කට බොරු කීවත් දිව බොරු නොකියන හැටි

 

පෝලිම් නැති කළේ වැඩි කළ බදු ගෙවූ නුබ සහ මමය…

මෙය මේ දිනවල සමාජ මාධ්‍යවල ඇතැමුන් පළකරන පෝස්ටුවකි. ඇත්තෙන්ම මෙය රාජ්‍ය නායකත්වය හරි දේ කළ බව පිළිගන්නා ප්‍රකාශයකි.

බදු යනු කිසි කලක බදු ගෙවන ජනතාව ස්වේච්ඡාවෙන්ම කරන ගෙවීමක් නොවේ. බදු ගෙවන්නේ බදු නොගෙවා සිටියොත් බදු දැලට හසු වන නිසාය.

බදු අය කිරීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා කාර්යක්ෂම බදු අය කිරීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුය. එහෙත්, ලංකාවේ එහෙම ආයතන නැත. ඒ නිසා ආණ්ඩුව බදු පැනවූවත්, අය කරගැනීම සිදු වන්නේ ඉතා අකාර්යක්ෂ අන්දමිනි.

බදු යනු රජයක ප්‍රධාන ආදායමයි. බදු හරියට අය කර නොගෙන රජයක් පවත්වාගත නොහැකිය. රජයේ ප්‍රධාන කර්තව්‍යය විය යුත්තේ බදු අය කිරීම, රාජ්‍යය පවත්වාගෙන යාම හා මහජන සුබසාධනයයි. රජය ඇතැම් ව්‍යාපාර ද කරන අතර ලංකාවේ නම් ඒ සියලු ව්‍යාපාර අසාර්ථකය. ඇතැම් ඒවා අධික ලෙස පාඩු ලබයි. අනෙක් ඒවායින් ප්‍රමාණවත් ලාභයක් නැත.

සියලු ආකාරයේ රාජ්‍ය ආදායම් අතරින් 2023දී බදු ආදායම 11%ට අඩු විය.

අය කරන බදුවලින් දැනටත් 50%ක් පමණ වැය වන්නේ රජය පවත්වාගෙන යාමටය. එනම්, රාජ්‍ය සේවක වැටුප් ආදියටයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා