මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ මින් පසු රැස්වීම්වලට නැහැ

 

මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ දේශපාලන රැස්වීම් පැවැත්වීමට ලබාදීමට එරෙහිව අද දින පස්‍දුන්රට බස්‍ රථ සංගමය විසින් පවත්වන ලද බස් වර්ජනයකින් පසු මින් ඉදිරියට දේශපාලන රැස්වීම් සඳහා එම ස්ථානය ලබා නොදීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කලුතර ප්‍රාදේශීය කලමනාකරු තීරණය කර තිබේ.

මෙම බස් වර්ජනය පැයක පමණ කාලයක් පවත්වන විටදී මෙම තීරණයට එළැඹ තිබේ.

අද දින මෙම ස්ථානයේදී ජන අරගල ව්‍යාපාරයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබිණි. දුමින්ද නාගමුව හා ළහිරු වීරසේකර එය අමතන බව නිවේදනය කර තිබිණි.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී ද මෙම ස්ථානය දේශපාලන රැස්වීම් ගණනාවක් පැවැත්වීම සඳහා ලබාදුන් අතර එබැවින් මගීන් ඇතුළු ජනතාව දැඩි අපහසුතාවකට පත් වූහ.

පෞද්ගලික බස් නැවතුම්පළ අසලම මහජන පිටිය පිහිටා තිබෙන මුත්, එය පිරවීමට සෙනග ගෙන ඒව අසීරු බැවින් බොහෝ දේශපාලන පක්ෂ මහා මාර්ගය ආසන්නයේ සෙනග ගැවසෙන ජනාකීර්ණ ස්ථානයක පිහිටි පෞද්ගලික බස් නැවතුම්පොළ රැස්වීම් සඳහා භාවිතා කරති.

ඡායාරූපයේ සිටින්නේ පස්දුන්රට බස්රථ සංගමයේ සභාපති ජගත් විතාන ඇතුළු වර්ජකයන්ය. ඔහු ද සමගි ජන බලවේගයේ අගලවත්ත සංවිධායක වේ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා