කොමීඩියන් ඩිව් ගුණසේකර
2003 ඔක්තෝබර් අවසානයේ දිනෙක අපි හිරු පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට ඩිව් ගුණසේකර හමු වීම සඳහා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානය වෙත ගියෙමු. ඔහු අපට සම්මුඛ සාකච්ඡාව ලබා දීමට එකඟ වී සිටිමුත්, ඒ මොහොත වන විට ඔහු සිටියේ පස්ස කැඩුණු කඩියකු සේ හදිස්සියකිනි.
එවිට ඩිව් රාජ්‍ය භාෂා කොමිසමේ සභාපතිය. කලින් පැවැති චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ඔහු ලද එම තනතුරට 2001 දී බලයට ආ රනිල් වෙන කෙනෙකු පත් නොකළේය. චන්ද්‍රිකා රනිල්ගෙන් ආණ්ඩුව පැහැර ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් උද්දාමයෙන් නළියමින් සිටියේ ය. හෙට අනිද්දා ම තමන්ට ද ලේසියෙන් ම ඇමතිකමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ ඔහු අප සමග කතා කළේ නො සැලකිල්ලෙනි. ඕයි, තමුසෙලා වැනි වචන පවා ඔහු අපට දමා ගැසුවේ ය. අපි ආපසු ආවේ ඔහුගේ දේශපාලන ළදරු හැසිරීම ගැන කතා කරමිනි. දින කීපයකට පසු චන්ද්‍රිකා විධායක ජනාධිපති බලතල පාවිච්චි කරමින් අමාත්‍යාංශ තුනක් සියතට ගෙන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අවුල් කිරීම ආරම්භ කළා ය.
මා මේ පරණ කතාව කියන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම අහිමි වීමෙන් පසු ඔහු මේ දිනවල හැසිරෙමින් සිටින ආකාරය දැකීමෙනි. ඇත්තෙන් ම පව් ය. ඇතැම් වාමාංශික නිකම්මු හිතාගෙන ඉන්නේ ඔවුන් අවසන් හුස්ම හෙළිය යුත්තේ ද පාර්ලිමේන්තුවේ ම ය කියා ය. ඒ ගැන පමණක් සිතමින් රටේ දේශපාලන විපර්යාසයක් සිදු වෙමින් තිබූ වකවානුවක ඒ ගැන හාංකවිසියක් නො දන්නා සේ හිඳිමින් මැදමුලන වලව්වේ වළං හෝදමින් කල් ගෙවන්නට සමසමාජ කොමියුනිස්ට් නායකත්වය කටයුතු කළ හ.
ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ බාන තම ජාතික ලැයිස්තු මන්ත්‍රීකම වෙනුවෙන් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ පාවා දී බොහෝ කාලයකි. එම පක්ෂවල සිටි අවසන් දීප්තිමත් පෞරුෂයන් වන ජයම්පතී වික්‍රමරත්න, ලාල් විජේනායක වැනි අය ද දැන් ඉවත් වී හමාර ය. සමසමාජ කොමියුනිස්ට් පක්ෂවල දේශපාලන වලංගුභාවය දැන් අහෝසි වී ගොසිනි. ඉතිරි වී තිබෙන්නේ ඓතිහාසික උරුමයක් පමණි.
මේ දිරා ගිය දත පාර්ලිමේන්තුවෙන් ගලවා දැමීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කිරීම ඇත්තෙන් ම ප්‍රශංසනීය ය. එහෙත් මොවුන්ගේ ශෝකී විලාප හමුවේ ජනාධිපතිවරයාගේ හිත උණු වෙයි ද කියා ද මහජනයා ලෙස අපි බිය විය යුතු ය.
ඩිව් ගුණසේකරලාට දැන් කළ හැකි ලොකු ම සේවය වන්නේ තව දුරටත් පාර්ලිමේන්තුවට දත නියවන්නේ නැතිව, දැරූ ඇමතිකම්වලින් පවා රටට හා ජනතාවට කළ වැඩක් නැතිමුත් මහජන මුදලින් ලැබෙන විශ්‍රාම වැටුප අරගෙන ගෙදර ගොස් උණුවතුර ටිකක් නා බුදුසරණ පත්තරය බලා ගන්නා එක ය.
සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවල නායකත්වය අරක් ගෙන සිටින බහිරවයන් ඒ අසුන්වලින් බැස යා යුතු ය. ලංකාවේ පැරණි ම දේශපාලන පක්ෂ වන ඒවායේ ඓතිහාසික උරුමයවත් ආරක්ෂා කර ගන්නට එය ඉවහල් වනු ඇත.
(පිලිප් ශාන්ත සහෝදරයාගේ උපදෙස් පරිදි ඇතැම් ඉතිහාස කරුණු සංශෝධනය කරන ලදී.)
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

දැන් එයා කොමීඩියන් නෙවේ කොමඩියන්
ReplyDeleteවම්මු කියන ජාතියේ තියෙන කාලකන්නිකම තමා..මුලු ජීවිතයම අන්ත අසාර්තක න්‍යායක් වෙනුවෙන් ගතකරල, හරියට දරුවෙක් මල්ලෙක් නොහදා, තරුන කාලයේ තවත් තරුනයින්ගේ ඔලු කුරුවල් කරල මැරෙනකල් පාර්ලිමේන්තුවෙ ඉන්න හදනව....
ReplyDeleteහැබැයි බනින්නෙ තමන්ට වඩා ලස්සනටජීවත් වෙන ධනවාදියට
මේ ගොන් වේසිගෙපුතාලා ගෙදර යැව්වයින් පස්සෙ මුන්ට වටිනාකමක් දෙන්න පෝස්ට් දාන්න එපා පැරා...
ReplyDeleteමේ කාලකන්නි තමයි මෙරට 1960 දශකය වැනි ඈත කාලය පටන් විනාශකළේ. කොළබ වාරයේ වැඩවර්ජන පටන්ගෙන, සිංගප්පුරුව ට එම තැන ලබාදීම සදහා අනුපමේය සේවය කලේ මේ කාලකන්නි වම්මු තමයි.
ReplyDelete