වෙනස සැප ද?
ඉතිහාසයේ කිසිදු කලෙක, කිසිදු දේශපාලන විපර්යාසයක් ඉතා පහසුවෙන් සිදු වී නැත. සෑම විපර්යාසයක් ම සිදු වී තිබෙන්නේ දුෂ්කරතා හා බාධක රැසක් මධ්‍යයේ ය. ජනවාරි 08 වෙනස සම්බන්ධයෙන් ද මෙය වලංගු ය.
මේ වන විට රට බරපතල ගෙවුම් ශේෂ අර්බුදයක් ඉදිරියේ ය. අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාම මෙයට හේතුවයි. මේ වනාහි වත්මන් ආණ්ඩුවේ වරදක් නො වේ. පසුගිය කාලයක් මුළුල්ලේ මේ රටේ සිදු වුණේ ණයට ගත් මුදලින් සැප විඳීමයි. පසුගිය මාස අටක කාලයක් මුළුල්ලේ මෙම තත්වයන් වෙනස් කිරීමට තීරණාත්මක පියවර ගැනීමට ආණ්ඩුව එඩිතර වූයේ නැත. හේතුව, මහ මැතිවරණයයි. ජනප්‍රිය නොවන තීරණ ගත්තා නම් මහ මැතිවරණය පහසුවෙන් පරාජය වන්නට ආණ්ඩුවට අවස්ථාව තිබුණු බව අගෝස්තු 17 ප්‍රතිඵලයෙන් පෙනේ.
එහෙත්, තව දුරටත් කල් අල්ලන්නට බැරි තරමට තත්වය බරපතල ය. ආණ්ඩුව පසුගිය සිකුරාදා සිට විනිමය අනුපාතිකය කෘත්‍රිමව පාලනය කිරීම අත්හිටවූයේ ය. ඒ අනුව, මේ වන විට ඩොලරය රු. 135 - 140 අතර දෝලනය වෙමින් ඇත.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වාගෙන ගියේ රටේ විදේශ සංචිත විකුණා දමමිනි. අද වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පිරිහී තිබේ. ඒවා ශක්තිමත් කිරීම සඳහා පසුගිය සතියේදී ඉන්දියාවෙන් ද මුදල් හුවමාරුවක් කරන ලදී. ඉදිරි කාලයේදී නැවත වතාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ද සහන ණයක් ලබා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි.
විනිමය අනුපාතිකය පා කර හැරීමත් සමග ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව රුපියලේ අගය අඩු වෙයි. එවිට සියලු ආනයන භාණ්ඩවල මිළ ඉහළ යයි. රජය විසින් සීනි, අර්තාපල් වැනි අාහාර ද්‍රව්‍යවල බදු ද ඉහළ නංවා තිබේ. ජීවන වියදම ඉහළ යාමෙන් විශේෂයෙන් ම සමාජයේ දිළිඳු ම කොටස් මහත් අපහසුතාවට පත් වෙති. එපමණක් නොව, එය ආනයන මත රඳා පවතින වටිනාකම් එකතු කරන ලද කර්මාන්තවලට ද නරක බලපෑමක් ඇති කරයි.
කර්මාන්ත සම්බන්ධයෙන් ගත් කල ණය පොළී අනුපාතික පහළ මට්ටමෙන් පවත්වා ගැනීම ඉතා වැදගත් ය. එහිදී රාජ්‍ය ණය ගැනීම් මැනැවින් කළමනාකරණය කර ගැනීමේ බරපතල වගකීමක් රජයට තිබේ.
පසුගිය ආණ්ඩුව විසින් ඉහළ පොළියට ලබා ගෙන, ඇතැම් විට හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව වැනි ඵලදායී නොවන ව්‍යාපෘතිවලට යෙදවූ ණය ආපසු ගෙවීම මේ වන විට බරපතල ප්‍රශ්නයකි. රජයේ සමස්ත ආදායම ණය පොළී හා වාරික ගෙවීම සඳහාවත් ප්‍රමාණවත් නැත. තව දුරටත් ණය ගන්නට සිදු වීම අනිවාර්ය ය. අඩු පොළී ණය ක්‍රම සම්පාදනය කර ගැනීම, ණයට ගන්නා මුදල් ඵලදායී ලෙස ආයෝජනය කිරීම හා මෙතෙක් ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘති ඵලදායී තත්වයට ගෙන ඒම රජය ඉදිරියේ තිබෙන තියුණු අභියෝගයි.
පසුගිය කාලයේ ලබා ගන්නා ලද ණයවලින් රු. බිලියන 30ක භාණ්ඩාගාර බිල්පත් මේ සතියේ කල් පිරෙන බව මහ බැංකු වාර්තා පවසයි. ඒ ණය ගෙවන්නේ කෙසේ ද? මුදල් අච්චු ගසා ණය ගෙව්වොත් මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතාව තවත් ඉහළ යනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි. මේ අතර මහ බැංකුව රු. බිලියන 24ක් ණය ලබා ගැනීම සඳහා කැඳවන ලද මිළ ගණන් ද පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රතික්ෂේප කරන ලදී. මෙමගින් පොළී අනුපාතික ඉහළ යාම පිළිබඳ ආණ්ඩුව දක්වන නො කැමැත්ත නිරූපණය වන බව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවිය පෙන්වා දුන්නේ ය. පසුගිය බදාදා ද දස අවුරුදු භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් ලැබුණු සියලු මිළගණන් ප්‍රතික්ෂේප කිරීමක් රජයේ පාර්ශ්වයෙන් සිදු විය.
ශ්‍රී ලංකා මහ බැංකුව යනු පසුගිය සමයේ දැඩි අවධානයකට ලක් වූ ආයතනයකි. එය ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව ආර්ථික විශේෂඥයන් විසින් දිගින් දිගට ම පෙන්වා දෙන ලදී.
පසුගිය සති කීපය තුළ රජය ඇමති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් පෙන්නුම් කරන්නේ ස්ථාවර රජයක් පිහිටුවා ගැනීම කෙරෙහි යොමු කර තිබෙන අවධානයයි. මේ බව ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් පත් කිරීම අවසානයේ පවත්වන ලද කතාවෙන් පෙනේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගූ ස්ථාවර ආණ්ඩුව වෙනස් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ප්‍රකාශ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2020ට පෙරාතුව අලුත් ආණ්ඩුවක් බලාපොරොත්තු නොවන ලෙස සියලු මැති ඇමැතිවරුන්ට දන්වා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලබා ගත්තේ ය. බහුතර මන්ත්‍රී පිරිසකගේ සහයෝගය ලබා ගැනීමේ බරපතල ගැටලුවක් එජාපට තිබුණේ නැත. දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගත වීමේ හැකියාව තිබුණු අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වීමේ සූදානමක් ද තිබිණි. එහෙත්, එජාපය එම අවස්ථා අතහැර දමමින් ශ්‍රීලනිපය සමග සන්ධානගත වීමට තීරණය කරන්නට හේතු වූයේ ද නිශ්චිත කාලසීමාවක් සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවයි. දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම පිණිස තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වීම මෙසේ කටයුතු කිරීමට හේතුව ලෙස දැක්වුව ද, ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා අවශ්‍ය ස්ථාවරත්වය ඊට වඩා ප්‍රමුඛ බව පෙනේ.
ඒ අනුව ඉදිරි කාලයේදී වෙනසේ ආර්ථික යථාර්ථය විඳගන්නට සියලු ජනතාවන්ට සිදු වේ. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට නම්, රජයට දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යොමු වීමට අනිවාර්යයෙන් ම සිදු වේ. ඒ අනුව, රජය ඉදිරි අයවැයේදී අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ප්‍රධාන කරුණක් වන්නේ අයවැය පරතරය අවම කර ගැනීමයි. රාජ්‍ය වියදම් කප්පාදු කිරීම හා බදු ආදායම් ඉහළ නංවා ගැනීම මෙහිදී ප්‍රමුඛ ඉලක්ක දෙකක් වනු ඇති බව නිසැක ය. එසේම, ඍජු විදේශ ආයෝජන වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය ය. ඒ වෙනුවෙන් ආයෝජන දිරිගන්වන විවිධ ප්‍රතිසංස්කරණ රජය පැත්තෙන් අපේක්ෂා කරන්නට සිදු වේ. ඒවා අතර වෘත්තීය සමිතිවලට අදාළ වන කාරණා රැසක් තිබිය හැකි ය.
ඇමති මණ්ඩලයේ විශාලත්වය මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී තිබෙන කාරණයකි. එහෙත්, ආර්ථිකයට වැඩි ම බලපෑමක් කරන්නේ මේ සියයක් පමණ වන ඇමති තනතුරු සංඛ්‍යාව නො වේ. ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවය ආර්ථිකයට ඊට වඩා දැවැන්ත බලපෑමක් කරන බව අපි වටහා ගත යුතු ය. පසුගිය රජය සමයේ පත් කරන ලද ක්ෂේත්‍ර නිලධාරීන් වැනි ඇතැම් රජයේ සේවකයන්ට කිසිදු ඵලදායී කාර්යයක් පැවරී නොමැත. රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීම ද අත්‍යවශ්‍ය ය.
මේ වෙනස ඇත්තෙන් ම සැපවත් නැත. ඉදිරි කාලයේදී ඇත්තෙන් ම ඇඟට දැනෙන ආර්ථික ප්‍රතිසංස්කරණ මේ රටේ සිදු වනු ඇත. එමගින් දැවැන්ත ජීවිත විපර්යාසයකට මුහුණ දෙන්නට ජනතාවට සිදු වනු නිසැක ය. එහෙත්, කවුරු බලයේ හිටියත් මේ ආර්ථික කුණාටුව තරණය කළ යුතු ය. ආර්ථිකය තිබුණේ බිත්තියට හේත්තු වෙමින් ය. දරුණු ප්‍රතිවිපාක ඇති නො වන ලෙස තත්වය කළමනාකරණය කර ගැනීම ඇත්තනේ ම තියුණු අභියෝගයකි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
//ඇමති මණ්ඩලයේ විශාලත්වය මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී තිබෙන කාරණයකි. එහෙත්, ආර්ථිකයට වැඩි ම බලපෑමක් කරන්නේ මේ සියයක් පමණ වන ඇමති තනතුරු සංඛ්‍යාව නො වේ. ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවය ආර්ථිකයට ඊට වඩා දැවැන්ත බලපෑමක් කරන බව අපි වටහා ගත යුතු ය.//
ReplyDeleteඈ බොල ගස් බල්ලෝ, තෝ හදන්නේ අපේ බඩ වියතටත් කෙළින්න ද? තෝ පැරෙක් නෙමෙයි පරයෙක්. එදකින් තුක් විතරක් කුහකයා. තෝ වගේ පඩි අරන් ගුරු සේවය හරියට කරන්නේ නැතුව මඟුල් නටන එවුන් තමයි පුකට පයින් ගහල රාජ්‍ය සේවයෙන් දොට්ට දාන්න ඕන. තෝ රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යනවා කියන්න තව මොන කතා ද? තොට සාප වේවා! රාජ්‍ය සේවකයෝ තොට සාප කරත්වා! මූසලයා. එදකින් විතරක් පරයා.
ජනාධිපතිවරණය තව අවුරුදු දෙකකින් තිබ්බනම් රනිල්ටම ඉදිරිපත්වෙලා ලේසියෙන් දිනන්න තිබුණා. ඒ වෙනකොට අප්පච්චිගෙ ආර්තික සෙල්ලම් ඔක්කොම හබක්.
Deleteඅහෝ පැරා!! ඔයා ට දේශපාලනිකව සිදුවිච්ච සැන්තැසිය අන්තිම කුජීතයි නේද? අනිච්චේ දුක්කේ !! මේ කුනාටු අනන් මනං අස්සේ අර මහින්ද අබේසුන්දර නයිටිඑන් එකට ලියපු 'විමසුම' පිටපත මිනිහ නවත්වපු තැන ඉඳල ලියන පටන්ගන්නවකෝ කාට නැතත් ඔහෙටවත් ගොඩ යන්න බැරියැයි.
Deleteඉතා බරපතල ආර්තික ප්‍රතිසංස්කරන කිරීමට සිදුවෙනවා... පලමුදේ රාජපක්ෂලා වනකල රාජ්‍ය සේවය කප්පාදු කිරීම... රාජ්‍ය සේවයෙන් 25% වත් රැකියා කප්පාදු කල යුතුයි...
ReplyDeleteඊලග දේ ආනායන සීමා කිරීම. අතයාවශ්‍ය භාන්ඩ හැරෙන්නට ආනායන වලට බදු ඉහල දමා ආනායන සීමා කොට විදේශ මුදල් සංචිඅ ලන්කාවේ රැක ගැනීමට වෙනවා..
ලංකාවට විදෙශ විනිමය ලැබෙන සංචාරක හා ඇගලුම් අපනයන කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා වසර 2 ක වැඩපිලිවෙලක් අවශ්‍යයි... අපනයන වෙලා පොලට නිෂ්පාදන යවන දේශීය ව්‍යාපාරිකයාට උදව් කිරීමත් විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමත් ආන්ඩුවේ ඉදිරි වසර 2 සදහා priorities විය යුතුයි
1970 ට හොඳයි අන්කලේ මේ ආනයන සිමා....සිරිමා මලා...NM මලා...ඕවා කලාම තවත් ආර්ථිකය සංකෝචනය වෙනවා.
Deleteගොන්පැටියො ආනායන සීමා කියන්නෙ සිරිමා කලා වගේ හාල් ටිකටයි, කිරිපිටි වලටයි, බේත් වලටයි ඔක්කොට්ම ආනායනය සීමා කරන එක නෙමේ... පොඩ්ඩක් 90 ගනන්වල ඉන්දියාවෙත් මේ වගේම ණය අර්බුදයක් ආපුවහම මන්මෝහන් සින් හා නරසීහ රාවෝගෙ ආර්තික ප්‍රතිසංස්කරන ගැන කියවල බලපන්
Deleteලගදීම ආර්ථික කුණාටුවක් එන බවත් එයට මුහණදීම සදහා පටි තදකර ගතයුතු බවත් පවසන යහපාලන නඩය සහ එවැනි තත්වයක් අපෙක්ෂාවෙන් පෙනි සිටි සියල්ලන් අද තමන්ගේ ඇග බේරා ගැනීමේ කටයුතුවල නිරත වෙමින් සිටියි. පැරා මේ පවසමින් සිටිනුයේ ඇතිවි තිබෙන සෑබැ තත්වයයි
ReplyDeleteඔව් සැබවින්ම පිඩිතයන්ට තව දුරටත් පටි තදකර ගැනීමට සිදුවනු ඇත. මේය මහින්දවාදී බයියන්ට වෙනස සැපද යනුවෙන් පවසමින් සතුටු වීමට අවස්ථාවක් නොවේ
මහින්ද විසින් තමන්ගේ බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් ලොකයෙන්ම ණය ලබා ගනිමින් අනවශ්‍ය පරිදි රාජ්‍ය සේවය වැඩිකලේය. බදවාගත් පිරිසට සහ රාජ්‍ය සේවයේ සිටින නිලධාරින් විධිමත්ව සේවයේ යෙදවිමක්ද සිදුකලේ නැත. නැවත මහින්ද බලයට පැමිණියානම් ඔහුටද මෙම ගැටලුවට මුහුණදීමට සිදුවනු ඇත.
පාලකයන් විසින් ජනතාවගේ අනාගතය ඔට්ටු දමා ඇති විටක ඔවුන්ගේ අරමුණ ඉටුවනතුරු අපි පටි තදකරගෙන සිටිය යුතුද වෙනසක් සිදු නොවුන තැනක වෙනස සැපද යන්න පිලිබද සංවාද පවත්වා තෙරුමක් නැත.
එජාපය හා සංධානය එකතුවී ආණ්ඩු හදන්නේ ඇමතිකම් බෙදා ගැනීමට පමණක් නොවනබව ඉතාමත් පැහැදිලිය. මහින්ද කට වහගෙන ඉන්නේ වෙනසක් කිරිමටද නොවේය. අද දවසේ පිඩිතයා දෙසට රජය විසින් යොමු කිරීමට බලාපොරෝතුවන පිඩනයට එරෙහිව නැගෙන විරෝධයන් යටපත් කිරීමට පාලකයින් සංවිධානය වෙමින් පවති. එයට අවශ්‍ය අඩු වැඩිය සපයමින් පිඩිතයන් සංවිධානයවීම දුර්වල කිරිම සදහා සිවිල් සංවිධාන හා ක්‍රියාකරින් මෙවැනි වෙනස්කම් කල යුතුබවට මතවාදයන් සාදමින් සිටියි. පැරාද නොදැනුවත්වම කරමින් සිටින්නේ එයය.
පාලකයන් සංවිධානයවීමේ තරමටම එයට එරෙහිව පිඩිතයා සංවිධානය කල යුතුය. පිඩිතයා අරගලයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් නැවත මහින්ද ඇතුලු පාලක පැලන්තියේ වෙනත් ස්වරූපයක් පිඩිතයන්ව ඔවුන්ගේ බල අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙහෙයවනු ඇත. එවිට පැරාලාටද පොලවට එමට සිදුවනු ඇත. එතෙක් අපි පැරාලා නියෝජනය කරන කුලකයට අනුකම්පා කරමු.
පහුගිය අවුරුදු 9යේ දී රටේ ණය ප්‍රමාණය දෙතුන් ගුණයකින් ඉහල ගියත්, ඒ වෙනුවට ඉතිරිව ඇත්තේ අදායම් උපදවන්නේ නැති නැව් නැති වරාය, යානා නැති ගුවන් තොටුපල, වසා ඇති සම්මන්ත්‍රණ ශාලාවක්, කඩා හැලෙන තාප විදුලි බලාගාරයක්, නෙළුම් පොකුණ රඟහල, ඉවර නැති නෙළුම් කුලුණ සහ ප්‍රයෝජනයකට ඇති අධිවේගී මාර්ග දෙක පමණයි. ඒවායෙන් එන අදායමෙන් ඒවා සඳහා ගත් අධි පොලී විදේශ ණය ගෙවීමට මෛත්‍රී ජනාධිපති කෙසේ වෙතත් මෛත්‍රී බුදුන් පහලවන තෙක් වත් නොහැකිවෙයි. නාස්තිකාර ජේත්තුකාර වියදම් පාලනය මඟින් රුපියල් ණය යම් ප්‍රමාණයක් ගෙවන්නට පුළුවන් උනත්, ඩොලර් ණය ගෙවන්න වෙන්නේ මැද පෙරදිග ශ්‍රමිකයන් සහ ඇඟලුම් වලින් එන විශාල වශයෙන් ඉහල නොයන විදේශ මුදල් වලින්. මේ කිසිවක් නොතේරෙන සහ හංගන උන් හිතන්නේ නාස්තිකාර රජා ආවොත් මේවා විසදෙන බවයි. මාස්පතා ලැබුණු සන්තෝසම් හෝ වාහන පර්මිට් හෝ ටෙන්ඩර් නැති කොන්ත්‍රාත් නැවතී ඇති එකෙකු හැරෙන්නට ඇස් පෙනෙන ඕනෑම කෙනෙකුට ඇත්ත වැටහෙන්න අමාරුවක් තියෙන්න බැහැ.
ReplyDeleteජී එස් පී නැතිකර ගැනීමෙන් ඇඟළුම් අපනයනය පහත වැටීම, යුරෝපයට මාළු අපනයන තහනම, වගේ රටේ විදේශ අදායම විනාශ කරන වැඩ කළා හැර, එක අංශයක් වත් තියෙනවද නව අපනයන මාර්ග ඇතිකරපු හරි තියෙන ඒවා වැඩිදියුණු කරපු? එක අළුත් ලාභදායී විදේශ වෙළඳ පොලකට බදු සහන සහිත ඇතුල්වීමක් ලබා ගන්න රජතුමාටයි හොරු 120 ටයි පුළුවන් උනාද? රටේ අභ්‍යන්තර ආදායම හොර එතනෝල් නිසා කොච්චර පහත වැටුනද කියන එක ජනවාරි සිට ජූනි වෙනකොට සුරාබදු ආදායම සියයට 45 කින් වැඩිවීමෙන් පේනවා. රාජ්‍ය සේවයට හිල් බලකායෙන් 700,000 ක් ඇතුල් කරල සේවක සංඛ්යාව දෙගුණ කරපු එකේ අවුරුද්දක වියදම බිලියන 200 ක්. පිඟන් බඩු කඩේට රිංගුව බීපු මීහරකා වගේ හැම දේම විනාස කරගෙන ගිය උන් මාස දෙකතුනෙන් ගොඩ එන්න කියල අළුත් ආණ්ඩුවට කියන්නෙ එක්කො කුඩු නැතුව පිස්සු වැටිච්ච උන් ටිකක් වෙන්න ඕන. ජනවාරි 8 වෙනස නොවුනානම් මාර්තු වල ආර්ථික සම්භාධක වැටුනනම් කිසිම දෙයක් අපනයනය කරගන්න බැරි උනානම් මේ බක පණ්ඩිතයෝ ඒකත් කාගෙ හරි වැරැද්දක් කියල කියනව ඇරෙන්න එදා වේල හොයා ගන්න උන් කන්න නැතුව මැරුණත් රජ සැප අඩුවෙන්නෙ නැති නිසා අර මුගාබේ වගේ තව පිස්සුඑ කෙලින හැටි බලන්න තිබුණ.
ReplyDeleteඅද ඇතිවි තිබෙන තත්වයට මහින්ද පමණක් වග කිව යුතුය කියමින් මහින්ද බිල්ලටදී බෙරා ගැනීමට දගලන සහ පටි තද කර ගැනීමට ජනතාවට බලකරමින් සැදිමටයන ආර්ථිකය ආරක්ෂා කල යුත්තේ ඇයි?
ReplyDeleteමහින්දට බැනවැදිමෙන් හෝ පටි තද කරගැනීමෙන් ජනතාවගේ ජිවන තත්වයන් වෙනස්කල හැකිනම් සහ ඒ අනුව ජනතාවට බලහත්කාරය මගින් දමා ඇති සිමාවන් අහෝසි වේනම් අප එයට පක්ෂ විය යුතුය. නැතිනම් අප යහපාලනයට එකගවිය යුත්තේ ඇයි? මහින්ද පරාජය කල නිසාද?
මහින්දද පවසමින් සිටියේ තමන් ප්‍රභාකරන් පරාජයකල නිසා දිගටම ඉවසා සිටිය යුතු බවය
රනිල් ඇතුලු නඩය පවසන්නේ මහින්ද පරාජය කල නිසා සියල්ල ඉවසන ලෙසය
චන්ද්‍රිකා පැවසුයේද භිෂණය නැතිකල නිසා ඉවසන ලෙසය
එක එකා කියනා විට අප ඉවසා සිටිය යුතුද?
ඔබ ඒ වෙනුවෙන් පෙනි සිටින්නේ එලෙස සිටිමෙන් ඔබට කිසිවක් ලැබෙන බැවින් හෝ එයින් කිසිවක් ලැබෙයැයි ඔබට හැගෙන බැවින්ද?
මා පෙනී සිටින්නේ යථාර්ථය වෙනුවෙනි.
Deleteමා ආර්ථිකය ගැන කියන්නේ එහි තිබෙන යථාර්ථයයි.
මේ යථාර්ථය තේරුම් ගෙන විසඳුම් සොයනු මිස පීඩිතයන්ට සුරංගනා කතා කීමෙන් කිසිවක් සිදු වන්නේ නැත.
යථාර්තය තේරුම් ගෙන විසදුම් සොයනු වෙනුවට පටි තද කරගැනීමට ජනතාවට පවසමින් සිටිනුයේ ඇයි.
Deleteමහින්ද ඇතුලු බයියන්ද, රනිල් ප්‍රමුඛ යහපාලන නඩයද පවසමින් සිටින්නේ සුරංගනා කතා නොවේද?
ආර්ථිකයේ පවතින යථාර්තය තේරුම් ගෙන එය වෙනස් කිරීම වෙනුවට එය දරා ගැනිමට ජනතාවට යොජනා කිරීම මගින් මොනවා හරි සිදුවන්නේද?
ජී එස් පී නැතිකර ගැනීමෙන් ඇඟළුම් අපනයනය පහත වැටීම, යුරෝපයට මාළු අපනයන තහනම, වගේ රටේ විදේශ අදායම විනාශ කරන වැඩ කළා හැර, එක අංශයක් වත් තියෙනවද නව අපනයන මාර්ග ඇතිකරපු හරි තියෙන ඒවා වැඩිදියුණු කරපු? එක අළුත් ලාභදායී විදේශ වෙළඳ පොලකට බදු සහන සහිත ඇතුල්වීමක් ලබා ගන්න රජතුමාටයි හොරු 120 ටයි පුළුවන් උනාද? රටේ අභ්‍යන්තර ආදායම හොර එතනෝල් නිසා කොච්චර පහත වැටුනද කියන එක ජනවාරි සිට ජූනි වෙනකොට සුරාබදු ආදායම සියයට 45 කින් වැඩිවීමෙන් පේනවා. රාජ්‍ය සේවයට හිල් බලකායෙන් 700,000 ක් ඇතුල් කරල සේවක සංඛ්යාව දෙගුණ කරපු එකේ අවුරුද්දක වියදම බිලියන 200 ක්. පිඟන් බඩු කඩේට රිංගුව බීපු මීහරකා වගේ හැම දේම විනාස කරගෙන ගිය උන් මාස දෙකතුනෙන් ගොඩ එන්න කියල අළුත් ආණ්ඩුවට කියන්නෙ එක්කො කුඩු නැතුව පිස්සු වැටිච්ච උන් ටිකක් වෙන්න ඕන. ජනවාරි 8 වෙනස නොවුනානම් මාර්තු වල ආර්ථික සම්භාධක වැටුනනම් කිසිම දෙයක් අපනයනය කරගන්න බැරි උනානම් මේ බක පණ්ඩිතයෝ ඒකත් කාගෙ හරි වැරැද්දක් කියල කියනව ඇරෙන්න එදා වේල හොයා ගන්න උන් කන්න නැතුව මැරුණත් රජ සැප අඩුවෙන්නෙ නැති නිසා අර මුගාබේ වගේ තව පිස්සුඑ කෙලින හැටි බලන්න තිබුණ.
ReplyDeleteඅහෝ පැරා!! ඔයා ට දේශපාලනිකව සිදුවිච්ච සැන්තැසිය අන්තිම කුජීතයි නේද? අනිච්චේ දුක්කේ !! මේ කුනාටු අනන් මනං අස්සේ අර මහින්ද අබේසුන්දර නයිටිඑන් එකට ලියපු 'විමසුම' පිටපත මිනිහ නවත්වපු තැන ඉඳල ලියන පටන්ගන්නවකෝ කාට නැතත් ඔහෙටවත් ගොඩ යන්න බැරියැයි.
ReplyDeleteපැරා, කලකට පසු අපට මගහැරෙන ආර්ථික අවස්ථා ගැන සටහනක් සටහනක් තැබුවෙමි.
ReplyDeletehttp://lankasithuwili.blogspot.com/2015/09/paypal.html
රාජපක්ෂ රෙජිමය කලේ තවත් පරම්පරා ගණනාවක් ඉස්සරහටත් රටේ ආර්ථිකයට විතරක් නෙවෙයි, මුළු සමාජයට ම කෙලවල දාන එක. ඒ කාල වකවානුවේ ස්ථාපිත කළ අන්ත දූසිත යාන්ත්‍රණ බොහෝමයක් තවමත් යහතින් වැඩ කර ගෙන යනවා. මගේ ප්‍රශ්නය තවමත් ඒවා ගැන ක්‍රියාමාර්ගයක් නොගෙන, මේ අර්බුදවලට මුහුණ දෙන්න යන්නේ පොදු ජනතාවගේ බෙල්ල මිරිකලනම්, අපි ඉස්සරහ මතු වෙන්නේ මහා අරාජිකත්වයක් නොවෙන්නේ කොහොමද ! http://niyontetra.blogspot.com/
ReplyDeleteඔය කියන යාන්ත්‍රණවලත් වැඩිපුර සිටින්නේ පොදු ජනතාව ම තමයි.
Delete