කොහු මිටි හංස හමුදාව සිහිපත් කරන මාලිමා කොට්ඨාස සභාවල සාමය ආරක්ෂා කිරීම


 

අජිත් පැරකුම් ජයසිංහ

සාමය පවත්වාගෙන යාමට මාලිමාවේ කොට්ඨාස සභා අවශ්‍ය නැත. නීතිය හා පිළිවෙල පවත්වාගෙන යාමට රාජ්‍ය යාන්ත්‍රණ තිබේ. පොලිසිය හා අධිකරණය එහි ප්‍රධාන අංශයකි. පොලිසියේ, අධිකරණයේ අඩුපාඩු තිබේ නම්, ඒවා නිවැරදි කර එම අංශ ශක්තිමත් කිරීම අවශ්‍යය. මහජනතාව පොදුවේ පොලිසියට සහාය දැක්විය යුතුය. ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් ඒ සඳහා පුරවැසි කමිටු ද පිහිටුවා තිබේ. සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය එවැනි ස්වාධීන ආයතන මිස දේශපාලන පක්ෂවල කොට්ඨාස සභා නොවේ. එවැනි සභාවලින් සාමය උල්ලංඝනය කරනවා මිස රැකගත නොහැකිය.

දේශපාලන පක්ෂයකට කඩේ යන හෙංචයියකු සාමය ආරක්ෂා කරන්නකු ලෙස සාමාන්‍ය පුරවැසියා ඉක්මවා යන කාර්යභාරයක් කරන්නේ නම්, එහිදී විමසිලිමත් විය යුතු කරුණක් වන්නේ එම පුද්ගලයා සාමය අර්ථකථනය කරන ආකාරයයි.

දේශපාලන පක්ෂ විසින් මෙවැනි ඊනියා සාම ආරක්ෂකයන් පත්කිරීම සම්බන්ධයෙන් ලංකා ඉතිහාසය එතරම් හොඳ එකක් නොවේ. උග්‍ර ට්‍රොට්ස්කිවාදියකු වූ අනිල් මුණසිංහ 1970 ආසන්න වකවානුවේදී වියපත් සමසමාජ පාක්ෂිකයන් පිරිසක් ගාලු මුවදොරට කැඳවා හංස හමුදාව නම් අතුරු හමුදාවක් පිහිටුවා කොහු මිටි රැගෙන සංදර්ශනයක් පෑවේය.

1977න් පසු එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි අතුරු හමුදා මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් ආරම්භ වී, ගම්වැසියන්ට එරෙහිව පොලිසියට ඔත්තු දීමේ කර්තව්‍යයේ යෙදෙමින් සිට අවසානයේදී කොළ කොටි නම් සන්නද්ධ ඝාතක කල්ලියක් දක්වා විහිදිණි.

ජවිපෙ සමග ක්‍රියාකාරී තරුණයන් අවමය. මේ ඊනියා කොට්ඨාස සභා සමන්විත වන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ බහුතරයකගෙනි. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් 1989 කැරැල්ලේ ඇරියස් සමග නැවත ජවිපෙ සමග සම්බන්ධ වූ අයයි. ඒ අතරම, 1989 කැරැල්ලේදී ජවිපෙ තරුණයන් ඝාතනය කළ, වධහිංසනයට ලක් කළ, දැන් විශ්‍රාම ගොස් සිටින හමුදා සෙබළු ද සිටිති.

මේ සංකලනයෙන් බිහි විය හැක්කේ අපූරු හංස හමුදාවකි.

නැතුවට කමක් නැහැ දෙයියො! පොලිසිය කොච්චර නරක වුණත් කමක් නැහැ, බංගලි පොලු හමුදාවලට වඩා හොඳයි. ලාල් කාන්තගේ නීතිය ගමට සංකල්පයයි, අනුර කුමාරගෙ මාලිමා කොට්ඨාස සභායි දෙකම එක මිටට පැරදවිය යුතුයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා