ඔබත් එකසිය නම‍යෙ කෑල්ලක්ද?

 

– අජිත් පැරකුම් ජයසිංහ

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේදී ඉතා වැදගත් නීතියක්. ධනයෙන් බලය ලබා ගැනීමේ ක්‍රමය එයින් වෙනස් කරන්නට පුළුවන්. හැබැයි, භූමියේ දේශපාලනය කළ යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ වියදම් නියාමන පනත ගෙන එන්නට මුල් වූ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ යුත්තේ රු. 20ක් පමණක් බව ඊයේ පැවති රැස්වීමේදී මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කළා.

වැඩිම මුදලක් වැය කිරීම සඳහා යෝජනා කළේ නාමල් රාජපක්ෂයි. එම මුදල රු. 300ක්.

සජිත් හා රනිල් රු. 250ක් යෝජනා කළා.

මේ අතර සාධාරණ මැතිවරණ ගැන කතා කරන ජාතික ජන බලවේගය ද තම මුදල් බලය පෙන්වමින් එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම රු. 200ක් විය යුතු බව යෝජනා කළා.

පක්ෂවලට සල්ලි ඇති තරම හෝ සල්ලි ලැබෙන තරම නිගමනය කිරීම සඳහා ඔවුන් එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කිරීමට කැමති මුදල එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයෙන් වැඩි කර බලන්න.

කෙසේ වෙතත්, අවසානයේදී මැතිවරණ කොමිෂන් සභාව නියම කර ඇත්තේ එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල රු. 109ක් ලෙසයි.

ඒ අනුව, එක් අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල රු. කෝටි 186ක් වෙනවා.

ජනාධිපතිවරණයෙන් දින 21ක් ඇතුළත අපේක්ෂකයන් තමන් කළ වියදම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුයි. දින දහයකට පසු කොමිෂන් සභාව එම විස්තර ප්‍රසිද්ධ කරනවා.

පුරවැසියන්ට එම විස්තර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාවිච්චි කරන්නට පුළුවන්.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා