සවුදි අරාබිය මානව හිමිකම් කොමිෂමේ සභාපතිත්වයට පත් වුවහොත්............

රායිෆ් බදාවි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ වත්මන් සභාපතිත්වය හිමි ජර්මනියටයි. මේවසරේදී ජර්මනියේ වාරය අවසන් වන අතර අලුත් ම වාර්තා පවසන්නේ සවුදි අරාබිය දැන් එම තනතුරට ඇස ගසාගෙන ඇති බවයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සාමාජික රටවල් සංඛ්‍යාව 47කි. එම රටවල් තෝරා ගනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහ සභාවේ ඡන්දයෙන් ගූගෝලීය කලාප අනුවයි. සවුදි අරාබියේ සාමාජිකත්වය ද 2016දී අවසන් වීමට නියමිත ය. මානව හිමිකම් කොමිෂමේ සභාපති ධුරය පත් කර ගන්නා ඡන්දය 2015 දෙසැම්බරයේදී පැවැත්වීමට නියමිත ය. 

සවුදි අරාබියේ මෙම බලාපොරොත්තුව පිළිබඳ පුවත පළ වන්නට දින කීපයකට පෙර අලුතෙන් ඝාතකයන් අටදෙනෙකු බඳවා ගැනීමට එරට රජය දැන්වීම් පළ කළේ ය. 

මේ අවුරුද්දේ මේ වන විට සවුදි රජය විසින් මරණීය දණ්ඩනය පනවා තිබෙන මිනිසුන් සංඛ්‍යාව 85කි. ගිය අවුරුද්දේ 87දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලදී. 

මෙසේ මරා දමන මිනිසුන් අතරින් වැඩි දෙනෙක් ධනවත් නො වන අයයි. 

එක්සත් ජනපදය මිනිසුන් ප්‍රසිද්ධියේ ගෙල සිඳ මරන, කාන්තාවන්, ක්‍රිස්තියානින්, සමලිංගිකයන් හා එරට පවතින ක්‍රමය විවේචනය කරන රායිෆ් බදාවි වැනි බ්ලොග්කරුවන් පවා මර්දනය කරන සවුදි අරාබියේ මෙම උවමනාවට එරෙහිව සටන් කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. බදාවිට වසර 10 සිර දඬුවමක් හා කස පහර 1000ක් නියම වූයේ රජය විවේචනය කිරීම නිසා ය.

මෙම හේතු මත එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනටත් සවුදි අරාබිය සුවිශේෂ අවධානය යොමු විය යුතු රටක් ලෙස සලකයි. 

පසුගිය ජනවාරියේදී සවුදි අරාබිය ඉස්ලාමයේ ශුද්ධ නගරය වන මක්කමේදී කාන්තාවකගේ හිස ගසා දැම්මේ ය. 

සවුදිය දැන් දෙවියන් අදහන්නේ නැති මිනිසුන් ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමට නව නීති හඳුන්වා දෙන්නට යන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. 

ඒකාධිපති රාජ පාලනයට එරෙහිව ජනතාව නැගී සිටීම මර්දනය කිරීම සවුදි පාලකයන්ගේ නව නීතිවල අරමුණයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මං හිතුවෙ මේ ජෝක් එකක් කියල. බලපුවම සිරාවට.
    සවුදිඅරාබිය කියන්නෙ මේ ලෝකෙ තියන ම්ලේච්ඡම රට. කාන්තාවන් ,සමලිංගිකයන් පමනක් නොවේ නිදහසේ සිතන ඕනම කෙනෙකුට සවුදිය අපායක්.
    සවුදිය කියන ගූගොඩ පැත්තකට වෙලා තමන් ඉන්න ඉසව්වෙ විතරක් ගද ගස්සගෙන හිටියම මදෑ. ජෝකර් කෙනෙක් වෙන්නෙ නැතිව.

    අවුරුද්දකට අසූ ගනනක් මරනව කියන්නෙ මරන දඩුවමෙන් අපරාධ අඩුවෙන්නෙ නෑ කියන එක. එහෙම වෙනවනම් එකෙක් මැරුවට පස්සෙ අපරාධ අඩුවෙනවනෙ. හැම අවුරුද්දකම අසූවක් අනූවක් මරන්න වෙන්නෙ අපරාධ වලට මරන දඩුවමෙන් බලපෑමක් නැති නිසානෙ.

    මේ අවුරුද්දෙ 85 ක් මරුව කියන්නෙ මුල් එකා මැරුවට ඉතුරු 84 ම අපරාධ කරන්න බයවෙලා නෑ.

    ReplyDelete
  2. ලංකාව වගේම රටක් නේ...

    ReplyDelete
  3. මෙවැනි රටක් එක හඬින් ප්‍රතික්‍ෂේප කලයුතුයි. මතවාදීව පරාජය කලයුතුයි.

    ReplyDelete
  4. ලෝකයේ මානව වර්ගයාගේ පැවැත්මට අවශ්‍ය වටිනා සම්පතක් ලෝකයේ කරුමෙටම මුන්ගේ භූමියට යටින් පිහිටලා තියෙනවා... නැතිනම් මේ ගෝත්‍රයත් ඉන්දියාවේ හින්දූන් වගේම 'රිෆෝම්' වෙලා හුගක් කල්..
    මම හිතන්නේ තව අවු. 40-50 යද්දී තෙල් සංචිත අඩුවෙනකොට, බටහිර ලෝකය හරිත බලශක්තීන් කරා යොමු වෙනකොට, අන්තර්ජාලය ආදිය හරහා නව මතවාද රතට එනකොට මුන්ටත් හැදෙන්න වෙයි..

    ReplyDelete
  5. රායිෆ් බදාවි ට කසපහර 1000ක් නියම කලේ රජය විවේචනය නිසා නොවේ. ඉස්ලාම් ආගම විවේචනය කල නිසා. (මම දන්න විදිහට)

    ReplyDelete
    Replies
    1. සවුදියේ රජය විවේචනය කරන්න නිදහස තියනවා කියන එක , මේකෙන් අදහස් කරන්නෙ නෑ නේද? :)

      Delete
  6. මම කාලයක් ඩුබායි වල වැඩකලා. අරාබි රටවල් අතර , ඩුබායි ක්ෂේම භූමියක් වගේලු. මං කියන්නං ඩුබායි ගැන ටිකක්, හිතාගන්නකො සව්දි කොහොමට තියේද කියලා?

    අරාබියො කියන්නෙ, තාම ගල් යුගේ ජීවත්වෙන වනචාරියො ජාතියක්. ෂේක්ල කියයි, රජාල කියයි, සුල්තාන්ල කියලා,හැම තැනම, ඒකාධිපති පාලන. ආගමට මුවා වෙලා ගේම ගෙනියනවා. මහ එව්වො කරන්න තියන ඔක්කොම පව් කරනවා.

    අර හාට් ඇටෑක් හැදිච්ච ඩුබායි ප්‍රින්ස් ගැන කියන්නෙ මහා දානපතිය , සමාජසේවකය කියලනෙ. ටිකක් හොයල බැලුවොත් තේරෙයි, ඒකා මිනී මරුවෙක්, තමන්ගෙ සේවකයෙක්ව මැරුව. තව ඩ්‍රග්ස් & සෙක්ස්. අප්පත් ඒ වගේම තමා.

    ජාතිවාදය, ඩිස්ක්‍රිමිනේෂන් කියන එක කෙරෙන්නෙ රාජ්‍ය අනුග්‍රහය ඇතුව. මං හිටිය ශේක්ට අයිති ආයතනයෙ, එකම ‍රැකියාව කලත්, ජාතිය අනුව වර්ග කරලා පඩි ගෙව්වෙ තුන් විදිහකට,අරාබි/ බටහිර ජාතීන්/ ආසියාතික කියල.

    මුල් දවස්වල ගොඩනැගිලි ඉඳිකිරීම් සේවකයො ගෙනිච්චෙ, කන්ටේනර් මොඩිෆයි කරල හදාගත්ත කුකුල් කූඩු වගෙ එව්ව වල. එව්වයෙ හරියට හුලං එන ජනේලවත් නෑ. පස්සෙ බටහිර පත්තරවල වාර්ත යනකොට , ඉමේජ් එක ගැන් හිතල උන්ව ගෙනියන්න බස් දැම්මත්, සැලකිල්ලෙවැඩි වෙනසක් වුනේ නෑ. උන්ට නගරෙ ඉන්න දෙන්නෙ නෑ. කාන්තාරෙ වෙනම තැනක් හදලා, සත්තු වගෙ ගාල් කරල තියනවා. ඔය ඉතිං හොඳයි කියන ඩුබායි.

    එලිපිට, රාජ්‍ය අනුග්‍රය ඇතුව, මානව හිමිකම් උල්ලංගණය සමාජ සම්මතයක් හැටියට පිලිගන්න මේ ඔ‍ටුවොන්ට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ වත්මන් සභාපතිත්වය දෙනව කියන්නෙ ඒකටතබ සරණයි කියන එකයි

    ReplyDelete
  7. වසර කිහිපයක් සවුදියේ සේවයකළ මට එහි සිදුවන දේ ගැන blog එකක් ලියන්නට වෙනම එකක් ලියන්නට තරම් කරුණු ඇත. මානව හිමිකම් යන වචනය හෝ තේරුම් නොගත්, සිය තෙල් සල්ලි බලයෙන් ලොව බලවත් රටවල් සිය අනසකට යටත්කරගෙන සිටින මේ මුර්ග රාජ්‍යය මානව හිමිකම් කවුන්සිලයේ සිටීම පවා පිළිකුලකි.

    ReplyDelete
  8. පැරා, නරිමොටා මෙන්ම අනෙකුත් බොහෝ දෙනා පවසන ලෙසට මේ රටවල් වල සිටින්නේ ඇඳුම් අඳින නිසා පමණක් මිනිසුන් ලෙස පෙනෙන, තිරිසන් සතුන් ය.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මානව හිමිකම් කොමිෂමේදී අපේ හිටපු මහින්ද රාජපක්ෂට පක්ෂව හිටපු සෞදියට පලු යන්ඩම බැනලා. මහින්ද දිගටම හිටිය නම් ලංකාවත් අනෙකුත් ජාතින් නොසලකන තවත් සෞදියක් වෙලා.

    රාජකීය පවුලේ නම රටේ නම වශයෙන් බාවිතා කරන ලෝකයේ එකම රට සෞදිය. ww1 වලින් පස්සේ බ්‍රිතාන්‍ය විසින් නිර්මාණය කරපු මේ රට නම් කලේ ඔටමන් ඉස්ලාමීය රාජ්‍ය පෙරලා දැමීමට බ්‍රිතාන්‍යට සහයෝගය දක්වපු අබ්දුල්අසීස් අල්-සෞද් ගේ නම. අද වෙනකං මේ රට පාලනය කරන්නේ සෞද් පවුල. ලංකාවේ මානව හිමිකම් ගැන කතාකරන ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සෞදිය ගැන නිහඩ ප්‍රතිපත්තියක් අනුමගමනය කරනවා පමණක් නොව තෙල් තිබෙන නිසා පුර්ණ සහයෝගයකුත් දක්වනවා. යුරෝපය සහ ඇමරිකාවේ සහයෝගයෙන් මානව හිමිකම් කොමිෂමේ සභාපතිත්වයට සෞදිය පත්වුනත් පුදුමයට පත්විය යුතු කරුණක් වෙන්නේ නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා