවා 99%
කියලනේද?
අමතක කරන්න එපා යම් දැවසක වැරැද්දකට ගැහුවොත් ඔයාගෙ දරුවා ඔයාට කියයි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා කියලා. එදාටත් වැරදි සහගත දෙයක් හිතුනෙ නැත්තං හොදයි.
අන්දරේ පඬිතුමා මම කියල තියෙන දේ ආයෙත් වැරදියට තේරුම් අරන් නැත්නම් මගේ අදහස උවමනාවෙන්ම නොසලකා හැරලා . මම කියල තියෙන්නේ වැන්දත් නොවැන්දත් වෙනසක් නැහැ හොඳ දේ කරන කෙනා හොදයි වැරදි කරන කෙනා වැරදියි. වැදීම කරන කෙනෙක් අනිත් හැම දේම හොදෙින් කරනවා කියලා ගැරන්ට් කරන්න බැහැ. ඒ වගේම නොවදිනා කෙනා අනිත් හැමදේම වැරදියට කරනවා කියන්නත් බැහැ.
Deleteබ්‍රේන් වොෂ් වුනාම ඔහොම වෙනවා. ගනන් ගන්න එපා...
වඳින සීන් එක නාට්ටියි සුජීවලගෙ ලාමක පොතුයි තමා ප්‍රමෝට් කරේ.
ReplyDeleteමාත් අම්මට තාත්තට වඳිනව, ඒ ඒකෙන් ඒ අයගෙ හිතට සතුටක් සමග මට ආශිර්වාදයක් ලැබෙන බව දන්න නිසා. නමුත් ඒ අවුරුද්දකට විතර එන නිවාඩුවට ගියහමනෙ.
මගේ දරුවො අවුරුද්දට අපිට වඳිනව, ලංකාවට ගියාම ආච්චිලට සීයලට වඳිනව එච්චරයි.
කොටිම්ම කිව්වොත් කිසිම දෙයක් ඕනවාට වඩා ඕනෙම නෑ.
අපේ දෙමව්පියෝත් අපෙන් වැඳුම් බලපොරොත්තු වෙන්නේ නැති නිසා හොඳයි.අර්ථවිරහිත වැඳීමකට වඩා දෙමාපියන්ට සලකන්න ඕනේ කියන තැනකට සමාජය යන්න ඕනේ.දැන් නම් පැරා කියනවා වගේ වැඳීමත් ස්ටයිල් එකක් වෙලානේ තියෙන්නේ.අම්මා,තාත්තා දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති එකා වාහනේට නැග්ගම සුක්කානමට වඳිනවා.
ReplyDelete"පිදිය යුත්තන් පිදීම"
ReplyDelete'අපචායති පූජා වසේන සාමීචිං කරොති එතෙනාති-අපචායනං'. පූජා වශයේන් ගරු බුහුමන් කෙරේ නු යි අපචායනය - පිදිය යුත්තන් පිදීම නම් වේ.
පිදිය යුත්තෝ කවරහුද? : බුදු, පසේ බුදු, මහරහත්හුද සෙසු සිල්වත් ගුනවත් ශ්‍රමණ බ්‍රාහ්මනයෝද අනෙකුත් නුවණින් ගුණයෙන් හා වයසින් වැඩිහිටියෝද දෙමවුපිය ගුරුවරාදීහුද අනෙකුත් පවුලේ වැඩිහිටියෝද පිදිය යුත්තෝ වෙති.
පිදිය යුත්තන් පිදීමේ ආනිසංස.
මේ ජන්මයේහිම ධාර්මික කීර්ති ප්‍රශංසා ලැබීමය, සිල්වත් ගුණවත් නැණවතන්නට ප්‍රිය වීමය, මරණින් මතු සුගති සම්පත් ලැබීමය, මිනිස් ලෙව උපදිනවිට උසස් යයි සම්මත කුලවල ඉපදීමය, පිරිවර ලැබීමය, බොහෝදෙනට ප්‍රියවීමය.
A very good point to discuss .Why don't you publish an article in a national news paper about this . I have always respected teachers but lately they have developed a strange superiority complex . Recently students of an elite girls have been asked by their principal not to overtake teachers while walking inside the school . I think as responsible citizens we have to change these attitudes slowly but this should be done very carefully as innocent children might get penalized.Another very disturbing practice in schools is advising against eating meat and animal proteins which I think should be done by qualified people . Growing children need good quality protein and here we should think about our future as a whole not only from the view point of religion
ReplyDeleteඇත්තෙන්ම මේ දවසට දහ දොලොස් වතාවක් මේ ළමයින්ට කියලා වන්දවා ගැනීම නම් මහ ලෝක විහිළුවක්. අපි පාසල් ළමුන් අවදියේ ගුරැවරැන්ට වැඩිහිටියන්ට වැන්දෙ සුවිශේෂ අවස්ථා වලදීම පමණයි. වර්ථමාන, මෙයාකාර වැන්දවීම පුද්ගලිකව මා හටද අප්‍රසන්න වු නිසා මාගේ් පන්ති වල ළමුන්ට ආයුබෝවන් කීමට මා පුරැදු කළේ පසුගිය වසරේ සිටයි.
ReplyDeleteගෝලයින් මහ මගදි වඳින්න ගත්තම අපහසුතාවක් දැනෙනවා තමයි. කොහොමත් කෙනෙක් මට වඳිද්දි දැනෙනනෙ හරිම අපහසුතාවක්. මං අනෙක් කෙනාගෙ හිත සුවපත් වෙන්න මිසක් පුරුද්දක් විදිහට වඳින්නෙ නෑ වගේම වැඳුම් ලබන්න කැමැතිත් නැති නිසා වෙන්නැති.
ReplyDeleteමම මගේ පුතාට මට වඳින්න පුරුදු කළේ නෑ. ඒත් ආච්චිල සීයලට නං වඳිනව දැකල තියෙනව.