විමල් දැන් ලොකු ළමයෙක් ද?

විමල් වීරවංශ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසාන රැළිවලදී පැවැත්වූ “සිරිසේන................ කෝ මේ සිරිසේන............." කතාව මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. ඒ වන විට ඔහුත්, ඔහුගේ නායකයා වූ මහින්ද රාජපක්ෂත් පරාජයක් අපේක්ෂා කළ බවක් නො පෙනිණි. විමල්ගේ මුවින් මෙවැනි ම විසකුරු ද්වේෂයක් 2010ජනාධිපතිවරණයේ අවසන් සමයේදී ද පළ වූ අතර, මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකාට පන්න පන්නා දෂ්ට කළේ ය. ජනාධිපතිවරණයෙන් තමන් පැරදුණා නම් තමන්ට සිදු වන්නේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තිබේ.

මැතිවරණ ව්‍යාපාරයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නින්දාසහගත අන්දමින් කතා කිරීම පිළිබඳ විමල් වීරවංශ ඔහුගෙන් සමාව අයැද තිබේ. ඒ පසුගිය සතියේ ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් අතර පැවති සාකච්ඡාවේදී ය.

විමල් ජනාධිපතිවරයාට කතා කළ අන්දම අනුව, ඔහුට ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමු වීමට ඝට තිබීම ද පුදුමයකි. එහෙත්, විමල්ගේ පක්ෂය ජනාධිපතිවරයා හමු වීමට දැක්වූ උනන්දුවෙන් පෙනෙන්නේ සාමාන්‍ය සමාව ගැනීමක් පමණක් නොව ජනක බණ්ඩාර ස්ටයිල් එකේ සමාව ගැනීමක් පවා සිදු වන්නට ඉඩ ඇති බවයි. විමල් ඒ දේශපාලනයේ පරිණත පුද්ගලයෙක් බව පෙනේ.

විමල් ජවිපෙ ප්‍රචාරක ලේකම් ධුරය දැරූ සමයේ වරක් ලංකාවේ ආර්ථිකය චොක්සිගේ කට වගේ යයි කීවේ ය. පුද්ගලයකුගේ හැඩරුව, රෝගාබාධ අල්ලාගෙන අපහාස කිරීම ජවිපෙ වැනි විප්ලවවාදී පක්ෂයකට තරම් නො වන නිසා එදා එය දැඩි විවේචනයට ලක් විය. 

විමල් වීරවංශ සුන්දර රූසපුවක් ඇති, එහෙත්, එතරම් උස මහත නැති මිනිහෙකි. ඔහු පැවත එන්නේ දිළිඳු හා පීඩිත සමාජ පසුබිමකිනි. අසූවේ දශකයේ අගභාගයේදී ඔහු ජවිපෙ දේශපාලනයට එක් වූයේ ය. ඔහු සමග එකට දේශපාලනය කළ සගයන් දස දහස් සංඛ්‍යාවක් ඝාතනයට ලක් වෙද්දී ඔහු අත්අඩංගුවටවත් පත් නො වී ජීවිතය බේරා ගන්නට සමත් වූයේ ය. 

ඉන් අනතුරුව ඔහු මතු වූයේ කුසලතා පූර්ණ මාධ්‍යකරුවකු ලෙසයි. ඔහුත්, රෝහිත භාෂණත් මිතුරන් සේ එකට හිරු පත්තරය මෙහෙයවූ හ. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ හා මහනුවර ධර්මරාජයේ උගත්, ඉංග්‍රීසි දත්, බුද්ධිමත් තරුණයකු වූ රෝහිත භාෂණ සමග විමල් වීරවංශ කිසියම් ඊර්ෂ්‍යාවකින් කටයුතු කළ බව එසමය අධ්‍යයනය කරන විට පෙනේ. එකල පිටරට සිටි සෝමවංශ අමරසිංහ හිරු පුවත්පත සමග සම්බන්ධකම් පැවැත්වූයේ රෝහිත භාෂණ හරහා ය. 

මේ කාලයේ ජවිපෙ ප්‍රතිසංවිධානය කිරීමේ සුවිසල් වැඩකොටසක් කළ කමල් දේශප්‍රිය මන්නවත්ත හෙවත් සෙනෙවිගේ කණ්ඩායම සමග සම්බන්ධකම් පවත්වමින් සිටි විමල් වීරවංශ පක්ෂය ප්‍රතිසංවිධානය කරන විට දේශපාලන මණ්ඩලයට පැන ගැනීමට සමත් වූයේ ය. ඒ අතරවාරයේ රෝහිත භාෂණ පක්ෂයට නො ගෙන හිරු පුවත්පතට සීමා කර තබන්නට ද ඔහු සමත් වූයේ ය. පක්ෂයට බුද්ධිමය දායකත්වයක් සපයන්නට සමත්කම් තිබුණු සම්පතක් ජවිපෙ නැවත නැගී සිටි මුල් අවධියේ ම අහිමි කර ගත්තේ එසේ ය. 

මේ හා සමාන තත්වයකට පසු කලෙකදී චන්දන සිරිමල්වත්ත සහෝදරයා ද ජවිපෙ තුළ මුහුණ දුන් බව මගේ නිරීක්ෂණයයි. 

විමල් ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස ලැබුණු අවස්ථාව වෙත සිය දක්ෂතා ආයෝජනය කරමින් වේගවත් දේශපාලන ගමනක් ගියේ ය. ජවිපෙන් බිඳී යාමට ලැබීම ඔහුගේ උන්නතිකාමී දේශපාලනයට ආශිර්වාදයක් විය. 

එහෙත්, ජවිපෙන් බිඳීමත් සමග විමල් සිය ආර්ථික විනය ද අහිමි කර ගත්තේ ය. අයථා මාර්ගවලින් ධනය රැස් කර ගැනීමට පෙළඹීම විමල් විසින් කරගන්නා ලද බරපතල වරදකි. එහෙත්, ඔහු ජීවිතයේ ඇරියස් බොහොමයක් තිබුණු පුද්ගලයෙකු බව පෙනේ. දැන් සමහර විට ඒ සමහර ඇරියස් පියවාගෙන වෙන්නට පුළුවන. පවුල් ජීවිතය ද ඔහුට එක්තරා වධයක් වී ඇති බව පෙනේ. උප්පැන්න සහතික, පාස්පෝට් කේස් වැනි ඔහු පසුපස එන ඇතැම් ගැටලු මේ පවුල් ජීවිතය හා සම්බන්ධ ඒවා ය. ඒවායේ සංඥාර්ථ රැසක් තිබේ. ජවිපෙ සාමාජිකයකු ලෙස සිටියදී නීතිය සමග කළ කොලොප්පං පසු කලෙකදී නිවැරදි කර ගන්නට ඔහු උත්සාහ කළ බව පෙනේ. 

කුමාර් ගුනරත්නම් ද මෙසේ නීතිය සමග කොලොප්පං කළ අයෙකි. විප්ලවවාදී ව්‍යාපාරවල සිටියදී ධනේශ්වර නීතිය ගණන් නො ගනිමින් ඇති කර ගන්නා මෙවැනි පටලැවිලි පසුව ලිහා ගන්නට යාමේදී බරපතල ගැටලු ඇති වේ.  

විමල් වීරවංශ යනු ලංකාව රාජපක්ෂ පවුලේ අවිධිමත් පාලනයට තව දුරටත් හසු වී තිබී දේශපාලන අලකලංචි මැද්දෙන් තල්ලු වී ගියා නම් කිසියම් දිනෙක මේ රටේ රාජ්‍ය නායකත්වයට පවා පත් වන්නට ඉඩ තිබුණු චරිතයකි. එහෙත්, ජනවාරි 08දා ඔහුගේ ද ඉරණම වෙනස් විය. දැන් විමල්ට ද සිය පැරණි හැව ඇරගෙන මිස ඉදිරි ගමනක් නැත.

විමල් සිය ජීවිතයේ එක් අවධියක් සමාප්ත කළේ හිරු පුවත්පතින් ජවිපෙ දේශපාලන මණ්ඩලයට සංක්‍රමණය වීමෙනි. දෙවන අවධිය සමාප්ත කළේ ජවිපෙන් හා සෙනෙවිගෙන් බිඳීමෙනි. මහින්ද රාජපක්ෂ සමග විමල්ගේ දේශපාලනය සමාප්ත කරන්නට කාලය එළැඹ ඇත. ඔහුගේ මීළඟ දේශපාලන අවධිය ආරම්භ වන්නේ එතැනිනි. 

එයා දැන් ලොකු ළමයෙකි. ජීවිතයෙන් පරිණත වී සිටින විමල් දැන් ඇරියස් බොහොමයක් ද පියවාගෙන විය හැකි ය. මහින්ද රාජපක්ෂ යුගයේ බලය වෙනුවෙන් තොරොම්බල් කළ, ඇත්තෙන් ම කිව්වොත් ඔහු පවා භෞතිකව අයත් නො වන සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ස්වෝත්තමවාදය සමග තව දුරක් යන්නට ඔහු සූදානම්දැයි නො දනිමි. 

එහෙත්, අසූ නමයේ කැරැල්ලෙන් මිය ගිය සගයින් ගැනත්, ජවිපෙ වෙනුවෙන් ලේ, කඳුළු, දහදිය වගුරුවමින් විමල් වැනි පීඩිත දිළින්දන්ට පංති ඉනිමගේ ඉහළ නගින්නට පය තබා ගැනීම සඳහා කර දුන් අහිංසකයන් ගැනත් හෘදය සාක්ෂියක් ඔහු තුළ තිබිය යුතු ය. 

ඒ මිනිසුන් වෙනුවෙන් අවම හෝ යහපතක් උදා කර දිය හැකි වෙනස්කම් සහිත අලුත් දේශපාලන අවධියක් වෙත පිවිසෙන්නට විමල්ට හැකි වේවායි පතමු!



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Dear Perakum,

    Please view this,

    https://www.youtube.com/watch?v=uYQJRh3qPEY

    Bullshits ! I thought Hon. Prime Minister Mr. Ranil Wickramasinghe was a Gentleman and a respectable politician in Sri Lanka. But now, he seems like another dictator, even worse than MR. How the hell he dictates the oppositions MP's & threatening them to shut-up their mouths? This is completely disgusting.

    There is no democracy in SL parliament. I do not like Wimal Weerawansa as a person but as MP, as a representative for the people who voted on behalf of him, he has the right to express his objection and his ideas to the parliament. What these people are doing?

    Further, Mr. Chamal Rajapakse is much better as Mr. Speaker. Though he was the brother of the former president, he did not act like a clown or muppet of the ruling party and kept the reputation of the speaker of the parliament.

    ReplyDelete
  2. // ඒ මිනිසුන් වෙනුවෙන් අවම හෝ යහපතක් උදා කර දිය හැකි වෙනස්කම් සහිත අලුත් දේශපාලන අවධියක් වෙත පිවිසෙන්නට විමල්ට හැකි වේවායි පතමු! //

    අනේ මහත්තයෝ; ඔබ තුමා කියන ..... ගරු ජනාධිපති සහ ගරු අගමැති ........ අප වෙනුවෙන්ම ඇති කරන්නට උත්සහා කරන, දේශ හිතේෂී යහ පාලනයට එරෙහි වන්නාවූ ලොකුම ඇණය...... මේ ලොකු ලමයා නේද......

    ReplyDelete
  3. ජනාධිපතිගෙන් සමාව ගත්තේ නැතිබවක් විමල් ප්‍රකාශ කර තිබුණා.

    ReplyDelete
    Replies
    1. එහෙම සමාවක් ගන්න තරම් හිතට හයියක් තිබුණානම්, එය රටට ඇහෙන්නට කළයුතුයි. එයින් මෛත්‍රීපාලට වඩා ඒ කතාවෙන් රිදුනේ ඡන්ද දායකයාටයි. ඒ හින්ද මහින්ද රාජපක්ෂට අහිමි වූ ඡන්ද ගණන් බලන්න විදිහක් නැති කම ගැනයි කණගාටුව.

      //අසූ නමයේ කැරැල්ලෙන් මිය ගිය සගයින් ගැනත්, ජවිපෙ වෙනුවෙන් ලේ, කඳුළු, දහදිය වගුරුවමින් විමල් වැනි පීඩිත දිළින්දන්ට පංති ඉනිමගේ ඉහළ නගින්නට පය තබා ගැනීම සඳහා කර දුන් අහිංසකයන් ගැනත් හෘදය සාක්ෂියක්// මෙහෙම එකක් ලබන ආත්මයේ වත් එයාට ඇති වුනොත් එදාට ලොකු ළමයෙක් වේවි. වාචාල හැකර කටක් තිබුණ පමණින් තමන් “කලාත්මක රැඟුම් දක්වන නළුවෙක්“ යයි හිතා ගත්තු තවත් එක දේශපාලන නළුවෙක් විතරයි

      Delete
  4. විමල් සමාව අරන් නෑ යකෝ. බොරු කියන්න එපා. පිස්සු පෙත්ත ගන්න බැරි උනානම් දැන්වත් ගිහින් පෙත්ත ගනින්.

    ReplyDelete
  5. පැරා උඹ දැන් එක්සත් ජාආආආතික පක්ෂයේ යාව ජීව සාමාකයෙක් හින්ද විමල්ලා වගේ එවුන්ගේ වැරදි හොය හොය උන් පස්සේ පන්නනව වගේ නේද? හොඳයි හොඳයි. උඹේ අර මාක්ස් සමාජවාදී රෙදි කඩමල්ලත් ඉක්මනට ගලවලා විසි කරල හෙලුවැල්ල පේන්න කලින් එක්සත් ජාආආආතික පක්ෂේ කොළ පාට ලිබරල් ධනවාදී ඇඳුම ඇඳපන්. පැරා උඹට දැන් හොරු අල්ලන්න ගොන්ජට සහයෝගය දෙන්නත් පුළුවන් වෙයි. හොඳා හොඳා ඔහොම පලයන්.

    ReplyDelete
  6. ලංකාවට ගහලා තියෙන හෙණවලින් එකක් තමයි මූ.

    ReplyDelete
  7. For the benefit of every one who reads your posts, I think it's better to have moderation on. Some of these stupid people cannot contribute meaningfully to a conversation.

    ReplyDelete
    Replies
    1. Please don't worry about the comments. People visit the blog basically to read the article. I don't give a damn to hate comments against me.

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කමෙන්ටුව ඉවත් කර තිබෙන්නේ මට කරන ලද අපහාසය නිසා නොව, එහි තිබෙන පිළිකුල් සහගත ස්වරූපය නිසා බව කරුණාවෙන් සලකන්න. අසූචි සම්බන්ධ කර ලිය මෙවැනි අදහස්වලින් කිසියම් මනෝභාවයක් නිරූපණය වේ. එහෙත්, සෑම පාඨකයකු ම එවැනි දේ කියවන්නට කැමැත්තක් දක්වන්නේ නැත.

      Delete
  9. යකෝ..........ඌරුවoශයගෙ බයිපෑටවුන්ට තදවෙලා වගේ.............

    ඌරුවoශයා ජනාදිපතිගෙ පස්චාත්බාගෙට වෑදලා සමාව අරගෙන උගේ ලෑජ්ජනෑතිකම පෙන්නුවා.

    රට ජාතිය ආගම විකුනන්කන ඌරුවoශලා වගේ සක්කිලින්ට රෑවටෙන මෝඩ චන්දදායකයො තාම ලක්ශගනනින් ඉන්න නිසා තමා ලoකාව කවදාවත් දියුණුවෙන්නේ නෑත්තේ.......
    ජාතියක් විදියට අපේ රටේ ඉරනම තීරනයකරන්න ඌරුවoශලා වගේ අමු කපටින්ට බලය දීම ඈතුලේ අපේ ජාතියේ මෝඩ කමත් සදා කාලකන්නි කමත් අපි ලෝකෙටම පෙන්නලා ඉවරයි..............
    මුන්වගේ ජාතිය ආගම විකුනන්කන කම්බ හොරුන්ව පිටුදකිනතුරු ජාතියට ගෑලවීමක් නෑ

    සෑම කපටියෙකුගෙම අන්තිම නවතුම්පොල ජාතිවාදයයි............ඵ්ක සම්බන්දන්කොටිහපුවාටත් විමල් නරියාටත් අදාලයි.......

    ReplyDelete
  10. High time the citizens demand regulation of behavior and conduct of the politicians. Considering the leadership taken by citizens organisations i am ofcourse hopeful that the future of this type of politicians would not be so good..

    ReplyDelete
  11. පැරකුම් මාමේ වනිතා නැන්ද නේද ඔයාගේ වයිෆ්? දෙන්නම යූඇන්පී සරන ගිහින් වගේ. එන්ජීඕ සල්ලි එහෙමත් බරට ලැබෙයි ඉස්සරහට. විමල් එක්ක තරහ මිනිහ රටේ ඇත්ත තත්වේ ඇති හැටියෙන් දකින නිසා නේද? විමල් ඇත්ත කතා කරනකොට රනිල් මහත්තයටත් හරීයට රිදෙනව. පැරකුම් මාමටත් ඒ වේදනාවම දැනෙන්නේ දැන් ඔයත් එක්සත් ජාතික පක්ෂයේම සේවකයෙක් නිසා නේද?

    ReplyDelete
    Replies
    1. පකිස් බෑනෝ, මම එජාප සේවකයෙකු වුණත්, එජනිස, ශ්‍රීලනිප, ජානිපෙ, ජවිපෙ හෝ පෙසප සේවකයෙකු වුණත් වෙනස මොකක් ද? ඔය ඔක්කොම එකයි නේ ද?

      Delete
    2. ඔක්කොම එක තමයි මෙයා.

      මේ ආණ්ඩුවේ කියලත් මොකෝ වෙනසක් තියෙනවා කියලයැ? ඇමතිකම් සංඛ්‍යාව, එස් බී, සොයිසා වගේ සුපිරි බඩු ඉන්න කැබිනට් එක රවීගේ මුදල් ඇමතිකම ඇන්ඩ් මෙනි මෝ.......

      ඔයාට මේ පාරවත් දිනමිණ දෙයිද?

      Delete
    3. මට නම් ඒ ගැන ඇල්මක් නැහැ. මට නැති ඇල්ම බැල්ම මගේ පාඨක භවතුන්ටනේ තියෙන්නේ.

      Delete
    4. pakisge comment ekata hina giya. May be true. Wanitha may be his wife. Para is another one of big idiots in this country.

      Delete
  12. මේ ලිපිය ලියා තිබෙන්නේ ඊයේ සිදුවීමට පෙර වගෙයි පෙනෙන්නේ. විමල් එහෙම ගමන් මග වෙනස් කරන බවක් හිතලාවත් නැහැ කියලා තමයි නව පාර්ලිමේන්තුවේ දවස් දෙක තුල හැසිරීම මගින් පෙන්වලා තිබෙන්නේ .

    මුලින් ජවිපෙ, ඉන්පසු හෙල උරුමය අතට මාරුවුන ජාතිවාදී ලයින් එකේ මී ලඟ නායකත්වය ජානිපෙ විසින් අල්ලා ගැනීමට තිබෙන ඉඩ බැහැර කල නොහැකියි. ජාතිවාදී ලයින් එකේ නායකත්වය හොඳ ඉල්ලමක් ඕනම රටක. සදාතනික නොවුනත්, ඊ ලඟ වතාව වෙනතුරු අල්ලගෙන ඉන්න (ඒක තමයි විමල්, ගම්මන්පිල, හෙල උරුමය වැනි පක්ශ පැවතීමේ ක්‍රමය ) තියෙන හොඳම විදිය අතිශය ජාතිවාදී වීම තමයි කියලා ඔවුන් හොඳින්ම දන්නවා.

    - Dimithri

    පලි:

    //විමල් වීරවංශ සුන්දර රූසපුවක් ඇති....//

    දැන් දැන් මටත් හිතෙනවා මේ කොමෙන්ට්කාරයෝ කියන - පැරා රනිල් එක්ක භජනේ වැඩියි - කියලා කියන කතාව ඇත්ත ද කියලා ;-)

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලිව්වේ සත්හඬ පත්තරේ වෙනුවෙන් ගිය අඟහරුවාදා.

      Delete
  13. ලිපිය හා කොමෙන්ට් කියවා හිනාගිය බව පමණක් සඳහන් කරනු කැමැත්තෙමි

    ReplyDelete
  14. විමල් තවම ලොකු ළමයෙක් වූ බවක්නම් නම් නොපෙනේ.ඔහු තවමත් ඔහුගේ දේශපාලන මාලු ලෑල්ලේ විකුනන්නේ ජාතිය ,ආගම සහ දේශපාලන කුහකත්වයයි.ඔහු දේශපාලනයට සැබැවින්ම හුජ්ජ කොල්ලෙකි. දේශපාලන මඩවලේ මාලු බාන මාලුකාරයෙකි. ඔහුගේම වචන වලින් ප්‍රකාශ කලොත් ඔහුගේ දේශපාලන ගුරුත්ව කේන්ද්‍රයමතට ගෙනවිත් ඇත්තේ මුදල්ය. ඔහුගේ දේශපාලන ජීවිතයේ උපරිමය ඔහු දැන් පසුකොට ඇත. දැන් ඔහු ලඟාවන්නේ එහි අවමයටයි. අනාගතය ඔහුගේ දේශපාලනයට නියම විසඳුම ලබා දෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. විමල්ට ජය වේවා........!

      විමල්ට ජය වේවා.............!

      විමල්ට ජය වේවා..............!

      Delete
  15. වංශය වීර නම් වීර වංස ම තමයි.....හික්ස්.....

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  17. "එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බුලත් කොලයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට ආ ජාතික නිදහස් පෙරමුණේ විමල්, පිවිතුරු හෙළ උරුමයේ ගම්මන්පිල, මහජන එක්සත් පෙරමුණේ දිනේෂ්, කොමියුනිස්ට් පක්ෂයේ ගජධීර, වාසුදේව ආදීන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් ලෙස නොසැලකීම හේතුවෙන් ඔවුන්ට පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් අහිමි වනු අැත. පක්ෂ නායකයන් ලෙස ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු වරප‍්‍රසාද ද අහිමි වනු ඇත. "

    "මෙය ජාතිවාදී විමල්ලාට ගම්මන්පිලලාට දිනේෂ්ලාට දෙවියන් විසින් දුන් දෛවයේ දඬුවමකැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකා ඊ නිව්ස් සමග කීය. මේ ජාතිවාදීන්ට කතා කිරීමට කාලය ඉල්ලාගෙන සම්බන්ධන් මහතා වෙත යෑමට සිදුවීමත් වීරවංශට අනුර කුමාරගෙන් කාලය හිඟා කෑමට සිදුවීමත් දෛවෝපගත දඬුවමක් නොවේදැයි ඔහු ප්‍රශ්න කෙළේය."

    [උපුටා ගත්තේ ලංකා-ඊ-නිව්ස් වෙබ් අඩවියෙන්]

    ReplyDelete
  18. විමල්ට ජය වේවා........!

    විමල්ට ජය වේවා.............!

    විමල්ට ජය වේවා..............!

    පැරාට කෙලවේවා...........!

    ReplyDelete
  19. JVP ekata hithapu asana ganana hamba une naththe ayi kiyala poddak kiyannako para.

    ReplyDelete
  20. me lipiya kisima harawath deyak gena neme kathakaranne. Me yaka samajayata kala vinasaya wishesayen demala janathatwata saha jathiwadi manasak ethi kirimen kala vinasaya.

    ReplyDelete
  21. විමල් කුමාර් ද කොස්තා රඟ පෑ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටය ගැන සොයන විට මේ ලිපියත් ගූගල් සොයා දෙනවා!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා