හැමදාම උදේ නැගිටලා වැඩට ගිය මං

 

අජිත් පැරකුම් ජයසිංහ

ශත වර්ෂ කාලක් හෙවත් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ සිටි, කතා පැවැත්වීම හැර වෙනත් වැඩක් කර නැති, ඒ අවුරුදු 25ටම මේ රටේ මහජන මුදලින් වැටුප් හා වරප්‍රසාද භුක්ති විඳි අනුර කුමාර දිසානායකගේ දැනගැනීම සඳහා මේ ටික කියමි.

මම ද දැන් ශත වර්ෂ කාලක් තිස්සේ රාජ්‍ය බලය හා සම්බන්ධ නොමැති සිවිල් සමාජ දේශපාලනයේ යෙදී සිටිමි. ඒ වෙනුවෙන් අඛණ්ඩව ලියමි, කතා කරමි, ක්‍රියා කරමි. මගේ දවසේ වැඩි කාලයක් මා වෙන් කර තිබෙන්නේ දේශපාලන සංවාදය සඳහාය. ඒ වෙනුවෙන් මා අවුරුදු 25ක් පමණ මාධ්‍යකරණයේ යෙදෙමි. මාධ්‍ය පවත්වාගෙන යමි.

ඒ වෙනුවෙන් මා කිසිවකුගෙන් සත පහක මුදලක් ලබාගෙන නැත. වරක් මගේ මිතුරකු ඒ වෙනුවෙන් රු. 500ක මුදල් ආධාරයක් කර ඇත. ඒ හැරෙන්නට කිසිවකු අද දක්වා ඒ වෙනුවෙන් ආධාරයක් කිරීමට ඉදිරිපත් වී හෝ මා කිසිවකුගෙන් ආධාරයක් ඉල්ලා නැත.

මම අවුරුදු 25ක් තිස්සේ රැකියා හා ව්‍යාපාර දෙකකට වැඩි ගණනක යෙදී සිටිමි. දවසකට පැය 15ක් පමණ වැඩ කරමි. මේ දිනවල නම්, දිනකට පැය හයක් පමණ පොදු ප්‍රවාහනයේ ද ගමන් කරමි. ඒ අතර ද ජංගම දුරකථනයෙන් වැඩ කරමි. කියවමි. ලියමි.

උපයන මුදලින් මම දරු පවුල් නඩත්තු කළෙමි. ගෙවල් හැදුවෙමි. බිස්නස් කළෙමි. ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වුණෙමි. ඒ අතර දේශපාලනය ද කළෙමි. කරන සියල්ල අද දක්වාම 100%ක් කරමි.

දේශපාලනය කළ යුතු සමාජවාදී ක්‍රමය මෙයයි. මම විප්ලවවාදියෙක්මි.

වැඩ කිරීම යනු ඕනෑම සත්ව ජීවිතයක සාමාන්‍ය තත්වයයි. විවේකය යනු උපයාගන්නා දෙයකි. විවේකය උපයා ගන්නට නම් කවුරුන් හෝ වැඩ කළ යුතුය. අනුන්ගේ ශ්‍රමයෙන් විවේකය ගත කරන්නා සූරාකන්නෙකි. ධනවාදියෙකි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා