අපට සිංහල බැරි ඇයි?

(ලිපියෙහි ඇති වැදගත්කම නිසා දිවයින පුවත්පතෙන් උපුටාගෙන යළි පළ කරමි)

මහාචාර්ය ඡේ. බී. දිසානායක

අපේ සිංහල භාෂාවට මේ රටේ ජනතාව කියන්නේ "මවුබස" කියලයි. දරුවෙක්‌ මුලින්ම උගෙන ගන්න භාෂාව මවුබස. ඉංගිරිසියෙන් අපි ඕකට කියනවා "ෆස්‌ට්‌ ලැන්ග්වේඡ්" කියලා. දරුවෙක්‌ උපදිනකොට ඔහුට බසක්‌ නෑ. කතා කිරීමේ ශක්‍යතාව තියෙනවා. බසක්‌ නෑ. බස තීරණය වෙන්නේ ඒ දරුවගේ මව ජීවත්වන සංස්‌කෘතිය අනුවයි.

අම්ම තමයි දරුවට බස දෙන්නේ. ඒක නිසා අපි කියනවා ඒකට මවුබස කියලා. ඒ තත්ත්වය වර්ධනය වුණාම ටික ටික දරුවා වැඩෙද්දී සමාජානුයෝජනය අනුව දරුවාට පුළුවන් වෙනවා ඔහුගේ උවමනා එපාකම් ටික මවු බසෙන් දෙමවුපියන්ට වැඩිහිටියන්ට කියන්න. සන්නිවේදනය කරන්න.

පාසල් යන අවධිය.. ඒ කිව්වේ අවුරුදු 5ක්‌ පමණ වනවිට තම ඕනෑ එපාකම් කියාගන්න පුළුවන් දරුවා පාසලේදී සිංහල ඉගෙන ගන්න පටන් ගන්නවා. හැබැයි දරුවා ඒ වනවිට සිංහල කතා කරන්න දන්නවා. ගුරුවරුන්ට වගකීමක්‌ තියෙනවා මේ දරුවා දන්න බස තවදුරටත් උගන්වන්න. කොහොමද මේක කරන්නේ... දන්න බසේ මොනවද උගන්නන්න තියෙන්නේ.

මෙන්න මේ වැඩේට තියෙනවා වෙනමම න්‍යාය පත්‍රයක්‌. ඒ න්‍යාය පත්‍රයට අනුව දරුවා දන්න දේ තවදුරටත් ඔහුට කියාදීමේදී කළ යුත්තේ ඔහුගේ නිපුණතාවය වැඩි කිරීමයි. දරුවා සතු දැනුම පාවිච්චි කර යමක්‌ ප්‍රකාශ කිරීමට නිපුණතාවක්‌ ලබාදීම.

අපේ නිපුණතා කීපයක්‌ තියෙනවා.. එකක්‌ තමයි "බස කතා කිරීමේ නිපුණතාවය".... අපේ භාෂාවේ කතා කිරීමේ නිපුණතාවය විශේෂයි. දරුවකුට කියල දෙන්න ඕන තාත්තට කතා කරන හැටි. අම්මට කතා කරන හැටි, හාමුදුරුවන්ට කතා කරන හැටි.. තාත්තා යනවා... හාමුදුරුවෝ යනවා නෙමෙයි. වඩිනවා. හාමුදුරුවෝ කනවා කියන්නේ නැහැ. හාමුදුරුවෝ වළඳනවා.... මෙන්න මේවා අපි දරුවන්ට කතා කිරීමේ නිපුණතාවය ලබාදීමේදී කියා දිය යුතුයි.

ඊළඟට ඔන්න තියෙනවා කතා කරන දේ ලියා තබන නිපුණතාවය. ලිවීමේ නිපුණතාවය. අපේ රටේ කාලාන්තරයක්‌ තිස්‌සේ තිබුණා කතා කරන්න වෙනම නිපුණතාවයක්‌. ලියන්න වෙනමම නිපුණතාවක්‌. මේ දෙකේ වෙනසක්‌ තියෙනවා.

අපි බොහොම පරිස්‌සම් විය යුතුයි.

කතා කිරීමේදී මම යනවා, ඇය යනවා, අපි යනවා, ඔහු යනවා ඔවුහු යනවා කියලා කියනව. මේ යෙදුම් ලේඛනයේදී යොදා ගන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්න ඕන. මම යමි, මම යන්නෙමි. අපි යමු. අපි යන්නෙමු. මේ රටාවන් අපි කියල දිය යුතුයි. මෙන්න මේවා පිළිවෙළට අරන් ළමයට කියල දුන්නොත් එයා ඒවා පිළිවෙළට ඉගෙන ගන්නවා. නමුත් අපි මේ රටාවන් උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට අපි කියල දෙනවා පාසලේදී භාෂාවේ ස්‌වභාවය ගැන. මෙන්න සන්ධි. මෙන්න සමාස, මෙන්න කෘදන්ත. මේ විදියට භාෂාවේ ස්‌වභාවය කියන්න වෙනවා. ඉතින් ළමයට සිංහල භාෂාව එපා වෙනවා. ඇයි දෙයියනේ මේවාද භාෂාව කියන්නේ.

අපි කියල දෙන්න ඕන රටාවන්. භාෂාවේ රටාවන්. උදාහරණයක්‌ වශයෙන් පිරිමි ගැන කියන වචන කොහොමද අපි ගැහැනු භාෂාවෙන් ලියන්නේ. ඒකයි වැදගත් නායකයා - නායිකාව ගායකයා - ගායිකාව - උපදේශකයා - උපදේශිකාව උපාසකයා - උපාසිකාව. ඔන්න ඔය වගේ රටාවන් තියෙනවා. ඒ වෙනුවට අද ගිහින් ගුරුවරිය ළමුන්ගෙන් අහනවා මොනරගේ ගෑනු සතා මොකාද? ඇතාගේ ගෑනු සතා මොකාද කියලා. ළමයි පාඩම් කරනවා. ඇතා - කෙනර. අශ්වයා - වෙළඹ. මොනරා - සෙබඩ. මේ ආදී වශයෙන් යල් පැනපු තොරතුරු කියල දෙනවා. විභාගයටත් මේක අහවි. නිපුණතාවක්‌ දෙන්නේ නැහැ. ළමුන්ට දෙනවා තොරතුරක්‌. භාෂාවේ තියෙන පැරැණි වචන කියල දෙනවා. ඒ වුණාට ළමයට ඒ ඉගන ගන්න දෙයින් ජිවිතේට වැඩක්‌ නැහැ. උගන්නන්නේ යල් පැනපු දේවල්. මොනරාගේ ගෑනු සතා සෙබඩය කියල කවුද අද භාවිතා කරන්නේ. අන්න අපි සෙබඩක්‌ දැක්‌කා කියල කියනවද? හැබැයි ළමයි කියනවා අන්න මොනරා. අන්න ඉන්නවා මොනරි.... කියනවා.

මම මේක කියන්නේ අලුත් කාර් එකක්‌ එලවන්න කියල දෙනවා නම් අලුත් කාර් එකේ ස්‌වභාවය කියල දෙන්න ඕන. පරණ කාර් එකක ගියර් ගැන උගන්නලා කොහොමද අලුත් ඔටෝ ගියර් කාර් එකක ගියර් දාන්නේ.

ඒකයි මම කියන්නේ. අද ළමුන්ට පාඩමේදී සිංහල එපා වෙන්නේ ඒ සඳහා දෙන්න ඕන නිපුණතාව වෙනුවට දැනුමක්‌ පමණක්‌ දෙන එකයි, ඒ අනුව යල් පැනපු එකක්‌ වන නිසයි...... කියලා.

භාෂාව ගංගාවක්‌ වගෙයි. හැම විටම වෙනස්‌ වෙනවා. හෙරක්‌ලීටස්‌ ඒකයි කිව්වේ එකම ගංගාවක්‌ දෙවරක්‌ දකිsන්න කෙනෙකුට බෑ කියලා. බුදු හාමුදුරුවෝ ඊටත් එහා ගිහින් ඕක කිව්වා.

ඉස්‌සර 'ෆ' කියල එකක්‌ තිබුණේ නැහැ. නමුත් අද අපි ෆෑන් කියල කියනවා. ෆේස්‌ බුක්‌ කියනවා. ෆැක්‌ස්‌ කරනවා. ෆෝන් කරනවා. ෆයිල් ගැනත් දැන් කතා කරනවනේ. ඒක නිසා අපිට 'ෆ' අකුර දැන් ඕන. එදා ඕන වුණේ නැහැ. නමුත් දැන් ඕන. ඒ ඒ අවශ්‍යතාවට අනුව භාෂාව වෙනස්‌ වෙනවා. වෙනස්‌ විය යුතුයි. අවුරුදු 800 ක්‌ පරණ සිංහල භාෂාව පාසලේ උගන්නලා කොහොමද නූතන ලෝකයට අවශ්‍ය සිංහල භාෂාවක්‌ හදන්නේ. ඔය අවුරුදු 800 ක්‌ පරණ භාෂාව නමට පාසලේ උගන්වන නිසයි ළමයින්ට සිංහල අමාරු. ඒකයි ප්‍රශ්නය.

ඊළඟට ගමුකෝ අපේ සිංහල හෝඩිය. අපට තියෙනවා හෝඩි ගණනාවක්‌ මිශ්‍ර සිංහල හෝඩිය තියෙනවා. ශුද්ධ සිංහල හෝඩිය කියනවා. කුමාරතුංග මහත්තයාගේ හෝඩියේ අකුරු 54 යි. ඒකට මම එකතු කළා සංඤ්ඤක අකුරු 4 ක්‌. මට ඔය සමහර භාෂාඥයෝ තවම බනිනවා සංඤ්ඤක අකුරු ටික එකට දැම්මා කියලා.

1980 ගණන්වල එදා හිටපු සංස්‌කෘතික ඇමැති විජමු ලොකුබණ්‌ඩාර මහත්තයා අපිට අභියෝගයක්‌ කළා. එක එක්‌කෙනා සිංහල හෝඩිය ගැන එක එක කතා කියනවා. අකුරු ගණනත් එක එක තැන්වල එක එක ගණන්. ඒක නිසා නූතන සිංහලයට අවශ්‍ය වර්ණ මාලාවක්‌ නිශ්චිතව හදන්න කියලා එතුමා රටේ ඉන්න භාෂා උගත්තු ටික එකතු කරල හැදුවා "තන්වංඥ මණ්‌ඩලය' කියලා එකක්‌. ඒකේ මමත් හිටියා. ඒ අනුව අපි අද අපට භාවිතයේ අවශ්‍ය වන වර්ණ මාලාව අරගෙන, මගේ යෝජනාවක්‌ අනුව ඊට 'ෆ' අකුරත් එකතු කරලා සංඤ්ඤක අකුරු 4 ක්‌ එකතු කරලා හැදුවා අකුරු 60 ක සිංහල වර්ණ මාලාවක්‌.

තව තියෙනවා. ඕක ඇතුලේ අපට අවශ්‍ය නොවන අක්‍ෂර. ඒවා ඉවත් කරල අවශ්‍ය අකුරු දාගන්න මම මහන්සි වුණා. නමුත් සමහර දේවල් කරන්න බැරි වුණා. සමහර උගත්තු කියනවා බස වෙනුවෙන් අපි සිටිය යුතුයි කියලා. මම කියන්නේ අපි බස වෙනුවෙන් නොවෙයි, බස අපි වෙනුවෙන් තිබිය යුතුයි කියලා. සපත්තු දෙක කුඩයි කියලා අපි ඇඟිලි කපාගන්න ඕන නෑ. ඇඳ කොටයි කියලා අපි කකුල් කපාගෙන නිදාගන්න ඕන නැහැ. භාෂාව අප පිණිස මිස අපි ඉන්නේ භාෂාව පිණිස නොවෙයි. ඒක මතක තියා ගන්න ඕන.

ඊළඟ කාරණය තමයි අපේ භාෂාවේ තිබෙන ආවේණික ලක්‍ෂණ, අපේ භාෂාවේ තිබෙන සමහර ලක්‍ෂණ ආයෙත් වෙන කිසිම භාෂාවක නෑ. හෝඩිය අතින් ගත්තාම අපට තියෙනවා ප්‍රාණක්‍ෂර දෙකක්‌. 'ඇ', 'ඈ' කියලා. මේ දෙක කිසිම භාෂාවක නෑ. සුද්දට බෑනේ ඇපල් කියලා ලියන්න. ඒ අය ලියන්නේ අපල් කියලයි. අපි ඇපල් කියල බය නැතුව ලියන්නේ අපිට 'ඇ' අක්‍ෂරයක්‌ තිබෙන නිසා. එතකොට සංඤ්ඤක අකුරු 4 ක්‌ තියෙනවා අපිට. ඒව වෙන මොනම හෝඩියකවත් නැහැ. ඒක නිසා මුළු ලෝකයේම භාෂාඥයෝ පිළි අරන් තියෙනවා ලොව තිබෙන නිර්මාණාත්මකම හෝඩි 16 අතර අපේ හෝඩියත් තියෙනවා කියලා. ඒවා උගන්වනවද පාසලේ. නැහැ. උගන්වන්නෙත් කාටවත් වැඩක්‌ නැති දේවල් ටිකක්‌.

මගෙන් ළමයි අහනවා නපුංසක ලිංග කියන්නේ මොකක්‌ද කියලා. පාසල්වල උගන්වනවා. නමුත් එහෙම ලිංගයක්‌ අපේ භාෂාවේ නැහැ. කොහෙදෝ පරණ පොතකින් කවුද අරන් සිංහල භාෂා විෂය නිර්දේශයට ඕක උගන්වනවා. ළමයින්ගේ මොළ අවුල් වෙනවා. නමුත් අපේ භාෂාවේ හරිම විද්‍යාත්මකව තියෙන්නේ ස්‌ත්‍රී ලිංග හා පුරුෂ ලිංග විතරයි. ඔය කියන නපුංසක ලිංගයක්‌ තියෙනවා සංස්‌කෘත භාෂාවේ. ඒක අරන් අපේ අය සිංහලට උගන්වනවා. සිංහලයේ නපුංසක ලිsංගයක්‌ නෑ.. සිදත් සඟරාවේත් නෑ.

සකු සත් අනසුරෙන්

ඇතද සදනට ලිඟුබේ
නොපැනේ වහර වෙසෙසක්‌
පුම ඉතිරි ලිඟු දෙක විනා

අපි කියනවා ලිංග දෙකයි සිංහලයේ තියෙන්නේ කියලා සිංහලෙන්. නමුත් පාසල් වල තුනක්‌ උගන්වනවා. ඇයි මේ උගන්වන්නේ. ඉතින් සිංහල භාෂාව ළමයින්ට ලොකු ප්‍රශ්නයක්‌ තමයි.

ඉංග්‍රීසිය වගේ නොවෙයි. අපේ භාෂාවේ ක්‍රියාපද විශේෂයි. එකම ක්‍රියාපදයේ ශබ්දය වෙනස්‌ කරල පුළුවන් අරුත වෙනස්‌ කරන්න. බලන්න.

මම දොර අරිනවා

දොර ඇරෙනවා

එකක්‌ සකර්මකයි. අනික අකර්මකයි.

අම්මා පහන නිවනවා.

පහන නිවෙනවා.

මම දැල අදිනවා. දැල ඇදෙනවා.

මෙතන තියෙනවා "අ"යන්න "ඇ"යන්න කරල පුළුවන් සකර්මක පද අකර්මක කරන්න. සිංහල එහෙම පුළුවන්. මේවා කියල දෙනවද ළමයින්ට?

තව එකක්‌ තියෙනවා... අපේ සිංහලයේ "නිරුත්සාහක ක්‍රියා" කියල. ඒක නැහැ කොහේවත්. අපේ විතරයි තියෙන්නේ.

අම්ම අඬනවා - අම්මට ඇඬෙනවා

මම නිදාගන්නවා - මට නින්ද යනවා

මම හිනාවෙනවා - මට හිනා යනවා.

මේවා කියල දෙනවද පාසලෙන්. නැහැ. කියල දෙන්නේ තවම "කිරෙන් පිසූ බත් - කිරිබත්," කියන ඒවා විතරයි. ඒකත් "සමාස" තමයි. නමුත් සමාස කොච්චර තියෙනවාද අලුතෙන් හැදිච්ච. සිදත් සඟරාවේ සමාස 10 ක්‌ ගැන කියලා තියෙනවා. ඒක විතරයි තවම කට පාඩම් කර කර ගුරුවරු ළමයින්ට කියලා දෙන්නේ. කිරෙන් පිසූ බත් කිරිබත් කිය කිය ඉන්නෙ නැතුව ඇයි බැරි ලියන මේසය, නාන කාමරය, බොන වතුර, බොන ළිඳ වගේ අලුත් දේවල් කියල දෙන්න.... නාන කාමරය කිව්වාම ඒක සමාසයක්‌. ඒක ඇතුලෙ නැටුවත් අපිට කමක්‌ නැහැ. නාන්න භාවිත කරන කාමරය - නාන කාමරය. ඒ වගේ කොච්චර පුළුවන්ද වරනගා ගන්න.... අපි තවම... බමුණන් සඳහා දෙන දන - "බමුණු දන" කිය කියා ඉගෙන ගන්නවා.

"උප සර්ග" කියල අරන් බලන්නකො.. සිදත් සඟරාවේ උපසර්ග පද 20 ක්‌ ගැන කියෑවෙනවා. ඒක නිසා පාසල් ළමුන්ට උගන්වන්නෙ ඔය 20 විතරමයි. උගන්වන්න දැනගෙන ඉන්නත් ඕන. අලුත් දේවල් දැනගන්න ඕන.

මම විතරයි අදත් මේව ගැන කියන්නේ. විශ්වවිද්‍යාලවල වුණත් අද මේවා ගැන කතා කරන කෙනෙක්‌ නැහැ. නමුත් ප්‍රශ්නයක්‌ තියෙනවා කියලා කවුරුත් දන්නවා. පාසල් විෂය මාලාවන් අතර අද පාසල් ළමුන්ට සිංහල අමාරු වෙලා තියෙනව නම් තියෙන්නේ උගන්වන දේවල්වලයි, උගන්වන විදියෙයි තියෙන වැරැද්ද නිසයි. නැත්නම් සිංහල භාෂාවෙ වරදක්‌ නෑ.

සිංහල කියල උගන්වන්නෙ අවුරුදු 700 ක්‌ 800 ක්‌ පරණ සිංහලයක්‌. ඉතින් ළමයින්ට අමාරු නොවී තියෙයිද? මම කියන්නෙ මේවා ගැන අලුතෙන් හිතන්න ඕනෑ. අලුතෙන් හිතල නව ලෝකයට ගැලපෙන පරිදි වෙනස්‌ කරන්න ඕනෑ. එහෙම නැතුව මේ ගැටලු විසඳන්න බෑ.

භාෂාව මේ රටේ සංස්‌කෘතියට අයිති දෙයක්‌. භාෂාව සංස්‌කෘතියෙන් ගලවලා වෙනතකට ගන්න බෑ. භාෂාව උගන්වන්න ඕන සංස්‌කෘතියත් එක්‌ක. එතකොටයි ළමයා භාෂාව ඉගෙන ගන්නේ සංස්‌කෘතිය හරහා. අපි අපේ බාල පරම්පරාවට භාෂාව උගන්වන්න කලින් සංස්‌කෘතිය පවරා දෙන්න ඕනෑ. එහෙම නැතිව මේක කරන්න බෑ.

සාකච්ඡා කළේ
බුලිත ප්‍රදීප් කුමාර 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේවා අන්තර්ජාතික කුමන්ත්‍රණ. අපේ සිංහල බස වෙනස් කරන්ඩ එපා. ලෝකය යන විදියට බස වෙනස් වෙන්ඩ ඕන නෑ. අපිට අපේ රජතුමා වෙනස් නොවියයුතු වගේම. අපේ බසත් වෙනස් විය යුතු නෑ....

    ReplyDelete
  2. මේ කරුණු ඇත්ත කියලා තමයි මටත් හිතෙන්නේ. අපේ දරුවන්ට සිංහල විතරක් නෙවෙයි සියලු විෂයයන් උගන්වන විදිහ පවතින ක්‍රමයට වඩා වෙනස් විය යුතුයි කියා මටත් හිතෙනවා. ඒත එය කරන්නේ කොහොමද කියන එක ප්‍රායෝගිකව හිතන, අපේ ජන විඥානය ගැන අවබෝධයක් ඇති අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් විසින් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. හරියම හරි නිරන්ජන් සමග මගේත් එකඟත්වය

      Delete
  3. ජේ. බී. දිසානායක හිතාගෙන ඉන්නේ එයා සියල්ල දත් සර්වඥ පණ්ඩිත කියලා යි. සිංහල ඇරුණාම එයා දන්න ඉටි ගෙඩියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එයා ඒක (සිංහල) හරියට දන්නවා. එකක්වත් හරියට දන්නෙ නැති, දන්නව වගේ කෑ ගහන අයට මොකක්වත් බෑ.
      කොහොමත් එයා කියල තියන දේ හරියටම හරි.

      Delete
    2. ඇනෝ (February 22, 2015 at 5:10 PM) මොනවා දන්නවා ද? ලංකා හෝටල් පාසලේ දේශනයකට ඇවිල්ලා විදේශීය භාෂාවන් ගැන නොදන්න දේවල් කියලා ජේ. බී. දිසානායක උන්නැහේ නිකං කිච වුණා.

      Delete
    3. නින්දා අපහාස කිරීම හරිම පහසුයි. ජේ.බී. දිසානයක මහ ඇදුරුතුමණි. අනුකම්පාකළ මැනවි. මේ අය වෙනුවෙන් සමාව යදින්නෙමි

      Delete
    4. ලංකා හෝටල් පාසලේ විදේශීය භාෂාවන් ගැන කතා කරන්න ජේ බී දිසානායක වගේ සිංහල මහැදුරකු ගෙන්වූ අඳබාලයා කවුද?

      Delete
    5. හෙනහුරා --- ජේ. බී. දිසානායක ලංකා හෝටල් පාසලට ආවේ විදේශීය භාෂාවන් ගැන දේශන පවත්වන්න නොවේ, සිංහල ගැමි සංස්කෘතිය ගැන කතා කරන්න. ඒ අවස්ථාවේ ඔහු නොදන්න යුරෝපීය භාෂාවන් ගැන යමක් කියන්න ගිහින් තම යි ඕක වුණේ.

      ඇනෝ ----- තගේ මහැදුරා පෘතග්ජනයෙක් බැවින් කම්පා නොවෙනු!

      Delete
  4. පැරා ට වගේම මටත් හම්බ උනා දිවයින ආටිකල් කෑල්ලක් .. ඒකත් බලමු නිකං ඉන්න එකේ

    ප්‍රශ්නය - ඔබ සඳහන් කළා, ඔබලා ගෙන යන කාර්යභාරය සාර්ථක වීම තුළ අනාථයන් බවට පත්වන පිරිස ඔබලාට දේශපාලන අනාථයන් බවට චෝදනා කරන බව. එසේ වුවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කර තිබෙනවා. 2020 දී වැඩ කරන ජනතාවගේ ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව.

    පිළිතුර - මේ අයට තිබෙන සැලැස්‌ම තමයි රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර මහතාට අරලියගහ මන්දිරයේ කාමරයකුත් දීල තිබෙනවා. අවශ්‍ය කටයුතු කර ගැනීම සඳහා දැන් රනිල් වික්‍රමසිංහ මහතාට කාට හෝ විරුද්ධව නඩුවක්‌ දාන්න අවශ්‍ය නම් එහි වගකීම භාරවෙලා තියෙන්නේ අනුර කුමාරට. යෝෂිත හිරේ දාන්න ඕනි නම් ඒකට නඩුව දාන්නෙත් අනුර කුමාර. මේ අය ද්විත්ව පුරවැසි භාවය පිළිබඳව කතා කළත්, සිංගප්පූරු ජාතිකයකු මහ බැංකුවේ අධිපති වී සිටීම පිළිබඳව ජ. වි. පෙ කට අරින්නේ නෑ. මම අභියෝග කරනවා පුළුවන් නම් ඒ පිළිබඳව විවේචනයක්‌ කරන්න කියලා. නීතියට අනුව නම් විදේශිකයකුට බෑ අපේ මහ බැංකුවේ අධිපති වෙන්න. තව මාස තුනකින් විදේශිකයකු මහ බැංකු අධිපති ලෙස මුදල් නෝට්‌ටුවේ අත්සන ගහනවා. ඒ පිළිබඳව වචනයක්‌වත් කතා කරන්නේ නෑ.

    අවසානයේ දී ජනතා විමුක්‌ති පෙරමුණ රතු කමිසය රනිල් වික්‍රමසිංහව බලයට ඒම සඳහා පාවාඩයක්‌ ලෙස භාවිත කළා. රනිල් වික්‍රමසිංහ මහතා සියලු රූපවාහිනි නාලිකාවලට දන්වලා තියෙනවා. ජ. වි. පෙරමුණට අවස්‌ථාව දෙන්න කියලා. ඔය සමහර නාලිකා පුදුම විධියට අනුග්‍රහය දක්‌වන්න හේතුව ඒක තමයි.

    ජනතා විමුක්‌ති පෙරමුණ දැන් සිතනවා මීළඟ ඡන්දයේදි මහින්ද රාජපක්‍ෂ ඇතුළු අය එළවලා එක්‌සත් ජාතික පක්‍ෂයයි, ශ්‍රී ලංකා එකයි, දෙමළ ජාතික සංවිධානයයි එක්‌ව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටු වූ පසු විපක්‍ෂ නායකකම ජ. වි. පෙරමුණට ලැබේවි කියා. එම විපක්‍ෂ නායකකම අරගෙන වැඩ කළහම මීළ`ග අවුරුදු 5 න් පසුව බලයට එන්න පුළුවන් වේවි කියලත් ඒ අය සිතනවා. ඒක තමයි ඔවුන් කරන ගණන් බැලිල්ල.

    ReplyDelete
    Replies
    1. පිල්ලියාන් උඹ හැමදේකටම දේශපාලනය ගාවගන්න එක හරි කැතයි බන්. කියපන් බලන්න මේ ලිපියේ සහ උඹ ඔය ලියල තියෙන හෑල්ලේ ඇති සම්බන්ධය?

      Delete
  5. මේ ලිපිය අන්තර්ජාලයේ දාලා වැඩක් නැහැ. අන්තර් ජාලේ බලන අයගෙන් වැඩිදෙනෙක් සිංහල බැරි එවුන්. අන්තර්ජාලේ ලිපි ලියන එවුන්ගෙන් සීයට අනූනවයකට සිංහල බෑ. කවුරු හරි ඒ මැට්ටන්ව නිවැරදි කරන්න හැදුවොත් උන්ගේ මෝඩකම පෙන්වමින් කුණුහරපෙන් බනිනවා. උන් හිතන්නේ උන්ගේ කොම්පියුටර් දැනීම භාෂාවට වඩා ලොකුයි කියලයි.

    දිසානායක මහත්තයා කියන විදිහට පාසල් සිසුන් හරියට හදාගැනීම තමයි වැදගත්.

    ReplyDelete
  6. /// නමුත් අපේ භාෂාවේ හරිම විද්‍යාත්මකව තියෙන්නේ ස්‌ත්‍රී ලිංග හා පුරුෂ ලිංග විතරයි. ///

    අම්මට සිරි!


    නපුංසක ලිංග ද එක් කරවු!
    ලොල්ලන් හට සිංහල බාසාවේ තැනක් හදා දියවු!

    ReplyDelete
  7. මහනුවර යුගයේ සිංහල සහ පැරණි බයිබල් සිංහලයද පාසල් පෙලපොතට එක්කල යුතුයි
    මහනුවර යුගයේ සිංහලවල ව්‍යාකරණය හරිම පහසුයි හැම වාක්‍යයක්ම අවසන් වන්නේ ස්ත්‍රි ලිංහ අතීත කාලයෙන්
    උදාහරන: එංගලන්තෙ මහ රජ්ජුවන් වෙනුවෙන් ගවනර නම් මලාදෑනිකෙනෙක් රට පාලනය කරනවාය
    බයිබල් බාසාවෙ හැම වාක්‍යක්ම පටන් ගන්නේ "උඹලා" කියලා අවසන් වෙන්නේ "අල්ලා" කියලා
    මුලදි කොමිටල් වුනාට පුරුදු වුනාම හරි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ජගත් කදිම උදාහරණ පෙන්වනවා.

      Delete
  8. මාත් ඔය ලිපිය කොපි කරල දාන්න හිතන් හිටියෙ. මටත් පොඩ්ඩක් ඔය සිංහල උණ තියනවනෙ.
    -ශනි

    ReplyDelete
  9. දැන් අපේ මහින්ද රාජපක්ෂ රජතුමා අවුරුදු නවයක් රට පාලනය කළේ ඔය හොඳ සිංහල දැනගෙනද? පැරා බ්ලොග් ලියන්නෙ ඔය හොඳ සිංහල දැනගෙනද? නිකන් යන්න ජේ. බී. යන්න...!

    ReplyDelete
  10. මේවටිනා ලිපිය එක් කළාට මගේත් ස්තුතිය පිළිගන්න.

    ReplyDelete
  11. 6 වන පරාක්‍රමබා සමයෙන් පසුව රට යටත් විජිතයක් වීම කරා පානැගුවා. යටත් විජිත සමයේ විශේෂයෙන් ඉංග්‍රීසින් මුළු රඑම යටකරගැනීමෙන් ඉතිරිවූවන්ගේ වහල් මානසිකත්වය සමග සිංහලයන්ගේ භාෂාවෙත් ඇද වැටීම පැහැදිලිව පෙන්වනවා. 20 සියවසේ මැදභාගයේ සිට තමයි නැගීසිටින්න වුනේ. තවමත් නැගිටිමින් සිටිනවා. අතරමග ඇද වැටෙමින් නැවත නැගිට ගන්න උත්සාහ කරනවා. මෑත දී සිට පාසලෙන් සිංහල විසිවී යාදැයි බියක් ඇතිවෙමින් පවතිනවා.

    ReplyDelete
  12. චූශනී ඝර්ශනිකාFebruary 22, 2015 at 10:24 PM

    ලංකාවේ අංක 1 දේශහිතෛයිශියාගේ ප්‍රියම්බිකාට අත නොතබනු!
    ලංකාවේ අංක 1 දේශහිතෛයිශියාගේ ප්‍රියම්බිකාට අත නොතැබේ.
    ලංකාවේ අංක 1 දේශහිතෛයිශියාගේ ප්‍රියම්බිකාට අත නොතැබෙයි.
    ලංකාවේ අංක 1 දේශහිතෛයිශියාගේ ප්‍රියම්බිකාට අත නොතැබේද?

    ReplyDelete
    Replies
    1. චූෂනී බව නම් දන්නවා ඝර්ශනිකා නෙවෙයි සංසර්ගිකා නේද නියම නම?

      Delete
    2. චූශනී ඝර්ශනිකාFebruary 23, 2015 at 12:05 AM

      චූශනී ඝර්ශනිකා වන මම මින් ඉදිරියට චූශනී සංසර්ගිකා ලෙස මාගේ ඇනෝනාමය භාවිතා කරන බවට පැර කුම් අයියා ඇතුලු ඩබ්3ලංකා සියලු දෙනාට මින් දන්වා සිටිමි.
      මීට
      චූශනී සංසර්ගිකා

      Delete
  13. පුවත්පතකින් උපුටා ගැනීමක් කරන විට පළවූ දිනය සහ පිටුව සඳහන් කරන්න නැත්නම් එම ලිපිය ට අදාළ ලින්ක් එක දමන්න. කරුණාකර මහත්මයෙක් ලෙස හැසිරෙන්න.

    ReplyDelete
    Replies
    1. පුවත්පතක පළ වූ දිනය වැදගත් වන්නේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් නේද? මේ වගේ ලිපියක් කුමන දිනයක පළ වුනත් එහි එක සමාන අගයක් පවතින්නේ.

      කොමෙන්ට් කරන විට අගතියෙන් තොර වන්නේ නම් මැනවි. අවසාන වාක්‍යය අනවශ්‍යයි.

      Delete
    2. පුක කළුවො ඉස්සර වෙලාම උඹ මහත්තයෙක් වෙලා හිටපන්.

      Delete
    3. http://www.divaina.com/2015/02/22/feature09.html

      Delete
    4. පුක කළුවො, උඹ ඉස්සරවෙලාම උඹේ ඔය තියෙන මානසික ලෙඩේට බෙහෙත් අරගෙන ඉඳපන්. අනේ උඹ වගේ කාලකන්නියෙක්.

      Delete
    5. @හෙනහුරා (ශනි शनि)February 22, 2015 at 11:48 PM
      //පුවත්පතක පළ වූ දිනය වැදගත් වන්නේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් නේද? මේ වගේ ලිපියක් කුමන දිනයක පළ වුනත් එහි එක සමාන අගයක් පවතින්නේ.
      දිනය අවශ්‍ය වන්නේ ප්‍රවෘත්තිමය කාර්යන් සඳහා පමණක් නොවේ. යම් තැනක උපුටා දැක්වීමක් යන විට එය ගැන සැක මතුවන කෙනෙක් වේ නම් එවැනි කෙනෙකුට ඔරිජිනල් එක බලා ගැනීමට හැකිවිම පහසු වීම සහ වෙනත් අවශ්‍ය තා සඳහා දිනය වැදගත් වේ. පොත්වලින්, පුවත්පත් වලින් හෝ වෙබ් අඩවි වලින් යමක් උපුටා දක්වන විට එය දක්වන වෙනස් ක්‍රම පවතී.

      //කොමෙන්ට් කරන විට අගතියෙන් තොර වන්නේ නම් මැනවි. අවසාන වාක්‍යය අනවශ්‍යයි.// රටේ හැමදේම හැදීමට ලිපි ලියන පොරකට තම වරද පෙන්වාදීමට අවසාන වාක්යට වඩා ගැලපෙන වැකියක් නොමැත

      @Ajith Perakum JayasingheFebruary 23, 2015 at 5:08 AM
      මෙහි උපුටා ගත් ලින්කුව පලකල යුත්තේ ලිපිය උපුටාගත් බව සඳහන් තැන මිස මගේ කමෙන්ට් එකට පිළිතුරක් ලෙස නොවේ. ඔබගේ හැසිරීමෙන් ගම්‍ය වන්නේ ඔබද ලංකාවේ බහුතරයක් ගොසිප් සයිට් කරන පොරවල් වලට මට්ටමේ දෙකයි පනහේ මාධ්‍ය වේදියෙක් බවයි.

      ලින්කුව අවශ්‍ය මට නොවේ. එය දැමිය යුත්තේ ඔබ උපුටා ගත් මුල් ලිපියට සාධාරණය ඉටුවීම සඳහායි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා