හාමුදුරුවොත් කරෙන් බිමට - ජය වේවා රජුනි ඔබට
( 2010 එක්තෝබර් 01, W3Lanka ) හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙවර පිළිබදව සලකා ඔහු නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා පැය විසි හතරක් ගත වන්නත් මත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවන යුද අධිකරණය විසින් හමුදාපති සරත් ෆොන්සේකාට නියම කරන ලද වසර දෙකහමාරක සිර දඬුවම අනුමත කළේ ය. සරත් ෆොන්සේකාට දුන් දඬුවම අප අනුමත නො කරනමුත් අති උත්තම මහ නායක හිමිවරුන්ට දැක්වූ ප්‍රතිචාරය නම් පංකාදු ය: මල් හත ය. ලංකාවේ බොහෝ පාලකයන් විසින් සිහින මවන ලද, ජනතාව විසින් ද තිබුණා නම් මරේ මරු යයි සිතනු ලබන නියම ඒකාධිපතිත්වයක් සඳහා පළමු කොන්දේසිය වන්නේ ලංකාවේ ඊනියා භික්ෂු බලය නො තකා හැරීමයි. මීට පෙර සිටි නායකයන්ට මේ ටික විධිමත් ලෙස කරන්නට බැරි විය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිති වරක් මහ නායක හිමිවරුන්ට කීවේ දේශපාලනයට ඇඟිලි නො ගසා පන්සල්වලට වී පඩික්කම් පුරවමින් පාඩුවේ ඉන්නා ලෙසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන් පණිවුඩයේ එවැනි කැත වචන නැත. එහෙත් නියම නිලයට ම වදියි. ඇත්තම කීවොත්, ලංකාවේ භික්ෂු බලවේගයක් නැත. ...