Posts

Showing posts from June, 2015

මහින්දයි මෛත්‍රීයි හවුල් වුණොත් දෙන්නා ම ඉතිහාසයේ එක ම කුණු කූඩයට

Image
මහින්ද ශ්‍රීලනිපය දෙකට කඩන බව ඉතා පැහැදිලි ය.  ඔහුට කළ හැකිව තිබෙන ප්‍රගතිශීලී ම කැඩිල්ල නම්, ඔහුගේ හොරු සෙට් එකත් එක්ක හැකි නම් බුලත් කොළය හා අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත හා නිමල් සිරිපාල යන තුන් බානත් අරගෙන තොලොංචි වී යන එක ය.  මහින්දගේ හොර නඩයේ ගැලවී යාම විසින් ශ්‍රීලනිපයට නවීන පක්ෂයක් ලෙස ඉදිරියට යාමට මග විවර කර දෙනු ඇත.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතැනදී මඩේ හිටවපු ඉන්න සේ සිටීම තේරුමක් නැත. අප ඔහු බලයට පත් කළේ මේ හොරු සමග කූට්ටාලි වන්නට නො වන බව ඔහු මතක් කර ගත යුතු ය. තමන්ගේ ජනවරම කුමක් ද යන්න ඔහු නැවත සිහිපත් කර ගත යුතු ය. රට වෙනස් මගකට යොමු කළ නායකයකු ලෙස ඉතිහාසගත වන්නට මෛත්‍රීපාලට ලැබී තිබෙන අවස්ථාව පාරාජිකා වූ මේ චෞරයන් නිසා නැති කර ගත යුතු නැත.  මේ සොරුන් සමග එක් වුණොත් ඔහු ඉතිහාසගත වනු ඇත්තේ ජනවරමට පිටු පෑ ගුණමකු කාලකන්නියකු ලෙසයි. ඔහු එවැන්නකු වන බවක් මෙතෙක් ඔහු පෙන්වා නැත. මෛත්‍රීපාල නිවැරදි තීරණයක් ගත යුතු ය. ඔහු මහින්දට ඉඩ දුන්නොත්, ඔහු බලයට පත් කරන්නට ඉදිරියට පැමිණ අවදානම භාර ගත් දේශපාලනඥයන් හා ජනතාව ඔහුට අහිමි වනු ඇත. මහින්ද සමග ගියොත් ඔහුට කිසිවක් ලැබෙ

සංගා දේශපාලනයට එන එක නරක ද?

Image
කුමාර් සංගක්කාර දේශපාලනයට එන නො එන එකේ හොඳ නරක පසුගිය දිනවල සාකච්ඡා වෙමින් තිබිණි.  ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන බවට වාර්තා පළ වී තිබිණි.  ඔහු එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් තමන් දේශපාලනයට නො එන බව නිවේදනය කළේ ය.  අද අයිලන්ඩ් පුවත්පතේ ද මේ පිළිබඳ බොළඳ කතුවැකියක් ලියා තිබේ. එයින් ද කියන්නේ දේශපාලනය නරක දෙයක් නිසා හොඳ සංගා එයට නො ආ යුතු බවයි.  දේශපාලනය නරක දෙයක් කළේ ලංකාවේ දේශපාලකයෝ ය. එය නරක ම දෙයක් බවට පත් වුණේ පසුගිය දශකය තුළ ය. මෙම සමය තුළදී දේශපාලකයා යනු අමු අමුවේ මහජන දේපල මංකොල්ල කන්නකු බවට පත් කරන ලදී.  මේ ක්‍රමය වෙනස් කළ යුතු ය. ඒ සඳහා හොඳ පෞරුෂයන් දේශපාලනයට පිවිසිය යුතු ය. ක්‍රීඩාවේ පරමාදර්ශී චරිතයක් වූ සංගාට දේශපාලනයේදී ද එසේ වන්නට බැරිකමක් නැත.  දේශපාලනය අනිවාර්යයෙන් ම දූෂණය විය යුතු නැත. ලංකාව මේ මොහොතේ මුහුණ දී තිබෙන ප්‍රශ්නය ක්‍රිකට්වලින් විසඳන්නට බැරි ය. එ් සඳහා දේශපාලන පුරෝගාමිත්වයන් අවශ්‍ය ය. සංගා ඒ සඳහා හොඳ පෞරුෂයකි. කලින් ද ක්‍රිකට් නායකයන් දෙදෙනෙක් දේශපාලනයට පිවිසුණ හ. එක් අයෙක් අර්ජුන රණතුංග ය. අනෙක් පුද්ගලයා සනත් ජයසූරිය

ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරකි

Image
ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරක් බව අපි නැවතත් අවධාරණය කරමු.  මේ වන විට රාජපක්ෂවාදී සොරු දත මැදගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලා පසුගිය කාලයේ සොරකම් කර මුදල් යොදවා ඡන්ද කර දිනා ගන්නට ය.  මේ සිහිනය සැබෑ කිරීමට ඉඩ නො දිය යුතු ය. මහජනතාව ලෙස අපි නැවතත් මේ සොරුන්ට බලයට පත් වන්නට තිබෙන සියලු මාර්ග අවහිර කළ යුතු ය.  අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ මේ සොරුන්ට අනුග්‍රහ දක්වන්නට නො වේ. සොරුන් දේශපාලනයෙන් අතු ගා දමන්නට ය.  ඔවුන්ට නාම යෝජනා දී ඔවුන් පරද්දන්නැයි අපෙන් ඉල්ලන්නට එපා.  මේ චෞර කැලත මහින්දට ම භාර දෙන්න.  ශ්‍රීලනිපයෙන් අලුත්, දක්ෂ පිරිසකට අවස්ථාව දෙන්න.  අපි පාර්ලිමේන්තුව පිරිසිදු කරමු.  (මෙම පෝස්ටර් ෆේස්බුක් මගින් බෙදා හරින ලද ඒවා ය. ඒවායේ නිර්මානකරුවන්ට ස්තුතියි.)  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා

සීසර්ගේ දේ සීසර්ට - මහින්දගේ දේ මහින්දට

Image
මහින්ද රාජපක්ෂවාදියකු වන පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න සිය ෆේස්බුක් පිටුවේ සුසිල් ප්‍රේමජයන්තගේ ඡායාරූපයක් පළ කරමින්  THIRAYEN PITUPASA MAHINDA WENUWEN AYOMAYA SHAKTHIYA  යි සටහන් කර තිබිණි. පූජකයෝ ජේසු අමාරුවේ දාන්න මිනිසුන් ලවා ප්‍රශ්නයක් ඇසූ බව බයිබලයේ සඳහන් වෙනවා. අහපු ප්‍රශ්නය තමයි සීසර්ට බදු ගෙවිය යුතු ද යන්න. එපා කිව්වා නම් ජේසු අමාරුවේ වැටෙනවා. ගෙවන්න කිව්වා නම් යුදෙව්වන් ඒ අදහසට විරුද්ධ වෙනවා. කාසියක් ගෙන්වා ගත් ජේසු ඇහුවා එහි තිබෙන්නේ කාගේ රූපය ද, නම ද කියා. එහි තිබෙන්නේ සීසර්ගේ නම හා රූපය යි පැවසූ විට ජේසු කීවේ ‘සීසර්ගේ දේ සීසර්ට දෙන්න. දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න' කියා ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් ද තිබෙන්නේ මෙවැනි පිළිතුරකි. එහිදී කීමට සිදු වන්නේ ‘මහින්දගේ දේ මහින්දට දෙන්න. දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න' යි කියා ය. මෙතැනදී දෙවියන් යනු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නො වේ. මේ වන විට ඔහු ජනවාරි 08 විප්ලවයේ බලාපොරොත්තු සුන් කරන යම් ක්‍රියාමාර්ග ගෙන හමාර ය. එක පැත්තකින් එය ඔහුගේ වරදක් නො වන්නට ද පුළුවන. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාප

මෛත්‍රී - මහින්ද සම්මුතිය මොකක් ද?

Image
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ අතර නිර්මානය වී තිබෙන සම්මුතිය ගැන තවමත් පැහැදිලිව හෙළිදරව් වී නො මැත.  එහෙත්, ලැබී තිබෙන වාර්තා අධ්‍යයනය කිරීමේදී අනුමාන කළ හැකි කාරණයක් වන්නේ දෙපාර්ශ්වය ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමේ සම්මුතියක් නිර්මානය වී තිබෙන බවයි.  අගමැති අපේක්ෂකයකු නම් නො කරන අතර, මහින්ද සිය අපේක්ෂකයන් වෙනුවෙන් ද මෛත්‍රී තමන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ද ප්‍රචාරණයේ යෙදෙන්නට ඉඩ තිබේ. මේ වෙනුවෙන් මහින්ද ජාතික ලැයිස්තුවෙන් තරග කිරීමට ඉඩ තිබේ.  කෙසේ වෙතත්, මෙවැනි සම්මුතියක් ඇති වී තිබේ නම් ජනාධිපති මෛත්‍රීපාලට එරෙහිව ඔහුගේ පාර්ශ්වයෙන් පවා දැවැන්ත විරෝධයක් එල්ල වන්නට ඉඩ තිබෙන බව ද වාර්තා වේ.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිර

මිරුසුවිල් අධිකරණ තීන්දුවට එරෙහිව උද්ඝෝසණ කරන සියලු දෙනා අත්අඩංගුවට ගනු!

Image
2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී. එම ඝාතනය හා සම්බන්ධ නඩු වාර්තා අනුව මෙහි සිදු වී තිබෙන සිද්ධිය මෙසේ ය. සරණාගතයන් වූ මෙම සිවිල් වැසියන් ඝාතනයට ලක් වන්නේ ඒ වන විට හමුදාව විසින් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබුණු ඔවුන්ගේ ඉඩකඩම් වෙත ගොස් එහි ගඩා ගෙඩි ආදිය කඩාගෙන ආපසු සරණාගත කඳවුරු වෙත එන්නට සූදානම් වද්දී ය. ඔවුන් මේ අවදානම් ගමන යන්නේ බඩගින්න නිසා බව පැහැදිලි ය. මෙම ප්‍රදේශ හමුදා පාලනය යටතේ පැවති අතර එහි සිදු වූ දිගු දුර මෙහෙයුමක් නැත. ඒ නිසා දිගු දුර මෙහෙයුම් බලකායක් මේ සමග පටලවා ගැනීම සම්පූර්ණයෙන් ම වැරදි ය. දිගු දුර මෙහෙයුම් කණ්ඩායම්වල සාමාජිකයෝ කිසිවෙක් කිසි කලෙක සිය කටයුතු ගැන කයිවාරු ගසා නැත. ඉතා විධිමත් පුහුණුවක් ලබන ඔවුන් කරන්නේ මිලිටරි කාර්යයකි. ඉතා සැලසුම් සහගත ලෙස ඉලක්ක හඹා යන ඔවුන් අතින් ඝාතන සිදු වන බව ඇත්ත

ඩයස්පෝරා සැණකෙළිය හා ජාතිවාදී හබන් කුකුළන්ගේ රජ මඟුල

Image
ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම පහසු කාර්යයක් නො වන බව අපි කවුරුත් දනිමු. එය ලංකාවේ ප්‍රශ්න අතර ඇති වැදගත් ම ප්‍රශ්නය ලෙස ද ඇතැමෙක් හඳුන්වති. ජාතීන්ගේ ප්‍රශ්නය කල් තබා විසඳා ගත්තා නම් නිදහසින් පසු ලංකාව අද වන විට තිබෙන්නේ මේ තත්වයේ නො වන බව ප්‍රත්‍යක්ෂ ය. ජාතීන් අතර ගැටුම නිසා අපි තිස් අවුරුදු යුද්ධයක පැටලුණෙමු. එයින් මෙරට ආර්ථික හා සමාජ දේහයන්ට සිදු වූ හානිය සුළුපටු එකක් නො වේ. යුද්ධය අවසන් වී දැන් පස් වසරකි. එහෙත් තවමත් එක රටක , එක ජාතියක් ලෙස ක්‍රියාත්මක වන්නට මෙරට ජනතාව සමත් වී නැත.               ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද යන පැනයට විවිධ දේශපාලන විශ්ලේෂකයන් විසින් විවිධ පිළිතුරු සපයා තිබේ. ඒ සියලු පිළිතුරු සරළ වර්ගීකරණයකට ලක් කළ හැකි ය. එක් පිළිතුරක් වන්නේ ප්‍රමාණාත්මකව සුළුතර ජාතීන් මහ ජාතියේ ආධිපත්‍යයට යටත්ව ජීවත් විය යුතු ය යන්නයි. එහෙත් සුළුතර ජාතීන් මෙම විසඳුම පිළිගන්නට මැළි වෙති. එය ඔවුන්ගේ අභිමානයට හානිකර ලෙස සලකති. එම නිසා එම විසඳුම යල් පැන ගිය එකකි. දෙවන විසඳුම යෝජනා වන්නේ සුළුතර ජාතීන් පැත්තෙනි. ඒ වනාහි රාජ්‍ය ප්‍රතිසංස්කරණයකි. මෙම රාජ්‍ය ප්‍රතිසංස්කරණ ය

මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම්

Image
අපි ගිය සතියේ මේ මාතෘකාවෙන් ම මතුගමදී සම්මන්ත්‍රණයක් පැවැත්වූයෙමු. මෙම ලිපිය පළ වන විට පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන්නටත් පුළුවන. රටම මහමැතිවරණයක් අපේක්ෂාවෙන් සිටියි. වෙනස් වී තිබෙන ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවකින් තොරව රටට ඉදිරියට යන්නට බැරි ය. පුරවැසියන් ලෙස අප බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න විග්‍රහ කර ගැනීම වැදගත් ය. ඒ සඳහා පළමුව පුරවැසියා කවුරු ද යන්න ද විග්‍රහ කර ගත යුතුව තිබේ. පුරවැසියා යනු හුදු ගැහැනියක හෝ මිනිසකු හෝ නො වේ. පුරවැසිභාවය පිළිබඳ නූතන විග්‍රහය ධාරා දෙකක් ඔස්සේ සිදු වේ. ඉන් එක් ධාරාවක් වන්නේ ලිබරල් පුද්ගලවාදී දෘෂ්ටිවාදී ධාරාවයි. දාහත්වන හා දහඅටවන සියවස්වල සිට ගොඩනැගෙන මෙම දෘෂ්ටිවාදයට අනුව පුරවැසියන්ට මානව ගරුත්වය හා සම්බන්ධ වගකීම් පැවරේ. පුරවැසියෝ ස්වෛරී, ස්වාධීන ජනතාවකි. ඔවුහු බදු ගෙවති. නීතියට ගරු කරති. ව්‍යාපාරික ගනුදෙනු කරති. ජාතිය තර්ජනයට ලක් වූ අවස්ථාවලදී එය ආරක්ෂා කරති. එහෙත් පුරවැසියා දේශපාලනිකව නිෂ්ක්‍රීය ය.ඔවුන්ගේ මූලික අවධානය යොමු වන්නේ ආර්ථික වශ‍යෙන් වඩා යහපත් තත්වයන් ඇති කර ගැනීමටයි. පුරවැසියන්ගේ සිවිල්, දේශපාලන හා සමාජ හිමිකම් ආරක්ෂා කිරීමේ වගකී

රජය නීති විරෝධී ඝාතන සිදු කරන වධකාගාරයක තත්වයේ සිට ශිෂ්ට ආයතනයක් බවට පත් කිරීම

Image
පසුගිය කාලයේ සිදු වූ පැහැරගැනීම් හා නීති විරෝධී ඝාතන පිළිබඳ දැන් යම් යම් පරීක්ෂණ සිදු වෙමින් තිබේ. දෙහිවල ප්‍රදේශයේ වෛද්‍ය ශිෂ්‍යයින් දෙදෙනකු ඇතුළු ළමයින් පස්දෙනකු අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ හබයාස් කෝපුස් පරීක්ෂණයේ සාක්ෂි දෙමින් රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසුවේ නාවික හමුදාවේ කමාන්ඩෝ භටයින් ළමයින් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි බව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නා‍ගොඩ ඇතුළු නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් දැන සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. කැරැළි මර්දනය මුවාවෙන් රාජ්‍ය ත්‍රස්තවාදයේ යෙදීම පිළිබඳ නිදහස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවල අපකීර්තිමත් ඉතිහාසය 1971 කැරැල්ලට පෙර වකවානුව දක්වා ම විහිදෙයි. 1989 කැරැල්ල සමයේදීත් රාජ්‍ය ත්‍රස්තවාදය මහා පරිමාණෙන් දියත් වූ අතර, මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී දෙමළ කැරැල්ල සමග එය උපරිම මට්ටමට ළඟා විය. මෙම වකවානුවල කැරැලිකාරී ව්‍යාපාර ත්‍රස්තවාදී කටයුතුවල යෙදුණු බව සැබෑ ය. එහෙත්, මහජන පරමාධිපත්‍යයට යටත් රජයක් විසින් කැරැලි මර්දනය සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගැනීම ලොව කිසිදු ශිෂ

ඩයස්පෝරාව සමග සාකච්ඡාවලට එරෙහි වීම මුවාවෙන් යළි ජාතිවාදය පිට නැගීම

Image
සුරේන් සුරේන්ද්‍රන් ගැටුම් කළමනාකරණය හා සාමය ගොඩනැගීම සම්බන්ධව කටයුතු කරන දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රාහකත්වයෙන් ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් හා විදේශ ඇමති මංගල සමරවීර අතර පැවති සාකච්ඡා පිළිබඳ රටේ අවධානය යොමු වී තිබේ.  අද ඩේලි නිව්ස් පුවත්පතේ මුල් පුවතේ අරමුණ වී තිබෙන්නේ මේ සාකච්ඡා හේතුවෙන් දෙමළ ඩයස්පෝරාව බෙදී ඇති බව පෙන්වීමයි. එවැනි ප්‍රකාශනයක් මේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්නට කෙසේ ඉවහල් වේ ද යන්න සැක සහිත ය. තමන් සාකච්ඡා කරන්නේ ප්‍රතිවාදියා දුර්වල කරන්නට ය කියා කී විට සිදු වන්නේ තමන් සමග සාකච්ඡාවට පැමිණි පාර්ශ්වයට එරෙහිව අවි අමෝරා ගන්නට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබීමයි. ගෝලීය දෙමළ සංසදය හා දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව මේ වන විටත් දෙමළ ජාතිවාදීහු අවදි වී සිටිති. විදෙස්ගත ලාංකික ප්‍රජාව හෙවත් ඩයස්පෝරාව යනු සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජාතීන් ඇතුළත් වන බහුවිධ ප්‍රපංචයකි.  එහි දෙමළ ජනතාව අඩංගු් වන බව ඇත්ත ය. ඩයස්පෝරාවෙන් සැලකිය යුතු පංගුවක් දෙමළ ජනයා බව ද ඇත්ත ය. එසේ වුණේ ලංකාවේ තිබුණු තත්වය හේතුවෙන් ලෝකයේ අනුකම්පාව

කුමන්ත්‍රණ ඔස්තාද්ලාගේ වැල් බයිලා සහ චතුර බෙලිඅතු යාම

Image
2015 ජනවාරි 08දා ලංකාවේ සිදු වූ දේශපාලනික පෙරළිය දේශපාලන අරුතකින් විග්‍රහ කරනවා වෙනුවට පෞද්ගලික කුමන්ත්‍රණවල ප්‍රතිඵල හුවා දැක්වීමේ ප්‍රයත්නයක් දැකිය හැකි ය.   ජනවාරි 08 විප්ලවය තමන්ගේ කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් යයි උදම් අනන අය අතර අතුරලියේ රතන හිමි, චම්පික රණවක, රාජිත සේනාරත්න, චන්ද්‍රිකා බණ්ඩාරනායක පමණක් නොව ලංකාදීප පුවත්පතට ලිපි මාලාවක් ලියන තුසිත හල්ලොලුව සහ ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න ද සිටිති.  මේ අය අතරින් ඇතැමෙක් තමන් ගැන මාර අභිමානයකින් පෙළෙන අතර එහි තරම කොච්චර ද යන්න චතුර සේනාරත්න පසුගියදා කළ ප්‍රකාශයකින් පෙනේ. චතුර සේනාරත්න බෙලිඅත්තෙන් ඡන්දය ඉල්ලා මහින්ද රාජපක්ෂ පරදා ඔහුගේ දේශපාලනය අවසන් කරන බවට දෙඩූ වහසි බස අර තුසිත හල්ලොලුවගේ ලිපි වැනි ම හෝ ඊටත් වඩා ගොන් පාට් එකකි.  ජනවාරි 08 ඔය කියන තරම් කුමන්ත්‍රණයක් තිබුණේ නැත. ඒ වනාහි මේ රටේ ජනතාව විසින් නිර්මානය කරන ලද මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් මිස අන් යමක් නො වේ. එහි ප්‍රධාන භූමිකාව රඟ පෑවේ ඔය කියන කයිවාරුකාරයන් නො ව එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල සිරිසේනයි.  මෛත්‍රීපාල සිරිසේන ඔය කාගේවත් නිර්මානයක් නො වේ

මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම සංවාදශීලී සම්මන්ත්‍රණය මතුගමදී

Image
ඉදිරි මහ මැතිවරණයේදී පුරවැසියන් වශයෙන් අප ඉතා සැලකිල්ලෙන් හා වගකීමෙන් අපේ ඡන්දයව පාවිච්චි කළ යුතුයි. උත්තරීතර යයි සැලකෙන අපේ රටේ පාර්ලිමේන්තුව පසුගිය කාලයේ මහජන මුදල් මංකොල්ලකන්නන්ගේ, කුඩු වෙළෙන්දන්ගේ, එතනෝල් ජාවාරම්කරුවන්ගේ, කැසිනෝකාරයන්ගේ, ඔට්ටුකරුවන්ගේ, අපරාධකරුවන්ගේ, ස්ත්‍රී දූෂකයන්ගේ හා මැරවරයන්ගේ තෝතැන්නක් විය. පාර්ලිමේන්තුව යනු අපේ ජීවිතයට බලපාන වැදගත් තීන්දු, තීරණ ගන්නා, නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනයකි. එවැනි තැනක් මෙවැනි දූෂිතයන්ගෙන් පිරී ගිය විට අපේ හා අනාගත පරම්පරාවල ජීවිතය අතිශය ඛෙදජනක තත්වයට පත් වීම වළක්වන්නට බැහැ. එබැවින් මැතිවරණයේදී අපේ ඡන්දය පාර්ලිමේන්තුව පිරිසිදු කරන ඡන්දයක් බවට පත් කර ගත යුතුයි. ඉහත කී ආකාරයේ ජාවාරම්කාරයන් හා දූෂිතයන් පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි. අපගේ ඡන්දයෙන් පත් විය යුත්තේ ජනතා හිතෛෂී දේශපාලකයෝයි. පාර්ලිමේන්තුවට පිරිසිදු දේශපාලනඥයන් පත් කර යැවීමේ වගකීම අප අතට ගත යුතුයි. අප පත් කර යවන මහජන නියෝජිතයන් ජාතිවාදීන් නො වන, නිතිය සුරකින, අධිකරණයට ගරු කරන, මහජන දේපල මංකොල්ල නො කන, අල්ලස් නො ගන්නා වෘත්තිකයන් පිරිසක් විය යුතුයි. ම

විස්ස සම්මත වුණත් මහමැතිවරණය පරණ ක්‍රමයට ම තියන්න වන්නේ ඇයි?

Image
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 237කි. මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 145ක් වන අතර 55 ක් දිස්ත්‍රික් සමානුපාතික ලැයිස්තුවෙන් ද ජාතික ලැයිස්තුවෙන් 37ක් ද තේරී පත් වේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැනටමත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කර තිබේ. පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව හා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය 20වන සියවසේ මුල් යුගයේ සිට 1977 දක්වා කාල පරිච්ඡේදය තුළ ක්‍රමිකව සිදු වූ විකාශනයකි. 1948 ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව ආසන 50කින් සමන්විත රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තෝරා පත් කර ගන්නා ලදී. ඒ වෙනුවෙන් 1931.06.13 සිට 1931.06.20 දක්වා දින 7ක් පුරා මැතිවරණය පැවැත්විණි. 1936දී පත් වූ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පැවතියේ ද එම ආසන සංඛ්‍යාව ම ය . ඉන්පසු 1945 දී පත් කරන ලද සෝල්බරි කොමිසමේ නිර්දේශානුකූලව දිවයින පුරා මැතිවරණ කොට්ඨාස 89 ක් පිහිටුවන ලදී. ඒ අනුව පළමු මහමැතිවරණය 1947.08.23 සිට 1947.09.20 දක්වා දින 19ක් පුරා පැවැත්විණි. මැද කොළඹ ත්‍රිමන්ත්‍රී ආසනයක් වශයෙන්ද, කඩුගන්නාව අම්බලන්ගොඩ-බළපිටිය, බදුල්ල සහ බළන්ගොඩ ද්වි මන්ත්‍රී ආසන වශයෙන් ද ප්‍රකාශයට පත්

රටකට ඕනෑ අපමණ අගයක් - ජාතික නායක ජනපතිවරයෙක්

Image
පසුගියදා පැවැති ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතවරුන් සහ ඇමැතිවරුන් සහ ජනාධිපතිවරයා අතර හමුවේදී මිහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක බවට පත් කිරීමට පක්ෂය එකඟ වූ බවට රාජපක්ෂ කඳවුරේ වෙබ් අඩවි උදම් ඇනුවේ ය. එහෙත්, ඇත්තෙන් ම සිදු වී තිබුණේ එය නො වේ. සිදු වී ඇත්තේ පක්ෂය සමගි කිරීම සඳහා කමිටුවක් පත් කිරීමයි. ඒ වෙනුවෙන් පත් වී තිබෙන්නේ රාජපක්ෂ කඳවුරට සමීප පිරිසකි. එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න, ශ්‍රීලනිප උප ලේකම් ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම සහ ටී. බී. ඒකනායක යන මන්ත්‍රීවරු එම කමිටුවට අයත් වෙති. මේ සියල්ලෝ ම පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීමට වැඩ කළ අයයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ කිසිවෙක් මෙම කමිටුවේ නැත. මෙම කරුණින් ගම්‍ය වන අරුත් ගැන අපගේ අවධානය යොමු විය යුතු ය. පොදු අරමුණක් සහිත ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා වෙනුවට මහින්ද අගමැති කරගෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවශ්‍යතාව වැඩිපුර ම තිබෙන්නේ බරපතල දූෂණ චෝදනා ඇති පිරිසටයි. ඔවුන්ගේ සැබ

1990දී කළ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටු වන්නට වසර 25ක් ගත වීම

Image
පානදුර මහාධිකරණය විසින් ජුනි 20දා වැදගත් තීන්දුවක් දෙන ලදී. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ද සිල්වා සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ ඇතිව අට වසරක සිර දඬුවමක් නියම කරන ලදී. ඒ රොෂාන් ද සිල්වා 1990 වසරේ හොරණ පොලිසියේ අපරාධ ස්ථානාධිපති ලෙස සේවය කරන සමයේ අවුරුදු 16ක් වයස් වූ ඉංගිරියේ පදිංචිව සිටි ළමයෙකු මරා අතුරුදහන් කිරීම සම්බන්ධයෙනි.  මේ වනාහි 1989 කැරැල්ල අවසන් වෙමින් පැවති සමයයි. මෙසමයේ මෙවැනි ඝාතන දහස් ගණනක් මේ රටේ සිදු විය. මේ වනාහි එවැනි අපරාධයකට වරදකරුවකුට දඬුවම් ලැබුණු අතිශය දුලබ අවස්ථාවකි.  එය ද සිදු වී තිබෙන්නේ වසර 25කට පසු ය. වසර 25කට පසු හෝ යුක්තිය ඉටු වීම සතුටු විය හැකි කාරණයකි. එහෙත් වසර 25ක්!  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා

වැලිකඩ ඝාතනය ගැන යුක්තිය සොයා කරන මේ සටන

Image
ලංකාවේ සිරකරුවන් ඝාතනය කිරීමේ ඉතිහාසය බොහෝ ඈතට විහිදෙයි. ඉඳහිට සිදු වෙමින් තිබුණු මෙවැනි ඝාතන මහත් ආන්දෝලනාත්මක තත්වයට පත් වුණේ 1983 ජුලි කලබල අතරතුර වැලිකඩ දෙමළ සිරකරුවන් 53ක් ඝාතනය කිරීමේ සිද්ධියත් සමගයි. දෙමළ සිරකරුවන් ඝාතනය කිරීම දිගට ම සිදු වූ අතර වසර 2000දී බණ්ඩාරවෙල බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ සිටි වයස අවුරුදු 30ට අඩු තරුණ දෙමළ සිරකරුවන් 26ක් ගම්වාසීන් හා වෙනත් අයගෙන් සැදුම්ලත් අයුතු ජන රාශියක් විසින් මරා දමන ලදී.  2012 වසරේ වවුනියා රිමාන්ඩ් සිරගෙදර සිදු වූ ප්‍රහාරයෙන් එක් සිරකරුවකු මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබූ හ.  මේ සියලු සිදුවීම්වලදී මිය ගියේ දෙමළ සිරකරුවන් නිසා සිංහල සමාජය මේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන උනන්දුවක් දැක්වූයේ නැත.  2012 නොවැම්බර් 09දා වැලිකඩ සිරගෙදර සිදු වූ ඝාතනයේදී සිරකරුවෝ 27ක් මරා දමන ලදී. ඔවුන්ගෙන් බහුතරය සිංහල වූ අතර එම ඝාතන සාධාරණීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කරුණු වූයේ ඔවුන් දරුණු අපරාධකරුවන්, කුඩුකාරයන් හා බන්ධනාගාරය තුළ පොලිසිය කළ මෙහෙයුමට එරෙහිව කැරැලි ගැසූ අය කියා ය.  මහින්ද රාජපක්ෂ පාලනය තුළ  රටේ අපරාධ මර්දනය කිරීම සඳහා ය ක

සම්මානලාභී සෝමරත්න දිසානායකගේ සම්මානලාභී චිත්‍රපට පෙරහැර සම්මානලාභී රූපවාහිනියෙන්

Image
මේ දවස්වල ජාතික රූපවාහිනිය සම්මානලාභී සිනමාකරුවන්ගේ චිත්‍රපට පෙන්වනවා ය. ඒ අනුව සෝමරත්න දිසානායකගේ සරෝජා කලින් සතියේ සෙනසුරාදා පෙන්නුවා ය. සෝමරත්න දිසානායකගේ පුංචි සුරංගනාවි ගිය සෙනසුරාදා පෙන්නුවා ය. සෝමරත්න දිසානයකගේ සූරිය අරණ මේ සෙනසුරාදා පෙන්නනවා ය. සෝමරත්න දිසානායකගේ අහවල් එක ඊළඟ සෙනසුරාදා පෙන්නුවා ය. මේ පුටුවේ ඔය ගොම තැම්බ තියනකොට අපි ඔහොම වෙයි කියා හිතුවා ය. මේ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ ය.  හේතුව රූපවාහිනියේ මොන රෙද්ද පෙන්නනවා ද කියා කවුරුවත් දන්නේ නැති ය.  ඒක කවුරුවත් බලන්නේ නෑ ය.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්

රාජපක්ෂලාගේ ගෙවල්වල කුරුම්බා කැඩුවේ කවුරු ද?

Image
‘මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ ෆයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි.' මේ හිටපු ජනාධිපති අද දිවයින පුවත්පතට කරන ප්‍රකාශයකි. මෙවැනි ප්‍රකාශවලින් ම ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳ පැහැදිලි වේ. ඔහු තවමත් ජීවත් වන්නේ දේශපාලකයන් විය යුත්තේ රජු වන තමන්ගේ මාළිගාවේ වළං හෝදන, පොල් කඩන බැලයන් ය යන මානසිකත්වයේ ය. තම නිවසේ කුරුම්බා කැඩූ අය ගැන ඔහු මෙසේ කියන අතරතුර ඔහුගේ ගෙදර දෙහි කපමින් සිටි කට්ටඩියකු වන සුමනදාස අබේගුණවර්ධන පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙමින් රාජපක්ෂ පවුලේ දේපල පිළිබඳ කරුණු හෙළිදරව් කර තිබේ. මෙහිදී වැදගත් වන්නේ මේ ෆයිල් කතාව ය. ඔහු මේ ෆයිල් ළඟ තබා ගන්නේ කුමට ද? යළි තමන් බලයට පැමිණි පසු පාවිච්චි කරන බව කියමින් තර්ජනය කරන්න ද? අපරාධ, දූෂණ, වංචා පිළිබඳ තොරතුරු වසන් කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව නීතිඥවරයකු වන ඔහු දන්නේ නැද්ද? වහා මෙම ෆයිල් අත්අඩංගුවට ගත යුතු ය. ඒවා ද, ඒවා සඟවාගෙන සිටීම ද විමර්ශනය කළ යුතු ය. මේ ලිපිය වෙන අයත