Posts

Showing posts with the label නිදන් හෑරීම

නිදන් වදුලක් හමු වුණා - මිළ ගණන් ඉදිරිපත් කරන්න

Image
පුරාවස්තු මංකොල්ලය හා නිදන් හෑරීම පිළිබඳ විමර්ශනය පිණිස වෙන ම පොලිස් ඒකකයක් පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත.  කොළඹ හතේ ජාතික කටුගෙයි පුරාවස්තු සොරකමට මාස ගණනකි. එහෙත් තවමත් සොරුන් අල්ලන්නට පොලිසිය අසමත්ව ඇත.  මේ සොරකම කිසියම් බලාධිකාරයක අවශ්‍යතාව මත සිදු වූවක් බවට මහජනතාව අතර ඇති සැකය සොරකම ඇල්ලීම පමා වන දවසක් දවසක් පාසා තහවුරු වේ.  විශේෂ කාර්ය බලකාය නිදන් හාරා ජනතාව අතට අසු වී විරෝධය මැද පළා ගිය සිද්ධිය රටම දනිති.  ඇත්තෙන් ම, ‍මේ රටේ මහ පොළව යට මෙතරම් නිධාන තිබේ ද? ඉපැරණි චෛත්‍ය, බුදු පිළිම ආදිය තනන විට නම් යම් වටිනා වස්තු නිදන් කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එහෙත්, ඔය කියන තරම් හැම තැන ම නිදන් කරන්නට තරම් රන් මේ රටේ තිබෙන්නට ඇතැයි සිතිය නො හැකි ය.  එකක් මේ රටේ රන් නිධි තිබුණේ නැත. ලෝකයේ කොහේවත් රන් කර්මාන්තය සරළ, පහසු එකක් වූයේ නැත. එබැවින් ඈත අතීතයේදී පවා රන් වටිනා ලෝහයක් වූ අතර, කඩු - කිණිසි, දෑකැති ආදිය රනින් තනන්නට තරම් රන් සුලබ වූයේ යයි සිතිය හැකි සාධක නැත. පැරණි හා ජන සාහිත්‍යයන්හි රන් ගැන සඳහන් වන්නේ සාහිත්‍යමය...

විශ්වාසය 'නිධන්' කෙරුව සිතක් බිඳුණ පසු (විලච්චියේ නිදන් කොල්ලය)

Image
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි? විශේෂ කාර්ය බලකාය තිබෙන්නේ විශේෂ කාර්ය කිරීමට ය. ඒ කියන්නේ මෙන්න මේ වගේ ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චියේ වැව් ඉවුරක නිනධායක් ගැනීමට හොරුන් පිරිසක් සූදානම් වන බවට ඔත්තුවක් කොළඹ සිටින විශේෂ කාර්ය බලකා කණ්ඩායමකට ලැබේ.  බලන්න, ඔත්තුව දුන් ජනතාව කෙතරම් බුද්ධිමත් ද? ඔවුන් විලච්චිය පොලිසියට හෝ අනුරාධපුර පොලිසියට හෝ නො කියා කෙළින් ම කියන්නේ හරි තැනට ය.  විශේෂ කාර්ය බලකාය හොරා පොලිස් කරන්නට තකහනියක් කොළඹ සිට විලච්චියට ම එති. වැඩි දුරකුත් නැහැනේ. මොකද, ඔය වගේ හොරා පොලිස් සාමාන්‍ය පොලිසියට බැරි ය.  විශේෂ කාර්ය බලකාය එනකොට හොරු පැනලා දුවනවා ය. ඊට පසුව, විශේෂ කාර්ය බලකාය බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් නිධානය සොයනවා ය. (රියදුරුගේ හිසට ගිනි අවියක් තබන්නට ඇත්තේ නිදන් වදුලේ එහෙම තිබුණු නිසා වන්නට ඇත.) මොකට ද? එය නැවත සොරුන් හාරන්නට ඉඩ ඇති නිසා සොයාගෙන 'රාජ' සන්තක කරන්නට ය.  ඔය ඇත්ත නො තේරෙන විලච්චියේ හතර පස් දෙනෙක් පැමිණ විශේෂ කාර්ය බලකාය වට කර උද්ඝෝෂණ කර ඔවුන් පළවා හැර තිබේ.  විලච්චියේ ඉන්නේ ගුණමකුවෝ ය. අන්ට දැන් උන්...