මරණ දඬුවම හා ලක්ශාන්ත නම් කවියා


කවියකු වන ලක්ශාන්ත
අතුකෝරල කියයි මෙලෙස

ඝාතකයකු සිර ගෙයි දා
බදු මුදලින් ඇයි නඩත්තු?
ඝාතනයට ලක් වූ ඒ
පුද්ගලයගෙ පවුලෙ අයත්
නොගෙවන්නෙද ඒකට බදු?
සාධාරණ සැකක් නැතිව
මිනිමරුවන් දැන ගත් විට
මරණ දණ්ඩනය දිය යුතු

මරුවකු වූ නිසා එකෙක්
අපි එක් වී මරමු ඌව
එහෙම කළොත් අපි කවුරු ද?
අපි කවියො ද ලක්ශාන්ත?

මරුවා හරි කෘෘර නිසා
සැලසුම් කර මැරුව නිසා
අපිත් මරමු ඒ මරුවා
සැලසුම් කර කෘෘර ලෙසට

එහෙම කළොත් අපි කවුරු ද?
අපි කවියො ද ලක්ශාන්ත?

වින්දිතයා වින්ද දුකට
කඳුළු උනයි අපේ නෙතට
ඒ හින්දා අපි එක් වී
වින්දිතයෙක් කරමු ඌව

එල්ලුම් ගස නැවත වවමු
කවි ලිවීම පසෙක තබමු
ලක්ශාන්ත එන්න යන්න
හෙට මරණෙට වැලි කිරන්න

හුස්ම ගන්න බැරි වන තුරු
උගුරු දණ්ඩ මිරිකන්නට
කවි ලියනා පෑන තබා
කඹේ ගන්න ලක්ශාන්ත

බරට බරක් වැලි එල්ලා
පාපුවරුව ගස්සාලා
කඩමු උගේ උගුරු දණ්ඩ
හෙට වෙනුවෙන් ලක්ශාන්ත

එහෙම කළොත් අපි කවුරු ද?
අපි කවියො ද ලක්ශාන්ත?

අජිත් පැරකුම් ජයසිංහ
2015 -09- 14

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එල්ලා මැරීම නම් අමානුශික තමා... නමුත් දරුනු වැරදිවලට සිරගතවූවන් හිරගෙදර නම් අපායේ අවුරුදු ගනන් තියාගැනීමෙන් ඌටත්, ඒ වෙනුවෙන් බදු ගෙවන්නට කීමෙන් සමාජයටත් දෙකටම අපරාදයක් වෙන බවයි මගේ හැගීම...
    විෂ එන්නතක් හෝ හිසට වෙඩි තැබීම වගේ වේදනා අවම ක්‍රමයකින් (හිසට ඉලක්ක කර තබන වෙඩිල්ලකින් මොලයේ ස්නායු විනාෂ වෙන නිසා වේදනාව දැනෙන්නට පෙර මියයනබව මම අසා තිබෙනවා) ක්ශනික මරනයකට පත් කිරීම වඩා සුදුසුයි...

    ReplyDelete
  2. 'විෂ එන්නතක්' යන්න නිර්වින්ධන ඖෂධ අධි මාත්‍රාවක් ලෙස නිවැරදි විය යුතුයි... මෙයින් මරනයට පත්වන්නාට සැත්කමකදී සිහිනැතිවීමකට සමාන අත්දැකීමකට වඩා වැඩි දෙයක් දැනෙන්නේ නැත...

    ReplyDelete
  3. මිනීමැරීමට පිළියම මිනීමැරීම නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නයි ඉල්ලන්නෝ ම්ලේච්ඡයෝ ය.
    Death penalty is the barbarian's solution to prevent murders.

    ReplyDelete
  4. සාමාන්‍යයෙන් මරණ දඩුවම නියම වෙන්නේ අඩු වශයෙන් එක් මිනිසෙකු හෝ මරා දැමීමේ සාපරාධී ක්‍රියාවටය. මිනිසෙකු තවත් මිනිසෙකු මරා දැමීම වරදක් නම්, ඒ වරදට දඬුවම ලෙස වරද කළ අය මරා දැමීම ද නිවැරදි නොවේ. කවර නෛතික පදනමක් තිබුණද, එයද මිනීමැරුමක් ම වේ.
    http://rasikalogy.blogspot.com/2015/04/stop-killing-humans-in-name-of-law.html

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. //කවර නෛතික පදනමක් තිබුණද, එයද මිනීමැරුමක් ම වේ.// well said

      Delete
  5. ජීවිතාන්තය් දක්වා හිරගෙදරක තැබීම මරන දඩුවම දීමට වඩා මිලේජ්‍යයි...
    reform කලහැකි අයව එසේ කර වසර 20 -25 පමන උපරිමයකින් සමාජය්ට මුදාහල යුතුයි නමුත් නැවත සමාජයට හානියක් කල හැකියි කියා රිස්ක් එකක් ඇත්තෙක් (උදා ඉස්ලාම් අන්තවාදීන් වැනි අය කොතරම් කලක් ගියත් ඒ මත දරන්වා, මොකද ඔවුන් මිනීමරන්නේ මරනින් මතු ලැබෙනවායි කියන වාසියක් තකා) ඔහුටත් වදයක් වන ලෙසට දීර්ඝ කාලීනව (අවුරුදු 25-30) හිර කරගෙන සිටිනවාට වඩා වේදනා අවම ක්‍රමයකින් මරා දැමීම හොදයි

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. දඬුවමකින් බලාපොරොත්තු වන්නේ යමකු හරි මාර්ගයට ගැනීමයි. එමනිසා මරණ 'දඬුවම' දඬුවමක් නෙමෙයි.දරුණු අපරාධ කාරයෙකු සමාජයෙන් ඉවත් කිරීමෙන් සමාජයට ඉදිරියට හානියක් වීමට ඇති ඉඩ ඇහිරීම තමයි මරණ දඬුවමින් බලාපොරොත්තු වන්නේ. එම පුද්ගලයා සමාජයෙන් ඈත්කර තැබීමෙන් සමාජයට යහපතක් වේ නම් එම වියදම සමාජය දැරිය යුතුයි. කෙසේවෙතත් වරද කුමක් වුවත් කෙනෙකුගේ පණ නැති කිරීමට නීතියේ ඉඩ තිබුණත් සදාචාරාත්මකව ඉඩක් නැහැ

    ReplyDelete
    Replies
    1. Koheda machan oya nithiyay sadaacharayay lankawe thiyenne? Awulakata nemei reply kale. Tikak hithapanko? Api ubala kochchara mewata kegehuwath wedak ne lokka..

      Delete
  8. කෙනෙක් මිනි මැරුව කියල ඒ මිනිහව මරන්න අපිට තියන අයිතිය මොකක්ද?

    ReplyDelete
  9. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා එක්තරා හිමි නමකුත් ජනාධිපති තුමාගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබුණා.
    අපට අසන්නට තිබෙන්නේ ඇත්තටම මේ හාමුදුරුවරු බුද්ධාගමේද කියලයි.

    ReplyDelete
  10. එහෙම උනොත් අපි කවුරුද?
    අපි කවියොද ලක්ශාන්ත?👍

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා