රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද?

 

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් විවෘතය. මෙහිදී අසා තිබෙන ප්‍රශ්නය වන්නේ ඔබගේ සමීප පවුලේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සමත් කවුරුන්ද යන්නයි. තවමත් වැඩිදෙනෙකු සිතන්නේ කිසිදු නායකයකු ඒ සඳහා නුසුදුසු බවයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන නායකයන් අතරින් මහජන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් තවමත් වැඩි විශ්වාසයක් දිනාගෙන තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය.

සිංහල සමාජයේ වැඩි පිරිසක් හෙවත් තුනෙන් පංගුවක්ම තවමත් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණය කර නැත. ජාතික මට්ටමෙන් ගත්තත් 29%ක් පමණ තීරණයකට පැමිණ නැත.

ජනාධිපති අපේක්ෂකවරුනි, බොරු කයිවාරු, මඩ ගැසීම්, අවලාද නවත්වා ඔබේ ප්‍රතිපත්ති හා ප්‍රායෝගික වැඩසටහන් පැහැදිලි කරන්න. වියදම් කරන හැටි ඕනෑම කෙනෙකුට විස්තර කළ හැකිය. එහෙත්, ආදායම් උපදවන හැටි ද කිව යුතුය.

Adapted from praja.lk


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා