දුම්රිය සේවය ටිකට් දෙන බිත්තියේ හිලෙන් නිදහස් කරගැනීම විප්ලවීය ප්‍රතිසංස්කරණයක්

 

– අජිත් පැරකුම්

Pravesha.lk එකෙන් කෝච්චි ටිකට් එකක් අරගත්තා හරිම ලේසියි. මේවා චෙක් කරන ක්‍රමය මොකක්ද දන්නෙ නැහැ. ස්වයංක්‍රීය ගේට්ටුවලට වඩා මේක සාර්ථකයි. මතුගමින් කොළඹ බස් එකක කලුතරට ආවාම ඒක නවත්තන්නෙ බෝධිය ළඟ. එතකොට පිට්ටනිය පැත්තෙන් දුම්රියපොළට එන එක ලේසියි. හැබැයි, ටිකට් කවුන්ටරේට දුරයි. ඒ නිසා ඕනැ තරම් කෝච්චි මිස් වෙලා තියෙනවා. ළඟදි පන්නිපිටියෙදිත් ටිකට් අරගෙන කෝච්චියක එල්ලුණේ අන්තිම මොහොතෙ කෝච්චිය අද්දද්දි. ඒක අවදානම්. දැන් කරන්නට තියෙන්නෙ කල් ඇතුවම ටිකට් එක අරගෙන තියාගන්න එක.

දුම්රිය දෙපාර්තමේන්තුව යටත් විජිත කාලෙ ඉඳන් පැවත එන ටිකට් කවුන්ටරයෙන් නිදහස් විය යුතුයි. මගියා දෙකට නැවිලා ටිකට් ගත යුතු වර්තමාන ටිකට් කවුන්ටරය නම් බිත්තියේ සිදුර මගියා අවමානයට පත් කරන එකක්. ඒ මදිවාට එහි ඉන්න සමහර විට උපාධිධාරියකු පවා විය හැකි දුම්රිය ස්ථානාධිපතිවරයා ගැන ඇත්තටම දුකයි. ටිකට් එක කූඩුවකින් තෝරලා අර පරණ තාලෙ යකඩ මැෂිමකට දාලා මොකක්ද කරලා ගන්න එක තමයි ඒ පුද්ගලයාගෙ රස්සාව. සමහරුන් කියනවා හවස් වෙනකොට ඇඟ රිදෙනවාලු මේ වැඩේ කරලා. මොන රස්සාද මේ?

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ තියෙන තනි වේදිකාවේ දුම්රිය නැවතුම ඉතා දියුණු එකක්. එහි ටිකට් කවුන්ටරයත් බැංකුවක වගේ. හැබැයි, වේදිකාවට ඇතුළුවන තැන කාකි නිල ඇඳුමක් ඇඳගත්ත රාළහාමි කෙනෙකු ඉඳගෙන ටිකට් එකතු කරනවා, පොතක ලියනවා. ඒ ස්ටේෂමෙනුත් සමහරු වේදිකාවෙන් බැහැලා යනවා. ඒ ටිකට් අර පොතේ ලියවෙන්නෙ නැහැ. මොන රස්සාද මේ?

ලංකාවෙ දුම්රිය සේවය නවීකරණය කිරීමේදී මේ ටිකට් පත් නිකුත් කරන ක්‍රමවේදය නවීකරණය කිරීම වැදගත් සන්ධිස්ථානයක්.

ඒ වුණාට, මේ විදියටම දුර ගමන් සඳහා ඔන්ලයින් සීට් වෙන් කිරීම නම් ප්‍රායෝගිකව කරන්නට බැහැ. දූෂිතයන් විසින් එම ක්‍රමය ආක්‍රමණය කරලා ටිකට් වෙන් කරවාගෙන වැඩි ගානට විකුණන බව තමයි අහන්නට ලැබෙන්නෙ. ඒ නිසා ඒකත් වෙනස් කරනවා නම් හොඳයි.

රට දියුණු වෙන්නෙ මේ වගේ එක් එක් අංශවල රාජ්‍ය සේවාවන්ගේ සිදු වන දියුණුවත් එක්ක. දේශපාලනඥයන්ට කරන්නට පුළුවන් අවශ්‍ය ප්‍රතිපත්ති හා මුදල් සම්පාදනය විතරයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා