විශ්වාසය 'නිධන්' කෙරුව සිතක් බිඳුණ පසු (විලච්චියේ නිදන් කොල්ලය)

ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි?
විශේෂ කාර්ය බලකාය තිබෙන්නේ විශේෂ කාර්ය කිරීමට ය.


ඒ කියන්නේ මෙන්න මේ වගේ ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චියේ වැව් ඉවුරක නිනධායක් ගැනීමට හොරුන් පිරිසක් සූදානම් වන බවට ඔත්තුවක් කොළඹ සිටින විශේෂ කාර්ය බලකා කණ්ඩායමකට ලැබේ. 


බලන්න, ඔත්තුව දුන් ජනතාව කෙතරම් බුද්ධිමත් ද? ඔවුන් විලච්චිය පොලිසියට හෝ අනුරාධපුර පොලිසියට හෝ නො කියා කෙළින් ම කියන්නේ හරි තැනට ය. 


විශේෂ කාර්ය බලකාය හොරා පොලිස් කරන්නට තකහනියක් කොළඹ සිට විලච්චියට ම එති. වැඩි දුරකුත් නැහැනේ. මොකද, ඔය වගේ හොරා පොලිස් සාමාන්‍ය පොලිසියට බැරි ය. 


විශේෂ කාර්ය බලකාය එනකොට හොරු පැනලා දුවනවා ය. ඊට පසුව, විශේෂ කාර්ය බලකාය බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් නිධානය සොයනවා ය. (රියදුරුගේ හිසට ගිනි අවියක් තබන්නට ඇත්තේ නිදන් වදුලේ එහෙම තිබුණු නිසා වන්නට ඇත.) මොකට ද? එය නැවත සොරුන් හාරන්නට ඉඩ ඇති නිසා සොයාගෙන 'රාජ' සන්තක කරන්නට ය. 


ඔය ඇත්ත නො තේරෙන විලච්චියේ හතර පස් දෙනෙක් පැමිණ විශේෂ කාර්ය බලකාය වට කර උද්ඝෝෂණ කර ඔවුන් පළවා හැර තිබේ. 


විලච්චියේ ඉන්නේ ගුණමකුවෝ ය. අන්ට දැන් උන්ගේ හිසේ පැළැන්දූ දැයට කිරුළ අමතක ය. උන්ට කළ හරියට මේ නිධානය 'රාජ' සන්තක කර කළ ගුණ සලකන්නට උන්ට බැරි මොක ද? 


සිද්ධි පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ලක්බිම පුවත්පතේ ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බහිරවයත් මට පෙන්නේ සුදු වෑන් එකකින් උස්සල වගේ. නැත්නම් උගේ නිදන් ටික මෙච්චර ලේසියෙන් ගන්න වෙන්නේ නැ. අම්මෝ කට කරුණාවයි. නැත්නම් අපිටත් සුදු වැන් එකේ ට්‍රිප් එකක් යන්න සෙට් වෙයි.

    ReplyDelete
  2. සුදු වැන් භීතිකාව කාගේ නිර්මාණයක්ද ?

    ReplyDelete
  3. Gobabaya Sandasena Rajapassa ge

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා