Posts

Showing posts from October, 2014

කොස්ලන්දට අවශ්‍ය රේඩියෝ හා රූපවාහිනීකාරයන්ගේ සම්මාදම් ද?

Image
සිරස ඡායාරූපයකි ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන් නැවතත් තරගෙට මෙන් ආධාර එකතු කරන්නට පටන් ගෙන තිබේ.  හරියට සුනාමියෙන් පසුව වගේ ය. එක්තරා රූපවාහිනී නාලිකාවක් නාය යාමට පසුදා සිය ප්‍රවෘත්ති විකාශයේ සෑහෙන කාලයක් ගනිමින් මහත් අභිමානයෙන් උදම් ඇනුවේ සියල්ලට පළමුවෙන් මේ ගැන වාර්තා කළේ තමන් ය කියා ය. ඔවුන්ට ඒ ගැන මාර ජොලි ය. විපතට පත් වූවන්ට ආධාර උපකාර කිරීම හොඳ දෙයකි. එහෙත්, මේ තරම් සද්දෙ දමාගෙන දඟලන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ඔය මීඩියා සම්මාදම් යනු ජනතාවගෙන් මුදල් හා වෙනත් දේ එකතු කරන, එහෙත් ජනතාව ඉදිරියේ විගණනය නො වන සේවාවකි. නාය යාම් හේතුවෙන් දැනට අවතැන් වී සිටින ජන සංඛ්‍යාව දහසකට අඩු ය. මිය ගිය සංඛ්‍යාව 200ක් පමණ වේ යයි විශ්වාස කෙරේ.  මේ දහසට කන්නට දෙන්නට රේඩියෝ රූපවාහිනී පතුරු ගහමින් මුළු රටෙන් ම සම්මාදම් කරන්නට අවශ්‍ය ද? මේ පිරිස බලා කියා ගන්නට රජයට බැරි ද? බෑ කියන්නට බැරි ය. රජය එය කළ යුතු ය. එය අවිධිමත් සම්මාදම්කාරයන්ට භාර නො දිය යුතු ය. අවතැන් වී සිටින මිනිස්සු තවමත් ඉන්නේ දරුණු කම්පනයක ය. ඔවුන්ට මේ මොහොතේ කන්නට, අඳින්නට වඩා අවශ්‍ය සිය ප්‍රියයන්ගේ ඉරණම පිළිබඳ

සුන්දර ඉංගිරිසි: සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියන්නට අලුත් යෝජනාවක්

Image
සිංහල අකුරින් ලියැවුණ වචන ඉංග්‍රීසි අකුරෙන් ලිවීම සුලබව සිදු වෙන දෙයක්. වර්තමානයේදී නම් විශේෂයෙන් ම කෙටි පණිවුඩ ලිවීම සඳහා මේ ක්‍රමය බහුලව භාවිතා වෙනවා.  ඒ නැතත් අපට නම්, ගම් ආදිය ඉංග්‍රීසියෙන් ලියන්න සිදු වෙනවා.  ඒ විතරක් නොවෙයි, ඇතැම් සිංහල වදන්වලට ඉංග්‍රීසි පරිවර්තන නැහැ. උදාහරණයක් ලෙස රජය පිරිනමන කලාශූරී වැනි නම්බු නාම අපට ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න බැහැ. ඒවා ඉංග්‍රීසියෙන් ම ලියන්න වෙනවා. මේ ආදී හේතු නිසා අපට සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියන්න සිදු වෙනවා. මේ සඳහා පිළිගත් ක්‍රමයක් නැති නිසා අපට මුහුණ දෙන්නට සිදු වන ගැටලු පිළිබඳ අපි පසුගිය ලිපි කීපයකින් සාකච්ඡා කළා.  මේ ගැටලුවට විසඳුම් ලෙස අලුත් ලතින් අකුරු හඳුන්වා දීම සුදුසුයි කියා මා පිළි ගන්නේ නැහැ. හේතුව දැනට තිබෙන අක්ෂරවලින් ම මේ ගැටලුව විසඳා ගන්නට පුළුවන් නිසායි.  අද අපි උත්සාහ කරන්නේ මේ සඳහා විධිමත් ක්‍රමයක් යෝජනා කරන්නටයි.  අද අපි භාවිතා කරන නූතන සිංහල හෝඩියේ අක්ෂර 64ක් තිබෙනවා. ඒවා වෙන වෙනම ශබ්දයි. ඒවා ඉංග්‍රීසියෙන් ලිවිය යුත්තේ කෙසේ ද යන්න විමසා බලමු.  අපි මුලින් ම අවධානය යොමු කරන්නේ සිංහල ස්වරවලටයි.  සිංහල ව

අපි අයින් වෙන්න කිව්වා, ඒගොල්ලෝ බෑ කිව්වා, අපට කරන්න දෙයක් නැහැ යි කියන එක ද රජයේ වගකීම?

Image
නාය ගිය තැන කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ ඊයේ උදෑසන සිදු වූ නාය යාම අතිශය කණගාටුදායක ඛෙදවාචකයකි. එහිදී ජීවිත අහිමි වූ 300කට අධික පිරිස වෙනුවෙන් අපි සාතිශය සංවේගය පළ කරමු. මෙම ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වීමට උපදෙස් ලැබී තිබුණු බවත්, ඔවුන් එයට කැමැත්තක් නො දැක්වූ බවත් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පවසයි.  මිනිස්සු ලෙහෙසියෙන් තමන් ජීවත් වූ තැනින් ඉවත් වන්නේ නැත. ඉඩමක් යනු නිකම් ම බිමක් පමණක් නො ව මිනිසුන්ගේ ජීවිතය බැඳී පවතින තැනකි. තැනකින් තැනකට චලනය වීම අපහසු කරන මූලික සාධකයක් වන්නේ ජීවනෝපාය පිළිබඳ ගැටලුවයි.  නාය යාමේ අනතුරු නිසා ඉවත් වන්නට සිදු වන මිනිසුන්ට රජය ඇත්තෙන් ම උපකාර කරනවා ද? රජය විකල්ප ඉඩම් දෙන බව ඇත්ත ය. මේ ඉඩම් බොහෝ විට නිසි ප්‍රවේශ මාර්ග නැති, ජලය, විදුලිය ආදී යටිතල පහසුකම් නැති, නිසරු, මුඩු ඉඩම් ය. එසේම, යළි පදිංචි කරන ලද ජනයාට නිවාස ඉදි කර ගැනීම සඳහා රජය කරන ආධාර උපකාර කිසි සේත් ම ප්‍රමාණවත් නැත. 1985දී මතුගම, අගලවත්ත ප්‍රදේශවල ඇති වූ නාය යාම හේතුවෙන් පදිංචි ඉඩම්වලින් ඉවත් කරන ලද මිනිසුන් ජීවත් වන ගමක් අපේ ගම ආසන්නයේ තිබේ. වසර 30කට පමණ පසුවත

ලංකාවේ පාර්ලිමේන්තුවේ අපූරු ඵලදාව

Image
ලංකාවේ පාර්ලිමේන්තුව කෙතරම් විහිළුවක් බවට පත් වී තිබේ ද යන්න ඊයේ සිදු වූ සිද්ධියකින් පෙන්නුම් කරන ලදී.  අයවැය විවාදය ඇමතීමට සිටි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයකු හා මන්ත්‍රීවරු තුන්දෙනෙකු ද, විපක්ෂයේ මන්ත්‍රීවරියක ද නො සිටි නිසා පාර්ලිමේන්තුව පැයකුත් විනාඩි 45කට පෙර කල් දමන ලදී.  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අජිත් කුමාර මන්ත්‍රීවරයාගේ සභාව කල් තැබීමේ යෝජනාව ස්ථිර කිරීමට කිසිදු විපක්ෂ මන්ත්‍රීවරයෙක් සභාව තුළ නො සිටි නිසා කල් තැබීමේ යෝජනාව ද විවාදයට නො ගැනිණි.  හිනා යන කාරණයක් වන්නේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව සිටියත් නො පැමිණි එක් කථිකයකු වන ඇමති බසීර් සේගු දාවුද්ගේ ඇමති තනතුර ඵලදායිතාව සංවර්ධනය කිරීම වීමයි.  අනෙක් කට්ටිය නම් ආණ්ඩු පක්ෂයේ නෙරන්ජන් වික්‍රමසිංහ, ජානක වක්කුඹුර, වී.කේ. ඉන්දික හා එක්සත් ජාතික පක්ෂයේ තලතා අතුකෝරළයි.  මොවුන් මේ රටේ මහජන මුදලින් අති විශාල වැටුප් හා වෙනත් වරප්‍රසාද රැසක් භුක්ති විඳින්නෝ ය.  මොවුන්ට පාර්ලිමේන්තු ඒම පහසු කිරීම සඳහා නිල නිවාස ද, තීරු බදු රහිත වාහන හා ඒවාට ඉන්ධන ද මහජන මුදලින් ලබා දී තිබේ. පාර්ලිමේන්තු ආවා ම ඕනෑ දෙයක් ඕනෑ විිදියට නොමිළේ වගේ

නෝනිසමේනියාවේ සිට හම්ප්ටි ඩම්ප්ටි දක්වා

Image
මේ කවිය අපි ටික කලකට කලින් ලියූ එකක්. ඒත්, මේ වෙලාවට එය අදාළ නිසා නැවත පළ කරනවා.  කවියේ මාතෘකාව නෝනිසමේනියාව ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ඉස් ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ශ්‍රී ලංකන් එක්ස්පැට්‍රියේට් ස්ටාර්  හී කැන් ස්පීක් ඉංග්ලිෂ් සෝ එලක්වන්ට්ලි ලයික් අ ඩයමන්ඩ් ඉන් ද ස්කයි.   අයි ඩෝන්ට් නෝ මේ ලෝකෙ දෙයක් එයාගේ වෙදකම් ගැන   බට් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ් වෙන් හී ස්පීක්ස් ඉංග්ලිෂ් ලයික් ක්වීන්ස් එලකියුෂන් මාස්ටර්  අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා ය.   ආෆ්ටර් දැට් වී ස්පීක් අබවුට් හව් හී ස්පීක්ස්   අන්ටිල් වී ඉජකයුලේට්  හව් සොමි ඉට් ඉස් නෝ ප්‍රොබ්ලම් දෝ වී ඩොන්ට් අන්ඩස්ටෑන්ඩ් මේ ලෝකෙ දෙයක්   ඇක්චුවලි හිස් වර්ඩ්ස් ආ පට්ට හිස්   ඒත්, හී ස්පීක්ස් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ් යූ නෝ  හී කැන් ඊවන් බ්ලේම් ඉන් ඉංග්ලිෂ් ඉංග්ලන්ඩ් ඉස් ප්‍රෝ එල්ටීටී බට් යූ ‍නෝ ඉංග්ලිෂ් ඉස් වෙරි පොෂ්   දැට් කන්ට්‍රි ඉස් අයිඩියල් ටු මයිග්‍රේට් සම්හව්    සේ යූ ආ ටෝචර්ඩ් බයි ශ්‍රී ලංකන් පොලිස්   ලැබෙනවා නම් වීසා කොහොම වුණත් මක්කෙයි ඉංග්ලන්ඩ් ඉස් ද හෙවන් වන් ඩේ වී පුනරුත

කොහොමද බයි‍යොන්ගෙ අය වැය

Image
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 2015 අයවැය යෝජනා තනිකර ම ඡන්ද අල්ලසකි. එම අල්ලසේ දැවැන්තකමේ තරමින් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ජය ගැනීම පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති බවයි.1977දී සිරිමා බංඩාරනායක ආණ්ඩුව ද, 1994දී විජේතුංග ආණ්ඩුව ද මෙවැනි ඡන්ද අල්ලස් ජනතාවට දුන් නමුත් ඔවුහු ඡන්ද පැරදුණ හ. පසුගිය පළාත් සභා ඡන්දයේදී ද ආණ්ඩුව ඉන්ධන මිළ අඩු කරමින්, බඩු බෙදමින්, අල ගනිමින් ඡන්දය දිනන්නට උත්සාහ කළත්, අවසානයේදී බලන විට ලැබූ ජයක් නැත. මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ඉතා ම අවිශ්වසනීය ය. ඔහු ජය ගතහොත් මුලින්ම බලාපොරොත්තු විය හැකි දෙය මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක නො කිරීමයි. රජයේ සේවකයන්ගේ වැටුප් ගණනය කිරීමට කල් ගත වන නිසා වැටුප් වැඩි වීම ලබා දෙන්නේ 2015 සැප්තැම්බරයෙන් පසු බව දැන් ආණ්ඩුව පවසයි. දැනට පවතින වැටුප නිශ්චිත ගණනකින් වැඩි කිරීමට හා ඒ හා අදාළ සෙසු ගණනයන් කිරීමට ආණ්ඩුව ඔච්චර කල් ගත යුතු නැත. ඒ ගණනය කිරීම් අදාළ වැටුප් අංශවලින් පහසුවෙන් ලබා ගන්නට පුළුවන. දැන් වැඩ කරන්නේ කොම්පියුටර්වලින් නොවැ. අනෙක් පැත්තෙන් ආණ්ඩුව මෙම වැටුප් වැඩි කිරීම යෝජනා කළේ ඒ සඳහා යන වියදම

දස දහස් ගණන් අතුරුදහන් වූ රටේ අතුරුදහන් වූවන් සමරන්න බැරි ද?

Image
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව පුවත්පත් නිවේදනයයි. ඔක්තෝබර් 27 අතුරුදහන්වූවන් සිහිපත් කිරීමේ පවුල් එකතුවට විරුද්ධව සාහසික පෝස්ටර් ව්‍යාපාරයක් සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින බලයෙන් අතුරුදහන්කරවූවන් සිහිපත් කරවීමේ සමරු දිනයක් සීදුව රද්දොඑව හන්දියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිරියේ පැවැත්වේ. මෙම දිනය අතුරුදහන් වූ පවුල්වල දෙමාපියන් හා සහෝදර සහෝදරියන් හා හිතවතුන් එකතුවී තමන්ගේ පවුල්වලින් අතරුදහන්වූවන් ලෙස විපතට පත්වූවන් සිහිපත් කොට ආගමික වතාවත් හා වෙනත් ආකාරයේ සිහිපත් කිරීම් කරණු ලබයි. මෙම උත්සවයට බෞද්ධ, කි‍්‍රස්තියානි, මුස්ලිම් ආදී විවිධ ආගම් වල පූජකවරුන් ද පැමිණේ. අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිකරණ ලද්දේ 2000 වර්ෂයේදීය. එහි අරමුණ වූයේ මෙවැනි විශාල අපරාධයක් නැවත ඇති නොවීම ස`දහා මහජන දැනුවත් කිරීමක් හා අධිෂ්ඨානයක් ගොඩනැගීම සදහා පසුගිය අවුරුදු 24 ඇතුළත නොකඩවාම මෙම සිහිකිරීම පවත්වා ඇත. මෙම සිහිකිරීමට අතීතයේ දී පැමිණි අමුත්තන් හා කථිකයන් අතර දැනට ජනාධිපතිධූරයේ සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ද පැමිණ ඇත. එතුමා අතුරුදහන්කරවීම පිළිබදව අපරාධය පිළිබදවත්, එය අනාගතයේ දී නැති කිරීමට පමණක් නොව ඊට අතීත

මඩකලපුවේ ප්‍රචණ්ඩ මහණා වහා අත්අඩංගුවට ගනු!

Image
පෙර ලිපිය කියවන්න: චම්පිකගේ අමුඩෙ රුන්නේ කවුරුද?  පන්සලක හාමුදුරුනමක් වූ පළියට හෝ ඒ පන්සල පිහිටා තිබෙන්නේ දෙමළ බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක ය කියා ඒ පන්සලට හොරෙන් විදුලිය ලබා ගන්නට කිසිදු අයිතියක් නැත. විදුලිය විසන්ධි කරන්නට පැමිණි නිලධාරීන්ට පහර දෙන්නට හා තර්ජනය කරන්නට හාමුදුරුවන්ට අයිතියක් නැත.  මේ නිලධාරියා එඩිතර පුද්ගලයෙකි. මෙම ප්‍රචණ්ඩ භික්ෂුවගේ හා පොලිසියේ තර්ජනය හමුවේ පවා ඔහු එකී භික්ෂුවට අවශ්‍ය දේ කියන්නේ නැත. ඔහු ඇත්තෙන් ම එවැන්නක් නො කීවා වෙන්නට ද පුළුවන. කීවා නම් මේ හාමුදුරුවන් කළ යුතුව තිබුණේ ඒ ගැන පැමිණිලි කිරීම මිස ඔහුට පහර දීම හා පොලු අරගෙන ප්‍රචණ්ඩව හැසිරීම නො වේ. පොලිසිය එතැනට ඇවිත් කළ යුතුව තිබුණේ තර්ජනයට ලක් වූ රාජ්‍ය නිලධාරියාව ආරක්ෂා කිරීමයි. ප්‍රචණ්ඩ මහණා අත් අඩංගුවට ගත යුතුව තිබිණි. අනෙක් පැත්තෙන් මෙම භික්ෂුව පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනියට අපහාස කරන ආකාරය සමස්ත ස්ත්‍රී වර්ගයාට ම නිගාවකි.  රජයේ සේවය ඔහුට අනුව මහින්ද රාජපක්ෂගේ ඇට මිරිකීමයි. රාජ්‍ය නිලධාරීන් පකයෝ ය. මෙවැනි පාදඩ මහණුන් හැදූ වැඩූ අය ද මේ කතා අසා ගන්නා එක දෛවයේ සරදමකි.  එහෙත් විචාර

චම්පිකගේ අමුඩෙ රුන්නේ කවුරුද?

Image
(මෙම බ්ලොගයේ පිටු වෙත පිවිසුණු සංඛ්‍යාව අද දින විසිපන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සතුටින් දැනුම් දෙමු! ස්තුතියි ඔබට! දිගට ම අප හා රැඳෙන්න. ඔබ අපට දිරියකි.) ‘‘2012 නොවැම්බර් මස ආනයනය කළ ගල් අඟුරු මෙ.ටො. 143,932 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් අරඹා ඇත. ලංකා ගල් අඟුරු සමාගම සහ ශ්‍රී ලංකා නැව් සංස්ථාව අතර 2012 ජූලි 23 එළැඹුණු ගිවිසුම අනුව හදිසි ගල් අඟුරු සැපයුම ප්‍රදානය කර ඇත්තේ සීමාසහිත තෝරියන් අයන් ඇන්ඩ් ස්ටීල් පෞද්ගලික සමාගමටය. ආනයනකරු තෝරා ගත්තේ සීමාසහිත නැව් සංස්ථාව විසිනි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2013 ජුලි 29 වන දින වාර්තා කළ පරිදි මෙම ගල් අඟුරු දහනය කර විදුලිය උත්පාදනය කිරීම නිසා 85,27,68,000 ක (අසූපන් කෝටි විසි හත් ලක්ෂ හැට අට දහසක) අලාභයක් සිදුව ඇත. ඊට අමතරව මෙ.ටො. 29,896 ක ප්‍රමාණයක් අඩුවෙන් සැපයීම නිසා සිදුවූ අලාභය 65,42,76,116/25 කි. (හැටපන් කෝටි හතලිස් දෙලක්ෂ හැත්තෑ හය දහස් එකසිය දහසයයි ශත විසිපහකි) ඒ අනුව මුළු අලාභය රුපියල් 150,70,44,116/25 කි. (එකසිය පණස් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් හතර දහස් එකසිය දහසයයි ශත විසිපහකි) අපි නීතිපති උපදෙස්

සරත් නන්ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහජන ව්‍යාපාරවල හතර මායිමකට වැද්ද නො ගත යුතු ය

Image
මොහුට සමාව නො දෙනු! ජනාධිපතිවරයාට තුන්වරක් තරග කළ නො හැකි ය යන නීති තර්කය ගෙන ආවේ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ය.  ලංකාවේ අධිකරණ ක්‍රියාවලි පිරිහීමට ලක් වන පරිදි ක්‍රියා කළ මූලිකයකු ලෙස සැලකෙන සරත් නන්ද සිල්වාගේ නීති තර්කය පිටුපස මේ රටේ විපක්ෂය වැටී ඇත්තේ බැල්ලිගේ බුරුල්ලේ එල්ලෙන බලු කුක්කන් සේ ය.  මෙම නීති තර්කය සරත් නන්ද සිල්වාගේ කුශාග්‍ර බුද්ධි මහිමය පළ කරන්නකැයි ඔහු හා අලියාගේ නැට්ටේ එල්ලී හෝ මහින්ද රාජපක්ෂ පරදා දෙව්ලොව යන්නට සිටින විපක්ෂය කල්පනා කරති.  සරත් නන්ද සිල්වාගේ බුද්ධි මහිමය පසුගිය දිනෙක ඔහු ම ප්‍රකාශ කළේ ය. මහින්ද රාජපක්ෂ අගමැති ධුරය හොබවන සමයේ ලැබුණු සුනාමි සහනාධාර පෞද්ගලික ගිනුමකට බැර කර ගැනීමට එරෙහිව ඔහුට විරුද්ධව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේ ඔහු එවැනි දැවැන්ත සොරකමක් නො කරනු ඇතැයි යන පූර්ව විනිශ්චය මත පිහිටා තමන් කටයුතු කළ බව එවකට අග විනිසුරු සරත් නන්ද සිල්වා පැවසී ය.  ඔහුගේ නීතිමය පරිඥානයේ තරම ප්‍රකාශ කරන්නට මේ පූර්ව විනිශ්චය කතාවට වඩා තවෙකක් කුමට ද? ඔහුට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි කොළඹ පැවති

ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තයන් ඉදිරිපිට කුර්දි ජාතික විමුක්ති අරගලය

Image
කුර්දිස්තානය (මනෝරාජික) ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ව්‍යාපාරයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් නේටෝ යුද හවුල විසින් දියත් කර තිබෙන සටනේ මූලික ගැටලුවක් වී තිබෙන්නේ එය අධි තාක්ෂණික ගුවන් ප්‍රහාරවලට සීමා වී තිබීමයි. ISIS ත්‍රස්තවාදීන් සක්‍රිය වී සිටින සිරියාවේ හා ඉරාකයේ ප්‍රදේශ වෙත ගොඩබිම් බල ඇණි යැවිය යුතුව තිබුණත් ඇමරිකා එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමයේ රටවල් ඒ සඳහා ඉදිරිපත් වන්නේ නැත. තුර්කිය මෙම සටන සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබේ. ISIS  හා වෙනත් ත්‍රස්තවාදී ව්‍යාපාර සමග සටන් කිරීම සඳහා හමුදා යෙදවීම හා ඒ වෙනුවෙන් විදේශ හමුදා සමග එක් වීම තුර්කි පාර්ලිමේන්තුව විසින් ඔක්තෝබර් 02දා අනුමත කරන ලදී. ඒ අනුව එක්සත් ජනපදය හා යුරෝපය බලාපොරොත්තු වන්නේ තුර්කිය ගොඩබිම් යුද්ධයට අවතීර්ණ වනු ඇති බවයි. මේ අතර සිදු වී තිබෙන සුවිශේෂ දෙය වන්නේ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කිරීම වෙනුවෙන් තුර්කියේ පදනම් වූ මාක්ස් ලෙනින්වාදී කුර්දිස්තාන කම්කරු පක්ෂය හෙවත් PKK හා එම සංවිධානයේ සිරියානු ශාඛාව ලෙස සැලකෙන කුර්දි ප්‍රජාතාන්ත්‍රික සංගම් පක්ෂය හෙවත් PYD ඉදිරිපත් වීමයි. එම සංවිධාන

බොදු බල සේනාවේ අනාගත රජු කවුරු ද?

Image
බොදු බල සේනාව ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව නිවේදනය කළේ ය. එය කිසි සේත් ම පුදුමයට කාරණයක් නො වේ. හැංගි හැංගි වෙස් බඳින්නේ නොබෝ දිනකින් එළියට එන්නට බව නො දැන සිටියේ කවුරු ද?  හාමුදුරුවරුන් පාර්ලිමේන්තුව ආදී මහජන නියෝජිත සභාවලට පත් වීමට මැතිවරණවලට තරග නො කරන බව ද ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පැවසී ය. මෙය ඔය කියන තරම් හොඳ දෙයක් නො වේ. ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජිතායතන ඉක්මවා ගිය ආගමික සුපිරි සභාවක් ගැන මොවුන් සිහින දකිනවා විය හැකි ය.  අනෙක් වැදගත් කාරණය ඥානසාර භික්ෂුව සිය නායකයා ගැන කියූ කතන්දරයයි. අප නම් අනුමාන කරන්නේ මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන ය කියා ය.  ඔහු හෝ වෙනත් කවුරු හෝ බොදු බල සේනා නායකයා රජ කරන්නට බොදු බල සේනාව ගන්නා ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිදු වන්නේ ද යන්න ගැන ජනතාව පමණක් නොව පාලකයින් පවා අවදියෙන් සිටිය යුතු බව අපි පෙන්වා දෙන්නෙමු. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අ

ආණ්ඩුවට නායකත්ව වෙනසක් අවශ්‍ය නැද්ද?

Image
රජයට සම්බන්ධ චම්පික රණවක, උදය ගම්මන්පිල හා තවත් බොහෝ පිරිස් පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයට නායකත්ව වෙනසක් අවශ්‍ය ය. ඔවුන්ට අනුව රනිල් දේශප්‍රේමී මදි ය. ධනේශ්වර වැඩි ය. බටහිර ගැති ය. පිරිමිකම මදි ය. අරක ය. මේක ය. ඒ ගැන කතා කරන්නට අපට අවශ්‍යතාවක් නැත. මන්ද, අපට රනිල් ගැන ගැරන්ට් කරන්නට බැරි ය. කාටවත් කාවවත් ගැරන්ට් කරන්නට බැරි ය.  එක්සත් ජාතික පක්ෂයට තිබෙන ගැටලුව වන්නේ රනිල් වෙනුවට පත් කර ගන්නට නායකයකු නැතිකමයි. ඔහුගේ ආසන්න ම තරගකරුවා වන සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ කෙනෙකු යයි බරපතල සැකයක් තිබේ. අනෙක් පැත්තෙන් ඔහු ජාතික නායකයකු නො වේ. හම්බන්තොට පැත්තේ ප්‍රාදේශීය නායකයකු ද යන්න අපි නො දනිමු. කරු ජයසූරිය වැනි නායකයන් පාංකඩවලින් ද හදා ගන්නට පුළුවන.  ඒ නිසා කවුරු කැමති වුණත් අකැමැති වුණත් එජාපයට මේ මොහොතේ රනිල් හැර නායකයකු නැත. රනිල්ට අභියෝග කරන්නට හැකියාව තිබුණු එජාප නායකයෝ දැන් මහින්දගේ සෙවණේ පූස් පැටව් ය.  අනෙක් පැත්තෙන් පොදු අපේක්ෂක කතා ද නො කෙරෙන වෙදකම් ය. පොදු අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින චරිතය වන මාදුළුවාවේ සෝභිත හිමි ද ඉන්නේ පොදු අපේක්ෂකත්වයට ගව් ගණනක් දුරිනි.  මේ සං

ඇනොනිමස් ආතල්

Image
නූතන සමාජය අනන්‍යතාව ගැන දැඩි අවධානයක් යොමු කරන එකක්. හැමෝටම තමන් එක්තරා පොරක් ය කියා පවසන්නට අවශ්‍ය වී තිබෙනවා. මේක හරියට “ඒයි, මාත් ඉන්නවා, හරිද?" කියා කෑගහනවා වැනි තත්වයක්.  මේ අතරතුර අන්තර්ජාලයේ හා විශේෂයෙන් ම සමාජ ජාලවල නිර්නාමිකව හා ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් යම් යම් ක්‍රියාකාරකම් කිරීමත් සිදු වෙනවා. මෙහෙම කරන අයත් වෙනත් අවකාශයන්හිදී තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටිනවා.  මගේ පැරණි මිත්‍ර මාධ්‍යකරුවෙක් හිටියා. ඔහු තමන්ගේ නම යොදන්නේ කාල් මාක්ස් මට්ටමේ යයි තමන් හිතන ලිපිවල විතරයි. අනෙක් ලිපි හා නිර්මාන ආදියෙහි ඔහු ව්‍යාජ නම් රැසක් භාවිතා කළා. හැබැයි, ඔහු නිතරම ඒවා තමන්ගේ බව සිය සමීප කවයට පැවසුවා. ටොප් සීක්‍රට් පවා තමන්ගේ වාසියට හෙළිදරව් කළා.  පසුගිය කාලයේ බ්ලොග්කරණයේ යෙදුණු එක් මාධ්‍යකරුවෙක් හිටි හැටියේ සිය සැබෑ අනන්‍යතාවට මාරු වෙලා මගෙන් ඇහුවා, ඒ බ්ලොගය කළේ තමන් බව මා දැන සිටියා ද කියා. මම නැහැ කිව්වාම ඔහුට ලොකු සතුටක් ඇති වුණා.  සැඟවී සිට යම් යම් දේවල් කර පසුව ඒවා කළේ තමන් බව කියා සතුටු වන සෙල්ලමත්, මේ ක්‍රියාවත් අතර සමානකමක් තිබෙනවා. මෙයින් වැඩි දෙනෙක් ලබන්නේ

සිංහල අකුරු හා වචන ඉංග්‍රීසියෙන් ලියන හැටි ගැන ජේ. සී. අහංගම

සිංහල අකුරු හා වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා විධිමත් ක්‍රමයක් අවශ්‍ය බව අපි පෙන්වා දුන්නා. මෙම සංවාදයට එක් වූ ජේ.සී. අහංගම විසින් පෙන්වා දෙන ලද කාරණා ඉතා වැදගත් යයි අප සිතන නිසා ඒවා නැවත මෙහි පළ කරන්නට අදහස් කළා. ඔහු මෙහෙම කියනවා. අපි මේ ප්‍රශ්නය දිහා බලන්නේ අපේ ඉංග්‍රීසි ආභාසය හරහායි. ඇත්තටම සොයා බැලුවොත් අපට පෙනී යයි ඉංග්‍රීසි හැර බටහිර ඉන්දු යුරෝපීය භාෂාවල් ඉංග්‍රීසි වගේ නොව බොහෝ දුරට ලියන්නේ කියන විදිහටයි කියලා. ඉන්දු යුරෝපීය, එනම් හින්දි වගේ උතුරු ඉන්දියාවේ භාෂාවල් ලියන්නෙත් කතාවත් ලිවීමත් ගලපන රීති අනුවයි. සිංහලත් එහෙම නේ? (සිංහල ඉන්දු යුරෝපීය භාෂාවල් හා Germanic භාෂාවල්වලට, සංස්කෘතටත්, වඩා පැරණි ඉන්දු යුරෝපීය භාෂාවක් කියා ඔප්පු කල හැකියි). ප්‍රශ්නය තේරුම් ගන්න ඉංග්‍රීසි ලිවීමට වුන හානිය දැනගැනීම හොඳයි. පුරාණ ඉංග්‍රීසිත් ලිව්වේ කතාකරන විදිහටමයි. 600 වර්‍ෂයේ පමණ මුළු එංගලන්තයම ක්‍රිස්තු භක්තියට ගියාට පස්සේ ෆුතාර්ක් කුරුටු අකුරු මන්තරකරයින්ගේ අකුරු කියලා අතහැරලා ඉංග්‍රීසි පොත් ලතින් අකුරෙන් ලියන්න පටන් ගත්තා. නමුත් අකුරු 22ක් ඉංග්‍රීසි ශබ්ද ලියන්න මදි නිසා තයන්න, දය

ජොනීගේ ඇනීම හා සරත් නන්දගේ ඇන ගැනීම

Image
දූෂිත පාලකයන් ගැන විමර්ශන කළ යුත්තේ පොලිසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැනි මහජන ආයතනයි. ඊට අමතරව, ජනමාධ්‍යවලටද එහිදී සුවිශේෂ වගකීමක් තිබේ. එහෙත්, එවැනි ආයතන පාලකයන්ගේ පාලනයට නතු වී තිබෙන සංදර්භයකදී පාලකයින්ගේ දූෂණ ගැන විමර්ශන සිදු වන්නේ නැත. විමර්ශන පසෙක තිබියදී චෝදනා එල්ල කරන මහජනයාට, මහජන නියෝජිතයන්ට හා ජනමාධ්‍යවලට ද යහතින් ඉන්නට ඉඩ සැලසෙන්නේ නැත. දූෂිත පාලකයන් හැම විට ම තමන් වටා තවත් දූෂිතයන් රොත්තක් රැස් කර ගනියි. මහජන මුදලින් යැපෙන මේ සොරු මහ හොරාගේ ආරක්ෂක පලිහ වෙති. මහ හොරාගේ ආරක්ෂාව තමන්ගේ ද ආරක්ෂාව බව ඔවුහු දනිති. පළමු වීඩියෝවෙහි සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු රඟන්නේ එම භූමිකාවයි. දෙවන වීඩියෝවේ සිටින සරත් නන්ද සිල්වා රඟන්නේ කුමන භූමිකාවක් ද යන්න පැහැදිලි නැත. ඔහු පුනරුත්ථාපනය වී තිබේ ද? ඔහු කරන ප්‍රකාශය තුළ ද වැදගත් කාරණයක් තිබේ. මාධ්‍ය වාර්තා මත පදනම්ව නඩු පැවරිය නො හැකි බව කියා සරත් නන්ද සිල්වා සිය පැරණි මිතුරා වූ මහින්ද රාජපක්ෂ සුනාමි අරමුදල් වංචා නඩුවෙන් බේරා ගත්තේ ය. ඒ සුනාමි අවස්ථාවේ අග්‍රාමාත්‍ය අරමුදල නම් රාජ්‍ය අරමුදලට ලැබුනු රුපියල් මිලියන 82ක අරමුදල් නීත

කොලම්බස් දිනය වෙනුවට ඇමරිකානු ස්වදේශිකයන්ගේ දිනය

Image
පසුගිය ඔක්තෝබර් 13දා ඇමරිකාවේ සියැටල් නගරයට වැදගත් දිනයක් වුණා. සියැටල් නගරයට ඒ නම ලැබුණේ ඇයි කියන එක ඔබ දන්නවා ඇති. සියැටල් කියන්නේ මට සියවස් දෙකකට පෙර ඇමරිකාවේ ජීවත් වූ ස්වදේශික නායකයෙක්. ඇතැම් අය කියන විධියට රතු ඉන්දියානු නායකයෙක්. මේ රතු ඉන්දියානු කතාව යුරෝපා යටත් විජිතවාදී නිර්මානයක්. මෙය සිදු වන්නේ ඉන්දියාවට මාර්ගයක් සොයාගෙන ගිය ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස් නම් නාවිකයා ඇමරිකාවට ගොඩබැස එය ඉන්දියාව ලෙසත්, එහි ජීවත් වන ජනයා ඉන්දියානුවන් ලෙසත් වරදවා වටහා ගැනීමෙනුයි. සියැටල් කියන නමත් එවැනි ම යුරෝපා යටත් විජිත ප්‍රබන්ධයක්. ඉංග්‍රීසි ඌරුවට සියැටල් වුණේ ස්වදේශිකයන් විසින් සීත්ල් ලෙස උච්චාරණය කළ නමයි. සියැටල් උපත ලද්දේ 1788 වර්ෂයේ වත්මන් පූගට් සවුන්ඩ් ප‍්‍රදේශය අසල පිහිටි දූපතක් වන බේන්බ්‍රජ් දිවයිනේය. ගෝත්‍රික නායක පරපුරකින් පැවත ආ ඔහු පසු කලෙක ගෝත්‍ර හයක ම නායකයකු වුණා. ඔහු.වසර 78 ක් ජීවත් වී 1866 දී පූගට් සවුන්ඩ්හි දී අභාවප‍්‍රාප්ත වුණා. ඇමරිකාව ආක්‍රමණය කළ යුරෝපා ජාතිකයන් ස්වදේශිකයන්ගේ ඉඩම් මිළ දී ගන්නට ඉල්ලා සිටි අවස්ථාවේ නායක සියැටල් විසින් කරන ලද ප්‍රකාශය පරිසරය, මිනි