Posts

Showing posts with the label නිමල් ගමගේ

රූපලාවන්‍යය හා සමාජවාදය

Image
ලස්සන වෙන්නට ශල්‍ය කර්මයක් කරන්නට ගිය වෛද්‍යවරියක කණගාටුදායක මරණයකට මුහුණ දී තිබේ. මේ පිළිබඳ ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ හරියට මේ දොස්තරවරිය වනචර වැඩක් කරන්නට ගොස් අනතුරට පත් වුණා වගේ ය. අදාළ වෛද්‍යවරයා ගබ්සා කරනවා වැනි  වැඩක් කළා වගේ ය. කවුරුත් ලස්සනට ඉන්නකොට ලෝකය ලස්සන ය. විශේෂයෙන් ම ගැහැනුන් ලස්සනට ඉන්න එක හොඳ ය. මන්ද, පිරිමි දර්ශනකාමුකයෝ ය. ලස්සන කියන එක අර්ථකථනය කර ගන්නා ආකාරය පිළිබඳ යම් ගැටලු තිබේ. උදාහරණයක් ලෙස සුදු, හීන්දෑරි ගැහැනු ලස්සන ය යන බටහිර අධිපති ආකල්පය රූප සුන්දරී තරග වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ලෝකය පුරා ම පතුරුවමින් තිබේ. කළු මහත ගැහැනුත් ලස්සන ය. අමතර මේද ටිකක් තිබෙන එක මහා අවලස්සනක් නො වේ. කළු පාටත්, මහතත් කැත ය කියා භීතියක් සමාජය තුළ ඇති කරනු ලැබේ. ඒ භීතිය විසින් ඇති කරන වෙළඳපොළට ෆෙයාරැන් ලව්ලි, නිමල් ගමගේ හා තවත් විවිධ වෙළඳ කටයුතු ආදේශ වේ. ඔවුන්ගේ අරමුණ ලාභ ඉපැයීමයි. තරබාරුකම හා සම්බන්ධ නිරෝගීකම පිළිබඳ ප්‍රශ්නයේදී නම් කළ යුතුව තිබෙන්නේ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් පවත්වාගෙන යාමයි.ඒ සඳහා ව්‍යායාම කළ යුතු ය. ආතතියෙන් තොරව, හැකි තරම් සොබා දහමට සමීපව ජ...