පැරිස් ඔලිම්පික් ජෙන්ඩර් කතිකාව


 අද ජෙන්ඩර් හෙවත් සමාජභාවය පිළිබඳ කතිකාවේ වැදගත් දවසක්. ජීව විද්‍යාත්මක පිරිමියෙකු බව ඇතැමෙකු කියන ඉමානේ කෙලිෆ්ට ඇල්ජීරියාව නියෝජනය කරමින් කාන්තාවක් ලෙස ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාවට සහභාගී වීමට ඔලිම්පික් කමිටුවේ අවසරය ලැබී තිබුණා.

ඇල්ජීරියාව යනු ලිංග සංක්‍රාන්තිය නීති විරෝධී වන ඉස්ලාමීය රටක්. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ පැරිස් බොක්සිං ඒකකය ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් තරග කිරීමට ඇගේ සුදුසුකම් තහවුරු කළා.

පැරිස් ඔලිම්පික් තරගයකදී ඉමානේ ඉතාලි බොක්සිං ක්‍රීඩිකාවක වන ඇන්ජෙලා කරිනිගේ නාසය කඩා දැමුවා. ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාවේ සාමාන්‍ය නොවන කෙලිෆ්ගේ දැවැන්ත පහරවල් දෙකක් ලැබීමෙන් පසු ඉතාලි බොක්සිං ක්‍රීඩිකාව තත්පර 46ක් ඇතුළත සටන අත්හැරියා. ඒ සමගම ඉමානේට ජයග්‍රහණය ලැබුණා.

කරිනි තම හිස්වැස්ම බිමට විසිකර, ගැටුම අත්හැර දමා, ‘මේක අසාධාරණයි’ කියා කෑගැසුවා.

ස්ත්‍රී පුරුෂභාවය නිශ්චිත නොවූ නිසා කෙලිෆ්ට 2023 ලෝක ශූරතාවට සහභාගී වීමට අවස්ථාව ලැබුණේ නැහැ.

කෙරිනි ස්ත්‍රියක් බවයි ඔලිම්පික් කමිටුවේ පිළිගැනීම. එහෙත්, ඇය සාමාන්‍ය ස්ත්‍රියකට වඩා ශක්තිවන්තියක නිසා ඇය ස්ත්‍රියක නොවන බවට නිල නොවන වාර්තා පළ වී තිබෙනවා.

ජීව විද්‍යාත්මකව ඇය ස්ත්‍රියක බවයි නිල පිළිගැනීම. එහෙත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ .තානුගතික ආකල්ප අනුව ඇය ස්ත්‍රියක නොවන බවයි මෙතන තිබෙන තර්කය.

LGBTIQ+ යනු කුමක්ද? මෙතැනින් කියවන්න >>

Adapted fro praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා