Posts

Showing posts from December, 2016

තිහේ ලොතරැයිය ඇදෙයි ද?

Image
ජනවාරි 1 සිට ලොතරැයි මිළ රු. 30 වන බව කියනු ලැබේ.

ලොතරැයි මිළ වැඩි නම් ඒවා මිළ දී නො ගෙන සිටිය හැකි ය. එහෙත් ප්‍රශ්නයක් තිබේ. ඒ ලොතරැයි විකිණීමෙන් ජීවත් වන 250,000ක් පමණ වන බව කියන පිරිසගේ ජීවනෝපාය අහිමි වනු ඇති බවට නැගෙන තර්කයයි.

ලොතරැයි අලෙවිය තරමක් අඩු වී නැවත ස්ථායී වනු ඇත. ලොතරැයි වෙළෙන්දන්ට සාධාරණ කොමිස් මුදලක් ගෙවිය යුතු ය. එහෙත්, මිළ වැඩි කිරීමත් සමග ම කොමිස් ප්‍රතිශතය අවම කර ඇති බවක් කියැවේ.

ලොතරැයි වෙළඳුන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ආබාධිතයෝ සිටිති. මෙතැනින් පිවිස ආබාධිත ලොතරැයි වෙළෙන්දකු සමග මා කළ කතා බහක් කියැවිය හැකි ය.

කෙසේ වෙතත්, ලොතරැයි යනු ඇත්තෙන් ම අධෛර්යය කළ යුතු දෙයකි. රජය ලොතරැයි පටන් ගත්තේ ආදායම් උපදවා ගැනීමේ මාර්ගයක් ලෙසයි. රජය ඉලක්ක කළ යුත්තේ කෙළින් ම ආදායම් බදු අය කර ගැනීම මිස මෙවැනි මහජනයා රවටන ජිමික් නො වේ. 

අනෙක් පැත්තෙන් රජය ලොතරැයි මගින් කරන්නට උත්සාහ කරන්නේ පහළ පන්තික ජනතාව තුළ වාසනාව පිළිබඳ මිථ්‍යාවක් නිර්මානය කිරීමයි. දිනෙක ජය නියත යන යෙදුම කාලකන්නිකම මැද ආර්ථික සමෘද්ධියේ ජීවන බලාපොරොත්තුවක් පිළිබඳ මිථ්‍යාව අලෙවි කරන කදිම වචන කට්ටලයකි. 

ලොතරැයි මිළ දී ගන…

වික්‍රම සිංහයා හා ගල්ලෙන ලොක් කර ගත් සිංහබාහුලා හමුවේ ඵලදායී වැඩ කරන ජනතාව

Image
රනිල්ගේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන ලියමින් මාතලන් පැවසූයේ චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී ය කියා ය.

ඇත්තට ම රනිල්ගේ චේතනා පරිශුද්ධ ද? රනිල් බැඳුම්කර ගේම ගැහුවේ තනිකර ම තමන්ගේ පක්ෂයට ඡන්දය කරන්නට සල්ලි නැති නිසා ද? රනිල් කීයක්වත් ගත්තේ ම නැද්ද?

ඒ වගේ ම රනිල් සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් විශේෂ සංවර්ධකයන් පිරිසකට නීති මුක්තිය සහිත බලතල පවරා දෙන්නට ගියේ රට සංවර්ධනය කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් ද? නැතිනම් වෙන මොකක් හරි එකක් නිසා ද?

සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන සුමිත් චාමින්ද ඉතා ගැඹුරු භාෂාවකින් විශ්ලේෂණයක් ලියා ඇත. එහි සඳහන් නො වන තහනම් වචන දෙකක් ඇත. ඒ වනාහි මධ්‍යම පංතිය හා රාජ්‍ය සේවයයි. ඇත්ත ම කියනවා නම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත විශ්ලේෂණය කරන්නට අත්‍යවශ්‍ය වචන දෙක ඒවා ය. මෙවැනි විශ්ලේෂණ ප්‍රබන්ධ වන්නේ එහෙයිනි. ප්‍රබන්ධ බොරු නො වේ. එහෙත්, ඒවා අමු යථාර්ථය නො ව, යථාර්ථයේ අර්ථකථනයි.

රනිල්ගේ උත්සාහයේ ඇති සරළ යථාර්ථය මෙයයි. රනිල් වනාහි ජාතියේ පියාගේ පියා වන සිංහයා වැනි පොරකි. ධනවාදය ගැන නිබන්ධන ලියන මාක්ස්වාදී මධ්‍යම පංතිකයන් ද ඇතුළත් වන තමන්ගේ පංතියට කන්නට දෙන්නට වික්‍රම සිංහය…

ජිජැක් ද? ශීශෙක් ද? සිසැක් ද?

Image
මුලින් ම කියන්න ඕනැ මා කිසිම දාර්ශනිකයකු සම්බන්ධයෙන් දේශීය නියෝජිතයකු නො වන බව. මේක ලියන්නේ අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න අය එක්ක අත්දැකීමක් බෙදා ගන්නටයි. එහෙම නැතිව කිසිම දාර්ශනිකයකු හෝ ශාස්තෘවරයකු ගැන විස්තරයක් මෙහි නැත.

ලෝකෙ තියෙන ශබ්ද ඔක්කොම සිංහල භාෂාවෙ නැහැ. සරළව ම කිව්වොත් ඉංග්‍රීසි o, t, v, w, z වැනි ශබ්ද සිංහලේ නැහැ.

ඒ වගේ ම තමයි දෙමළ භාෂාවෙ තිබෙන ලයනු රයනු වැනි සමහර ශබ්දත් සිංහලේ නැහැ.

සිංහල භාෂාවෙ තියෙන ශබ්ද ඔක්කොටමවත් වර්ණ හෙවත් අකුරු නැහැ. උදාහරණයක් ලෙස ගස කියන වචනෙ ගන්න.

ග්+අ+ස්+අ

ඔය අයනු දෙකෙන්ම උච්චාරණය කරන්නේ එක ම ශබ්දයක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් අයන්න කියන්නේ ඔය මුල් අයන්නේ ශබ්දයටයි. දෙවෙනි අයන්නෙන් එන ශබ්දයට අකුරක් නැහැ.

එහෙව් එකේ, අපි නො දන්න භාෂාවල වචන ශබ්ද කරන හැටි අපි කොහොමද දන්නෙ?

අද කාලෙ ඒ දේ එතරම් ම අමාරු නැහැ.

දැන් මේ මතභේදයට තුඩු දීලා තියෙන වචනය ගන්නකෝ. Slavoj Žižek

අපි කොහොමද මේ වචනය උච්චාරණය කරන හැටි හොයා ගන්නෙ?

මේකට මුලින් ම මේ වචනය අයත් වෙන භාෂාව සොයා ගන්න ඕනැ. ඒක ටිකක් මොළේ පාවිච්චි කරලා කරන්න ඕනැ වැඩක්.

මේ Slavoj Žižek ස්ලෝවීනියානුවකු බව අන්තර්ජාලයෙන් සොයා ගන…

ගිනි ගහන හීතල

Image
මේ සටහන තබන්නෙ නත්තල් දවසෙ උදේ පාන්දර. මං හිතන්නෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ටත් අඩු ඇති. නොදකින් හීතල. අපට ඕව පුරුදු යැ. ඔය ඇලස්කාව පැත්තෙ කොහොම ඇද්ද?

උදේ පාන්දර මෝටර් සයිකලෙන් ගමනක් යන්න වුණා. මං ඉතින් යටට බොටම් එකයි, උඩට කලිසමයි, ටී ෂර්ට් එකයි, ජැකට් එකයි, රේන් කෝට් එකයි ඇඳගෙන බෙල්ලටත් රෙද්දක් බැඳගෙන, සපත්තු දෙකකුත් දාගෙන ගියා. ඒත් ඉතින් අත් මේස් නැහැ නේ.

සිගරැට් එකක් ගන්න ටවුමෙ මං කැමති හෝටලේකට ගොඩ වුණු ගමන් උණු උණුවෙ පොඩියට කපපු මස් කෑලි එක්ක හරක් මස් පීරිසියකුයි, කිරි හොදියි, ලුණු මිරිසුයි එක්ක රෝස් පාන් දෙකක් කැවුණා. (කෙළ ටික ගිලින ගමන් මට පාචනේ නො හැදේවා කියා ප්‍රාර්ථනා කරපල්ලා)

ඔය කැවුණා කියන එක කියනකොට අපේ නෙවිල් උදිත වීරසිංහව මතක් වෙනවා. ඒ දවස්වල ඌට හිරු පත්තරේ වැඩවලට යන්න සල්ලි දුන්නා ම ආපහු ගණන් බේරලා ඉතුරු සල්ලි දෙනකොට ගානක් අඩුයි. ඌ කියන්නෙ ඌට බීම බෝතලයක් පෙවුණා, ඒ ගමන් රෝල්ස් දෙකකුත් කැවුණා කියලයි.

ඉස්සර දවසක ජර්මනියෙ ඉඳන් ආපු මලික්ව සී ෆිෆ්ටියක පිටිපස්සෙ තියාගෙන පදින ගමන් මං ඇහුවා එහෙත් මෝටර් සයිකල් තියෙනව ද කියලා. එයා කිව්වෙ ඒව පදින්නෙ ක්‍රීඩාශීලිත්වයට ය, හීතල නිසා සාමාන්…

සුනාමිය හා දේශපාලන සුනාමිය අතරතුර

Image
සුනාමිය එනකොට ලංකාවේ දේශපාලන කණ්ඩායම් දෙකක ඇතුළෙ කැළඹීම් තිබුණා. එක්ස් කණ්ඩායම සුනාමි දවසෙ ඒ දේශපාලන සුනාමියට අහු වුණා. ඒත් හිරු කණ්ඩායම ඇතුළෙ ඒ සුනාමිය සුළි කැරකෙමින් තව කාලයක් තිස්සෙ ඇදී ගියා. වෙන් වෙලාත් අපි එකට වැඩ කරමින් හිටියා. පත්තරෙත් පළ වුණා.

සුනාමියට පසුවදා අජිත් සී. හේරත් වීඩියෝ කැමරාවකුත් අරගෙන තෙල්වත්තෙ ගියා. මළමිනී මාද අජිත්ගෙ අත්දැකීම අප හැමට ම කම්පනයක් වුණා. ටික දිනකට පස්සෙ අජිතුයි මායි මෝටර් සයිකලේක නැවත වතාවක් එහි ගියේ සිදු වෙමින් තිබෙන්නේ මොනවද කියලා හොයා බලන්නටයි. අපි බොහෝ මිනිසුන් හමු වුණා. කතා කළා. ඒ අතරින් සුවිශේෂ හමුවීමක් තමයි සුනාමියේදී මළමිනී වැළලීමදක්වා බොහෝ වැඩ කළ බද්දේගම සමිත හිමියන් හැඩිදෙමළකන්ද පන්සලේදී හමු වී කරපු සම්මුඛ සාකච්ඡාව.

පහත පළ වන්නේ එදා මා ගත් පිංතූර අතරින් කීපයක්.


සුනාමිය දවසේ හවස මම පයාගල ගියා. ඒ ගැන කතාව මෙතනින්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කි…

කොලොම්බියාවේ ගරිල්ලන්ගේ 52 වසරක අරගලයක සාමකාමී නිමාව

Image
කොලොම්බියාව මධ්‍යම ඇමරිකාවේ පිහිටි රටකි. එම භූමියේ පැවති ස්වදේශික ජනාවාස යටපත් කරමින් එරට ස්පාඤ්ඤ ආධිපත්‍යය පිහිටුවීම ආරම්භ වූයේ 16වන සියවසේදී ය. මුල් කාලීන ස්පාඤ්ඤ යටත් පාලනය බිඳ දමමින් 1819දී කොලොම්බියාව, ඉක්වදෝරය, පැනමාව හා වෙනිසියුලාව ඇතුළත් ග්‍රෑන් කොලොම්බියා රාජ්‍යය පිහිටුවන ලදී. වසර 1830 වන විට ඉක්වදෝරය හා වෙනිසියුලාව ඉවත් වූ අතර, 20වන සියවස මුලදී පැනමාව වෙන් විය. වර්තමාන කොලොම්බියාව බිහි වූයේ එහි ප්‍ර‍තිඵලයක් ලෙසයි.

වසර 2015 සංඛ්‍යාලේඛන අනුව ඩොලර් බිලියන 667.4ක දළ දේශීය නිෂ්පාදිතයක් ඇති එරට ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 13,800කි.  මිලියන 47ක ජනගහණයක් ජීවත් වන කොලොම්බියාවේ 84%කට වැඩි බහුතර ජනගහණය වන්නේ සුදු ස්පාඤ්ඤ ලතින් ඇමරිකානුවෝ ය. ස්වදේශික ඇමරිකානු ඉන්දියානුවන්ගේ ප්‍ර‍තිශතය 10%ක් පමණ වේ. එරට ඉතිහාසය පුරා ම සිවිල් යුද්ධ හා බරපතල දේශපාලන ගැටුම් තිබිණි. ඇතැම් සිවිල් යුද්ධ නිසා ලක්ෂ ගණන් ජනයා මිය ගිය හ. එහෙත්, එහිදී ජනවාර්ගික ගැටුම්වලට වඩා ප්‍ර‍මුඛ වී තිබෙන්නේ දේශපාලන වෙනස්කම් ය.

වර්තමාන අර්බුදයට මුල් වූ කොලොම්බියාවේ සන්නද්ධ හමුදා බලකා හෙවත් FARC නම් වන වාමාංශික ගරිල්ලා කණ්ඩා…

සයින් ඕ රිසයින් සටන හා දේශපාලක රථගාය

Image
අගය කළ යුතු හුදකලා අරගල දෙකක් සිදු වෙමින් තිබේ.

එකක්, පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ කරන සයින් ඕ රිසයින් අරගලයයි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58දෙනෙකුට කුලී පදනම මත වාහ ලබාගැනීම සඳහා වූ ගිවිසුමට අත්සන් කිරීම ඔහු ප්‍ර‍තික්ෂේප කර තිබේ.

අනෙක් සටන සිවිල් සමාජ ක්‍රියාධරයකු හා මහජන නඩුකර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු කරන අරගලයයි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 85ක් මහජන සේවය පිණිස ඔවුන්ට තීරු බදු රහිතව ආනයනය කර ගන්නට ඉඩ දී තිබූ වාහන අන්සතු කර මහජන මුදලින් අති විශාල අයුතු ලාභයක් ලබා තිබෙන බවට ඔහු පැමිණිලි කර තිබේ. මෙය අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ වරදක් බව ද රජයේ වාර්තා අනුව වසරකට මෙමගින් අහිමි වන බදු මුදල රුපියල් බිලියන 40ක් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ පෙරේත, හිඟන මන්ත්‍රීන් අතර මුදල් ඇමති රවි කරුණානායක ද, රනිල් වික්‍ර‍මසිංහගේ ගජමිතුරු මලික් සමරවික්‍ර‍ම ද සිටිති. එසේම, තමන් මාර ප්‍ර‍භූ පවුලක රිදී හැන්ද කටේ ගහගෙන උපන් බවට පුරසාරම් දොඩන සුජීව සේනසිංහ, මතු බුදු වන අතුරලියේ රතන, පිවිතුරු කයිවාරු උදය ගම්මන්පිල, දිසා…

1989 හා මහින්ද රාජපක්ෂ

Image
මහින්දගේ ඩ්‍ර‍යිවර් ය කියූ පුද්ගලයෙකු සහ විතාරන්දෙනියේ උක්කුවාගේ මල්ලී ඇතුළු හතර පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් 1990 අගභාගයේ සිට වීරවිල රැඳවුම් කඳවුරේ රඳවා හිටියා. ඔවුන්ට තිබුණු චෝදනාව ලෙස ප්‍ර‍සිද්ධ වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තලාව පැත්තේ යූඇන්පීකාරයෙකුව මරන්නට කාරයක ඩිකියේ දාගෙන යාමයි.

කාරෙක මහින්දගේ ද? ඩ්‍ර‍යිවර් මහින්දගේ ද? මේ කණ්ඩායම කාගේ ද? මහින්දට ඔවුන් සමග සම්බන්ධකම් තිබුණා ද? මහින්ද දේශපාලන වාසි සඳහා එදා තිබුණු භීෂණ තත්වය පාවිච්චි කළා ද?

තමන් අල්ලා ගත් හමුදාවෙන් ගැලවීම සඳහාඅසවල්, අසවල් ජේවීපීකාරයන් මැරුවේ අප යයි ඔවුන් කීවා ද?

ඔවුන් පොලිසියට භාර දුන්නේ ඇයි? පොලිසිය ඔවුන් ජවිපෙ සැකකරුවන් සිටි වීරවිල කඳවුරට ගෙනත් දැමුවේ ඇයි? ඔවුන් වීරවිල කඳවුරට ගෙනැවිත් දැමීම කඳවුරේ රැඳවියන් අතර කලබලකාරී තත්වයක් ඇති කිරීමට හේතු වූයේ ඇයි?

ඔවුන් ගෙනත් දැමූ දාට පසුදින උදයේ, හම්බන්තොට පැත්තේ සිට වීරවිලට ගෙනැවිත් දමා තිබුණු ජවිපෙට සම්බන්ධ රැඳවුම්කරුවන් ඔවුන්ට පහර දුන්නේ ඇයි? කණ්ඩායමේ නායකයාගේ පණ බේරීම සඳහා ඔහු නැවත කිසි දිනෙක වීරවිලට නො එවා, තංගල්ල බන්ධනාගාරයේ රැඳවූයේ ඇයි? 

මේ වනාහි මා ඇසූ කතාවකි. සමහර ස…

කුරුල්ලන් බලන්නට මතුගමට එන්න

Image
මතුගම පැත්තෙ තොරතුරුත් අරගෙන මතුගම කට්ටියක් එකතු වෙලා පත්තරයක් ගහන්න ලැහැස්ති වෙනවා. මේ ලිපිය ලිව්වෙ ඔවුන්ගේ ඉල්ලීම මතයි. මතුගම කට්ටිය වෙනුවෙන් ඒ පත්තරේ ලබන අවුරුද්දේ නිකුත් වෙනවා. මතුගම නො වන කට්ටිය කැමති නම් ඇවිත් මේ ජවනිකාව බලලා යන්න. 

සවස හයත්, හයහමාරත් අතර එන්න මතුගම නගරයට. ඔබට අතිශය මනරම් දසුනක් දැක ගන්නට ලැබේවි. හැමදාම නැහැ. හැමතැනම නැහැ.

මේ දර්ශනය දකින්නට ලැබෙන්නේ සෑම වසරක ම සැප්තැම්බරයේ සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා පමණයි. සැප්තැම්බරයේ සිට කුරුල්ලන් ටික ටික ඇවිත් ඔක්තෝබරය අවසන් වන විට රෑට ලැගුම් ගන්නට එන කුරුල්ලන්ගෙන් මතුගම නගර මධ්‍යයේ සිට වීදි හතරේ ම විදුලි කම්බි වැසී යනවා. ප්‍රමාද වෙලා ලැගුම් ගන්නට එන කුරුල්ලෙකුට වසන්නට තැනක් නැති වන තරමට ලක්ෂ ගණනක් කුරුල්ලන් විදුලි කම්බි මත වසා ගන්නවා.

සවස හයයි කාලට විතර තමයි අහසේ සිට වළාකුළු වගේ ඔවුන් පහත් වන්නේ. විදුලි කම්බි මත ලගින්නට පෙර මේ කුරුලු වළාකුළු වට කීපයක් මතුගම අහසේ සරනවා. තල ගණනාවකට එක එක අතට පියඹන කුරුලු වළාකුළුවලින් පිරෙන සැඳෑ අහස අතිශය මනරම් දර්ශනයක්.

හවසට වැඩ ඇරී නිවෙස් වෙත යන මිනිසුන්ගේ කලබලයෙන් පිරුණු බස් නැවතුම්පල ද…

අච්චු කන්තෝරුකාරයෝ හෙවත් ප්‍රාදේශීය මාධ්‍ය‘වේදියෝ'

Image
හම්බන්තොට වරායෙහිදී නාවික හමුදාපතිගේ ප්‍රහාරයට ලක් වූ රොෂාන් ගුණසේකර යනු දිවයින, දි අයිලන්ඩ් පුවත්පත්වල හා හිරු පුවත්පතේ සූරියවැව ප්‍රාදේශීය වාර්තාකරු ය.

ඔහුගේ නම මත්තල රොෂාන් දිලිප් කුමාර ලෙස ද පළ වේ.

ඔහු විසින් මේ වසරේ ලංකාදීප පුවත්පතට ද වාර්තා සපයා ඇති බව මෙම වාර්තාවෙන් පෙනේ.

අප මේ බව පෙන්වා දුන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අදහසක් ගම්‍ය කිරීමටයි. ඔවුන්ට තම ජීවිත පවත්වාගෙන යාමට කරන්නට සිදු වී තිබෙන ආර්ථික අරගලය සුළුපටු නො වේ. 

මෙම සටහන තබන මා ද ලංකාදීප හා යුක්තිය පුවත්පත්වල පදවිය වාර්තාකරු ලෙස යුද්ධය පැවති 1994 - 98 වකවානුවේදී සේවය කර ඇත්තෙමි. එහි සිදු වූ යුද ගැටුම් හා ත්‍ර‍ස්ත ප්‍ර‍හාර සම්බන්ධ වාර්තා ලංකාදීපයේ මුල පිටුවේ පවා පළ විය. ගමනාගමන දුෂ්කරතා දැඩිව පැවති එම ප්‍රදේශයේ මා ගමන් බිමන් ගියේ මා සේවය කළ පාසලේ මුරකරු, මා මිත්‍ර‍ හේරත් අයියාගේ මෝටර් සයිකලයෙනි. ඇතැම් ගමන් ද ඔහු මා සමග ගියේ ය. 

දුරකථන ඇමතුම් ලබා ගත හැකි වූයේ මා වැඩ කළ පාසලට කිලෝමීටර් හයක් පමණ ඈතින් පිහිටි තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉඳලා ය. පදවිය රෝහලේ සේවකයන්ගේ කාරුණික අනුග්‍ර‍හයෙන් ද දුරකථන ඇමතුමක් ලබ…

මාක්ස්වාදය, සමාජවාදය හා ආස්වාදය

Image
අප මිත්‍ර චන්දන ගුණසිංහගේ පහත පළ වන සටහන උපුටාගෙන නැවත පළ කරන්නට හේතු වුණේ එහි තිබූ එක් අගනා වාක්‍යයක් නිසායි. 

“මාක්ස්වාදය, සමාජවාදය වගේ මහලොකු න්‍යාය වෙනුවට තිබුනෙ ආස්වාදය විතරයි," යන වාක්‍යය තුළ මම ලොකු ගැඹුරක් දකිනවා.

මගේ ජීවිත කාලෙන් වැඩි හරියක් ගෙවුණේ මාක්ස්වාදීන් හා සමාජවාදීන් එක්කයි. ඔවුන් අතරින් බොහෝදෙනෙකු තවමත් මා මගේ මිතුරන් ලෙස සලකනවා. ඔවුන් මා මගේ මිතුරන් ලෙස සලකනවා ද නැද්ද යන්න මා දන්නේ නැහැ. මට එහි වැදගත්කමකුත් නැහැ. 

මා මිතුරු ඇසුරට කැමති වුණත්, මිතුරු සම්බන්ධකම් නඩත්තු කිරීමේ පුරුද්දක් මට නැහැ. ඒක හොඳ දෙයක් නො වුණත්, බොරුවට හායි හූයි කියලා, ව්‍යාජ ලෙස සම්බන්ධකම් නඩත්තු කරන්නේ මොකට ද කියලා මට හිතෙනවා. 

මිතුරුකම කියන්නෙත් ආදරයේ ම තවත් ස්වරූපයක්. මම හිතන්නේ අව්‍යාජත්වය ආදරයේ මූලික ම ලක්ෂණයක් ය කියලායි. 

වාමාංශිකයන් ජීවිතය නො විඳ, විඳවනවා ය කියන එකත්, කුහක කුඩුකේඩුකම්වලින් පිරිලා ය කියන එකත් ඇත්තෙන් ම ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කමක් නැහැ. 

මේකට මූලික හේතුව මොකක් ද? මම නම් දකින්නේ මූලික හේතුව තියෙන්නේ සහෝදරයා යන ආමන්ත්‍රණය ලැබීම සඳහා පුද්ගලයකු තුළ ගොඩනැගෙන දේවල් තුළයි. 

ඒකට ප…

යූඇන්පියට රට විකුණන්න නො දී විප්ලවේ කොරහල්ලකො බං

Image
මේවා රට විකුණගෙන කන සිස්ටම් කියලා ජෙප්පෝ කියන්නේ.
ඉතින් බං උඹලත් මේකෙන්ම කන්නේ නැතිව...
විප්ලවේ කොරහන්කෝ හිටන්...

අප මිත්‍ර බ්ලොග්කරුවකු වන මාතලන් විසින් ෆේස්බුක්හි තබන ලද මෙම සටහන මේ මොහොතේ අතිශය දේශපාලනික ප්‍රකාශයක් බව ද, අවශ්‍ය නම් ඔය වෙනත් නිතර කියන දේශපාලන රුවන් වැකි ගනයෙහි ම ලා සැලකිය හැකි බව ද කියමි.

2015 ජනවාරි 8 විප්ලවයට සහභාගි වූ අයට අරමුණු කීපයක් තිබුණු බව පෙනේ. එක් පිරිසකට අවශ්‍ය වී තිබෙන්නේ රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පමණි. ඒ අය හැකි ඉක්මණින් අත් සෝදාගෙන ඉවත් වූ අතර, එතැන් සිට හැසිරෙන්නේ තමන් එහෙම එකක් කළේ නැහැ වගේ ය. එපමණක් නො ව, දැන්, දැන් අනියමින් රාජපක්ෂලාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නට ද මේ අය පටන් ගෙන තිබේ.

මේ පිරිස ගිහින් පට්ටල් ගැහී තිබෙන්නේ අපි ඕවට නෑ, අපි දෙකට ම නෑ ආදී වශයෙන් සම්භාව්‍ය ටෝක් දෙමින් අවසානයේදී යටින් ගේම් ගසමින් ඇත්ත වශයෙන් ම රාජපක්ෂලා වෙනුවෙන් ම වැඩ කළ නඩ සමග වීම අහම්බ නො වේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කර ගත් සන්ධානයක් බලයට පැමිණීම යනු ඔළු මාරුවකට වඩා ආර්ථික ප්‍රතිපත්ති මාරුවක් බව තේරුම් ගන්නට බැරි තොත්ත බබාලා ඒ දවස්වල ම පැත්තකට විය යුතුව තිබිණි.

එජාපයේ ආ…

සුන්දර ඉංගිරිසි: වයස් පරාසය අනුව අපට නැති වචන

Image
Teenage කියන වයසට සිංහලෙන් කියන ගැටවර විය කියන වචනය ටිකක් අවුල් නිසා අපි යෝජනා කළා අලුත් වචනයක්. ඒ තමයි දහවිය. 

ඒක යෝජනා කරන්නට සිදු වුණේ එක් පරිවර්තනයක් වෙනුවෙන් එය අවශ්‍ය වුණ නිසායි.

සිද්ධිය පිළිබඳ විස්තරයක් මෙතන තියෙනවා. කියවා බලන්න. 

Teenagerට දහවියා කියලාත් එහි ස්ත්‍රී ලිංගික පදය දහවි කියලාත් යොදන්න පුළුවන්. 

වයස් කාණ්ඩයන්ට සිංහල වචන නැත්තේ දහවියේදී පමණක් නෙමෙයි. 

පහත සඳහන් වචන ඉංග්‍රීසියෙන් යෙදෙන්නේ ඒ ඒ වයස් කාණ්ඩයේ සිටින අය වෙනුවෙනුයි.  

Vicenarian: someone between 20 and 29 years of age
Tricenarian: someone between 30 and 39 years of age
Quadragenarian: someone between 40 and 49 years of age
Quinquagenarian: someone between 50 and 59 years of age
Sexagenarian: someone between 60 and 69 years of age
Septuagenarian: someone between 70 and 79 years of age
Octogenarian: someone between 80 and 89 years of age
Nonagenarian: someone between 90 and 99 years of age
Centenarian: someone between 100 and 109 years of age
Supercentenarian: someone over 110 years of age

මේ එකකටවත් සිංහල වචන නැහැ. 

සරල සිංහ…

ධර්ම චක්‍රය යනු නැව් සුක්කානම ද? රෝදය ද?

Image
කඩයක විකුණන්නට තිබූ සපත්තුවල ධර්මචක්‍ර හෝ නැව් සුක්කානම් රූපයක් මුද්‍රණය කර තිබීම, රටේ අලුත් ම පොලිසිය වන සිවුරු පොලිසිය එම කඩයට පැන එහි සේවකයන්ට අඩන්තේට්ටම් කිරීම හා ඉන්පසු එම වීඩියෝව ෆේස්බුක් හරහා ප්‍රචාරය කිරීම නිසා පැරණි සංවාදයක් අලුත් වී තිබේ.

ලංකාවට භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයන් ලංකාවේ මිනිසුන්ට වැදගත් සලකුණු පිළිබඳ සංවේදී විය යුතු ය. හේතුව, ඔවුන් කරන්නේ ව්‍යාපාරයක් නිසා ය. වෙළෙන්දන්ට වැදගත් ලාභය මිස පටලැවිලි ඇති කර ගැනීම නො වේ.

ලංකාවේ බෞද්ධ ජනයා ධර්ම චක්‍රය ලෙස සලකන, වෙනත් රටවල ජනයා නැව් සුක්කානම ලෙස සලකන සලකුණ සහිත පාවහන් අලෙවි කිරීම නිසා ගැටලු ඇති වූ පළමු අවස්ථාව මෙය නො වේ.

2011දී ද නුගේගොඩ බෙවර්ලි හිල්ස් සාප්පුවේ තිබුණු මෙවැනි සපත්තු කිහිපයක් සිහල රාවය සංවිධානයේ මැදිහත් වීමෙන් පොලිසිය අත්අඩංගුවට ගත්තේ ය.


මෙම රූපයේ දක්වා ඇති පච්චයෙන් අදහස් වන්නේ නැව් සුක්කානමක් සේ මා නිසි මග ගෙන යන්න. එහෙත්, නැංගුරමක් සේ මා එක තැන නො රඳවන්න යන්නයි.

මෙවැනි පච්චයක් කොටා ගත් අයෙකු ගුවන් තොටුපළේදී ම ආපසු හරවා යවන්නට තරම් මුග්ධත්වයක් ලංකාවේ තිබේ.

එහෙත්, බෞද්ධයන් විසින් කළ යුතුව තිබෙන්නේ තමන්ගේ ධර්ම…

සිරියාවේ ඇලෙපෝහි යුද්ධය හා අපේ කාලයේ ඈන් ෆ්‍රෑන්ක්?

Image
“මගේ තාත්තාට තුවාල වෙලා. මං අඬනවා," යන සංදේශය ට්විටර් මගින් ලෝකය සමග බෙදා හදා ගත්තේ බනා අල්-ආබෙද් නම් සත් හැවිරිදි සිරියානු දැරියයි. රුසියානු හා ඉරානියානු ආධාර ලබන සිරියානු රජයේ හමුදා විසින් කැරැලිකරුවන්ගේ ග්‍ර‍හණයෙන් සිරියාවේ ප්‍ර‍ධාන නගරයක් වන ඇලෙපෝ නගරය අල්ලා ගැනීමේ මෙහෙයුමේදී බනාත්, ඇගේ මව ෆාතිමාත් පසුගිය සැප්තැම්බරයේ සිට ඇගේ නමින් වන ට්විටර් ගිනුම හරහා ලෝකය සමග ඇලෙපෝහි තතු බෙදා හදා ගත්තා ය.

යුද ගැටුම් මැද, බෝම්බ තර්ජන මැද ඇය හා ඇගේ සොයුරු සොයුරියන් බියෙන් ගෙවන ජීවිතය ගැන ඇය තැබූ සටහන් ලෝකයේ අවධානයට ලක් වූ අතර කෙටි කලකින් ලක්ෂ දෙකක් පාඨකයෝ ඇගේ ට්විටර් ගිනුමට දායක වූ හ. මෙම සටහන තබන විට ඇය සිය අවසන් ට්විටර් සංදේශය ලියා තිබුණේ දෙසැම්බර් 13දා ය.

“මගේ නම බනා. මට වයස අවුරුදු 7යි. මම සජීවීව ලෝකය අමතන්නේ නැගෙනහිර ඇලෙපෝ සිටයි. මේ මැරෙන්නට හෝ ජීවත් වන්නට මට ඇති අවසන් අවස්ථාවයි," යි ඇය සටහන් කළා ය.

රුසියානු ජනාධිපති බෂාර් අල්-අසාද් මෑතදී මාධ්‍යයට පැවසුවේ මෙම බනාගේ ගිනුම තවත් එක් මාධ්‍ය බොරුවක් බවයි.

එහෙත්, වොෂින්ටන් පෝස්ට්හි කයිට්ලින් ගිබ්සන් පවසන්නේ බනා හා ඇගේ පවුල සත්‍ය බවයි. බ…