මහින්ද රාජපක්ෂ චීනෙට ගියේ NGO වැඩකටලු

මහින්ද රාජපක්ෂ ට්විටර් ගිනුමෙහි පළ වූ ඡායාරූපයකි
හිටපු ජනාධිපති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා චීන රජයේ ආරාධනයක් මත එරට සංචාරයක නිරත වූ බව ද එය මාර වැඩක් බව ද පසුගිය දිනවල රාජපක්ෂවාදීහු මාධ්‍ය ඔස්සේ ඔද වැඩූ හ.

එයින් නො නැවතුණු විමල් වීරවංශගේ හොරණෑව වන ලංකා සී නිව්ස් එය බීජිං වෙතින් ශ‍්‍රී ලංකාවට දෙන ලද දැඩි පණිවුඩයක් බව ද පැවසී ය. එහිදී පාදක කර ගනු ලැබුවේ ඉන්දීය ‘ද හින්දු’ පුවත් පතට මීරා ශ්‍රීනිවාසන් විසින් ලියන ලද අදහසකි. එම ලිපිය මෙතැනින්.

කොළඹ සිටින චීන තානාපතිවරයා සහ ශ‍්‍රී ලංකා රජය අතර ආතතීන් උපරිම වී ඇති තත්වයක් තුල මෙම සංචාරය ශ‍්‍රී ලංකාව තුල සිදුවන ඉන්දු-චීන සටනේ තීරණාත්මක පියවරක් යයි එම වාර්තාවන්හි දැක්වෙන බව ලංකා සී නිව්ස් සතුටින් පැවසී ය. 

මහින්ද රාජපක්ෂට රාජ්‍ය නායක මට්ටමේ පිළිගැනීමක් ලැබී ඇති බව ද රාජපක්ෂවාදීහු කියති. එසේම, ඔහු අද දින (28) චීන රාජ්‍ය නායකයන් හමු වන බව ද වාර්තා විය. ඒ බව තහවුරු වන වාර්තා හෝ ඡායාරූප තවමත් නිකුත් වී නැත.

එහෙත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්සී ක්සියැන්ලිං මේ ආතල් එක කුඩුපට්ටම් කර ඇත්තේ අනුකම්පා විරහිතව ය. 

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට, චීන තානාපතිවරයා රජයේ වගකිවයුත්තන්ට පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට ආරාධනා කර තිබෙන්නේ චීන රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) විසින් බවයි. විදේශ රටවල හිටපු රාජ්‍ය නායකයන් මෙවැනි සැසි සඳහා කැඳවීම මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් කරගෙන යනු ලබන කාර්යයක් බව ඔහු පවසා ඇත. 

මහින්ද රාජපක්ෂ මේ වන විට මල් පොහොට්ටුව ලකුණින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක ජී.එල්. පීරිස්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ලොහාන් රත්වත්තේ සහ උදිත ලොකු බණ්ඩාර සමග චීන චාරිකාවක නියැලී සිටියි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඉතින් අජිත් මේක මේ තකහනියක් post එකක් දාන්න දෙයක්ද?

    අනික ඔබතුමා මෙහෙම උපුටනයකුත් දානවනේ.

    "එහෙත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්සී ක්සියැන්ලිං මේ ආතල් එක කුඩුපට්ටම් කර ඇත්තේ අනුකම්පා විරහිතව ය.

    චීන තානාපතිවරයා රජයේ වගකිවයුත්තන්ට පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට ආරාධනා කර තිබෙන්නේ චීන රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) විසින් බවයි. විදේශ රටවල හිටපු රාජ්‍ය නායකයන් මෙවැනි සැසි සඳහා කැඳවීම මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් කරගෙන යනු ලබන කාර්යයක් බව ඔහු පවසා ඇත."

    හඃ හඃ හඃ, ඉතින් මහින්ද ඔයා කියන විදියට කිච වෙලා නේද? අර මහින්ද හම්බවුනු සියලු දෙනාම චීන NGO කාරයෝ නේද?

    ඉතින් මොකාට බයවෙන්නද? තමුන්නැහැ කියන විදියට ඉන්දියාවේ 500 නෝට්ටුවකට අද තියන වටිනාකමවත් අද මහින්දට නෑ.

    ඔහොමම යමු. පළාත් පාලන චන්දෙ තියමු. මට දුක රාවයේ විදෙස් පිටුව ගැන.

    - මොණරවිල

    ReplyDelete
    Replies
    1. පසු සටහන:

      Art of War ලිව්ව Sun Tzu හිටියෙත් චීනේ අජිත්. අමතක කරන්න එපා.

      - මොණරවිල

      Delete
    2. හිතේ අමාරුව වැඩිකොමට ඔච්චර අඬන්න එපා මොණරෝ. සමහර ලයිට් පිච්චෙන්න ඔන්න මෙන්න කියලා එළිය වැඩිවෙලා යනවා. ඉතින්..............මහින්ද ලයිට් එකක්යැ නේ......ද?

      Delete
    3. @ Anonymous November 28, 2016 at 6:00 PM

      නමුන්නැහැ කලබොල වෙන්න නාකයි. අර අපේ අමාරිස් අයියගෙ පුතා ඇන්ටස් පිච්චිච බලුප් එකක් පත්තු කොලාලු නොවැ. අපි පැරකුම් උන්නැහැ උත්තර දෙනකං ඉඳිමු.

      - මොණරවිල

      Delete
    4. පැරාගේ සැනසුම් සුසුම්.......ඉතිං පොස්ට් එකක් නොදා කොහොම ද. අනික මේවා පොයින්ට්ස් වැඩිපුර ලැබෙන පොස්ට්.

      Delete
    5. සිරිකොත හිටන් කුලියට ලියනා සේම
      පෙර හිටි වම විකුනලා උපයන්නේ කෝම?
      හෙලබස් මොණරවිල යන පරසිදු නා ම
      ඉල්ලති හැමදාම පැරකුම් හට ගේම!!!

      Delete
  2. විදේස පුවත් ගොන් පාර්ට් ලෙස ලිවීම.....

    කැස්ට්‍රෝ ගැන ලිපියක් ලිවීමට වඩා කොලරාවයේ විදේස විත්ති ලියනා පැරා ට ලිවීමට උපදෙස් ලැබී ඇත්තේ මහින්ද මහත්ත්යා ගේ චීන සන්චාරයේ එන් ජී ඕ ආරාදනා පිලිඹඳව ය!

    දුකට කියන පැල් කවි හිටන්!

    ReplyDelete
    Replies
    1. සාරසයෙනි,

      "අහේතු කාලේන කජ්ජෙන පුහුලන්" යැයි කියා ඇත. රාවය විදෙස් තතු ලියන පැරකුමු යටි කය ඇතුලු පිලි නොඇඳ ඇඳි සරම උස්සා මුව මඩල පිසිනුයේ මෙවරය. මෙවර අප දෙනුයේ පෝය හේවිසියට දෙන සේය. කුදලාගම සිරිමතුනි මේ ඔබටද කලය.

      -මයුරවිල මි.

      Delete
    2. මයුරවිල මීයෝ මියුරවිල මායෝ උඹෙයි මොණරවිල විනරමොළගෙයි ඇත්ත නම ඇඩ්‍රස් එක පෝන් නොම්බරේ දාන්නද?

      Delete
    3. නෙක පල්බොරු කියා සිරිකොත පඩි කන වා ලේ
      ල ක පරසිඳු වෙන්ඩ වියමන් ඇමුනුව මාලේ
      මයුරවිල සමග සැසැඳූ කල අත බාලේ
      ත ක දොම් දොම් කියා නටපන් පැරකුම් රාලේ

      Delete
  3. නැහැ ඉතින් අපට කියන්නෙ ම එන්ජීඕකාරයෝ ය කියලා නේ. බලාගෙන යනකොට මහින්දත් අපේ එක්කෙනෙක් නේ හිටං.

    ReplyDelete
    Replies
    1. :)

      දැන් කොහොමත් උන්නැහේ නන් ගවර්මන්ට් තමයි... කු:ප:ම

      Delete
    2. පසෙකින් "විගියාය" පසෙකින් "සබඳාය"
      දිගටම ණයම මිස කිසිවක් නැතියේය
      දින දින මිහිඳු රජපස උන් නැග ඒය
      හූනා චිකයි නම් රජයට කෙල වේය

      - මයුරවිල මි.

      Delete
    3. දි වි යා නැ ති වනෙහි ගවයින්ගේ පො ර ය
      හි මි යා නැ ති ගෙදර හොරහිමි කරද ර ය
      බ ල ලා නැ ති කලට මියන්ගේ පො ර ය
      මයුරවිල නැ ති වලට පැරකුම් වඬිව ර ය

      Delete
  4. රනිලානෝ බලැති
    චීනයෙ "හි කුමට" යති
    චීනු "හු කවා" සනසති
    මෙවන්වූ "වේ සියන්" ලොව නැති

    - මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. චිකා ගනින් හූනා

      Delete
  5. හහ් හහ් හා. පැරා ගොයියත් කෙළින්න හදන්නෙ අහිංසක බන්දුගෙයි ටෙනියගෙයි බඩ වියතට. දැනුත් ආණ්ඩුවයි ඒකාබද්දෙ සෙට් එකයි තරඟෙට ජනතාවට ආතල් දිදී උන්ගෙ බඩ රස්සාවට කෙළල තියෙන්නෙ. අලි මදිවට හරක් කිව්වලු.

    අහ්, වැරදුනා. නැහැනෙ, ආන්ඩුව ඊ-නිව්ස් එකත් තහනම් කොරන්න යන එකේ දැන් ඒ ආතල් මාකට් එකත් පැරා අල්ලගන්න නේද මේ ට්‍රයි එක? හොර ගෙඩිය, පැරාත් ගල් කට්ටයෙක් බලන් ගියාම. හ්ම් හ්ම් හ්ම්, ඔහොම යමුකෝ...

    ReplyDelete
  6. උදිත ලොකුබණ්ඩාර කියන්නේ අර මාර ට සෙරෙප්පු දාන එක්කෙනාද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා