බිත්තර ප්‍රශ්නය

 

ආනයනය කරනවාය කිව්ව ගමන් බිත්තර මිල රු. 10කින් විතර අඩු වෙලා. ඒ කියන්නෙ කූල් රූම්වල හංගගෙන ඉන්න බිත්තර එළියට දාලා.

ලංකාව පුංචි වෙළඳපොළක්. ජාවාරම්කාරයන් කීපදෙනෙකුට ඒක පාලනය කරන්නට පුළුවන්. ඒ නිසා රාජ්‍ය නියාමනය අත්‍යවශ්‍යයි. නිසි වෙලාව බලලා ආනයන කිරීම්, ආනයන බදු අඩු කිරීම් ආදිය දැඩි නියාමනයක් ඇතුළෙ කරන්නට ඕනැ.

බිත්තර තොග වෙළඳුන් අසාධාරණ විදියට මිල වැඩි කරනකොට සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට තිබුණා තමන්ගෙ නිෂ්පාදන අඩු මිලකට විකුණන්න. ඔවුන් එහෙම කළේ නැහැ. ඔවුනුත් අසීමිත ලාභ ගත්තා. දැන් එන්න එපා අඬාගෙන දේශීය නිෂ්පාදන කඩා වැටෙනවා කියලා.

හැබැයි, රාජ්‍ය නියාමනය වෙනුවෙන් ආනයන බලපත්‍ර දෙනවාය කියන්නෙ දූෂණයේ මුල. ආනයනකරුවන්ගෙන් නිලධාරීන්, දේශපාලකයන් කට් එකක් තියාගන්නට ඉඩ තියෙනවා.

මේ ප්‍රශ්නය විසඳගන්නට පුළුවන් අපි හැමෝම සාධාරණව කටයුතු කළොත් විතරයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා