ජවිපෙ ආණ්ඩුවේ මාධ්‍ය HIV සම්බන්ධ දුස්තොරතුරු පතුරුවයි

අජිත් පැරකුම් ජයසිංහ

පළමුවෙනි කාරණය, AIDS ආසාදනය කියල එකක් නැහැ. ආසාදනය වෙන්නෙ HIV. ඒක වයිරසයක්. AIDS කියන්නෙ ඒ වයිරසයේ ආසාදනය පාලනය කරගන්නට බැරුව ඇති වන රෝග ලක්ෂණවල එකතුවක්. එහෙම අය රුධිර පාරවිලයනය සඳහා එන්නට විදියක් නැහැ. ඒ අයට රෝහල්ගත වෙන්නට සිදුවෙනවා. එතකොට හඳුනාගන්නවා.

දෙවෙනි එක, HIV ආසාදනය වුණාම අනිවාර්යයෙන්ම AIDS තත්වයට පත්වෙන්නෙ නැහැ. කල් තබා හඳුනාගත්තාම දැන් ඒක ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම පාලනය කරන්නට පුළුවන්. දැන් HIV ආසාදනයත් දියවැඩියාව වගේ සාමාන්‍ය තත්වයට පත්වෙලා. ස්ථිරව ඖෂධ ගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නට පුළුවන්. වගකීම් සහගතව හැසිරෙන්නට ඕනැ. නැතිනම්, අනෙක් අයට බෝවෙනවා.

තුන්වෙනුව, මේ තමයි ලංකාවෙ සමාජයෙ හැටි. ලංකාව HIV ව්‍යාප්තිය ඉතා අඩු low prevalence රටක්. එහෙම වෙන්නෙ ලංකාවෙ ලිංගික වශයෙන් තිබෙන සංරක්ෂණවාදී සංස්කෘතියත්, අධ්‍යාපනයත් නිසා. ඒ වුණාට කොච්චර මේ ගැන රජය සමාජය දැනුවත් කළත්, මේ වගේ ලිපි ලියන, පළ කරන හා මේවා ෂෙයා කරන අය මේ රටේ ඉන්නවා. ඔවුන් කරන්නෙ දුස්තොරතුරු පැතිරවීම. පුරවැසියකු වෙන්න.

හතරවෙනුව, ඔබත් හැමවිටම ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්න. කොන්ඩම් මගින් උපරිමයට ආසන්න ආරක්ෂාවක් ලැබෙනවා. HIV ආසාදනය පැතිරෙන්නෙ ශරීර තරල මගින් පමණයි. හදිසියේ සැක සහිත ලිංගික හැසිරීමක් සිදු වුණොත්, වහාම ලිංගාශ්‍රිත රෝග සායනයකට යන්න. ඒවා ගැන විස්තර දන්නෙ නැති නම්, මේ වෙබ් අඩවියට ගිහින් විස්තර අරගන්න. පහත දැක්වෙන්නෙ එහි තිබෙන විස්තරයක්.

“දිවයින පුරා පිහිටා ඇති ලිංගාශ්රිත රෝග සායන 40කට වැඩි ප්රමාණයකින් ඔබට ඔබේ මනාපය මත ආසන්නයේ ඇති සායනය තෝරාගත හැක. HIV ස්වයං-පරීක්ෂණ කට්ටල සහ කොන්ඩම් වැනි සෞඛ්ය නිෂ්පාදන ඔබේ දොරකඩටම නොමිලේ ලබා දීම සඳහා අපි මෑතකදී නිවසටම බෙදා හැරීමේ සේවාවක් (NSACP HOME DELIVERY SERVICE) ආරම්භ කළෙමු. අපගේ සෞඛ්ය වෘත්තිකයන්ගේ කණ්ඩායම සැමවිටම ඔබගේ පෞද්ගලිකත්වය සහ රහස්යභාවය සහතික කිරීමට කැපවී සිටී. වැඩි විස්තර සඳහා ඔබට අපගේ සේවා සපයන්නෙකු සමඟ කතාබස් කිරීමට (CHAT) හෝ අපගේ CALL ME BACK සේවාව හරහා දුරකථන ඇමතුමක් සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකිය. සෞඛ්ය සම්පන්න සහ දීර්ඝ ජීවිතයක් සඳහා ඔබට සේවය කිරීමට අපි කැපවී සිටිමු.”

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා