ලංකාවේ නය ආර්ථිකයක් මෙහෙයවන අනුර ජනාධිපති වරයාට එදා කියු සටන් පාඨ අත්හැර දැමීමට කාලය පැමින තිබේ!

 

ශිරාල් ලක්තිලක

දැන්වත් පැරනි ඊනියා ප්‍රගතිශීලී හා දේශප්‍රේමය අතහරිමු!

රට දුවන්න වෙන්නේ දක්ෂිනාංශික පීල්ලක පමනි!

මෙවන විට රනිල්ගේ ආන්ඩුව මෙන්ම අනුරගේ ආන්ඩුවද දුවන්නේ නය වලිනි.

අද දවසේ ප්‍රවෘත්තියක දැක්වුනේ අළුතින්ම රු.මිලියන 95,000 ක නයක් මහ බැංකුව විසින් බැදුම්කරයක් හරහා රැස්කර ගැනීමට කටයුතු කොට ඇති බවය.

මෙය ලාංකික සමාජය විසින් පිලිගත යුතු කටුක මෙන්ම අවාසනාවන්ත තත්වයකි.

අප එම තත්වයට පත් කරන ලද්දේ මෙරටේ පාලකයන් විසින් ඉතිහාසයේදී රට පාලනය කල සහචරවාදී පාලනයන් හේතුවෙනි.

දැන් අතීතයට සාප කරමින් සිටිමෙන් පලක් නොවන අතර මෙම කටුක යථාර්තයට අනුගතවෙමින් අරඹු වැලපාලම් ගමන අවසානය දක්වා යායුතුව තිබේ. එසේ ගමන් කිරිමේ මුලෝපාය ලබා දෙන්නේ දක්ෂිනාංශික ආර්ථික මුලධර්ම වලින් පමනකි.

රනිල් මෙලෙසට නය ගනිමින් රට කලමනාකරනය කරමින් සිටින කල්හි මෙරටේ ප්‍රගිතිශීලී අදහස් නියෝජනය කරන්නේ යයි කියනු ලැබු දේශපාලන ප්‍රකාෂකයන් එලෙසට නය ලබා ගෙන රට පාලනය කිරීම උපහාසයට ලක් කරනු ලැබුයේය.

ඔවුන් කියා තිබුනේ ලෝකයට නයවී රට කරවීම සමානවන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියාය.

අප ඉදිරියේ තිබෙන මරගාතය පිලිබදව වැඩි පුරම කතා කලේ වරෙක ගෝටාබයට චන්දය ලබාදී මෙවර චන්දයේදී මාලිමාවට තම පුර්න සහයෝගය ලබාදුන් තමන් ප්‍රගතිශීලී මෙන්ම දේශහිතේශී යයි කියාගන්නා චන්දදායකයන් සහ එම චන්දය ලබා ගැනීම සදහාම ප්‍රකාෂකයන් බවට පත්වු ජාතික ජනබලවේගයේ දේශපාලඤයන් විසිනි.

එදා මෙලෙස අලංකාරෝක්තියෙන් යටපත් කරනු ලැබු රටේ නය ආර්ථිකය පිලිබද යතාර්ථයට නව ජනාධිපතිවරයා ප්‍රමුඛ නොවැම්බර් මාසයේදි බලයට පත්වන ආන්ඩුවට නිසැකවම මුහුනදීමට සිදුවනු ඇත. එසේම අද සිදුවන්නේද එයයි.

ඔවුනට වන්නේද මෙරට පවතින නය ආර්ථිකය කලමනාකරනය කිරීමටය.

එවිට නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සදහා ප්‍රාග්ධන ආයොජනය කිරීමට ඇති සම්භාවිතාව ඉතාමත් අවම වන්නේ රටේ උපදින ආදායම නය පොලී ගෙවීමට පමනක් යෙදවීමට හේතුවන නිසාය.

එවිට නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සදහා මුදලක් සොයාගන්නට වන්නේ විදේශ ආයෝජනයන්ට දොර විවෟත කිරීමට පමනකි.

බංකොලොත් රටක විදේශ ආයෝජන හෝ දේශීය ආයෝජන ආකර්ශනය කරගත හැකි වන්නේ මෙරට පවතින රාජ්‍ය ව්‍යවසායන් ආයෝජකයන්ට විවෟත කරදීමෙන් පමනකි.

මෙරට තුල සෟජු ආයෝජනය සදහා ආයෝජකයන් පැමිනෙන්නේ නැත. එය අපගේ බංකොලොත්භාවයේ ප්‍රතිපලයකි.

රනිල් ටෙලිකොම් ඇතුලු රජය සතු මුලෝපායික ව්‍යාපාර ආයෝජනයනය සදහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට විවෟත කරන්නට උත්සාහ දැරුවේ ඒ නිසාය. (නමුත් එවා තම ගජමිතුරන්ට විකිනීම එම ප්‍රතිපත්තියෙන් ආවරනය වන්නේ නැත.)

රනිල්ගේ එම ප්‍රතිපත්තිය මෙරට ඊනියා ප්‍රගතිශීලීන්ගේ නිර්දය විවේචනයට ලක්වු අතර එදා කිවේ ලාබ ලබන රාජ්‍ය සමාගම් විකිනීමේ අවශ්‍යතාවයක් නොමැති බවය. එසේම රනිල් රට විකුනන්කන්නට පිඹුරු පත් සකසන බවය.

නමුත් රට අද මුහුනදී ඇති තත්වය තුල කෙතරම් උදාර සංකල්ප තිබුනද අනුර ජනාධිපතිවරයාටද රටේ ආදායම වැඩිකරගන්නට නම් අනුගමනය කරන්නට වන්නේ ඉහත කී මුලෝපාය වන බව කිව යුතුව තිබේ.

එයට ප්‍රධානම හේතුව නැවත නය ගෙවීමට මෙන්ම අද දවසේ රට කරවීමටද නය ගැනීමට සිදුවීමයි.

වර්ථමාන ආන්ඩුවටද බංකොලොත්වීම දක්වා ගෙවීමට සිදුවී ඇති දේශීය හා විදේශීය නය වලට අමතරව 2028 දක්වා රටේ වාර්ශික ශේෂ පත්‍රය තුල පවතින වගකීම් පියවීම සදහා රජයට නය ගන්නට සිදුවනු ඇත.

ඒසේ මේවන තෙක් නයවී ඇති මුදල රුපියල් බිලියන 442 කි. මෙයටද රනිල්ට රටේ ප්‍රගතිශීලීන් අඩාපාලි කීවේය.

2024 වනවිට අපගේ නය බර වන්නේ

1. ඩොලර් මිලියන 55,379 ක් වන දීර්ඝ කාලීන විදේශ නය

2. ඩොලර් මිලියන 5282 ක් වන කෙටි කාලීන විදේශ නය

ඉහත දැක්වු ප්‍රධාන නය වගකීම් ඇතුලුව 2023 සැප්තැම්බර් මස වන විට අප නයවී ඇති ප්‍රමානය ඩොලර් මිලියන 86,964 කි. අද අප නය ගන්නා ඩොලර් මිලියන.

අනුර ජනාධිපතිවරයාගේ කරපිටට ඉහත කී නයද අනාගතයේදී වසරක් පාසා එකතුවන නයද වැටෙන්නේය.

එම නිසා රටේ ප්‍රගතිශීලීන් මෙතෙක් කියු සටන් පාඨ අතහැර දැමීමට කාලය පැමින තිබේ.

අනුර ජනාධිපතිවරයාට විශ්ම කර්ම කිරීමට මැජික් පොල්ලක් නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා