රූපලාවන්‍යය හා සමාජවාදය

ලස්සන වෙන්නට ශල්‍ය කර්මයක් කරන්නට ගිය වෛද්‍යවරියක කණගාටුදායක මරණයකට මුහුණ දී තිබේ.

මේ පිළිබඳ ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ හරියට මේ දොස්තරවරිය වනචර වැඩක් කරන්නට ගොස් අනතුරට පත් වුණා වගේ ය. අදාළ වෛද්‍යවරයා ගබ්සා කරනවා වැනි  වැඩක් කළා වගේ ය.

කවුරුත් ලස්සනට ඉන්නකොට ලෝකය ලස්සන ය. විශේෂයෙන් ම ගැහැනුන් ලස්සනට ඉන්න එක හොඳ ය. මන්ද, පිරිමි දර්ශනකාමුකයෝ ය.

ලස්සන කියන එක අර්ථකථනය කර ගන්නා ආකාරය පිළිබඳ යම් ගැටලු තිබේ. උදාහරණයක් ලෙස සුදු, හීන්දෑරි ගැහැනු ලස්සන ය යන බටහිර අධිපති ආකල්පය රූප සුන්දරී තරග වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ලෝකය පුරා ම පතුරුවමින් තිබේ.

කළු මහත ගැහැනුත් ලස්සන ය. අමතර මේද ටිකක් තිබෙන එක මහා අවලස්සනක් නො වේ.

කළු පාටත්, මහතත් කැත ය කියා භීතියක් සමාජය තුළ ඇති කරනු ලැබේ. ඒ භීතිය විසින් ඇති කරන වෙළඳපොළට ෆෙයාරැන් ලව්ලි, නිමල් ගමගේ හා තවත් විවිධ වෙළඳ කටයුතු ආදේශ වේ. ඔවුන්ගේ අරමුණ ලාභ ඉපැයීමයි.

තරබාරුකම හා සම්බන්ධ නිරෝගීකම පිළිබඳ ප්‍රශ්නයේදී නම් කළ යුතුව තිබෙන්නේ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් පවත්වාගෙන යාමයි.ඒ සඳහා ව්‍යායාම කළ යුතු ය. ආතතියෙන් තොරව, හැකි තරම් සොබා දහමට සමීපව ජීවත් විය යුතු ය.

ධනවාදය විසින් අධික ලාභාපේක්ෂා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන අසීමිත ආශාවන් හා පාරිභෝජනවාදය යහපත් සෞඛ්‍යයටත්, සුන්දර රූපයටත් බාධාවකි.

එසේම, සුදු කෙට්ටු ගැහැනු ලස්සන ය යන රූපය පිළිබඳ ධනේශ්වර ආකල්පය පැතිරවීම හා රූපලාවන්‍ය කර්මාන්තය අධික ලෙස ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කිරීම ද ධනවාදයේ වැඩකි. එය මිනිස් පැවැත්ම අර්බුදයට පත් කර ඇත. 

ධනේශ්වර ජීවන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හෙවත් අධික ලෙස පරිභෝජනයේ හා ආතතික ජීවිතයේ ප්‍රතිළුලයක් ලෙස උදරයේ එ්කරාශී වන මේද ස්ථරයන් ඉවත් කර ගන්නට මිළ අධික සැත්කම් කළ යුතු ය. ඒ සල්ලි හොයන්නට නැවත අර ජීවිතයට ම යා යුතු ය. මෙය විෂම චක්‍රයකි. 

සමාජවාදී ජීවන විලාසයක් සොයා යාම සමාජවාදය සඳහා අනවරත අරගලයේ කොටසක් බව අප කියන්නේ ඒ නිසා ය. 

රූපලාවන්‍යය ගැන සමාජවාදී සංවාදයක් වෙනුවෙන් මේ කරුණු සැලකිල්ලට ගන්න. 

සමාජවාදය යනු රූපලාවන්‍යයට විරුද්ධ දෙයක් නො වේ. එසේම රූපලාවන්‍යය ධනවාදයේ නිර්මානයක් ද නො වේ. රූපලාවන්‍ය කර්මාන්තයක් ඈත අතීතයේ සිට ම පැවතිණි. ධනවාදය අනෙකුත් සියලු දේ මෙන් ම එය ද මිනිසුන් සූරා කෑමේ මාර්ගයක් කර ගෙන තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ගබ්සාව වැරදි වැඩක්ද පැරා.... ? පැරා දැන් පන්සල පැත්තේ යනවා වගේ නිතරම..

    ඇත්තටම සමාජවාදේ තිබුනා නම් ඇවිදින ඇටකටු වගේ රූප සුන්දරියෝ ඉඳිවී මුළු රටේම. ඉලාස්ටික් සර්ජරියි අරවයි මේවයි මක්කත් ඕන නෑ. රෙදි නැති නිසා අඳින්නෙත් මිනි ගවුම්. ඔය චේන්ජ් එකාත් එක්ක කුණු බක්කියකින් ඩිනර් එක උනත් ගන්න පුළුවන්නේ..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඔයාලගේ ධනවාදයට පින්සිද්ද වෙන්න ලෝකේ බහුතරයක් මිනිස්සු කරන්නේ කොහොමටත් එකනේ , මන් කියන්නේ අර ඇවිදින ඇටසැකිලි වගේ ඒවා කුණු බක්කි වලින් කෑම හොයන එක.

      Delete
    2. සෑම ආකාරයකම ගබ්සාව නිවැරදි නැහැ. නූපන් දරුවාටත් මානව හිමිකම් තිබෙනවා.

      Delete
    3. වැරදි කියන වචනය ඉවත් කළා

      Delete
    4. ඇනෝ මට පොඩ්ඩක් කියල දෙනවද හැම ප්‍රශ්නයක්ම ඇති වුණේ ධනවාදය නිසා නම් ධනවාදය ඇති වෙන්න කලින් බලංගොඩ මානවයාගෙ කාලෙ හෙම මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණෙ නැද්ද කියලා.

      Delete
    5. බලංගොඩ මානවයටත් ප්‍රශ්න තිබුණා. බලංගොඩ ඉඳන් කොළඹ එන්න බස් එකක්වත් නැති එක.

      Delete
  2. "රූපලාවන්‍යය හා සමාජවාදය" යන ලිපියට කරුණු උකහා ගැනීම, ගමේ ගොඩ වේද මහතෙකුගේ අනුග්‍රහයෙනි. වෙද මහත්තයා දන්න "සමාජවාදය" කියන්න ගිහිල්ල "සමජවාතයක්" ගිය අතුරුපල අපට ලැබුනා. ලිපිය දඩාස් ගාල "ලයිට් ගියා" වගේ ඉවර කලා.

    ReplyDelete
    Replies
    1. Yes. Seems para was in a hurry to publish this

      Delete
  3. your behaviour is totaly deferance in both cases, 1.Ajith manawadu and la ady. doctor.
    keep it in your mind. be a political charactor.

    ReplyDelete
  4. ලංකාවේ සමජවාදි භාවිතාවේදි (දේශපාලනයේදි) රුපලාවන්‍ය ඉතා වැදගත් කාර්යභාරයක් සිදුකරන බව විශ්‍රාමික විප්ලවාදියෙකු හා පුවත් පත් හිමිකරුවෙකු වන වි.අයිවන් මහතා මුඅ්‍රණය කොට විකුනා ඇත. රාවය පොත් මැදුරෙන් විමසන්න.

    ReplyDelete
  5. පබිලිස්August 13, 2014 at 9:54 PM

    දැන් ප්‍රසිද්ධ දේශපාලනයේ ඉන්න ස්ත්‍රි පුරුෂ සියලු දෙනා (UNP,PA,JVP,TNA,etc) වැඩ කෙසේ වෙතත් ඇහැට ඉන්නවා ..ආයිස්අම්මා ගුන්ඩු කියල වැඩක් නෑ.. බල බලා හිටියැහිකි කන්න නැතිවුනත්, බොන්න වතුර නැතිවුනත්..

    ReplyDelete
  6. පැරා,
    තම රූපකාය නිසා ශාරිරික හෝ මානසික පිඩනයට පත් මිනිසුන් පීඩිත පංතියට අයත්ද ? නැත්ද?

    ReplyDelete
    Replies
    1. No. Only the monetary poverty is considered.

      Delete
    2. ස්තුතියි පැරා(ඇනෝ)

      Delete
  7. ලස්සන වෙන එකේ වරදක් නොදකින් එක ගැන නම් සතු‍ටු වෙනවා....ඒත් මේ ඕනෑම ප්‍රශ්ණයක් ධනවාදයේ වරදක් ලෙස අර්ථ කතනය කරනවා දැක්කම් හිනා යනවා....අර මැක්කගේ රචනාව වගේ...

    ReplyDelete
    Replies
    1. හැම දෙකටම මිලක් ගෙවන්න ඕන කියන එක මතක් වෙනකොටත් හිනායනවද ?

      Delete
    2. හිනා වෙන එක නෙමෙයි වැඩේ. පුළුවන් නම්, අපි නගන තර්කය ප්‍රතික්ෂේප කරන්න කරුණු ඉදිරිපත් කරන්න.

      තමන්ට සිදු වන දේ නො දැන හිනා වෙවී ඉන්න අය මැක්කන් කද්දී කහන එක සැපක් යයි සිතා සිටින බල්ලන් වැනි ය.

      Delete
    3. 1. පවත්නා සමාජ ක්‍රමය = ධනවාදය කියලා අර්ථ දක්වා ගත්තාම හැම ගැටලුවක්ම ඉබේම ධනවාදයේ වැරදි වෙනවා. ඇයි ගැටළු පැණ නඟින්නේ පවත්නා සමාජ ක්‍රමයෙන්නෙ. ඒකට විසඳුම = සමාජවාදය කියලා මනෝරාජිකව අර්ථ දක්වා ගත්තාම ඔක්කෝම සමාජවාදයෙන් විසඳෙනවා කියලා පේනවා. පැරා හරි.

      2. ලෝකයේ හැම දේටම අනිවාර්යයෙන්ම මිළක් තියෙනවා. යම් දෙයකට එහෙම නැතිවා වගේ පෙනෙන්නේ ඒක අපි ඍජුව නොව වක්‍රව ගෙවන අවස්ථා වලදී. උදාහරණයක් හැටියට කියුබාවේ අධ්‍යාපන පහසුකම් නොමිළේ ලැබෙනවා. නමුත් ඒකට හරියන්න පුරවැසියන් වැඩ කළ යුතුයි. ක්‍රමය මොක වුණත් ලෝක ස්වභාවය වෙනස් වන්නේ නැහැ.

      Delete
    4. දෙවෙනි ඇනෝට ස්තූතියි මා බැදිය යුතු පිලිතුර මට වඩා හොදට ඉදිරිපත් කිරීම ගැන....

      Delete
    5. "ඒකට විසඳුම = සමාජවාදය කියලා මනෝරාජිකව අර්ථ දක්වා ගත්" අයගේ ගොඩට අපව දාගන්න එපා.

      අපි සමාජවාදය යන්නෙන් අර්ථකථනය කරන්නේ ධනවාදයට විකල්පය මිස සදා නිම කළ දෙයක් නෙමෙයි. එය ගොඩනගන්න ඕනැ සංවාද හා පර්යේෂණ ඔස්සේයි. කියුබාව කියන්නේත් එක්තරා පර්යේෂණයක්.

      කියුබාවේ වැඩ කරන මිනිසුන්ට නොමිළේ අධ්‍යාපනය ලැබෙනවා. ලංකාවේ වැඩ නො කරන මිනිස්සු නිකම් ඉඳන් හා කළමනාකාරවරු කය වෙහෙසා වැඩ නො කර සුර සැප විඳිනවා. වෙහෙස වී වැඩ කරන මිනිසුන්ට තමන්ගේ දරුවා යවා ගන්න හරි හමන් පාසලක් නැහැ. කියුබාවේ වැඩ කරන මිනිසුන්ට නොමිළේ සෞඛ්‍ය පහසුකම් ලැබෙනවා. ලංකාවේ ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ.

      වෙනසක් තිබෙනවා නේ ද? ධනවත් ඔබට ලංකාවේ ධනවාදය හොඳ ඇති දුප්පත් අපට කියුබාව හොඳා.

      Delete
    6. පැරා ලෝකයේ කොහෙත් වැඩ කරන මිනිස්සුන්ට දේවල් හිමි වෙනවා. ලංකාවේ තියෙන ගැටළුව මිනිස්සුන්ට කන්න නැති වීම නෙවෙයි වැඩ නැතිවීමයි. ලංකාවේ තියෙන්නේ සූරා කෑම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි සූරා නොකෑම පිළිබඳ ප්‍රශ්නයක්. තමන්ව සූරා කාලා හරි කන්න බොන්න දෙනවා නම් මිනිස්සු කැමැතියි. කොරියාවට යන්න ෆුල් ට්‍රයි එකක දෙන්නෙ ඒ හන්දා. ලංකාවෙ වෙන්නේ එහෙමවත් මිනිස්සු සූරා නොකන එකයි.

      Delete
    7. ලංකාවේ තියෙන ප්‍රශ්නය ධනවාදය නෙවෙයි, ධනවාදයට තවම අවතීර්ණ වී නැති වීමයි. අපි තවමත් ඉන්නේ කාල් මාක්ස්ගේ යුරෝපයට ගව් ගානක් පිටුපසින්. මාක්ස්ගේ කාලේ යුරෝපයේ වුණ නිෂ්පාදනයෙන් සියයට් එකක් වත් අපේ රටේ වෙන්නේ නැහැ. ඒ හන්දා කම්කරු පන්තියට බෙදා ගන්න නිෂ්පාදනයක් නැහැ. තියෙන සොච්චම බෙදා ගත්තත් එකයි, නොගත්තත් එකයි. මේක තේරුම් ගන්න බැරි සමාජවාදියෝ මෙහේ පිස්සු කෙළිනවා.

      Delete
    8. ධනවාදී සමාජවාදී සංවාදය මෙහෙමයි.
      ධනවාදියාට අනුව ධනවාදය තමයි හොඳ. හැබැයි ලංකාවෙ තියෙන්නෙ ධනවාදය නෙවේ. ධනවාදය හොඳ‍ට තිබුනනං හරි.
      සමාජවාදීන්ට අනුව සමාජවාදය තමයි හොඳ. පොඩි තර්කයක් දාපු ගමන් සෝවියට් දේශයවත් චීනයවත් කියුබාව වත් සමාජවාදී රටවල් නෙවේ.(දැං මෙතන කියුබාව ගැන කිව්වට පැරාත් සමහර විට කියයි සමාජවාදය ඒක නෙවේ කියල)

      ඒ නිසා ඕක කතාකරල බේරගන්න පුළුවන් කේස් එකක් නෙවේ.

      Delete
    9. ධනවාදය හොඳට තිබුණ නම් හරි කියන්නෙ එහෙම තියෙන රටවල් දිහා බලලා. ඇමෙරිකාව, යුරෝපීය රටවල්, ඕස්ට්‍රේලියාව... හොඳයි රාජ් කැමැති නැද්ද ඒ වගේ රටක ජීවත් වෙන්න?

      Delete
    10. තාම නම් වැදගත් විදියට යනවා. අල කර ගන්නේ නැතුව මේ සංවාදය තව ටිකක් ගෙනියමුද?

      Delete
    11. මගේ යාලුවෙක් සමාජවාදය කරල මළා.

      Delete
    12. 89 -90 කාලේද ඇනෝ ?
      මම දන්න සමාජවාදියෙකුත් ටයර් එකක් උඩ රෝස් උනා ඒ කාලේ

      Delete
    13. නෑ ඒ රෝස් වුණේ සමාජවාදියෙක් නෙවෙයි ජෙප්පක්.

      Delete
    14. ළමයි පොඩ්ඩක් මාතෘකාවේ ඉමුද? වෙන තැනක් අල කරමු ඕනමනම්. වැදගත් සංවාදයක් යන්න හොඳ අවස්ථාවක් තියෙනවා මෙතන.

      Delete
    15. @AnonymousAugust 14, 2014 at 1:22 PM
      මෙහි කිසිවිටක වැදගත් සංවාදයක් ඇතිවීමට ඉඩක් නැත. හේතුව සංවාදයක් ඇතිවීමට යම්කිසි දෙයක් පාදක කර ගත යුතු බැවිනි.

      සමාජවාදය යනු හිස්ටිරියා රෝගී කිහිප දෙනෙකුගේ ඔලුවේ පමණක් පහල වී තිබෙන විකාරරුපි ,බහුරුපි ලඩයකි . එය සම්බන්ධයෙන් සාකච්චා කල නොහැක්කේ එහි කිසිදු tangible කිසිවක් නැති බැවිනි. ඔබ සමාජවාදයේ යම්කිසි වරදක් පෙන්වා එයට උදාහරණයක් ලෙස සියල්ලන් සමාජවාදී රාජ්‍ය ලෙස සලකන සෝවියට් රුසියාව , චීනය හෝ කියුබාව පෙන්වුවහොත් මෙම සමාජවාදීන් කියන්නේ එම රටවල් සමාජවාදී නොවෙන බවයි. ඊට පස්සේ මොනවා කියන්නද ?

      ශතවර්ෂයක් තිස්සේත් තටමාත් ලෝකයට පහල කර ගැනීමට බැරි වූ අසාර්ථක , මනෝමුලික සමාජවාදී (ලොවෙත් නැති ) බෙට්ටක දිග පළල ගැන සිහියක් ඇති කෙනෙක් සාකච්චා කරන්නේ මොකද්ද ?

      Delete
    16. ////සමාජවාදය යනු හිස්ටිරියා රෝගී කිහිප දෙනෙකුගේ ඔලුවේ පමණක් පහල වී තිබෙන විකාරරුපි ,බහුරුපි ලඩයකි ////

      ධනවාදයට විකල්පයක් යෝජනා කරන්න.......

      Delete
    17. වැඩ කරන බව ප්‍රායෝගිකව පෙන්වා ඇති දෙයකට විකල්ප මොකටද ?
      Reinventing the wheel just for the heck of it ?

      වාදයක් නැතුවම බැරිනං, වාදයක් ඕනම නං ආ ... විභජ්ජ වාදය
      "Now, by blaming what is blamable and praising what is praiseworthy, the Blessed One is a 'discriminating teacher' (vibhajja-vadī) and is not one-sided in his teaching" (AN X.94).

      Delete
    18. ධනවාදීන් යැයි සිතා සිටිනා ගොබ්බයන් කොතරම් විපරිතයින් දැයි සිතෙන්නේ පොස්ට් එක කෙසේ වෙතත් ත්රේඩ් එකවත් නොකියවා කුනු මස් සුවදට උඩුබුරනා හිවලුන් සේ කොමෙන්ට් කොටනවා දකින විටයි. මේ හොහපුටුවන් සිතා සිටිනා ආකාරයට දර්ශනවාදයන් හා අර්ථ ක්‍රමයන් ගැන සාකච්චා 'tangible' විය යුතුයැයි කියායි . ධනවාදය ගැන හෝ සමාජ වාදය ගැන අන්දෝ සංසාරයක් නොදන්නා ඉහද පණුවන් දන්නා එකම දේ නම් බෙට්ටේ දිග පළල හා මානසික රෝග වල නම් පමණි. මානසික රෝග ගැන දැඩි උනන්දුව බාගදා පුද්ගලික අත්දැකීම නිසා ඇති වුවා වෙන්නටත් බැරි නැත.

      Delete
    19. "ධනවාදය ප්‍රායෝගිකව වැඩ කරන හැටි"

      More than 1.4 billion people live in poverty so extreme that they can barely survive, and around 25,000 people die from hunger each day whilst a new billionaire is created every second day

      share the world resources

      Delete
    20. 0.5% වූ ලෝක ධනපතීන් සුළුතරයක් ගෝලීය වත්කම් වලින් 43% බුක්තිවිදි

      source
      http://inequality.org/

      Delete
    21. "සමාජවාදය ප්‍රායෝගිකව වැඩ කරන හැටි"

      From "The Black Book of Communism: Crimes, Terror, Repression"

      In the introduction, editor Stéphane Courtois states that "...Communist regimes... turned mass crime into a full-blown system of government".He claims that a death toll totals 94 million.The breakdown of the number of deaths given by Courtois is as follows:

      65 million in the People's Republic of China
      20 million in the Soviet Union
      2 million in Cambodia
      2 million in North Korea
      1.7 million in Africa
      1.5 million in Afghanistan
      1 million in the Communist states of Eastern Europe
      1 million in Vietnam
      150,000 in Latin America (mainly Cuba)

      Please don't kill people who have things to eat and live well for the sake of implementing a "වාදය" :)

      Delete
    22. ෂික්. same story again. out of topic and bull shit as usual.

      Delete
    23. //සමාජවාදී රාජ්‍ය ලෙස සලකන සෝවියට් රුසියාව , චීනය හෝ කියුබාව...//

      ''ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය''

      ලංකාවේ නමටත් සමාජ වාදී කෑල්ලක් තියෙනවනේ ලංකාවත් සමජවාදීද දන්නේ නෑ නේ?

      Delete
    24. The Black Book of Capitalisum- ධනවාදයේ ප්‍රායෝගිකත්වයට තවත් උදාහරණ

      Extermination of indigenous Americans 1492-1890: 100 million
      Atlantic slave trade of Africans 1500-1870: 15 million
      French attempted repression of Haiti slave revolt 1791-1803: 150,000
      French conquest of Algeria 1830-47: 300,000
      The Opium Wars in China 1839-42 & 1856-60: 50,000
      Irish potato famine 1845-49: 1 million
      British suppression of the Indian Mutiny 1857-58: 100,000
      Massacre of the Paris Commune 1871: 20,000
      Famine under British colonialism in India 1876-79 & 1897-1902: 29 million
      Military and police repression of labor strikes in the United States 1877-1938: 700
      Blacks lynched in the United States 1882-1964: 3,445
      Belgian exploitation of the Congo 1885-1908: 10 million
      United States conquest of the Philippines 1898-1913: 250,000
      British concentration camps in South Africa 1899-1902: 28,000
      French exploitation of Equatorial African rainforest 1900-40: 800,000
      German extermination of the Herero and Namaqua 1904-07: 65,000
      The First World War 1914-18: 10 million
      White Army pogroms against Jews 1917-20: 100,000
      Italian fascist conquests in Africa 1922-43: 600,000
      Japanese imperialism in East Asia 1931-45: 10 million
      Fascist terror in Spain 1936-39: 200,000
      Nazi terror/concentration & extermination camps 1939-45: 25 million
      Allied bombing of German and Japanese civilians 1942-45: 1 million(inc. over 200,000 Japanese in atomic bombings of Hiroshima and Nagasaki)
      Kuomintang massacre in Taiwan 1947: 30,000
      French repression of anti-colonial revolt in Madagascar 1947: 80,000
      Israeli colonization of Palestine 1948-present: 30,000
      British repression of the Mau-Mau revolt 1952-60: 50,000
      Algerian war of independence 1954-62: 1 million
      Military juntas in Guatemala 1954-96: 200,000
      Papa and Baby Doc Duvalier regime in Haiti 1957-86: 50,000
      Vietnam War 1963-75: 3.4 million
      Massacre of communists in Indonesia 1965-66: 1 million
      Tlatelolco massacre in Mexico City 1968: 400
      US bombing of Laos and Cambodia 1969-75: 700,000
      Nicaragua civil war(s) 1972-90: 80,000
      Pinochet dictatorship in Chile 1973-90: 3,197
      Angola civil war 1974-92: 500,000
      East Timor massacres 1975-98: 200,000
      Mozambique civil war 1975-90: 1 million
      Argentina "Dirty War" 1976-82: 30,000
      El Salvador military dictatorship 1977-92: 70,000
      Kwanju massacre 1980: 1,000
      Bophal Union Carbide disaster 1984: 16,000
      US invasion of Panama 1989: 3,000
      UN embargo against Iraq 1991-2003: 1 million(inc. 500,000 children under the age of 12)
      Destruction of Yugoslavia 1992-95: 200,000
      Capitalist coup de tat in Russia 1993: 2,000
      Rwandan genocide 1994: 800,000
      Congolese civil war 1997-present: 6 million
      Indian farmer suicides 1997-present: 199, 132
      NATO occupation of Afghanistan 2001-present: 30,000
      US invasion and occupation of Iraq 2003-present: 1.2 million

      Delete
    25. ලිස්ට් එක 2003 ඉවරයි 2003 -2014 තුල ඇමරිකන් හා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ ම්ලේච්චයෝ තව මිලියන ගණන් මිනිස්සු මරපුවත් එකතු වෙන්න ඕන

      Delete
    26. ෂඃ , පහුගිය අවුරුදු 600 ම වෙච්ච ඔක්කොම යුද්ධ ටික තියෙනවා වගේ. යුද්ධයක් උනොත් එතන ධනවාදියෙක් නේද බං ?
      NATO occupation of Afghanistan 2001-present:
      වෙනුවට
      USSR occupation of Afghanistan 1979-1989
      Bophal Union Carbide disaster 1984: 16,000
      වෙනුවට
      තව චෙර්නොබිල් එහෙමත් දාමුකෝ ඇනෝ.

      "ෂික්. same story again. out of topic and bull shit as usual."
      හි .. හි

      Delete
    27. හේයි ගයිස්, ලෙට්ස් ඉන්ක්‍රීස් ද නම්බර් ඔෆ් හිට්ස් ටු දිස් බ්ලොග් බයි පුටිං සම් කමෙන්ට්ස්. ඔන්ලි ද ක්වන්ටිටි ඉස් රික්වයර්ඩ් ඇන්ඩ් ක්වලිටි ඉස් නොට් ඉම්පෝර්ටන්ට් ඇට් ඕල්. ජස්ට් කොපි ඇන්ඩ් පේස්ට් සම් බුල්ෂිට් ලයික් අවර් ටීම් මෙම්බර්ස් හැව් ඩන් අබව්.

      Delete
    28. //යුද්ධයක් උනොත් එතන ධනවාදියෙක්//

      අන්තිමට උඹට ඔයා ගොනාට වගේ තේරිලා තියෙනේ, පුක දෙන්න ගිය වෙලාවක බුෂ් ගෙන් ඔබාමාගෙන් ටෝනි බ්ලෙයාර් ගෙන් අහපන් තව ලේටස් අප් ඩෙට් දෙයි

      Delete
    29. හා මචං. හැබැයි උඹ එහෙම කරනකොට බලාගෙන. ලෙනින් මලෙත් සිෆිලිස් හැදිලා.

      අන්තිමට අර ඇනෝ ඇවිල්ල කියයි
      "මගේ යාලුවෙකුත් සමාජවාදෙට දෙන්න ගිහිල්ල සිෆිලිස් හැදිලා මලා" කියල

      Delete
    30. //හේයි ගයිස්, ලෙට්ස් ඉන්ක්‍රීස් ද නම්බර් ඔෆ් හිට්ස් ටු දිස් බ්ලොග් බයි පුටිං සම් කමෙන්ට්ස්. //

      That is the plan, make it popular.........place some seeds.........seeds will sprout......plants will grow ......

      Delete
    31. උඹ වගේ මොංගල් ඩයල් වලට ලෙනින්ගේ පයියෙන් කරපු වැඩ වැදගත් උනාට අපිට වැදගත ඌ මොලෙන් කරපු වැඩ.

      Delete
    32. හි හි. ඇනෝ නියුරෝ සිෆිලිස් ගැන අහල නැද්ද ? මොලෙන් යමක් කරන්න මොලේ ඉතිරි වෙලා තියෙන්න ඕනේ නේද ?

      ආ මෙතනින් ගිහිල්ල බලන්න. Symptoms include Confusion , Dementia , Depression :)

      Delete
    33. බෑ බං. කොමියුනිස්ට් බුල් ෂිට් කියවන්න කම්මැලියි . තියරි විතරයි කරන්න ගියාම අනාගෙන ලක්ෂ ගානක් මිනිස්සුත් මරාගෙන තමයි නවතින්නේ. ඊට වැඩිය හොඳයි බස් අජිත්ගේ සින්දුවක් අහනවා. හි ... හි ...

      Delete
    34. ධනවාදීන් අන්තිමට නතර වෙන්නේ ලෙනින්ගේ ප..යේ කොනෙනි ! අහෝ ධනවාදී libertarian ලාගේ ඉරණම. .

      Delete
    35. //බෑ බං. කොමියුනිස්ට් බුල් ෂිට් කියවන්න කම්මැලියි//

      ඈ බන් උඹ ඇත්තම කියපන්, ගොනා සේ තප්පුලෑවට උඹ සමාජවාදය ගැන මෙලෝ අලයක් කියවල නෑ නේද ?

      Delete
    36. //ඈ බන් උඹ ඇත්තම කියපන්, ගොනා සේ තප්පුලෑවට උඹ සමාජවාදය ගැන මෙලෝ අලයක් කියවල නෑ නේද//

      D :

      උඹ ඕක අදද දන්නේ

      Delete
    37. //ඈ බන් උඹ ඇත්තම කියපන්, ගොනා සේ තප්පුලෑවට උඹ සමාජවාදය ගැන මෙලෝ අලයක් කියවල නෑ නේද ? //

      අපේ ආත ඉන්න කාලේ උන්දැ , ඔන්න එකෝමත් එක රටක ... කියල සුරංගනා කතා කියනවා අහං හිටිය. එහෙම එකක් නේද බං ඔය "සමාජ-වදේ " කියන්නේ ? අන්තිමට නතර වෙන්නේ "සමාජ-රෝගේ" හැදිලා.

      Delete
    38. මම හිතන්නේ ආත උඹට කියන්න ඇත්තේ ආතගේ ජිවිත කතාව. කෝකටත් කියල උඹ අර දාපු ලින්ක් එක අපහු හොදට කියවල, චෙකප් එකක් කරගත්තොත් මොකද ?

      Delete
    39. පැරා වෙනුවෙන් ඇනෝ සටනේ!!!! ජයවේව!!!! සොහෝන්ට අබ සරණයි හරිය. අපේ පැරා මහත්තයට බනිනකොට අපිට හරි වේදනයි.

      Delete
    40. /ධනවාදීන් අන්තිමට නතර වෙන්නේ ලෙනින්ගේ ප..යේ කොනෙනි ! අහෝ ධනවාදී libertarian ලාගේ ඉරණම. ./

      අඩෝව්!!!! කොණ ගැන කතා කරන්ඩ යෙපා. යේක අපිල කපල දාල තියෙන්නේ ෂරි.

      - නනසාර

      Delete
    41. මහසොහොන් පිල්ලිය August 14, 2014 at 4:18 PM
      /හා මචං. හැබැයි උඹ එහෙම කරනකොට බලාගෙන. ලෙනින් මලෙත් සිෆිලිස් හැදිලා/

      සමාජවාදය කරනකොට හැදෙන්නෙ සමාජරෝග නැතුව වෙන මොනවද

      Delete
    42. AnonymousAugust 15, 2014 at 12:53 PM,

      /සමාජවාදය කරනකොට හැදෙන්නෙ සමාජරෝග නැතුව වෙන මොනවද/
      එතකොට අර ප්‍රෙස්ටස් පෙරේරල වගේ කස්ටියට හැදුනෙ ධනරෝගද

      Delete
    43. අපොයි.............

      Delete
  8. කොස්මැටික් සර්ජරි යනු වෛද්‍ය විද්‍යවේ පිළිගත් උප-ශාඛාවකි. මේ කියන වෛදත්‍යවරයාට ඒ සඳහා නිසි සුදුසුකම් නැති බව කියවේ.

    ඒ අනුව මෙය වෘත්තීමය ප්‍රමාද දෝශයකි (professional negligence).

    මියගිය කාන්තාව ඒ මොහොතේ ප්‍රතිකාර ලබන්නියක් පමණි. ඇය වෛද්‍යවරියක් වීම මෙයට කෙලින්ම අදාල නැත. පැරා කියා ඇති පරිදි, රූප ලාවන්‍ය ක්‍රියාපටිපාටියක් කිරීම, ගබ්සාවක් වැනි තහනම් වැඩක් නොවේ.

    අවුරුදු හතලිහ පමණ වෙන කොට කෝණ්ඩේ නැනින් තැන සුදු වේ. (පැරා ගේ ෆොටෝ එකේ ද ඒ බව පෙනේ). මේ මියගිය කාන්තාවට දොස් පවරන්නට පෙර තමන් කොණ්ඩය කලු කරනවාදැයි නැතිදැයි සිතා බලන්න. එය ද රූපලාවන්‍ය ක්‍රියාපටිපාටියකි.

    ReplyDelete
  9. පැරාට ඕනෙම දෙයක් ගැන ක්ෂ්ණික පෝස්ට් එකක් පළ කරන්න පුළුවන් ඔය පහත ඇති ඡේද කිහිපයේ xxxxxxxxxx වෙනුවට තම කැමැති දෙයක් දා ගත්තාම.

    "ධනවාදය විසින් අධික ලාභාපේක්ෂා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන අසීමිත ආශාවන් හා පාරිභෝජනවාදය xxxxxxxxxx ත් බාධාවකි.

    එසේම, xxxxxxxxxx පිළිබඳ ධනේශ්වර ආකල්පය පැතිරවීම හා xxxxxxxxxx කර්මාන්තය අධික ලෙස ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කිරීම ද ධනවාදයේ වැඩකි. එය මිනිස් පැවැත්ම අර්බුදයට පත් කර ඇත.

    ධනේශ්වර ජීවන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හෙවත් අධික ලෙස පරිභෝජනයේ හා ආතතික ජීවිතයේ ප්‍රතිළුලයක් ලෙස xxxxxxxxx කර ගන්නට මිළ අධික xxxxxxxxxx කළ යුතු ය. ඒ සල්ලි හොයන්නට නැවත අර ජීවිතයට ම යා යුතු ය. මෙය විෂම චක්‍රයකි.

    සමාජවාදී ජීවන විලාසයක් සොයා යාම සමාජවාදය සඳහා අනවරත අරගලයේ කොටසක් බව අප කියන්නේ ඒ නිසා ය.

    xxxxxxxxxx ගැන සමාජවාදී සංවාදයක් වෙනුවෙන් මේ කරුණු සැලකිල්ලට ගන්න. "

    ReplyDelete
    Replies
    1. "ධනවාදය විසින් අධික ලාභාපේක්ෂා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන අසීමිත ආශාවන් හා පාරිභෝජනවාදය ලිංගිකත්වයත් බාධාවකි.

      එසේම, ලිංගිකත්වය පිළිබඳ ධනේශ්වර ආකල්පය පැතිරවීම හා ලිංගික කර්මාන්තය අධික ලෙස ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කිරීම ද ධනවාදයේ වැඩකි. එය මිනිස් පැවැත්ම අර්බුදයට පත් කර ඇත.

      ධනේශ්වර ජීවන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හෙවත් අධික ලෙස පරිභෝජනයේ හා ආතතික ජීවිතයේ ප්‍රතිළුලයක් ලෙස ලිංගිකත්වය ලබාගන්නට මිළ අධික කැපකිරීම් කළ යුතු ය. ඒ සල්ලි හොයන්නට නැවත අර ජීවිතයට ම යා යුතු ය. මෙය විෂම චක්‍රයකි.

      සමාජවාදී ජීවන විලාසයක් සොයා යාම සමාජවාදය සඳහා අනවරත අරගලයේ කොටසක් බව අප කියන්නේ ඒ නිසා ය.

      ලිංගිකත්වය ගැන සමාජවාදී සංවාදයක් වෙනුවෙන් මේ කරුණු සැලකිල්ලට ගන්න. "

      Delete
    2. මම හිස්තැන් වලට සමාජවාදය කියලා දැම්මා. එතකොටත් මරු..කොහොමත් තේරුමක් නෑනේ.

      "ධනවාදය විසින් අධික ලාභාපේක්ෂා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන අසීමිත ආශාවන් හා පාරිභෝජනවාදය සමාජවාදයටත් බාධාවකි.

      එසේම, සමාජවාදය පිළිබඳ ධනේශ්වර ආකල්පය පැතිරවීම හා සමාජවාදය කර්මාන්තයක් ලෙස අධික ලෙස ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කිරීම ද ධනවාදයේ වැඩකි. එය මිනිස් පැවැත්ම අර්බුදයට පත් කර ඇත.

      ධනේශ්වර ජීවන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හෙවත් අධික ලෙස පරිභෝජනයේ හා ආතතික ජීවිතයේ ප්‍රතිළුලයක් ලෙස සමාජවාදය ලඟාකරගන්නට මිළ අධික කැපකිරීම් කළ යුතු ය. ඒ සල්ලි හොයන්නට නැවත අර ජීවිතයට ම යා යුතු ය. මෙය විෂම චක්‍රයකි.

      සමාජවාදී ජීවන විලාසයක් සොයා යාම සමාජවාදය සඳහා අනවරත අරගලයේ කොටසක් බව අප කියන්නේ ඒ නිසා ය.

      සමාජවාදය ගැන සමාජවාදී සංවාදයක් වෙනුවෙන් මේ කරුණු සැලකිල්ලට ගන්න. "

      Delete
    3. //සමාජවාදී ජීවන විලාසයක් සොයා යාම// hiks para

      Delete
  10. බොහොම ස්තුතියි පැරාට මේ දාපු වැදගත් පෝස්ට් එකට. ඇත්තටම බටහිර විතරක් නෙවෙයි ලෝකේ හැම අහුමුල්ලකම ඉන්න කාමුක අධිපතිවාදී උමතු පිරිමින්ගේ සංකල්පයක් තමයි රූපලාවන්‍ය කියන්නේ. මේ වෙන මොකක්වත් නෙවෙයි ක්‍රියාවට නැගෙන්නේ කාන්තාව පිරිමියාගේ කාමුක වස්තුව යන උමතු සංකල්පය. රූපලාවන්‍ය කියන එක නූතන කාන්තාව ප්‍රතික්ෂේප කළයුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔයා කිහිල්ලේ මයිල් බාන්නේ නැතෙයි? හැමදාම එකම ජගියද අඳින්නේ , ම‍ාසේට එක දවසද ඇග හෝදන්නේ? නාන්නේ පරණ අවුරුද්දටයි අළුත් අවුරුද්දටයි විතරද?

      Delete
    2. පුරුද්දක් විදියට කරනේ අයි බ්රෝසුයි අප‍ර් ලිප් එකයි විතරයි. අනිත් ඒවා පාර්ට්නර්ගේ ප්‍රෙෆරන්ස් එකට තමයි. ඊට අමතරව ස්ලීව්ලස් අඳිනවා නම් ආර්ම් පිට්ස් කරනවා. නී ලේන්ත් ස්කර්ට් අඳිනකොට හාෆ් ලෙග් කරනවා. ෂෝට් ස්කර්ට් එකක් නම් මිඩ් තයි වෙනකම් කරනවා. බිකිනි අඳින කොට බ්‍රසීලියන් වැක්ස් කරනවා. හැමදාම නානවා. හැමදාම එක අඳින්න බැහැනේ මෙයා. පෑන්ටීස් අඳින්නේ පීරියඩ්ස් දවසට විතරයි. එතකොට දවසට කීපයක් චේන්ජ් කරනවා පෑඩ්ස් චේන්ජ් කරනකොට. අනිත් දවසට අඳින්නේ තොංග්ස්. පාර්ට්නර් කිව්වොත් ජී ස්ට්‍රිංග්ස් අඳිනවා. තව මොනවද ඔයාට දැනගන්න ඕන?

      Delete
    3. @wanitha
      thamangea thiyena kalakannnikamata loeke inna lassana wenna kamathi anek ganunta banala wadak na. oyata pirimi sahakaruwek hoyaganna wasanawa nathuwata anek ganu kattitata e wasanawa thiyenawa. mulu lokema inna ganu oya wage kiyala hithanna epa. nikam moda katha nokiya inna.

      Delete
    4. \\රූපලාවන්‍ය කියන එක නූතන කාන්තාව ප්‍රතික්ෂේප කළයුතුයි.\\
      nuthana yugaye rupalawanya kiyana eka thawath dhiyunu wela thamayi thiyenne. thawa issarahata thawath dhiyunu wenawa. nuthana kanthawa kiyanne oya wage pissu wanithawanta neweyi.

      Delete
    5. samajawadhayata anuwa lassana wena eka akapadha? salli thiyenawadha dhuppathdha kiyana eka ganu kattiya lassana wenna dhakwana unandhuwata balapanne na.

      Delete
    6. කිහිල්ලේ මයිල් බාන්නේ සමජවාදීන්ද ධනවාදීන්ද?

      Delete
    7. වනිතාට කාමුක අධිපතිවාදී උමතු පිරිමින් ගැන තව ටිකක් විස්තරකරන්න බැරිද. මොකද ඔය ගනයට කීදෙනෙක් පිරිමින් අයිති වෙනවද කියන එකත් හොයල බැලුවොත් තමයි වටින්නේ.

      Delete
    8. අනේ අනේ වනේ නෝනේ නොනා නොනා නන්න නෝනා... පිරිමින්ගේ කාමුකත්වය, පුරැෂාධිපත්‍යය ගැන තුන් තිස්පැයම මෙනෙහිකරලා කරලා ඇවිත් මෙතනත් සෙනවා. අන්න මාතලන්ගෙ එකෙත් සීලා.

      Delete
  11. මේ පෝස්ට් එකේ නම් හොඳ සංවාදයක් ගොඩ නැඟුණා. සැමට ස්තුති යි. --- Kingsley Abraham (පැරාගේ ඇනෝ පාඨකයෙක්)

    ReplyDelete
  12. Eventhough people are talking about capitalism, socialism beuticulture is a sex symbol. All thise things are depending on the sex

    ReplyDelete
  13. පැරකුම් ජයසිංහයන් හැරුණු විට තවමත් රාජ් මැතිඳු මාතලන් මහතා සහ කතන්දර ශූරීන් පමණයි ප්රෝෆයිලයෙන්. ළඟදී පැමිණි උපශාන්තයන්වත් තවමත් අද දින පැමිණ නැති හැඩයි.

    - අනගාරික ධර්මදාස තුමා

    ReplyDelete
  14. මගේ යාලුවෙක් සමාජවාදී රූපලාවන්‍ය සංවාදයක් කරල මළා.

    ReplyDelete
  15. Ano(14/08/14,12.25pm). I'm not freud but that's the truth.

    ReplyDelete
  16. @ මහසොහොන් : සියල්ලන් සමාජවදී ලෙස සලකන සෝවියට් රුසියාව...බ්ලා..බ්ලා... බ්ලා... එතකොට කවුද සියල්ලන් කියන්නෙ .. ඔය කියන සියල්ලන් ඒ රටවල් සමාජ වදී කියල කියන්නෙ ඇයි ?...අනිත් අතට ඒ සියල්ලන් කිවුවොත් ඕන පුකක් හරි... ඔය කිවුව රටවල්වල වැරදි පෙන්නවනව කියන්නෙ සමාජ වාදෙ වැරදි පෙන්නනවනෙමයි සුලුධනේශ්වර ස්ටලින් වාදයේ කුනු උන ජාතික වාදයේ වැරදි පෙන්වන එක..ඉස්සෙල්ලම දැන ගන්න ඕනේ සමාජ වාදය කියන්නෙ මොකද්ද කියන එක...

    උඹලට අදට ගැලපෙන තේරෙන බාසාවෙන් කියනවනං..කම්කරුවට ඩෙක් ශූස් දාල බෙන්ස් එකෙන් වැඩට ගිහින් දවල්ට ෆ්යිඩ්‍රයිස් කාල විවේක පැයේ ලැප් එකේ පොඩ්ඩක් බ්ලොග් කියෝල කොමෙන්ට් කොරල මූනු පොතේ ලවු කරල හවස ගෙදෙර එනගමං ජැකලින්ගෙ ආප්පකඩෙන් බිත්තර ආපයක් කාල රෑට ගෙදර ඇවිත් මිනි තියෙටර් එකට වෙලා පොඩි සොට් එකක් ගහන ගමං බොස් ස්පීකර් සෙට් කරපු කොරපු යමහා හරි ඩෙනොන් හරි හර්මන් කාඩෙන් හරිඩොල්බි ඩිගිජිල් සෙටප් එකෙන් ‍ෆිල්ම් එකක් බලල නිදා ගන්න, ලමයි එක්ක පෙම්වතී, පෙම්වතා එක්ක නිදහසේ ලස්සන ‍ෆිල්ම් එකක් බලල නාට්ටියක් බලල, ට්‍රිප් එකක් ගිහිල්ල ආස රටක සවාරියක් ගිහිල්ල නිදහසේ ඉන්න පුලුවං හැකියාවක් තියෙන්න ඔන.

    සමාජවාදය කියල කියන්නෙ මිනිස්සුන්ට තහන්චි දාන එක නෙමෙයි ධනේශ්වරය විසින් දාල තියෙන තහන්චි බෙදීම් සීමා ඉවත් කරන එක.. අමුවෙන්ම කියනවනං සමාජ වාදය කියන්නෙ නිශ්පාධන බලවේග සහ ප්‍රාග්ධනයේ අයිතිය පුද්ගලික අයිතියෙන් මුදවල නැවත පොදු බවට පත් කිරීම මිසක් හැම දෙයක් ම පොදුවේ පරිහරනය කරන එකවත් ධන පතියංගෙ ගෙට පැනල සල්ලි මංකොල්ල කන එකවත් මිනිස්සුංව පෝලිම් වල ලග්ගල බඩ පොත්තට යනකං වද දෙන එකවත් තුවක්කු දඬු දික්කරල කඩ වහන එකවත් කඩේ පිටිපස්ස පැත්තෙන් බඩු දුන්න කියල මුදලාලිලගෙ පුක කපන එකවත් පොදු දේපල විනාස කොරනඑකවත් නෙමෙයි.

    සමාජවාදයේ පදනම වැටෙන්නෙ දනේශ්වර ක්‍රමයේ පිපිරීම උඩ. දනේශ්වර ක්‍රමයට තවදුරටත් නිශ්පාධනයේ ප්‍රසාරනයන් දරාගන්න බැරි වෙනව... පවුද්ගලික දේපල හා ජාතික රාජ්‍යය කියන ධනේශ්වර පදනමම එහි වර්ධනයට බධාවක් වෙනව...අද ප්‍රාග්ධනය ලාබ ශ්‍රමය හොයාගෙන ලෝකෙ පුරා යනව රාජ්‍යයට ඒක වලක්ව ගන්න බෑ. ඉස්සර ජර්මන් බඩු , ජපං බඩු ඉන්ග්ඉන්ග්ලිශ් බඩු පට්ට ගනන්.. සුපිරි.. අද එහෙම මනෑ. එක බ්‍රැන්ඩ් එකක්ගත්තම ඒක ඇතුලෙ ලෝකෙ හතර දිබ්බාගෙම හදපු කෑලිතියෙනව... රාජ්‍යයට උඩින් ප්‍රාග්ධනය ගිහිල්ල. ලාබ රේට්‍ටු විශාල වශයෙන් කඩා වැටෙනව. නිශ්පාධනබලවේග යිතිකාරයෝ ලාබ රේට්‍ටු වැඩිකරගන්න මිනි මරාගන්නව යුද්ධ කරනව. ඒ තර. ලාභය ධ්‍රැවීය කරනය වීමේ ශීග්‍රතාව ඉහල ගිහිල්ල තියෙනව.. මේ සමාජ වාදය පදනම.

    සමාජවාදයට පදනම වැටෙන්නෙ දනේශ්වරයේ පදනම් පිපිරීයාම උඩ... සමාජවාදයට ජාතික රාජයසීමා නැත්වෙන්න ඕන එක් ලෝක ආර්ථිකක්‍රයක් තියෙන්න ඕන.. නමුත් සමාජවාදය ඉබේ ඇතිවෙන්නෙ නෑ... අපි දැනුවත්ව අවබෝධයෙන් ඒ දේ කල යුතුයි.තනිරටේ සමාජවදීකතා විහිලු... හේතුව සමාජ වාද්යේ පදනම වැටෙන්නෙ ආර්ථිකය භූගෝලීය වීම තුල. අපි තාම ජාතික රාජ්‍යයක් ගැන මුලා වෙලා ඉන්නව. ධනේශ්වරය දැන් කතා කරන්නෙ කලාපීය වශ්යෙන්. යුරෝපයෙ තනි තනි රටවල ආර්ථිකය කඩා වැටෙනකොට උන් එකතුවෙලා යූරෝ හදාගත්ත.. ඒකෙන් කාලයක් අල්ලං හිටියට ආර්තික කඩාවැටීම වලක් වන්න බැරි උනා...

    කතාව දිග වැඩී.... අපි ලෝක සමාජවාදය සඳහා දැනුවත් වෙන්න ඕනෙ. ඒක ඉබේ වෙන්නෙ නෑ.. අනික මේ බ්ලොග් ලියන කියවන සුලු ධනපති නඩ වලට ඒක අවශ්‍යනෑ.. උන්ගෙ තාම බඩ පිරිල.. කන්න බොන්න තියෙනව. තාම යංතං අල්ලගෙන යන්න පුලුවං. ලමයි හොඳ ඉස්කෝල වල ඉගෙන ගන්නව. වාහන කට්ටක් තියෙනව. (මෙහෙම කියනකොට මුං කියනව ඇයියකෝ උම්ම්බලත් මහින්සිවෙලා හම්බකරං කාල ඇඳල මෙහෙම හිටහං කො කියල.... ) වැඩ කරල ඇවිල්ල බුරිය උල්වෙන්න කාල තෙල බහින්න බ්ලොග් කොටනව. මාර ආර්ථික පඬි ටෝක්ස් දෙනව. එකෙක් පොදුජනතාව පට්ට හරක්ය කියල බ්ලොග් ලියන උන් පස්ට බුද්ධිමත්තු කියල උන් උන් පොදු අපේක්ශකය ‍තෝරනව.. ඒත් උඅ දන්නෑ පොදුජනතාව ඇතිලෙ තමනුත් ඉන්නව කියල. මෙහෙම උන්ට අපි වගේ කුනුකූජිත දෙමුහුං හරක් මාගල් වගේ කොමෙන්‍ටුත් දානව.

    ReplyDelete
    Replies
    1. යන්තම් /උඹලට අදට ගැලපෙන තේරෙන බාසාවෙන් කියනවනං/ කියල කියපු ටික ටිකක් තේරෙනවා. පොඩ්ඩක් වෙලා අරගෙන දීර්ඝව ලිව්වොත් මොකද?

      මම අහල තියෙනවා පින්ලතයේ සහ ස්වීඩනයේ ඔය කියන එකට කිට්ටු තත්වයක් තියෙනවා කියල. ඒ පැත්තේ ගිය කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ ඇත්තද කියලා. ඒක ඇත්ත නම් සමාජවාදය කියන එකේ ප්‍රතිපල ධනවාදය තුලින් උනත් ලබන්න පුළුවන්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා