සේයා ඝාතනයට හේතුව ඇති තැන අඳුරු නිසා පහන් ආලෝකය තුළ හේතුව සෙවිය හැකි ද?
සේයා මැරූ මිනීමරුවන් මරන බව ශපථ කරමින් ආවේගශීලීව හැසිරීම මේ වන විට ෆේස්බුක්හි සිට එම දැරියගේ මළගෙදර දක්වා ම විහිදී තිබෙන රැල්ලකි. සේයා දැරිය හඳුන්වා දීමට වචන නාස්ති කළ යුතු යයි මම නො සිතමි. කයිට්ස්හි විද්‍යා දැරිය ඝාතනයට ලක් වූ අවස්ථාවේදී ද මේ හා සමාන හැසිරීමක් යාපනයේ දක්නට ලැබිණි.
එම දැරියගේ නිවස අසල රැස් වූ පිරිස් ඝාතකයා හෙළිදරව් කරන්නැයි පොලිසියට බල කරමින් අවමංගල්‍යයට ද බාධා වන පරිදි හැසිරුණ හ. ඔවුන් ඇත්තෙන් ම කළේ විමර්ශනයට බාධා කිරීමයි. මිය ගිය දැරියට පවා සාමය අහිමි කර ඇත. ඝාතනයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ සූදානම් වෙමින් තිබේ. ඇත්තෙන් ම මෙම උද්ඝෝෂණ කරන්නේ කාට එරෙහිව ද යන්න කවුරුවත් දන්නේ නැත. අපරාධකරුවකුට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ එම අපරාධකරුවා අපරාධයෙන් ගැලවීමට බලය යොදා ගන්නා බලවතෙකු නම් ය. පොලිසියට එරෙහිව උද්ඝෝෂණ කළ යුත්තේ පොලිසිය පරීක්ෂණ නිසි පරිදි කරන්නේ නැතිනම් හෝ ඝාතකයන් ආරක්ෂා කරන්නේ නම් ය. මහජන නියෝජිතයන්ට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ ඔවුන් මෙම ක්‍රියා ප්‍රවර්ධනය කරනවා නම් ය. එහෙත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපරාධකරුවන් මහජන නියෝජිතයන් ලෙස පත් කර නො එවන්නැයි දැවැන්ත ප්‍රචාරයක් රටේ තිබියදීත් අපේ ඡන්දදායකයෝ අපරාධකරුවන් නැවත පාර්ලිමේන්තුවට පත් කර එවූ හ. මේ උද්ඝෝෂණය කරන ජනතාව ඇත්තෙන් ම උද්ඝෝෂණය කරන්නේ තමන්ට ම එරෙහිව ය. මන්ද, දූෂකයා සිටින්නේ ඔවුන් අතර ය.
මෙම ඊනියා උද්ඝෝෂණ මාධ්‍යවලින් ආවරණය කිරීම නිසා ඒවා දිරිගැන්වී තිබේ. තඹ දොයිතුවකට වැඩක් නැති අදහස් ප්‍රකාශ කරන මුග්ධ ආවේගශීලීන් මාධ්‍ය විසින් වීරයන් කරනු දක්නට ලැබේ. සැකකරුවන් මරා දැමීමට දොඩන්දූවේ ජනතාව සූදානම් බව කියන කාන්තාවක් ජාතික රූපවාහිනියේ කතා කරන ආකාරය දුටිමි. තවත් එවැනි ආවේගශීලී කාන්තාවක් ඇමති රන්ජන් රාමනායකට කතා කරන්නේ හරියට වරදකරු ඔහු ලෙස සලකා ය. රන්ජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ එම වීඩියෝව ප්‍රචාරය කර තිබෙුණේ ය. ළමා කටයුතු භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර වැඩ භාර ගන්නා උත්සවයේදී සජිත් ප්‍රේමදාස කළ කතාවෙන් ද කියැවුණේ මෙවැනි අපරාධ කරන අයට නීතිය ක්‍රියාත්මක කර වැඩක් නැති බව හා ඔවුන් සමාජයෙන් තුරන් කර දැමිය යුතු බවයි. ඔහු කියන්නේ ද සැකකරුවන් මරා දැමිය යුතු බවයි.
මෙම ප්‍රශ්නයේදී රාජ්‍ය මාධ්‍යවල සිට දේශපාලකයන් දක්වා බොහෝ අය කටයුතු කරන්නේ මහජන ආවේග ඇවිස්සෙන ආකාරයට බව මෙම උදාහරණවලින් ඉතා පැහැදිලි ය. පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය සුපුරුදු ලෙස ම ආවේග අවුස්සනසුළු භාවාතිශය වාර්තාකරණයක යෙදෙනු දක්නට ලැබිණි.
මේ රටේ ජනතාව හා ඔවුන්ගේ නායකයන් ජීවත් වන්නේ මොබ් මානසිකත්වයකින් බව අපි මීට කලින් ද පෙන්වා දුන්නෙමු. නො ගැඹුරු ආවේගශීලිත්වය, නීතිය අතට ගැනීම, ප්‍රචණ්ඩත්වය, විනාශකාරී ක්‍රියා හා ඉන් අනතුරුව පසුතැවිලි වීම හා නීතියට බිය වීම මෙම මොබ් මානසිකත්වයේ ප්‍රධාන ලක්ෂණ වේ.
මොබ් මානසිකත්වයෙන් සිටින පුද්ගලයන්ට යථාර්ථය අවබෝධ කර ගැනීම දුෂ්කර ය. තත්වය කෙතරම් භයානක ද යත්, අප මෙසේ ලියන විට ඔවුන් සිතන්නේ අප කතා කරන්නේ අපරාධකරුවන්ගේ අයිතිවාසිකම් ගැන ය කියා ය. ඒ අතර, අපි අපරාධකරුවන්ට පක්ෂග්‍රාහී ය වැනි අතාර්කික අදහස් පවා ඔවුන් තුළ පහළ වේ. පසුගිය දින කීපය තුළ මම මේ ලක්ෂණය ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්, කවියන්, ගීත රචකයන් අතර පවා නිරීක්ෂණය කළෙමි.
එහෙත්, අපි දිගින් දිගට ම මෙසේ කතා කරන්නේ සමාජයක් ලෙස අප අපරාධකරුවන් බවට පත් වීම වළක්වාගන්නට ය. සේයා දැරිය දූෂණය කර මරා දැමූ ඝාතකයා මරා දැමීමට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාසගේ සිට දොඩන්දූවේ කාන්තාව දක්වා අපේ රටේ මිනිසුන් ඇද වැටී තිබෙන තත්වයෙන් ඔවුන් ගලවා ගැනීම අපේ අරමුණයි. පව්කාරයන්ට ප්‍රතිචාර දැක්විය යුත්තේ අප ද පව්කාරයන් බවට පත් වීමෙන් නො වේ.
ඇතැම් මාධ්‍ය මෙම ඝාතනය සම්බන්ධ සැකය මිය ගිය දැරියගේ පියා වෙත ද යොමු කළේ ය. පොලිසිය ඔහු පිළිබඳ විමර්ශනය කරමින් දුරකථන කුළුණු දත්ත මාර්ගයෙන් ඔහු අපරාධය සිදු වන අවස්ථාවේ වෙනත් ස්ථානයක සිට ඇති බව තහවුරු කර ගත්තේ ය. ජනමාධ්‍ය විසින් අවුළුවන ලද ආවේගශීලිත්වය නිසා දැරියගේ පියාගේ ජීවිතය පවා අනතුරට ලක් විය.
අප මෙවැනි ගැටලු ආමන්ත්‍රණය කළ යුත්තේ ශිෂ්ට සමාජය ඒවා කරන ආකාරය අනුවයි. භාවාතිශය ලෙස මාධ්‍ය විසින් ආවරණය කරනු ලබන බිහිසුණු අපරාධයකින් පසු අධි සංවේදිත්වයක් පෙන්වමින්, බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන සමාජ ස්ථරය අත තොරොම්බල් වන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි. මරණීය දණ්ඩනය යනු ආවේග විමෝචනය කිරීමේ මාර්ගයක් නො වන බව අප මුලින් ම වටහා ගත යුතු ය. එය අයත් වන්නේ දණ්ඩනයට හා විශෝධනයටයි. දණ්ඩනය යනු දඬුවම් කිරීමයි. විශෝධනය යනු නිවැරදි කිරීමයි. රටක අධිකරණය හා සිරගෙවල් පවතින්නේ ඒ වෙනුවෙනි.
මරණීය දණ්ඩනය යනු අපේ රටට අලුත් දෙයක් නො වේ. පසුගිය ආණ්ඩුව කාලයේ මෙවැනි භයානක අපරාධකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය වුණේ අපරාධයට යොදා ගන්නා ලද ආයුධ පෙන්නන්නට ගිය විට පැන යන්නට උත්සාහ කළා ය කියා වෙඩි තබා හෝ දියේ ගිල්වා හෝ මරා දැමීමයි. අඩු තරමේ මරා දමන ලද සැකකරුවා අපරාධකරුම ද යන්න තහවුරු කර ගැනීමේ කිසිදු විභාගයක් නො පවත්වා අවියම් අන්දමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලදී. එම මරණ දඬුවම ක්‍රියාත්මක කළ පොලිසියට අධිකරණයේ හා රජයේ සහයෝගය ලැබුණු අතර එම ක්‍රියාමාර්ගය මහජන ප්‍රසාදයට ලක් විය. එහෙත්, අවසානයේදී සිදු වී තිබෙන්නේ කුමක් ද? අපරාධකරුවන් මේ අන්දමින් මරා දැමීමෙන් හෝ මෙවැනි අපරාධ සිදු වීම වැළැක්වී නැත. අවසානයේදී සිදු වී තිබෙන්නේ සමාජයක් ලෙස අප ද අපරාධකරුවන් බවට පත් වීම පමණි.
ප්‍රශ්නය ඇත්තේ වෙන තැනක ය. අප කරමින් ඉන්නේ යතුර නැති වූ අඳුරු තැන එය සොයනවා වෙනුවට වීදි පහන යට යතුර සොයනවා වැනි දෙයකි. මේ භයානක අපරාධ නැති කිරීම පහසු නැත. ඒ වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු ය. සමාජ ආරක්ෂාව වැඩි දියුණු කළ යුතු ය. ඊටත් වඩා වැදගත් වන්නේ මෙවැනි අපරාධ ඇති වන්නට හේතු වන සමාජ ආකල්ප වෙනස් කිරීමයි. මෙවැනි අපරාධවලට ප්‍රතිචාර දක්වන ආකාරය හා සම්බන්ධ ආකල්ප ද වෙනස් විය යුතු ය. ඔබේ දරුවා පාසලෙන් ලබන අධ්‍යාපනය ගැන හා මාධ්‍යවලින් දකින දේ ගැන යළි මෙනෙහි කරන්නට මෙය අවස්ථාවක් කර ගන්න.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මාධ්‍ය සහ දේශපාලනය විසින් මෙම ප්‍රචන්ඩ රැල්ල මෙහෙයවන බවකුයි පේන්න තියෙන්නෙ. කොටදෙනියාවෙ අපරාධකරුවන්ට දඩුවම් දෙන්න දොඩන්දූවෙ මිනිස්සුන්ට තියන * කේ අමාරුව මොකක්ද
ReplyDeleteඑහෙම අයිතියකුත් නෑ .ඒකට රටේ ව්‍යවස්ථාපිත ආයතන තියනවා.
මෙතන මේ වොයිස් කට් දාන්නෙත් මේ ආවේගය වපුරන්නයි.
මේකෙන් වෙන්නෙ විමර්ශනවලට බාධා වීමයි. තවපොඩ්ඩෙන් කෙල්ලගෙ තාත්තව මරනව . උසාවියකින් වරදකරු කියල ඔප්පු කරන තුරු ඕනම කෙනෙක් නිර්දෝෂයි. අධිකරන ක්‍රියාවලිය උගතුන් සම්බන්ධ දෙයක් වෙන්නෙ ඒකයි. ආවේගශීලී උන්මත්තකයන්ට නීතිය අතට ගන්න දෙන්න බැහැ. එහෙම වෙලා කවුරුහරි අහිංසකයෙක් මැරුවොත් ඒකෙන් වෙන්නෙ සැබෑ දූශකය නිදහස් වෙන එක.ආවේගශීලී වෙලා ප්‍රශ්න විසදන්න බෑ.
ඔය කවුරුවත් සේයා දුවට ආදරේ නෑ. හැමෝටම ඕන පොරවල් වෙන්න. මාධ්‍ය මස් වැද්දො නම් මහ පජාත වැඩක් කරන්නෙ.
මාධ්‍යස්ථ පළ කර අදහසට මගේ හිස නමන්නෙමි
Delete++++++++++++++++
Deleteමේකට ප්‍රධාන හේතුව පහුගික අවුරුදු 35 (1980-2015) ම පොලීසිය හා බලයේසිටි ආන්ඩුවල මැරයනුත්, කාලකන්නි ජෙප්පොත්, කොටිත්, අවු.13 ලමයා පවා මැරූ හමුදා 'රණවිරුවනුත්', පන්සල්වල බනකී ගනයනුත් (සමහර මුස්ලිම් පවුල්වල පූජකයිනුත් මීට අයත්) මොබ් මානසිකත්වය මිනිස්සුන්ට හුරු කිරීම...
ReplyDeleteමේ කාලකන්නි දූපත හදන්න කෑගහල වැඩක් නැති නිසා තමා මම මිහිපිට ස්වර්ගය වැනි ඇමරිකාවට ගිහින් එහේ ලොස් ඇන්ජලීස් වල ඉන්ජිනියරින් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට මම සතුටින් සැපෙන් ජීවත්වෙන්නේ..
මම 2035 විත මගේ රිටයමන්ට් එකට ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා... එවෙනකොටවත් ඔහෙලා ඕක පොඩ්ඩක් හදල තොයන්න බලපන්..
ටිකක් ඉන්නකෝ......
DeleteMax හරි..... 1980 න් පස්සේ තමයි ලංකාව තුළ එතෙක් පැවතුණු නීතියේ ආධිපත්‍යය බරපතල ලෙස සෝදා පාළුවකට පත් වුණේ. ඒ වගේ ම ඔය කියලා තියන කාරණා සියල්ල ම 1980 න් පසුව සිදු වුණා. ඒකට ආණ්ඩු මෙන් ම දෙමළ ත්‍රස්තවාදී සංවිධාන, ජ.වි.පෙ., වර්ගවාදී බෞද්ධාගමික සංවිධාන ආදිය වග කිව යුතුයි.
Deleteදේශපාලන සංවිධාන වලින් කරන්න හදන්නේ මොකක්ද කියලවත් තියෙන සමාජය මොනවගේද කියලවත් තේරුම් ගන්න හරි පවතින තත්වයන් වෙනස් කරන්න උත්සහ කරන්නේවත් නැතුව බොරුවට කෑ ගහන්න එපා.
Delete1980 කලින් ලංකාවේ තිබුන තත්වය හොදයි කියල කවුද කියන්නේ
අපේ අම්මලගේ තාත්තලගේ වයස්වල සමහරුන්ට ළමයි හම්බවෙලා තියෙන්නේ අවුරුදු 13න්
ඔයගොල්ලන්ට දැන් ඇවිල්ල ඔය තරම් අමාරුවක් තියෙනවනම් මේක වෙනස් කරන්න වැඩ කරන්න පුලුවන්නේ.
බොරුවට මේකේ තියෙන අඩුපාඩු පෙන්නල අපි ඉන්නේ ලස්සන රටවල් වල මෙහෙට ආවනම් ඔක්කොගේම ප්‍රශ්න විසදෙනව වගේ කියන්නේ නැතුව.
මේකට පොදුවේ ලංකාවේ මිනිස්සු ඔක්කෝම වග කියන්න ඕන. කාටවත් බැහැ මේක අරයගෙ මෙයාගෙ වරද කියල බෙරෙන්න. අපි ඔක්කෝම එකතුවෙලා මේක අපේම වැරද්දක් කියල තේරුම් ගන්නේ නැත්නම් හෙටත් අපහු මරණ දඩුවම ගැනම කතා කරන්න වෙයි මේ වගේ අපරාධයක් වුනහම.
Deleteගොන්බිජ්ජො 80 ට කලින් මාර සිරා ලංකාවක් තිබ්බ කියල මම කියල් නෑ.. ඒත් ඒ කාලෙ තිබ්බ ප්‍රශ්න හුගක් නූගත්කම, දුප්පත්කම, ග්‍රාම්‍යත්වය එක්ක තිබ්බ ප්‍රශ්න..
Deleteඑදා ඒවා සමාජයෙ ආර්තික දියුනුවත් එක්ක විසදෙනව..
දේශපාලකයො, රාජ්‍ය සේවකයො, සාමාන්‍ය මිනිස්සු නීතියට බයවුනා.. තමන්ගෙ පුතාට රස්සාවක් ගන්න ලියුම දෙන්න බයවුනු ඇමතිල, අගමැතිගෙ හෝ වාචික නියෝග ක්‍රියාත්මක කරන්න බයවුනු රාජ්‍ය සේවකයො එදා හිටිය.
අද වගේ කොලඹ රස්සා කරන, සුද්දො වගේ අදින පලදින ගමන් ආයුද පෙන්නන්න ගිහින් මරපල්ල කියල කොමන්ට් කරන්න 'මහ්ත්තුරු', ඉන්ග්‍රීසි කතාකරන ලොකු කම්පැනි වල වැඩ කරන ගමන් අනෙක් මිනිහ ගැන අසික්කිත ජාතිවාදී විදිහට කතාකරන 'උගත්තු', සිරියාවෙ මැරිච්ච පොඩි එකා ගැන පෝස්ට් ශෙයා කරන ගමන් බාලචන්ද්‍රන් මරපු අයව ආරක්ශා කරන්න ඔනෙ කියන නෝනල, තමන් ගත්ත උපාධිය වෙන එකෙක් පෞද්ගලික විෂ්වවිද්‍යාලයක ගන්නවට අකමැති කුහම 'උගත් ශිෂ්‍යයො' වගේ කාන්ඩ ඔය පහුගිය අවු 30 එලිබැහැපු කාලකන්නි තමා...
මේවගේ කාලක්න්නිත් එක්ක ඉන්නවට වඩා දියුනු ලස්සන අටක ඉන්න එක කොහොනත් හොදයි
බොරුවට චන්ඩි වෙන්න මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ.
Deleteකලකණ්නි වුනත් මොක්කු වුනත් අපිට ජිවත් වෙන්න වෙන්නේ මේ මිනිස්සු එක්කමයි. ඒ නිසා බොරුවට මේ මිනිස්සුන්ට බැනල විතරක් වැඩක් නැහැ. අපි හැමෝම ලියද්දි කියද්දි මොනතරම් ලස්සන වුනත් අපිත් පෞද්ගලිකව වැඩකරන්න යද්දි මේවගේ අන්තයන්ට යන්න ඉඩ තියෙනව.
100%ක් හොද මිනිස්සු හොයල වැඩක් නැහැ. අපි මේ ඉන්න මිනිස්සුන් එක්ක එකතුවෙලා සමාජයේ ආකල්පමය වෙනසක් කරන්න ඕනේ.
ලංකාවේ දෙමළ සමාජය තුල මේ සිද්ධිය ගැන කතාවක් නෑ නේද? මං හිතන්නේ එයාලට මේක දැනෙන්නේ බලු පැට්ටෙක් මැරුණ ගාණට වෙන්න ඇති.
ReplyDeleteඇයි ලියන්නෙ නැත්තෙ “මං හිතන්නෙ එයාල මේ ගැන සතුටු වෙනව ඇති“ කියල?
Delete//දූෂකයා සිටින්නේ ඔවුන් අතර ය//
ReplyDeleteනෑ, දූෂකයා සිටින්නේ ඔවුන් අතර නොව ඔවුන් තුළය.
දරුවන්ගේ රැකවරණයට යැයි කියමින් අනවශ්‍යලෙස නීති පැනවීමත් වැරදියි.
ReplyDeleteඋදාහරණයක් ලෙස චන්ද්‍රිකා සමයේදී විදේශ රැකියාවලට යන ස්ත්‍රීන්ට නීතියක් දැම්මා වසර 5ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ ගතවීම තහනම් කරමින්. මෙය බැලූ බැල්මට යහපත් වගේ පෙනුනත් මේ නිසා ගෑනු කීදෙනෙක් ගබ්සා කරගෙනද කී දෙනෙක් විවාහය හෝ දරුවන් ලැබීම ප්‍රමාද කරලද දන්නෛ් නෑ. පිටකොටුවේ මල්ලකින් හමුවූ ගැහැණියත් තම දරුවා රෝහලේ දමා ආවේ මෙම නීතිය නිසයි.
ස්කැන්ඩිනේවියන් රටවල් වල ජනගහන වර්ධනය අඩුවීමටත් එම රටවල මුස්ලිම් වරුන්ගේ ප්‍රමාණය වැඩිවීමටත් මෙම අනවශ්‍ය නීති හේතුවක්.
තේරෙන බාසාවෙන් කිව්වොත් ඒකීය පුද්ගලයාට හොඳනෑ
Deleteඅනේ හුකේ... දියුනු ලෝකෙම ජනගහනය අඩුකාගන්න කතා කරනව.. මූ කියනව පුලුවන්තරම් ලමයි හදන්නලු... එහෙනම් මෙහෙමත් කරමු... කාන්තාවක් විවාහ විය හැකි වයස 15 විතර කරමු...
Deleteදරුවා රැකගන්න කියා අනවශ්‍ය පරිදි නීති දැමීමෙන් වන්නේ දරුවා කරදරයක් වීමයි.
Deleteඔහොම දෙයක් වුනා මොනාකෝ රටට එහි ඉස්සර දික්කසාදය තහනම් නිසා අවිවාහකව ලිංගික ක්‍රියා කරන පිරිස වැඩිවුනා.
කෙනෙකුට ලමා අපචාර,ස්ත්‍රී දූශණ චෝදනා කිසි ඉවක් බවක් නැතුව කරන එක මහ ජරා වැඩක්,,අනිත් එක ඒක ඒ මනුස්සයට කරන්න පුලුවන් දරුනුම අපරාධයක්.
ReplyDeleteමීට වඩා හොදයි ඒමනුස්සය මරල දැම්මනම් කියල එයාට හිතෙනව ඇති..පවුලෙ අයට,නෑදැයන්ට,ගමට,පාසැලට,රටට මූන දෙන්නෙ කොහොමද ඉන් පස්සෙ..රැකියාවක් හොයා ගන්නෙ කොහොමද?
මේ රටේ මාධ්ය ඕනාවට වැඩියි.ඒ ගොල්ලො වැඩකරන්නෙ රට අයිති එයාලට,,රටේ දේවල් වෙන්න ඕන අයාල කැමති විදිහට රටේ ජනාදිපති පාලක පක්ශය වෙන්න ඕන එයාල කැමති අය කියල.
මේ මාධ්ය වැඩකරන්නෙ හරියට දැලිපිහිය අහූන වදුරා වගේ..තම්න් තරම් දන්න බුද්ධිමත් වෙන කිසිකෙනෙක් නෑ කියල කයිවාරු ගහන්නෙ,,එහෙම පන්ඩිතකම් කිය කිය පැත්තක ඉන්න මිනිස්සු දූශකයො කිය කිය නිව්ස්,බ්‍රේකින් නිව්ස් දදා හිට් කරගන්නව නාලිකා..මේගොල්ලො කෙනෙක් වල්කමක් කලත්,හොරකමක් කලත්,දූශනයක් කලත්,,ඒක වාර්ථාකිරිම නෙවෙ කරන්නෙ විකුනන් කෑම,,මරනයක් උනත් විකුනන් කනව..
ගණිකාවක්නම් විකුනන්කන්නෙ තමන්ගෙ ඇග නමුත් මාධ්ය විකුනන් කන්නෙ අනුන්ගෙ ඇගවල්,,එහෙම බලනකොට අපේ මාධ්ය කියන්නෙ "වෙසගනන්ගෙත් වෙසගනන්" වගේ කට්ටියක්
අර බොරු චෝදනා ලැබූ කොල්ල වෙනුවෙන් කව්ද දැන් කත කරන්නෙ...එයාට චෝදනාව කෙලින්ම මාධ්ය එල්ල කලේ ලැප් එකෙ වැලතිබ්බ කියල ඒ තියෙන නිසා දූශකයෙක්මයි කියල..කොහොමද මාධ්යවල ටිකිටි මොලේ
හරිනම් සියලුම මාධ්ය ඔහුගෙන් හා මුලු සමාජයෙන්ම ප්‍රසිද්දියෙ සමාව ගත යුති...විශාල වන්දියක් ගෙවිය යුතුයි
මේ මාධ්ය වලින් ඒ කොල්ලට විතරක් නෙවේ ඔබටත් වරදක් වෙන්න පුලුවන් මෙහෙම යන්න දුන්නොත්
මේ මාධ්ය වලින් හිට් කරන්නෙම කුඩු විකුනන නිලියන්,ගණිකා මඩම් කරන නිලියන් නලුවන්,,නාකි ඉන්දියන්කාරයො රවට්ටල සල්ලි ගන්න මොඩෙල්ස් ල..සෙක්ස් කස්ටමර්ස් බෙදාගන්න බැරුව පාලම් යට රෙදි ඉරාගෙන ගහගන්න වෙසගනන්..මේ නාලිකා වලට එවුන් ගෙනල්ල අපේ කෙල්ලන්ට දෙන පනිවිඩය
"නංගි,එක කොල්ලෙක් එක හස්බන්ඩ් කෙනෙක් ඉදල වැඩක් නෑ,ආතල් එකෙ ඉන්න මොන මොනාහරි කරන්න,,අමතර ගානක් එන ඩීල් එකක් දෙකක් කරගන්න..පච්ච ටිකක් කොටා ගන්න,,එහෙන් මෙහෙන් විදල යකඩ කෑලි ටිකක් කනේ කරේ තොලේ එල්ල ගන්න,,එතකොට සල්ලි ගලනව,,සල්ලි තියෙන කොල්ලො සෙට් කරන් අපිව් වගේ පාටි යන්න,,විස්කි බොන්න,,සිගරට් ගහන්න..ලයිෆ් එක එන්ජෝයි කරන්න අපිවගේ..නිකන් ඉන්න එපා යාලුවො එක එකතුවෙලා බිස්නස් කරයෙක් ජොයින් කරගෙන නුරව එලි ට්‍රිප් එකක් දාගන්න ,මිනිහට පොඩි ෆන් එකක් දුන්නම ඇති ලක්ශ2ක් 3ක් ඔයාලගෙ අතට එනව..පුලුවන්නම් රූපවාහිනි එකක මූන පොඩ්ඩක් දාගන්න චාන්ස් එකක් ගන්න,ඔයාලව දැකල සල්ලිකාරයො ලොකු ලොකු ඔෆර්ස් දෙයි..කොහොමහරි රියලිටි එකකට සෙට් වෙන්න ඒකෙ සිකුරුටිට හරි පොඩි ආතල් එකක් දීලහරි ප්‍රයිවට් එකේ"
මෙන්න මෙහෙම පනිවිඩ,ටෙලිනාට්ටි ,රියලිටි හා වෙනත් ප්‍රොගෑම් ඔස්සේ ඔබේ ගෙදර ඉන්න නංගිට,බිරිදට,දුවට දෙන මාධ්ය තමයි අර අවුරුදු 17ක කොල්ලගෙ ලැප් එකේ වැලතියෙනව කියල ඌ දුශකයමයි කියල බ්‍රේකින් නිව්ස් දුන්නෙ..sarath Sri Atigala