2015-07-14

තදියම්කාරයන් සනසන මෛත්‍රීගේ ප්‍රකාශය

අවසානයේදී ජනාධිපතිතුමා කට ඇර තිබේ. 

හැමෝම බනිද්දී අපි එතුමා සමග සිටියමු. ඔහු අප විසින් බලයට පත් කර ගන්නා ලද ජනාධිපතිවරයා ය. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ තිබුණු තත්වය තුළ ඔහුට මහින්දට නාමයෝජනා දෙන එක වළක්වා ගන්නට බැරි විය. මහින්දට නාමයෝජනා දුන් පසු දුමින්ද සිල්වාට, මර්වින් සිල්වාට, සජින් වාස්ට දුන්නා ය නො දුන්නා ය කියා වෙනසක් නැත. ඔවුන්ටත් දුන්නා නම් ඉවර ය. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ භාවිතාව තුළ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදයයි. පුරවැසි බලය පවා පසුගිය දිනවල හඬතැලුවේ මෛත්‍රීපාල පක්ෂය තුළ අධිකාරවාදී විය යුතු බව කියා ය. අපි ජනවාරි 08දා කළ විප්ලවයේ ප්‍රජාතාන්ත්‍රික හරය අමතක නො කළ යුතු ය. 

මෛත්‍රී - මහින්ද දීගයක් සිදු නො වන බව ජනාධිපතිගේ ප්‍රකාශයෙන් සුපැහැදිලි වේ. එසේම, කුමක් හෝ වැරදීමකින් හෝ සන්ධානය දිනුවත් මහින්දට අගමැතිකම ලැබෙන්නේ නැති බව පැහැදිලි ය. එහෙම වුණොත් මහින්ද ඉල්ලං කන්නේ සුසිල් ප්‍රේම ජයන්තගෙන් වන්නට පුළුවන. නිමල් සිරිපාල මහින්දට විපක්ෂ නායකකමවත් දෙයි ද? 

මෛත්‍රී පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස් විය යුතු නැත. ශ්‍රීලනිපය සොරුන්ට ප්‍රාණ බුක්තියට දෙන්නේ කුමට ද? මහින්ද ක්‍රමය අහෝසි කර, සමාජය නවීනත්වය කරා ගෙන යන්නට ශ්‍රීලනිපය ගොඩ ගත යුතුව තිබේ. මෛත්‍රීට ඒ සඳහා ශක්තිය දිය යුතු ය. 

“මේ ඡන්දයේ දී මම මධ්‍යස්ථව ඉන්නවා.සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට බලධරයනට උදව් කරනවා. ඔබ වෙනුවෙන් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය අපහරණය කරන්න එපා."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.