කොස්ලන්දට අවශ්‍ය රේඩියෝ හා රූපවාහිනීකාරයන්ගේ සම්මාදම් ද?
සිරස ඡායාරූපයකි ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන් නැවතත් තරගෙට මෙන් ආධාර එකතු කරන්නට පටන් ගෙන තිබේ. හරියට සුනාමියෙන් පසුව වගේ ය. එක්තරා රූපවාහිනී නාලිකාවක් නාය යාමට පසුදා සිය ප්‍රවෘත්ති විකාශයේ සෑහෙන කාලයක් ගනිමින් මහත් අභිමානයෙන් උදම් ඇනුවේ සියල්ලට පළමුවෙන් මේ ගැන වාර්තා කළේ තමන් ය කියා ය. ඔවුන්ට ඒ ගැන මාර ජොලි ය. විපතට පත් වූවන්ට ආධාර උපකාර කිරීම හොඳ දෙයකි. එහෙත්, මේ තරම් සද්දෙ දමාගෙන දඟලන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ඔය මීඩියා සම්මාදම් යනු ජනතාවගෙන් මුදල් හා වෙනත් දේ එකතු කරන, එහෙත් ජනතාව ඉදිරියේ විගණනය නො වන සේවාවකි. නාය යාම් හේතුවෙන් දැනට අවතැන් වී සිටින ජන සංඛ්‍යාව දහසකට අඩු ය. මිය ගිය සංඛ්‍යාව 200ක් පමණ වේ යයි විශ්වාස කෙරේ. මේ දහසට කන්නට දෙන්නට රේඩියෝ රූපවාහිනී පතුරු ගහමින් මුළු රටෙන් ම සම්මාදම් කරන්නට අවශ්‍ය ද? මේ පිරිස බලා කියා ගන්නට රජයට බැරි ද? බෑ කියන්නට බැරි ය. රජය එය කළ යුතු ය. එය අවිධිමත් සම්මාදම්කාරයන්ට භාර නො දිය යුතු ය. අවතැන් වී සිටින මිනිස්සු තවමත් ඉන්නේ දරුණු කම්පනයක ය. ඔවුන්ට මේ මොහොතේ කන්නට, අඳින්නට වඩා අවශ්‍ය සිය ප්‍රියයන්ගේ ඉරණ...